1. බුද්ධානුස්සති භාවනාව - Ven. Hasalaka Seelawimala Thero.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024
  • 1. බුද්ධානුස්සති භාවනාව.
    පූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන්,
    නාවින්න රජ මහා විහාරයේ පැවැත්වෙන"ධම්මානුපස්සනා" දේශනා ආරම්භයේදී,
    සිදුකෙරෙන භාවනා කර්මස්ථාන - බුද්ධානුස්සති භාවනාව.
    ~ බුද්ධානුස්සති භාවනාව ~
    රාග ද්වේශ මෝහ නොමැති - සිතකින් යුතු වන්නේ
    සිල් සමාධි ගුණ නුවණැති - නිවන් රසය දන්නේ
    තුන්ලොව වැඳුමන් ලැබුමට - නිතියෙන් හිමි වන්නේ
    අරහං යන ගුණයෙන් යුතු - මුණිඳු සරණ යන්නේ
    සාදු සාදු මම සම්බුදු - මුණිඳු සරණ යන්නේ
    ගුරු උපදෙස් කිසිවක් නැති - ඍජු ගමනකි යන්නේ
    පෙරුම් පුරාගෙන ආ බල - රැකවරණෙට එන්නේ
    දසබල බුදු නුවණ ඇතිව - තුන්ලොව ජයගන්නේ
    සම්මාසම්බුදු ගුණ යුතු - මුණිඳු සරණ යන්නේ
    සම්මාසම්බුදු ගුණ යුතු - මුණිඳු සරණ යන්නේ
    කෙලෙසුන් තොර නුවණ ඇතිව - පෙර භවයන් දන්නේ
    ඉපදෙන මැරෙනා සසරේ - ඇති තතු වැටහෙන්නේ
    හිරු සඳු ලෙස නුවණ ඇතිව - දහමේ හැසිරෙන්නේ
    විජ්ජාචරණින් යුතුවූ - සමිඳුන් නමදින්නේ
    සාදු සාදු මම සම්බුදු - සමිඳු සරණ යන්නේ
    සුන්දර වූ නිවන් මඟෙහි - සොඳින් වැඩමවන්නේ
    අමා නිවන් සුවය විඳින - සිතකින් යුතු වන්නේ
    සිත කය වචනය හැමවිට - සොඳුරුව පවතින්නේ
    සුගත ගුණෙන් යුතු ගෞතම - මුනිඳුන් නමදින්නේ
    සාදු සාදු මම සම්බුදු - මුණිඳු සරණ යන්නේ
    දෙව් ලොව බඹු ලොව මනු ලොව - සතර අපා දන්නේ
    කල කම් පල දෙමින් සතුන් - ඒ ඒ තැන යන්නේ
    ලොව ඉපදෙන ලොවින් මිදෙන - මග මැනවින් දන්නේ
    ලෝක විදූ ගුණයෙන් යුතු - සමිඳුන් නමදින්නේ
    සාදු සාදු මම සම්බුදු - සමිඳුන් නමදින්නේ
    මහා කාරුණික ගුණ ඇති - බුදුනෙත යොමු වන්නේ
    දෙසනා විට සිරි සදහම් - ලොව දමනය වන්නේ
    සසරේ සැරි සරන සතුන් - ඒ ඒ තැන යන්නේ
    අනුත්තරෝ පුරිස දම්ම - සාරති නම් වන්නේ
    අනුත්තරෝ පුරිස දම්ම - සාරති නම් වන්නේ
    දෙව් ලොව බඹ ලොව දෙවිවරු - බණ අසන්ට එන්නේ
    මනුලොව නුවණැති මිනිසුන් - නිවන් මඟෙහි යන්නේ
    දෙව් මිනිසුන්ගේ උත්තම - ගුරු දෙවිඳුන් වන්නේ
    සත්ථා දේව මනුස්සානං - බුදුහිමි නමදින්නේ
    සත්ථා දේව මනුස්සානං - බුදුහිමි නමදින්නේ
    ලෝ සත විඳිනා දුක ගැන - පැහැදිලි කරමින්නේ
    දුකෙන් මිදෙන නිවන් ලබන - මඟ ගැන පහදන්නේ
    චතුරාර්ය සත්‍යය ගැන - අව්බෝධය දෙන්නේ
    බුද්ධ ගුණෙන් යුතු ගෞතම - මුනිඳු සරණ යන්නේ
    බුද්ධ ගුණෙන් යුතු ගෞතම - මුනිඳු සරණ යන්නේ
    අප මුනිඳුගෙ බුදු නුවණට - හිරු සඳු පරදින්නේ
    සීල සමාහිත ගුණයට - ලොවම වසඟ වන්නේ
    දියෙන් උඩට විත් විහිදුන - පියුමක් විලසින්නේ
    භගවා යන ගුණයෙන් යුතු - බුදුහිමි නමදින්නේ
    සාදු සාදු මම සම්බුදු - සමිඳුන් නමදින්නේ.
    සැම හිත සුව පිණිස,
    නිවන් කැමති ඔබ සැමගේ අවධානය යොමුවේවා.
    “චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං”
    ▶️ Link භාවනා: • භාවනා (Meditation) - ප...
    ▶️ Link: • Playlist
    දායකත්වය සඳහා විමසීම්:
    'චක්ඛුං උදපාදී' - 'ධම්මානුපස්සනා' 'ධම්ම දේශනා' මඟින් ඔබවෙත ගෙන එනු
    ලබන සියළු දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන මාධ්‍යයෙන්:
    ෆේස්බුක් පිටුව (FB): www.facebook.c...
    ෆේස්බුක් පිටුව (FB): www.facebook.c...
    යූටියුබ් නාලිකාව: / @hdsl6659
    වයිබර් නාලිකාව: invite.viber.c...
    වට්ස්ඇප් සමූහය: wa.me/message/...
    වට්ස්ඇප් සමූහය: chat.whatsapp....
    විද්‍යුත් තැපෑල; hemakadias@gmail.com
    Tel: +94 773 558 666 - +94 712 726 416

ความคิดเห็น •