මස් මාළු අනුභවය ආධ්‍යාත්මික ජීවිතයට බාධාවක් නොවේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 192

  • @iroshaabeysiri3247
    @iroshaabeysiri3247 ปีที่แล้ว +5

    මේ ස්වාමීන් වහන්සේ ගේ දේශනයට කිසිසේත්ම විරුද්ධව මතයක් පවසනවා නෙමෙයි. වරදවා වටහා ගන්න එපා. ස්වාමීන් වහන්සේගේ දේශනාව ඉතාමත් තර්කානුකූලයි. පැහැදිලියි. ඒත් එතනදි නොදැකපු පැත්තක් තමයි මේ පෙන්වන්න උත්සාහ කලේ.
    ඒත් මෙතනදි බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ විද්‍යව පිලිබදව නොදැනුවත් කම නිසයි. අපි බලමු මේ ප්‍රශ්නය විද්‍යව පැත්තට දාල, බුදු පියාණන් වහන්සේ පැහැදිලිම දේශනා කරනව මේ විශ්වයේ සියලුම දේ නිර්මාණ වෙලා තියෙන්නෙ ශුද්ධආෂ්ටක වලින් කියල. ඒ ශුද්ධආෂ්ටක සෑම ක්ෂණයකම ඇති වී නැති වී නැවත ඉපදෙනවා. ඒ කියන්නෙ ඇහැට අසු නොවන වේගයකින් භ්‍රමණය වීමේ ක්‍රියාවලියයි. නවීන විද්‍යාවෙන් පරමානුක අනු කිව්වත් නිවැරදියි. නවීන විද්‍යාව අනුව උනත් අපි දන්නවා හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ පරමාණුක අනු වලින් කියල. අපේ ශරීරයේ සෑම සෛලයක් මත් එහෙමයි. පරමාණුක අනු කියන්නෙම ශක්ති ප්‍රභවයක්. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ශුද්ධආෂ්ටක කියන්නෙත් ශක්ති ප්‍රභවයක්. අභිධර්ම ගැඹුරින් විද්‍යාත්මකව බැලුවාම පේනවා අපේ ජවන් සිත් වලින් අකුසළ හෝ කුසල් කියන කර්ම සැකසෙන්නෙත් කියල. මේ ජවන් සිත් වලින් ඇති වෙන ප්‍රථිපලය විද්‍යත්මකව අධ්‍යයනය කෙරුවාම පේනවා මේ අනු වල භ්‍රමණ වේගයට සාපේක්ෂව තමයි ජවයක් ඇති වෙලා කර්ම සැකසෙන්නෙත් කියල. සතෙකුගෙ ශරීරය හැදිල තියෙන්නෙත් මේ අනු වලින්මයි. නැත්තං ශුද්ධආෂ්ටක වලින්. මේ ක්‍රියාවලිය හොඳට වටහා ගත්තාම තේරෙනවා මෙතන තියෙන්නෙ අනු වල සම්බන්ධතාවයක් සහ ඒ අනු වල භ්‍රමන වේගය හා සම්බන්ධ ක්‍රියාවලියක් ම මිසක් වෙන මොකුත්ම නෙමෙයි. ඉතිං සතෙක් මරනකොට ඒ සතාට එන මරන බයත් එක්ක මේ අනු වල භ්‍රමන වේගය කොයි තරම් වෙනස් වෙනවද. එතකොට අපි ඒ මස් අරගෙන උයාගෙන කන මස් වල අනු වල භ්‍රමණ වේගය අපේ ශරීරයේ භ්‍රමන වේගය හා හාත් පසින්ම වෙනස්. ඒක මරන බයත් එක්ක ඊට අනුව භ්‍රමන වේගය ඉතාමත් වැඩියි. අපි කොච්චර මස් උයල කෑවත් ඉව්ව කියල පරමාණුක අනු නැති වෙන්නෙත් නෑ ඒවයෙ භ්‍රමණ වේගය වෙනස් වෙන්නෙත් නෑ. එහෙම පරමානුක අනු නැති වෙනවනං මස් උයනකොට මස් ටිකත් වාෂ්ප වෙලා නැති වෙලා යන්න ඕනෙ. පරමාණුක අණුවක් හෝ ඒකෙ ක්‍රියාවලිය එහෙම නැති වෙන්නෙ නෑ. ඉතිං ඒ සත්ව අනු අපේ ශරීරයට ඇතුල්වෙලා ශරීරයේ අනු වල භ්‍රමන වේගයට දැඩි බලපෑමක් වෙනවා. මොකද දෙකම පරමාණුක අනු මිසක් වෙන මොකුත්ම නොවන නිසා. එතකොට එතන ඇතිවෙන විකෘති භ්‍රමන වේගයට සාපේක්ෂව තමයි මස් මාළු කන අයගේ ශරීර වල ලෙඩ රෝග වැඩි. අනිත් දේ තමයි සතා මරන විට සතාට ඇති වන මරන බයට සතාට ඇති වෙන්නෙ දැඩි ද්වේශයක්. ඉතිං මේ අනු වල භ්‍රමන වේගය දැඩි ද්වේශයට අදාල වෙන  භ්‍රමන වේගයක්මයි.

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +6

    කෙසේ නමුත් මස් මාංස වැලදීම මොනම ආකාරයකින් පිලිගැනීමට නොහැකිවන්නේය. සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. 🙏🙏🙏

