මන්ද බුද්ධික අප්පච්චි 😭| Miracle in Cell No.7 Movie Explained in Sinhala| Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    📞Contact us : 077 9025193 ( Nehara )
    කොරියාවම හැඬවූ අතිසංවේදී චිත්‍රපටය-මන්ද බුද්ධික තාත්තා😭|Miracle in Cell No.7 Movie Explained in Sinhala | Inside Cinemax
    Follow Us on Facebook - / insidecinemax
    🔰 Supernatural all Previous Episodes 👇
    • Video
    🔰 Supernatural Completed 1st Season 👇
    🔴 Playlist Link - • Supernatural Completed...
    🔰 Supernatural 2nd Season 👇
    • Video
    🔰 Supernatural 3rd Season 👇
    • Video
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    #inside_cinemax

ความคิดเห็น • 952

  • @shilpanethmi2110
    @shilpanethmi2110 ปีที่แล้ว +147

    ඇත්තටම ඇඬුනා අන්තිම ටික බලද්දී. තාත්තා කෙනෙක්ගේ ආදරේ මහ මෙරක් වගේ 😍 මොන තරාතිරමක උනත් තාත්තා කියන්නේ තාත්තා ම තමයි 💗💗💗

  • @khnishantha7905
    @khnishantha7905 ปีที่แล้ว +217

    "තාත්තාගේ ආදරේ ,වාගෙයි මහ සාගරේ "ආදරෙයි අප්පච්චි ♥️ පණ තියෙනකන් මගේ ජීවිතේ වීරයා ඔයා ඒ තැන ගන්න වෙන කාටවත් බෑ ♥️ Thank you Inside Cinemax මේ වගේ වීඩියෝ ගේනවට

  • @sachiniayodya7348
    @sachiniayodya7348 ปีที่แล้ว +106

    බලන්න ගත්ත වෙලේ ඉදන් අඩනවා..අප්පච්චි ගෙ ආදරේ කොච්චරක්ද කියලා මං හොදට දන්නවා..අම්මා නැති මාව කොහොමද එයා බලාගත්තෙ කියලා මටනම් හිතාගන්නවත් බෑ....ඒ ආදරේ දැනුනා ගොඩක් ..අප්පච්චි දැන් මාව දාලා ගිහින් අවුරුදු හතක්..තාමත් පපුව හිරවෙනවා..ඒත් මං දැන් තනියම ජීවත් වෙනවා...අප්පච්චි කියන්නේ දුවෙක්ට රජෙක්,මුලු ලෝකයක්...
    ඔයා නැතිව පාලුයි අප්පච්චි 😢

    • @SimisaraHidushan-i5s
      @SimisaraHidushan-i5s 2 หลายเดือนก่อน +1

      සතුටින් ඉන්න. 😮😮😮

  • @chandarhemamali8825
    @chandarhemamali8825 ปีที่แล้ว +42

    ඇත්තටම තාත්තා කෙනෙක් කියන්නේ මිල කල නොහැකි සම්පතක් , ඒ වගේම තාත්තා කෙනෙක් හා දුවකුගේ බැදීම කියන්නේ අහස තරම් , මේ හැම තාත්තා කෙනෙකුටම බුදු සරණයි❤❤❤❤❤❤

  • @sujanisujani2939
    @sujanisujani2939 ปีที่แล้ว +39

    අවසානේ මෙච්චරම දුක් වෙන්න වෙයි කියලා හිතුවේ නෑ.අඩන්නත් උනානේ අප්පා.ගොඩාක් ලස්සන ෆිල්ම් එකක් .. 😭 ගොඩාරියක් ස්තූතියි මේ වගේ ෆිල්ම් දෙනවට..❤❤

  • @AshenMunasinghe-ez4lf
    @AshenMunasinghe-ez4lf ปีที่แล้ว +366

    මාරම ලස්සන කතාවක්.මන්ද මානසික තාත්තා කියන්නේත් තාත්තා කෙනෙක්.අන්තිම ටිකට ඇත්තටම ඇඬුනා.රොශාන් අය්යා ගේන films පට්ට ❤

    • @NoName-fz5zv
      @NoName-fz5zv ปีที่แล้ว +9

      @@Hisinterests අනුන්ගෙ හැගීම් වලට හිනාවෙන්න එපා බන් අප්‍රසන්නයි......

    • @kaveesha9266
      @kaveesha9266 ปีที่แล้ว +6

      ​@@NoName-fz5zv Aththak❤️

    • @දුරුතු
      @දුරුතු ปีที่แล้ว +3

      @Ashen Munasighe dp eke inne ubada bn?

    • @dilrasheevlogs
      @dilrasheevlogs ปีที่แล้ว +2

      Matth 😢

    • @shehandilruk456
      @shehandilruk456 ปีที่แล้ว +2

      Riduna papuwa palunnm hodai kiyala hituna

  • @anujadayarathne5753
    @anujadayarathne5753 ปีที่แล้ว +295

    "හැම තාත්තා කෙනෙක්ම අංගසම්පූර්ණ නෑ...හැබැයි තාත්තලා ආදරේ අතින් සර්ව සම්පූර්ණයි...."

