Kabaragala | Dolosbage Mountain Range | කබරගල | දොළොස්බාගේ කදුවැටිය | Rain Day Camping | Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • පාන්දර 5.30ට අපි 6 දෙනා මිනුවන්ගොඩින් පිටත් වුනේ තවත් ලස්සන ට්‍රැවල් අත්දැකීමක් ලබා ගන්න මෙන් ම ඒ විදිහට ම ඔයාලටත් ලබා දෙන්නයි.යන මගදී වැසි කිහිපයකට මුහුණ දුන්නත් අපේ ගමන නොනැවතී ගිය අපි උදේ ආහාරය ට කිතුල්ගල නැවතී නැවතත් ඉක්මනට අපේ අද දින නවාතැනට යාම ආරම්භ කළා.
    කදු වැටි වලින් වට වුනු වටපිටාවක් හරහා යද්දී අපට දැනුනු හැඟීම කියා ගන්න නොහැකිය.
    දොළොස් බාගෙට අපි එද්දී උදෑසන 9.30 විතර වුණා.තේ වතු යායන් මැදින් ගමන් ගත් අපිට කබරගල කදු පාමුල දැනුනු හැඟීම ඔයාලත් ගිහින්ම බලන්න.අපි කූඩාරම් ගත්තේ කන්ද පාමුල ඉන්න නුවන් මල්ලීගෙන්.අපි කන්ද නඟින්න පටන් අරන් 1st peak එකට යන්න පැයකට ආසන්න කාලයක් ගියා.ඒ අතරතුරේ අපිට පෙනුනු වටාපිටාව හරිම සුන්දර අත්දැකීමක් වුණා.1st peak එකේ ප්‍රසිද්ධ ෆොටෝ ගන්න ස්ථානයෙන් අපිත් ෆොටෝස් ගන්න අමතක කළේ නෑ.එතනින් නොනැවතුනු අපි 2nd peak එකට ගියේ කටු පඳුරු ලඳු කැළෑ මාන පඳුරු පහු කරමින් ටිකක් අමාරු ගමන් මාර්ගයක.හැබැයි ඒ අමාරු සේරම අමතක වුණා 2nd peak එකට පෙනුනු වටාපිටාවෙන්.අපි මේ පාර කූඩාරම ගැහුවේ 1st peak එකත් 2nd peak එකත් අතරමැද්දේ තැනක.මොකද හුළං පාර සැරයි කඳු මුඳුනේ.සීත සුළං මැද මීඳුමෙන් වට වෙලා අපි අපේ දවල් කෑම රෑ කෑම කාලා 11ට විතර නිදා ගන්න ගියා.පාන්දර එළි වෙනවාත් එක්කම තද හුළං එක්ක වැස්ස ඇද වැටෙන්න පටන් ගත්තේ අපේ උදෑසන හිරු උදාව බලන්න තිබූනු ආසාව බිඳ වට්ටමින්.ඉතිං නොසිතූ විදිහට වැස්සට මුහුණ දුන් අපිට සිතූ අයුරින් වීඩියෝ කිරීමට නොහැකි වූවත් අපි කබරගල සුන්දරත්වය අඩුවක් නැතිවම ඔයාලට පෙන්නන්න මේ vlog එකෙන් බලාපොරොත්තු වෙනවා.
    තව දෙයක් මතක් කරලම කියන්න ඕනේ,වැහි දවස් වලට වගේම තෙතමනය ඇති දවස් වලට කූඩැල්ලන් දැක ගන්නත් පුළුවන් අපිට.ඉතිං එයාලට නඟින්න බැරි වෙන්න චුටි චුටි උපක්‍රම යොදන්නත් අමතක කරන්න එපා.
    බොහොම ආදරයෙන් තව දෙයක් මතක් කරන්න කැමතියි.ඒ තමයි ඔයාලා අරන් යන හැම දෙයක්ම ඒ විදිහටම අරන් එන්න.කිසිම දෙයක් එහේ දාලා එන්න එපා.
    අපිත් එක්ක ඇවිත් අපේ ට්‍රැවල් අත්දැකීම බෙදා ගන්න ආව නලීන්, අමාමී,ලලිත් ,නලීන් කට්ටියවත් ආදරයෙන් මතක් කරනවා.
    අපේ ලස්සන ඡායාරූප ටිකක් අරන් දුන් නලීන් සහෝදරයාටත් thank you❤️
    ඡායාරූප බලන්න අපේ insta, fb පැත්තෙත් එන්න.
    / sajan.tharuka ...
    ...
    Travel Ayale (Travel අයාලේ)
    අපිව subscribe කරන්න
    Share කරන්න
    Like කරන්න
    ලස්සන තැනකින් ආයෙ හම්බෙමු
    "ඇවිදින්න පරිස්සමෙන් පුලුවන් තරම් දුර"
    Travel Ayale 🧭
    Thanks for watching

ความคิดเห็น • 66