  • @iroshaabeysiri3247
    @iroshaabeysiri3247 ปีที่แล้ว +5

    මේ මස් මාළු අනුභව කරන කෙනාගෙ අනු වල භ්‍රමණ වේගයටත් මේ ද්වේශයට අදාලව භ්‍රමණ වේගයක් තමයි ඇති වෙන්නෙ මස් මාළු කෑවාම ඒ සතාගෙ අනු වලට සාපේක්ෂව. ඉතිං මස් මාළු කන කෙනාගෙ ද්වේශය ඉස්මතු වෙන්න තියන ප්‍රවනතාවය ඉතාමත් අධිකයි. එතකොට ඒ අයට ද්වේශයට අදාලව අකුසල කර්ම රැස් වීමේ ප්‍රවණතාවයති ඉහළයි. ලෙඩත් රෝග හැදීමේ ප්‍රවනතාවයත් ඉහලයි. මොකද අපේ ශරීරයේ සෛලවල භ්‍රමන වේගයට සාපේක්ෂව තමයි ඕනෙම රෝගයක් හැදෙන්නෙ. ඒ නිසාම තමයි නවීන වෛද්‍ය විද්‍යවෙන් උනත් කියන්නෙ මස් මාළු කන අයට පිලිකා, කොලෙස්ටරෝල් වැනි රෝගාබාධ වැලඳීමේ ප්‍රවනතාවය වැඩි කියල. අපි මස් මාළු කන සතුන් සියලුම දෙනාම විඤානයක් සහිත සතුන්. ඉතිං මේ හැම සතාටම මරන භය කියන එක උපරිමට තියනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අනු වල භ්‍රමන වේගය ඊට අදාලව වෙනස් වෙනවා. අපි මරන සතා හිනාවෙලා සතුටෙන් එයාව මරනකං බලාගෙන ඉන්නවනං ඔය තත්වය ඇති වෙන්නෙ නෑ. නමුත් කිසිම සතෙක් එහෙම නෑ. කුඩාම කුඩා කූඹියා උනත් තමන්ගෙ පනට ආදරෙයි. ඒකයි කූඹියට පොඩ්ඩක් ඇඟිල්ලෙන් තට්ටුවක් දැම්මත් ඌ පන බයේ කලබලෙන් දුවන්නේ. හැබැයි ශාකමය ආහාර වල එහෙම එකක් නෑ. මොකද ශාක වලට පනක් තිබුනට විඤානයක් නෑ. එතකොට එතන උඩ කියපු සන්ධියක් වෙන්නෙ නෑ. බුදු පියාණන් වහන්සේ ඔය විද්‍යාව හොඳටම ප්‍රඤාවෙන් දැක්කා. එහෙම දැක්කෙ නැත්තං ශුද්ධආෂ්ටක සහ එහි ස්වභාවය හොයා ගන්නෙ නෑ. නමුත් බුදු පියාණන් වහන්සේට කෙලින්ම මස් මාළු අනුභව කරන්න එපා කියල දේශනා කරන්න බැහැ එතකොට බෞද්ධ දර්ශනය අන්තවාදී එකක් කියල මතයක් හැදෙනවා. මොකද මෙච්චර උතුම් දර්ශනයක් කෑමකට කොටු කරන්න බැරි නිසා. ඒක නිසාම තමයි උන් වහන්සේගේ මහා ප්‍රඤාවෙන් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියල දෙයක් දේශනා කලේ. පොඩ්ඩක් හරි මේ තත්ත්වය නවත්වන්න..සමහර අය කියනවා ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියන එක ගිහියන්ට නෙමෙයි පැවිද්දන්ට විතරයි කියල. එහෙම හිතන්න අමාරුයි මොකද බුදු පියාණන් වහන්සේ ධර්මය එක එක කෙනාට වෙනස් කර කරා කිව්වා වෙන්න බෑ. මේ ධර්මය එකයි. ඒකායන මාර්ගයයි. අනිත් දේ තමයි බුදු පියාණන් වහන්සේගේ දර්ශනය කාටවත්ම වාරන දාල නෑ. ප්‍රානගාතය උනත් ආනිසංසය පෙන්නල දුන්න මිසක් සතුන් මරන්න තහනම් කියල නෑ. අකුසලය දරා ගන්න කැමති අයට අකුසල් රැස් කරගන්න ඕන තරම් අයිතියක් තියනව. ඉතිං අවසානයට අපි සාරාංශයක් හැටියට අරගෙන බැලුවොත් මස් මාළු කන කෙනාගෙ අනු වල භ්‍රමන වේගයට සාපේක්ෂව එයාගෙ ද්වේශය නඩත්තු වෙනවා වැඩි. ඒ නිසා ද්වේශය මුල් කරගෙන අකුසල් රැස් වෙන්න තියන ප්‍රවනතාවය ඉතාමත් අධිකයි.

    • @asaapple4659
      @asaapple4659 4 หลายเดือนก่อน

      බුදු කෙනෙක් කියන්නේ සියලු කෙලෙසුන්ගෙන් මිදුන කෙනෙක් ඒනිසා අනුවල භමන වේගයක් අදාල නෑ

  • @veenanisha478
    @veenanisha478 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා දේශනයක්. ස්තුතියි ඔබ වහන්සේට. කිසිම දේක අන්තගාමී නොවන එක තමා හොදම දේ. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว +1

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා.. බොහොම පිං සිද්ධ වෙනවා නොදන්නා දෙයක් විස්තර කලාට. සියලු දෙනා ලොව සුවපත් වෙත්වා දුකින් මිදී නිවන් දකිත්වා

  • @shiromipunchi6157
    @shiromipunchi6157 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වේවා

