Best Sinhala Songs Collection |😩❤️| Manoparakata Sindu | ඇස් පියන් අහන්න New Song 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มิ.ย. 2024
  • Best Sinhala Songs Collection | Manoparakata(මනෝපාරකට) sinhala sindu - aluth sindu paputhurin muwa thiyan #songs #sinhalasongs #manoparakata #songscollection #playlist #Pitakavare #SanjeewLonliyes #AmuMusic ‪@kevinxvibes‬ Most Romantic Songs 💘 | T-Series Non Stop Love-Mix🎶💗 | Feeling of First Love 😍
    ♪ Lyrics ♪
    00:00:00 - පපු තුරින් මුව තියන්
    00:02:58 - හිතවන්තී
    00:07:04 - ඇහි දාර පවා
    00:10:40 - හැම හීනේම
    00:14:04 - දෙදෙනා (මියදුනාවේ)
    00:17:29 - සයනෙට නාවේ
    00:21:44 - ආයේ මා තනිවීලා (රූරා)
    00:25:41 - සිහින සිහිනම නොවන තැන්වල (නොහිමි)
    00:28:28 - මුලාවේ
    00:32:20 - සොඳුරියේ
    00:36:28 - මැවිලා
    00:40:44 - හිත් ඔච්චම් (නුඹ එක්ක මා එන්නම්)
    00:44:15 - සුරඟනක් විලස (නුඹ හා)
    00:46:58 - නුඹේ ඇස් මා දැකලා (දෑස්)
    00:50:45 - මං තාම වාරු ගන්නේ (ගිම්හානයේ පාවෙලා)
    00:54:41 - කාරි නෑ සඳ
    00:57:45 - විරාමයක්
    01:00:31 - කැන්දා ගේනා
    01:04:06 - Thanks For Watching ❤️ Subscribe & Share
    All Songs Credit Goes to Respective Owners!!
    .. "Use Headphone 🎧 For Better Experience" ..
    No copyright infringement intended. All rights the music belong to the owners! ❤️Subscribe
    Details ;-
    ~ Me sansare(මේ සංසාරේ) | Papu thurin muwa thiyan | Radeesh Vandebona - පපුතුරින් මුව තියන්..| Paputhurin | Me sansare | Sinhala cover song | Slowed & reverb
    ~ Dhyan Hewage & Pasan Liyanage - Hithawanthi (හිතවන්තී)
    ~ Ahi Dara Pawa (ඇහි දාර පවා) | Thanura Madugeeth | Rosa Sudui Adariye | eTunes
    ~ Induja - Häma Heenema
    ~ Induja - Dedena (Miyadunawe)
    ~ Sayanata Nawe | සයනට නාවේ | Isuru Deshan feat. Themiya Thejan
    ~ RURA | රූරා (Aye Ma Thaniweela | ආයේ මා තනී වීලා) - Sanjula Himala
    ~ Ramidu - Nohimi (නොහිමි) feat. Themiya Thejan
    ~ Mihiran - Mulawe (මුලාවේ) feat. Themiya Thejan
    ~ Sonduriye (සොදුරියේ) - Obe Senehasa Sandun Amarasinghe
    ~ DILU Beats - Mawila (Piya Satahan Wadunanam Me Pare) feat. #KingLotuss
    ~ LASH - Hith Ochcham (නුඹ එක්ක මා එන්නම්)
    ~ DILU Beats - Numba Ha (Suraganak Wilasa)
    ~ නුඹේ ඇස් මා දැකලා නුඹ වෙතටම ආවේ | Nube as ma dekala | Daas
    ~ Man Thama Waru Ganne (Gimhanaye Pawela) - Jenny Kingsly ft. Samantha Konara
    ~ Methun SK -Kaari Naa Sanda (කාරි නෑ සඳ) ft. Wayanaka Perera
    ~ BHASHI - Viramayak (විරාමයක්)
    ~ Chanuka Mora - Kanda Gena (කැන්දා ගෙනා) ft. Shavindya CHAPTER 02
    new sinhala songs jukebox 2023 new sinhala songs best sinhala songs dj best sinhala songs nonstop 2023 new trending sinhala songs new songs nonstop 2023 best sinhala songs new trending sinhala songs nonstop new trending sinhala songs jukebox new songs jukebox sri tunes lk dj nonstop new sinhala songs dj nonstop 2023 new sinhala songs dj nonstop 2023 new sinhala dj new sinhala raps nonstop 2023 new sinhala raps jukebox new sinhala songs jukebox 2023 nonstop sl evoke music sinhala songs sinhala song collection sinhala old songs sinhala old song collection sinhala old songs collection best sinhala songs සිංහල පැරනි ගීත සිංහල සින්දු සිංහල පැරනි ගීත එකතුව kaavaalaa official video song jailer movie songs tamil Manoparakt song Shinhala slowed And Reverb playlist Viraj prera songs Manoparakt playlist sinhala song හිතට දැනෙන best sinhala cover songs collection manooarakata music manopara music manopara sleeping music sleep snooze trending video එක පෙලට Nonstop Nonstop Slowed and reverb Slowed song Sinhala old song මනෝපාරකට Nonstop Manoparakta Nonstop මනෝපාර Manopara shan putha shana rap New Sinhala Song, Sinhala Song, Mind Relaxing Song, Most Romantic Songs, Non Stop Love Mix, Feeling of First Love, Feeling Music, Best Song Collection, manoparakata, new generation sinhala song, sinhala songs cover, Sk Music, Slowed and reverb song, Aluth Sindu, Neth manema, Nohithunata, Yuki nawarathna, Dilu beats, Mano music, manoparakta, top 10 song collection, Trending 1 music, 1h nonstop song, Slowed song, ඇස් පියන් අහන්න, මනෝපාරකට, No.1 Music Artist, SK MUSIC ahi dara pawa full song #Pitakavare #SanjeewLonliyes #Yakadamanamali #AmuSindu #Amu #SanjeewLonliyesSJS #manoparakata #sinhalasongs #bootsong #manoparakata_sindu #newsinhalasong #slowedandreverb #slowedreverb #slowed #මනෝපාරකට #manoparakata_sindu #hearttouching #slowedandreverb #playlist#shinhalasong#slowedandreverb #srilanka #manoparakata #song #manthamawaruganne #gimhanayepawela #manoparakata #slowedandreverb #playlist #playlist #shinhalasong #slowedandreverb #srilanka #manoparakata #aluthsindu #sinhalasongs #paranasindu #slowedreverb #slowedreverbsongs #hindisong #new #sinhalasongs #Slowedandreverb #SlowedandReverbSongssinhala #coversongs #dawasakewi #Nubaha #Slowedandreverb #nubeoyaasdakala #Lovesongs #SlowedandReverbsinhala songs #Uniquebeats #mesansare #Pitakavare #SanjeewLonliyes #AmuMusic #VisaBJAY #visabeeje #ShanPutha #SinhalaRap #SinhalaNewRap #Rap#song s #sinhalasongs #manoparakata #aluthsindu #sindu #2023 #2023songs #kevinxvibes ‪@kevinxvibes‬
  • เพลง

