ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
✨එක දවසක මාත් කියයී ,ජීවිතෙට ඇස් දෙකට දැකලා නැති හම්බෙලා නැතිScreen එකක කොටුවක ඇතුලේසුදු පාට board එකක් එක්ක කලු පාට shirt එකක් ඇදන් අමුතු විශයක් හරි "ආසාවෙන් උගන්වපු"හරි ලස්සන සර් කෙනෙක් කියපු එක ලස්සන දෙයක් නිසාමන් තාමත් ජීවත් වෙනවා කියලා මන් තාමත් හීන පස්සේ දුවනවා කියලා"හැමදේම හරි යන්නේ නෑ ලමයී එත් එක දවසක හරි යනවා එතනින් එහාට දිගටම හරි යනවා"-අදහන්න එපා කිවුවට sir සිරාවටම අමිලයී sir✨2024 A/L
🥺♥️
Meka hrim lssny
හිතට දැනුනු කමෙන්ට් එකක් මේක💗🥹
ඒකනම් පට්ටම පට්ට ඇත්ත කතාවක්. හුඟක් වෙලාවට වැටෙන හැම තැනකදිම මතක් වුනේ සර්ගෙ ඔය වචන ටික. ❤❤❤❤මං මෙච්චර කාලෙකට කවදාවත්ම ගුරුවරයෙක් අදහනවා කියන එකට එකෙන්ම අකමැති එකෙක්.ඒත් දැන්නම් මට "අමිල සර්" කියන්නෙ අර" දෙවියෙක් වෙන්න ඉඳලා අම්මගෙ කීමට ගුරුවරයෙක් වුන කෙනෙක් "💪💯🔥
මේකට නම් ඇඩුනා ❤🔥
"පිසිකල් ළමයි එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න. ඔන්ලයින් ලමයි අපි මීටින් එක එන්ඩ් කරනවා.. එහෙනම් මහන්සි වෙලා වැඩ ටික කරන් යන්න..ඊළඟ වැඩත් එක්ක හම්බෙමු..ජය වේවා" ඒ වචන ටික හැමදාම හදවතේ තියේවි සර්❤සර්ට ගොඩක් පිං🔥ආදරෙයි සර්❤බුදු සරණයි සර්ට 🌷
අනේ😢
❤🥺
ආයෙ ඊලග වැඩ නෑ නේද කියලා හිතෙද්දි 🥺💗
@@sethulidewhara2876 ane 🥺🥺♥️♥️ e wachana hamadaamath hadawathe thiyei 🥺🥺♥️♥️
මගේ ජීවිතේ මගේ අකමැතිම sub එක මම දැන් ආසම එක වුණේ සර් නිසා❤ chemistry විතරක් නෙවෙයි ඇත්තටම sir මගේ ජීවිතේ අම්මා තාත්තට පස්සේ ලොකු ම turning point ek❤සර්ට වරදින් නෑ ,🙏සර්ට බුදු සරණයි.🙏
''මූනවල් අලුත් උනාට මතක මැරෙන්නෙ නෑ දොස්තර මහත්තයෝ '' ❤
සර්ගෙ මම ආසම වචන ටික ," අනිත් අයට බැරි නිසා, ඔයාටත් බෑ කියන එක නම් හිතනන් එපා. ගොඩක් එවුන්ට බැරුව ඇති. ඔව් ගොඩක් එවුන්ට බැ ඉතින්.ගොඩක් එවුන්ට පුලුවන් ඒව කරන්න ඔයා ඕනෙ නැ නෙ,ගොඩක් උන් කරනවනෙ ඒක.එහෙම ඔයා වැඩක් නැ නෙ. එතකොට ඔයත් හැමෝම අතර එක්කෙනෙක් විතරක් වෙනවනෙ.ගොඩක් එවුන්ට බැරි ඒව තමයි කරන්න ඕනෙ.ඒව කරන්නම තමයි උත්සහ කරන්නත් ඕනෙ. මිනුස්සුන්ගෙ හීන මරන්න හොඳ නැ, කවද හරි මිනිස්සුන්ගෙ හීන වලට පණ දෙන්න පුලුවන් මනුස්සයෙක් වෙන්න. ඊට කලින් ඔයාගෙ හීනෙට ගිහිල්ල ඉන්න. "I truly felt it........and this is not just a saying; it's my life quote now.🥺❤
මුල ඉදන් හිටපු ළමයි...මැදින් ආපු ළමයි...අන්තිම කාලේ ආපු ළමයි...ඇයි සර්.....සර්ට අමතක උනාද?"සර්ගෙන් පිනට ඉගෙනගත්ත ළමයි 🥺❤️"අමාරුම පාඩමට...කැමතිම සර්ගේ වීඩියෝ එක...Yt දැක්ක ගමන්ම...හිතෙන්නේ හැමදාම මෙහෙම..." අනේ ඒ පාඩම නම් ගොඩ 🥺❤️"සමාවෙන්න සර්...වීඩියෝ හොරෙන් බැලුවට...එහෙම කරන්න උනේ..."අම්මගේ ඇස් වලින් අසරණකම දැක්කම 🥺❤️"දෙයක් කියන්නද සර්...කෙටියෙන්ම කිව්වොත්..."පඬුරු ගැට ගැහුවේ නැති මේ පාර exam එකේ මගෙ ලොකුම විශ්වාසෙ නුඹ 🥺❤️""ඉතින් සර්...සර්ගෙ ස්ටේජ් එකක මගේ කතාව කියන්න මං දවසක එනවමයි..... 🥺❤️"@Amila_Dasanayake
😢😢😢😢😢
@@cdherath5696 adooow😢😢😢
Ane oyata oyage targets walata ynna labenna kiyla mn prarthana kranwa❤
all the best
oya 24 da dr?
මෙච්චර පීඩනයකින් අඩුවක් නැතුව උපරිමයට උගන්නපු මට හම්බුන හොඳම ගුරුවරයා...🥺♥️ බොහොම ස්තුතියි සර්..
Paper eka liyala enna
හෑලි අනවශ්‍යයි,චරිතයක්. එච්චරයි❤️🩹.Thank You Sir ❤️🩹.
💯
කවදාවත් සල්ලි ගෙවල ඇවිල්ල නෑ videos හොරෙන් බලල මුළු syllabus එකම ගොඩ දැම්ම සර් එහෙම කරේ ඉගෙනගන්න ඕන නිසා සර් 🙂දවසක revision එකේ මුළු ගානම කාට හරි දෙනවා තැනකට ගියාම❤️
මං මුලිං කරන්න හිටියෙ ICT🥲..එච්චරකට මට chemistry එපා වෙලා තිබ්බෙ💔..ඒත් engineering යන්න ආස නිසා මට chemistry තෝරගන්න වුනා .මං මුලින් chemistry මුල් පාඩම් 4 ට ක්ලාස් ගියේ නුවර එක්කට ...මං ඒ ක්ලාස් එකෙ දෙන වැඩ ඔක්කොම වගේ කරා එත් මට chemistry පේපර්ස් වලට ඒම ලොකු ලකුනු තිබ්බෙම නෑ😪... ඒ කාලෙ වායු නියම පාඩමේ ඒම මෙලෝ රෙද්දක් තේරෙන් නෑ මට.. ඒක හිංදා a/l වල chemistry ppere එකෙ මොනා වෙයිද කියල බයෙන් හිටියේ මට මොන මගුල කරත් chemistry තේරෙන් නෑනෙ කියල..ඊට මේකට මොනා හරි කරන්න ඕනි කියල youtube එකේ chemistry unit 4 කියල නිකමට ගැහුව ඊට පස්සෙ මුලින්ම recommend උනේ " වායු නියම day 01 " කියල 2024 theory ලමයිට කරපු වීඩියෝ එකක් ඒක නිකමට ඔබල මුලිං comments බැලුවා..හැම ලමයෙක් වගේම සුපිරි කියල දාල තිබ්බ හිංදා මාත් පරන පොතක් සෙට් අරන් නිකමට ඒක බැලුවා ...එදා අනිත් සර් පිටු 10- 12 විතර කරපු ඔක්කොම සර් පැය 3 න් පිටු 3-4 කින් කරල තිබ්බ ගනනුත් එක්ක 😂🔥...මටවත් හිතාගන්න බෑ මට එච්චර තේරුනේ කෝමද කියලවත් 😒...අර සර් ඔහේ pv= nrt ගගා ලියනකොට් මට ඉස්සර මල 😂..එදා තමා මං 2024 theory පංතියට සෙට් උනේ ...මට එදයින් පස්සෙ මහ අමතු ගැම්මක් ආව chemistry මොනා හරි කරගන්න පුලුවන් වෙයි කියල ...මං හරි ආසවෙන් අවේ සර් ගෙ ක්ලාස් එකට (උකුවෙල සර් ගෙ ක්ලාස් ඉවර වෙලා 5 ට නුවර ඉදන් මාතලෙට එන ගමනුත් අද රෑ මොනා කියල දෙයිද කියල කුතුහලෙං බස් එකේ තැලෙනවද කියලවත් ලොකු ගානක් නෑ😅) අද වෙනකම් ඒක ඒ විදියමයි 🥺❤️...සර් ඒ කාලෙ වෙන සර් ල 3000-4000 ට වගේ දෙන පාඩම් සර් ඔක්කොම පාඩම් වගේ rs 200-500 ට වගේ දුන්න ..ඒවගෙන් මුල් පාඩම් ටිකත් සුපිරියට අල්ලගත්ත ...inorganic ඒම පිස්සුවක් 😂🔥❤️....මට ලොකුවට මතක හිටින් නෑ කියල මං හිතන් හිටියෙ සර් කියල දෙන technique ඒක්ක ඒවත් ලේසියෙන්ම මතක තියාගන්න පුලුවන් උනා(ලෙමන් බිස්කට් කුඩු රසයි )😂🔥ඕම යද්දි මං දන්නෙවත් නෑ වගේ ආසම subject එක වෙලා තිබ්බෙ chemistry .ඒ කවුරු නිසාවට්ග් නෙවේ සර් හිංදා 🥺❤️....එත්කොට තමා තේරුනේ chemistry ඕනිම ලමයෙක්ට අල්ලගන්න පුලුවන් ඒක ලමයෙක්ට කියල දෙන්න ඕනි විදියක් තියෙනව කියල ..සර් ඒ pattern එක ගැන හොදට දන්නව❤️ ...අද වෙනකොට මං හිතනව මං chemistry වල A මට්ටමක ඉන්නව කියල ලකුනු (60-75 range ගියේ final papers ema) ...මේ ඔක්කොම සර් සර්ගෙ exam අස්සෙ අපි වෙනුවෙන් කරපු කැපකිරීම් නිසා තමයි 🥺❤️.....පාඩම් කරන්න එපා උනාම special meeting ඒම අරං අපිව motivate කරල අතාරින්නෙ නැතුව තියාගත්තට thank you sir ❤️.....Chemistry ගැන විතරක් නෙවේ සර් ජීවිතේ ගැනත් ලොකු දේවල් අපිට කියල දුන්න ❤️.. "ඈ online ලමයි " , එහෙමං online ලමයි අපි ඊලග දවසෙ හම්බුවෙමු වගේ වාකය කවදාවත් අමතක වෙන්නෙ නැති වෙයි 🥺❤️මං සර් ව ඇස් දෙකට ඇත්ටටම දැකල නෑ ලගදීම දවසක A එකක් අරං සර් ව බලන්න එනව❤️ ...මං මෙහෙම msg ලියල නෑ (o/l sinhala walath c ekak😂 ) ඒත් මෙහෙම එකක් ලියන්න හිතුවෙ සර් මගෙ හදවතට දැනිච්ච උතුම් ගුරුවරයෙක් හිංදා ...පොඩ්ඩක් දික් උනානම් sorry 😒❤️....සර් ට දීර්ගායුශ ලැබෙන්න ඕනි කියල මං වගේම අපි හැමෝම ප්‍රර්තනා කරනව ❤️...අදට එච්චරයි generation 24 එකේදි හම්බුවෙමු සර් ආදරෙයි සර්ට හැමදාමත් ❤️
❤
❤❤❤ Magen Heart 3
oya 24 da dear?
When Amila sir said,අනවශ්‍ය විදිහට හිතන්න යන්න එපා...කරන්න බැරි වෙච්ච ඒවා හිතන්න යන්න එපා...බැරි වෙයිද කියලා හිතන්න යන්න එපා...පුළුවන් වෙයිද කියලවත් හිතන්න එපා...වැඩ කරන්න...මැශින් වගේ වැඩ කරන්න...I felt it 🤗♥️
ඒ වචන ටික සර්ගෙ කට හඬයි ඒ තියන ගැම්මත් එක්ක ඇහෙද්දි මාරම විදිහට දැනුනේ❤
ලුවිස් ව්‍යුහයක් වත් ඇද ගන්න බැරුව හිටපු මාව මාස 6 න් හොද මට්ටමකට ගෙනාව ... ගොඩක් පින් සර්ට ❤....
mewanam hena gahana atta🙂
Ado sirwata masa 6n ecchr gemak ghnna puluwnda 😮
@@GkBro-ti1xn nathuwa 😼
@@GkBro-ti1xn masa thunenuth puluwn 😌
When amila sir said, "මේව ලේසි ජීවිත නෙවෙයි මේව හෙන අමාරු ජීවිත හැබැයි, හරි ලස්සනයි මාර ලස්සනයි 🥺❤️" It was felt.
මෙච්චර කැපකිරීමක්.............මෙච්චර උත්සහයක්.............මෙච්චර හැකියාවක්.............හෑලී අනවශ්‍යයි ළමයින්ගේ පිනට උපන් ගුරුවරයෙක්...වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම හොදම ගුරුවරයෙක්.❤මේ කරන කැපකිරීම් වලට සර්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබෙන්න ඕනේ.....❤❤බොක්කෙන්ම Respect සර්........❤❤❤
💓💓
Art කරන අපිත් මේක එපා වුනු වෙලාවට සර්ගෙ වීඩියෝ බලල වැඩ කරන්න ගැම්මක් ගත්තා❤
😍
Ekanm aththa
ශයි දෙකක්ම එකපිට chemistry ෆේල් උනා..මේ පාර අනිවාරෙන් A එකක් දානවමයි..chemistry legend❤❤❤..thankyou sir..ජීවිතේ හම්බුන හොඳම ගුරුවරයා සර්
අසීමිතව හිතන්න පුළුවන් වුනත් ඒකෙන් 1% ක් වත් ලියාගන්න බැරි අසරණකමින් මේ පද පෙළ පමණක් ලියා තබමි...❤"මට නම් සර් කියන්නෙම සීමාවක් හොයාගන්න බැරි අනන්තයක්.....🌆〰️❤"
දවසක මේ comments කියවන ළමයින්ට 😮❤ අහිංසක දෙමව්පියන්ගේ හීන වලට පණ දීපු✨️අර පාරේ යන්න මේ පාරේ යන්න නෙමේ හරි පාරේ අපිව එක්කන් ගියපු✨️කොච්චර බාධක ආවත් හැමදේම එක්ක මේ game එකෙ ඉන්න විදිය කියපු✨️ජිවිතේ පට්ටම turningpoint එකේ දෙවියෙක් වගේ හම්බුනු✨️සුපිරිම චරිතේ අපේ අමිල සර්❤✨️ සර් හැමදාම වගේ ආයෙත් කියන්න තියෙන්නේ... "ඉස්සර මට මාර චරිත සර් අබියස මියැදුනා❤🥀" Gd luck mgee sir......අපි වෙනුවෙන් වෙන්කරපු හැමතප්පරේකටම ගොඩාක් පින් සර් ❤✨️ 2024 A/L❤🫠
දන්නවා...!!!!නොතේරුනු තැනක ජීවිතේ වැරදුනා....හැබැයි විශ්වාස කරනවා දවසක ජීවිතේ හරියනවා කියලා...දිනපු දවසට මම මේ comment එක කියවන්න ආයෙ එනවා....එදාට යටින් පැරදුනු මට දිනපු මගෙන් ම reply එකක් වැටිලා තියෙයි....මිනිස්සු Benz පදිනවා දැකල තියෙනවා..BMW , PRADO , RANGE ROVER පදිනවා දැකල තියෙනවා...සාර්ථක මිනිස්සුත් දැකල තියෙනවා...හැබැයි ඇත්තටම ඒ මිනිස්සු ඒ තැනට එන්න කොච්චර කට්ට කනවා ඇත් ද? කියලා තේරුනෙ සර්ගෙන් තමා.....❤
"අනේ තව එක දවසක් හරි සර්ගෙන් ඉගෙන ගන්න තිබුණානම් ,තව මට ඉගෙන ගන්න තිබුණානම් ,මේක ඉවර නොවෙනවනම් "කියලා හිතුණ එකම තැන ❤ආසාවෙන් ඉගෙන ගන්න විදිහඉගැන්නුවට සර් දහස්වරක් ස්තුතියි❤
මේ ජීවිතකාලෙටම මුණගැහුන, •ආශ්චර්‍යමත්ම මනුස්සයා❤........•Another level Attitude එකක්......•හිතාගන්න බැරි තරම් මාර personality එකක්....සර්ව Replace කරනව නම් ඒ සර්ම විතරයි❤️🔥
Online ලමයි අපි meeting එක එහෙනන් End කරනවා කියන වචනෙ අද ඇහෙන්නෙ අන්තිම වතාවට කියලා දැනුනම.... සර් එක්ක ගෙවපු මුලු අවුරුද්දම මතක් උනා ....❤️
ඇත්තමයි කදුලු ආව
නිකම් පිච්චිලා ගියා වගේ😢
එකනම් ඇත්ත 🥺
අනෙ ඔව්..🥺❤
@@Dmaxproduction123 thava shy ekak palyanko
ඈ ඔන්ලයින් ළමයි කියන වචනේ ආයේ අහන්න වෙන්නෙ නෑ කියලා මතක් වුනාම මාර දුකයී සර් ❤ සර් තමා මගේ ජීවිතේ හම්බුන හොදම ගුරුවරයා ... ආදරෙයී සර් ❤දිනලම විතරක් ඉවර කරනවා 🥺
Ay 2nd shy karana mn wage un nm oka 2parak ahanwa 😅😊
ගුරුවරුත් දැක්කා ඒත් මේ වගේ ඇබ්බැහි උන ගුරුවරයෙක් හිටියේ නෑ. 🙂Thank you sir❤
සිරා
Sira bn
ඇත්ත ❤😢
ඔව් ඇත්තමයි...❤️
Atta ❤
සර්ගේ ගතිගුණ මන් බහුතරයක් මිනිස්සු අතරේ දැකලා නෑ.❤️කවදාහරි සර් එක්ක කතා කරන්න ගොඩාක් ආසයි.මන් A එකක් අරන් සර් එක්ක කතා කරන්න එන්නම්.සර් එතකන් අපි එනකන් බලන් ඉන්න. සහෝදරයෙක් මෙන් ගුරුවරෙක්!🙂❤️