  • @iroshaabeysiri3247
    @iroshaabeysiri3247 ปีที่แล้ว +2

    මේ හේතු කාරනා නිවනට බලපානවා. මොකද විද්‍යත්මකව නිවන කියන්නෙම ශරීරයේ අනු වල භ්‍රමන වේගය අඩු කරගෙන අඩු කරගෙන යන එකයි. භාවනාවෙන් කරන්නෙත් ඒකයි. විදර්ශනාවෙන් සක්කාය දිට්ඨිය නැති කරල කරන්නෙත් ඕකම තමයි. භ්‍රමන වේගයට සාපේක්ෂව තමයි ජවන් සිත් පහල වීමෙන් කුසල අකුසල දෙකම වෙන්නෙ. මෝහය දුරු කරල කරන්නෙත් මෝහය තුලින් ඇති වෙන ඇලීම ගැටීම නතර කිරීමයි. බුදු පියාණන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ තනිකරම විද්‍යාවක්. මේක ආගමක් හැටියට ගත්තාම තමයි මේව තේරෙන්නෙ නැත්තෙ. හොඳට ප්‍රඤාවෙන් බලන්න රහත් ඵලයට පත් උන කිසිම කෙනෙක් මස් මාංශ අනුභව කරල නෑ. බුදු පියාණන් වහන්සේ කාටවත්ම නිවන කියන එක බලහත්කාරයෙන් පටවලත් නෑ. කැමතිනම් නිවන් දකින්න පුළුවන් නැත්තං අත ඇරල දාන්න පුළුවන්. හැබැයි මේ විද්‍යව හරියටම අවබෝධ කරගන්න අයට පේනවා මස් මාළු කෑම ඇතුලෙ තියන විද්‍යවට අනුව ඒක නිවනට දැඩි බාධාවක් කියල. එහෙම නැත්තං බුදු පියාණන් වහන්සේ මේ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියන සංකල්පය ගේන්නම අවශ්‍ය වෙන්නෙ නෑ. කෙලින්ම කියන්න පුළුවන් තමන් නොමරනතාක් ඇති තරම් මස් මාළු අනුභව කරන්න කියල. අනිත් දේ තමයි මේ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියන එකත් බුදු පියාණන් වහන්සේ දේශනා කලේ එක දිගටම භාවනා යෝගිව ඉඳල සමහර සමහර රෝග වලට ලක් උනාට පස්සේ ජීවක වෛද්‍යවරයා බෙහෙත් වලින් සුවපත් කරන්න සෑම උත්සාහයක්ම දරල බැරි වෙනකොට සමහර ස්වාමීන් වහන්සේලාට ඹෞෂදයක් හැටියට යම් මාංශයක් අත්‍යාවශ්‍යමයි කියල කියපු අවස්ථාවෙන් පස්සේයි. ඉතිං එතනත් පේනවා අත්‍යාශම අයට විතරක් ඒත් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය විතරක් බුදු පියාණන් වහන්සේ දේශනා කලේ කියල. බුදු පියාණන් වහන්සේ කියන්නෙ මේ විශ්වයේ පහල උන විශිෂ්ටතම ප්‍රඤාවන්තයා. අපිත් ප්‍රඤාවෙන් හිතුවොත් විද්‍යවෙන් දැක්කේත් විතරයි පේන්නෙ මස් මාංශ අනුභව අකුසලයක් නොවුනත් නිවනට කොයි තරම් බාධාවක් ද කියල. සියල්ලම ප්‍රහීණ කරපු රහතන් වහන්සේ නමකට මේ බලපෑම නෑ. නමුත් මාර්ගය වඩන කෙනාට මෛත්‍රිය නැති වෙලා ද්වේශය ඉස්මතු වෙන්න මේක ලොකු උපකාරයක්. ඒ වගේම නිවනට ලොකුම බාධාවක්. අපි අද්දැකීමෙන්ම දැකල තියෙනව මස් මාංශ වලඳන ස්වාමීන් වහන්සේලා උනත් මාර්ගය වඩනවා නැත්තං වැඩෙනවා බොහොම දුර්ලභයි. ඒකම තමයි නිවනම අරමුණු කරගෙන මාර්ගය වඩන ස්වාමීන් වහන්සේලා නිර්මාංශ ඉන්නෙ. පෘථක්ජන අයට උනත් වෛද්‍ය විද්‍යාත්මකව මස් මාංශ අනුභව ශරීර සෞඛ්‍යයට එතරම් හිතකර නෑ. ඒක වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කරපු එකක්. ඒත් ඉතිං කිසිම තර්කයක් නෑ මස් මාංශ අනුභව කරන අයට කිසිම ප්‍රශ්නයක් නැතුව අනුභව කරන්න පුළුවන්. මොකද ඕනෙම දෙයක් කරන්න ඕනෙම කෙනෙකුට අයිතියක් තියනව. උදාහරණයකට ගත්තොත් ප්‍රානගාතයට උනත් ඕනෙම කෙනෙකුට අයිතියක් තියනවනෙ ඒ කෙනා ඒකෙ ප්‍රතිථල දරාගන්න කැමති තාක්කල්. ඒක ස්වභාවිකයි. නමුත් නිර්මාංශ වෙන්න පුළුවන් තරමටම විද්‍යත්මකව බැලුවත් හැම පැත්තෙන්ම හොඳයි. කොහොම වුණත් අපි අපේ පනට ආදරෙයි නේ. පුංචිම පුංචි කූඹියෙක් උනත් ඌ උගේ පනට ආදරෙයි. ඉතිං මසක් මාංශයක් ගන්නෙ තවත් අහිංසක සතෙකුගෙ පනක් බලහත්කාරයෙන් නසලනෙ. අපි ඒකට සම්බන්ධ නොවෙනවා නම් කොහොමත් ස්වභාව ධර්මයෙන් උනත් ආශිර්වාදයක් ලැබෙයි. නොදැනුවත්වම උනත් බලෙන් උදුර ගත්ත ප්‍රානයක් අපි සල්ලි දීල අරගෙන ඇවිල්ල වක්‍රාකාරව හරි ඒ පවට කරගහන්න ඕනෙත් නෑ කියලයි මගේ නං මතය. එකෙන් බුදු පියාණන් වහන්සේගේ උතුම්ම ගුණ තමයි මෛත්‍රෙය, කරුණාව, දයාව. මේව අපිටත් වඩන්න පුළුවන්. එකෙන් ස්වභාව ධර්මයෙන් උනත් අනිත් පැත්තට ලැබෙන දේවල් ඉතාමත් ගුණදායකයි. මේ ගුණවත් වඩන්න බැරි කෙනෙක් කොහොමද නිවන් දකින්නෙ. නිකමට හරි මොකෙක්ම හරි සතෙක් ඌව මරන වෙලාවට හිනා වෙවී සතුටෙන් මාව මරල කන්න කියන තැකන ඉන්නවනං ඔන්න ප්‍රශ්නයක් නෑ. මොකද ඒ සතා කැමැත්තෙන්මනෙ උගේ මස් ටික දන් දීල තියෙන්නෙ. තවත් පැත්තකින් ගත්තොත් අපිත් අපේ මස් සත්තුන්ටත් කන්න දෙනවනං එතනත් සාධාරණයක් තියනව මොකද අපිත් අපේ මස් අනිත් සත්තුන්ටත් දෙනවනෙ. මේව ඉතිං ප්‍රඤාවෙන්ම තමයි බලන්න ඕනෙ. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කලේ මේ ධර්මය ප්‍රඤාවන්තයටයි කියල. බුදු පියාණන් වහන්සේ නැවතත් බුදු කෙනෙකුන් පහල වෙනකං මේ විශ්වයේ පහල වුනු ශ්‍රේෂ්ඨම විද්‍යාඤයායි. දාර්ශනිකයායි. එතකොට අපි මේ දේවල් දිහා උඩින් බලනවාට වඩා ගැඹුරින් ප්‍රඤාවෙන් විද්‍යත්මකව විග්‍රහ කර ගැනීම තමයි කරගන්න අවශ්‍ය වෙන්නෙ.

  • @udulaherath5344
    @udulaherath5344 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස!!!

  • @PoornimaWeerasinghe-b2s
    @PoornimaWeerasinghe-b2s 5 หลายเดือนก่อน

    පින්වත් ගුරුදේවායන්වහන්ස, මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @neethawekkrmaarachce837
    @neethawekkrmaarachce837 3 ปีที่แล้ว +3

    බොහොමයක් දෙනාට තිබුන ප්‍රශ්නයක් විසදුනා ඔබවහසේට බොහොමපින්

  • @Kasunshan-j3t
    @Kasunshan-j3t 7 หลายเดือนก่อน

    මට අද තමයි මේම නාලිකාව හමූනේ. මගේ ජිවිතයේ අහපු තවත් වටිනා දර්ම දේශනයක් නමෝ බුද්දාය

  • @gapedition2003
    @gapedition2003 3 ปีที่แล้ว +27

    මස් මාංස වල ඇත්තේ දුක වෛරය වැනි.අඩු සංක්‍යාතයි.හැම ජීවියාටම මෙහි වාසයට කැමතිය.

    • @SACHINTHARASHMIKA
      @SACHINTHARASHMIKA 2 ปีที่แล้ว +6

      මමත් ඔබගේ අදහසට එකඟයි අඩු සංඛ්‍යාත නිසා ආධ්‍යාත්මිකත්වය ලබන ඉහළ සංඛ්‍යාත මට්ටම්වලට අපට යාමට බාධා කරනු ඇත ..පව පින යන සංකල්පය බැහැර වූ කල සංඛ්‍යාතය ඇසුරින් එය හොඳින් පැහැදිලි කරගත හැක...
      තෙරුවන් සරණයි

    • @dhanushkasandaruwan7783
      @dhanushkasandaruwan7783 2 ปีที่แล้ว +4

      @@SACHINTHARASHMIKA එතනත් තිබෙන්නේ ලෝභකම කියල වංචක ධර්ම වලින් වැහිල ඇස් ඇරල බලන්න. ආධ්‍යාත්මික ශක්තිය ලැබීමේ අශාව. ආහාරය නෙමෙයි ආධ්‍යාත්මිකත්වයට බාධා කරන්නෙ. සිත පමණයි