ความคิดเห็น • 1.6K

  • @kevinxvibes
    @kevinxvibes  8 หลายเดือนก่อน +416

    00:00:00:00 - Hey!
    00:00:00:10 - පපු තුරින් මුව තියන්
    00:02:58:00 - හිතවන්තී
    00:07:04:25 - ඇහි දාර පවා
    00:10:40:00 - හැම හීනේම
    00:14:04:15 - දෙදෙනා (මියදුනාවේ)
    00:17:29:10 - සයනෙට නාවේ
    00:21:44:00 - ආයේ මා තනිවීලා (රූරා)
    00:25:41:00 - සිහින සිහිනම නොවන තැන්වල (නොහිමි)
    00:28:28:05 - මුලාවේ
    00:32:20:20 - සොඳුරියේ
    00:36:28:20 - මැවිලා
    00:40:44:20 - හිත් ඔච්චම් (නුඹ එක්ක මා එන්නම්)
    00:44:15:05 - සුරඟනක් විලස (නුඹ හා)
    00:46:58:20 - නුඹේ ඇස් මා දැකලා (දෑස්)
    00:50:45:18 - මං තාම වාරු ගන්නේ (ගිම්හානයේ පාවෙලා)
    00:54:41:00 - කාරි නෑ සඳ
    00:57:45:10 - විරාමයක්
    01:00:31:10 - කැන්දා ගේනා
    01:04:06:00 - Thanks For Watching ❤ Subscribe & Share
    The lyrics of all the songs have been added below as comments...
    🖤Whatsapp Channel
    whatsapp.com/channel/0029Va5muZP1XquSoIY0bi32
    All Songs Credit Goes to Respective Owners!!
    .. "Use Headphone 🎧 For Better Experience" ..
    No copyright infringement intended. All rights the music belong to the owners!
    ❤Subscribe !
    like & share friends♥

  • @devizz_
    @devizz_ 7 หลายเดือนก่อน +3269

    කොහෙන් පටන් ගන්නද කියලා තේරෙන්නේ නෑ...ඒත් මම මෙහෙම කියන්නම්...මට දැන් අවුරුදු 17 යි...මම මාතර ඉන්නෙ...ම ඉන්නෙ කොහේද කියලා ඔයාලට කියන්න ලොකු හේතුවක් තියෙනවා...එයා මට මුලින්ම හම්බවෙන්නේ ස්කෝලෙ දි තමයි... එතකොට මමයි එයයි දෙන්න ම හිටියේ 6 වසරේ.....එච්චර පොඩි කාලෙ දි ආදරේ කියන්නේ මොකක්ද කියල තේරුම් ගන්න පුළුවන් කමක් මට තිබුණේ නෑ... හැබැයි එයා කියන විදියට එයාට නම් මම දැකපු මුල් ම දවසෙ ම ආදරයක් ඇතිවෙලා තියෙනවා...මට ඒක ඇත්තක් කියලා පිළිගන්න වෙනවා... මොකද ඒකට හේතුවක් තියෙනවා... හැබැයි ඒ දවස්වල එයා මගේ හොදම යාලුවෙක් වෙලා තමයි හිටියෙ... කොහොම හරි අපි 8 වසරට යන්න ඔන්න මෙන්න තියෙද්දී...එයාට kandy යන්න සිද්ද වෙනවා පදිංචියට...එයාලගෙ තාත්තාගෙ වැඩකට... කොහොම හරි මම දන්නෙත් නැහැ එයා යන දවස එනකන් ම... කොහොම හරි එදා තුන්වෙනි වාර විභාගෙ ඉවර වෙලා නිවාඩු දෙන දවසක්...එයා මං ළගට ඇවිත් කිව්වා.... "dewmini මම අද යනවා... ආයිත් හම්බවෙයි ද කියන්න දන්නේ නෑ... කොහොම උනත් පරිස්සමින් ඉන්න" කියලා..මට එදා මොකද්දෝ අවුලක් අඩුවක් පාළුවක් දැනුනා... හැබැයි කාලය ඔහොම ගත වෙද්දී මට එයාව අමතක උනා... හැබැයි එයාට එහෙම ලේසියෙන් අමතක කරන්න බැරිවෙලා තියනවා...අපි 10 වසරේ වගේ ඉද්දී තමයි කොවිඩ් ප්‍රශ්නෙ ආවේ...මේ කාලෙදි අපි හැමෝම ඉතිං ඔන්ලයින් ක්ලාස් වලට ගියානේ...ඒක නිසා මටත් ෆෝන් එකක් තිබුණා...(දැනටත් තියෙන්නේ ඒක තමයි...) හොදම වැඩේ කියන්නේ එයා වගේ මගේවත් අපේ පන්තියේ කාගෙවත් නම්බර්ස් තිබුණෙ නැහැ... හැබැයි මෙයා යන්න කලින් අපේ පන්තියේ ළමයෙකුට එයාගෙ තාත්තාගෙ නම්බර් එක දීලා තිබුණා... කොහොම හරි ඒ ළමයා එයාගෙ නම්බර් එක පොතක් අස්සේ තමයි දාල තිබිලා තියෙන්නේ... දවසක් පොත් ගොඩ අවුස්සන කොට නම්බර් එක හම්බෙල එයාට කෝල් කරල තියෙනවා...ඔන්න ඒ සිද්ධියෙන් පස්සේ තමයි...අපි දෙන්නා කන්ටෑක් වෙන්නේ...එදා අර ළමයට නම්බර් එක හම්බුනේ නැත්නම්...අදටත් අපි වෙන් වෙලා ඉන්නෙ... හැබැයි දැන් අවුරුදු 2ක් තිස්සේ අපි දෙන්නා ආදරෙන් ඉන්නවා... හැබැයි අපි එදා8 වසරේ දී වෙන් වුණාට පස්සේ තාම හම්බෙලා නැහැ...අපි තව අවුරුදු 2කින් හම්බවෙන්න තමයි ඉන්නේ මගේ,A/L වැඩ ඉවර වුනාම... එතකන් බලන් ඉන්නවා...thanks මගේ කතාව අහපූ හැමෝටම..😊♥️

    • @user-cp9cj3sz1m
      @user-cp9cj3sz1m 7 หลายเดือนก่อน +78

      ඒක හරී ලස්සනයී🥺👐

    • @kavindayapathirana8675
      @kavindayapathirana8675 6 หลายเดือนก่อน +34

      Ane eka hari lassani nangiyo oya vagema thama math habai eka rata idala adare karana oyai rataval deka idala adatath minagahene nathuva adera karana mai dennek mn oyata hadavathinm wish karanava ikmanata muna gahena labenna kiyala habai mata ekata thava kalayak yai 🥰 eth mn sathuten

    • @SPk671
      @SPk671 6 หลายเดือนก่อน +75

      හරි ලස්සන කතාවක් දෙන්නම ආදරෙන් ඉන්න හැමදාටම 🥰❤

    • @SupunBuddika-te2px
      @SupunBuddika-te2px 6 หลายเดือนก่อน +39

      එයට මන් එනකම් මාස 3 ඉන්න බැරි උනානේ 😭😢

    • @dilusansala-im3kp
      @dilusansala-im3kp 6 หลายเดือนก่อน +7

      🤗❤

  • @isuruchamod6110
    @isuruchamod6110 8 หลายเดือนก่อน +249

    සමහර වෙලාවල් තිබ්බ " අනේ තව ටිකක් ඉන්න තිබ්බනම් ....🥺 " කියල හිතුන

  • @Hashi198
    @Hashi198 8 หลายเดือนก่อน +167

    අපේ හදවත්වලටත් කතා කරන්න පුලුවන් උනානම් දවසක..... කියයි අපි කොච්චර අසරණ උනාද කියලා... ඒ වගේම කොච්චර ආදරේ කලාද කියලා.... ආදරේ නිසා චූටි හරි දුකක් දැනුනා නම් ඒ හැමෝටම ඉක්මනින් සතුටක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

  • @official-ym1co
    @official-ym1co 8 หลายเดือนก่อน +125

    නුවර වැව රවුම ලගට වෙලා වහිනවෙලාවට මේ සිංදු ටික අහන්කොට දැනෙන filing එක❤

    • @notytharin
      @notytharin 7 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම නුවර කියන්නේ ප්‍රේමනීය නගරයක් 🥹😊❤🌍

    • @devizz_
      @devizz_ 7 หลายเดือนก่อน +8

      Mth asm place ekk nuvara vava rauma... kvdvth MN gihill nn na...ynn asy eyth ekka...