    • @pathirana64
      @pathirana64 ปีที่แล้ว +2

      ඒක නම් මාර වදනක් bro

    • @hiruniprasadi5843
      @hiruniprasadi5843 ปีที่แล้ว

      හ්ම්ම්ම්

    • @budusaranayi5102
      @budusaranayi5102 ปีที่แล้ว

      එහෙම නැති අයත් ඉන්නව🥹😪

  • @jeewaniupadya4837
    @jeewaniupadya4837 ปีที่แล้ว +8

    ඇත්තටම බලන්න ගනිද්දි ඇඩෙයි කියලා හිතුවේ නෑ හැබයි ඇඩුනා 😢😢තාත්තා කියන්නේ ලෝකයක්❤...එයා අපි වෙනුවෙන් කරන කැපකිරීම අපිට පේනවට වඩා වැඩියි කියලා හිතුනා ....අනික තමයි අයියගේ කටහඩ සිදිධියට අනුව උස් පහත්වෙන ආකාරය තවත් සංවේදී බව දනවනවා කියලායි හිතෙන්නේ ....මාරම ලස්සනට මේ වැඩේ කරන් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤

  • @VinuVicky211
    @VinuVicky211 ปีที่แล้ว +234

    තාත්තා තමයි අපි හැමෝගෙම දුක පෙනන්නේ නැති නිහඩ වීරයා 💗

  • @sandunipavithra
    @sandunipavithra ปีที่แล้ว +15

    හිතට දැනෙන මාරම ලස්සන කතාවක් වගේම .අන්තිම වෙද්දි ඇස් වලට කදුලු ආව හිතට දුකක් ආව කතාවක් 😢❤

  • @maheshichami8794
    @maheshichami8794 ปีที่แล้ว +84

    දුවෙක්ට තාත්ත කෙනෙක් ගෙ ආදරේ නැතුව ඉන්න බැහැ...මට ඒ වේදනව හොදට දැනෙනව 😥😥😥😥 ගොඩක් දුක හිතුණා කතාවට 😥😥😥

  • @sonalidarmasiri8590
    @sonalidarmasiri8590 ปีที่แล้ว +621

    තාත්ත කෙනෙක් හිටියත් කිසිම ආදරක් ලබන්න තරම් මං වාසනාවන්ත නැ 🙂❤️.මම පොඩි කාලෙ ඉඳන් එයා අපෙන් අයින් වෙලා ගියා

    • @sureshsanjeewa4932
      @sureshsanjeewa4932 ปีที่แล้ว +24

      මොකද කරන්නෙ අපි වගෙ අය

    • @genukasooriyabandara1231
      @genukasooriyabandara1231 ปีที่แล้ว +28

      @@sureshsanjeewa4932
      Labana athmedi adare thaththa kenek labenna kiyala prathana karamu

    • @chethanisasangika6884
      @chethanisasangika6884 ปีที่แล้ว +26

      මටත් 🥺

    • @dewminisahangi9215
      @dewminisahangi9215 ปีที่แล้ว +18

      Humm matath ehemaii😞😞😞

    • @Samu_21_
      @Samu_21_ ปีที่แล้ว +20

      මමත් 🙂💔

  • @hashinikaushalya5790
    @hashinikaushalya5790 ปีที่แล้ว +87

    ඇත්තටම ගොඩාක් දුක හිතෙන මූවී එකක්.ඇඩුනා.තාත්තාගේ ආදරේට සමාන ආදරයක් නෑ මිහිපිට ❤️

  • @laracroft146
    @laracroft146 ปีที่แล้ว +35

    තාත්තලා කියන්නෙ රජවරු තමයි🥺❤film එකේ අන්තිම ටිකට නම් ඇඬුනා😢😢 inside cinemax❤

  • @shashinimaduwanthi745
    @shashinimaduwanthi745 ปีที่แล้ว +49

    මම ගොඩක් වතාවක් බලපු කතාවක් ඒ හැම වතාවකම ඇඬුවා…ලස්සන කතාවක්…🥺 😭😭

  • @Thiki_Vlogs
    @Thiki_Vlogs ปีที่แล้ว +40

    මගේ අප්පච්චි අද මගේ ලග නැති උනත් එයාට මන් ගොඩාක් ආදරෙයි 😣♥️
    මේ කතාවට නම් ගොඩාක් ඇඩුනා 😣😔මාරම ලස්සන කතාවක් 😢❤

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 ปีที่แล้ว +36

    තාත්තාගේ ආදරේ ගැන නම් ඉතිම් කියලා නිම කරන්න බැරි තරම් ❤😇
    Thanks inside cinemax ❤🎉

  • @Ruwi000
    @Ruwi000 ปีที่แล้ว +37

    මගේ තාත්තා අසනීපයෙන් දැන් ඔය වගේම හිටියත් තාත්තගේ ආදරේ කවදාවත් අමතක වෙන්නේ නෑ... ♥️♥️

  • @sewwandiherathsewwandihera3871
    @sewwandiherathsewwandihera3871 ปีที่แล้ว +9

    බුද්ධිය අතින් බිංදුව හිටියත් ආදරය අතින් ඉහල IQඑකක් තාත්තලට තියෙනවා ....මහමෙරකට ආදරේ පපුව ඇතුලේ තියන් කොච්චරක් ගිණි උහුලනවද?????ආදරෙයි තාත්තට ...හැම පිරිමියෙක්ටම තාත්තා කෙනෙක් වෙන්න බෑ...ඒ වගේම උප්පැන්නෙට නම දුන්න පලියට තාත්තා කෙනෙක් වෙන්න බෑ....දරුවොන්ගේ හදවතේම රැදුන තාත්තලා තමයි නියම වීරයෝ...තරාතිරම මොකක් උනත් තාත්තලට උපහාරයක්ම වේවා ❤️🙏🙏