ජීවිතය වෙනස් උනානම් ඒ වෙනස වුනේ සර් නිසාමයි ❤ හැමදාමත් ආදරේයි Dr . Amila Dasanayake Sir ❤🥺Exam ඉවර වුනාම දිග මැසෙජ් එකක් දාන්නම් ❤️🩹
Night එක දවසෙත් මේකමයි කිව්වෙ....අදත් කියනවා...මේ සීමා විරහිත කැපවීමක සීමාව අනන්තය වග කියා දුන් මිනිසාය......❤සර්ට ආදරෙයි. A එකක් අරන් කියන්නම් ඉතුරු ටික.....❤
AAA ක් දාලා මිසක් මේ ගේම් එක නවත්තන්නෙ නැ සර්❤ ඉස්සර මට මාර චරිත සර් අභියස මියැදුනා❤🥺🥺සර්ට ගොඩක් පින්❤
Amila Sir said,මිනිහෙක්ට ගොඩක් සැරයක් හරියන්න ඕනි නෑ...මිනිහෙක්ට එක පාරක් හරියට හරියන්න ඕනි...එතනින් පස්සෙ දිගටම හරියනවා.....❤I felt it❤ආදරෙයි අපිටත් වඩා අපේ ඒ විභාගෙට මහන්සි වුන ගුරුතුමාට.🥺
මාරම talented චරිතරයක්...ආදර්ශමත් චරිතරයක්...මුදල මත පමණක් කතාව ලිව්ව ගුරුවරු අතර උගන්න එක විතරක්ම කරන්නෙ නැතුව ජීවිතේ ගොඩ දාගන්න ජීවිතේක වටිනාකම කියල දුන්න ගුරුවරයෙක් ❤️🔥...තමන්ගේ ලොකුකම්,දේශපාලන මත,තව ගුරුවරුන්ව විවේචනය කර කර තමන් ගැන තමන් විසින්ම පම්පෝරි ගහ ගහ ලමයිනේ කාලය, සල්ලි දෙකම නාස්ති කරන ගුරුවරු අතරේ මම දැක්ක මාර විදිහට වෙනස් ගුරුවරයෙක් ...කියන්න වචන නෑ මට නම් සර් ගැන❤️ Respect Sir 🔥❤️..හැමෝටම සර්ව ලොකු ආදර්ශයක්...අපි හැමෝම වෙනුවෙන් මේ කරපූ හැම කැපකීරීමකටම සර්ට පින්..🙏🔥සර්ට 2000+ A අරන් දෙනවමයි අපි ✌️බුදු සරණයි සර් ❤️🙏
දවසක කෙනෙක්ට කියනවනම්, මෙන්න මෙයා වගේ වෙන්න කියලා , බය නැතුව කියන්න පුළුවන් ඒ "මෙන්න මෙයා", තමයි අපේ සර් ❤💐✨
ජීවිතය සිතියමක් නැහැඒක සිතුවමක් පාට ගෙන ආදරෙන්ඔබ ඇන්ද සිතුවමක්ගියත් ගෙන ඉසිඹුවක් තක්සලාවෙන් ඔබේගොඩනගන්නෙමු ඔබපෙන්වූ ඒ අපූරු විශ්වයනොයා ඉන්නට සිතයි ඔබ ළගම නමුත් කුමක් කරම්ද ..ඉසිඹුවක් ඔබ ලැබූකලදුරුව යයි මදහසකෙහෙරැලි නටන වත අද්දර දයාබර පියාණෙනි ,ඉතින් අවසරයි සමුගන්න පුරා දෑවසකඔබේ ගුරු සෙවණෙන් ..තවත් දරු කැළකටපියෙක් වී වැජඹෙන්න මේ අපේ සුභාශිංසන ...2024 A/L❤️
wow😍❤❤❤
💜️🤗
"උඹට බැයිනම් කාටද පුලුවන්,මහන්සි වෙලා වැඩ කරපන් " A role model in my life ❤💫Sir 🙏❤20/11/2024 ✍
"ඉස්සර මට මාර චරිත ඔබ අබියස මියැදුනා"Thank you so much for everything sir 🥺❤️💐
සර් මම Tec. කරන්නේ හැබැයි මම සර් කිව්ව විදිහට time table වලට මගේ subjects දාගෙන මම වැඩ කරා.. ඇත්තටම ඒ විදියට වැඩ වුණා සුපිරි..❤🎉 ඉතුරු දවස් දහයත් මම ඒ විදිහට තමා වැඩ කරන්න හිතන් ඉන්නේ බොහොම ස්තුතියි සර් ❤️🔥❤️🔥❤️🔥All the best 24/AL ❤️🔥🥳
මහම මහ පාළුවක් දැනෙනවා සර් දැන්නම්...🥺 Chemistry විතරක් නෙමෙයි ජීවිතේම කියලා දීපු , එපා වෙලා හිටපු හැම වෙලේම motivate කරපු , වැටෙන්න ගියපු තැන් වල වැටෙන්න නොදීපු , සර්ට ආදරෙයි සර් ගොඩක් 🥺💙
Mekanm aththe class iwerai kiyl dannkot sir ge dukai 😢💔
Ow😢@@Shenulashifenando
මාත් කියයි දවසක...මගෙ ජීවිත කතාවෙ එක් පරිච්ඡේදෙකඅහම්බෙන් හමුවුblack shirt එකක්අස්සෙ හැංගුනඅමිල හදවතකට පණදුන්හරි අපූරු මිනිහෙක්කිව්ව වචන ටිකක් හීන වලට පණ දෙන්නහරි හයියට බොක්කට වැදුණු බව.....🔥"මනුස්සයෙකුට වරදින්න පුලුවන්.හැබැයි එකවෙලාවක හරියයි.එතනින් පස්සෙ දිගටම හරියයි."24 A/L
ජිවිතේ කටුකම කාර්තුවකදී මුණගැසී..වස්සාන සමයට පෙර මං තැනූ..ආදරණීය ගුරුතුමා 💐🤍මෙවන් ම වූ තවත් ළමයි දහස් ගණනකගේ ඒ වස්සානය තනා දෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා...❤️සර්ට ගොඩාක් පිං 💕♥️
Amila sir said...මිනිහෙක්ට ගොඩක් සැරයක් හරියන්න ඕන්නැ..මිනිහෙකුට එකපාරක් හරියට හරියන්න ඕනි..එතනින් පස්සෙ ඌට දිගටම හරියනවා..❤හරියනව නෙමෙයි ඌ හරිගස්සගන්නවා..මොකද ඌ හරියන එකේ ආතල් එක අදුන ගෙන තීන්නෙ..වැරදිලා ඇති මාර විදියට වැරදිල ඇතිඔයාගෙ ජීවිතේට හරි ගිහින් නැතුවැති මුකුත්..එක තැනක හරිගස්සගන්න..හරිගස්සගන්න chance 1k තියනවාපට්ට අමාරු වෙයි...හැබැයි පුලුවන්✊I felt it❤අවසානය වෙනකන් අපි එක්ක හිටියට ගොඩක් පින් සර්..ඉතින් අවසරයි සමුගන්න අමිල ගුරු පියාණෙනි🙏🙏💐
වෙනදට නිතරම අැහෙන්නේ " අෑ ඔන්ලයින් ළමයි" කියලා කියනවා එ්ත් අද .... " එහෙනම් ඔන්ලයින් ළමයි අපි යනවා " කියද්දි එ් දැනුන දුක මෙච්චරයි කියලා කියන්න බැරි තරම් සර්ර් ❤😢ජීවිතේ හම්බවුනු අාදරණීයම නොසෑහෙන්න ගරු කරන ගුරුවරයෙක් තමයි සර් ... ගෙදර මිනිස්සු ඉදලම සර්ට පුදුම අාදරයක් තියෙන්නේ පුදුම විදිහට ගරු කරන්නේ ... සර්ගෙන් ඉගෙනගන්න ලැබුන එකම වාසනාවක් ❤😊අපි වෙනුවෙන් කරපු හැම කැපකිරිමකටම වෙච්ච හැම මහන්සියකටම සර්ට ගොඩක් පින්. සාමාන්‍යයෙන් ගුරුවරයෙක් සාමාන්‍යයෙන් මනුස්සයෙක් නොකර සෑහෙන දේවල් සර් කරා අපි වෙනුවෙන් ඉතිම් එ් හැමදේටම ගොඩක් ස්තූතියි සර් ❤💫
මම 1st shy ළමයෙක්. මම මුලින්ම සර්ගේ ක්ලාස් ආවෙ 2022 වායු පාඩම පටන් ගද්දී වගේ ඒ කාලේ කලින් ගියපු ක්ලාස් එකේ මට හොඳටම කෙලවෙලා තමයි තිබුනේ. Sir උගන්නන විදිහ වෙනස් එක පාරම ඔළුවට යනවා අමතක වෙන්නෙත් නෑ කාලයක් යනකං ඒක මතකෙ තියෙනවා. සර්ගේ තියෙන විශේෂම දේ අමාරු පාඩම් ගොඩක් ලේසියෙන් දැනෙන්නේ නැතුව අපිට ඒක ඉගෙන ගන්න පුළුවන් ඒක.sir අන්තිම වෙනකම්ම අපිත් එක්ක හිටියා අන්තිම මොහොත වෙනකම්ම විභාගය ලියන්න විනඩි ගනකට කලිනුත් හිටිය. ඒක හිතට ලොකු හය්යක් උනා.ජිවිතේ අමාරුව කාල වලත් මෙක අත් අරින් නැතුව හිටියෙ amila sir උයි sir නම කියන්නෙ නැති sir උයි නිසා😅🤩.ඇත්තටම sirla නැත්ත්න් මට මෙක කරන්න වෙන්නෙ නෑ.sir කිසිම වෙලාවක අපිට බෑ කිව්වෙ නෑ.කිසිම වෙලවක මානසිකව වැට්ටුවෙ නෑ .sir ඔක්කොම ටිම මුල ඉදලම ක්‍ර්න්න පුලුවන් විදිහට සර් plan හදල දුන්නා.එක ලොකු හය්යක් හිතට😍😍.thank you sir.....😍😍♥️♥️♥️ගොඩාක් ගොඩක් ගොඩක් පින්.....sirta හොදටම හරියන්න ඔනී හැම දෙයක්ම....සර් අපි වෙනුවෙන් පට්ටම මහන්සි උනා.මට සමහර දවස් වලට හිතුන සර් ඇත්ත්ටම මනුස්සයෙකද alien කෙනෙක්ද කියල😂😂.එච්චර මහන්සි උනා.සමහර දවස් වලට දවස් දෙක තුන නිදාගෙන නෑ.මන් හිත්නව මන් මට පුලුව්න් උපරිමයෙන් කරා කියල.thanyou sir......♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ ගොඩආආආආආආආආආආආඅක් පින්😘😘😘😘😘 ආදරෙයි sir😍😍😘 result ආවම එන්නම් sirva බලල යන්න❤️2024 A/L 1st shy
ඉස්සර මට මාර චරිත සර් අභියස මියැදුණා ❤️ සර්ලා මෙහෙම වෙනස් කරන්නෙ අපේ ජීවිතය විතරක් නෙවෙයි .. පවුලෙම අනාගතේ 🥺❤️ දුකයි සර් .. සර් කතා කරේ ක්ලාස් එකෙ අන්තිම වචන නේද කියල මතක් වෙද්දිත් 🥺 රට වටේ ඉන්න කොල්ලො කෙල්ලො ඔක්කොම එකතු වෙලා මේ game එක ගොඩ දාන්න මෙච්චර try කරන්නෙ සර්ල අපිට දෙන මොරාල් එක නිසාමයි 🥺 සර්ට පින් මේ හීන දහස් ගානක් පාට කරන්න දඟලනවට 🥺 ආදරෙයි සර් ❤️❤️
හැමදේම එපා වෙලා ඉද්දි ජීවිතේ ගොඩ දාපු ගුරුවරයා 😩💗 ආසාවෙන් ඉගෙනගන්න....🌼♡
mathath ehema yi
@nishanthaekanayake3946 💓
• ඉස්සර මට මාර චරිත සර් අභියස මියදුනා.. " ළමයි ඉරණම වෙනස් කල හැකියි සහ වෙනස් කල යුතුයි " අමිල සර් දුන්න දරුණුම මොරාල් එක🔥 2024 . Nov . 17 , විභාගයට දවස් 6 කට කලින් , 12:52 p.m
උඹ චරිත සර්ගෙත් ක්ලාස් එකට ගියාද
මේ මගේ 1st shy එක සර්ගේ මන් සර් 2024 rivision එක පටන් ගද්දි පලවෙනි දවසේ ඉදන් ආවාඒ වෙනකොට තියරි ක්ලාස් එකේ organic වෙනකන් ඉවර කරලා තිබ්බත් මට අඩුම තරමේ පලවෙනි පාඩමේ ලුවිස් වයුහයක්වත් ඇදගන්න බෑ😊දැන් මන් ගන්න හැම ලකුනක්ම වගේ සර්ගෙන් ඉගෙන ගත්ත ඒවා❤😊 තෑන්ක් යූ සර් අපි වගේ ගොඩාක් ලමයින්ගේ ජිවිතේ ගොඩ ය්න්න උදව් කරනවට 🥺💗 කවදාවත් මග ඇරගන්න හිතෙන්නෙ නෑ සර්ගේ ක්ලාස් එක ❤🥺🫶
මන් දැකපු පිලිවෙලම මනුස්සයා...❤ ආදරෙයි අහස තරම් අපේ සර්...❤
ජීවිතේ දැකපු හොඳ ම ගුරුවරයා. ඒකට හේතු ගොඩයි.සර් කවදාවත් කොයිම වෙලාවකවත් කල් මදී බෑ කියන දේ අපේ ඔලුවට දැම්මෙ නෑ . එක්සෑම් එකට සතියක් තියෙද්දි දැන් වුනත් කියන්නේ " ඔයාලට පුළුවන් ලමයී. ඔයාලා හිතනවට වඩා දෙයක් කරන්න මේ කල් ඇති . කල්පනා කර කර ඉන්නෙ නැතුව වැඩ කරන්න"කියලා.අතෑරල දාන්න හේතු ගානක් තිබ්බත් සර් නිසා අන්තිම වෙනකම් අල්ලන් ඉඳපු ලමයි ඕනෙ තරම් ඉන්නවා. අපි වෙනුවෙන් කරපු හැමදේටම ගොඩක් ස්තූතියි සර්!❤Generation 24'❤️17.11.2024.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිල කල නොහැකි ඒ අද්විතීය මිනිසා " අමිල " නම් විය ..❤ Thank you very much our hero who is Dr. Amila Dasanayake
මං සර්ගෙන් ඉගෙන ගත්තෙ youtube free දුන්න පාඩම් විතරයි.ඒ ටික දැන් හොඳටම පුළුවන්.කියන්න තියෙන්නෙ සර්ට ගොඩක් පිං කියල විතරයි...❤❤❤
මම දැකපු perfect ම 💯 මනුස්සයා Amila Sir ❤️මේ මගේ 1st shy එක . Sir ගැන දැනගන්න ලැබුනෙ A/L කරන්න අරන් අවුරුද්දකට විතර පස්සෙ.ඒ වෙන්කොට chemistry කියන වචනෙ ඇහුනත් එපා වෙන තත්වෙක මම හිටියෙ . sir ගෙ clz එකට ආපු පලවෙනි දවස තමයි මගේ ජීවිතේ turning point එක.එදා හිතුනා මෙච්චර කල් chemistry කියලා ඉගෙන ගෙන තීන්නෙ මොනවාද කියලා.කලින් එපාම වෙලා තිබුන subject එක අද වෙනකොට ආසම subject එක කරේ sir .❤️0 මට්ටමේ හිටිය මාව අද වෙනකොට A/B මට්ටමට ගෙනාවෙ sir..❤️Papers කරද්දී සමහර ප්‍රශ්න තිබුණා උපරිම ලකුණටම යන්න පුලුවන් වුන.කිසිම දෙයක් බැරි තත්වෙක ඉදලා එහෙම ලකුණු ලැබෙද්දි දැනුන සතුට වචන වලින් කියන්න තේරෙන්නෑ sir.ඒ හැමදේම sir නිසා තමයි ❤️.sir ට ගොඩාක් පින්.❤️sir නිසා ඉගෙන ගත්තෙ chemistry විතරක් නෙවෙයි .ජීවිතේ කියන්නෙ ඇත්තටම මොකද කියලා ඉගෙන ගත්තෙ sir නිසා .හැමෝම බෑ බෑ කියල අතඇරලා දාන දේවල් නෑ එහෙම බැරි නෑ කරන්න පුළුවන් කියන confidence එක ආවෙ sir නිසා.උපදෙස් විතරක් දිදී හිටියෙ නෑ sir ඒ දේවල් කරලම පෙන්නුවා.Thank You So Much Sir.... Final MBBS වගේ ලොකුම ලොකු exam එකත් තියා ගෙනත් අපිට clz කරනවා කියල ගනිපු decision එකට.sir ගැන කොච්චර කිව්වත් කියල ඉවර කරන්න බැරි තරම් දේවල් ගොඩාක් තියෙනවා .sir කියන්නෙ කියවලා ඉවර කරන්න බැරි පොතක් වගේ.අම්මගෙනුයි තාත්තාගෙනුයි පස්සෙ මං ජීවෙතේ වැඩිපුර ම ගරු කරන කෙනා තමයි sir.❤️sir ට අපි ගොඩාක් ආදරෙයි හැමදාමත් ...❤️....Thank You So Much Sir අපි වෙනුවෙන් කරපු හැම දේකටම❤️ sir ගෙ හැම දෙයක්ම sir හිතාගෙන ඉන්නවාටත් වඩා සාර්ථක වෙන්න ඕන ❤️."ඉස්සර මට මාර චරිත sir අභියස මියැදුනා."
Superb 🤍
Mtat me tikmy
Final MBBS එකත් තියාගෙන අපි වෙනුවෙන් කරපු ඒ කැපකිරීමට හදවතින්ම respect sir 🥺💜️සර්ට සර්ගෙ එක්සෑම් එක reapeat වෙන්න එපා කියල ප්‍රාර්තනා කරනව..❤මගේ ජීවිතේ role model සර් තමයි...ඒ තැන කාටවත් ගන්න බැහැ..💜️සර්ව කවදාවත් ඇත්තට දැකල නැහැ.හොද රිසල්ට් එකක් අරන් සර්ව හම්බවෙන්න අනිවාරෙන්ම එනව....ආදරෙයි සර්..❤💜️සර්ට උතුරන්න හරියන්න ඕනෙ....💜️ඉස්සර එපාම කරපු විශය ආසාවෙන් ඉගෙන ගත්තෙ මගෙ සර් නිසා..දෙවියෙක් වගේ සර්ව මටනම්...💜️🥺සර්ගෙ අම්මටයි තාත්තටයිත් ගොඩක් පින් සර් වගෙ පුතෙක් හදපු එකට........🥺💜️බුදු සරනයි සර්........කොහේ කොහොම හිටියත් මට බය නැතුව කියන්න පුලුවන් සර් තමයි මගේ ජීවිතෙ වෙනස් කරේ 💜️🥺...ආදරෙයි සර්....
