Badulla Nightmail | ලංකාවෙ ලස්සනම දුම්රිය මාර්ගය |Colombo to Ella Train ride | Travel With Tharusha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • 🚆 බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ ගියපු ලස්සනම ගමන (Badulla Night mail) ගමන් කරන්න ආස අය අනිවාර්යයෙන්ම කියවියයුතු Travel Guide එක... ⬇️🚂🚂
    📌️ සීතල ඝන මීදුම කපා හරිමින් කඳු පල්ලම් මැදින් ජර්මන් හාදුව ද සමග දුම්රිය ස්ථාන 79 ක් බිංගෙවල් 45 ක් පසු කරමින් ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ සිට මධ්‍යම පළාත හරහා ඌව පළාතට 292 km දුරක් පැය 11 පුරා ගමන් කරන Badulla නයිට් මේල් එකේ යමු එහෙනම්...💯
    •මේ ඒ සුන්දර බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ යන්න ආස අයට අවශ්‍ය වන විස්තරය.. ⬇️
    🔺 බදුල්ල Night mail eke විශේෂත්වය...
    01. ශ්‍රී ලංකාවේ ධාවනය වන දුම්රිය අතරින් වැඩිම කාල වේලාවක් ගමන් ගන්න දුම්රිය මෙය වන අතර ( පැය 11 - 12 )
    02. උඩරට මාර්ගයේ වැඩිම දුම්රිය මැදිරි ගණනක් සහිතව ධාවනය වන දුම්රිය ද මෙයයි. ( මැදිරි 12ක් හෝ 13ක් )
    03. පලමු, දෙවන සහ තෙවන පන්ති වල නිදන මැදිරි සහිතව ලංකාවේ ධාවනය වන එකම දුම්රිය.
    04. වැඩිම රියදුරන් ගණනක් (6 දෙනෙක්) සහභාගි වන ලංකාවේ එකම දුම්රිය ගමන මෙය වන අතර
    05. සීතල ජර්මන් හාදුව ද විශේෂත්වයක් ගනී.
    🔺 බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ මැදිරි සැකස්ම...
    ▪️ 1979 දි ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ජර්මනියේ නිෂ්පාදිත සහ දැනට ලංකාවේ ඇති දුම්රිය එන්ජින් අතරින් සාර්ථකත්වය හා කාර්ෂක්මතාවය උපරිමයෙන් ඇති ,Class M6 🚆 ඩීසල් ඉලෙක්ට්‍රික් එන්ජිමක් Badulla night mail ධාවනයට යොදා ගනී.
    ▪️ කොළඹ කොටුව සිට බදුල්ල දෙසට ➡️ ඉදිරිපස M6 පන්තියේ දුම්රිය එන්ජිම + තුන්වෙනි පන්තියේ සාමාන්‍ය මැදිරි 3ක් + භෝජන රථය+ පාර්සල් මැදිරිය+ තැපැල් මැදිරිය+ පළමු පන්තියේ වෙන්කල නිදන මැදිරිය+ දෙවනි පන්තියේ වෙන්කල නිදන මැදිරිය+ තුන්වෙනි පන්තියේ වෙන්කල නිදන මැදිරිය+ දෙවන පන්තියේ සාමාන්‍ය මැදිරි දෙකක්+ තිරිංග මැදිරිය + පසුපස M6 පන්තියේ සහයක එන්ජිම
    🔺 බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය කාල සටහන & Tickets...
    • කොළඹ කොටුව station eken - 8.30 pm
    • Badulla station ekata - 7.40 am
    ▪️Tickets.
    • 1st class Booking / පළමු පන්තියේ වෙන්කල නිදන මැදිරි ඇදක් ~ Rs 4,950/=
    • 2nd class Booking / දෙවන පන්තියේ වෙන්කල නිදන මැදිරි ආසන ~ Rs 2,000/=
    • 3rd class Booking / තුන්වන පන්තියේ වෙන්කල නිදන මැදිරි ආසන ~ Rs 1,500/=
    • 2nd class Normal / දෙවන පන්තියේ සාමන්‍ය ආසන ~ Rs 900/=
    • 3rd class Normal / තුන්වන පන්තියේ සාමන්‍ය ආසන ~ Rs 460/=
    ▪️ ගමන් කරන දිනයට මාසයකට කලින් සිට මුදලින් සහ Warrants මගින් වෙන් කිරීම් කරගන්න පුලුවන්. 👍
    🔺 බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය ගමනේ විශේෂිත සිදුවීම්...