  • @Adithya317
    @Adithya317 10 หลายเดือนก่อน +1

    ඇත්තටම මාර විදියට ඇඩුනා😢
    අයියාගේ voice එකත් , background music එකත් එක්ක film එක හිතටම feel වුණා❤

  • @nadee7962
    @nadee7962 ปีที่แล้ว +20

    ලස්සනයි film ek..මගේ තාත්ත නැති වෙලා අවුරුදු23 අදටත් ඒ තැන හිස් තාත්තගෙ ආදරේ ලබන හැම දරුවෙක්ම වාසනාවන්තයි ❤🥀

  • @princesssenuu463
    @princesssenuu463 ปีที่แล้ว +21

    Notification එක එද්දි note එකක් ලිය ලිය හිටියේ...note left ඉතිම් 😁 Silent hero in our life.....thaththi...❤🌻 ආදරෙයි inside cinemax චමා චමා චමා චමා 😁😚

  • @Traveling346
    @Traveling346 ปีที่แล้ว +12

    අනේ ගොඩක් දුක හිතුණා තාත්තා මතක් උණා....දුර රටක තනි වේලා මං 😢දැන් ඔයා මගේ ලග නැති උනත් ඉක්මනින් ඔයා ලගට එනවා.. පරිස්සමෙන් ඉන්න තාත්තේ..❤❤❤ බුදු සරණයි හැම තාත්තා කෙනෙක්ටම。

  • @piyumidilhara7867
    @piyumidilhara7867 ปีที่แล้ว +59

    ඔයා අපිව දාලා ගිය දවසේ පපුව පැලෙන්න දුක දැනුනා ඒ ආදරෙ ආයෙ කවදාවත් කාටවත් දෙන්න බෑ මං උපදින හැම බවේකම ඔයාගෙම දුව වෙන්න ඔනී තාත්තෙ ආදරෙයි මහ මෙරක් මගෙ රත්තරන් තාත්තෙ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @hirupriyadarshigamage3390
    @hirupriyadarshigamage3390 ปีที่แล้ว +46

    ඇස්වලට නොදැනිම කදුලු ආවා .. මගේ අප්පච්චිවත් ගොඩක් මතක් උනා .. ආදරෙයි මගේ අප්පච්චි 😔

  • @n_g_n.Sadaruwan-f312
    @n_g_n.Sadaruwan-f312 ปีที่แล้ว +8

    මන්ද මානසික තාත්තා කියන්නේත් තාත්තා කෙනෙක්.අන්තිම ටිකට ඇත්තටම ඇඬුනා🥺🥺❤🌻 oyge voice eka nam..as wahak nam wadinna epa 😫 ආදරෙයි inside cinemax

  • @rashmiravihari6117
    @rashmiravihari6117 ปีที่แล้ว +18

    අම්මෝ මාරම පිස්සුවක් මාර විදියට දුකයි ඇත්තටම තාත්තා කොච්චර නම් ආදරෙයි ද නොපෙන්නුවට 🥺🙏🙏❤️

  • @dineshchathuranga8987
    @dineshchathuranga8987 ปีที่แล้ว +37

    07:00 ලීගේ පිටිපස්සේ බුද්ධ රූපේ දැක්කෙ කවුද?

  • @DN3_Bhashi
    @DN3_Bhashi ปีที่แล้ว +24

    මේ වගේ ඒව මන් ශෙයා කරනව🥺සුපිරී මුල ඉදන්ම ඇස් වල කදුලු🥺💔 අයියේ ඔයාලට ගොඩක් ස්තූතියි මේවගේ දෙයක් කරන එකට මන් සුපර්නැචුරල් මුල ඉදන් ඔක්කොම බැලුව එකක්වත් මිස් කරගත්තෙ නෑ🙂 ඇත්තම කිව්වොත් මේකත් ඇබ්බැහි වීමක්😇😊 ආදරෙයි ඉන්සයිඩ් සිනමා❤️❤️❤️❤️❤️❤️❤️💯

    • @_ks_2053
      @_ks_2053 ปีที่แล้ว +2

      Incide cinemax 😁💓

  • @ishanmaduwantha6689
    @ishanmaduwantha6689 ปีที่แล้ว +39

    ඇත්තම කොරියන් හොඳයි කිවුවට හොඳම විතරක් නෙවෙයි තියෙන්නෙ😥😥

  • @Korean...editz_
    @Korean...editz_ ปีที่แล้ว +87

    ඔය වගේ ජරා පොලිස් කාරයො දේශපාලනඥයින් ඉද්දි කවදාවත් රටක් හැදෙන්නෙ නෑ 😢😢😢😢😢😢😢😢😢😢😢

    • @didudamsu-jn1hd
      @didudamsu-jn1hd ปีที่แล้ว +3

      ඇත්ත ඔව්ව ඇත්ත ජිවිතෙත් වෙනවනේ දෙයියනේ මිනිස්සු කොච්චර පව්ද..

