Indrani Bogoda songs collection|mage neela nethu|pem kala waradata|puujasanaye|widuli eliya|baloli

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ส.ค. 2024
  • #indranibogoda#songcollection#SLMUSIX
  • เพลง

ความคิดเห็น • 601

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala1885 3 ปีที่แล้ว +136

    ,මෙ ගීත තුල අපි ජීවත් උනා.මෙ ගීත නිසා අපි ජීවත් උනා. දස දහස් වාරයක් මෙ ගීත තුල අපි සමාධි ගත උනා.අද දුකයි වෙදනයි මෙ ගීත ඇහෙනවා අඩුයි.මෙ ලෙසින්වත් අසන්නට ලැබීම විශාල පිනක්.අපි පවු කරලා නෑ කියලා දැනෙනවා..

  • @jayanisandamali6125
    @jayanisandamali6125 4 หลายเดือนก่อน +19

    Old is gold කියල ඔප්පු කරන්න වෙන අටුවා ටීකා අනවශ්‍යයි.
    චිරන් ජයතු ඔබතුමියට.
    20.03.2024

  • @KnightAngel77v6
    @KnightAngel77v6 4 หลายเดือนก่อน +11

    කොයිතරම් ආදරණීය හඩක් ද.දීර්ඝායුෂ ලැබේවා .ආදරෙයි හදවතින්ම .

  • @samanwimalasiri7900
    @samanwimalasiri7900 2 ปีที่แล้ว +38

    පුදුම හඩක් ආසයි ඒ හඩේ දුක විරහව තියනවා වගේ දැනෙන්නේ ඒ තරම් සංවේදී බුදුසරණයි මැතිනියනි

  • @sdpmsamaranayaka5467
    @sdpmsamaranayaka5467 9 หลายเดือนก่อน +17

    මේ වගෙ ගීත කවදාවත් අහලා එපා වෙන්නැහැ...ඔබ තුම්යට දීර්ඝ ආයුස ලැබේවා ..🙏🙏🙏

  • @bulatha2888
    @bulatha2888 2 ปีที่แล้ว +52

    1) 00:00
    මගේ නීල නෙතු සඟලින් මොනවද ඔබ ඉල්ලන්නේ
    නලලේ කුංකුම තිලකය ඔබට නේද අමතන්නේ
    මගේ නීල නෙතු සඟලින්.....
    මිදුලේ නීල් පුනිල මල් හැන්දෑවේ කාන්සියෙන්
    ඔබ මට දුන් ඔබේ කවිය උදුරාගෙන කියවනවා
    මගේ නීල නෙතු සඟලින් මොනවද ඔබ ඉල්ලන්නේ
    නලලේ කුංකුම තිලකය ඔබට නේද අමතන්නේ
    මගේ නීල නෙතු සඟලින්,,....
    හඳ එලියේ හාන්සි වී ඒ කවියේ රස වින්දා
    එදා රැයේ මගේ දෑස ඔබේ නමින් ඉකිබින්දා
    මගේ නීල නෙතු සඟලින් මොනවද ඔබ ඉල්ලන්නේ
    නලලේ කුංකුම තිලකය ඔබට නේද අමතන්නේ
    මගේ නීල නෙතු සඟලින්,....
    😥😥😥😥😥😥😥😥😥😥😥😥
    2) 02:48
    පෙම් කල වරදට මට වද දෙන්නේ
    පෙම් කල හිතකින් නොවන නිසා
    අයියන්ඩියේ මට සමාව දෙනු මැන
    ආදරයේ සුව දැනුන දිනේ
    ආදරයේ සුව දැනුන දිනේ
    යන එන හමුවන මග අවුරාලා
    ආදරයක් වැලකිය හැකිදෝ//
    නොපෙනිද ඔහුගේ දෙපතුල
    මා හිත සැනසෙන මේ රැකවල් බිඳදා
    චිත්‍රාවක් වන්නේ නෑ මා නම්
    අයියන්ඩියේ ඔබේ අණට හොරා//
    ආදරයේ දුක ඔබට දැනේවි
    පෙම්වතියක මුණ ගැහුන දිනේ//
    පෙම් කල වරදට මට වද දෙන්නේ
    පෙම් කල හිතකින් නොවන නිසා
    අයියන්ඩියේ මට සමාව දෙනු මැන
    ආදරයේ සුව දැනුන දිනේ//
    😥😥😥😥😥😥😥😥😥😥😥😥
    06:18
    පූජාසනයේ හිනැහී මැලවෙන මල් අතරේ
    ඔබ පාමුල පුද කරනෙම් සමිඳුනි
    මගේ හිත පිවිතුරැ කූසුමක්සේ
    පූජාසනයේ,...
    බෝමළුවේ ඇතුරූ සුදු වැල්ලේ
    පහන් වැටේ ආලෝකය වැතිරේ
    විබාබරින් නැගි සුසුමින් පිසදා
    නිවී නිවී සිතිවිලි සැනසේ
    පූජාසනයේ//
    දිවි මග රැඳි කඳුලැලි සෝ ලතැවුල්
    මැකී නිබඳ සිත ගිමන් නිවේ
    ඔබේ නෙතින් ගලනා මුදු කැල්මක
    සිත නැවතී දැහැනකින් බැඳේ
    පූජාසනයේ//

