'නුදුරේදීම පෙරදිග ස්විස්ටර්ලන්තය වෙනවා' කියපු ලංකාවට සිදු වී ඇත්තේ කුමක්ද?
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- බොහෝ කලක සිට බලාපොරොත්තු වූ “සිස්ටම් චේන්ජ්” නොහොත් ක්‍රම වෙනස යි.
ඒ සඳහා මගේ රජය නව ප්‍රතිසංස්කරණවාදී මාවතකට ප්‍රවේශ වී තිබෙනවා. ඒ වෙනුවෙන් ගනු ලබන තීන්දු, යම් වේදනාකාරී ස්වරූපයක් ගනු ලැබූව ද මේ අර්බුදයෙන් ගොඩ ඒමට නම් අපට ඒ පියවර අනුගමනය කිරීමට සිදු වෙනවා.
මේ අර්බුදය ජය ගන්න නම්, අපි පටු දේශපාලනයෙන් ඈත් විය යුතුයි. අපි එක මවකගේ දරුවන් සේ එකමුතුව මේ අභියෝගයට මුහුණ දිය යුතුයි. අභියෝගය ජය ගැනීමේ මාවත ශක්තිමත් කිරීමට හැකි උපරිමයෙන් දායක විය යුතුයි. සියලු භේද පසෙකලා ශ්‍රී ලාංකිකයන් ලෙස අපි සියලු දෙනා ඉදිරියට යා යුතුයි.
ඒ ඔස්සේ ශක්තිමත් නව ආර්ථිකයක් නිර්මාණය කර ගත යුතුයි. ඒ සඳහා මූලික පියවර හා පදනම දැන් සකස් කර අවසන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට අවශ්‍ය දුෂ්කර කාර්යයන් අප සාර්ථකව අවසන් කර ගනිමින් යනවා. නොබෝ දිනකින් ඔවුන්ගේ එකඟත්වය ලබා ගැනීමට අපි අපේක්ෂා කරනවා.
ආර්ථිකය ශක්තිමත් කර ගැනීමෙන් විතරක් අපට සෑහීමකට පත්වෙන්න බෑ. අපි සමස්ත ක්‍රමයේ වෙනසක් සිදු කළ යුතුයි. මේ දේශපාලන ක්‍රමය, පාර්ලිමේන්තුව, විධායකය, රාජ්‍ය යාන්ත්‍රණය ආදී සියලු ක්ෂේත්‍ර යුගයට ගැළපෙන විදියට වෙනස් කළ යුතුයි. මේ වෙනස්වීම රටටත්, අපටත් දැනෙන යහපත් එකක් විය යුතුයි. අලුත් ක්‍රමවේදය තුළ තරුණයන්ගේ සහ කාන්තාවන්ගේ අදහස් මෙන්ම නියෝජනය සඳහාත් වැඩි ඉඩ කඩක් ලබා දිය යුතුයි.
මේ ක්‍රම වෙනස සඳහා අවශ්‍ය අණ පණත් ගණනාවක් අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
ඒ වගේම උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙන විශේෂිත ගැටලු සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත යුතුයි. මේ වන විටත් අප ඒ සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කර තියෙනවා.
එහිදී ගන්නා තීරණ සහ ක්‍රියාත්මක කරන දින වකවාණු සියලු දේශපාලන පක්ෂ වෙත ලබා දෙනවා. ඔවුන්ගේ අදහස් අනුව ඒ කාර්යයන් ඉදිරියට ගෙන යනවා. ඉඩම් යළි මුදා හැරීම, සිරකරුවන් නිදහස් කිරීම වැනි කටයුතු සඳහා අප ප්‍රමුඛත්වය ලබා දී තියෙනවා.
ඒ වගේම ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදීමක් උදෙසා පියවර ගන්නවා. නමුත් කිසිවිටෙක මේ රට බෙදන්නට අප ඉඩ දෙන්නේ නෑ.