    • @SACHINTHARASHMIKA
      @SACHINTHARASHMIKA 2 ปีที่แล้ว +2

      @@dhanushkasandaruwan7783 පිළිගන්න කැමති අය අවබෝධයෙන් යුක්තව පිළිගනී .
      ලෝභ කම කියන දේ ඉස්සෙල්ලා නිවැරදිව අවබෝධ කරගන්න ....
      මස් කන එක බාධාවක් නෙවෙයි ආධ්‍යාත්මිකත්වයට නමුත් ආධ්‍යාත්මිකත්වය කියන්නේ සංස්කාර නිවන්න යන මාර්ගයේ එක පියවරක් සංස්කාර රැස් වෙනවා පෘථග්ජන නිසා ඒ මාර්ගය තුළත් .....
      ඔබ කියනවා සිත ගැන අවසානයේ හැබැයි ඔබ දන්නවද සිත නිවන් මාර්ගයට යොමු කරන්න පුළුවන් එක මාර්ගයක් විදිහට ආධ්යාත්මිකත්වය දක්වන්න පුළුවන් කියලා ...එතකොට ආධ්‍යාත්මිකත්වය කියන දේ ලෝභ කම නිසා බැහැර කරා කියමුකෝ පිස්සුවෙන් දඟලන මිනිස්සුන්ට kayak පාලනය කරගන්න බැරි මිනිස්සුන්ට කොහොමද සිත පාලනය කර ගන්නේ ...
      මනුස්සයෙක් ප්‍රතිපත්තිගරුක ව සීලයේ රකින්න පුළුවන් හරියට බ්‍රහ්මචාරී වෙනවා නිර්මාංශ වෙනවා වගේ එහෙම වෙදගත් වෙන්නේ තමන්ගේ අභ්‍යන්තරික සාමයට මිසක් සිතක් තැන්පත් කරගන්න නෙවෙයි ...
      හැබැයි අභ්‍යන්තරික සාමය ඇති කරන යම් දෙයක් වේද
      මනුස්සයෙක් ප්‍රතිපත්තිගරුක මාර්ගයට යොමු කරන යම් දෙයක් වේද
      ඒ මනුස්සයාගේ හිත එක අරමුණකට ගෙන එන තවත් ක්‍රියාපිළිවෙතක් වෙනවා එය
      ආධ්‍යාත්මිකත්වය ලෝබකමක් විදිහට දකින ඔබ සිත ගැන කතා කරන්නේ කොහොමද ....

    • @lakshapathividanage4141
      @lakshapathividanage4141 2 ปีที่แล้ว +1

      huuum huuum

    • @gapedition2003
      @gapedition2003 2 ปีที่แล้ว +1

      @@SACHINTHARASHMIKA ✔️🌱🌿🙏

  • @user-gv8ck6ry5x
    @user-gv8ck6ry5x 2 ปีที่แล้ว +6

    මගෙ නුවන තරමින් පිලිතුරක් දෙමි
    1 පනාතිපතා වෙරමනි
    කියන සිල්පදයක් පනවලා තියනවා පන ඇති සතෙක් නසන්න බැ
    2 නොකර යුතු වෙලදාමි පහක් ඇත ඵයින් ඵකක් මාස් මාංශ වෙලදාම
    මෙය බුද්ධ දේශනය දැන් මට කියන්න අපි කොහොමද මස් මංශ කන්නෙ වයසට ගිහින් මැරිලා වැටිච්ච සතෙකුගෙ කොටස් ද අලි අහාරයට ගන්නෙ හරි ලෙසි තමන්ගෙ නුවනින් මෙවා විසද ගන්න බොහො පිරිස් මා දැක තිබෙනවා අලුත් මස් හොයන් යනවා පන පිටින් ඉන්න කුකුලෙක් බලලා මුව සුද්ද කරලා දෙන්න කිනවා?
    කන්න කියන්නෙත් නැ නොකන්න කියන්නෙත් නැ බුද්දියක් තිනවානම සිතා බලනු

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA 2 ปีที่แล้ว +5

    අඩු සංඛ්‍යාත නිසා ආධ්‍යාත්මිකත්වය ලබන ඉහළ සංඛ්‍යාත මට්ටම්වලට අපට යාමට බාධා කරනු ඇත මස් මාංශ ආහාර ගැනීම ..පව පින යන සංකල්පය බැහැර වූ කල සංඛ්‍යාතය ඇසුරින් එය හොඳින් පැහැදිලි කරගත හැක...
    තෙරුවන් සරණයි

    • @Nandasenaa
      @Nandasenaa 2 ปีที่แล้ว +2

      ආහාර බාධාවක් නෙවෙයි සිත දියුණු කරන්න.ඇග වෙනයි හිත වෙනයි

  • @veenanisha478
    @veenanisha478 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ගේ සෑම දේශනයක්ම ඉතාමත් වැදගත් අප හට. මාද්‍යසත්ව සිතන්න පුරුදු වෙන්න පුළුවන්. ස්තුතියි. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @happytourselders5947
    @happytourselders5947 2 ปีที่แล้ว +14

    සියලුම සතුන් ජීවත් වෙන්න කැමතියි . මොන දේ දැනුවත් වූවත් මස් මාලූ කැම ආද්යාත්මික ජීවිතයේ කොටසක් නොවේ. එය අනුමත කල නොහැකි .

    • @daham1920
      @daham1920 9 หลายเดือนก่อน +1

      Hitha thamai okkotama.mula

  • @sunithaqa7547
    @sunithaqa7547 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 බොහොම ස්තුතියි

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 ปีที่แล้ว +11

    මුන් වහන්සේ ගේ දේශනාව හරියට ඇහුම්කන් දීලා නෑ ගොඩාක් අය. ඒ නිසා සිහියෙන් අහන්න . මම නිර්මාන්ශික නමුත් දේශනාව පැහැදිලිව තේරුනා. මත වල ජීවත් වීම නෙමෙයී කල යුත්තේ.

  • @dineshedirisinghe4989
    @dineshedirisinghe4989 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි
    ඔබ වහන්සේ ට
    බොහොම ස්තුති 🌼🌼🌼

  • @rswikramaarchchi6831
    @rswikramaarchchi6831 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මම
    මේ ප්‍රර්තනය කරමි. 🌻🌻🌻""සුකහ පටිපදා කිප්පබ්න්ජා"🌹🌹🌹 කියා සා දු🌼🌻🌻🌹🌹🌹🌷🌷🌷සාදු 🌷🌷🌷සාදු!!!!!!!!!!!!!!

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 2 ปีที่แล้ว +1

    සුවපත් වේවා !

  • @sadaroshiniluka2548
    @sadaroshiniluka2548 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏 ඉතාම පැහැදිලියි ස්වාමීන් වහන්ස 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @SahaskaSinethu
    @SahaskaSinethu 3 หลายเดือนก่อน +2

    මස් මාලු නොකෑව කියල හිත හැදෙන් නෑ.බොරුනන් මස් මාලු නොකන අයගෙ comment බලන්න මේකෙ.

  • @PradeepaLakmali-m6s
    @PradeepaLakmali-m6s ปีที่แล้ว

    ස්තුතිය ඔබට😊

  • @maashamaasha8395
    @maashamaasha8395 3 ปีที่แล้ว +3

    රසය අනිත්‍යයි.මොනදේ ගත්තත් ඇලෙන්න නරකයි.

  • @rmshirani6348
    @rmshirani6348 2 ปีที่แล้ว +5

    කන්න ඕනි උනාම මොනවහරි උත්තර හොයනවා එත් මනස අනුබවය මේ විශ්වය අනුමත කරන්නේ නැහැ

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 9 หลายเดือนก่อน

      මේ බණ හොඳයි සතුන් මරා මස්කාලා නිවන් යන්න ඉන්න අයට නිවන කෙසේ වෙතත් අපාය නමි පෙනෙයි

  • @prasannapushpakumara3638
    @prasannapushpakumara3638 3 ปีที่แล้ว +7

    මටත් තිබ්බ ලොකු ගැටලුවක්.. මමත් භාවනා කරන්න හදනකොට මටත් හිතෙනවා මම මාංශ අනුබව කරන නිසා මට මේක හරි යන්නෑ කියලා.. මොකද නිර්මාංශ වෙන එක මට ප්‍රායෝගිකව කරන්න බෑ.. මොකද අපෙ ගෙදර පිලියෙල කරනවා..මට එ්වා ගන්න වෙනවා..එ්කනිසා මම ලොකු හිතෙ ගැටලුවක හිටියෙ.. මේ පැහදිලි කීරිමෙන් මගෙ හිත මධ්‍යස්ථ වුනා..ගොඩක් ස්තූතියි ඔබ වහන්සේට..