ලෝකෙ එක එක භාෂා තියනවා . ඒවගෙ ඇතිවෙන්න අකුරුත් තියනවා ඒත් සර් අද මට මේ වෙලාවෙ සර්ට ස්තුති කරන්න ඒ හැම අකුරක්ම ගැලපුවත් මදි සර් 🥺 අපිට ජීවිතේ හොදම හමුවීම් මුනගැහෙන්න කාලයක් යනවා . සර්ත් අන්න ඒ වගේ මගේ ජීවිතේ හදාගන්න මට මුනගැහුන හොදම හමුවීම් වලින් කෙනෙක් සර් 🥺🙏 හැමදාම තිරයකින් සර්ව දැක්කත් , device එකකකින් සර්ගෙන් ඉගෙන ගත්තත් සර් අපේ හිත්වල ලොකුම ලොකු ඉඩක් අරගෙන සර් . ඒක අද තමා මට හොදටම තේරුනේ 😔 අසීමිතව කැපකිරීම් කරලා අපිට ඉගැන්නුවා වගේම වැටෙන හැම මොහොතකම ගුරුවරයෙක් සහෝදරයෙක් යන දෙවිදිහටම උපදෙස් දීලා ඒ හැම මොහොතකම අපිට අත දුන්නට සර්ට පිං සර් .🙏🙏 ඉතින් ආදරණීය ඇදුරුතුමනි ,අප වෙනුවෙන් කල අසීමිත මෙහෙවරට ගොඩක් පිං ❤️ ගොඩක් ස්තුති 🥺❤️ තවත් කියනවා නම් සර් වචනෙන් කියලා නිම කරන්න බැරි තරමටම සර්ට ගරු කරනවා ආදරෙයි සර් 🥹❤️ඉතින් වෙදදුරු තුමනි ඔබේ වදන් පවා මට ඔසුවක් වුනා මේ සමය පුරාවටම . සර්ගෙ ජීවිතේ තව තවත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සර් . බුදුසරණයි සර් ජයවේවා ❤🥺 ආසාවෙන් chemistry ඉගෙන ගත්ත අපේ හිත්වල වීරයා @Amila_Dasanayake ❤🥺 thank you සර් ❤️❤️
කොමහරි හොදම results එකක් දානවා සර් ❤🥺 කවද හරි ජිවිතේට අභියෝගයක් එනකොට සර්ව මතක් වෙයි 🥺
වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම 'අමිල ගුරුවරයෙක්'....🙏🙏🙏මොනවද කරන්නෙ කියලා හිතා ගන්න බැරුව අත්හරින්න හිටපු වෙලාවක ඉඩෝරයකට නිමාව ගෙනෙන වස්සානයක් මෙන් මගේ ජීවිතේ ආලෝකමත් කරපු ගුරු තරුවමාසෙකට ආසන්න කාලයක් screen එකකින් දැකපු ඒ ගතවුණු කෙටි කාලය අවුරුදු ගානක් වගේ දැනුණඅදහන්න පුලුවන් දෙවියෙක්....හැබැයි දැනටත් මම කනගාටුවෙන කරුණක් තමයි,'ඇයි සර්ව කලින් මුණ නොගැසුනේ ' කියන එක....ඒ කොහොම වුණත් අන්තිමට හරි සර්ව හම්බුණා....❤සර් ජීවිතේ ගන්න හැම පියවරක්ම ඉහළින්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...❤🌼💐තෙරුවන් සරණයි!සර්...🙏❤
පංති ආවේ නැති උනාට ගොඩක් දේවල් ඉගෙනගත්ත සර්ගෙන්..👌❤...ලොවෙත් නැතිවෙන්න ගේමක් ගහන පට්ටම චරිතයක්..💯💓
Sir මොනවා කියන්නද මංදා සර් අපි වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරලා තියෙනවා.වචන නෑ සර් කියන්න.ස්තුති කරන්නේ කොහොමද? සර් කරපු කැපකිරීම ඉස්සරහා අපේ වචනත් හරි පොඩි....ගොඩක් පින් සර් අපි වෙනුවෙන් හැමදාම ඉදියට........අමතක වෙන්නේ නෑ සර් කවදාවත් අමතක වෙන්න දෙන්නෙත් නෑ....අපි A/L Exam එක වෙනුවෙන් මහන්සි වුනාට වඩා සර් අපි වෙනුවෙන් මහන්සි වෙලා...ජිවිතේ ගැන කියලා දුන්නු සර්, ඉස්සරහට ජිවිතේ වැටෙන තැන්වල සර්ගේ හයිය,ඒ කටහඩ නැතුව ඉන්න විදිහ විතරක් අපිට කියලා දුන්නේ නැ.ගොඩක් ආදරෙයි සර්........ජිවිතේ ඉස්සරහට ජිවත් වෙන්න ඕනා විදිහ කියලා දුන්නට ගොඩක් පින්....වචන මදි කියන්න සර්....සර් දුන්නු හයිය හැමදාම අපි එක්කම තියේවි....හදවතේ ගුරුවරයා
Stress එකක් දෙන්නෙ නැතුව හොඳට උගන්නපු මට මුණ ගැහුණ ජීවිතේ හම්බුන හොඳම ගුරුවරයා....❤පට්ට ආදරෙයි සර්...❤2024 අපිට මේව දවසක දකිනකොට මාර memory එකක් වේවි...❤
ඇත්තටම ගොඩක්ම ලොකු පාළුවක් දැනෙනවා sir.... ආයෙත් class එකට එන්න, "zoom පුටුවක් අල්ලගන්න" , midnight එකේ සින්දුවක් අහල කිසිම pressure එකක් නැතුව වැඩ ගොඩක් කරන්න වෙන්නෙ නෑ කියල මතක් වෙද්දි පුදුම පාළුවක් දැනෙන්නෙ....🥺🥺Sirta කොයිතරම් වැඩ, exams තිබ්බත් අන්තිම දවස්ටිකේ ගෙදර අයගෙ කටහඩට වඩා මම ඇහුවෙ sirගෙ කටහඩ....❤️මේ තරමටම අපි වෙනුවෙන් මහන්සි උනාට ගොඩක් පින් sir...🙏නමේ තියෙන විදියටම ඇත්තටම 'අමිල' චරිතයක්....❤️"මිනිස්සුන්ට හැමදාම හරියන්නෙ නෑ ළමයි. හැබැයි දවසක හරියයි. එතනින් පස්සෙ හැමදාම හරියයි...."Thank you for everything sir....❤"ආසාවෙන් ඉගෙනගන්න." Echem.2024/11/17.
කොච්චර physical class ගියත් ඒ කිසිම class එකක් ඉවර වෙද්දි දැනුනෙ නැති අමුතු දුකක් කවදාවත් ඇත්තටම දැකලා නැති screen එකකින් විතරක් දැකපු sir පන්ති ඉවර කරද්දි දැනෙයි කියල මම හිතුවෙ නෑ කවදාවත්ම.. 😔❤මාස 6 ක් පුරාවට chemistry විතරක් නෙවෙයි ජීවිතේ ගැන target ගැන කියල දීලා ඒ දුන්න moral එකට ගොඩක් ස්තුතියි කියනවට වඩා ඇත්තටම ගොඩක් පින් සර් ❤❤....
ඒක ඇත්ත ❤
මේ මගෙ fourth shy එක.අවෘදු හයක් එක එක අය පස්සෙ ගිහින් මට al වගේම ජීවිතෙක් එපා වෙලා තිබ්බෙ.අහම්බෙන් සර්ව හම්බුනෙ ඇත්තටම මේ යන්න කලින් කියලා යන්න කියන මැසේජ් එක දකිද්දි හිතට අමුතුම හැගීමක් ආවා සර්.අනිත් පන්ති ඉවර වෙනකම් බලන් හිටිය මට අවන්කවම තවත් සර්ගෙන් ඉගෙන ගන්න තිබ්බ නම් කියන හැගීම ආවා සර්.මන් විබාගෙ ගොඩ ගියත් නැතත් මට ජීවිතේ හම්බුනු ආදරනීයම චරිතයක්.ජය වේවා සර්.ආදරෙයි පැලෙන්ඩ♥️
Yko ube jiwithema al da 😮 anika 4th shy eken campus yannath ba ne bn aparde bn ube kale ubata aduma gane commerce,art wage sub ehekwath maru wwnna thibba 😢
@GkBro-ti1xn ♥️fourth shy kiyanne third eka skip kla.ekai.third shy ekt awa admission eka thiyenv.eka pennl campus gihaki
මැරුණු හීන වලට පන දුන්න අමිල ගුරුවරයෙක්❤ ගොඩක් ස්තූතියි සර්❤
මුලින්ම කියන්න ඕනි සර්,සර් මාරම චරිතයක්...❤️🩹💫සර්ව මට හම්බෙන්නෙ මගෙ යාලුවා නිසා...මුලින්ම ක්ලාස් එකට සෙට් වෙන්නෙ 2024 මාර්තු වල...ඒ වෙනකන් එපා වෙල හිටිය සබ්ජෙක්ට් එක මාර ආසාවෙන් ඉගෙන ගත්තා..එදා ඉදන් මාර ආසාවෙන් වැඩ කරේ...🤍🍃සර් නැත්තම් මන් exam එක ෆේල් වෙයිද දන්නෙත් නෑ...සර්ගෙ ක්ලාස් ආවට පස්සෙ මාර ගැම්මෙන් වැඩ කරේ...එදා එහෙම රිවිශන් අපු මන් අන්තිමට නැවතුනේ සර්ගෙ තියරි ක්ලාස් එකෙන්..සර්ට කොච්චර කොහොම ස්තූති කරන්නද කියලා හිතා ගන්න බෑ... සර්ගෙ exam අස්සෙත් අපි වෙනුවෙන් කරපු සහ කරන හැම දේකටම බොහොම ස්තූතියි සර්...ඉස්සර ගියපු ක්ලාස් එකේ මොනාද කරේ කියලා හිතෙනවා සර් එක්ක බලද්දි...Medicine select වෙලා අනිවාරෙන් මේකට රිප්ලයි එකක් දානවා මන්....අයේමත් සර්ට බොහොම ස්තූතියි....❤💗(comment එක දිග වැඩියිද මන්දා....🤭😊හැබැයි අන්තිමට කියන්න ඕනි මගෙ යාලුවට ගොඩාක් ස්තූතියි 💗✨)2024 Theory24.11.17🤍
මිල කල නොහැකි අමිල නාමයට, ලමයි වෙනුවෙන් සැබෑ සේවයක් කරන ගුරුවරුවරයෙක්.❤❤ගොඩක් පින්... ගොඩක් ඉස්තූතියි සර්❤🎉
කොච්චර කෙලවුනත් තාම මේක කරන්න පුලුවන් කියල අල්ලගෙන ඉන්නෙ සර්ලා නිසා 🥺❤️ ගොඩක් පින් සර් 🥺🙏❤
අවුරුදු 5ක A/L ජීවිතේ අවසානය සර්ට ගොඩක් පින්
Good Luck Aiye 🎉❤️🩹
සර් කෙනෙක්‍ට වඩා අය්යා කෙනෙක් වගේ අපිත් එක්ක හිටපු සර්...කවදාවත් අමතක වෙන්නෑ🥺❤️ගොඩක් පින් සර්❤
අවුරුදු 5ක A/l ජීවිතේ නිමාව❤️ හරි මග පෙන්වීමක් නැතිකම,මගේම මෝඩ තීරණ, ක්ලාස් හරියට තෝර නොගත්ත එක නිසයි මට 3rd shy වෙනකං මේක කරන්න වුණේ. Second shy සර්ගෙ ක්ලාස් ඇවිත් හොද මට්ටමක අන්තිම වෙද්දි ඉදලත් exam එක මැද්දෙදි ආපු ලොකු ප්‍රශ්නයක් නිසා මට C තුනකින් නතර වෙන්න වුණා. එහෙම වුණෙත් මගේම වැරැද්දකින්. ළගම අයව ගොඩක් විශ්වාස කරන්න ගිය නිසා...2024 අවුරුද්ද තරම් ජීවිතේ පාඩම් උගන්නපු අවුරුද්දක් මෙතෙක් මගෙ ජීවිතේ නෑ. ගොඩක් දේවල් නැති වුණා වගේම ඊට වඩා හොද දේවල් ගොඩක් මගෙ ජීවිතේට ලැබුණා. අවුරුද්දෙ මුල මාස ගානක් අඩ අඩ හිටිය මං ආයි නැගිට්ටෙ සර්ගෙ වචන නිසා❤මං වගේම ළමයි දාස් ගානකට අරමුණක්, බලාපොරොත්තුවක් දීලා ජීවිතේ හරිම පාරට ගත්ත එකම ඇති සර්ට හරියන්න.සර් වගේ හිතිනුත් ගතිනුත් මිනිස්සුන්ව සුවපත් කරන්න පුළුවන් කෙනෙක් වෙලා එන්නම් වැඩි කල් නොගිහින්ම.......ස්තූතියි සර්...මොනම දේකටවත් වට්ටන්න බැරි වෙන හිතක් ගොඩනගපු එකට🥺❤️ඇත්ත. හැමදාම වරදින්නෑ. හරියන්න ගත්තම දිගටම හරියනවා✨
''හැමදේම හරියන්නෙ නෑ ලමයි ඒත් එක දවසක හරියනවා එතනින් එහාට දිගටම හරියනව''සර්ට මාරම ඉඩක් තියෙන්නෙ හිතෙ❤
සර් මෙච්චර වැඩ ගොඩක් අපිව ගොඩදාන්න කරද්දි ටියුශන් විතරක් කරන ගුරුවරු සර් කරපු වැඩ වලින් 1% ක් වත් කරේ නැ අපි වෙනුවෙන් වෙනුවෙන් .සමහර තැන්වල සර්ගෙ තත්වෙ දැනගෙන හිටපු නිසා ඒ තත්ව තියෙද්දි මනුස්සයෙක්ට මෙහෙම නිවිච්ච විදියට මෙච්චර focus එකකින් මේ වැඩ කරන්න පුලුවන්ද කියල හිතුන වාර අනන්තය්. අපි වෙනුවෙන් කරන්න ඕන දේවල් වලට සිය දහස් ගුනයකින් වැඩි දේවල් සර් අපි වෙනුවෙන් කරා. ඒ පිනම ඇති සර්ට❤. සමාන්‍ය මිනිහෙක්ට කරන්න තියා හිතන්නවත් බැරි වැඩ කොටසක් කරපු ,අපිව ගොඩ දාන්න උපරිමෙන් කැපවුනු සර්ට සිය දහස්වාරයක් පින් . ❤❤❤
මොනවද කියන්න ඕනේ කියන්න තේරෙන්නේ නෑ සර්. ඇත්තටම මන් සර්ව අඳුන ගත්තෙත් මගේ යාලුවෙක් කියලා. "අමිල සර්ගේ වීඩියෝස් බලන්න. හොඳට පාඩම තේරෙනවා." එදා ඉඳන් කෙමෙස්ට්‍රි ඉගෙන ගත්තේ සර්ගෙන්. පේපර් ක්ලස් ආවා. එකම එක දවසක් සර්ව ඇස් දෙකට බලගන්න ඕනේ කියල හිතලා නුගේගොඩ රොටරි එකට ආවා. ඒත් අවාසනාවටද දන්නේ නෑ. එද ඩිස්කශන් එක කලේ සර් නෙවේ. සර්ව බලාගන්න බැරි උනා. ඒත් කවදමහරි එනවා මන් අනිවාරෙන් මගේ රිසාල්ට් එකත් අරන් සර්ව බලන්න. ස්ක්‍රීන් එකෙන් විතරක් දැක්ක ඒ මැජික්කාරයව බලන්න. සර් කිව්වත් වගේ *ආසාවෙන් ඉගෙන ගත්තා*. ජය වේවා සර්! දිනෙන් දින දියුණු වේවා! තෙරුවන් සරණයි! 🥺❤🙏💐
"පිසිකල් ලමයි එහෙනම් පරිස්සමින් ගිහින් එන්න..ඔන්ලයින් ලමයි අපි එහෙනම් මීටින් එක එන්ඩ් කරනව...ඊලග වැඩ ටිකත් එක්ක හම්බෙමු..මහන්සි වෙලා වැඩ ටික කරන් යන්....ජයවේවා" 🥰සර්ගෙ මේ වචන ටික අහන්න ක්ලාස් එකෙ අන්තිම තත්පරෙ වෙනකනුත් හරි ආසාවෙන් බලන් ඉන්නව...... ජීවිතේ කටුකම කාර්තුවකදී මුණ ගැසී ,වස්සාන සමයකට පෙරමං තැනූ ආදරණීය ගුරුතුමනි,චිරං ජයතු❤️🔥🥺
මන් A/l වල්ට ඇවිත් අවුරුදු 2 ඉගෙන ගත්ත මෙ අවුරුද්දෙ ජනවාරි වෙනකොට මට cemistry මෙලෝ දෙයක් බෑ ඉට පස්සෙ මම යාලුවො කියනව ඇහිල සර්ගෙ රිවිශන් එකට ගියා . මට එපාම කරපු විශය උනෙත් මේක . ඉට පස්සෙ සර්ග්‍ර් ක්ලාස් එකට ගිහින් හෙන ආසවක් ආවා මෙ විශේට මන් ගොඩක් මෙ විශයට මහන්සි උනා මට තාම ලොකු ලකුනක් නැ පේපර් වලට ඒත් මන් හිටපු විවිහත් එක්ක මට එ ලකුනු ගාන ගොඩක් ලොකුයි . සර්ට ගොඩක් ස්තූති මෙ කරන දේවල වලට .මන් සර්ව ඇස් දෙකට එක පාරක් වත් දැකල නැ . එත් මන් පට්ටම ආදරෙයි සර්ට .සර්ට ගොඩක් පින් සර් ❤..❤
මොනා කියන්නද සර්ලා දෙන්නා ගැන🥺 Online උනත් ගුරුවරයෙක්ව මෙච්චර දැනුන පලවෙනි වතාව. අත අරින්න හිතපු ගොඩක් තැන් අල්ලගෙන හිටයෙ සර්ලා දෙන්නගෙ ඒ වචන නිසාමයි🥺❤️
කට පාඩම් කරන්න,මතක හිටින්නේ නැති විෂය කරුණු film එකක් විදියට හරි ලස්සනට කියලා දුන්න,ඉලෙක්ට්‍රෝන,මවුල,සංයෝග,මූලද්‍රව්‍ය එක්ක කතා කරන්න කියලා දුන්න,එපා වෙලා තිබ්බ විෂයක් ආසාවෙන් ඉගෙන ගන්න කියල දුන්න,අප ගුරුතුමන්ට කෙසේ තුති පුදන්නද නොවැටහේ 2024 සිසුන් ලෙසට !!!🥺❤
සර් මම සර්ගේ ක්ලාස් එන්නේ අන්තිම මාසේ..මට මුලින්ම සර්ව සෙට් වෙන්නේ inorganic night එකෙන් ...සර් ඇත්තටම මම ඒ ලෙවල් අත් හැරලා තිබ්බේ...නමුත් මට chemistry තේරූම් ගන්න පුළුවන් කමක් තිබුණා...ඒත් සර්ගේ inorganic night එකෙන් පස්සේ සර්ගේ උගන්නවන විදිහ මට මාර විදිහට සෙට් වුනා...ඉතින් මම නොවැම්බර් මාසයේ සර්ගේ one last time එකට join වුනා...ඉතින් සර් ගොඩක් ස්තූතියි..වගේම පිං මාව මේ ගේම් එකට ඇදලා දැම්මට..දැන් මේ shy එකෙන්ම මේක ගොඩ දාගන්න ශක්තිය මට ආවා...සර් මේ අවුරුද්දේ ගහපු ගේම වගේම ගේමක් මං පුළුවන් විදිහට මේ ටික කාලේ ගහනවා...ඉතින් සර් ගොඩක් ස්තූතියි,පිං එකෙන්ම සර් චරිතයක්❤
"ආන්තරික මූලද්‍රව්‍ය අතරේ සින්ක් වගේ ආන්තරික නොවී ඉන්න කියලා දුන්නට අනේක වාරයක් පින් "🥺❤️ යන්න කලින් මෙහෙම කියලා යන්නම් ...දිනලම ඇවිත් වචනයක් කියලා යන්නම් 🤗💗 "ඉතින් එබැවින් නවතිමී හදින් පිටමං නොකරමී !"🤍🍃
මැරුණ හීන වලට පන දුන්නු අසහාය ගුරු පියාණනි ඔබට ස්තූතියි 💗
නමෙ අරුතෙන්ම මිල කළ නොහැකි චරිතයකි ඔහු...මෙතරම් ආදරයක් ලබන්න තරම් ළමයින්ගේ හිත්තුළට කා වැදුණු කිසිදා නොමැකෙන අමරණීය සටහනකි ඔහු...."නමට පමණක් ගුරුවරයෙකු නොවු ගුරු දෙවියෙකි ඔබ...."❤️🙏 Thank you so much sir....
