බදුල්ලේ දුම්රිය පීලිපැනීමෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • බදුල්ල (Badulla ) දුම්රිය ස්ථානයට නුදුරුව අද පෙරවරුවේ දුම්රියක් පීලිපැනීමෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා එල්ලවුණා.
    මේ හේතුවෙන් දුම්රිය දෙකක් ධාවනය කිරීමට නොහැකි වු බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
    කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු රාත‍්‍රි තැපැල් දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදි පීලි පැන තිබුනේ අද පෙරවරු කාලයේදි.
    බදුල්ල දුම්රිය ස්ථානයට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි දෙයියන්වෙල බිංගෙය අසලදි දුම්රිය පිලිපැන ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.
    මේ හේතුවෙන් අද පෙරවරුවේ බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය දෙකක් ධාවනය කිරීමට නොහැකි වු බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
    මේ වනවිට පිලිපැනීමට ලක්වු දුම්රිය මාර්ගය පිලි ගත කිරීමට පියවර ගෙන ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ความคิดเห็น •