  • @සිරි-ඡ5බ
    @සිරි-ඡ5බ 2 ปีที่แล้ว +5

    මස් මාන්ශ වලට, මිනිස්සු වගේම අශුභ අමනුෂ්‍ය ආත්ම ආසාවෙන් ඉන්න නිසා, මස් මාන්ශ අනුභවය අමනුෂ්‍ය ආක්‍රමණ වලට මාවත සකසන එක තමා කරන්නෙ.
    ඌරු මස් සහ ඕනම මාන්සයක් , මාලු වගේ ඒව තෙලෙන් fry කිරීමෙන් අමනුෂ්‍ය ආක්‍රමණ ඉතා බලවත් කර ඉ , ප්‍රායෝගිකව අත් විදීන්න පුලුවන් . මස් මාන්ස අනුභවයෙන් සිදු වන එකම සිද්ධිය ඔච්චරයි .

    • @aliabdulkareem6745
      @aliabdulkareem6745 2 ปีที่แล้ว

      Mewa budun wahanse gana waradiyata penwanna liyapu boru poth wala thiyena ewa history eke ena hama kanthawakma sathyat nowei

  • @gayanvimukthi-rt8in
    @gayanvimukthi-rt8in ปีที่แล้ว

    Oba wahanseta godk pin mata thibuna loku prashnayak oba wahanse visaduwa oba wahanseta pin kandak lebewa oba wahansege niwana bohoma laga wewaaa oba wahanseta mata mage hivithe mn karala thiyena hema pinak ma anumodam karanawa saththai theruwan saranai hamuduruwaneee

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 3 ปีที่แล้ว +2

    මටත් තිබුනු ප්‍රස්නයකට පිලිතුරු ලැබුනා.ඔබවහන්සේට තෙරුවන් සරනයි දීර්ගායු වේවා

    • @shiromivithanawickramage1644
      @shiromivithanawickramage1644 3 ปีที่แล้ว

      බුදු සරණයි devi phitai

    • @shiromivithanawickramage1644
      @shiromivithanawickramage1644 3 ปีที่แล้ว

      බුදු සරණයි devi phitai

    • @miyesisandella1479
      @miyesisandella1479 ปีที่แล้ว

      පිලිතුරු ලැබුන කියන්නේ මස් කෑවට කමක් නැහැ කියන එකටද.

  • @chanadichanadi9579
    @chanadichanadi9579 3 ปีที่แล้ว

    පිං වත් ස්වාමීන් වහන්ස හිතට ලොකු සහනයක් පැහදිලිව හොද වැටහිමක් ලැබුනා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි

  • @user-76rme
    @user-76rme ปีที่แล้ว +1

    බුදුන් වහන්සේ මස් වැලදුවේ නැත. සූඛර මද්දව වැලදුවා කියන එකට ඌරු මස් කෑවා කියලා පටලවනවා. ඌරන් විසින් හාරන ලද හතු වර්ගයක් බව අපෙන් වසන් කර ඇත. මට ඇත්තටම කලකිරීමක් ආවා මේ දේශනාව ගැන . මොකද මස් කෑමට පෙරේත නාමික බෞද්ධයාට මේ දේශනාව රිලවුන්ට ඉනිමං බැදීමකි.

  • @chathurangasampath6523
    @chathurangasampath6523 2 ปีที่แล้ว +12

    මස් මාලු කන එක සාදරනිය කරනවානම් එය අත් හාදා බැලිමෙන් කන එක හොදයි, සතෙක්ගේ මස් කැල්ලක් කනවානම් තමන්ගේ මස් කැල්ලකුත් කාපාගෙන කන්න ඔනි, අපෙ ඇගෙන් මස් කැල්ලක් කපනකොට දැනෙන වෙදනාව බය එ සතාටත් දැනේනවා කියලා අපේ හිතට දැනේනවානම්, උනුත් අපි වගේම ජිවිතයක් ඔවුන්ටත් වෙදනාවක් දැනේනවා කියලා සිතුවොත් මස් කන එක නවතී,

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 2 ปีที่แล้ว

      අණිවාර්යයෙන්ම..

    • @Nandasenaa
      @Nandasenaa 2 ปีที่แล้ว

      @@seethadannoruwalage8683 ඒ පොත් ටික හොයගෙන කියෙව්වනම් ඉවරෙනේ

    • @pradeepaperera6754
      @pradeepaperera6754 2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම...
      ගොඩක් පිං...

    • @Nandasenaa
      @Nandasenaa 2 ปีที่แล้ว

      🤣

    • @rmshirani6348
      @rmshirani6348 2 ปีที่แล้ว

      @@seethadannoruwalage8683 mamsth ekagai. Sathwa mas kaama mama anumatha karanne naha. Budun wahanse satun maranna t, mansa welandama honda naha kiyanawane.

  • @hemali222
    @hemali222 2 ปีที่แล้ว +5

    පින් සිද්ධ වේවා ස්වාමින්වහන්ස! සිල්මාතා කායිව් පොතේ තියනවා මරපු ඌරෙක් ඇවිත් සිල්මාතා කායිව්ගෙන් ඉල්ලීමක් කරනවා ඔහුගෙ මස් කාලා ඒ ආනුභාවයේන් සහ සිල් මාතාගෙ ආද්‍යාත්මික ශක්තියේ ආනූභාවයෙනුත් ඒ සතාට මනුස්ස ආත්මයකට එන්න උදවු කරන්න කියලා.

  • @ruwanperera9062
    @ruwanperera9062 3 ปีที่แล้ว +5

    ගොඩාක් පිං ,මගෙ ලොකු ප්‍රශ්නයක් විසදුනා

  • @khdmakhdma7106
    @khdmakhdma7106 5 หลายเดือนก่อน

    Theruwan sarani pinwath swaminwahanseta deergayu labewa

  • @sadamaliumariya563
    @sadamaliumariya563 2 ปีที่แล้ว

    Theruwan saranai svamin vahanse
    Sihiya bhawanawa apawa danuwath karana men oba wahansegen illa sitimi

  • @ChamaraKumara-c3g
    @ChamaraKumara-c3g ปีที่แล้ว

    මනසින් වස්තුවක් චලනය කිරීමට පුළුවන්ද එය කරන ආකාරය කියා දෙන්න පුළුවන්ද තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @miyesisandella1479
    @miyesisandella1479 ปีที่แล้ว +2

    එළුවෝ කතාකරනව කියල කවදාවත් අහල නැහැ. මේව අහල මම අතරමං වෙලා ඉන්නේ. හැම සතෙක්ම තම ඡීවිතයට ආසයි. මිනිස්සු මස් ඉල්ලන නිසා තමයි උන්ව මරන්නේ. ඒ කියන්නෙ අපට ඕන නිසයි. ඒ අනුව ඒ ප්‍රනගාතයට අපිත් හවුල්. අනේ මන්දා.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 10 หลายเดือนก่อน

      ඔබ හරි ගොඩක් හාමුදුරුවරැන් මස් මාංශ ගිලිමින් අධ්‍යාත්මික ජිවිත ගැන දොඩවනවා සතෙකුට අභයදානය දිලා ලැබෙන නිරාමිස සතුට ඊට වඩා ඉහලයි

  • @අශේන්පියතිලක
    @අශේන්පියතිලක 3 ปีที่แล้ว +8

    මට නම් උම්බලකඩවත් කාල බාවනා කරන්න බැ හේතු පහ දක්වන්න හිත එක තැනකට ගන්න අමාරුයි

    • @Nandasenaa
      @Nandasenaa 3 ปีที่แล้ว +1

      සහෝදරයා ඔයාගේ හිතේ අවුලක් වගේ මට පේන්නේ.