මගේ A/L ජීවිතයෙ මට හම්බුන හොඳම ගුරුවරය තමයි සර්❤️❤️❤️අත්තටම කිව්වොත් සර් නම් මාරම චරිතයක්😎❤️මං සර්ට මාරම විදියට respect කරනවා සර්🫡🫡❤️ THANK YOU VERY MUCH SIR FOR EVERYTHING❤️
කවදාවත් you tube message ekak dala na. exam iwara wela mekta comment ekak danawa kiyala hitan hitiye. හරි පාලුවක් දැනෙනවා ඒ කට හඩ නැතුව. හැම කෙනෙක්ගෙන්ම මේ ලෝකෙට ප්‍රයෝජනයක් තියෙනවා. ඒ වෙනුවෙන් හැදුනු හීනවලට , මැරුනු හීනවලට පන දුන්නට ගොඩක් ස්තූතීයි සර්.....😍 ආසාවෙන් ඉගෙන ගන්න. 🌹 [ 2024A/L]
ජීවිතේ අමාරුම කාර්තුවක අපි වෙනුවෙන් අපි එක්ක හිටියට ගොඩාක් පින් සර්.අතරමං වෙන්න ගිය ගොඩාක් කලු සුදු ජීවිත සර් නිසා ලස්සනට පාට වෙන්න ඇති ✨️සර් එක්ක ආසාවෙන් ඉගෙන ගත්‍ත මේ කාලය ජීවිතේ හැමදාම මතක තියේවි ගොඩාක් ලස්සන මතකයක් විදියට.හැමදේකටම ගොඩාක් ස්තූතියි ❤️බුදු සරනයි මගේ සර් 🙏
ස්තූති සර් මෙච්චර කැපකිරීමක් කරලා අපිට ඉගැන්නුවට. පට්ටම ආදරෙයි සර්.. මට මගෙ තාත්තා කෙනෙක් සර්. ජීවිතේ වැටෙන හැමතැනකදිම සර්ගේ වචන මතක් වෙයි. අපට ඉහළින් ඇත්තේ අහස පමණයි. ඒක වෙනස් වෙන්නෙ නෑ. අහසත් පරාදයි සර්ට. ඉස්සර මට මාර චරිත ඔබ අභියස මියැදුනා. ආදරෙයි සර්❤❤❤❤❤❤❤...ගොඩක් පිං..ස්තූති සර්..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හැඟීම් වචන කරන්න බැ කියල අහල තිබ්බට තේරුණේ අද.........මාස කීපයක් ඇතුලත මෙච්චර කල් ඉගෙන ගත්තෙ මොනවද කියල හිතෙන තරමට සර් උගන්නපුව තේරුනා.❤️ ජීවිතේ ප්‍රශ්න ගොඩක් එක්ක ආව ගමනක් දැන් ඇති කියල හිතුන හැමවතාවෙම අල්ලන් හිටියෙ , හය්යක් උනේ සර්ගෙ වචන ❤️ ඇබ්බැහිවීම් කියන්නෙ මෙන්න මේ වගේ දේකට ; හරි දුකයි මෙ ගමන ඉවරයි කියල දැනෙද්දි සර් ❤️💔 එච්චර ලොකු presure එකක් ඔලුවෙ තියන් ඒක පොඩ්ඩක්වත් දැනෙන්න නොදී තිතකවත් අඩුපාඩුවක් නැතුව අද වෙනකං අපි වෙනුවෙන් කරපු කියපු හැම දේකටම ජීවිතේ උපරිම සාර්ථක වෙන්න ඕනෙ ❤️ ජීවිතේ හම්බ උන ගුරුවරු අතරෙ හදවතේ උඩින්ම ඉන්න කෙනෙක්❤️ දවසක එන්නම් දිනල සර්ව බලන්න .
Exam ඉවර වෙලාම comment එකක් දානවා කියල හිතන් හිටියෙ . නොහිතපු විදියට කතන්දරේ වෙනස් උනානෙ . මේ වගේ unexpected situation එකක්දි උනත් මාර අමාරුවෙන් මේක අල්ලන් ඉන්නෙ සර් නිසා . එකපාර exam කල් ගිය නිසා මොනාවා කරගන්නද කියල හිතාගන්න බැරුව ඉන්නකොට plan එකක් හදලා දීලා ආයෙම track එකට අපිව දැම්මට thank you sir 🥺. මම අවුරුදු දෙකකට වැඩි කාලයක් සර්ගෙන් ඉගෙනගත්තා සර් මොන pressure එකක හිටියත් අපිට ඒක නොදැනෙන්න මාර ලස්සනට lessons handle කලා ප්‍රශ්න නිසා මේක එපාම වෙලා අත ඇරලා දාන level එකටම වැටිල හිටියත් clz එකට ගිහින් එදා දවස සර් එක්ක සතුටින් වැඩ ටික කලාහම ආයෙම කොහොමහරි මේක කරනව කියන feeling එක හිතට ආව. එනිසා අදටත් මම fight කරනවා Echem කියන්නෙ tution clz එකක් නෙවේ අපි family එකක් . හොද රිසල්ට් එකක් එක්කම සර්ව හම්බෙන්න එන්නම් ❤️
මේකනම් ඇත්ත 😊 අතාරින්න හිතුන හැම වෙලෙම අල්ලගෙන හිටියෙ සර්ගේ ඒ වචන නිසාමයි 🥺💗
බොද වෙලා අත් ඇරලා දාලා තිබිච්ච හීනවලට පනක් දිලා ආසාවෙන් ඉගෙනගන්න කියලා දුන්නෙ සර්..❤ එපා වෙලා බෑ කියලා හිතෙන වැටෙන හැම වෙලාවෙම නැගිටින්න සර්ගෙ වචන මාර හයියක් උනා...❤ විභාගෙට දවස් හතක් තියාගෙන කොච්චර ආමාරු උනත් අන්තිම වෙනකං අත්අරින්නෙ නැතුව වැඩ කරනවා... ආසාවෙන් ඉගෙනගන්නවා කියන්නෙ මොකක්ද කියල කියලා දුන්නෙ සර්... සර්ට ගොඩක් පිං...❤🥺 සර්ගෙ ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...🥺💖 මගේ ජීවිතයේ මට හම්බුන හොදම ගුරුවරයා❤2024 A/L liyana hemotama good luck💖
ආදරණීය අමිල සර් වෙත.....සර් ගැන නම් කියන්න වචන නෑ සර් ...🥺 කවදාවත් ඇස් දෙකට දැකලා නැති උනත් subject එක ගොඩ දා ගන්න සර් දුන්න උදව්ව නම් මාරයි සර්❤හැමදාම ක්ලාස් එකේ හිටියේ, online ළමයි කියන කොටසේ සර් ....🥺 subject එක ගැන කිසිම විශ්වාසයක් නැතුව ඉද්දී සර් දුන්න ගැම්ම තමා අද තියෙන්නේ සර් ....සම්පූර්ණයෙන්ම වැටිලා හිටපු විශයට ලොකු පනක් දුන්නෙ සර් ...අවුරුදු ගානක් සර් ගෙ පන්ති ආවේ නැතත්, මේ ආපු මාස ගානට සර්ගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා, ඒ හැම දේකටම ගොඩක් පින් සර්සර්ගේ විභාග කටයුතු වගේම ජීවිතේ හැමදේම හරියන්න මේ දහස් ගණනක් ළමයින් වෙනුවෙන් කරපු පින් කන්දම ඇති සර් ❤ සර් ට හැමදේම හරියන්න ඕන..... අපි වෙනුවෙන් සර් කරපු මේ අමිල මෙහෙයට, තවමත් උපමාවක් නැත..❤❤ සුදු ඇඳගෙන කළු ඇවිදින් කියන අමරණීය චරිතයේ අමිල මෙහෙය තවත් බොහෝ කෙල්ලො ,කොල්ලො න්ගේ සිහින වලට පන දෙවි කියලා මන් විශ්වාස කරනවා සර් 🙏♥️බුදු සරණයි සර් 🙏🙏🙏🙏2024 A/L batch ♥️
මෙච්චර මාස ගාණක් පුරාවට ම online එකෙන් අපිව දැකලා නැති උනත් අපි ගැන හොයලා බැලුවට සර්ට ගොඩක් පින් ..❤️❤️☺️☺️ කියන්න වචන මට මතක් වෙන්නේ නෑ සර්.. ඇත්තටම හිතට වැදුන සොඳුරුම ගුරුවරයෙක්.. අපි වෙනුවෙන් මහන්සි වුණ හැම තත්පරයකටම සර්ට උතුරන්න හරියනවා..😊😊 අපි අනිවාර්යෙන්ම මේ ගේම් එක ගොඩදානවා...👊👊 එදාට සර්ව හම්බවෙලා කතා කරන්න එන්නම් එතකං පරිස්සමින් සර්ගෙ වැඩ ටික හරියට කරගන්න.❤️❤️❤️ ❤️❤️❤️❤️❤
Thank you so much sir.🥺🙏 මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ. අද class එක නවත්තනකොට හිතට හරි දුකයි. Revision එක තිබුණේ මාස 9ක් වගේ පොඩි කාලයක් වුණත් ඒ මාස 9 ඇතුලේ තමයි Chemistry ආසාවෙන් ඉගෙන ගන්න පුරුදු වුණේ. ඉතින් සර් අපි වෙනුවෙන් කර ඒ හැම කැපකිරීමකටම සර්ට ගොඩාක් පින්. කැපවීම කියන්නේ මොකක්ද කියලා දැක්කේ සර්ගෙන්. මනුස්සයෙක්ට මෙච්චර වැඩ කරන්න පුලුවන් කියලා දැනගත්තේ සර්ගෙන්. මෙච්චර කැප කිරීම් කරන්න පුලුවන් කියලා දැන ගත්තේ සර්ගෙන්. සර් මගේ role model කෙනෙක්. අදින් class එක ඉවර වුණත් සර් හැමදාම අපේ හදවතේ ඉහලින්ම ඉදීවි. ජිවිතේ දිනන්න නම් අසීමාන්තිකව කැප වෙන්න වෙනවා කියලා අහලා තිබුණට ඇත්තටම ඒ කැපකිරීම්වල අසීරුව පෙන්නුවේ අපේ අමිල සර්. ඔබ අපිට සැබවින්ම මිල කල නොහැකි ගුරුවරයෙකි. ඉතින් ආදරණීය වෙද ඇදුරාණනී,"මිනිස්සුන්ට හැමදාම වරදින්නෙ නෑ. එක තැනක හරියනවා.... එතනින් පස්සෙ දිගටම හරියනවා....." කියපු දේ හරියටම ඉටු කර ගුරුවරයෙක් ඔබ. සර්ගේ ආදරණීය වචන ටික හැමදාම මතක් වෙයි. ජිවීතේ අමාරුම තැන්වල අපි සර්ගේ කටහඩ හොයාවි. නැවත වාරයක් ස්තූතියි වගේම ගොඩාක් පින් සර්ට අවසානය තෙක් අපිව අත් නොහැර ආසවෙන් ඉගෙන ගන්න කියලා දුන්න එකට. සර්ට කවදාවත් වරදින්නේ නෑ.🥺❤
මෙච්චර කාලයක් එපා වෙලා තිබ්බ subject එකට කැමැත්තක් ඇති කලේ sir. කොහොම හරි sirge A 1800 එකතු වෙනවා.....මෙච්චර කැපවීමක් කරාට ගොඩක් thank you sir...❤❤❤
ඇත්තමයි .ජීවිතේම වෙනස් උනේ මේ ගුරුවරු දෙන්නා නිසා. අනුරාධ සර් , අමිල සර් නිසා.නැත්තන් අපි මේ විශයන් මහා ලොකු විශයන් කියලා හිතාගෙන සමනල්ලු වගේ එක එක සර්ලා පස්සෙ දුවනවා.මේවා කරන්න පුදුවන් ලොකු ලොකු මීටර් වලට කියලා හිතාගෙන හිටියේ.අපේ පිනකට තමා මේ සර්ලා දෙන්නා පහල උනේ.මේ සර්ලා දෙන්නා නිසා කී දෙනෙක්ගෙ ජීවිත වෙනස් උනාද.අමිල සර් ,අනුරාධ සර් ඔයාලගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා❤❤
When amila sir said මිනිහෙකුට හැමදාම හරියන්න ඕනෙ නෑ එක තැනකදී හරියනවා එතනින් එහාට දිගටම හරියනවාI felt i🥺❤❤❤
"ජීවිතේ කටුකම කාර්තුවකදී අහම්බෙන් මුනගැසී , වස්සාන සමයට පෙරමං තැනූ ආදරනීය ගුරුතුමනි , වස්සානය ලගටම මා පැමිණ තිබේ ,ඔබ තනාදුන් මාවතේ ඉදිරියටම ගමන් කිරීමට මට අවස්ථාව උදා වී තිබේ, ඉතිං එබැවින් නවතිමි , හදින් පිටමං නොකරමි. ♥️✨️"Kaushalya 2024 A/l
ජීවිතේ දුෂ්කර කාර්තුවකඅසීමාන්තික කැපවීමෙන්සුනු විසුනු වූ අත්තටුඅත් නොහැර සවියක් ම වුනුඅපේ කාලේ දිසාපාමොක් ඇදුරානෙනි.....තුති පුදන්නට අවසරයි නික්මෙන්නට පෙරාතුව......🥺"කෙලවෙලා කෙලවෙලා එක වෙලාවකදී හරියන්න ගන්නවා.. එතනින් පස්සේ දිගටම හරියනවා" 🥺 මේක තමයි මගෙ turning point එක... සර් හින්දා ගොඩ ගියපු ජීවිත දාස්ගානක් ඇති.. ඒ හැමෝම සර්ව හදවතේ උඩින්ම තියන් ඉන්නවා ඇත්තේ ඒ හැමෝගෙම role model එක සර් හින්දාම වෙන්න ඇති 🥺කාලෙක දී එපා වෙලා හිටපු chemistry ආසම subject එක කරපු අපේ සර් 🥺 🙏හැමදාමත් සර් ඉන්නේ හදවතේ උඩින්ම ❤️ Thank you for everything sir 🙏🥺
මෙච්චර පීඩාවන් මැද කණ්ඩායමක් විදිහට 2024 ඉදිරියට ගෙන ඒම ගැන බොහොම ස්තූතිවන්ත වෙනවා සර්.පෞද්ගලිකවම Chemistry මුලදි එපා උන Subject එකක්.ඒක මාර විදිහට රස කරල ඉගැන්නුවට බොහොම පින් . සර්ගේ ඉදිරි වැඩ කටයුතුත් සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න ඕනි❤
Sirta හරියනවා ලොවේත් නැති වේන්න අනිවාර්යයෙන් 🥺🙏🔥අනිවාර්යයෙන් A3 ක් දාලා sir හම්බෙන්න අනිවාර්යයෙන් එනවා☺️
යන්න කලින් කියලා යන්න ආවේ...... ජීවිතේ කවදාවත් ඇස් දෙකෙන් දැකලා නැති ආදරනීය චරිතයක් සර්.... යන්න කලින් කියන්න තියෙන්නේ මෙච්චරයි... ජීවිතේ මැරනකන්ම අමතක නොවෙන" අපේ සර් " කියලා ආසාවෙන් කියන්න පුලුවන්... ආදරනීය අමිල සර්.... ගොඩාක් ස්තුතියි....! 🥹🤍
අපි වෙනුවෙන් අපිටත් වඩා මහන්සි වෙච්ච ආදරණීය ගුරුවරයා 🖤✨️ Thank you for everything sir 🖤
සර් ගැන කියන්න වචන නෑ..❤ සර් කරපු වැඩ ගැන හිතුවම අපි කවුද කියල හිතෙනවා.. සර් නම් සිරාම වැඩ්ඩෙක්.🌟 අපි වෙනුවෙන් මෙච්චර කැප වුණ අපේ සර්ට ගොඩක් පිං..🙏❤ Sirta nonstop හරියන්න ඕනි..❤
දෙවිවරු ඇස් දෙකෙන් දැකලා තියේද ඇහුවොත්, ඔව් දැකලා තියෙයි ඒ ජීවිතය උගන්නපු ගුරුවරු. ❤❤ හැමදේම හරිම විදියට කිසිම අඩුපාඩුවක් නැතුව ඉගැන්නුවා.. ❤ ඇස්දෙකෙන් දැකලා නැතුව live screen එකකින් සර්ව දැකලා විශ්වාස කරපු ඒ කාලේ.. වචනේ පරිසමාප්තියෙන්ම විශ්වාස හරියටම රැක්කා.. ගොඩක් පිං සර්.. ❤❤
විශය විතරක් නෙවෙයි ජීවතේ ගෙවන්න ඔන විදිය පවා කියල දුන්නු මිහිපිට දෙවියෙක් සර් ❤ සිය දහස් වාරයක් පින් සර්ට මෙ කැපවීමට, බුදු සරනය් ❤
මාස තුනක සොදුරු මතක මේස පුරා විසිරුන විටසජීවීව නොදුටු ඔබව තිරය මගින් දිස්වන විටහරි ආසයි ඉගෙන ගන්න තේරෙන විට හැම කරුනමකියාගන්න වචනත් නෑ තුති පුදන්න ඔබ වෙනුවෙන්..නැවතවරක් මුන ගැහෙන්න ඔබ වෙනුවෙන් තුති පුදන්නවිභහගයත් සමත් වෙලා එන්නම් ඔබ මුන ගැහෙන්නආසාවෙන් ඉගෙන ගන්න - අමිල සර් අපේ.❤ සර්ට ගොඩාක් පින්. 🥰
✨එක දවසක මාත් කියයී ,
ජීවිතෙට ඇස් දෙකට දැකලා නැති
හම්බෙලා නැති
Screen එකක කොටුවක ඇතුලේ
සුදු පාට board එකක් එක්ක
කලු පාට shirt එකක් ඇදන්
අමුතු විශයක් හරි "ආසාවෙන් උගන්වපු"
හරි ලස්සන සර් කෙනෙක්
කියපු එක ලස්සන දෙයක් නිසා
මන් තාමත් ජීවත් වෙනවා කියලා
මන් තාමත් හීන පස්සේ දුවනවා කියලා
"හැමදේම හරි යන්නේ නෑ ලමයී එත් එක දවසක හරි යනවා එතනින් එහාට දිගටම හරි යනවා"
-අදහන්න එපා කිවුවට sir සිරාවටම අමිලයී sir✨
2024 A/L
🥺♥️
Meka hrim lssny
හිතට දැනුනු කමෙන්ට් එකක් මේක💗🥹
ඒකනම් පට්ටම පට්ට ඇත්ත කතාවක්. හුඟක් වෙලාවට වැටෙන හැම තැනකදිම මතක් වුනේ සර්ගෙ ඔය වචන ටික. ❤❤❤❤
මං මෙච්චර කාලෙකට කවදාවත්ම ගුරුවරයෙක් අදහනවා කියන එකට එකෙන්ම අකමැති එකෙක්.