    • @Janu.62
      @Janu.62 7 หลายเดือนก่อน +3

    • @dds6105
      @dds6105 6 หลายเดือนก่อน

      ​@@devizz_ynn puluwan wei ikmanatam😇

    • @madubalasuriya1967
      @madubalasuriya1967 2 หลายเดือนก่อน

      ආසම නගරේ....❤️🥺

  • @Kane__99
    @Kane__99 8 หลายเดือนก่อน +184

    හැම මනුස්සයෙක්ටම ලැබෙන්න ඕන
    පසුතැවීම් නැති ආදරයක්...! 🌸💙

    • @erandaaxe5151
      @erandaaxe5151 8 หลายเดือนก่อน +2

      Eth mata labenne na...

    • @user-cp9cj3sz1m
      @user-cp9cj3sz1m 7 หลายเดือนก่อน +1

      Mmm ow🥺👐

    • @HashanMaduranga-sz6xk
      @HashanMaduranga-sz6xk 4 หลายเดือนก่อน

      Aththa

    • @harshilapunchihewage
      @harshilapunchihewage 3 หลายเดือนก่อน +2

      ඇත්ත.... ආදරේ ආදරේ කිය කියාම හිත පාරවන ආදරයක් නෙමෙයි...😓

  • @MaduSRathnayaka-xw6bx
    @MaduSRathnayaka-xw6bx 8 หลายเดือนก่อน +64

    ආදරේ හිත් දෙකේම තිබිලත් නොගැලපීම් එක්ක වෙන් වෙන්නම වෙන තැනට වැටුනම දැනෙන අසරණ කම.එකිනෙකා තේරුම් ගත්ත නම් කී දෙනෙක් සතුටින්ද දෙයියනේ 💔💔💔💔

  • @nimeshilakshani302
    @nimeshilakshani302 8 หลายเดือนก่อน +89

    හැමෝටම ලැබෙන්න ඕන තමන්ගෙම කරන් පරිස්සම් කරන ආදරයක්❤️💫🥰

  • @user-tp1cq3nk9i
    @user-tp1cq3nk9i 7 หลายเดือนก่อน +44

    සමහර සිංදු තිබ්බා අපිටම ලිව්වද කියා හිතාගන්න බැරිතරම් අපේ ජීවිතේට ලං වුන 🥺❤️‍🩹

  • @dancemylife6617
    @dancemylife6617 8 หลายเดือนก่อน +124

    කෙනෙක්ට අවංකව ආදරේ කරන අය අඩුයි...🥺 එ නිසා ඔයාව හොදින් පරිස්සම් කරන කෙනෙක් හොයා ගන්න..💔 නැතිනම් පසුතැවෙන්න වෙනවා මුලු ජීවිතේම.. 🥺💔 හැමෝටම ඒ වගේ ආදරයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🙂💔 ජිවිතේම සතුටින් තියෙන්න පුලුවන් ආදරයක් ලැබෙන්න ඔනි..🥺❤️

  • @shalikadilshani2221
    @shalikadilshani2221 8 หลายเดือนก่อน +665

    සමහර ආදර කතා තියෙනවා නොලැබෙන බව දැන දැනම දෙන්නට දෙන්නා පනටත් වඩා ආදරය කරන...😔

    • @RuwaniNisansala-qu5yq
      @RuwaniNisansala-qu5yq 8 หลายเดือนก่อน +50

      ඇයි ඒක පාර්ෂ්වික ආදර කතා ❤එයාලා පව් අනේ😢

    • @user-rr6kb3mo6q
      @user-rr6kb3mo6q 8 หลายเดือนก่อน +8

      Aniwarenma 💔😔

    • @Chathurnilakwindya97
      @Chathurnilakwindya97 8 หลายเดือนก่อน

      ​@@RuwaniNisansala-qu5yqhmm🥺

    • @sudusudu3668
      @sudusudu3668 8 หลายเดือนก่อน +18

      Mn wage😔😔dannawa jiwitheta hambene na kiyala. Eth maha godak adarei. Jiwithe marenakalma hari parissamata mage hithe idi eya❤️

    • @rohanrohan7354
      @rohanrohan7354 8 หลายเดือนก่อน +3

      😔😔😔

  • @sithumini4365
    @sithumini4365 8 หลายเดือนก่อน +308

    මේ විදවන හැමෝටම දවසක සැනසීමක් ලැබෙන්නම ඕනි 🙂❤ ඉවසන් ඉමු ලස්සන කාලයක් එයි 😊❤

    • @THARIDU_69
      @THARIDU_69 7 หลายเดือนก่อน +2

      aniwarayen

    • @pushpawelu-rb8uk
      @pushpawelu-rb8uk 7 หลายเดือนก่อน +3

      Aniwa ennma oone

    • @nethu_girl135
      @nethu_girl135 7 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @sandaligamage1453
      @sandaligamage1453 6 หลายเดือนก่อน +1

      ❤❤🎉

    • @user-zk4dz8ee8s
      @user-zk4dz8ee8s 5 หลายเดือนก่อน +1

      මේ හිත් කවද හරි හිනාවෙයි
      එතකන් බලන් ඉමු
      ලස්සන ලමයෝ🙂❤

  • @nilukasajan6043
    @nilukasajan6043 8 หลายเดือนก่อน +471

    දුරින් ඉදන් ආදරෙ කරන හැම කෙනෙක්ටම ඉක්මනට තමන් ආදරෙ කරන කෙනා ළගට ඇවිත් ජීවිත කාලෙම ආදරෙන් ලගටම වෙලා ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😌❤

    • @hirunadananjaya9281
      @hirunadananjaya9281 7 หลายเดือนก่อน +10

    • @user-sc7jj8gz8j
      @user-sc7jj8gz8j 7 หลายเดือนก่อน +6

      ❤❤❤❤

    • @notytharin
      @notytharin 7 หลายเดือนก่อน +6

      අනේ ඔව් ඒක ඇත්ත 😢❤😊

    • @menakakumari7152
      @menakakumari7152 7 หลายเดือนก่อน +3

      😢

    • @janiduudana7377
      @janiduudana7377 7 หลายเดือนก่อน +3

      ehema wennanam oni deiyane thawa kochchara kaliwasannada

  • @hasithaheshan4953
    @hasithaheshan4953 8 หลายเดือนก่อน +115

    අදරේ නමේන් කවුරුත් අදරේට බෝරු කරාන්න එපා පිං සිද්ද වේයි එකේන් තනිඋනු කේනා ගෝඩක් විදෝනවා 😢❤️‍🔥💔