  • @heshanicahathunika3508
    @heshanicahathunika3508 ปีที่แล้ว +5

    තාත්තා තමයි මගේ ජීවිතයේ වීරයා ...තාත්තා කියන හැම දෙයක් ම ඇත්ත 😔😔😔😔මගේ තාත්තා කියපු දේ මම ඇහුවේ නෑ ..එයා හරි...එයා නිහඬ නිහතමානී චරිතයක් ..මම මගේ තාත්තට හැමදාම ආදරෙයි ..මම ගොඩාක් ගරු කරනවා..🥰🥰🥰🥰අපි හැම දෙයක්ම තේරුම් ගන්නේ පරක්කු වෙලා ඒත් මට හිතෙනවා මම තවත් පරක්කු නෑ කියලා ...

  • @maheshsilva1428
    @maheshsilva1428 ปีที่แล้ว +23

    වචන එන්නෙ නෑ මට නම්... මාරම දුකයි හිතට... එහෙම අසාධාරණකම් උන නිර්දෝෂී මිනිස්සු තව කීදෙනෙක් නම් ඇතිද? මරණය පවා ලැබුණු. පොලීසියෙ වරදින් වගේම අමුනුස්ස මිනිස්සු නිසා විඳවන්න සිද්ධ උන අහිංසක මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඇති. 🥺😟

  • @asithachamara897
    @asithachamara897 ปีที่แล้ว +2

    මේ ලෝකෙම ඉන්න තාත්තලා ලමයින්ට මොන තරන් ආදරේයිද ,ලමයි වෙනුවෙන් මොන තරම් දුකක් විදිනවද, අපිට ඒ දුක තෙරෙන්නෙ අපිත් තාත්ත කෙනෙක් උන දවසට .ගොඩක් දුක හිතුනා ඔයාගේ වීඩියෝ බලලා ගොඩක්ම ඇඩුන කාතාව තමයි මේක, ආදරෙයි බන් අයියේ උබට තෙරුවන් සරනයි ❤️❤️❤️

  • @shashikadilrukshiperera8727
    @shashikadilrukshiperera8727 ปีที่แล้ว +12

    අම්මෝ අයියේ අද කතාව මරම දුකයි😢😢😢😢😢ඒ වගේම ලස්සනයි ❤❤❤තාත්තලාත් දරුවන්ට ගොඩක් ආදරේයි ❤❤❤එත් එයාලා එක පෙන්නන් නැහැ 😢😢😢😢අම්මලාට වගේම තාත්තාට ත් අපි ආදරය කරන්න ඔනා❤❤❤මේ ලොකේ හැම අම්මා කෙනෙක්ටම් තාත්තා කෙනෙක්ටම දිර්ග ආයුශ ලැබේන්න ඔනා🙏🙏🙏🙏🌸🌸🌸❤️❤️❤️සියලුම දේමාව්පියන්ට බුදුසරනයි ❤❤❤❤

  • @Nishadi_Asha
    @Nishadi_Asha ปีที่แล้ว +7

    මාරම ලස්සන කතාවක්.මගෙ තාත්තට ඉන්නෙ මම විතරයි.එයා මට වචෙනෙකින්වත් හිත රිදෙන දෙයක් කරන් නෑ. අදටත් මට අවුරැදු 19 වෙලත්.මට හිතා ගන්න බැරි මම වැරදි කලත් අැයි මට සැරෙන් බනින්නෙවත් නැත්තෙ කියලා.මගෙ මුලු ලෝකෙම ඔයා විතරයි තාත්ති. අම්මටත් අාදරෙයි🌎🔥

  • @vindikasanju6663
    @vindikasanju6663 ปีที่แล้ว +14

    මේක බලලා ඇස් දෙකට කදුලක් ආවේ නැත්තම් ඔයා මනුස්සයෙක් වෙන්න බෑ 🥺😥 🙏🙏 තාත්තාගේ ආදරේ බලන්න ඒ දුවට

  • @chandrasiriamaraweera247
    @chandrasiriamaraweera247 ปีที่แล้ว +6

    තාත්තකෙනෙක් වෙනවා කියන්නේඅමුතුම හගිම් ගොඩක් .මාත් තාත්තේක් මේක නියමයි නියමයි ❤️❤️❤️❤️❤️

  • @anuththarawellalage3945
    @anuththarawellalage3945 ปีที่แล้ว +14

    ඉකි ගගහ ඇඩුනා.. අනේ හරිම දුක හිතෙන කතාවක්😢

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +19

    සංවේදී කතාවක්. ඇස්වලට කඳුලු ආවෙ නැත්නම් මනුස්සයෙක් නෙවෙයි . 😢😢

  • @rashmisachinika9671
    @rashmisachinika9671 ปีที่แล้ว +7

    තාත්තා ගේ ආදරය හරිම සංකී්ණයි
    ඒක තේරුම් ගන්න හරිම අමාරුයි ❤
    අම්මාගේ ආදරය හරිම සරලයි
    ඉපදුණුද ඉදලා දැනෙන්නේ අම්මාගේ ආදරේ උනාට තාත්තා ගේ ආදරය මහමෙරතරම්❤❤❤

