හනුමාගෙන් ගිලිහුනු අරුම පුදුම ඔසු උයන | Dolukanda Abseiling

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • #දොලුකන්ද (Dolukanda)
    වයඹ පලාතේ , කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති දොලුකන්ද වටිනා අත්දැකීම් මෙන්ම තොරැතුරැ රැසක් ගවේෂණය කල හැකි , පාරිසරික මෙන්ම ඓතිහාසික වශයෙන්ද වැදගත්කමක් උසුලන ස්ථානයකි. උසින් අඩි 1969ක් වන මෙය මෑතකාලීනව බොහෝමයක් සන්චාරකයින්ගේ අධානයට ලක් වූ ගමනාන්තයක්.
    දොලුකන්ද පිලිබදව අතීත පුරාවෘත කතා සහ ජනප්‍රවාදයේ එන විශ්වාසයන් බොහෝමයක් වෙයි. රාම රාවණා යුද්ධයේදී රාවණා විසින් එල්ලකල ප්‍රහාරයකින් තුවාල ලැබූ රාමාට ඖෂධ රැගෙන එන කාර්‍ය පැවරී තිබුනේ හනුමාට වන අතර එම ඖෂධ වර්ගය අමතක වී ඉන්දියාවේ හිමාල කන්දේ කොටසක්ම ගලවාගෙන එන අතරමගදී වැටුණු කොටස් තුනෙන් එක් කොටසක් ලෙස දොලුකන්ද හඳුන්වන බව ජනප්‍රවාදයේ වෙයි. අනෙක් කොටස් රිටිගල සහ රූමස්සල යන ස්ථානයන් ලෙස විශ්වාස කෙරෙනවා. මෙම සිදුවීම පිළිබඳ සාක්ෂි බොහෝමයක් සුන්දර දොලුකන්ද සතුව ඇත. තවද මේ දොලුකන්ද බුද්ධදාස රජතුමාගේ ඔසු උයන ලෙසද සමහර ජනප්‍රවාද කතා වල සඳහන් වෙනවා.
    කෙසේ වෙතත් ඉන්දියාවේ හිමාලය කන්දේදී පමණක් සොයාගත හැකි දුර්ලභ බෙහෙත් වර්ග ගණනාවක් දොලුකන්දේදී සොයාගත හැකි බව අසන්නට ලැබේ. හිමාලවනයට ඇති සම්බන්ධතාවය නිසාම නාගරාජ, වනරාජ, හිරුරාජ, ගුරුලු රාජ, ගරුඩ රාජ ආදි රාජ පහට අයත් ශාක, දුම්මල, බෝවිටියා, අශෝක, කුඩානාම්බ, නාගමේරු ආදි ශාක විශේෂ එමෙන්ම ඖෂධ විශේෂ රාශියක් දොලුකන්දේ තවමත් දක්නට ලැබෙයි
    බුද්ධාස රජතුමාගේ මාලිගයක් දොලුකන්දේ තිබූ බවට අදටත් එහි සාක්ෂි ඉරතිරිව තිබේ. මෙය නමින් මාලිගාතැන්න ලෙස හඳුන්වයි.
    දොලුකන්ද මුදුනට මුලු වයඹ පලාතම මනරම්ව දිස්වේ එක් පසෙකින් කුරුණෑගල ,වාරියපොල සහ අනෙක් පසින් ගනේවත්ත ,වැල්ලව දැදුරුඔය ජලාශය මෙන්ම යක්දෙස්සාගල කන්දද දිස්වේ. පැහැදිලි උදෑසනක දී නම් හලාවත දක්වා වූ වෙරළ තීරයද දිස් වෙයි.
    _________________
    පා සටහන් පමනක් ඉතිරි කර මතකයන් සහ රැගෙන යන සියලු දේවල් නැවත රැගෙන එන්න.
    ✍️ Kira
    ------------------------------------------------
    Dolukanda
    Located in the Kurunegala District of the North Western Province, Dolu Kanda is an ecologically and historically significant place where one can explore valuable experiences as well as information. At 1969 feet high, it is one of the most visited destinations in recent times.
    There are many myths and legends about Dolukanda. According to legend, Hanuma was tasked with bringing medicine to Rama, who was wounded in an attack by Ravana during the battle of Rama Ravana.
    Legend has it that Dolu Kanda was one of the three parts that fell on the way to rescue a part of the Himalayas in India by Hanuma. The other parts are believed to be Ritigala and Rumassala.
    Dolukanda has a lot of evidence of this incident. It is also mentioned in some folklore as the herbal garden of King Dolukanda Buddhadasa
    ✍️ Kira

ความคิดเห็น • 124