ඒත් දැන්නම් මට "අමිල සර්" කියන්නෙ අර
" දෙවියෙක් වෙන්න ඉඳලා අම්මගෙ කීමට ගුරුවරයෙක් වුන කෙනෙක් "
💪💯🔥
මේකට නම් ඇඩුනා ❤🔥
"පිසිකල් ළමයි එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න. ඔන්ලයින් ලමයි අපි මීටින් එක එන්ඩ් කරනවා.. එහෙනම් මහන්සි වෙලා වැඩ ටික කරන් යන්න..ඊළඟ වැඩත් එක්ක හම්බෙමු..ජය වේවා"
ඒ වචන ටික හැමදාම හදවතේ තියේවි සර්❤
සර්ට ගොඩක් පිං🔥
ආදරෙයි සර්❤
බුදු සරණයි සර්ට 🌷
අනේ😢
❤🥺
ආයෙ ඊලග වැඩ නෑ නේද කියලා හිතෙද්දි 🥺💗
@@sethulidewhara2876 ane 🥺🥺♥️♥️ e wachana hamadaamath hadawathe thiyei 🥺🥺♥️♥️
මගේ ජීවිතේ මගේ අකමැතිම sub එක මම දැන් ආසම එක වුණේ සර් නිසා❤ chemistry විතරක් නෙවෙයි ඇත්තටම sir මගේ ජීවිතේ අම්මා තාත්තට පස්සේ ලොකු ම turning point ek❤
සර්ට වරදින් නෑ ,🙏
සර්ට බුදු සරණයි.🙏
''මූනවල් අලුත් උනාට මතක මැරෙන්නෙ නෑ දොස්තර මහත්තයෝ '' ❤
සර්ගෙ මම ආසම වචන ටික ,
" අනිත් අයට බැරි නිසා, ඔයාටත් බෑ කියන එක නම් හිතනන් එපා.
ගොඩක් එවුන්ට බැරුව ඇති.
ඔව් ගොඩක් එවුන්ට බැ ඉතින්.
ගොඩක් එවුන්ට පුලුවන් ඒව කරන්න ඔයා ඕනෙ නැ නෙ,
ගොඩක් උන් කරනවනෙ ඒක.
එහෙම ඔයා වැඩක් නැ නෙ.
එතකොට ඔයත් හැමෝම අතර එක්කෙනෙක් විතරක් වෙනවනෙ.
ගොඩක් එවුන්ට බැරි ඒව තමයි කරන්න ඕනෙ.
ඒව කරන්නම තමයි උත්සහ කරන්නත් ඕනෙ.
මිනුස්සුන්ගෙ හීන මරන්න හොඳ නැ, කවද හරි මිනිස්සුන්ගෙ හීන වලට පණ දෙන්න පුලුවන් මනුස්සයෙක් වෙන්න. ඊට කලින් ඔයාගෙ හීනෙට ගිහිල්ල ඉන්න. "
I truly felt it........and this is not just a saying; it's my life quote now.
🥺❤
මුල ඉදන් හිටපු ළමයි...
මැදින් ආපු ළමයි...
අන්තිම කාලේ ආපු ළමයි...
ඇයි සර්.....
සර්ට අමතක උනාද?
"සර්ගෙන් පිනට ඉගෙනගත්ත ළමයි 🥺❤️"
අමාරුම පාඩමට...
කැමතිම සර්ගේ වීඩියෝ එක...
Yt දැක්ක ගමන්ම...
හිතෙන්නේ හැමදාම මෙහෙම...
" අනේ ඒ පාඩම නම් ගොඩ 🥺❤️"
සමාවෙන්න සර්...
වීඩියෝ හොරෙන් බැලුවට...
එහෙම කරන්න උනේ...
"අම්මගේ ඇස් වලින් අසරණකම දැක්කම 🥺❤️"
දෙයක් කියන්නද සර්...
කෙටියෙන්ම කිව්වොත්...
"පඬුරු ගැට ගැහුවේ නැති මේ පාර exam එකේ මගෙ ලොකුම විශ්වාසෙ නුඹ 🥺❤️"
"ඉතින් සර්...සර්ගෙ ස්ටේජ් එකක මගේ කතාව කියන්න මං දවසක එනවමයි..... 🥺❤️"
@Amila_Dasanayake
😢😢😢😢😢
@@cdherath5696 adooow😢😢😢
Ane oyata oyage targets walata ynna labenna kiyla mn prarthana kranwa❤
all the best
oya 24 da dr?
මෙච්චර පීඩනයකින් අඩුවක් නැතුව උපරිමයට උගන්නපු මට හම්බුන හොඳම ගුරුවරයා...🥺♥️ බොහොම ස්තුතියි සර්..
Paper eka liyala enna
හෑලි අනවශ්‍යයි,චරිතයක්. එච්චරයි❤️🩹.
Thank You Sir ❤️🩹.
💯
කවදාවත් සල්ලි ගෙවල ඇවිල්ල නෑ videos හොරෙන් බලල මුළු syllabus එකම ගොඩ දැම්ම සර් එහෙම කරේ ඉගෙනගන්න ඕන නිසා සර් 🙂දවසක revision එකේ මුළු ගානම කාට හරි දෙනවා තැනකට ගියාම❤️
මං මුලිං කරන්න හිටියෙ ICT🥲..එච්චරකට මට chemistry එපා වෙලා තිබ්බෙ💔..
ඒත් engineering යන්න ආස නිසා මට chemistry තෝරගන්න වුනා .මං මුලින් chemistry මුල් පාඩම් 4 ට ක්ලාස් ගියේ නුවර එක්කට ...මං ඒ ක්ලාස් එකෙ දෙන වැඩ ඔක්කොම වගේ කරා එත් මට chemistry පේපර්ස් වලට ඒම ලොකු ලකුනු තිබ්බෙම නෑ😪...
ඒ කාලෙ වායු නියම පාඩමේ ඒම මෙලෝ රෙද්දක් තේරෙන් නෑ මට.. ඒක හිංදා a/l වල chemistry ppere එකෙ මොනා වෙයිද කියල බයෙන් හිටියේ මට මොන මගුල කරත් chemistry තේරෙන් නෑනෙ කියල..
ඊට මේකට මොනා හරි කරන්න ඕනි කියල youtube එකේ chemistry unit 4 කියල නිකමට ගැහුව ඊට පස්සෙ මුලින්ම recommend උනේ " වායු නියම day 01 " කියල 2024 theory ලමයිට කරපු වීඩියෝ එකක් ඒක නිකමට ඔබල මුලිං comments බැලුවා..හැම ලමයෙක් වගේම සුපිරි කියල දාල තිබ්බ හිංදා මාත් පරන පොතක් සෙට් අරන් නිකමට ඒක බැලුවා ...එදා අනිත් සර් පිටු 10- 12 විතර කරපු ඔක්කොම සර් පැය 3 න් පිටු 3-4 කින් කරල තිබ්බ ගනනුත් එක්ක 😂🔥...මටවත් හිතාගන්න බෑ මට එච්චර තේරුනේ කෝමද කියලවත් 😒...අර සර් ඔහේ pv= nrt ගගා ලියනකොට් මට ඉස්සර මල 😂..
එදා තමා මං 2024 theory පංතියට සෙට් උනේ ...මට එදයින් පස්සෙ මහ අමතු ගැම්මක් ආව chemistry මොනා හරි කරගන්න පුලුවන් වෙයි කියල ...මං හරි ආසවෙන් අවේ සර් ගෙ ක්ලාස් එකට (උකුවෙල සර් ගෙ ක්ලාස් ඉවර වෙලා 5 ට නුවර ඉදන් මාතලෙට එන ගමනුත් අද රෑ මොනා කියල දෙයිද කියල කුතුහලෙං බස් එකේ තැලෙනවද කියලවත් ලොකු ගානක් නෑ😅) අද වෙනකම් ඒක ඒ විදියමයි 🥺❤️...
සර් ඒ කාලෙ වෙන සර් ල 3000-4000 ට වගේ දෙන පාඩම් සර් ඔක්කොම පාඩම් වගේ rs 200-500 ට වගේ දුන්න ..ඒවගෙන් මුල් පාඩම් ටිකත් සුපිරියට අල්ලගත්ත ...inorganic ඒම පිස්සුවක් 😂🔥❤️....මට ලොකුවට මතක හිටින් නෑ කියල මං හිතන් හිටියෙ සර් කියල දෙන technique ඒක්ක ඒවත් ලේසියෙන්ම මතක තියාගන්න පුලුවන් උනා(ලෙමන් බිස්කට් කුඩු රසයි )😂🔥
ඕම යද්දි මං දන්නෙවත් නෑ වගේ ආසම subject එක වෙලා තිබ්බෙ chemistry .ඒ කවුරු නිසාවට්ග් නෙවේ සර් හිංදා 🥺❤️....එත්කොට තමා තේරුනේ chemistry ඕනිම ලමයෙක්ට අල්ලගන්න පුලුවන් ඒක ලමයෙක්ට කියල දෙන්න ඕනි විදියක් තියෙනව කියල ..සර් ඒ pattern එක ගැන හොදට දන්නව❤️ ...අද වෙනකොට මං හිතනව මං chemistry වල A මට්ටමක ඉන්නව කියල ලකුනු (60-75 range ගියේ final papers ema) ...මේ ඔක්කොම සර් සර්ගෙ exam අස්සෙ අපි වෙනුවෙන් කරපු කැපකිරීම් නිසා තමයි 🥺❤️.....පාඩම් කරන්න එපා උනාම special meeting ඒම අරං අපිව motivate කරල අතාරින්නෙ නැතුව තියාගත්තට thank you sir ❤️.....
Chemistry ගැන විතරක් නෙවේ සර් ජීවිතේ ගැනත් ලොකු දේවල් අපිට කියල දුන්න ❤️.. "ඈ online ලමයි " , එහෙමං online ලමයි අපි ඊලග දවසෙ හම්බුවෙමු වගේ වාකය කවදාවත් අමතක වෙන්නෙ නැති වෙයි 🥺❤️
මං සර් ව ඇස් දෙකට ඇත්ටටම දැකල නෑ ලගදීම දවසක A එකක් අරං සර් ව බලන්න එනව❤️ ...මං මෙහෙම msg ලියල නෑ (o/l sinhala walath c ekak😂 ) ඒත් මෙහෙම එකක් ලියන්න හිතුවෙ සර් මගෙ හදවතට දැනිච්ච උතුම් ගුරුවරයෙක් හිංදා ...පොඩ්ඩක් දික් උනානම් sorry 😒❤️....
සර් ට දීර්ගායුශ ලැබෙන්න ඕනි කියල මං වගේම අපි හැමෝම ප්‍රර්තනා කරනව ❤️...අදට එච්චරයි generation 24 එකේදි හම්බුවෙමු සර් ආදරෙයි සර්ට හැමදාමත් ❤️
❤
❤
❤❤❤ Magen Heart 3
oya 24 da dear?
When Amila sir said,
අනවශ්‍ය විදිහට හිතන්න යන්න එපා...
කරන්න බැරි වෙච්ච ඒවා හිතන්න යන්න එපා...
බැරි වෙයිද කියලා හිතන්න යන්න එපා...
පුළුවන් වෙයිද කියලවත් හිතන්න එපා...
වැඩ කරන්න...මැශින් වගේ වැඩ කරන්න...
I felt it 🤗♥️
ඒ වචන ටික සර්ගෙ කට හඬයි ඒ තියන ගැම්මත් එක්ක ඇහෙද්දි මාරම විදිහට දැනුනේ❤
ලුවිස් ව්‍යුහයක් වත් ඇද ගන්න බැරුව හිටපු මාව මාස 6 න් හොද මට්ටමකට ගෙනාව ... ගොඩක් පින් සර්ට ❤....
mewanam hena gahana atta🙂
Ado sirwata masa 6n ecchr gemak ghnna puluwnda 😮
@@GkBro-ti1xn nathuwa 😼
@@GkBro-ti1xn masa thunenuth puluwn 😌
When amila sir said,
"මේව ලේසි ජීවිත නෙවෙයි
මේව හෙන අමාරු ජීවිත
හැබැයි,
හරි ලස්සනයි
මාර ලස්සනයි 🥺❤️"
It was felt.
මෙච්චර කැපකිරීමක්.............
මෙච්චර උත්සහයක්.............
මෙච්චර හැකියාවක්.............
හෑලී අනවශ්‍යයි ළමයින්ගේ පිනට උපන් ගුරුවරයෙක්...
වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම හොදම ගුරුවරයෙක්.❤
මේ කරන කැපකිරීම් වලට සර්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබෙන්න ඕනේ.....❤❤
බොක්කෙන්ම Respect සර්........❤❤❤
💓💓
Art කරන අපිත් මේක එපා වුනු වෙලාවට සර්ගෙ වීඩියෝ බලල වැඩ කරන්න ගැම්මක් ගත්තා❤
😍
Ekanm aththa
ශයි දෙකක්ම එකපිට chemistry ෆේල් උනා..මේ පාර අනිවාරෙන් A එකක් දානවමයි..chemistry legend❤❤❤..thankyou sir..ජීවිතේ හම්බුන හොඳම ගුරුවරයා සර්
අසීමිතව හිතන්න පුළුවන් වුනත් ඒකෙන් 1% ක් වත් ලියාගන්න බැරි අසරණකමින් මේ පද පෙළ පමණක් ලියා තබමි...❤
"මට නම් සර් කියන්නෙම සීමාවක් හොයාගන්න බැරි අනන්තයක්.....🌆〰️❤"
දවසක මේ comments කියවන ළමයින්ට 😮❤
අහිංසක දෙමව්පියන්ගේ හීන වලට පණ දීපු✨️
අර පාරේ යන්න මේ පාරේ යන්න නෙමේ හරි පාරේ අපිව එක්කන් ගියපු✨️
කොච්චර බාධක ආවත් හැමදේම එක්ක මේ game එකෙ ඉන්න විදිය කියපු✨️
ජිවිතේ පට්ටම turningpoint එකේ දෙවියෙක් වගේ හම්බුනු✨️
සුපිරිම චරිතේ අපේ අමිල සර්❤✨️
සර් හැමදාම වගේ ආයෙත් කියන්න තියෙන්නේ...
"ඉස්සර මට මාර චරිත සර් අබියස මියැදුනා❤🥀"
Gd luck mgee sir......
අපි වෙනුවෙන් වෙන්කරපු හැමතප්පරේකටම ගොඩාක් පින් සර් ❤✨️
2024 A/L❤🫠
දන්නවා...!!!!
නොතේරුනු තැනක ජීවිතේ වැරදුනා....
හැබැයි විශ්වාස කරනවා දවසක ජීවිතේ හරියනවා කියලා...
දිනපු දවසට මම මේ comment එක කියවන්න ආයෙ එනවා....
එදාට යටින් පැරදුනු මට දිනපු මගෙන් ම reply එකක් වැටිලා තියෙයි....
මිනිස්සු Benz පදිනවා දැකල තියෙනවා..
BMW , PRADO , RANGE ROVER පදිනවා දැකල තියෙනවා...
සාර්ථක මිනිස්සුත් දැකල තියෙනවා...
හැබැයි ඇත්තටම ඒ මිනිස්සු ඒ තැනට එන්න කොච්චර කට්ට කනවා ඇත් ද? කියලා තේරුනෙ සර්ගෙන් තමා.....❤
"අනේ තව එක දවසක් හරි සර්ගෙන් ඉගෙන ගන්න තිබුණානම් ,තව මට ඉගෙන ගන්න තිබුණානම් ,මේක ඉවර නොවෙනවනම් "
කියලා හිතුණ එකම තැන ❤
ආසාවෙන් ඉගෙන ගන්න විදිහ
ඉගැන්නුවට සර් දහස්වරක් ස්තුතියි❤
මේ ජීවිතකාලෙටම මුණගැහුන, •ආශ්චර්‍යමත්ම මනුස්සයා❤........
•Another level Attitude එකක්......
•හිතාගන්න බැරි තරම් මාර personality එකක්....
සර්ව Replace කරනව නම් ඒ සර්ම විතරයි❤️🔥
Online ලමයි අපි meeting එක එහෙනන් End කරනවා කියන වචනෙ අද ඇහෙන්නෙ අන්තිම වතාවට කියලා දැනුනම.... සර් එක්ක ගෙවපු මුලු අවුරුද්දම මතක් උනා ....❤️
ඇත්තමයි කදුලු ආව
නිකම් පිච්චිලා ගියා වගේ😢
එකනම් ඇත්ත 🥺
අනෙ ඔව්..🥺❤
@@Dmaxproduction123 thava shy ekak palyanko
ඈ ඔන්ලයින් ළමයි කියන වචනේ ආයේ අහන්න වෙන්නෙ නෑ කියලා මතක් වුනාම මාර දුකයී සර් ❤ සර් තමා මගේ ජීවිතේ හම්බුන හොදම ගුරුවරයා ... ආදරෙයී සර් ❤දිනලම විතරක් ඉවර කරනවා 🥺
Ay 2nd shy karana mn wage un nm oka 2parak ahanwa 😅😊
ගුරුවරුත් දැක්කා ඒත් මේ වගේ ඇබ්බැහි උන ගුරුවරයෙක් හිටියේ නෑ. 🙂Thank you sir❤
සිරා
Sira bn
ඇත්ත ❤😢
ඔව් ඇත්තමයි...❤️
Atta ❤
සර්ගේ ගතිගුණ මන් බහුතරයක් මිනිස්සු අතරේ දැකලා නෑ.❤️
කවදාහරි සර් එක්ක කතා කරන්න ගොඩාක් ආසයි.මන් A එකක් අරන් සර් එක්ක කතා කරන්න එන්නම්.සර් එතකන් අපි එනකන් බලන් ඉන්න.
සහෝදරයෙක් මෙන් ගුරුවරෙක්!🙂❤️
ජීවිතය වෙනස් උනානම් ඒ වෙනස වුනේ සර් නිසාමයි ❤ හැමදාමත් ආදරේයි
Dr . Amila Dasanayake Sir ❤🥺
Exam ඉවර වුනාම දිග මැසෙජ් එකක් දාන්නම් ❤️🩹
Night එක දවසෙත් මේකමයි කිව්වෙ....අදත් කියනවා...