    • @shashikasaranga2301
      @shashikasaranga2301 2 ปีที่แล้ว +2

      🌹

    • @pb3636
      @pb3636 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි.

  • @srilankabuddhistcountry316
    @srilankabuddhistcountry316 3 ปีที่แล้ว +43

    ඔබට නිරෝගී සුව.වැජබේව බොහෝ කල් .ඉන්ද්‍රානි බෝගොඩ මැතිනියනි.

  • @amarakumariherath4635
    @amarakumariherath4635 3 ปีที่แล้ว +27

    අමුතු විදියේ ලස්සන කටහඬක් තියෙන්න ඔබ බොහෝ පිං කරලා ඇති .මතු සංසාරෙටත් ඒ පින් අරන් යනවා නොඅනුමානයි ..

    • @aniloska8399
      @aniloska8399 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ..ඒ ලෙන්ගතු හඩ...දිව්‍යම හඩක්..මහා මොකක්ද මන්දා ඒ හඩ ..ජීවිතය පුරාවටම මොකක්ද මන්දා මහා මොකක්දෝ මන්දා .මට පිස්සු වගේ මේ සින්දු දැන් දශක තුනකටත් වඩා මං අහනවා

    • @senatm7625
      @senatm7625 หลายเดือนก่อน

      ​@@aniloska8399❤❤❤❤❤❤

  • @MrLasan76
    @MrLasan76 2 ปีที่แล้ว +37

    උච්ච ස්වර වල පෙලහර පෑ හෙල ගී කෙතෙහි අද්විතීය ගායන ශිල්පිනියක්.

  • @whistlingkeerthi1385
    @whistlingkeerthi1385 3 ปีที่แล้ว +43

    කනට මී බිදු වගේ.......දවසම නොකා නොබී අහන්න පුලුවන්

  • @sumitragamage9553
    @sumitragamage9553 ปีที่แล้ว +17

    අවුරුදු 1000 ගියත් අහන්න විදින්න පුලුවන් ඒ පිනම ati ගායනය ,පද,සංගිතය..අපට දුන් ඔබ ලාට...

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 3 ปีที่แล้ว +53

    මොන තරන් ලස්සන , ගිතද ...හරිම .මිහිරියි ! අතිතේට මාව මොහොතකට අරන් ගියා , නමුත් ....දෙන් ප්‍රමාද යි ! අතිතය කොච්චර මිහිරි ද ...❤❤ දෙලොවක් අතර තනිවෙලා.....ඉන්ඩ්‍රනි බොගොඩ කියන්නේ ලංන්කාවේ තවත් ...ගි කොකිලාවක් ඔබගේ මිහිරි කටහඩට අප ආදර ය කරනවා හෙමදාමත් !!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏😎😎💚💚💚❤ .

  • @user-pk2zn7km3z
    @user-pk2zn7km3z 2 ปีที่แล้ว +15

    කෙතරම් පැරණි ගීතද,,.ඒත් තවමත් හොඳටම තියෙනවා,,.හරිම ලස්සනයි,,,.බාලොලි ගීතය නම් පුදුම ගීතයක්,,,
    මේ නිර්මාණ වලට දායක වු මිය පරලොව ගිය කලාකරුවන්ට අජරාමර නිවන් සුව ලැබේවා!....සූජීවත්ව සිටින ඉන්ද්‍රාණි බෝගොඩ මහත්මිය ඇතුලු අනේ සියලු දෙනාට නිදුක් නීරෝගී සුව ලැබේවා!,,,
    ස්තුතියි වටිනා ගීත සමුච්චයක් හෙල ගීතකලාවට එකතු කලාට,,..

  • @sriyanigunawardana5030
    @sriyanigunawardana5030 3 ปีที่แล้ว +37

    ❤❤❤ලස්සනම ගීත ටිකක්.
    අහන්න ලබා දුන්නට ස්තුති.