  • @sarithajayapradha1877
    @sarithajayapradha1877 ปีที่แล้ว +9

    තමන්ගේ ලෙයින් ඉපදුන දරුවාව තමන්ගේ නෙවෙයි වගේ දාලා යන නමට විතරක් තාත්තා කෙනෙක් වුන කෙනෙක් තමයි මගේ දරුවට ලැබුනේ. හැබැයි මගේ දරුවාගේ වාසනාවට එයාට ලැබුනා දෙවියෙක් වගේ තාත්තා කියන වචනෙට හරිම අර්ථයක් දෙන්න පුළුවන් කෙනෙක්. එයාගේ ආදරේ කොච්චරද කියනවා නම් එය එයාගෙම දරුවෙක් කියලා ලෝකෙට කියන්න, පෙන්නන්න ගොඩක් ලොකු දේවල් කරනවා. 😔😔😔😔😔😔😔😔. තාත්තා කියන්නේ මේ වගේ කෙනෙක්ට.. මේ ලෝකේ ජීවත් වෙන දරුවෝ වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරන හැම තාත්තෙක්ම සතුටින්, නිදුක් නීරෝගීව ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @විමූශරශෝද්
    @විමූශරශෝද් ปีที่แล้ว +25

    මගේ අම්මා නෑ මාව පොඩි කාලේ ඉදන් බලාගත්තේ මගේ තාත්තා මගේ තාත්තට සම්මා සම්බුදු සරනයි ❤️

  • @muthumihir7085
    @muthumihir7085 ปีที่แล้ว +98

    😇නියමයි.. තාත්තා නැති මට මේක බැලුවම ගොඩක් දුක හිතුනා🙂💔..

    • @suty4635
      @suty4635 ปีที่แล้ว +3

      Me to🙂

  • @sanjeewaudayakumara380
    @sanjeewaudayakumara380 ปีที่แล้ว +9

    කියන්න වචන නෑ 😥😥😥😥 ඒ වගේම ගොඩක් ආදරෙයි මගේ තාත්තාට 😍😍😍😍

  • @JayaniNavodya-z1p
    @JayaniNavodya-z1p ปีที่แล้ว +13

    හිතුවෙවත් නැති විදියේ සන්වේදී කතාවක් ...😢 හිතුනා එයාලට පැරශුට් එකේ යන්න පුළුවන් වුනානම් කියල 😢

  • @tharushakavishan6448
    @tharushakavishan6448 ปีที่แล้ว +20

    එක අවසානෙ ඇඩුනා😭ඒ තරම් ලස්සනයි ❤️

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +21

    තාත්තා කියන්නෙ දුවෙක්ගෙ ලෝකේම...වීරයා...❤ ඇත්තටම ගොඩාක් ලස්සනයි ෆිල්ම් එක...❤ ගොඩාක් දැනුනා 😔

  • @sathyaprasadini9862
    @sathyaprasadini9862 ปีที่แล้ว +7

    අද නම් හොඳට aduwa.😭 film eka බලනකොට දැනෙන හැගීම film eka explain කරන කොටත් a විදිහටම අඩුවක් නැතුව දැනුනා. A explain කරන කෙනාගේ voice eke තියන, අපේ හිත් වලට කතාකරන ගතිය නිසා. Thank you all ❤

  • @DilrukshiMalisha-zr1zy
    @DilrukshiMalisha-zr1zy ปีที่แล้ว +5

    අනෙ🥺 මාරම ලස්සනයි මොන මානසික තත්වයක් තිබ්බත් තාත්තට තමන්ගෙ දරැවන්ව රැක බලාගන්න එක පුදුමයක් නෙමෙ එච්චර සෙනෙහසක් තාත්තා ගාව තියෙනවා 🥺 තාත්තා වගේ තව අය නැ ඉන්නෙ එක්කෙනයි ඒ තාත්තා විතරයි ♥️🥺

  • @disnakumari825
    @disnakumari825 ปีที่แล้ว +5

    දෙයියනේ 😢😢😢 ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි ඒක.ඇඩෙව්වා අද නම් ...😢😢😢...........අනේ එයාලගේ ආදරේ ❤️❤️😥😥😥😥

  • @VinuVicky211
    @VinuVicky211 ปีที่แล้ว +16

    park shin ආසම කොරියන් actress kenek ❤️❤️❤️

  • @slJOKER-br9oi
    @slJOKER-br9oi ปีที่แล้ว +9

    ආසයි තාත්තගෙ ආදරේ ලබන්න.. ඒත් එයාගෙ ආදරේ තියා තාත්තෙ කියල කතා කරන්නවත් මට කිසිම වාසනාවක් නෑ..😖😖 මොකද,😖😖 දෛවය මට දීල තියෙන්නේ හබලක් නැති ඔරුවක් නිසා ..