    01. Rambukkana Station
    📌️ රඹුක්කන දුම්රිය ස්ථානයේදී පලමුව හමුවන 1:44 බෑවුමකින් යුත් රබුක්කන සහ කඩුගන්නාව අතර වූ දුර්ගය තරණයට 🚆 පසුපසින් සහයක එන්ජිමක් වශයෙන් M5 පන්තියේ එන්ජිමක් සවි කරනු ලබන්නේ ඉදිරියට ඇදෙන්නට උත්සහ කරන දුම්රියට පිටුපසින් තල්ලු කොට ගමන පහසු කිරීමටයි. මෙම ක්‍රියාවලිය හදුන්වන්නේ එන්ජින් බෑන්ක් කිරිම ලෙසයි..
    02. Kadugannawa Station
    📌️ කඩුගන්නාවේදි M5 සහයක එන්ජිම ගලවා දමන අතර පේරාදෙණියේදි පසුපසම ඇති තැපැල් මැදිරිය ගලවා වෙනත් දුම්රියකට සම්බන්ධ කර මහනුවර බලා යවනු ඇත..
    03. Gampola Station
    📌️ ගම්පොල දුම්රිය ස්ථානයදී තවත් M6 පන්තියේම බෑන්කින් එන්ජිමක් පිටුපසින් සවි කරනු ලබයි. ඒ ශ්‍රී ලංකාවේ උසම දුම්රිය ස්ථානය වන පට්ටිපොල (අඩි 6204) දක්වා වූ සීඝ්‍ර නැග්ම නිසාවෙනි..
    04. Nawalapitiya Station
    📌️ නාවලපිටියේදි වඩාත් පලපුරුදු A ශ්‍රෙණියේ රියදුරු මහතුන් සතර දෙනෙකු පාලනය සියතට ගනියි..
    05. Nanuoya Station
    📌️ නානු ඔය දුම්රිය ස්ථානයේදි දුම්රියෙහි සම්පූර්ණ තිරිංග පද්ධති පරීක්ෂාවක් සිදු කරනු ලබන්නේ ඉදිරියේ ඇති අති දුෂ්කර කදු නිසාවෙනි.
    06. Pattipola Station
    📌️ සෙමෙන් අරුණලු නැගෙන හිමිදිරිය වන විට පට්ටිපොලට ලගා වන දුම්රියෙහි එන්ජින් සැලැස්ම පට්ටිපොල සිට බදුල්ල දක්වා ඇති සීඝ්‍ර බැස්මට සරිලන ආකාරයට වෙනස් කිරීමක් මෙහිදී සිදු කරනු ලබයි..
    මෙතෙක් සහයක එන්ජිමක් ලෙස පිටුපස තිබූ M6 එන්ජිම ගලවා ඉදිරිපසටම සවිකරනුයෙ ප්‍රධාන එන්ජිම ලෙසය. එය එන්ජින් පයිලට් කිරිම වන අතර එයට ජර්මන් සීතල හාදුව ලෙස ද හදුන්වයි..
    ✳️ ඒ තනි එන්ජිමක තිරිංග බලය තියුණු බැස්ම සදහා ප්‍රමාණවත් නොවන බැවින්ය..
    දැන් ඇත්තේ පිලිවෙලින් ද්විත්ව M6 එන්ජින් සංකලනයකින් යුත් මැදිරි 12 ක ඉමක් නොපෙනෙන දුම්රියකි..🚆 🚆
    🔺 බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය views... 😍
    💚 Badulla රාත්‍රී තැපැල් දුම්රිය ඔහිය , ඉදල්ගස්හින්න , හපුතලේ ආසන්නයෙන් ගමන් කරද්දී උදේ පාන්දර ඉර පායගෙන එන ඒ දර්ශනය වළාකුලු වලටත් ඉහළින් දුම්රියක ඉදන් බලන්න පුලුවන් එකම අවස්ථාව තමයි බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය..
    💚 මේ මනස්කාන්ත සුන්දර දසුන් පෙල බලන්න වගේම Badulla night mail eke සීතල විදිමින් ඒ අත්දැකීම ලබාගන්න ඔබත් ජීවිතේ එක පාරක් හරි මේ සුන්දර ගමන යන්න...
    ☕ දුම්රිය ගමනේදී උණු කිරි කෝපි කෝප්පයක් Rs 100/= කට ලබාගන්න පුලුවන්..
    Travel With Tharusha

ความคิดเห็น • 52