    • @danthakumara9695
      @danthakumara9695 2 ปีที่แล้ว +2

      මාත් අහනවා අක්කා

    • @Buddhi96
      @Buddhi96  2 ปีที่แล้ว

      Thank you❤❤

  • @unisoul8423
    @unisoul8423 2 ปีที่แล้ว +36

    පදමාලාව , සංගීතය හා ගායනය එකිනෙකට නොදෙවෙනිව සුසංයෝජනය උන , හිත නිවී සැනසෙන ගීතාවලියක්!
    ජීවිතයේ විඩාව නිවා ශ්‍රාවකයා ද වඩා උසස් තලයකට ගෙන යන්න මේ ගීත වලට පුලුවන්!
    පද රචනයෙන් , සංගීත නිර්මාණයෙන් හා අපූරු හැගුම්බර කටහඩින් මේ ගීත වලට දායකත්වය දැක්වූ සියල්ලන්ට ම ශීරෂ ප්‍රණාමයෙන් කෘතවේදීත්වය පුද කරනවා!

  • @anushka-fy7pl
    @anushka-fy7pl ปีที่แล้ว +7

    හිතට වැදී ආපසු හැරෙන රිද්මය මනස සුවපත් කරනවා .ඔබගේ හඬ දිව්‍යමය හඩකැයි මා මනසිනි මවා දැස්පියාගෙන මේ ගීත අතර මොහොතකට ජීවත් වූවා එය හරිම ආදරනීයයි

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 3 ปีที่แล้ว +37

    ඒ කටහඩේ ලස්සන 🌷❤️

    • @senatm7625
      @senatm7625 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @sriyaekanayake1355
    @sriyaekanayake1355 2 ปีที่แล้ว +32

    ලස්සනයි.තරුණ වියේ හිත සැනසූ ගීත. අදටත් අහන්න පුලුවන්
    නමුත් සියල්ල අනිත්ය වේ.තෙරුවන් සරණයි.

    • @dharmapala4759
      @dharmapala4759 ปีที่แล้ว +1

      🌺🌺🌺👍👍👍😭😭😭🙏🙏🙏

  • @chntha
    @chntha 3 ปีที่แล้ว +30

    හිත නිවෙනා හඩ,
    ඈතට ගෙනගියා මාව..
    හරිම ලස්සනයි ඒක නම්.
    ඔබතුමියට තෙරුවන් සරණයි ..
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @calistafernando1713
    @calistafernando1713 3 ปีที่แล้ว +22

    දශක තුනක් හතරක් ඇසුවද
    ඒ ගී තවමත් නැවුම් ය අදට ද
    ගැපෙන මේ ගී යුගයේ වාසනාවකි👍👍👍👍👍👍👍👍👍💜💜💜💜

  • @aravindajayarathna5440
    @aravindajayarathna5440 3 ปีที่แล้ว +40

    මෙවන් මියුරු හඩ හිමි ඔබට දීර්ඝායුෂ 🙏

  • @bulatha2888
    @bulatha2888 2 ปีที่แล้ว +18

    4) 09:49
    බාලොලි බාලොලි නාඩන් මගේ පොඩි
    පැටියෝ
    ඔය කිරි බිව්වා ඇති දැන් නිදියන් හනිකා
    බෑ ඉවසන්නට දැන් රෑ දෙගොඩත් ලැබුවා
    කිරිපැය ගෙන හෙට යලි කිරි බීපන්
    පැටියා
    සින්දු පෙට්ටියෙන් අහගෙන ලස්සන
    සින්දු
    නාඩා නුඹ නිදියපන් මගේ සුරතල් පොඩි
    බින්දු
    නොකියන්න මැසිවිලි බැරැවට මට නැලවිලි
    සින්දු
    බාලොලි බාලොලි නාඩන් මගේ පොඩි පැටියා...
    ලැම පිරී හෙට කිරි එරූනට මට බින්දු
    වගාවන් මං ඉන්නම් දරා සෙනෙහස හද
    රැන්දූ
    ඉවසාපන් කුස ගිනි නැතුවට මගේ තුරුලෙහි
    බාලොලි බාලොලි නාදන් මගේ පොඩි පැටියා....
    බිලිඳෙකුට කියන ලස්සනම දරැ නැලවිලි ගීයක්,.හඬ බොහෝම ලයාන්විත ස්වරූපයෙන් ගැයෙන ගීතයක් මගේ අම්මා මට අවුරුදු පහක්ම කිරිදුන්නා ,...අම්මගේ සෙනෙහස නම් අහෝ ආශ්චර්යයි,...
    අම්මා නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා,..
    නන්දාමාලනියගේ දරැනැලවිලිගීයක් තියෙනවා බාලොලි බාලොලි , ශ්‍රීමති තිලකරත්නගේ වැටි වැටි ඇවිදින මගේ පුංචි පුතා ආදී ගීත ටික සහ තවත් ඒවගේම දරැපැටියන්ට ගන ලද ගීත ටික එකතු කර දාන්න,..