    • @dyanidyani4550
      @dyanidyani4550 3 ปีที่แล้ว +4

      මස් මාංස අනුබවය අද්‍යත්මික ජීවිතයට බාදාවක් ...

    • @Nandasenaa
      @Nandasenaa 3 ปีที่แล้ว

      @@dyanidyani4550 ඔයා බුදුරජාණන් වහන්සේට එහා ගියපු අප්පා කෙනෙක්ද

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 2 ปีที่แล้ว +3

      අපි මස් නොකා ඉමු..කන උන් කාපියවි..බුදු හාමුදුරුවෝ මස් කෑම කෑවෙ නැහැ.සතෙකුට වත් කරදරයක් නොකරන අපේ බුදු හාමුදුරුවෝ..ඔය බොරු කතා වස්තු ..

    • @Nandasenaa
      @Nandasenaa 2 ปีที่แล้ว +1

      @@seethadannoruwalage8683 අනේ බොරු කියවන්න එපා පොත් කියවලා එන්න අනේ ගිහින්

  • @malkanthigunawardana4263
    @malkanthigunawardana4263 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ඔබවහන්සේට🙏🙏🙏

  • @jayanthi4186
    @jayanthi4186 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @anuraadikari6219
    @anuraadikari6219 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @prasannapushpakumara3638
    @prasannapushpakumara3638 3 ปีที่แล้ว +1

    Great explain.. Theruwansaranai...

  • @veenanisha478
    @veenanisha478 3 ปีที่แล้ว +1

    ස්වාමින් වහන්ස යෝගා ගැනත් දේශනයක් කරන්න පුළුවන් නම්. 🙏

  • @hansiperera3685
    @hansiperera3685 2 ปีที่แล้ว +1

    මට මතක් වෙන්නේ අපේ හාමුදුරුවනේ ලංකාවෙ අර අපේ සමන්බද්ර හාමුදුරුවෝ එයත් හරිම නියම ගමනක යන කෙනෙක්. ඔය මස් මාංශ අනුභවය කර කර ඉන්න අතර තුරෙ තමයි මම ශිව දෙවියන් දැක්කෙ..උන්වහන්සේ පනිවිඩය මගින් මට කියපු දෙයක් තමයි මස් මාංශ කිලි යන දේවල් දෙයක් නැ කියලා..
    මට මාස් ශුද්ධිය වූ පස්සේ මම ඔහුට වැදුම් පිදුම් කරන්නේ නැත. මම උන්වහන්සේට වැද කීවා දෙවියනේ මම දින කිහිපයක් ඔබවහන්සේට පුද පුජා නොකරමි කියා වදින වෙලාවෙ මගේ හිතට පණිවිඩයක් ආවා නූබ කරන වැදුම් පිදුම් නිරන්තරයෙන් කර ගෙන යන්න ගැනියක් අපිරිසිදුයි කියලා දෙයක් නැත එය ලෝක සුබාය මිසක් අපිරිසිදු නොවෙයි කියලා මට පණිවිඩයක් ලැබූනා. එහෙත් මම ඉලග දින ඔහුට වැදුම් පිදුම් කරන උදේ පාන්දර නැගිට්ටේ නැත මොකද අර පනිවිඩය මම හිතුවෙ මගේ හිත නිකමට කියපූ දෙයක් වෙන්න ඇති කියලා බයට . පුදුම දෙයක් මට එදා දින සිදුවූ නා අපේ හාමුදුරුවනේ . මම ඇහැර හිටියේ ඇස් පියාගෙන එත් ඇදට වෙලා හිටියේ එ වෙලාවේ .උන්වහන්සේ මා නිදා සිටි ඇද ලගට ඇවිත් නැගිට නුබේ පුද පූජා කරන්න කියලා මට පැවසිය නුබ අපිරිසිදුයි නම් මා නුබ ලගට වඩිනේ නැත කියලා උන්වහන්සේ අතුරු දහන් උනා..මට පුදුමයි අපේ හාමුදුරුවනේ මම එදා ඉදලා මට මාස් ශුද්ධිය තිබුනත් වැදුම් පිදුම් කරනවා..එවගේම ඌරැ මස් නිතරම මගේ ගෙදර කෑමට ගන්නවා ප්‍රදාන ආහාරය මස් මේ රටවල අපේ හාමුදුරුවනේ..ඔබට ස්තුතියි ඔබට ඔබගේ ඔවදන් පෙලට

    • @chathurangasampath6523
      @chathurangasampath6523 2 ปีที่แล้ว +1

      ශීව දෙවියන් කියලා කෙනෙක් නෑ, ශිව දෙවියන් කියන්නේ විශ්ව ශක්තියකට, එ ශක්තිය ඔනි තැනක තියේ තියේ, එ ශක්තියට ඔනිම රුපයක් මවාගෙන එන්න පුලුවන්, ශිව දෙවියන් කියලා අදහන රුපය මනක්කල්පිතයක් කියලයි මන් අහලා තියෙන්නේ, අනික සමන්තබද්‍රලා කොහොම කිවත්, මස් මාංස කියන්නේ මිනිස් ශරිර හා සමාන කොටස්, මිනිසාගේ කැම වෙනුවෙන් සත්තු ඇවිත් කියන්නේ නෑ මාව මරාගෙන කන්න කියලා, උන් කැගහද්දි වේදනා විදිත්දි බයේ දගලද්දි මරන්නේ සත්තුන්ට කියන්න බෑ එත් කැගහන්න පුලුවන්, මිනිස්සුන්ගෙත් එ විදිහට මස් කනාවානම් මිනිස්සු කියයි වේදනාවේ තරම, සැම විටම සතුන් අපිවගේ වෙදනා විදින ලෙ මස් ඇට නහර වලින් හැදුන ජිවිතයක් කියලා හිතුවානම් මස් කන්නේත් නෑ, මස් කැම සාදාරනි කරන්නෙත් නෑ,

    • @Nandasenaa
      @Nandasenaa 2 ปีที่แล้ว

      @@chathurangasampath6523 ආහාර වෙනයි හිත වෙනයි සිත දියුණු කරන්න ආහාර බාධාදක් නෙවෙයි .ඔය කියන විදියට පොත් වල පිටු ගලවලා විසික් කරවන්ම වෙනවා