    • @user-kj6xh4mh7d
      @user-kj6xh4mh7d 8 หลายเดือนก่อน +1

      Hmmm😢😢

    • @NimankaNirmani-sj6es
      @NimankaNirmani-sj6es 8 หลายเดือนก่อน +1

      😢

    • @menakakumari7152
      @menakakumari7152 7 หลายเดือนก่อน

      🥺❤️

    • @shashinirikshala
      @shashinirikshala 6 หลายเดือนก่อน +1

      True.e nisa man nam jiwitha kalema thaniyama inna thiranaya karala thiyenne😢

    • @user-ui4wx5ct6c
      @user-ui4wx5ct6c 5 หลายเดือนก่อน

      ඇත්තටම ආදරේ කරපු කෙනා විදවන්නේ

  • @RuhiBbh-dz2sy
    @RuhiBbh-dz2sy 8 หลายเดือนก่อน +94

    දැවෙන සිත් සියල්ල නිවෙන්න ඕනි..🙂🥺❤️හැමෝම හිනා වෙලා ඉන්න..තමන්ට තමන් ආදරෙ කරන්න❤️

  • @irbgaming3084
    @irbgaming3084 8 หลายเดือนก่อน +87

    ආදරේ කියන මාතෘකාව ඉස්සරහ අහින්සක හිත් කීයක් නම් අසරණ වෙනව ඇද්ද 😔💔 ඇත්තටම වෙලාවකට හිතෙනව ඇයි ආදරේ කරන්නෙ කියලත් 🙂 තාමත් එකම එක හිතකට මැරීගෙන ආදරේ කරන්න තරම් ? ඇත්තටම ආදරේට පුලුවන් කෙනෙක් මනුස්සයෙක් කරන්නත් පිස්සෙක් කරන්නත් 🙂❤

    • @user-my9rg4rj8n
      @user-my9rg4rj8n 8 หลายเดือนก่อน +2

      aththa thama

    • @mkcsumithkumara5868
      @mkcsumithkumara5868 8 หลายเดือนก่อน +2

      ඇත්ත. ඒක මං හොඳටම විඳලා තියෙනවා 🤧🤧😔😔😩

    • @onindunilambara5186
      @onindunilambara5186 5 หลายเดือนก่อน +1

      Aththa😢

  • @udeshikamadumali3159
    @udeshikamadumali3159 8 หลายเดือนก่อน +438

    මo වගෙ හිතින් ආදරෙ කරන අය ඉන්නවද🥺
    එක අමුතුම ආදරයක් හිමි උනුත්🥺❤️

  • @craadacademycarreview617
    @craadacademycarreview617 6 หลายเดือนก่อน +34

    මෙ විදියට තනියම ඉද්දි හරිම සැහැල්ලුයි. බොරු බැදීම් ඕන නෑනෙ.❤😂

  • @Heartbeeat476
    @Heartbeeat476 8 หลายเดือนก่อน +88

    ආදරේ සුන්දරයි අපි වගේම ආදරේ කරන මිනිස්සු හම්බුනාම❤🥀☁️

    • @DahanayakaChamika
      @DahanayakaChamika 8 หลายเดือนก่อน +1

    • @ishjayasinghe4434
      @ishjayasinghe4434 7 หลายเดือนก่อน

      Eka hri hAbei " අපි වගේම ආදරේ කරනවනම් විතරක් " ❤️

  • @prashadinikaushalya8937
    @prashadinikaushalya8937 5 หลายเดือนก่อน +21

    තෙරෙන වයසේ ඉදන් හින මවපු රුපේ හම්බෙන්න ගොඩක් පින් කරන්න ඕනි 😍♥️මට ඒ පිනනම් ලැබුනා මට අවුරුදු 19 දි එත් එ සතුට සදාකලිකව තියේවිද කියලා ලොකු බයකින් මන් ඉන්නේ 😖💔එයාට ඔනී වෙලවට එනවා එපා උනම යන්වා මන් එය දිහා බලන් ඉන්නවා🙂🙃ඉවසීම කියන දේ පොඩ්ඩක්වත් නැති මන් එයා ගාව මෙච්චර ඉවසන් ඉන්නවා කියන එක ලොක පුදුමයක් මටම මන් එයාට ආදරේ කරන තරම් එයා දන්නෙ නැද්ද දැනගෙනත් නොදන්නවා වගේ ඉන්නවද මන් දන්නේ නෑ 😔💔මට එයාව මගේම කරගන්න ලැබෙන්න කියල පාර්තනා කරනවා ජිවිතතේට කෙනෙක්ට අදරේ කරන්නෙ නෑ කියලා අම්මල්ලා එක්ක කියපු මන් මෙච්චර එයාට ඇබ්බැහි වෙයි කියල හිනෙකින්වත් හිතුවෙ නෑ 😘♥️මන් හරි අදරේයි ලමයෝ❤🌚😘

  • @sithumisanjana8459
    @sithumisanjana8459 6 หลายเดือนก่อน +15

    හිතින් ආදරය කරන කතා තමයි ලස්සනම

  • @KumashiNethmi
    @KumashiNethmi 6 หลายเดือนก่อน +47

    දැන් මට අවුරුදු 19ක් ....කොරෝනා කාලේ එයාව හම්බුනේ දෙන්නටම අවුරුදු 16 එතකොට ... එයා කුරුණෑගල මම නුවර ....එයාව දැක්කෙ යාලුවෙලා අවුරුද්දක් ගිහින් ...එදා ඉදන් අද වෙනකම් මාව දරාගෙන ඉන්නව ...ගොඩක් ආදරෙයි මං....වෙන කෙනෙක්ට කවදාවත් මට ආදරේ කරන්න බැරිවෙයි .... මං තාම ස්කුල් යනව එයා ජොබ් එකක් කරනව....හැමදාම හම්බෙන්න බැරිවුනත් හැම මාසෙම සැලරි එක අරගෙන පහුවදාට දුවන් එනව මාව බලන්න...ඉතිම් මං ආදරෙයි ගොඩක් .... හැමදාම මගෙ ලගින් ඉන්න ....එයාගෙ පලවෙනි ආදරේ මම නොවුනට මගෙ පලවෙනි ආදරෙත් අවසාන ආදරෙත් එයා විතරයි ❤️

    • @user-ou4lh2eo2n
      @user-ou4lh2eo2n 3 หลายเดือนก่อน +1

      මටත් ඔය වගෙම ආදරයක් තියෙ🥰

    • @lahirunimsara2196
      @lahirunimsara2196 2 หลายเดือนก่อน +1

      ඕනවට වඩා කාවවත් විශ්වාස කරන්න එපා...!

  • @tharubaba-ie7kq
    @tharubaba-ie7kq 8 หลายเดือนก่อน +676

    දැනුත් ආදරේ නිසා විදවන මිනිස්සු ඔච්චර නම් ඇතිද 🥺💔

    • @manulasasanga8180
      @manulasasanga8180 8 หลายเดือนก่อน +7

      Math innawa 😊

    • @shehanrukmal2471
      @shehanrukmal2471 8 หลายเดือนก่อน +4

      Hm

    • @maneldamayanntthi7319
      @maneldamayanntthi7319 8 หลายเดือนก่อน +22

      මමත් ඒ කෙනෙක් තමයි ඉතිං, ඒත් මම කවදාවත් එයාට වෛර කරන්නෙ නෑ.🙍🏻‍♀️😢

    • @lakshalakshan8458
      @lakshalakshan8458 8 หลายเดือนก่อน +2

      මං🥺

    • @tharukadilrukshi3601
      @tharukadilrukshi3601 8 หลายเดือนก่อน +9

      Hmm aurudu ganan adare karala widawana minissu kochara asaranada?..❤️‍🩹🥀

  • @Aki24851
    @Aki24851 8 หลายเดือนก่อน +58

    ආදරේ හරි ලස්සනයි තෙරුන් ගන්න පුළුවන් උනනම් 🙂❤

    • @kevinxvibes
      @kevinxvibes  8 หลายเดือนก่อน +4

      💜💫aththk

  • @prabodhabashini5796
    @prabodhabashini5796 8 หลายเดือนก่อน +226

    ඇත්තටම ආදරෙ කරන අයව හැමෝටම ලැබෙනවනම් ✨️

    • @sriyanidisanayaka1074
      @sriyanidisanayaka1074 7 หลายเดือนก่อน +2

      Ehenam okkama aya sathutin ❤

    • @SenuriKawya-qk4mk
      @SenuriKawya-qk4mk 7 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් 😊😊

    • @AnjanaKulathunga
      @AnjanaKulathunga 5 หลายเดือนก่อน +3

      api eylt adare karana taram eyalth apit adare kalanm?

