Mulathiw Kurundi Temple | මුලතිව් කුරුන්දි පුදබිම | දීපගවේෂි | Deepa gaweshi episode 27 (2023-04-25)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ‪@puranayalk‬ ‪@puranayalk‬
    මුලතිව් තන්තිරිප්පු රක්ෂිතයේ කුරුඳුමලේ වැවට මැදිව උස් බිම් ප‍්‍රදේශයක ඓතිහාසික කුරුන්දාශෝක විහාරස්ථානය පිහිටා තිබෙනවා. ඉතා ඉහළ පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් මෙම කුරුන්දාශෝක විහාරය ක‍්‍රි.ව 1 සහ 2 සියවස් අතර ඉදිවූ මුල් ඓතිහාසික යුගයේ නටඹුන් සහිත බෞද්ධ සිද්ධස්ථානයක්. කුරුන්දාශෝක, කුරුන්දපාසක යන නම් වලින්ද මෙම විහාරය හඳුන්වා ඇති බවට මහාවංශයේ සඳහන් වනවා. වර්තමානයේ කුරුඳුමලේ වශයෙන් හඳුන්වන මෙම විහාරය කුරුන්දක, කුරුන්ද, කුරුන්දුවෙලි යනුවෙන්ද හඳුන්වන අතර වංශ කතා වලට අනුව ලංකාවේ ලියැවුනු අට්ඨ කතා ග‍්‍රන්ථ රචනා කරන ලද්දේ මෙම ස්ථානයේ බවට විශ්වාස කෙරෙනවා.
    ක‍්‍රි.ව 100 - 103 අතර රජ කළ කල්ලාටනාග රජු විසින් මෙම විහාරය ගොඩනැගූ බවත් ක‍්‍රි.ව 571 - 604 අතර රජ කළ පළවන අග්බෝ සහ ක‍්‍රි.ව 1055 - 1110 අතර රජකළ පළවන විජයබාහු යන රජවරුන් මෙම කුරුන්දි විහාරයට විවිධ අනුග‍්‍රහයන් දැන්වූ බවට මහා වංශයේ සඳහන් වනවා. තවද බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේදී මෙම කුරුන්දාශෝක විහාරයට වැඩම කොට ඇති බවට ජනප‍්‍රවාද පවතිනවා. තුන් වන මිහිදු රජුට අයත් ශිලා ලේඛණය පිළිබඳ 1905 පාලන වාර්තාවේ මේ පිළිබඳව සඳහන් වුවද වර්තමානයේ එය සොයාගත නොහැකිය.
    1 වන අග්බෝ රජු විසින් මෙම විහාරයට ආසන්නවම කුරුන්දවාපි නමින් වැවක් ඉදිකර ඒ තුළින් මෙම පූජා භූමියට ජලය ලබාගෙන ඇති බවට සාක්ෂි හමුවනවා. අක්කර 400 ක් පුරා විහිදී ඇති මෙම පුණ්‍ය භූමියේ ශිලා කුළුණු සහිත ගොඩනැගිලි, සඳකඩ පහන්, කැටයම් සහිත ශිලාමය ගල්කණු, බොහෝ පෞරාණික නටඹුන් අදටත් දැකිය හැකි වනවා.
    ‪@puranayalk‬
    #mahathupawandana #dhammajeewa #deepagaweshi #සිතනිවනඅඬවිය #puranaya #KurundiRajamahaViharaya #Mulathiw #නාගදීපයටනොදෙවෙනිමුලතිවිමහාපුදබිමකුරුන්ඳිවිහාරය
    #News #LatestNews #breakingnewslive #srilankatemple #deepagaweshi #kurunegala
    #කුරුණෑගල #වැවරවුමකුරුණෑගල #කුරුණෑගලවැවරවුම #beautifulcounrty
    #srilankatemple #buddhisttemple #wwwmahathupawandanalk #mahathupawandana #mahathupawandanalk #kurunegala
    #srilanka #srilankaamazing #srilankatemple #temple #deepagaweshi #templetraval #templetravel #kurunegala #budhism #බුදුපිලිම #buddhastatue #SriLanka #budista #statues #sculpture #cement #buddhistart #artworks #art #artwork #artist #drawing #artistsoninstagram #artoftheday #painting #arts #sketch #artgallery #illustration #drawings #draw #digitalart #artistic #artlovers #contemporaryart #arte #instaart #artsy #artists #artofinstagram #paintings #design #artistsofinstagram #sketchbook #abstractart #artlife #bhfyp #wordbuddhist #gaudhamabuddha #mahayana #vajrayana #henayana #buddhism #buddhalife #buddhistcountrys #srilankabuddhisam #buddhisamhistory #bhuddha #sinhala #dalilama #bhuddhistpeople #buddhismfuture #birthplaceofbuddha #buddhathoughts #ashokathegreat #ashokaaccept #kingashoka #indiabuddist #srilankatemple #srilanka #lankabuddhist
    / djeewa
    / dhamma.jeewa. .
    මෙම සියලුම වැඩසටහන් අප විසින් නිර්මාණය කරනු ලබන අතර මේ වෙනුවෙන් යම් වියදමක් යෙදවෙන බැවින් ඔබට හැකිනම් මේ සදහා ඔබේ මියගිය කෙනෙක් වෙනුවෙන් හෝ විශේෂ යමක් සිහිපත් කර දායක වෙන්නට මෙම වැඩසටහන් දිගටම සිදුකරගෙන යාමට හැකිය ...
    අපට අමතන්න
    070 3 307 307 whatsapp
    පිවිසෙන්න www.mahathupawandana.lk
    fb / djeewa
    fb / niwanmaga969

ความคิดเห็น • 42