    • @chathurangasampath6523
      @chathurangasampath6523 2 ปีที่แล้ว +1

      @@Nandasenaa අ ඇත්තද එහෙනම් ඔයා උරු මස් හරක් මස් ඔයවගේ දෙවල් කලා ටිකක් බවනවක් කරන්නකො රැ වෙලා වෙන්නේ මොකද බලන්න, ඔය කොයි දේ වෙන්නේත් කට හින්ද තමා, අපි බුදු හාමුදුරුවො දේශනා කරපු බන දැන් පැත්තකින් තියලා සමන්තබද්‍රගේ බන ත්‍රීපිටක කරමු, මොකද සමන්තබද්‍ර හාමුදුරුවන්ගේ බන ඇත්තනම් බුදු හාමුදුරුවන් දේශනා කල දර්මය බොරු වෙනවා, පානාතිපාතා වේරමනි ගාතාවත් බොරුවක්නේ, එහෙනම් එකත් පොතකින් ගත්ත එකක්, එ පොතත් බොරු, දැන් තේරෙනවද එහෙනම් පොත්වල ලියලා තියෙන්නේ බොරු කියලා,

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 10 หลายเดือนก่อน

      ශිව දෙවියන් කවදාවත් ඔය මස්ගිලින කාන්තාවන් ලඟට එන්නේ නෑ මම හිතන්නේ මරපු ඌරෙක්ගෙ අවතාරයක් එන්න ඇති. තව ඉදිරියට තොපි වගේ මස් ගිලින උන්ට වෙනදේ බලපියවි.

  • @ajithrohan6786
    @ajithrohan6786 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට තෙරුවන්සරණයි .

  • @madushinisilva1239
    @madushinisilva1239 3 ปีที่แล้ว +1

    Theruwan sarani...ape hamuduruwane....!!!!!

  • @nimeshmadushan4566
    @nimeshmadushan4566 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි හාමුදුරුවනේ , නොදන්නා දේ දැන ගැන්වීමට සලස්වන්නාවු අපේ හාමුදුරුවන්ට පිං අත්වේවා.🌺🌺🌺🌺🌼🌼🌼🌼

  • @sandyaroshini6590
    @sandyaroshini6590 3 ปีที่แล้ว +1

    Budu saranai hamuduruwane

  • @sanjanarishmi5998
    @sanjanarishmi5998 ปีที่แล้ว

    බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏 ඔබවහන්සේගෙ දේසනාව ගොදක් දෙනා හරි දැකීමෙන් නෙවෙයි කමෙන්ට් දාලා තියෙන්නෙ ඒ අය ගැන අනුකම්පා කරමු

  • @komarifahad9883
    @komarifahad9883 3 ปีที่แล้ว

    බොහොම පින් පැහැදිලි කරදීම🙏🙏🙏🙏💐

  • @kusumkusum3539
    @kusumkusum3539 2 ปีที่แล้ว

    වටිනා දේසනාවක් තේරැවන් සරනයි

  • @NiroshaGanga-rk6fp
    @NiroshaGanga-rk6fp 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 2 ปีที่แล้ว

    Athipujya Gawravaneeya Swamin Wahanseta Neerogi Bavaya Dheerga Ayusa Labewa. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujeewagamage6178
    @sujeewagamage6178 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට ස්තුති

  • @muzic7318
    @muzic7318 9 วันที่ผ่านมา

    Ads danne netiwa videos play karanna berida

  • @jeewaea9842
    @jeewaea9842 2 ปีที่แล้ว

    බොහොම විටිනවා.. 🙏

  • @sulansulani7110
    @sulansulani7110 3 ปีที่แล้ว +1

    🙏 Bohoma pin oba wanseta

  • @bindu492
    @bindu492 2 ปีที่แล้ว +1

    මස් මාලූ වලින් ශුක්‍ර ධාතු හා රාගය වර්ධනය වන බැවින් අවස්‍ය ප්‍රමානය ඉක්මවා ගැනීම සුදුසු නෑ ..කිරි අයිස්ක්‍රීම් වාගේ දෙවල් වලිනුත් එහෙම වෙනවා

  • @dineshaadhikari7530
    @dineshaadhikari7530 8 หลายเดือนก่อน

    Niwana kesewethsth sowanwenawath ba . Mama ahala thiyenawidyata.

  • @DrAmilaWijeratne2
    @DrAmilaWijeratne2 2 หลายเดือนก่อน

    Darmaya Waradi lesa අර්ථකථනය kireemak

  • @komarifahad9883
    @komarifahad9883 3 ปีที่แล้ว

    තෙරැවන් සරනයි ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @12_03_sh
    @12_03_sh 3 ปีที่แล้ว

    තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @PathmiPathmi-hw2kd
    @PathmiPathmi-hw2kd 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @nelkaperera4045
    @nelkaperera4045 ปีที่แล้ว +5

    මේක විය නොහැකියි. බුදුන් මාන්ස අනුභව නොකල සේක. උන් වහන්සේ double අදහසක් එන දර්මයක් අනුගමනය නොකළ සේක. එක් අතකින් සතුන් නොමරනු කියලා අනිත් පැත්තෙන් කාපියව් කියයිද???. ඔය කථා නෙමෙයි නුවණින් වදාරනු මැනවි
    කොහොම වුනත් මස් පෙරේතයන්ට නම් මහා සැනසීමක් දැනිල. Comment වලින් පේනවනේ. හාමුදුවොත් එහෙම කෙනෙක්ද කොහේද

    • @sunilliyanage7259
      @sunilliyanage7259 ปีที่แล้ว

      ඹබගේ දැනුමට අනුව මහා ප්රාච්චයෙක් බව පෙනේ. පරිස්සමෙන් ජි්වත් වන්න, ස්තුතියි.

    • @Darmagaweshaka
      @Darmagaweshaka ปีที่แล้ว

      Oyaa අංගුලි මාල කතාව බලන්න.අංගුලි මාල කොච්චර මිනිස්සු මැරුවද?ඒත් පස්සෙ රහත් උනා...අපේ සිත ඔක්කොමටම බලපාන්නෙ...මේ හාමුදුරුවො හරියටම හරි කියන එක.ඔයා හරියට දේශනාව අහල නෑ.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 10 หลายเดือนก่อน

      ඒකනමි ඇත්ත මස්වැද්දෝ මේකේ රහත්වෙලා වගේ මිනිසුනේ තමන්ට හුස්ම ගැනිම වෙනුවෙන් තවත් සතෙක් බිලි නෙදෙන්න. තොපි තව අවුරුදු 10ක් ජිවත් උනොත් තොපි වෙනුවෙන් සත්තු කීදෙනෙක් ජිවිතය පුජාකරනවද

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว

    තෙරුවන් සරණ ස්මින් වහන්සේට 🙏🌹

  • @dilrukshi1235
    @dilrukshi1235 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @sameraudayanga5995
    @sameraudayanga5995 ปีที่แล้ว

    human sarani apea hamuduruwanea

  • @niludress5754
    @niludress5754 ปีที่แล้ว

    ගොඩක් පිං හාමුදුරුවනේ .

  • @duliprushan8403
    @duliprushan8403 3 ปีที่แล้ว +1

    Oba wahanseta b.s!