    • @tndilhan
      @tndilhan 5 หลายเดือนก่อน +1

      😮😮😮😊😊😮😊😊😊

    • @savindugamage3099
      @savindugamage3099 2 หลายเดือนก่อน +2

      එහෙම ලැබෙනවා හරීම අඩුයි. 🙂
      හැබැයි...
      ලැබෙන කෙනාට අනික් හැමදේටම වඩා ආදරේ කරන්න ලැබෙන්න පුලුවන්. අන්න ඒක මිස් කරගන්න එපා. ❤️
      පරාර්ථකාමීව ආදරේ කරන්න. හිතට එන විකාර අඩු වෙයි. 😌 අත්දැකීමෙන් කියන්නෙ

  • @tharushachamod3886
    @tharushachamod3886 5 หลายเดือนก่อน +49

    සින්දු ටික අහන ගමන් මේකේ කමෙන්ට් කියවන එක අමුතු ෆීලින් එකක්

  • @KusumaUdugama-gb2un
    @KusumaUdugama-gb2un 8 หลายเดือนก่อน +124

    ආදරය කියන්නෙ විහිළුවක් නෙවේ ❤ඒක නැතිව ජීවත් වෙන්න කාටවත් බෑ බන්❤😢කියන්න තේරෙන්නෙ නෑ මට එයා නැතුව ඉන්න බෑ එච්චරයි ❤

    • @lasika5961
      @lasika5961 7 หลายเดือนก่อน +2

      ow

    • @ishjayasinghe4434
      @ishjayasinghe4434 7 หลายเดือนก่อน +1

      ❤️

    • @Lakshikanawodya
      @Lakshikanawodya 7 หลายเดือนก่อน +1

      😢❤

    • @shenah2024.
      @shenah2024. 7 หลายเดือนก่อน +2

      Bri nh,,, hitha haiya n oyge😊

    • @lakshithamadushani5170
      @lakshithamadushani5170 6 หลายเดือนก่อน +2

      Matath thiyenawa. Kawadawath himi nowana adarayak..... eyata dn duwek innawa. Mata dn puthek innawa.. babala dennama eka wayase. Habai eyage babage amma mn newei. Mage babage thaththa eya newei. Eya mawa dala gihin dn awarudu 5i. Mn prarthana karanawa me sansara gamane kisi dawasaka eya mata muna nogasenna kiyla. Mn eyata hemadamath adarei. Himi nounath. Inna thenaka sathutinma inna oni kiyla prarthana kranawa.

  • @Bad_angel1972
    @Bad_angel1972 6 หลายเดือนก่อน +14

    මම තාම විරහව වත් ආදරයවත් ලබලා නෑ.. ඒත් මන් හරි ආසයි මේ ප්ලේලිස්ට් එකට... මේ සි‍ංදු අහනකොට මට නිකන් පපුව හිර කරන වේදනාවක් දැනෙනවා.. හේතුවක් නැතුවම... හරියට නිකන් මේ මුළු ලෝකෙම ඉන්න විරහ වේදනාවෙන් ඉන්න හැමෝම මගෙ ඇඟ ඇතුලෙ ඉන්නව වගේ.. ආදරේට සීමා නෑ... වැටකඩුලු ඕන්නෑ... හැමෝටම ආදරේ කරන්න අයිතිය තියෙනව... හැමෝටම ලස්සන ආදරයක් ලැබෙන්න ඕනෙ... තමන් ආදරේ අරන අයවම ලැබෙන්න ඕනෙ... විරහ වේදනා විඳින හැමෝටමත් වේදනාව නිවන උරහිසක්,පපුවක්,උකුළක් ලැබෙන්න ඕනෙ...❤

  • @sandamuthukumarana1291
    @sandamuthukumarana1291 4 หลายเดือนก่อน +14

    ප්‍රේමය නොයිල්ලා ප්‍රේමය දුන්න තැන්වල..
    බලාපොරොත්තු නොවීම ප්‍රේමය දීපූ තැන්වල...❤️🌻🥀
    ආදරෙයි නොකියා ආදරේ කරපු තැන්වල..
    ප්‍රේමය ලස්සනම අප්‍රකාශිත තැන්වල...!

    • @sudeshikasudarshani3692
      @sudeshikasudarshani3692 3 หลายเดือนก่อน +1

      සින්දු අහන ගමන් කමෙන්ට් කියවපු මට හිතට දැනුන ලස්සන නිසදැසක් 🥰❤️

  • @sudeeraillangakoon5314
    @sudeeraillangakoon5314 8 หลายเดือนก่อน +137

    වෙලාව පාන්ද තුනත් පහු වෙලා.....තාමත් මේ සින්දු ටික අහගෙන මාව සතපහකට ගනන්ගන්නැතුව දාල ගිය එයා ගැන හිත හිත තාමත් එයාට හිතින් ආදරේ කරනව.....හරිම ලස්සනට මතක අව්ස්සනව😔🥺❤️ 3:08

    • @user-ew6tv4jv1g
      @user-ew6tv4jv1g 8 หลายเดือนก่อน +2

      හ්ම්

    • @user-dz4dl2ne2g
      @user-dz4dl2ne2g 7 หลายเดือนก่อน +2

      😢 labila mn wage duk vidinawata wadaa noleba oya vidina duka hodai. Lagata awama wate yanawa kiyala danunam danena hagima 😢😢😢

    • @DilshaniPramodika-ex1hd
      @DilshaniPramodika-ex1hd 7 หลายเดือนก่อน +1

      Mawa dala giyeth kisima hithak papuwak nathuwa

    • @user-cp9cj3sz1m
      @user-cp9cj3sz1m 7 หลายเดือนก่อน +1

      🥺

    • @TharushiKavindaya-ky2fc
      @TharushiKavindaya-ky2fc 7 หลายเดือนก่อน +5

      මංනම් මාව දාලා ගිය කෙනා ගැන පොඩ්ඩක් වත් හිතන්නේ නෑ. මොකද ඒ වගේ කෙනෙක් මගේ ජීවීතෙන් ගිය එකමයි හොද කියලා විතරයි හිතෙන්නේ මට ඕනී එයාට පෙන්න ලස්සනට හොද කෙනෙක් එක්ක මැරෙනකම්ම සැනසීමෙන් හිතේ සතුටින් ජීවිතේ ගෙවන්න එහෙම කෙනෙක් මගේ ජීවිතේට ඉක්මනට එනකම් මං බලන් ඉන්නවා ❤️

  • @kavindyanethmini2150
    @kavindyanethmini2150 8 หลายเดือนก่อน +68

    තේරුම් ගන්න පුලුවන් කෙනෙක් හම්බුනාම ආදරේ විදින්න පුලුවන් ජීවිතේ සුන්දරයි ඉතින් ඉස්සර කෙනෙක් නිසා ජීවිතේ තිත්ත වෙලා හිටිය මට දැන් තවත් කෙනෙක් නිසා ජීවත් වෙන්න ආසයි හරි කෙනා අපේ ජීවිතේට ආවහම අපේ ජීවිතේ ලස්සනයි ‍❤‍

    • @kasunkumarasinghe9482
      @kasunkumarasinghe9482 8 หลายเดือนก่อน +2

      🥺❤

    • @erandaaxe5151
      @erandaaxe5151 8 หลายเดือนก่อน +1

      Hari kena kawadawath enne na...