    • @user-pk2zn7km3z
      @user-pk2zn7km3z 2 ปีที่แล้ว

      මෙහි ගීපදලතාවේ ,,.බෑ ඉවසන්නට යන වචනය නොගැලපෙන්නකි,,.ඊට හේතුව අපේ ලාංකික අම්මලා දරු පැටියෙක් කිරිබොන විට කවදාවත් නතර කරන්නේ නෑ,,,මෙතරම්ම මනරම් තිබෙන ගීතයට ඒ පද නොගැලපෙන සේ මට සිත්විය,..
      මෙහි මියුරු නාද සිත්තම සහ ගායනා ලාලිත්‍ය තවතවත් අර්ථවත් වෙන වා එසේ උනානම්,,. ලස්සනම ගීතයක්!...

  • @mayurekumararathne4446
    @mayurekumararathne4446 3 ปีที่แล้ว +18

    සීත දිය රැල් සලා ගීතය මම කුඩා ම දැරියක් කාළේ සිටම රස වින්ද ගීතයක් අදටත් රසවත්

  • @ruwaniprasadi7946
    @ruwaniprasadi7946 2 ปีที่แล้ว +15

    හදවතට දැනෙන්නට ගායනා කරන රත්තරං කට හඩක් ඉන්‍ද්‍රනි අක්කේ ඔයාට බුදු saranai දෙවි පිහිටයි දීර්ගායු ස පතනවා❤️❤️🙏🙏👌👌👌

  • @ravidu2309
    @ravidu2309 ปีที่แล้ว +17

    සිතට දැනෙන හද ගැහෙන අපුුරැ නිර්මාණ ❤

  • @strongwoman946
    @strongwoman946 3 ปีที่แล้ว +27

    අනේ මං ආදරේමකරන ගායිකාවක්. සිංදුත් ලස්සනයි දෙය්යියනේ ...... love you.

  • @jayalalzoysa3481
    @jayalalzoysa3481 2 ปีที่แล้ว +21

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ....
    ගොඩක් ලස්සනයි..😍😍
    ඔබට ජය....
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @athulamahindre690
    @athulamahindre690 3 ปีที่แล้ว +41

    කොච්චර ඇහුවත් එපා නම් වෙන්නෙ නෑ..නෑ නෑමයි....ඔබට ජය....!!!👏👏👏👏👏👏

  • @manelamarasekara5929
    @manelamarasekara5929 หลายเดือนก่อน +1

    කනට මී පැනි වගේ ඔබ තුමියට බොහොම පිං නිදුක් නිරෝගිව ජීවියම සුන්දර වෙිවා බුදුසරණයි

  • @ashahemage7610
    @ashahemage7610 3 ปีที่แล้ว +27

    මගේ ආශිර්වාදය මැතිනිය ඹබට....

  • @kelumchathuranga2485
    @kelumchathuranga2485 2 ปีที่แล้ว +17

    ආදරනීය මතකයන් සදාතනිකවම හිත්වල අමරනීය කරන නිර්මාණ❤️

  • @modernartgallery1926
    @modernartgallery1926 2 ปีที่แล้ว +21

    තුන්සරනේ පිහිටෙන් ඔබතුමියට දීර්ඝායුෂ වේවා

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 3 ปีที่แล้ว +26

    නිවිහැනහිල්ලෙ අහන්න පුලුවන් ලස්සන ගීත එකතුවක්.

    • @Buddhi96
      @Buddhi96  3 ปีที่แล้ว +1

      ❤❤❤

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 8 หลายเดือนก่อน +3

    මෙවැනි තාක්ෂණ දියුණු වක් නොමැති කාලයේ ගුවන් ව්දුලියේ එදා නිතරම ප්‍රචාරය උන ගීත අදටත් නොවෙනස් රසාස්වාදයක් ඇති ගීත පෙලක් 🙏💯👍✌️💜️