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 2 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි හිමියනි

  • @nuwanmanohara5680
    @nuwanmanohara5680 ปีที่แล้ว

    ❤☸️🙏🏾

  • @nishenajith9185
    @nishenajith9185 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹❤️

  • @sumethradias9245
    @sumethradias9245 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Secrets111
    @Secrets111 3 ปีที่แล้ว +1

    Theruwan saranayi oba wahanseta.🙏🙏🙏

  • @TWM-u3o
    @TWM-u3o 3 หลายเดือนก่อน

    🌸🙏💜️☸️💜️🙏🌸

  • @sidath939
    @sidath939 2 ปีที่แล้ว

    Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @pushpajayanthi2079
    @pushpajayanthi2079 2 ปีที่แล้ว

    Godak.egana gatha.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +7

    මේ කතාවට නම් එකග නැහැ..ඔය කතාව බුදු දහම අජූත කරන්න දමපු කතා වස්තුවක්..අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මස් මාංශ අනුභවය නොකර සිටියා කියා අපිට නම් හොදටෝම විශ්වාසයි...අනේ ස්වාමීන් වහන්ස.මේව බොරු එකතු කරපුව ඔය .

    • @Nandasenaa
      @Nandasenaa 2 ปีที่แล้ว

      @@chathurangasampath6523 පොත් ටික කියවලා අවානම් ඉවරෙනේ අනේ

    • @Nandasenaa
      @Nandasenaa 2 ปีที่แล้ว

      ට්පර් වෙන්නේ නැතුව පොත් ටික කියවලා ආවන්නම්.ඉවරනේ උන්වහන්සේ කියන පිටු අංක එක්ක

    • @chathurangasampath6523
      @chathurangasampath6523 2 ปีที่แล้ว +3

      @@Nandasenaa දැන් කොහොද බුදු හාමුදුරුවො පොත් ලිවේ මට එක කියන්නකො, බුදු හාමුදුරුවො පොත් ලිවානම් ඇයි එක එක හාමුදුරුවරු එක එක බන දේශනා කරන්නේ, සමන්තබද්‍ර හාමුදුරුවො එකක් කියනවා, මි පලානේ හාමුදුරුවො එකක් කියනවා, දම්මවිජය හොමුදුරුවො එකක් කියනවා ගමේ පන්සලේ හාමුදුරුවො එකක් කියනවා නගරේ පන්සලේ හාමුදුරුවො එකක් කියනවා, එතකොට කවුද හරි, බුදු හාමුදුරුවො ලේකකයෙක් නොවො ඔහු දේශන කලා විතරයි,

    • @Nandasenaa
      @Nandasenaa 2 ปีที่แล้ว

      @@chathurangasampath6523 පොත කියවන්න.අනෙත් ඒවත් පොතේ තමයි තියෙන්නේ .ඔයා අහන අනෙක් බණත් පොත් වල තමයි තියෙන්නේ.ටිපර් වෙන්නේ නැතුව මද්‍යස්ථ උනානම්.ඉවරයි.මස් කෑල්ලක් විතරයි නෙවෙයි අනෙක් බණත් පොත් වල තමයි තියෙන්නේ.එහෙනම් ඒවත් විශ්වාස කරන්න එපා .

    • @chathurangasampath6523
      @chathurangasampath6523 2 ปีที่แล้ว +3

      @@Nandasenaa එතකොට බුදුහාමුදුරුවො, ජේසු තුමා, නබි තුමා කියන කොට්ටාශය කොයි පොත බලාගෙනද එ අයගේ ගමන ගියේ, එයලා එ ගමන ගියේ මනසින් දැකලා මනසින් සිතලා අත්දැකිම් ලබලා, එ දෙවල් තමා පොත් වල සටහන් කරලා තියෙන්නේ එවත් කලෙන් කාලෙට තමගේ වාසියට ලියපුවා, පොත් වල තියෙන දෙවල් කියවලා රසවින්දනයක් යම් කිසි දැනුමක් ගන්න පුලුවන් වෙන දෙයක් නෑ, මෙ දේවල් පොත් වලින් නේමේ මනසින් හිතන්න ඔනි දෙවල්,

  • @ruwansampathwijesinghe2533
    @ruwansampathwijesinghe2533 3 ปีที่แล้ว

    Harima pehedili suwamini.

  • @ramaniramani2527
    @ramaniramani2527 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @ruwansampathwijesinghe2533
    @ruwansampathwijesinghe2533 3 ปีที่แล้ว

    Namo buddaya!teruwan saranai oba wahanseta.

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg ปีที่แล้ว

    Mas kanna kiyana oba wahanse maru baduwak ne , boru kiyanna epa,oya atuwa liwwe kawuda hsmuduruwane?

  • @HarshaHarsha-jd5qn
    @HarshaHarsha-jd5qn ปีที่แล้ว

    Kauruth.owa.kannepa

  • @priyanigunawardana4631
    @priyanigunawardana4631 2 ปีที่แล้ว

    බොහොම පින් හාමුදුරුවනේ..

  • @chanakapriyasanka8705
    @chanakapriyasanka8705 ปีที่แล้ว

    💝💝💝💝💝💝💝💝💝

  • @kumudumalidesilvabsdb5628
    @kumudumalidesilvabsdb5628 2 ปีที่แล้ว

    ස්වාමීන් වහන්ස කැමැත්තෙන් ම මස් මාශ අත් හැරුණට අය කමක් නෑ නේද

  • @nuwangi1111
    @nuwangi1111 ปีที่แล้ว

    Chethanahao bikkawe kammao wadami chetha ithwa!

  • @nelkaperera4045
    @nelkaperera4045 2 ปีที่แล้ว +1

    හාපෝ මෙහෙමත් දේවල්. උන්වහන්සේ මස් මාළු අනුබවයට අනුබල දීල නෑ. මේ පෙරේත කම නිසා හදාගන්න දේවල්

    • @Nandasenaa
      @Nandasenaa 2 ปีที่แล้ว

      ඔයා ත්‍රිපිටකය කියවලා තියෙනවද 😅

  • @kmb5807
    @kmb5807 ปีที่แล้ว

    තම තමාගේ කැමැත්ත

  • @madushinisilva1239
    @madushinisilva1239 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HarshaHarsha-jd5qn
    @HarshaHarsha-jd5qn ปีที่แล้ว

    Me.yakku.bedagena.inna.kenek

  • @taleyfernando3169
    @taleyfernando3169 3 ปีที่แล้ว

    පින්ලැබේවා නොදන්න අප ව දැනුවත් කලාට

  • @kuda4186
    @kuda4186 3 ปีที่แล้ว +4

    Budurajanan wahanse mas mansa waladanne natha.

    • @Nandasenaa
      @Nandasenaa 3 ปีที่แล้ว +3

      මහ මෝඩයෙක් ඔයානම් දේශනාව හොදින් අහන්න අහලා ඒ ස්වාමීන් වහන්සේ කියන පොත්වල පිටු බැලුවනම් හරි

  • @srimalweerasinha4499
    @srimalweerasinha4499 2 ปีที่แล้ว

    මෙවාට ඇඩ් දන්න එපා

  • @swarnafernando604
    @swarnafernando604 ปีที่แล้ว

    සියළු සත්වයෝ නිදුක්වේවා කියන අයද මෙහෙම කියන්නෙ.

  • @HarshaHarsha-jd5qn
    @HarshaHarsha-jd5qn ปีที่แล้ว

    Owa.okkoma.boru

  • @මෙත්සුවය
    @මෙත්සුවය 3 ปีที่แล้ว +2

    👉මස් මාංශ අනුභවය බුදුන් වහන්සේ අනුදැන වදාරා ඇත්ද ?🐵th-cam.com/video/EzNkwP6WovU/w-d-xo.html