  • @AnugaBoseth-me6nb
    @AnugaBoseth-me6nb 6 หลายเดือนก่อน +1

    ඇත්තටම දෙමවුපියන්ගේ ආදරය දයාව තේරුම් ගන්න එයාලා නැතිවෙන්නම ඕනා😢😢😓😭😭😭😭

  • @Heartofmusic-m5m
    @Heartofmusic-m5m ปีที่แล้ว +13

    අනේ තාත්ත හිටියනම් මේ කතාව තාත්ත එක්ක කියනව..😥මගෙ උපන් දිනයටත් දවස් කීපයයි තියෙන්නෙ .ඒත් තාත්ත නැති පළවෙනි උපන්දිනය ඒ 🥺
    මේ ලස්සන දුක්බර කතාව දුන්නට ගොඩක් ස්තුතියි මල්ලි..🥺🙏

  • @tharukatharuka7425
    @tharukatharuka7425 ปีที่แล้ว +7

    ඒ ෆිල්ම් එකනන් ගොඩාරියක් සංවේදියී 😖 , ඇත්තටම තාත්තා කෙනෙක්ගේ ආදරේ නොපෙන්නුවට එයාලා ගොඩාක් ළමයින්ට ආදරෙයි , එක මානසික මට්ටමින් අඩු වුනත් නැතත් එක එහෙම්මම තමා ,
    නොකිව්වට එයාලත් ආස අම්මට වගේම ආදරයක් එයාලටත් දරුවන්ගෙන් ලැබෙනවනන්
    අන්තිම ටිකනන් ඇඩුනා 😖💔

  • @MrRemi-2.0
    @MrRemi-2.0 ปีที่แล้ว +32

    අදත් සුපිරි කොරියන් movie ඔින ගොඩක් දුක හිතෙන මුවි එකක් ❤❤

  • @KapilaKapila-lz4iy
    @KapilaKapila-lz4iy 3 ชั่วโมงที่ผ่านมา

    කොරියන් drama , movie කියන්නේ තනිකරම පිස්සු වක් ❤❤❤ ඒ වාගේම සංවේද, ආදරණීය ආයේ ආයේ බලන්න හිතෙනවා,, මෙවා,, ඇත්තටම drama එක ලස්සනයි ,,❤❤❤❤💯🫰💜💖💖💖🥹😘😘

  • @kasunwathsala5577
    @kasunwathsala5577 ปีที่แล้ว +65

    කොරියන් ඉදන්ම රිවිවු එක බලන මන් 😍

  • @nilukadilhani4255
    @nilukadilhani4255 10 หลายเดือนก่อน +1

    තාත්තගේ අදරේ කිසිම දේකට සම කරන්න බෑ.මම ගොඩාක් ආදරෙයි තාත්තේ..❤❤❤❤

  • @anjaniguruge1642
    @anjaniguruge1642 ปีที่แล้ว +3

    අනේ ඒ කතාව ගොඩක් දැනුනා ❤️ තාත්තා කෙනෙක් තමන්ගේ ළමයා වෙනුවෙන් නොකරන දෙයක් නැ. ❤️❤️මෙහෙම කියන එක හරිද කියලා නම් දන්නේ නැ 🥺ඒත් පුළුවන් නම් topic එක අඩු මානසික මට්ටමක් තියෙන කියලා වෙනස් කරන්න මන්ද බුද්ධික කියලා දාන්න එපා 🙏🙏 තාත්තා කියන්නෙම මුළු ලෝකයක් 🥺❤️

  • @taegirl7543
    @taegirl7543 ปีที่แล้ว +7

    ඇත්තටම ඇඩුනා...
    තාත්තා කෙනෙක්ගෙ ආදරේ මෙච්චරය් කියලා අපිට කවදාවත් කියන්න බෑ...❤❤

  • @subashini6996
    @subashini6996 ปีที่แล้ว +5

    කතාවනම් මාරම ලස්සනයි ❤️❤️ආදරෙයි inside cinemax 😪😪😪😪😪😪

  • @fujiruzi3618
    @fujiruzi3618 ปีที่แล้ว +17

    අහින්සකයන්ටම තමා ප්‍රශ්න🥺

  • @lankanlife8489
    @lankanlife8489 ปีที่แล้ว +3

    අනේ ඒ දෙන්නට කොයි තරම් අහිංසක හීන තියෙන පුංචි ලෝකයක්ද තිබුණේ. අන්තීමට හරි කොහොම හරි ඒ දෙන්න වෙන් වෙන එකක් නෑ කියලමයි හිතුණෙ.😥😥😥

  • @madhushani2023
    @madhushani2023 ปีที่แล้ว +2

    ඇත්තටම ඇඩුනා...ලස්සන ආදරණීය කතාවක්...ස්තූතියි

  • @isuriamodya7264
    @isuriamodya7264 ปีที่แล้ว +12

    අදත් වැඩේ සුපිරි Congratulations brother ❤️

  • @avishkalakshan550
    @avishkalakshan550 ปีที่แล้ว +2

    තුන්වෙනි පාරටත් ෆිල්ම් එකක් බලල ඇඩුවා... ඒ ෆිල්ම් තුනම බැලුවෙ incide cinema එකෙන් 💗

  • @thasminiprasangika4546
    @thasminiprasangika4546 ปีที่แล้ว +8

    හැම තාත්තාම ඔහොම තමන්ගෙ ලමයට ආදරේ නම් කොච්චර හොදද😪😓

  • @suharshanadhanusha1212
    @suharshanadhanusha1212 ปีที่แล้ว +1

    මේක නම් මම බලපු අති සංවේදීම කතාවක්. ඇත්තටම වටිනවා අපිට මේව මෙහෙම දෙන එකට.