    • @user-ir9xo1fd7u
      @user-ir9xo1fd7u 7 หลายเดือนก่อน

      Eka aththa. Ehema kenek matath dan innawa. ❤❤❤

  • @dewminisanjana6054
    @dewminisanjana6054 8 หลายเดือนก่อน +69

    සමහර ආදර කතා කවදාවත් එක් වෙන්නෙ නෑ ඒත් දෙන්න දෙන්නට කැමති ඒත් කවදාවත් එක් වෙන්න බැරි හින්දා දැක්කත් නොදැක්කා වගේ ඉන්නව 😢

    • @thuhinisasara5928
      @thuhinisasara5928 8 หลายเดือนก่อน +2

    • @sujithpriyantha6710
      @sujithpriyantha6710 8 หลายเดือนก่อน +2

      😊

    • @hansanisilva1111
      @hansanisilva1111 8 หลายเดือนก่อน +1

      Hmm🥲

    • @shanikakumari4212
      @shanikakumari4212 8 หลายเดือนก่อน +1

    • @ishaniimalk
      @ishaniimalk 7 หลายเดือนก่อน

      Mn wg..kwdwth lebenn na kiyl dnnw..eth pudum wdht adre krnn mm eyt..mm pissek wei kiyl hithnw thw tik dwskin😞😣

  • @Parshnimikma
    @Parshnimikma 8 หลายเดือนก่อน +43

    ආදරේ සුන්දරයි ආදරයට වටිනාකමක් දෙන කෙනෙක්ව හම්බවුනාම එහෙනම් අද ආදරේ නිසා කවුරුත් විදවන්නෙ නැති වෙයි 🥺💔✨

  • @user-jy2pt8cy4r
    @user-jy2pt8cy4r 8 หลายเดือนก่อน +170

    ආදරේ කියන දේ හම්බෙන්න ඕන විදින්න...කාටවත් විදවන්න වෙන ආදරයක් හම්බෙන්න හොද නෑ...ඒක විදවන කෙනාට හැමදාටම අසරන මතකයක් වෙන්න පුලුවන්🥺🙂💔

  • @dilkivihansa9718
    @dilkivihansa9718 7 หลายเดือนก่อน +35

    එයයි මමයිත් අදටත් හරි සතුටින් ගෙදරින් විරුද්ද නොවුණානම්.... අම්මා ගේ ආදරේ අවුරුදු විස්සයි ඔයාගෙ ආදරේ අවුරුදු හතරයි❤ ඉතිම් කදූළු එක්ක මම තනියම ඔයත් තනියම විදවනවා දෙපැත්තක😊 පරිස්සමෙන් ලමයො ....... කදූළු මතක් පාර පාර සදහටම හිතත් එක්ක❤ ආදරණීය තොල් හාදු ......ඒ හුස්මක සූවද...... ඒ පපුවේ රස්නෙට ගුලිවෙලා නිදනවා තනියම හැම රැම💞 කියන්න අහන්න කෙනෙක් නැහැ ඉන්නම බැරි උන තැන තියනවා මෙලෙස සටහනක්❤❤❤❤😊

    • @ShanuriFernando
      @ShanuriFernando 5 หลายเดือนก่อน +4

      ශක්තිමත්ව ඉන්න. දෙයක් ලැබෙන්න තියනවා නං ඒ දේ කොහොමහරි ලැබෙනවා. ඒ දේ උරුම නැත්නං ලැබෙන්නේ නෑ. හැම දෙයකටම ලොකු හේතුවක් තියනවා. ඉවසීමෙන් බලන් ඉන්න. හැමදේකටම උත්තරයක් තියනවා. 💖🥰

    • @dilkivihansa9718
      @dilkivihansa9718 5 หลายเดือนก่อน +3

      @@ShanuriFernando ඔයා කව්රු උනත් වචනෙකින් හරි හයියක් උනාට මහා ගොඩක් පිං 🙏❤️

    • @MihinduSathsara-Gamer_45
      @MihinduSathsara-Gamer_45 2 หลายเดือนก่อน +1

      ඇඩෙනවා ඕයී😢

  • @user-re1jv7bo1f
    @user-re1jv7bo1f 8 หลายเดือนก่อน +34

    ආදරේ නිසා විදවන්න වෙනවනම්.....කවදාවත් එහෙම ආදරයක් එපා කාටවත්ම හම්බවෙන්න....අතීතය දුකක් මතක ගොඩක් පිරුනු....ඉතිං අයිති නැත්තම් කවදවත් මුණ ගැහෙන්න එපා....🙂

  • @user-tp1cq3nk9i
    @user-tp1cq3nk9i 7 หลายเดือนก่อน +14

    සමහර සිංදු තිබ්බා අපිටම ලිව්වද කියා හිතාගන්න බැරිතරම් අපේ ජීවිතේට ලං වුන 🥺

  • @rohanapriyantha5303
    @rohanapriyantha5303 7 หลายเดือนก่อน +24

    අවංකව ආදරේ කරන හැමෝටම ඒ ආදරේ කවදම හරි දවසක හම්බවෙන්නම ඕනේ 😢❤

  • @user-zj7ny8qm9t
    @user-zj7ny8qm9t 8 หลายเดือนก่อน +33

    වදයක් කියලා හිතලා යන්න හදනකොට නවත්තලා බලාපොරොත්තු දෙනවා. ආදරෙයිද කියලා අහනකොට කියවන්න එපා කියනවා. ගන්න ගන්න කෝල් එක කට් කරනවා. ආයේත් ටික වෙලාවකින් කෑවද? මොනාද කෑවේ අහනවා. මොකක්ද මේකේ තේරුම. අතාරින්නත් බැරි ඉන්නත් බැරි බැදීමක මම පට්ට විදියට අසරණ වෙලා. මේ වෙනකල් කිසිම වරදක් කරල නැහැ මම එයාට. ඒක එයා හොදටම දන්නවා. දවස් ගානකින් කාලා නෑ. ඇදෙන් නැගිටින්න හිතෙන් නෑ. ගිනි කබලක් වගෙ ඇගට උණ. තේරෙන්නෙ නැහැ මම පිස්සෙක් වීගෙන යනවද කියලා.🙂 ඇයි ආදරේ මෙච්චර නපුරු. නැතුව බැරි තරමටම ළං වෙලා දැන් මේ කරන දේ හරිම අසාධාරණයි නේද....?? පිරිමි හිත් ගල් ද?? 😢 ඇත්තටම මොකක්ද මේ වෙන්නේ... 🥺

    • @himaligunathilaka5056
      @himaligunathilaka5056 6 หลายเดือนก่อน +1

      ඒක තමා දරාගන්නම බැරී

    • @malkiprabodini7402
      @malkiprabodini7402 5 หลายเดือนก่อน

      අනේ මගෙ ආදරේ වගේ 😢 අත් අරින්න තරම් ශක්තියක් නෑ...