  • @sujeewankumara4914
    @sujeewankumara4914 2 ปีที่แล้ว +11

    මෙවැනි ගීත නිර්මාණය කල සියලු දෙනාට අනේක වාරයක් පිංසිද්ද වෙන්න ඕනෙ 🙏🙏🙏

  • @kanthi1038
    @kanthi1038 8 หลายเดือนก่อน +2

    මෙවන් කටහඬවල් තවත් නම් කොයින්ද? ආදරෙයි මැතිණියනි. ❤🙏❤

  • @user-sz2rt2rw1p
    @user-sz2rt2rw1p 2 ปีที่แล้ว +23

    මේ ගීත වල තියෙන සඤ්ඤමය අපව මේවා අහන්නට පොළොඹවන තරම්,,..
    මට අපේ අම්මා අවුරුදු පහක් කිරි දීලා තියෙනවා,...බාලොලි බාලොලි ගීතය ඇහෙන විට අම්මට කියා මේ සින්දුව කියනවිට අම්මගේ උකුලේ හිස තියාගෙන නිදාගන්නට තරම් හිතෙනවා,..
    අම්මා නිදුක්නීරෝගීව දීර්ඝායුෂ ලබත්වා!.....
    මේ ගීතයට දායක වු අප අතරින් නැති කලා ශිල්පීන්ට නිවන් සුව ලැබේවා,..සුජීවත්ව ඉන්නා ඉන්ද්‍රානි බෝගොඩ මව්තුමිය සහ අනෙකුත් අයට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!...

  • @aniloska8399
    @aniloska8399 ปีที่แล้ว +5

    හුගාක් ලස්සන ගීත ..ඒවාගේ තියෙන දායාබරත්වය ..මං ආසම සමකාලීන ගායිකාව ඉන්ද්‍රානි අක්කේ .❤❤❤🙏🙏🙏🙏. ඒ ආදරනීය මගේ හැගිම් ඔය දෙපතුල් ලග වැද වැට්ලා කියන්නේ කවදදෝ මගේ අක්කේ ..

  • @gimhankavi2176
    @gimhankavi2176 ปีที่แล้ว +6

    හරිම මිහිරි හිතට කයට දැනේන කෝපමන ඇහැවිවත් මදි ගිත එක තුවක් හරිම මිහිරි හරිම ලස්සනයි අපේ රටෙි නේ මෙි ගිත ගයන ගායිකාවන් ඉන්නේ අපේරටටත් අපටත් හරිම ආඩමිබරයක් ගිත රචකයා සංගිත සංගිත රචකයාට ගොඩාක් පිං මෙ වාගේ නිර්මාන ඉදිරිපත් කලාට අපේ දරුවන් ගේන් ඇත්වෙලායන සංගිත කලාව මෙ ගිත සදා අමරනියයි .....

  • @Vipulashantha-xv8cp
    @Vipulashantha-xv8cp 3 ปีที่แล้ว +9

    මං ආසම පෙම් කල වරද ට.... මාර ලස්සනයි .. මං ආදරෙයි මාගේ මැණික. මාලින්තා... තිබෙන තුරු ජිවය ඔබ‍ට පමණි
    ආදරේ.... මා මරුන දින දක්වා..💕💕💕
    🌹🌹🌹🌹
    ❤❤❤❤❤2021-6-20.... සපුමල්

    • @aniloska8399
      @aniloska8399 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම .එතරම් පිස්සුවක් එන්නේ ඔලුවට ...😞😞😞🙏🙏❤❤❤

  • @wasa945
    @wasa945 2 ปีที่แล้ว +10

    පෙම් කළ වරදට මට වද දෙන්නේ
    පෙම් කළ හිතකින් නොවන නිසා
    අයියණ්ඩියෙ මට සමාව දෙනු මැන
    ආදරයේ සුව දැනුන දිනේ

  • @calistafernando1713
    @calistafernando1713 3 ปีที่แล้ว +10

    අර්ථවත් ගී පෙලක් මොනතරම්
    සුන්දරද 👍👍👍ස්තුතියි💕💕💕

  • @mangalikahewage555
    @mangalikahewage555 ปีที่แล้ว +18

    ගායනය සිත දැහැන් ගත කරනවා
    පින්.....!
    ඔබ තුමිය භාරතීය ගායිකාවක් වගේ.......💙
    හැඟීංබර ගායනයක් මට නම් නිතරම ඇහෙන්නෙ .......🌷
    තෙරුවන් සරණයි 🙏

  • @ajayalath
    @ajayalath 3 ปีที่แล้ว +23

    ඒ දිව්‍යමය හඬ ..... ❤️🙏

  • @pradeepjayathilaka5519
    @pradeepjayathilaka5519 3 ปีที่แล้ว +8

    Godak pin . Mage asama ආදරණීය ගායිකාව . Madu duwa nida gane me geetha tika ahagena.