මා උත්සාහ ගන්නේ මතුපිටින් පෙනෙන රෝගී තත්ත්වයට වේදනා නාශක දෙන්න නෙවෙයි. රෝග නිධානයට පිළියම් කිරීමටයි. එය අසීරුයි. දුෂ්කරයි. නමුත් අප යා යුතු එකම මාර්ගය එයයි.
ජනාධිපතිධූරයට පත්වූ දා පටන් මට ගන්නට සිදු වුණ තීන්දු බොහෝමයක් ජනප්‍රිය තීන්දු නොවූ බව මම දන්නවා.
නමුත් ඒ තීන්දු නිසා අද මේ රටේ කිසිම පුරවැසියෙකු තෙල් පෝලිම්වල විජලනයෙන් මිය යන්නේ නැහැ. ගෑස් නොමැතිව බඩගින්නේ ඉන්නේ නැහැ. පොහොර නොමැතිව ශාප කරන්නේ නැහැ.
එම නිසා අරාජිකවාදී දේශපාලන බලවේගයන් කවර බාධක නිර්මාණය කළත් මම මේ රටට ආදරය කරන බහුතර ජනතාව සමඟ එක්ව, මේ නව ප්‍රතිසංස්කරණ වැඩසටහන ඉදිරියට ගෙන යනවා.
සාමය සංහිඳියාව පෙරදැරි කරගෙන එකමුතුව, සැලසුම් සහගතව ඉදිරියට ගියොත් අපට 2048 වෙද්දි සංවර්ධිත රාජ්‍යයක් බවට පත්වෙන්න පුළුවන්. ලෝකයේ වෙනත් කිසිඳු රටකට අතපාන්නේ නැති, දියුණු රටක් බවට පත්වෙන්න පුළුවන්. සැබෑ නිදහස උදාකරගන්න පුළුවන්.
අපේ දරු දැරියන්ට ලෝකයත් සමඟ තරග කළ හැකි අලුත් රටක් නිර්මාණය කිරීම අප සැමගේ වගකීමක්. ඒ නිසා මේ දුෂ්කර අවධිය ජය ගැනීමට එකට එක්වන ලෙස මම සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.
අපි එකමුතු වෙමු ! අත්වැල් බැඳ ගනිමු !
එසේ අත්වැල් බැඳගෙන ඉදිරි වසර 25 සඳහා අප සකස්කරගෙන ඇති සැලසුම් අනුව, එක්සත් ගමනක් යමු. සියලු පාර්ශ්වයන්ගේ අදහස් අනුව ඒ සැලසුම් වඩාත් පෝෂණය කර ගනිමු. වඩාත් ශක්තිමත් කර ගනිමු. ඒවා වඩාත් ක්‍රමවත් සහ විධිමත් කර ගනිමු.
මේ වෑයමට එක් විය යුත්තේ ශ්‍රී ලංකාවේ වෙසෙන අප සැම පමණක් නොවෙයි. ලොව පුරා විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් ද මේ ගමනට උර දිය යුතුයි. එක් විය යුතුයි. සියලුදෙනාම හැකි ශක්ති ප්‍රමාණයෙන් මේ ඉලක්ක ජය ගැනීමට සහාය විය යුතුයි.
ඉතින් අපි සියලුදෙනා එකට එක්ව වෙහෙසෙමු. එකාවන්ව කැපවෙමු. එක මවකගේ දරු කැලක් මෙන් එකතුවෙමු. අපේ රටට නිදහසින් අවුරුදු 100ක් පිරෙන 2048 වර්ෂයේ දී අපේ රට ලෝකයේ ඉහළින්ම ඇති රාජ්‍යයක් බවට පත් කර ගනිමු
ඔබ සැමට ස්තූතියි.
Anduwala Edede Monawada kale ? Banku Horakewa Batalande Wadakagarayak Dala Dasawada Dunna Corapu Weda! Rata Kewa