kiri Appata ballo penapi - කිරි අප්පට බල්ලෝ පැනපි කතාවේ තේරුම දන්නවාද?
ฝัง
- เผยแพร่เมื่อ 11 ก.พ. 2025
- කිරි අප්පට බල්ලෝ පැනපි
=================
ලාංකීය සංස්කෘතිය තුළ ඉතාමත් භක්තියෙන් සිදු කරන, බොහෝ අනුහස් ගෙනදෙන කිරි අම්මාවරුන්ගේ දානය සුවිශේෂීත්වයක් ගන්නවා. මේ කිරි අම්මාවරුන්ගේ දානය මහත් ගුණ දෙන ශාන්ති කර්මයක් විදියට තමයි සමාජයේ මුල්බැසගෙන තියෙන්නේ. නගරයට වඩා ගම්බදව දකින්නට පුළුවන් මේ දානය පත්තිනි මෑණියන් උදෙසා සිදු කරනු ලබන්නක්. පතිවෘතාව ආරක්ෂා කරපු, ලෙඩ දුකට පිහිට වෙන පත්තිනි මෑණියන් කෙරෙහි බෞද්ධ ජනතාව තුළ තියෙන්නේ මහත් භක්තියක්. පළාතෙන් පළාතට කිරි අම්මාවරුන්ගේ දානයේ සුළු වශයෙන් වෙනස්කම් දකින්නට පුළුවන්.
මෙසේ සිදු කරනු ලබන කිරි අම්මා වරුන්ගේ දානය පිපලිගන්වනු ලබන්නේ පෙර කපුටන් කෑ ගැසීමට පෙර ඉතාම අලඅයම් කාලයේදීය.. මෙහිදි කිරි අම්මාවරුන් පැමිණෙන ගමන් මග ඇති වන සුනඛ සර්ප ආදී යම් යම් සත්වයින්ගෙන් ඇති වන බාධක මැඩ ලනු පිණිස කුඩා පිරිමි දරුවකු පෙර මගින් ගෙන යාම ආරක්ෂිත පිලිවෙතක් ලෙස සිදු කරනු ලබයි.
මෙහිදි එම පිරිමි දරුවා ගමන් කරන මාර්ගයේ සිටින සුනඛයින් ආදිය ගෑ කොස්සන් ගසා ඉවත් කිරිමට යෑමේදී එම සුනඛයින් බුරන්නට බටන් ගන්න අවස්ථාද ඇත. එවැනි අවස්ථා වලදී ඇතැම් කිරි අම්මා කෙනෙකු " අපොයි කිරි අප්පටත් බල්ලෝ පැනපි" යන වදන මුවින් පිට කරයි.. මෙය ජන වහරට එකතු වී..පසුව යම් අයෙකුගේ ආරක්ෂාවට සිටින අයගේ ආරක්ෂාවටත් තර්ජනයක් දැනෙන අවස්ථාවලදී ඔය වදන කියන්නට පුරුදු වී සිටී...
(විශ්ව ගැමුණු ප්‍රියංකර)