  • @ajithprasad2571
    @ajithprasad2571 3 ปีที่แล้ว +10

    මේවා සිංදු නෙවෙයි බාවනා..දැහැන් ගත වෙනවා...පට්ට

  • @user-zr4gz3sg3f
    @user-zr4gz3sg3f 10 หลายเดือนก่อน +3

    විරහේ රහ දැනෙන, ඒත් හිත නිවන හඩක්. අසමසම මිහිරි හඬක් ඇති ඔබතුමියට ගොඩක් පින්.! රචකයා සහ තනු නිර්මාපකයාවත් ආදරයෙන් සිහිපත් කරනවා. ඔබතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.!❤

  • @susithakulatunga8000
    @susithakulatunga8000 3 ปีที่แล้ว +18

    අද තියන fm වල ඇයි මේගීත වාදනය නොකරන්නෙ මේ ගීත නොව වෙහෙසකාරි මනසට අව්සද thanks you tub

    • @jayalathchathuranga3321
      @jayalathchathuranga3321 2 ปีที่แล้ว +1

      දැන් තියෙන ගීත මෙි වගේ සොබාවිත ගීත නෙමෙයි.ලතෝනි ගීතයි තිබෙන්නේ🙁

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl หลายเดือนก่อน

      Run fm eke විතරයි මෙවැනි ගීත විකාශනය karanne අදටත් ......

  • @ruwanamarakoon8727
    @ruwanamarakoon8727 ปีที่แล้ว +11

    අපේ පිනට රටට පහළ වු ගීත දේවතාවියන් තමයි ඉතින්

    • @Buddhi96
      @Buddhi96  ปีที่แล้ว +2

      ❤❤

    • @MrLasan76
      @MrLasan76 3 หลายเดือนก่อน

      පෙර පින් ඇති ගීත දේවතාවියක්....

  • @nimalranjith8419
    @nimalranjith8419 2 ปีที่แล้ว +4

    මෙන්න සිංදු කියන්නේ.දැන් තියෙන සිංදු වගේද.බුදුසරණයි ඔබ තුමියට

  • @janakiemunasinghe941
    @janakiemunasinghe941 2 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබට තවත් මෙවැනි ගීත රස විඳින්න අවස්ථාවක් ලැබුණට 🌹❤️🌹🌹❤️❤️

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 2 ปีที่แล้ว +6

    " මගේ නීල නෙතු සගලින් මොනවද ඔබ ඉල්ලන්නේ....❤️❤️❤️❤️

  • @sudammikasilmathawa8181
    @sudammikasilmathawa8181 3 ปีที่แล้ว +8

    ලස්සනයි. අක්කෙ. ඔයාගෙ. ගීත. තෙරුවන්. සරණයි.

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 ปีที่แล้ว +6

    හිතට දැනෙන දේ කියා නිම කරන්න බැහැ ඔබට දැනෙන්නේ හටද, දැනෙන්නේ 😒💛💛💛

  • @kithsirijayasekara502
    @kithsirijayasekara502 2 ปีที่แล้ว +14

    අදටත් සුපිරිම සිංදු..👍👍👍🌹🌹🌹

  • @sriperera2744
    @sriperera2744 3 ปีที่แล้ว +12

    අතිතයට රැගෙන යන ගිත පෙළකි

  • @chamindathilakasiri1389
    @chamindathilakasiri1389 ปีที่แล้ว +4

    මේවා සිංදු නෙවෙයි .හිත නිවන භාවනාවක්. කොච්චර වටිනවද වර්තමානයේත් මේ වගේ නිර්මාණ වෙනව නම් .. 💕

  • @punsanda..3446
    @punsanda..3446 4 ปีที่แล้ว +52

    බොහොමත්ම පින් මේක upload කළාට ....

  • @hansikamadushani4685
    @hansikamadushani4685 2 ปีที่แล้ว +20

    අනේ හරිම ලස්සන ගීත.අර්ථවත් වගේම රසවත් ❤🙏

  • @nuwanduminda4849
    @nuwanduminda4849 2 ปีที่แล้ว +9

    සුපිරියි 👍👍👍❤❤ සුවපත් වෙවා මැතිනියනි 🙏

  • @ruwanbandara1548
    @ruwanbandara1548 ปีที่แล้ว +3

    ඔබතුමියට දීර්ඝායුෂ වේවා අර්ථවත් වගේම ලස්සනම ගීත ටිකක්

  • @amarahughes9886
    @amarahughes9886 2 ปีที่แล้ว +11

    What a wonderful voice. Motherearth bless you. 🙏🏾🙏🏾

  • @sunilleewanage
    @sunilleewanage 2 ปีที่แล้ว +5

    එදා සිට අදතෙක් සුමියුරු අමරණීය ගීත

  • @inforsithumina2941
    @inforsithumina2941 ปีที่แล้ว +5

    ඔබතුමියට තෙරුවන් සරණයි ..