  • @ff24524
    @ff24524 2 หลายเดือนก่อน +8

    ආදරෙ කියන වචනය පව එපා වෙල තිබ්බ කාලයක් තිබ්බ ඒත් ඒ ආදරේ කියන එකම අද ඕන වෙල තියනව ඒත් බයකුත් තියනව ආපහු මගෙ හදවත බිදෙයි කියල🥲

    • @ff24524
      @ff24524 2 หลายเดือนก่อน +2

      🥲

  • @nethushi9456
    @nethushi9456 8 หลายเดือนก่อน +30

    කෙනෙක් නිසා ගොඩාක් ඇඩුවා මතක් වෙන ගානට...මේ සින්දු අහ අහ පරන මතකයන් මතක් කර කර ඉස්සර ....😢ඒ තරමට මිනිස්සුන්ට ඇබ්බැහි වෙන එක පිස්සුවක් 😥...ඒත් මොකක් හරි අහම්බයකින් එයා මා ගාවට ආපහු ආවා❤මට හිතාගන්න බෑ...හීනයක් වගේ😊...එයා නිසා ගොඩාක් දුකින් හිටපු මන් ආයෙත් සතුටින් ඉන්නෙත් එයා නිසාමයි....මට බයයි ඒත් ආපහු මොනා වෙයිද කියලා 😢මොනා කරන්නද...හැමදේම හොදට වෙයි ....බලන් ඉන්නවා 😊❤ඒත් ඕනවට වඩා මිනිස්සුන්ට අපි ඇබ්බැහි වෙන්න නම් හොද නෑ😑ආදරය කියන්නේ හරිම අමුතු දෙයක් ✨️❤️ආදරෙයි ගොඩාක්😘🫂❤️

    • @sgsffvvfgfhvh4871
      @sgsffvvfgfhvh4871 8 หลายเดือนก่อน +2

      Satutin inna oya hari wasanawanthai

    • @ameeshahansamali1953
      @ameeshahansamali1953 7 หลายเดือนก่อน +4

      Math aye parak dala giypu eyawa baragatta.. aye mawa dala giya man thani una☺️ anith ayta adre krnn klin mn mata adraya krnn patan gththa😊 mn dn sathutin🥰

  • @shavindinimsara
    @shavindinimsara 8 หลายเดือนก่อน +74

    ||ප්‍රාර්ථනාවක්... 🌸♥️
    සංසාරේ කවදාවත්ම
    තනි නොකරන ආදරයක් හිමිවේවා
    අහිමි නොවේවා කාටවත්ම 🥺🌸🖤🖇️

  • @thestationoftheheart3661
    @thestationoftheheart3661 5 หลายเดือนก่อน +58

    සින්දු අහන ගමන් comment වල තියෙන ඒවා බලද්දි සින්දුව filling වෙනවා ❤

  • @ruthsheyara-xw4jx
    @ruthsheyara-xw4jx 8 หลายเดือนก่อน +50

    ආදරේ උනත් හරි ලස්සනයි ජීවිතේට ගැලපෙන කෙනා හම්බුනාම ❤ ඒ නිසා ආදරෙන් විදවන්නේ නැතුව ආදරේ විදින්න මගේ ලමයෝ❤😊

  • @inukanethmina6219
    @inukanethmina6219 8 หลายเดือนก่อน +23

    දීපු පොරොන්දු විශ්වාස කරලා විදවන එකෙක් මන් 😊💔

  • @NivarthanaRajapaksha-yi5wn
    @NivarthanaRajapaksha-yi5wn 7 หลายเดือนก่อน +11

    *ප්‍රශ්න ඇති ඒත් හිනා වෙන්න අමතක කරන්න එපා ලස්සන ලමයෝ...*☺️💝💫
    *මේ හැමදේම තාවකාලිකයි...*

  • @wimukthiwiraj2005
    @wimukthiwiraj2005 8 หลายเดือนก่อน +28

    ආදරේ ලැබුන තැන මිනිස්සු හරිම සංවේදී...මටත් ඉන්නව මම පන වගේ ආදරේ කරන මැනිකක්...ඉතිම් එයා මගේම උනත් නැතත් කොතනද සතුටින් ඉන්නෙ මම ඒ දේට ඉඩ දෙනව...ආදරේ කියන්නෙ හිමි කර ගැනීමමත් නොවේ...එයාටම දවසක තේරේවි එයාට ගැලපෙනම ආදරේ තියෙන්නෙ මම ගාව කියා...එදාට එයා මගේම වෙයි...එතකම් බලා ඉන්නව...ආදරෙයි...S...🥰❤️🌍

  • @kavishkaabhishek7949
    @kavishkaabhishek7949 8 หลายเดือนก่อน +30

    හිතට කොච්චර දැණුනත්
    අහිමි වෙන්න තියෙන දෙයක් නම්
    අනිවාර්යයෙන් ම
    ඒ දේ අහිමි වෙනවාමයි..!!
    ||💞🥺✨️||

  • @ruwanisasanka4260
    @ruwanisasanka4260 6 หลายเดือนก่อน +23

    🥀🌹අහම්බෙන් මුණගැහිල වෙන්වෙලා යන
    සංසාර කතා ඇතුලෙ" අහම්බයක්
    නොවුන ඒ අහබු හමුවීම කොයිතරම්නම්
    ලස්සනද ?
    පතාන ආවට අවාරේ මුණගැහුනම
    හිත්වලින් අල්ලගෙන අත්වලින්
    අත අරින්න වෙනවා..ඒක ලෝක
    සොබාව...
    ආදරේනම් අයිති වෙන්නම ඕන නෑ..
    ඒක තමයි එදා ඉදන් අද වෙනකම්
    හිත නිවපු කතාව !
    ඉතින් හමුවී වෙන්වෙමු සසර පුරුද්දට
    ඉසුරුමුණිය පෙම් යුවල නොවේ අප ! 🥀🌹

  • @sandaligamage1453
    @sandaligamage1453 6 หลายเดือนก่อน +17

    ඇත්තටම ආදරේ කරන දෙන්නෙක් අවසානෙදි එකතු වෙන්නම ඕන. මැරෙනකන්ම එකට යන්න. දුකක් නම් වෙන්න එපා.... ❤

  • @janukibimsari3454
    @janukibimsari3454 6 หลายเดือนก่อน +10

    මට දැනෙනවා වගෙ එයාටත් මාව දැනුනනම් 🙂💔"

  • @Dewmini45
    @Dewmini45 3 หลายเดือนก่อน +4

    සමහර සින්දු තියෙනවා.. ඒවා අහන්න බූට් කන්නම ඕනි නැ.. රැ දොලහටත් අහන් ඉන්න පුලුවන් තරම් හිත නිවනවා 💗🎧