  • @SajanAshj-lu8ph
    @SajanAshj-lu8ph ปีที่แล้ว +64

    මෙක බලලා අැඩුනෙ මට විතරද😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @Ranjith-m9b
      @Ranjith-m9b 19 วันที่ผ่านมา

      Matath aduna

  • @priyanigunawardana1144
    @priyanigunawardana1144 ปีที่แล้ว +1

    චිබ්උරෝ කනන් කිල්( 집으로 가는 길) කියල ආච්චි කෙනෙකුයි මුනුබුරෙකුගෙයි චිත්‍රපටියක් තියෙනව. ඒකත් හරිම ලස්සන යි.

  • @shakilaprasadini1459
    @shakilaprasadini1459 ปีที่แล้ว +5

    😪😪😪😪 මේක ෆිල්ම් එකක් කියලා හිතලා බොහොම අමාරුවෙන් හිත හදා ගත්තෙ

  • @cvgg9432
    @cvgg9432 ปีที่แล้ว +1

    ❤️‍🔥❤️‍🔥මේ ෆිල්ම් එක හොඩක් හොද ආදර්ශයක් ... මගේ ලෝකෙත් මගේ එකම වීරයා මගේ තාත්තා ... මං එයාට ගොඩාක් ආදරෙයි 🙏🙏🙏❣️😘

  • @ThakshilaMadushani-qi8tk
    @ThakshilaMadushani-qi8tk ปีที่แล้ว +3

    අදරනිය කාතා වක් ඇත්තටම තාත්තා තමයි දුවලා ගෙ විරයා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ලකියා-ඬ5ව
    @ලකියා-ඬ5ව ปีที่แล้ว +13

    කිසිම තාත්තා කෙනෙක්ට මෙහෙම වෙන්න එපා.....මට උනා වගේ දැනුනේ...😢❤️

  • @adyaroshljayawardana1018
    @adyaroshljayawardana1018 ปีที่แล้ว +18

    අදත් චිත්‍රපටය ලස්සනයි අයියා 💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️

  • @anushikaudaya3436
    @anushikaudaya3436 11 หลายเดือนก่อน

    අනේ මාර ෆිල්ම් එකක් එක නම් හදවත ටම දැනුන ඇත්තටම අයියේ ලස්සනයි 😢හැම තාත්තා කෙනෙක්ම මතු බුදු වෙන්න ඕනි ❤😢

  • @tharidulakmal8326
    @tharidulakmal8326 ปีที่แล้ว +3

    මගේ ජිවිතේ වීරයා ඔයා තාත්තේ හැමදාම ආදරෙයි හැමදාමත්💓💓💓💓🌍🌍

  • @dananjaneethakshila1
    @dananjaneethakshila1 ปีที่แล้ว

    අන්තිම ටික බැලුවෙ අඩ අඩා තාත්තාගෙ ආදරෙ කියලා නිම කරන්න බැ.ආදරෙයි තාත්තෙ හැමදාමත්..හැම ආත්මෙකම ඔයාගෙ දුව වෙන්නම්.ඔයාගෙ තැන ගන්න කාටවත්ම බැ.thank u inside cinemax

  • @hiruninimanthika4174
    @hiruninimanthika4174 ปีที่แล้ว +5

    මේ වාගේ films ගෙන්න inside cinemax මේ film එකට ඇත්තටම ඇඩුනා 😢❤

  • @ShanikaUdayangani-jz7rl
    @ShanikaUdayangani-jz7rl 7 หลายเดือนก่อน

    මං ඔයාගෙ බැලුව film වලින් ගොඩක්ම සංවේදි,ඇස් 2කට කදුළු ආව එකම film එක.තාත්තා 💖එයා තමයි මගේ ලෝකෙත් ,හැම දරුවෙක්ම වීරයා....

  • @IroshaDilshan-gg4jl
    @IroshaDilshan-gg4jl ปีที่แล้ว +4

    මගෙ කතාවේ නිහඩ වීරයා...❤️ තාත්තා ❤️

  • @hirushandilshanka6404
    @hirushandilshanka6404 ปีที่แล้ว +5

    මේ ෆිල්ම් එකක් උනාට ඇත්ත ලෝකේ කීදෙනෙක් ඇතිද නිර්දෝෂීකම ඔප්පු කරගන්න බැරිව දඩුවම් විදින.ජීවිතේදී අවශ්‍යම දෙයක් ඒ අවස්ථාවේ නොලැබී පස්සේ ඒ දේම ඊටත් වඩා ලැබුනට වැඩක් තියනවද අවශ්‍යම මොහොතේ නැතිකොට

  • @Tirani.Danthanarayana1
    @Tirani.Danthanarayana1 ปีที่แล้ว +5

    “තාත්තේ” ඔයා මගේ තාත්තා වුන එකට ගොඩක් ස්තූති🤍

  • @Brindha432
    @Brindha432 6 หลายเดือนก่อน +1

    මගේ තාත්තනම් අපි වෙනුවෙන් ඔනිතරම් දුක් විදලා තියෙනවා එයා රජයේ රැකියාවක් කරන්නේ RDA එකේ එත් එයාට මාසික පඩිය හම්බෙන්නේ දවස වැඩට යන්න බස් එකේ තේ බොන්න ටුන්සීයක්වත් යනවා දවසට තාත්තට පඩි හම්බෙන්නේ 25නේ එයා කොච්චර අමාරු උනත් වැඩට ගිහින් ඇවිල්ලත් පොල්ගස් නගිනවා ගස්කපනවා අතු පාහිනවා අද වෙනකම් අපිට කිසිම අඩුපාඩුවක් කරලා නැ මාත් කවදාවත් මගේ තාත්තට තියෙන ගෘරවය නැතිකරන්නැ❤❤ ආදරෙයි අම්මේ ❤️තාත්තේ