  • @chamikaamarasingha5913
    @chamikaamarasingha5913 3 หลายเดือนก่อน +1

    ඉන්ද්‍රානි බෝගොඩ තුමිනියනී,මෙවැනි භාවනාවකට සමවැදීමක් වැනී ගීත අප අතරකට ගෙනා වූ ඔබ තුමියටත් මෙම ගීත වලට දායක වූ සියළු කලා කරුවන්ට මාගේ හද පිරි ප්‍රණාමය.ඔබ තුමිය ගොඩාක් පිං කරලා ඇති මෙවැනි කට හඩක් ලබන්න.

  • @sunildewundarage4229
    @sunildewundarage4229 2 ปีที่แล้ว +3

    හරීම ආස සින්දු ටිකක් .ආපසු තරුණ කාලෙට යනවා.🎶

  • @malshamunasinghe4359
    @malshamunasinghe4359 2 ปีที่แล้ว +3

    ගොඩාක් පිං මේවගේ ගී අහන්න දෙනවට

  • @lochabro4198
    @lochabro4198 3 ปีที่แล้ว +5

    අමරනීයයි මේ ගීත💓💓💓💓💓💓💙💙💙💙💙💗💗💗💖💖💕💕💕💙💙💜️🧡💛💚💝💞💎💎💞❣️💟👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👨‍❤‍💋‍👨

  • @WBanduMedia07
    @WBanduMedia07 ปีที่แล้ว +7

    අගයකරනවා මේ සුන්දර ගායිකාවන්ව

  • @chandikumarayaka6771
    @chandikumarayaka6771 ปีที่แล้ว +5

    මියෙන තුරා උනත් ඇස් පියාගෙන අහන් ඉන්න පුලුවන් පුදුම මිහිරක් ,සැනසීමක් ,නිවනක් දැනෙන කටහඩක්...මේ විදියට හෝ මෙවැනි ගීත රස වින්දනයට ඉදිරිපත් කරන ඔබට මගේ හද පිරි ප්‍රණාමය ....🙏🙏🙏🙏

  • @asankasanjeewa410
    @asankasanjeewa410 ปีที่แล้ว +4

    සැබෑම ගීත ...... අදත් අහනවා අපි ....

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 8 หลายเดือนก่อน +5

    ඇත්තෙන්ම අපි හුගාක් පොඩි කාලෙ අරුත නොහැඟුනට මේ ගීත වලට කොයිතරම් ආස.කලාද මෙහෙම වත් හොයාගන අහන්න ලැබෙනවාට ඔබතුමිය ඇතුළු දායක වූ හැමෝටම ගොඩක් පින් ❤❤❤❤🙏

  • @anandasenevirathne4700
    @anandasenevirathne4700 23 วันที่ผ่านมา +2

    රිදී සීනුවක හඬ.කෙතරම් සුන්දරද.

  • @shayamsamarajeewa7528
    @shayamsamarajeewa7528 11 วันที่ผ่านมา

    දැන් සින්දු වගේ කෝලම් නෑ...හරිම අර්ථවත් මනසින් හිතලා විඳින්න පුළුවන් ලස්සන සින්දු....ඒ කටහඩ නම් භාවනාවක්...

  • @chamilainoka3768
    @chamilainoka3768 3 ปีที่แล้ว +11

    ආසම සිංදු ටිකක්

    • @Buddhi96
      @Buddhi96  3 ปีที่แล้ว +1

      😍😍❤❤

  • @rushigomes4733
    @rushigomes4733 3 ปีที่แล้ว +11

    ආසම ගායිකාවක්

  • @chamilapriyadarshani5911
    @chamilapriyadarshani5911 3 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි

    • @Buddhi96
      @Buddhi96  3 ปีที่แล้ว +1

      ❤️

  • @sarathgamini2598
    @sarathgamini2598 2 ปีที่แล้ว +3

    Super super songs sung by singer indarani .what a ridam,what a Lyrics in these songs .what a voice.great golden voice.

  • @antonyfernando6301
    @antonyfernando6301 3 ปีที่แล้ว +8

    බුදු සරණයි

  • @dilanyathiseera5411
    @dilanyathiseera5411 3 ปีที่แล้ว +7

    ඔබට දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @bntoursing
    @bntoursing 3 ปีที่แล้ว +2

    Superb upload.really i listen all.excellent collection .thanks for upload .👌👍

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 2 ปีที่แล้ว +12

    😌 කුඩා කළ සිට මගේ සවනට ඇසුනු ඉමිහිරි ගීත පෙළක්.මෙි හඩ,සංගීතය අසනකොට සිත වෙනම ලෝකයක අතරමං වි සිත නිවෙනවා.💚👌ඉන්ද්‍රානි බෝගොඩ මහත්මියනි ඔබ තුමිය⁣ට දිර්ඝායුෂ ලැබෙිවා.🙏🌹ස්තුතියි ඔබට මෙම සුන්දර ගීත පෙළ අසන්නට සැලැස්විම.