මේ සීමා විරහිත කැපවීමක සීමාව අනන්තය වග කියා දුන් මිනිසාය......❤
සර්ට ආදරෙයි. A එකක් අරන් කියන්නම් ඉතුරු ටික.....❤
AAA ක් දාලා මිසක් මේ ගේම් එක නවත්තන්නෙ නැ සර්❤
ඉස්සර මට මාර චරිත සර් අභියස මියැදුනා❤🥺🥺
සර්ට ගොඩක් පින්❤
Amila Sir said,
මිනිහෙක්ට ගොඩක් සැරයක් හරියන්න ඕනි නෑ...
මිනිහෙක්ට එක පාරක් හරියට හරියන්න ඕනි...
එතනින් පස්සෙ දිගටම හරියනවා.....❤
I felt it❤
ආදරෙයි අපිටත් වඩා අපේ ඒ විභාගෙට මහන්සි වුන ගුරුතුමාට.🥺
මාරම talented චරිතරයක්...
ආදර්ශමත් චරිතරයක්...
මුදල මත පමණක් කතාව ලිව්ව ගුරුවරු අතර උගන්න එක විතරක්ම කරන්නෙ නැතුව ජීවිතේ ගොඩ දාගන්න ජීවිතේක වටිනාකම කියල දුන්න ගුරුවරයෙක් ❤️🔥...
තමන්ගේ ලොකුකම්,දේශපාලන මත,තව ගුරුවරුන්ව විවේචනය කර කර තමන් ගැන තමන් විසින්ම පම්පෝරි ගහ ගහ ලමයිනේ කාලය, සල්ලි දෙකම නාස්ති කරන ගුරුවරු අතරේ මම දැක්ක මාර විදිහට වෙනස් ගුරුවරයෙක් ...කියන්න වචන නෑ මට නම් සර් ගැන❤️ Respect Sir 🔥❤️..
හැමෝටම සර්ව ලොකු ආදර්ශයක්...
අපි හැමෝම වෙනුවෙන් මේ කරපූ හැම කැපකීරීමකටම සර්ට පින්..🙏🔥
සර්ට 2000+ A අරන් දෙනවමයි අපි ✌️
බුදු සරණයි සර් ❤️🙏
දවසක කෙනෙක්ට කියනවනම්, මෙන්න මෙයා වගේ වෙන්න කියලා , බය නැතුව කියන්න පුළුවන් ඒ "මෙන්න මෙයා", තමයි අපේ සර් ❤💐✨
ජීවිතය සිතියමක්
නැහැ
ඒක සිතුවමක්
පාට ගෙන ආදරෙන්
ඔබ ඇන්ද සිතුවමක්
ගියත් ගෙන ඉසිඹුවක්
තක්සලාවෙන් ඔබේ
ගොඩනගන්නෙමු ඔබ
පෙන්වූ ඒ අපූරු විශ්වය
නොයා ඉන්නට සිතයි ඔබ ළගම
නමුත් කුමක් කරම්ද ..
ඉසිඹුවක් ඔබ ලැබූකල
දුරුව යයි මදහස
කෙහෙරැලි නටන වත අද්දර
දයාබර පියාණෙනි ,
ඉතින් අවසරයි සමුගන්න
පුරා දෑවසක
ඔබේ ගුරු සෙවණෙන් ..
තවත් දරු කැළකට
පියෙක් වී වැජඹෙන්න
මේ අපේ සුභාශිංසන ...
2024 A/L
❤️
wow😍❤❤❤
💜️🤗
"උඹට බැයිනම් කාටද පුලුවන්,මහන්සි වෙලා වැඩ කරපන් "
A role model in my life ❤💫
Sir 🙏❤
20/11/2024 ✍
"ඉස්සර මට මාර චරිත ඔබ අබියස මියැදුනා"
Thank you so much for everything sir 🥺❤️💐
සර් මම Tec. කරන්නේ හැබැයි මම සර් කිව්ව විදිහට time table වලට මගේ subjects දාගෙන මම වැඩ කරා.. ඇත්තටම ඒ විදියට වැඩ වුණා සුපිරි..❤🎉 ඉතුරු දවස් දහයත් මම ඒ විදිහට තමා වැඩ කරන්න හිතන් ඉන්නේ බොහොම ස්තුතියි සර් ❤️🔥❤️🔥❤️🔥
All the best 24/AL ❤️🔥🥳
මහම මහ පාළුවක් දැනෙනවා සර් දැන්නම්...🥺 Chemistry විතරක් නෙමෙයි ජීවිතේම කියලා දීපු , එපා වෙලා හිටපු හැම වෙලේම motivate කරපු , වැටෙන්න ගියපු තැන් වල වැටෙන්න නොදීපු , සර්ට ආදරෙයි සර් ගොඩක් 🥺💙
Mekanm aththe class iwerai kiyl dannkot sir ge dukai 😢💔
Ow😢@@Shenulashifenando
මාත් කියයි දවසක...
මගෙ ජීවිත කතාවෙ
එක් පරිච්ඡේදෙක
අහම්බෙන් හමුවු
black shirt එකක්
අස්සෙ හැංගුන
අමිල හදවතකට පණදුන්
හරි අපූරු මිනිහෙක්
කිව්ව වචන ටිකක්
හීන වලට පණ දෙන්න
හරි හයියට බොක්කට
වැදුණු බව.....🔥
"මනුස්සයෙකුට වරදින්න පුලුවන්.හැබැයි එකවෙලාවක හරියයි.එතනින් පස්සෙ දිගටම හරියයි."
24 A/L
ජිවිතේ කටුකම කාර්තුවකදී මුණගැසී..
වස්සාන සමයට පෙර මං තැනූ..
ආදරණීය ගුරුතුමා 💐🤍
මෙවන් ම වූ තවත් ළමයි දහස් ගණනකගේ ඒ වස්සානය තනා දෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා...❤️
සර්ට ගොඩාක් පිං 💕♥️
Amila sir said...
මිනිහෙක්ට ගොඩක් සැරයක් හරියන්න ඕන්නැ..
මිනිහෙකුට එකපාරක් හරියට හරියන්න ඕනි..
එතනින් පස්සෙ ඌට දිගටම හරියනවා..❤
හරියනව නෙමෙයි ඌ හරිගස්සගන්නවා..
මොකද ඌ හරියන එකේ ආතල් එක අදුන ගෙන තීන්නෙ..
වැරදිලා ඇති මාර විදියට වැරදිල ඇති
ඔයාගෙ ජීවිතේට හරි ගිහින් නැතුවැති මුකුත්..
එක තැනක හරිගස්සගන්න..
හරිගස්සගන්න chance 1k තියනවා
පට්ට අමාරු වෙයි...හැබැයි පුලුවන්✊
I felt it❤
අවසානය වෙනකන් අපි එක්ක හිටියට ගොඩක් පින් සර්..ඉතින් අවසරයි සමුගන්න අමිල ගුරු පියාණෙනි🙏🙏💐
වෙනදට නිතරම අැහෙන්නේ " අෑ ඔන්ලයින් ළමයි" කියලා කියනවා
එ්ත් අද .... " එහෙනම් ඔන්ලයින් ළමයි අපි යනවා " කියද්දි එ් දැනුන දුක මෙච්චරයි කියලා කියන්න බැරි තරම් සර්ර් ❤😢
ජීවිතේ හම්බවුනු අාදරණීයම නොසෑහෙන්න ගරු කරන ගුරුවරයෙක් තමයි සර් ... ගෙදර මිනිස්සු ඉදලම සර්ට පුදුම අාදරයක් තියෙන්නේ පුදුම විදිහට ගරු කරන්නේ ... සර්ගෙන් ඉගෙනගන්න ලැබුන එකම වාසනාවක් ❤😊
අපි වෙනුවෙන් කරපු හැම කැපකිරිමකටම වෙච්ච හැම මහන්සියකටම සර්ට ගොඩක් පින්. සාමාන්‍යයෙන් ගුරුවරයෙක් සාමාන්‍යයෙන් මනුස්සයෙක් නොකර සෑහෙන දේවල් සර් කරා අපි වෙනුවෙන් ඉතිම් එ් හැමදේටම ගොඩක් ස්තූතියි සර් ❤💫
මම 1st shy ළමයෙක්. මම මුලින්ම සර්ගේ ක්ලාස් ආවෙ 2022 වායු පාඩම පටන් ගද්දී වගේ ඒ කාලේ කලින් ගියපු ක්ලාස් එකේ මට හොඳටම කෙලවෙලා තමයි තිබුනේ. Sir උගන්නන විදිහ වෙනස් එක පාරම ඔළුවට යනවා අමතක වෙන්නෙත් නෑ කාලයක් යනකං ඒක මතකෙ තියෙනවා. සර්ගේ තියෙන විශේෂම දේ අමාරු පාඩම් ගොඩක් ලේසියෙන් දැනෙන්නේ නැතුව අපිට ඒක ඉගෙන ගන්න පුළුවන් ඒක.sir අන්තිම වෙනකම්ම අපිත් එක්ක හිටියා අන්තිම මොහොත වෙනකම්ම විභාගය ලියන්න විනඩි ගනකට කලිනුත් හිටිය. ඒක හිතට ලොකු හය්යක් උනා.ජිවිතේ අමාරුව කාල වලත් මෙක අත් අරින් නැතුව හිටියෙ amila sir උයි sir නම කියන්නෙ නැති sir උයි නිසා😅🤩.ඇත්තටම sirla නැත්ත්න් මට මෙක කරන්න වෙන්නෙ නෑ.sir කිසිම වෙලාවක අපිට බෑ කිව්වෙ නෑ.කිසිම වෙලවක මානසිකව වැට්ටුවෙ නෑ .sir ඔක්කොම ටිම මුල ඉදලම ක්‍ර්න්න පුලුවන් විදිහට සර් plan හදල දුන්නා.එක ලොකු හය්යක් හිතට😍😍.thank you sir.....😍😍♥️♥️♥️ගොඩාක් ගොඩක් ගොඩක් පින්.....sirta හොදටම හරියන්න ඔනී හැම දෙයක්ම....සර් අපි වෙනුවෙන් පට්ටම මහන්සි උනා.මට සමහර දවස් වලට හිතුන සර් ඇත්ත්ටම මනුස්සයෙකද alien කෙනෙක්ද කියල😂😂.එච්චර මහන්සි උනා.සමහර දවස් වලට දවස් දෙක තුන නිදාගෙන නෑ.මන් හිත්නව මන් මට පුලුව්න් උපරිමයෙන් කරා කියල.thanyou sir......♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ ගොඩආආආආආආආආආආආඅක් පින්😘😘😘😘😘 ආදරෙයි sir😍😍😘 result ආවම එන්නම් sirva බලල යන්න❤️
2024 A/L 1st shy
ඉස්සර මට මාර චරිත සර් අභියස මියැදුණා ❤️ සර්ලා මෙහෙම වෙනස් කරන්නෙ අපේ ජීවිතය විතරක් නෙවෙයි .. පවුලෙම අනාගතේ 🥺❤️ දුකයි සර් .. සර් කතා කරේ ක්ලාස් එකෙ අන්තිම වචන නේද කියල මතක් වෙද්දිත් 🥺 රට වටේ ඉන්න කොල්ලො කෙල්ලො ඔක්කොම එකතු වෙලා මේ game එක ගොඩ දාන්න මෙච්චර try කරන්නෙ සර්ල අපිට දෙන මොරාල් එක නිසාමයි 🥺 සර්ට පින් මේ හීන දහස් ගානක් පාට කරන්න දඟලනවට 🥺 ආදරෙයි සර් ❤️❤️
හැමදේම එපා වෙලා ඉද්දි ජීවිතේ ගොඩ දාපු ගුරුවරයා 😩💗
ආසාවෙන් ඉගෙනගන්න....🌼♡
mathath ehema yi
@nishanthaekanayake3946 💓
• ඉස්සර මට මාර චරිත සර් අභියස මියදුනා..
" ළමයි ඉරණම වෙනස් කල හැකියි සහ වෙනස් කල යුතුයි "
අමිල සර් දුන්න දරුණුම මොරාල් එක🔥
2024 . Nov . 17 , විභාගයට දවස් 6 කට කලින් , 12:52 p.m
උඹ චරිත සර්ගෙත් ක්ලාස් එකට ගියාද
මේ මගේ 1st shy එක සර්ගේ මන් සර් 2024 rivision එක පටන් ගද්දි පලවෙනි දවසේ ඉදන් ආවා
ඒ වෙනකොට තියරි ක්ලාස් එකේ organic වෙනකන් ඉවර කරලා තිබ්බත් මට අඩුම තරමේ පලවෙනි පාඩමේ ලුවිස් වයුහයක්වත් ඇදගන්න බෑ😊
දැන් මන් ගන්න හැම ලකුනක්ම වගේ සර්ගෙන් ඉගෙන ගත්ත ඒවා❤😊 තෑන්ක් යූ සර් අපි වගේ ගොඩාක් ලමයින්ගේ ජිවිතේ ගොඩ ය්න්න උදව් කරනවට 🥺💗
කවදාවත් මග ඇරගන්න හිතෙන්නෙ නෑ සර්ගේ ක්ලාස් එක ❤🥺🫶
මන් දැකපු පිලිවෙලම මනුස්සයා...❤ ආදරෙයි අහස තරම් අපේ සර්...❤
ජීවිතේ දැකපු හොඳ ම ගුරුවරයා. ඒකට හේතු ගොඩයි.
සර් කවදාවත් කොයිම වෙලාවකවත් කල් මදී බෑ කියන දේ අපේ ඔලුවට දැම්මෙ නෑ . එක්සෑම් එකට සතියක් තියෙද්දි දැන් වුනත් කියන්නේ " ඔයාලට පුළුවන් ලමයී. ඔයාලා හිතනවට වඩා දෙයක් කරන්න මේ කල් ඇති . කල්පනා කර කර ඉන්නෙ නැතුව වැඩ කරන්න"කියලා.
අතෑරල දාන්න හේතු ගානක් තිබ්බත් සර් නිසා අන්තිම වෙනකම් අල්ලන් ඉඳපු ලමයි ඕනෙ තරම් ඉන්නවා.
අපි වෙනුවෙන් කරපු හැමදේටම ගොඩක් ස්තූතියි සර්!❤
Generation 24'❤️
17.11.2024.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිල කල නොහැකි ඒ අද්විතීය මිනිසා " අමිල " නම් විය ..❤ Thank you very much our hero who is Dr. Amila Dasanayake
මං සර්ගෙන් ඉගෙන ගත්තෙ youtube free දුන්න පාඩම් විතරයි.ඒ ටික දැන් හොඳටම පුළුවන්.කියන්න තියෙන්නෙ සර්ට ගොඩක් පිං කියල විතරයි...❤❤❤
මම දැකපු perfect ම 💯 මනුස්සයා Amila Sir ❤️
මේ මගේ 1st shy එක .
Sir ගැන දැනගන්න ලැබුනෙ
A/L කරන්න අරන් අවුරුද්දකට විතර පස්සෙ.
ඒ වෙන්කොට chemistry කියන වචනෙ ඇහුනත් එපා වෙන තත්වෙක මම හිටියෙ .
sir ගෙ clz එකට ආපු පලවෙනි දවස තමයි මගේ ජීවිතේ turning point එක.එදා හිතුනා මෙච්චර කල් chemistry කියලා ඉගෙන ගෙන තීන්නෙ මොනවාද කියලා.
කලින් එපාම වෙලා තිබුන subject එක අද වෙනකොට ආසම subject එක කරේ sir .❤️
0 මට්ටමේ හිටිය මාව අද වෙනකොට A/B මට්ටමට ගෙනාවෙ sir..❤️
Papers කරද්දී සමහර ප්‍රශ්න තිබුණා උපරිම ලකුණටම යන්න පුලුවන් වුන.කිසිම දෙයක් බැරි තත්වෙක ඉදලා එහෙම ලකුණු ලැබෙද්දි දැනුන සතුට වචන වලින් කියන්න තේරෙන්නෑ sir.
ඒ හැමදේම sir නිසා තමයි ❤️.
sir ට ගොඩාක් පින්.❤️
sir නිසා ඉගෙන ගත්තෙ chemistry විතරක් නෙවෙයි .ජීවිතේ කියන්නෙ ඇත්තටම මොකද කියලා ඉගෙන ගත්තෙ sir නිසා .
හැමෝම බෑ බෑ කියල අතඇරලා දාන දේවල් නෑ එහෙම බැරි නෑ කරන්න පුළුවන් කියන confidence එක ආවෙ sir නිසා.උපදෙස් විතරක් දිදී හිටියෙ නෑ sir ඒ දේවල් කරලම පෙන්නුවා.
Thank You So Much Sir.... Final MBBS වගේ ලොකුම ලොකු exam එකත් තියා ගෙනත් අපිට clz කරනවා කියල ගනිපු decision එකට.
sir ගැන කොච්චර කිව්වත් කියල ඉවර කරන්න බැරි තරම් දේවල් ගොඩාක් තියෙනවා .sir කියන්නෙ කියවලා ඉවර කරන්න බැරි පොතක් වගේ.
අම්මගෙනුයි තාත්තාගෙනුයි පස්සෙ
මං ජීවෙතේ වැඩිපුර ම ගරු කරන කෙනා තමයි sir.❤️
sir ට අපි ගොඩාක් ආදරෙයි
හැමදාමත් ...❤️....
Thank You So Much Sir අපි වෙනුවෙන් කරපු හැම දේකටම❤️
sir ගෙ හැම දෙයක්ම sir හිතාගෙන ඉන්නවාටත් වඩා සාර්ථක වෙන්න ඕන ❤️.
"ඉස්සර මට මාර චරිත sir අභියස මියැදුනා."
Superb 🤍
Mtat me tikmy
Final MBBS එකත් තියාගෙන අපි වෙනුවෙන් කරපු ඒ කැපකිරීමට හදවතින්ම respect sir 🥺💜️සර්ට සර්ගෙ එක්සෑම් එක reapeat වෙන්න එපා කියල ප්‍රාර්තනා කරනව..❤මගේ ජීවිතේ role model සර් තමයි...ඒ තැන කාටවත් ගන්න බැහැ..💜️සර්ව කවදාවත් ඇත්තට දැකල නැහැ.හොද රිසල්ට් එකක් අරන් සර්ව හම්බවෙන්න අනිවාරෙන්ම එනව....ආදරෙයි සර්..❤💜️සර්ට උතුරන්න හරියන්න ඕනෙ....💜️ඉස්සර එපාම කරපු විශය ආසාවෙන් ඉගෙන ගත්තෙ මගෙ සර් නිසා..දෙවියෙක් වගේ සර්ව මටනම්...💜️🥺සර්ගෙ අම්මටයි තාත්තටයිත් ගොඩක් පින් සර් වගෙ පුතෙක් හදපු එකට........🥺💜️බුදු සරනයි සර්........කොහේ කොහොම හිටියත් මට බය නැතුව කියන්න පුලුවන් සර් තමයි මගේ ජීවිතෙ වෙනස් කරේ 💜️🥺...ආදරෙයි සර්....