  • @everyelse6061
    @everyelse6061 ปีที่แล้ว +16

    නහයෙන් ලේත් ආවා දැන්... පට්ට දුකක්... කිසිම තාත්තෙක්ට මෙහෙම වෙන්න එපා 🙏🙏🙏🙏♥️😭😭😭😭

  • @didudamsu-jn1hd
    @didudamsu-jn1hd ปีที่แล้ว +4

    අනේ දෙයියනේ මෙ වගේ අහිංසක මිනිස්සුන්ට මේ වගේ දෙවල් කොච්චරනම් වෙනවා ඇත්ද 🥺🥺

  • @danushkanilanjan470
    @danushkanilanjan470 ปีที่แล้ว +5

    ඇත්තමයි මේ පොලිස් කාරයෝ තමයි.මේ සේරම නීති වෙනස් කරන පොන්නයෝ.මේක පිල්ම් එකක් උනාට සැබෑ ජීවිතයේ මේ සිද්දි වෙන්න එපා කියලා පාර්තනා කරනවා.😢😢😢😢😢😢😢😢😢😢

  • @thisaldilmeth791
    @thisaldilmeth791 ปีที่แล้ว +5

    හදවතට දැනුනා අමතක නොවන ලෙස හිතෙ සටහටම ගිලා බැසුනා ❤️❤️❤️❤️

  • @monikamadushani2127
    @monikamadushani2127 ปีที่แล้ว +3

    කාටවත්ම තාත්තාව අහිමි වෙන්න එපා.... ඒක ගොඩක් ලොකු දුකක්. මම හිතන්නේ ඒ දුක කවදාවත් නැති වෙන්නේ නෑ. 😥

  • @nimashamadushani2470
    @nimashamadushani2470 ปีที่แล้ว +6

    Ane ඉතින් මොකටද තාත්තා miyagiyata පස්සේ ලැබෙන නඩු විභාගය 😢😢😢. නිර්දෝෂී කෙනෙක්ට me වගේ දඬුවම් ලැබෙන එක සහාසික අපරාධයක්

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 ปีที่แล้ว +5

    ඇත්තටම ලස්සන ෆිල්මි එකක් අන්තිම ටික ඊටත් වඩා පටිටම පටිට දුකයි ඇඩුනෙ නැත්නම් ඇත්තටම ඌ තිරිසනෙක් වෙන්න ඕන ❤

  • @kaveesha9266
    @kaveesha9266 ปีที่แล้ว +3

    Video eke anthima tika baladdi marama dukak hithata danune. E thaththata duwa dipu poronduwa ishtakara anthimedi....❤🥺

  • @lahirurushan
    @lahirurushan ปีที่แล้ว +3

    පිරිමි ලමයිට දුක දැනුනත් අඩන්නෙ නැ ලු එත් මට මෙකෙ තාත්තෙ ඔය මගෙ තාත්තා උනාට ස්තුතියි කියද්දි ඇඩුනා 😔 පොලිසයෙ ඉන්න සමහර තිරිස්සනු මෙහෙම වැරදි දෙවල් කරනවා ඇත් ද 😖

  • @anuradhasewwandi682
    @anuradhasewwandi682 2 หลายเดือนก่อน

    ඇත්තටම ම⁣ටත් ඇඬුනා අන්තිම ටිකට..ඇත්ත තාත්තලාගේ ආදරේ කවදාවත් අඩුවක් වෙන්නැ..මට දැන් අවුරුදු 2ක චුටි මැණිකක් ඉන්නවා.මට වගේම මගේ දුවටත් මගේ තාත්තා හරිම ආදරෙයි ඇත්ත තාත්තාගේ ආදරෙ මහ මෙරකටත් වඩා වැඩි.ආදරෙයි ගොඩක් මගේ තාත්තේ.❤❤❤

  • @susanthidevendra5937
    @susanthidevendra5937 ปีที่แล้ว +3

    ඇත්තටම මේ කතාව ගොඩක් හිතට වැදුනා. 😖❤️

  • @wishmimalisha9253
    @wishmimalisha9253 ปีที่แล้ว +1

    ජාති ආගම් කුල බේද වලිම් සිමා නොවූ ලොකයෙ ඇති අති සුන්දර එ ආදරය ලබන්න හැම දරුවෙකුටම වාසනාව උදා වෙවා❤ මමත් එ ආදරය ලබන්න වාසනාවන්තයෙක් උනා 🙏 ඇත්තටම අයියෙ මෙ film එකෙ අවසානයට ගොඩක් අය සන්වෙදි වෙන්න ඇති .thank you අයියෙ මෙ වගෙ film වලින් හරි දෙමාපියන්ගෙ ආදරය ඉස්මතු කලාට 💐

  • @Nethyamanthika
    @Nethyamanthika ปีที่แล้ว +3

    මෙච්චර කල් film බැලුව ඒත් ඇත්තම කිව්වොත් කදුලක් ආවෙ අද 🥺

  • @ino789
    @ino789 ปีที่แล้ว +6

    🥺😭 ඇඩුනා 🥺😭💔 ලස්සන යි අයියෙ ❤