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl หลายเดือนก่อน

    Maarama sindu set ekak......pissu hdenwa...maarama සුන්දර ජීවමාන ගීත .....duk මුසු ගීත unath harima සුන්දර රසයක් gena dee sith සුවපත් karana ගීත ......teruwan saranai oba සැමට ........deergaayusha වේවා ............

  • @dammikadissanayaka9171
    @dammikadissanayaka9171 3 ปีที่แล้ว +8

    ඒ මියුරු හඬ 🙏🙏🙏

  • @jehanjanith
    @jehanjanith หลายเดือนก่อน +1

    සංවේදී මිනිස්සුන් තැනුව ගීත සංවේදී මිනිස්සුන්ව තැනුවා

  • @Techinlk-ec2to
    @Techinlk-ec2to 9 หลายเดือนก่อน +1

    මැතිනියනි ඔබට ඉක්මන් සුවය ලැබේවා

  • @buddhasirihimi1393
    @buddhasirihimi1393 3 ปีที่แล้ว +7

    රසවිඳීමට කදිම ගීත එකතුවක්

  • @sisirakumara8512
    @sisirakumara8512 3 ปีที่แล้ว +12

    සව්ම්යවූ මදුර යථාර්ථවත් ගීත පබැඳුමකි... 🙏

  • @samankumara2778
    @samankumara2778 2 ปีที่แล้ว +5

    දැන් තියෙන වල් පල් වගේද මෙවුව .❤❤❤

  • @jayasiriksm4043
    @jayasiriksm4043 2 หลายเดือนก่อน

    මොනව ලියන්නද කියල හිතා ගන්න බැහැ. කියපු ලියපු වයපු ලස්සනට තනුව දාපු ඔබ හැමට චිර ජීවනය පතමි හදවතින්ම.

  • @asokmusic6211
    @asokmusic6211 ปีที่แล้ว +5

    සීනු හඩක් වගේ හරිම ලස්සනයි
    ඔබ තුමියගේ මියුරු කටහඩට සමකරන්න කිසිම කෙනෙක් නැහැ
    තෙරුවන් සරණයි දහසක් සිත් ඔබේ මියුරු හඩින් සුවපත් කරනවාට. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️

    • @aniloska8399
      @aniloska8399 ปีที่แล้ว

      කීසිදු ගායිකාවක් මට සම නැහැ ඉන්ද්‍රානි අක්කා වගේ ..මගේ ලෝකේ රැජින ඇයයි...🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 ปีที่แล้ว

      ඇත්තටම ඔවු.දිව්‍ය ලෝකයෙන් ඇසෙන සීනු රාවයක් වගේ හඬක් ❤

  • @chamaramadu7208
    @chamaramadu7208 2 ปีที่แล้ว +2

    Godark ලස්සනයි mewa කොච්චර ahuwarth epa wenne

  • @niroshasudarshani4392
    @niroshasudarshani4392 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ........🌹🌹👍👍

  • @prasannafernando8319
    @prasannafernando8319 3 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි 💓💓💓

  • @fremalangka335
    @fremalangka335 3 ปีที่แล้ว +9

    බුදුසරණයි ඔයාට

  • @ssmm1857
    @ssmm1857 2 ปีที่แล้ว +6

    මොනතරම් ලස්සන ගිත පෙලක්ද

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 2 ปีที่แล้ว +7

    දිව්‍යමය මිහිරක් ❤❤

    • @aniloska8399
      @aniloska8399 ปีที่แล้ว +1

      ඇත්තටම ඔව්....🙏🙏🙏🙏❤❤❤❤🙏

  • @antonyfernando6301
    @antonyfernando6301 3 ปีที่แล้ว +6

    ලස්සන වචන

  • @nalakaag
    @nalakaag ปีที่แล้ว +1

    අද බිහිවෙන ගීත මොනවාද කියලා හිතෙනවා මේවගේ විශිෂ්ට නිර්මාණ අහනකොට...

  • @theresaperera9271
    @theresaperera9271 2 ปีที่แล้ว +2

    අ ෙන් මම අාසම ගායිකාවක් හරිම ලස්සන ගීත ටික ෙමන්න සිංදු දැන් එ්වා ව ෙග්ද එ් හඩ.....