ලෝකෙ එක එක භාෂා තියනවා . ඒවගෙ ඇතිවෙන්න අකුරුත් තියනවා ඒත් සර් අද මට මේ වෙලාවෙ සර්ට ස්තුති කරන්න ඒ හැම අකුරක්ම ගැලපුවත් මදි සර් 🥺 අපිට ජීවිතේ හොදම හමුවීම් මුනගැහෙන්න කාලයක් යනවා . සර්ත් අන්න ඒ වගේ මගේ ජීවිතේ හදාගන්න මට මුනගැහුන හොදම හමුවීම් වලින් කෙනෙක් සර් 🥺🙏 හැමදාම තිරයකින් සර්ව දැක්කත් , device එකකකින් සර්ගෙන් ඉගෙන ගත්තත් සර් අපේ හිත්වල ලොකුම ලොකු ඉඩක් අරගෙන සර් . ඒක අද තමා මට හොදටම තේරුනේ 😔 අසීමිතව කැපකිරීම් කරලා අපිට ඉගැන්නුවා වගේම වැටෙන හැම මොහොතකම ගුරුවරයෙක් සහෝදරයෙක් යන දෙවිදිහටම උපදෙස් දීලා ඒ හැම මොහොතකම අපිට අත දුන්නට සර්ට පිං සර් .🙏🙏 ඉතින් ආදරණීය ඇදුරුතුමනි ,අප වෙනුවෙන් කල අසීමිත මෙහෙවරට ගොඩක් පිං ❤️ ගොඩක් ස්තුති 🥺❤️
තවත් කියනවා නම් සර් වචනෙන් කියලා නිම කරන්න බැරි තරමටම සර්ට ගරු කරනවා ආදරෙයි සර් 🥹❤️
ඉතින් වෙදදුරු තුමනි ඔබේ වදන් පවා මට ඔසුවක් වුනා මේ සමය පුරාවටම . සර්ගෙ ජීවිතේ තව තවත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සර් . බුදුසරණයි සර් ජයවේවා ❤🥺
ආසාවෙන් chemistry ඉගෙන ගත්ත අපේ හිත්වල වීරයා @Amila_Dasanayake ❤🥺 thank you සර් ❤️❤️
කොමහරි හොදම results එකක් දානවා සර් ❤🥺
කවද හරි ජිවිතේට අභියෝගයක් එනකොට සර්ව මතක් වෙයි 🥺
වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම 'අමිල ගුරුවරයෙක්'....🙏🙏🙏
මොනවද කරන්නෙ කියලා හිතා ගන්න බැරුව අත්හරින්න හිටපු වෙලාවක
ඉඩෝරයකට නිමාව ගෙනෙන වස්සානයක් මෙන් මගේ ජීවිතේ ආලෝකමත් කරපු ගුරු තරුව
මාසෙකට ආසන්න කාලයක් screen එකකින් දැකපු
ඒ ගතවුණු කෙටි කාලය අවුරුදු ගානක් වගේ දැනුණ
අදහන්න පුලුවන් දෙවියෙක්....
හැබැයි දැනටත් මම කනගාටුවෙන කරුණක් තමයි,
'ඇයි සර්ව කලින් මුණ නොගැසුනේ ' කියන එක....
ඒ කොහොම වුණත් අන්තිමට හරි සර්ව හම්බුණා....❤
සර් ජීවිතේ ගන්න හැම පියවරක්ම ඉහළින්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...❤🌼💐
තෙරුවන් සරණයි!සර්...🙏❤
පංති ආවේ නැති උනාට ගොඩක් දේවල් ඉගෙනගත්ත සර්ගෙන්..👌❤...ලොවෙත් නැතිවෙන්න ගේමක් ගහන පට්ටම චරිතයක්..💯💓
Sir මොනවා කියන්නද මංදා සර් අපි වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරලා තියෙනවා.වචන නෑ සර් කියන්න.ස්තුති කරන්නේ කොහොමද? සර් කරපු කැපකිරීම ඉස්සරහා අපේ වචනත් හරි පොඩි....ගොඩක් පින් සර් අපි වෙනුවෙන් හැමදාම ඉදියට........අමතක වෙන්නේ නෑ සර් කවදාවත් අමතක වෙන්න දෙන්නෙත් නෑ....අපි A/L Exam එක වෙනුවෙන් මහන්සි වුනාට වඩා සර් අපි වෙනුවෙන් මහන්සි වෙලා...ජිවිතේ ගැන කියලා දුන්නු සර්, ඉස්සරහට ජිවිතේ වැටෙන තැන්වල සර්ගේ හයිය,ඒ කටහඩ නැතුව ඉන්න විදිහ විතරක් අපිට කියලා දුන්නේ නැ.ගොඩක් ආදරෙයි සර්........ජිවිතේ ඉස්සරහට ජිවත් වෙන්න ඕනා විදිහ කියලා දුන්නට ගොඩක් පින්....වචන මදි කියන්න සර්....සර් දුන්නු හයිය හැමදාම අපි එක්කම තියේවි....හදවතේ ගුරුවරයා
Stress එකක් දෙන්නෙ නැතුව හොඳට උගන්නපු මට මුණ ගැහුණ ජීවිතේ හම්බුන හොඳම ගුරුවරයා....❤
පට්ට ආදරෙයි සර්...❤
2024 අපිට මේව දවසක දකිනකොට මාර memory එකක් වේවි...❤
ඇත්තටම ගොඩක්ම ලොකු පාළුවක් දැනෙනවා sir.... ආයෙත් class එකට එන්න, "zoom පුටුවක් අල්ලගන්න" , midnight එකේ සින්දුවක් අහල කිසිම pressure එකක් නැතුව වැඩ ගොඩක් කරන්න වෙන්නෙ නෑ කියල මතක් වෙද්දි පුදුම පාළුවක් දැනෙන්නෙ....🥺🥺
Sirta කොයිතරම් වැඩ, exams තිබ්බත් අන්තිම දවස්ටිකේ ගෙදර අයගෙ කටහඩට වඩා මම ඇහුවෙ sirගෙ කටහඩ....❤️
මේ තරමටම අපි වෙනුවෙන් මහන්සි උනාට ගොඩක් පින් sir...🙏
නමේ තියෙන විදියටම ඇත්තටම 'අමිල' චරිතයක්....❤️
"මිනිස්සුන්ට හැමදාම හරියන්නෙ නෑ ළමයි. හැබැයි දවසක හරියයි. එතනින් පස්සෙ හැමදාම හරියයි...."
Thank you for everything sir....❤
"ආසාවෙන් ඉගෙනගන්න."
Echem.
2024/11/17.
කොච්චර physical class ගියත් ඒ කිසිම class එකක් ඉවර වෙද්දි දැනුනෙ නැති අමුතු දුකක් කවදාවත් ඇත්තටම දැකලා නැති screen එකකින් විතරක් දැකපු sir පන්ති ඉවර කරද්දි දැනෙයි කියල මම හිතුවෙ නෑ කවදාවත්ම..
😔❤
මාස 6 ක් පුරාවට chemistry විතරක් නෙවෙයි ජීවිතේ ගැන target ගැන කියල දීලා ඒ දුන්න moral එකට ගොඩක් ස්තුතියි කියනවට වඩා ඇත්තටම ගොඩක් පින් සර් ❤❤....
ඒක ඇත්ත ❤
මේ මගෙ fourth shy එක.අවෘදු හයක් එක එක අය පස්සෙ ගිහින් මට al වගේම ජීවිතෙක් එපා වෙලා තිබ්බෙ.අහම්බෙන් සර්ව හම්බුනෙ ඇත්තටම මේ යන්න කලින් කියලා යන්න කියන මැසේජ් එක දකිද්දි හිතට අමුතුම හැගීමක් ආවා සර්.අනිත් පන්ති ඉවර වෙනකම් බලන් හිටිය මට අවන්කවම තවත් සර්ගෙන් ඉගෙන ගන්න තිබ්බ නම් කියන හැගීම ආවා සර්.මන් විබාගෙ ගොඩ ගියත් නැතත් මට ජීවිතේ හම්බුනු ආදරනීයම චරිතයක්.ජය වේවා සර්.ආදරෙයි පැලෙන්ඩ♥️
Yko ube jiwithema al da 😮 anika 4th shy eken campus yannath ba ne bn aparde bn ube kale ubata aduma gane commerce,art wage sub ehekwath maru wwnna thibba 😢
@GkBro-ti1xn ♥️fourth shy kiyanne third eka skip kla.ekai.third shy ekt awa admission eka thiyenv.eka pennl campus gihaki
මැරුණු හීන වලට පන දුන්න අමිල ගුරුවරයෙක්❤
ගොඩක් ස්තූතියි සර්❤
මුලින්ම කියන්න ඕනි සර්,සර් මාරම චරිතයක්...❤️🩹💫
සර්ව මට හම්බෙන්නෙ මගෙ යාලුවා නිසා...මුලින්ම ක්ලාස් එකට සෙට් වෙන්නෙ 2024 මාර්තු වල...ඒ වෙනකන් එපා වෙල හිටිය සබ්ජෙක්ට් එක මාර ආසාවෙන් ඉගෙන ගත්තා..එදා ඉදන් මාර ආසාවෙන් වැඩ කරේ...🤍🍃
සර් නැත්තම් මන් exam එක ෆේල් වෙයිද දන්නෙත් නෑ...සර්ගෙ ක්ලාස් ආවට පස්සෙ මාර ගැම්මෙන් වැඩ කරේ...එදා එහෙම රිවිශන් අපු මන් අන්තිමට නැවතුනේ සර්ගෙ තියරි ක්ලාස් එකෙන්..සර්ට කොච්චර කොහොම ස්තූති කරන්නද කියලා හිතා ගන්න බෑ... සර්ගෙ exam අස්සෙත් අපි වෙනුවෙන් කරපු සහ කරන හැම දේකටම බොහොම ස්තූතියි සර්...ඉස්සර ගියපු ක්ලාස් එකේ මොනාද කරේ කියලා හිතෙනවා සර් එක්ක බලද්දි...Medicine select වෙලා අනිවාරෙන් මේකට රිප්ලයි එකක් දානවා මන්....අයේමත් සර්ට බොහොම ස්තූතියි....❤💗
(comment එක දිග වැඩියිද මන්දා....🤭😊හැබැයි අන්තිමට කියන්න ඕනි මගෙ යාලුවට ගොඩාක් ස්තූතියි 💗✨)
2024 Theory
24.11.17🤍
මිල කල නොහැකි අමිල නාමයට, ලමයි වෙනුවෙන් සැබෑ සේවයක් කරන ගුරුවරුවරයෙක්.❤❤
ගොඩක් පින්... ගොඩක් ඉස්තූතියි සර්❤🎉
කොච්චර කෙලවුනත් තාම මේක කරන්න පුලුවන් කියල අල්ලගෙන ඉන්නෙ සර්ලා නිසා 🥺❤️ ගොඩක් පින් සර් 🥺🙏❤
අවුරුදු 5ක A/L ජීවිතේ අවසානය සර්ට ගොඩක් පින්
Good Luck Aiye 🎉❤️🩹
සර් කෙනෙක්‍ට වඩා අය්යා කෙනෙක් වගේ අපිත් එක්ක හිටපු සර්...
කවදාවත් අමතක වෙන්නෑ🥺❤️
ගොඩක් පින් සර්❤
අවුරුදු 5ක A/l ජීවිතේ නිමාව❤️
හරි මග පෙන්වීමක් නැතිකම,මගේම මෝඩ තීරණ, ක්ලාස් හරියට තෝර නොගත්ත එක නිසයි මට 3rd shy වෙනකං මේක කරන්න වුණේ. Second shy සර්ගෙ ක්ලාස් ඇවිත් හොද මට්ටමක අන්තිම වෙද්දි ඉදලත් exam එක මැද්දෙදි ආපු ලොකු ප්‍රශ්නයක් නිසා මට C තුනකින් නතර වෙන්න වුණා. එහෙම වුණෙත් මගේම වැරැද්දකින්. ළගම අයව ගොඩක් විශ්වාස කරන්න ගිය නිසා...
2024 අවුරුද්ද තරම් ජීවිතේ පාඩම් උගන්නපු අවුරුද්දක් මෙතෙක් මගෙ ජීවිතේ නෑ. ගොඩක් දේවල් නැති වුණා වගේම ඊට වඩා හොද දේවල් ගොඩක් මගෙ ජීවිතේට ලැබුණා. අවුරුද්දෙ මුල මාස ගානක් අඩ අඩ හිටිය මං ආයි නැගිට්ටෙ සර්ගෙ වචන නිසා❤
මං වගේම ළමයි දාස් ගානකට අරමුණක්, බලාපොරොත්තුවක් දීලා ජීවිතේ හරිම පාරට ගත්ත එකම ඇති සර්ට හරියන්න.සර් වගේ හිතිනුත් ගතිනුත් මිනිස්සුන්ව සුවපත් කරන්න පුළුවන් කෙනෙක් වෙලා එන්නම් වැඩි කල් නොගිහින්ම.......
ස්තූතියි සර්...මොනම දේකටවත් වට්ටන්න බැරි වෙන හිතක් ගොඩනගපු එකට🥺❤️
ඇත්ත. හැමදාම වරදින්නෑ. හරියන්න ගත්තම දිගටම හරියනවා✨
''හැමදේම හරියන්නෙ නෑ ලමයි ඒත් එක දවසක හරියනවා එතනින් එහාට දිගටම හරියනව''
සර්ට මාරම ඉඩක් තියෙන්නෙ හිතෙ❤
සර් මෙච්චර වැඩ ගොඩක් අපිව ගොඩදාන්න කරද්දි ටියුශන් විතරක් කරන ගුරුවරු සර් කරපු වැඩ වලින් 1% ක් වත් කරේ නැ අපි වෙනුවෙන් වෙනුවෙන් .සමහර තැන්වල සර්ගෙ තත්වෙ දැනගෙන හිටපු නිසා ඒ තත්ව තියෙද්දි මනුස්සයෙක්ට මෙහෙම නිවිච්ච විදියට මෙච්චර focus එකකින් මේ වැඩ කරන්න පුලුවන්ද කියල හිතුන වාර අනන්තය්. අපි වෙනුවෙන් කරන්න ඕන දේවල් වලට සිය දහස් ගුනයකින් වැඩි දේවල් සර් අපි වෙනුවෙන් කරා. ඒ පිනම ඇති සර්ට❤. සමාන්‍ය මිනිහෙක්ට කරන්න තියා හිතන්නවත් බැරි වැඩ කොටසක් කරපු ,අපිව ගොඩ දාන්න උපරිමෙන් කැපවුනු සර්ට සිය දහස්වාරයක් පින් . ❤❤❤
මොනවද කියන්න ඕනේ කියන්න තේරෙන්නේ නෑ සර්. ඇත්තටම මන් සර්ව අඳුන ගත්තෙත් මගේ යාලුවෙක් කියලා. "අමිල සර්ගේ වීඩියෝස් බලන්න. හොඳට පාඩම තේරෙනවා." එදා ඉඳන් කෙමෙස්ට්‍රි ඉගෙන ගත්තේ සර්ගෙන්. පේපර් ක්ලස් ආවා. එකම එක දවසක් සර්ව ඇස් දෙකට බලගන්න ඕනේ කියල හිතලා නුගේගොඩ රොටරි එකට ආවා. ඒත් අවාසනාවටද දන්නේ නෑ. එද ඩිස්කශන් එක කලේ සර් නෙවේ. සර්ව බලාගන්න බැරි උනා. ඒත් කවදමහරි එනවා මන් අනිවාරෙන් මගේ රිසාල්ට් එකත් අරන් සර්ව බලන්න. ස්ක්‍රීන් එකෙන් විතරක් දැක්ක ඒ මැජික්කාරයව බලන්න. සර් කිව්වත් වගේ *ආසාවෙන් ඉගෙන ගත්තා*. ජය වේවා සර්! දිනෙන් දින දියුණු වේවා! තෙරුවන් සරණයි! 🥺❤🙏💐
"පිසිකල් ලමයි එහෙනම් පරිස්සමින් ගිහින් එන්න..ඔන්ලයින් ලමයි අපි එහෙනම් මීටින් එක එන්ඩ් කරනව...ඊලග වැඩ ටිකත් එක්ක හම්බෙමු..මහන්සි වෙලා වැඩ ටික කරන් යන්....ජයවේවා" 🥰
සර්ගෙ මේ වචන ටික අහන්න ක්ලාස් එකෙ අන්තිම තත්පරෙ වෙනකනුත් හරි ආසාවෙන් බලන් ඉන්නව......
ජීවිතේ කටුකම කාර්තුවකදී මුණ ගැසී ,වස්සාන සමයකට පෙරමං තැනූ ආදරණීය ගුරුතුමනි,
චිරං ජයතු❤️🔥🥺
මන් A/l වල්ට ඇවිත් අවුරුදු 2 ඉගෙන ගත්ත මෙ අවුරුද්දෙ ජනවාරි වෙනකොට මට cemistry මෙලෝ දෙයක් බෑ ඉට පස්සෙ මම යාලුවො කියනව ඇහිල සර්ගෙ රිවිශන් එකට ගියා . මට එපාම කරපු විශය උනෙත් මේක . ඉට පස්සෙ සර්ග්‍ර් ක්ලාස් එකට ගිහින් හෙන ආසවක් ආවා මෙ විශේට මන් ගොඩක් මෙ විශයට මහන්සි උනා මට තාම ලොකු ලකුනක් නැ පේපර් වලට ඒත් මන් හිටපු විවිහත් එක්ක මට එ ලකුනු ගාන ගොඩක් ලොකුයි . සර්ට ගොඩක් ස්තූති මෙ කරන දේවල වලට .මන් සර්ව ඇස් දෙකට එක පාරක් වත් දැකල නැ . එත් මන් පට්ටම ආදරෙයි සර්ට .සර්ට ගොඩක් පින් සර් ❤..❤
මොනා කියන්නද සර්ලා දෙන්නා ගැන🥺 Online උනත් ගුරුවරයෙක්ව මෙච්චර දැනුන පලවෙනි වතාව. අත අරින්න හිතපු ගොඩක් තැන් අල්ලගෙන හිටයෙ සර්ලා දෙන්නගෙ ඒ වචන නිසාමයි🥺❤️
කට පාඩම් කරන්න,මතක හිටින්නේ නැති විෂය කරුණු film එකක් විදියට හරි ලස්සනට කියලා දුන්න,
ඉලෙක්ට්‍රෝන,මවුල,සංයෝග,මූලද්‍රව්‍ය එක්ක කතා කරන්න කියලා දුන්න,
එපා වෙලා තිබ්බ විෂයක් ආසාවෙන් ඉගෙන ගන්න කියල දුන්න,
අප ගුරුතුමන්ට කෙසේ තුති පුදන්නද නොවැටහේ 2024 සිසුන් ලෙසට !!!🥺❤
සර් මම සර්ගේ ක්ලාස් එන්නේ අන්තිම මාසේ..මට මුලින්ම සර්ව සෙට් වෙන්නේ inorganic night එකෙන් ...සර් ඇත්තටම මම ඒ ලෙවල් අත් හැරලා තිබ්බේ...නමුත් මට chemistry තේරූම් ගන්න පුළුවන් කමක් තිබුණා...ඒත් සර්ගේ inorganic night එකෙන් පස්සේ සර්ගේ උගන්නවන විදිහ මට මාර විදිහට සෙට් වුනා...ඉතින් මම නොවැම්බර් මාසයේ සර්ගේ one last time එකට join වුනා...
