තුලාව | Thulawa - (2024-12-26) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น •

  • @nelu114
    @nelu114 5 ชั่วโมงที่ผ่านมา

    කොමිස් හෝ පගා ගැනීමට පෙළඹීම රටේ ආර්ථිකය ඉතා ඉහල මට්ටමක නැති තැන අපිට දකින්න පුලුවන්.
    හැබැයි එහෙම අනීතික ක්‍රියා වලට පෙළඹෙන නිලධාරීන් දැන්වත් සිතට ගත යුතු දේ තමයි, ඔබලාගේ ආර්ථික තත්වයද සමස්තයක් ලෙස ඉහල නංවන්නට නම්, රටේ ආර්ථිකය ඉහල නැංවීමට ඔබ යුහුසුළු විය යුතුයි කියන දේ.
    රටේ සංවර්ධනයට ඔබ වෙනදාට වඩා ඕනෑකමින් කැප විය යුතුයි.
    අපේ රටේ ආර්ථිකය ඉහල නැංවීමෙන් තමයි හැමෝටම භාවිතයට අවශ්‍ය යටිතල ව්‍යුහය වුනත් ඉහල තලයකට ඔසවන්න පුලුවන්.
    සරල උදාහරණයක් නම් තමන්ගේ සාක්කුව පමනක් පිරුණාට අපිට හැම ගමනම helicopter එකෙන් යන්න බෑනේ? රටේ දොස්තරලා පිළිබඳව විශ්වාසය තියන්න බැරි නම් (හොඳ අය රට හැර යන නිසා) හැම හෙම්බිරිස්සාවටම එංගලන්තයෙන් බෙහෙත් ගන්න යන්න බෑනේ ඔබ ගන්න කොමිස් මුදලින්?
    එතකොට, රටේ පුළුල් සංවර්ධනයකට අත හිත දීම සැම කෙනෙකුගේම ඉලක්කය විය යුතුමයි. එයට පුංචි වයවසාකයාට උපකාර කර ඉහල නංවාලීමත් (පගා, කොමිස් නොගෙන) එක් කාර්යක්.
    ඔබ රාජ්‍ය නිලධාරීන් හැටියට එය ඔබගේ වගකීමට එහා ගිය තමන් සහ තමන්ගේ මතු පරපුරට කරන මහඟු සේවාවාක් ලෙස තේරුම්ගත යුතුයි. රාජ්‍ය සේවය ඔස්ට්‍රේලියාව වැනි රටවල ඉතා ඉහල ගෙවීම් කරන වෘත්තියක්. හැබැයි අපේ රටේ තිබෙන අලස, අකාර්යක්ෂම ක්‍රමවේදයට එවන් ගෙවීම් කරන්න බැහැ. රාජ්‍ය වෘත්තිකයන් වුවද තමන්ගේ skills වැඩි දියුණු කරගෙන කාර්යක්ෂමතාවය වැඩි කරගත් තැන අර ආර්ථිකය ඉහල තලයට එසවීමත් සමග හොඳ වැටුප් තල වලට ඉතාම වේගයෙන් යන්න පුලුවන්. මේක අපි සියලු දෙනා ඉතා නිරවුල්ව අවබෝධ කරගත යුත්තක්.
    සියලු දෙනා ඒ දේ අවබෝධ කරගත් දිනක අපේ රට සුඛිත මුදිත වේවි.

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 13 ชั่วโมงที่ผ่านมา

    Me niwedakaya ganunta lingika allas gannawalu, Oka elawanawa 😂