ඉතින් සර් ගොඩක් ස්තූතියි..වගේම පිං මාව මේ ගේම් එකට ඇදලා දැම්මට..දැන් මේ shy එකෙන්ම මේක ගොඩ දාගන්න ශක්තිය මට ආවා...සර් මේ අවුරුද්දේ ගහපු ගේම වගේම ගේමක් මං පුළුවන් විදිහට මේ ටික කාලේ ගහනවා...
ඉතින් සර් ගොඩක් ස්තූතියි,පිං
එකෙන්ම සර් චරිතයක්❤
"ආන්තරික මූලද්‍රව්‍ය අතරේ සින්ක් වගේ ආන්තරික නොවී ඉන්න කියලා දුන්නට අනේක වාරයක් පින් "🥺❤️
යන්න කලින් මෙහෙම කියලා යන්නම් ...
දිනලම ඇවිත් වචනයක් කියලා යන්නම් 🤗💗
"ඉතින් එබැවින් නවතිමී
හදින් පිටමං නොකරමී !"
🤍🍃
මැරුණ හීන වලට පන දුන්නු අසහාය ගුරු පියාණනි
ඔබට ස්තූතියි 💗
නමෙ අරුතෙන්ම මිල කළ නොහැකි චරිතයකි ඔහු...
මෙතරම් ආදරයක් ලබන්න තරම් ළමයින්ගේ හිත්
තුළට කා වැදුණු
කිසිදා නොමැකෙන
අමරණීය සටහනකි ඔහු....
"නමට පමණක් ගුරුවරයෙකු නොවු ගුරු දෙවියෙකි ඔබ...."❤️🙏 Thank you so much sir....
මගේ A/L ජීවිතයෙ මට හම්බුන හොඳම ගුරුවරය තමයි සර්❤️❤️❤️අත්තටම කිව්වොත් සර් නම් මාරම චරිතයක්😎❤️
මං සර්ට මාරම විදියට respect කරනවා සර්🫡🫡
❤️ THANK YOU VERY MUCH SIR FOR EVERYTHING❤️
කවදාවත් you tube message ekak dala na. exam iwara wela mekta comment ekak danawa kiyala hitan hitiye. හරි පාලුවක් දැනෙනවා ඒ කට හඩ නැතුව. හැම කෙනෙක්ගෙන්ම මේ ලෝකෙට ප්‍රයෝජනයක් තියෙනවා. ඒ වෙනුවෙන් හැදුනු හීනවලට , මැරුනු හීනවලට පන දුන්නට ගොඩක් ස්තූතීයි සර්.....😍 ආසාවෙන් ඉගෙන ගන්න. 🌹 [ 2024A/L]
ජීවිතේ අමාරුම කාර්තුවක අපි වෙනුවෙන් අපි එක්ක හිටියට ගොඩාක් පින් සර්.
අතරමං වෙන්න ගිය ගොඩාක් කලු සුදු ජීවිත සර් නිසා ලස්සනට පාට වෙන්න ඇති ✨️
සර් එක්ක ආසාවෙන් ඉගෙන ගත්‍ත මේ කාලය ජීවිතේ හැමදාම මතක තියේවි ගොඩාක් ලස්සන මතකයක් විදියට.
හැමදේකටම ගොඩාක් ස්තූතියි ❤️
බුදු සරනයි මගේ සර් 🙏
ස්තූති සර් මෙච්චර කැපකිරීමක් කරලා අපිට ඉගැන්නුවට. පට්ටම ආදරෙයි සර්.. මට මගෙ තාත්තා කෙනෙක් සර්. ජීවිතේ වැටෙන හැමතැනකදිම සර්ගේ වචන මතක් වෙයි. අපට ඉහළින් ඇත්තේ අහස පමණයි. ඒක වෙනස් වෙන්නෙ නෑ. අහසත් පරාදයි සර්ට. ඉස්සර මට මාර චරිත ඔබ අභියස මියැදුනා. ආදරෙයි සර්❤❤❤❤❤❤❤...ගොඩක් පිං..ස්තූති සර්..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හැඟීම් වචන කරන්න බැ කියල අහල තිබ්බට තේරුණේ අද.........මාස කීපයක් ඇතුලත මෙච්චර කල් ඉගෙන ගත්තෙ මොනවද කියල හිතෙන තරමට සර් උගන්නපුව තේරුනා.❤️ ජීවිතේ ප්‍රශ්න ගොඩක් එක්ක ආව ගමනක් දැන් ඇති කියල හිතුන හැමවතාවෙම අල්ලන් හිටියෙ , හය්යක් උනේ සර්ගෙ වචන ❤️ ඇබ්බැහිවීම් කියන්නෙ මෙන්න මේ වගේ දේකට ; හරි දුකයි මෙ ගමන ඉවරයි කියල දැනෙද්දි සර් ❤️💔 එච්චර ලොකු presure එකක් ඔලුවෙ තියන් ඒක පොඩ්ඩක්වත් දැනෙන්න නොදී තිතකවත් අඩුපාඩුවක් නැතුව අද වෙනකං අපි වෙනුවෙන් කරපු කියපු හැම දේකටම ජීවිතේ උපරිම සාර්ථක වෙන්න ඕනෙ ❤️ ජීවිතේ හම්බ උන ගුරුවරු අතරෙ හදවතේ උඩින්ම ඉන්න කෙනෙක්❤️ දවසක එන්නම් දිනල සර්ව බලන්න .
Exam ඉවර වෙලාම comment එකක් දානවා කියල හිතන් හිටියෙ . නොහිතපු විදියට කතන්දරේ වෙනස් උනානෙ . මේ වගේ unexpected situation එකක්දි උනත් මාර අමාරුවෙන් මේක අල්ලන් ඉන්නෙ සර් නිසා . එකපාර exam කල් ගිය නිසා මොනාවා කරගන්නද කියල හිතාගන්න බැරුව ඉන්නකොට plan එකක් හදලා දීලා ආයෙම track එකට අපිව දැම්මට thank you sir 🥺. මම අවුරුදු දෙකකට වැඩි කාලයක් සර්ගෙන් ඉගෙනගත්තා සර් මොන pressure එකක හිටියත් අපිට ඒක නොදැනෙන්න මාර ලස්සනට lessons handle කලා ප්‍රශ්න නිසා මේක එපාම වෙලා අත ඇරලා දාන level එකටම වැටිල හිටියත් clz එකට ගිහින් එදා දවස සර් එක්ක සතුටින් වැඩ ටික කලාහම ආයෙම කොහොමහරි මේක කරනව කියන feeling එක හිතට ආව. එනිසා අදටත් මම fight කරනවා Echem කියන්නෙ tution clz එකක් නෙවේ අපි family එකක් . හොද රිසල්ට් එකක් එක්කම සර්ව හම්බෙන්න එන්නම් ❤️
මේකනම් ඇත්ත 😊 අතාරින්න හිතුන හැම වෙලෙම අල්ලගෙන හිටියෙ සර්ගේ ඒ වචන නිසාමයි 🥺💗
බොද වෙලා අත් ඇරලා දාලා තිබිච්ච හීනවලට පනක් දිලා ආසාවෙන් ඉගෙනගන්න කියලා දුන්නෙ සර්..❤ එපා වෙලා බෑ කියලා හිතෙන වැටෙන හැම වෙලාවෙම නැගිටින්න සර්ගෙ වචන මාර හයියක් උනා...❤ විභාගෙට දවස් හතක් තියාගෙන කොච්චර ආමාරු උනත් අන්තිම වෙනකං අත්අරින්නෙ නැතුව වැඩ කරනවා... ආසාවෙන් ඉගෙනගන්නවා කියන්නෙ මොකක්ද කියල කියලා දුන්නෙ සර්... සර්ට ගොඩක් පිං...❤🥺 සර්ගෙ ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...🥺💖 මගේ ජීවිතයේ මට හම්බුන හොදම ගුරුවරයා❤
2024 A/L liyana hemotama good luck💖
ආදරණීය අමිල සර් වෙත.....
සර් ගැන නම් කියන්න වචන නෑ සර් ...🥺
කවදාවත් ඇස් දෙකට දැකලා නැති උනත් subject එක ගොඩ දා ගන්න සර් දුන්න උදව්ව නම් මාරයි සර්❤හැමදාම ක්ලාස් එකේ හිටියේ, online ළමයි කියන කොටසේ සර් ....🥺
subject එක ගැන කිසිම විශ්වාසයක් නැතුව ඉද්දී සර් දුන්න ගැම්ම තමා අද තියෙන්නේ සර් ....
සම්පූර්ණයෙන්ම වැටිලා හිටපු විශයට ලොකු පනක් දුන්නෙ සර් ...
අවුරුදු ගානක් සර් ගෙ පන්ති ආවේ නැතත්, මේ ආපු මාස ගානට සර්ගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා, ඒ හැම දේකටම ගොඩක් පින් සර්
සර්ගේ විභාග කටයුතු වගේම ජීවිතේ හැමදේම හරියන්න මේ දහස් ගණනක් ළමයින් වෙනුවෙන් කරපු පින් කන්දම ඇති සර් ❤ සර් ට හැමදේම හරියන්න ඕන.....
අපි වෙනුවෙන් සර් කරපු මේ අමිල මෙහෙයට, තවමත් උපමාවක් නැත..❤❤
සුදු ඇඳගෙන කළු ඇවිදින් කියන අමරණීය චරිතයේ අමිල මෙහෙය තවත් බොහෝ කෙල්ලො ,කොල්ලො න්ගේ සිහින වලට පන දෙවි කියලා මන් විශ්වාස කරනවා සර් 🙏♥️
බුදු සරණයි සර් 🙏🙏🙏🙏
2024 A/L batch ♥️
මෙච්චර මාස ගාණක් පුරාවට ම online එකෙන් අපිව දැකලා නැති උනත් අපි ගැන හොයලා බැලුවට සර්ට ගොඩක් පින් ..❤️❤️☺️☺️ කියන්න වචන මට මතක් වෙන්නේ නෑ සර්.. ඇත්තටම හිතට වැදුන සොඳුරුම ගුරුවරයෙක්.. අපි වෙනුවෙන් මහන්සි වුණ හැම තත්පරයකටම සර්ට උතුරන්න හරියනවා..😊😊 අපි අනිවාර්යෙන්ම මේ ගේම් එක ගොඩදානවා...👊👊 එදාට සර්ව හම්බවෙලා කතා කරන්න එන්නම් එතකං පරිස්සමින් සර්ගෙ වැඩ ටික හරියට කරගන්න.❤️❤️❤️ ❤️❤️❤️❤️❤
Thank you so much sir.🥺🙏 මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ. අද class එක නවත්තනකොට හිතට හරි දුකයි. Revision එක තිබුණේ මාස 9ක් වගේ පොඩි කාලයක් වුණත් ඒ මාස 9 ඇතුලේ තමයි Chemistry ආසාවෙන් ඉගෙන ගන්න පුරුදු වුණේ. ඉතින් සර් අපි වෙනුවෙන් කර ඒ හැම කැපකිරීමකටම සර්ට ගොඩාක් පින්. කැපවීම කියන්නේ මොකක්ද කියලා දැක්කේ සර්ගෙන්. මනුස්සයෙක්ට මෙච්චර වැඩ කරන්න පුලුවන් කියලා දැනගත්තේ සර්ගෙන්. මෙච්චර කැප කිරීම් කරන්න පුලුවන් කියලා දැන ගත්තේ සර්ගෙන්. සර් මගේ role model කෙනෙක්. අදින් class එක ඉවර වුණත් සර් හැමදාම අපේ හදවතේ ඉහලින්ම ඉදීවි. ජිවිතේ දිනන්න නම් අසීමාන්තිකව කැප වෙන්න වෙනවා කියලා අහලා තිබුණට ඇත්තටම ඒ කැපකිරීම්වල අසීරුව පෙන්නුවේ අපේ අමිල සර්. ඔබ අපිට සැබවින්ම මිල කල නොහැකි ගුරුවරයෙකි.
ඉතින් ආදරණීය වෙද ඇදුරාණනී,
"මිනිස්සුන්ට හැමදාම වරදින්නෙ නෑ. එක තැනක හරියනවා.... එතනින් පස්සෙ දිගටම හරියනවා....." කියපු දේ හරියටම ඉටු කර ගුරුවරයෙක් ඔබ. සර්ගේ ආදරණීය වචන ටික හැමදාම මතක් වෙයි. ජිවීතේ අමාරුම තැන්වල අපි සර්ගේ කටහඩ හොයාවි. නැවත වාරයක් ස්තූතියි වගේම ගොඩාක් පින් සර්ට අවසානය තෙක් අපිව අත් නොහැර ආසවෙන් ඉගෙන ගන්න කියලා දුන්න එකට.
සර්ට කවදාවත් වරදින්නේ නෑ.🥺❤
මෙච්චර කාලයක් එපා වෙලා තිබ්බ subject එකට කැමැත්තක් ඇති කලේ sir. කොහොම හරි sirge A 1800 එකතු වෙනවා.....මෙච්චර කැපවීමක් කරාට ගොඩක් thank you sir...❤❤❤
ඇත්තමයි .ජීවිතේම වෙනස් උනේ මේ ගුරුවරු දෙන්නා නිසා. අනුරාධ සර් , අමිල සර් නිසා.නැත්තන් අපි මේ විශයන් මහා ලොකු විශයන් කියලා හිතාගෙන සමනල්ලු වගේ එක එක සර්ලා පස්සෙ දුවනවා.මේවා කරන්න පුදුවන් ලොකු ලොකු මීටර් වලට කියලා හිතාගෙන හිටියේ.අපේ පිනකට තමා මේ සර්ලා දෙන්නා පහල උනේ.මේ සර්ලා දෙන්නා නිසා කී දෙනෙක්ගෙ ජීවිත වෙනස් උනාද.අමිල සර් ,අනුරාධ සර් ඔයාලගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා❤❤
When amila sir said
මිනිහෙකුට හැමදාම හරියන්න ඕනෙ නෑ එක තැනකදී හරියනවා එතනින් එහාට දිගටම හරියනවා
I felt i🥺❤❤❤
"ජීවිතේ කටුකම කාර්තුවකදී අහම්බෙන් මුනගැසී , වස්සාන සමයට පෙරමං තැනූ ආදරනීය ගුරුතුමනි , වස්සානය ලගටම මා පැමිණ තිබේ ,ඔබ තනාදුන් මාවතේ ඉදිරියටම ගමන් කිරීමට මට අවස්ථාව උදා වී තිබේ,
ඉතිං එබැවින් නවතිමි , හදින් පිටමං නොකරමි. ♥️✨️"
Kaushalya
2024 A/l
ජීවිතේ දුෂ්කර කාර්තුවක
අසීමාන්තික කැපවීමෙන්
සුනු විසුනු වූ අත්තටු
අත් නොහැර සවියක් ම වුනු
අපේ කාලේ දිසාපාමොක් ඇදුරානෙනි.....
තුති පුදන්නට අවසරයි නික්මෙන්නට පෙරාතුව......🥺
"කෙලවෙලා කෙලවෙලා එක වෙලාවකදී හරියන්න ගන්නවා.. එතනින් පස්සේ දිගටම හරියනවා" 🥺 මේක තමයි මගෙ turning point එක... සර් හින්දා ගොඩ ගියපු ජීවිත දාස්ගානක් ඇති.. ඒ හැමෝම සර්ව හදවතේ උඩින්ම තියන් ඉන්නවා ඇත්තේ ඒ හැමෝගෙම role model එක සර් හින්දාම වෙන්න ඇති 🥺
කාලෙක දී එපා වෙලා හිටපු chemistry ආසම subject එක කරපු අපේ සර් 🥺 🙏
හැමදාමත් සර් ඉන්නේ හදවතේ උඩින්ම ❤️
Thank you for everything sir 🙏🥺
මෙච්චර පීඩාවන් මැද කණ්ඩායමක් විදිහට 2024 ඉදිරියට ගෙන ඒම ගැන බොහොම ස්තූතිවන්ත වෙනවා සර්.පෞද්ගලිකවම Chemistry මුලදි එපා උන Subject එකක්.ඒක මාර විදිහට රස කරල ඉගැන්නුවට බොහොම පින් . සර්ගේ ඉදිරි වැඩ කටයුතුත් සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න ඕනි❤
Sirta හරියනවා ලොවේත් නැති වේන්න අනිවාර්යයෙන් 🥺🙏🔥
අනිවාර්යයෙන් A3 ක් දාලා sir හම්බෙන්න අනිවාර්යයෙන් එනවා☺️
යන්න කලින් කියලා යන්න ආවේ......
ජීවිතේ කවදාවත් ඇස් දෙකෙන් දැකලා නැති ආදරනීය චරිතයක් සර්.... යන්න කලින් කියන්න තියෙන්නේ මෙච්චරයි... ජීවිතේ මැරනකන්ම අමතක නොවෙන" අපේ සර් " කියලා ආසාවෙන් කියන්න පුලුවන්...
ආදරනීය අමිල සර්....
ගොඩාක් ස්තුතියි....! 🥹🤍
අපි වෙනුවෙන් අපිටත් වඩා මහන්සි වෙච්ච ආදරණීය ගුරුවරයා 🖤✨️
Thank you for everything sir 🖤
සර් ගැන කියන්න වචන නෑ..❤ සර් කරපු වැඩ ගැන හිතුවම අපි කවුද කියල හිතෙනවා.. සර් නම් සිරාම වැඩ්ඩෙක්.🌟 අපි වෙනුවෙන් මෙච්චර කැප වුණ අපේ සර්ට ගොඩක් පිං..🙏❤ Sirta nonstop හරියන්න ඕනි..❤
දෙවිවරු ඇස් දෙකෙන් දැකලා තියේද ඇහුවොත්, ඔව් දැකලා තියෙයි ඒ ජීවිතය උගන්නපු ගුරුවරු. ❤❤ හැමදේම හරිම විදියට කිසිම අඩුපාඩුවක් නැතුව ඉගැන්නුවා.. ❤ ඇස්දෙකෙන් දැකලා නැතුව live screen එකකින් සර්ව දැකලා විශ්වාස කරපු ඒ කාලේ.. වචනේ පරිසමාප්තියෙන්ම විශ්වාස හරියටම රැක්කා.. ගොඩක් පිං සර්.. ❤❤
විශය විතරක් නෙවෙයි ජීවතේ ගෙවන්න ඔන විදිය පවා කියල දුන්නු මිහිපිට දෙවියෙක් සර් ❤ සිය දහස් වාරයක් පින් සර්ට මෙ කැපවීමට, බුදු සරනය් ❤
මාස තුනක සොදුරු මතක
මේස පුරා විසිරුන විට
සජීවීව නොදුටු ඔබව
තිරය මගින් දිස්වන විට
හරි ආසයි ඉගෙන ගන්න
තේරෙන විට හැම කරුනම
කියාගන්න වචනත් නෑ
තුති පුදන්න ඔබ වෙනුවෙන්..
නැවතවරක් මුන ගැහෙන්න
ඔබ වෙනුවෙන් තුති පුදන්න
විභහගයත් සමත් වෙලා
එන්නම් ඔබ මුන ගැහෙන්න
ආසාවෙන් ඉගෙන ගන්න - අමිල සර් අපේ.❤
සර්ට ගොඩාක් පින්. 🥰