  • @adeeshaidusari9586
    @adeeshaidusari9586 7 หลายเดือนก่อน +147

    මෙච්චර කාලෙකට කිසිම කොල්ලෙක් ගැන හැගීමක් තිබ්බෙ නෑ...🙂ඒත් එකම එක්කෙනෙක්ගෙ හිනාවකට,ඒ ඇස් දෙකට මට ආදරේ හිතුනා..💕💗.ඒ ඇස් දෙක නම් මායාවක්..👀🙂,ඒත් ඒ ඇස් වල හිමිකාරයා කවමදාවත් මට හිමි වෙන්නෙ නෑ...🙂🥀,ඒත් මම මහ හුගක් එයාට ආදරේ කරනවා...❤️❤️,අනේ,මට ඒක කියාගන්න තියෙනවනම්,"ඒත් ඒ දේ කිව්වත් වැඩක් වෙන්නෙ නෑ කියලා මං දන්නවා...,🙂❤️‍🩹කමක් නෑ..,අයිති වෙන්නම ඕනෙ නෑනෙ ආදරේ කරන්න,එයා දන්නෙ නැති උනත්,මං එයාට හුඟාක් ආදරෙයි ..❤❤❤❤,මට එයාට කියන්න තියෙන්නෙ ," ඔය හිනාව කවදාවත්ම නැති කරගන්න එපා ළමයෝ,මොකද ඔයාටත් හොරෙන් ඔයාගෙ ඔය හිනාවට ආදරේ කරන පුංචි සිතැත්තියක් දුර ඉදන් ඔයා දිහා බලන් ඉන්නවා....🙂🥀🍃) love U ( B)

    • @sadeepalakmal1069
      @sadeepalakmal1069 7 หลายเดือนก่อน

      Matath ok thamai 😊

    • @SenuriKawya-qk4mk
      @SenuriKawya-qk4mk 7 หลายเดือนก่อน

      ❤❤❤

    • @SithmiChethana
      @SithmiChethana 6 หลายเดือนก่อน

      😢

    • @kimashi8942
      @kimashi8942 6 หลายเดือนก่อน +9

      මටත් ඕක තමයි...🤗❤️ එයා කලින් කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා..දැන් ඒක නැවතුනත් එයා ආපහු කෙල්ලෙක්ට කැමත්තෙන් ඉන්නවා...😊❤ ඉතින් මං අවුරුදු 3 ක ඉදන් එයා දිහා බලන් ඉන්නවා වෙන මොනා කරන්නද...🤗❤️ සමහර විට එයා මගෙ නම වත් හරියට දන්නෙ නැතුව ඇති...ඒත් එයාව දැක්ක පලවෙනි දවසෙ ඉදන්ම එයාගෙ ඒ හිනාවට ආදරේ කරේ නමවත් නොදැන...🙂 අයිති වෙන්නම ඕන නෑ ආදරේ කරන්න...😊❤ මොනදේ උනත් මං එයාට ගොඩක් ආදරෙයි..love you(o)

    • @gishanalawaththegama4507
      @gishanalawaththegama4507 6 หลายเดือนก่อน +2

      API hamota nolabena crush ekak innawa, adare gananam danne na

  • @Musixcreation7670
    @Musixcreation7670 5 หลายเดือนก่อน +14

    ආදරේ කරන්න ඒත් එයා හිතුවෙවත් නැති වෙලාවක වෙනස් වුනොත් දරාගන්න පුලුවන්නම් විතරක් නැත්නම් විදවන්නම වෙනව තනියම 😔💔

  • @sansaladewmini1490
    @sansaladewmini1490 7 หลายเดือนก่อน +15

    සමහර ආදර කතා තියෙනවා නොලබෙන බව දැන දැනත් ආදරය කරන😣❤💐

  • @stefanfernando9659
    @stefanfernando9659 8 หลายเดือนก่อน +16

    ආදරේ අප්පිරියම උනේ කාමය කලවම් උන නිසා. ඒත් තාමත් විඳිනව කියල හිතන් විඳවනවා මැරෙනකන්ම අපි අපේ උනත්. පිං නැතුව ඇති මටත් එයාටත්.

  • @sewwandimadushika1036
    @sewwandimadushika1036 7 หลายเดือนก่อน +23

    ආදරය මෙකයි කියලා වචන කරන්නනම් තෙරෙන්නැ ඒත් කදුලු අස්සෙ හංගලා තියන ඒ හැගිම ගොඩාක් සුන්දරයි... ❤

  • @nishadinisrimali2201
    @nishadinisrimali2201 8 หลายเดือนก่อน +18

    ආදරේ සුන්දරයි අපි වගේම ආදරේ කරන මිනිස්සු හම්බුනාම🥀🥀🥀🥀🥀🌹🌹

  • @roshanimaduwanthi850
    @roshanimaduwanthi850 5 หลายเดือนก่อน +9

    මේ ලෝකෙ වෙනස් වෙන්නෙ නැති එකම දේ වෙනස් වෙනස් වීම... ඉතින් ආදරේටත් ඒක පොදුයි...ඒත් මන් ප්‍රාර්තනා කරනව ආදරේට ආදරේ කරන මැරෙනකන් එක වගේම ලගින් ආදරෙන් ඉන්න ලස්සන හිතක් මේ ලෝකෙ හැමෝටම හමුවෙන්න ඕන හිමි වෙන්න ඕනේ... හැමෝගෙම හිත්වල සතුට සැනසීම උතුරන්න ඕන❤

  • @maleeshaeranga9236
    @maleeshaeranga9236 7 หลายเดือนก่อน +11

    අදටත් හිතාගන්න බෑ ගොඩක් ආදරෙන් හිටිය එයා කොහොමද මාව එහෙම මග දාලා වෙන කෙනෙක් ලගට ගියෙ කියල😔❤️‍🩹

    • @ChandanaKumari-kf1bo
      @ChandanaKumari-kf1bo 7 หลายเดือนก่อน

      මටත් තාම හිතාගන්න බැ 😭❤️

  • @PrasannaSiriwardana-bd5wq
    @PrasannaSiriwardana-bd5wq 2 หลายเดือนก่อน +3

    Kohen ptan gnnda mnda..mtath tiyenwa lssana adara kthvk.... eka ptan gnne mn 6 vasre iddi... eya hri lssna kenek...eya Mt adre krla kiyla dnganne yluvngen...kiynna onima deyk eya adre krla tiyenne eka hethuvk nisa ee tmai ahinska nisa...knta ahenn ktha krn na ek nisa 😊eya mn ekk inn 5 veni aurudd me API dennt Apu nati prshnyk na ee okkomth ekk API denna sthutin innw good adren inne.....❤❤❤godk thanks mge kthva ahapuhmotma😊😊

  • @Piyu__823
    @Piyu__823 4 หลายเดือนก่อน +4

    ආදරය....අකුරු හතරක ලස්සන වචනයක්...හැමෝගෙම හිත්වල ඇතිවෙන ආත්මාර්ථකාමී හැඟීමක් ...❤
    ඒ හැඟීම අදටත් මම විඳිනවා කෙනෙක්ගෙන්...
    අහම්බෙන් එයාව හම්බවෙනකොට මගේ හිත ගැස්සුනේ ඒ කතාවට....ළඟ ඉදම් තුරුල් වෙලා පැය ගණන් කියවන්න බැරි...ඔයා මගෙන් ගොඩක් දුර නිසා..🥺❤
    යූ ටියුබ් ලයිව් එකේදි හම්බෙන ඔයා මොණරාගල වෙද්දි මන් ඔයාගෙන් ගොඩක් දුර ඉන්නේ.. අපිට අපිව හම්බෙන්න අවස්ථාවක් නැතිවෙද්දි...🙂
    2021න් ඇරඹුන මේ කතාවට අවුරුදු 2ක් වෙද්දි තාමත් ඔයා මන් ළඟ....❤🥺
    ඇත්තමයි....දුර ඉදම් ආදරේ කරන්න හරි අමාරුයි...😢රණ්ඩු වෙලා තරහා උනාම....යාළුකරගන්න ලගට එන්න බැරි වෙද්දි...සත්තයි ගොඩක් අසරණ උනා ...😢
    ඉක්මනට හම්බවෙන දවසක් එනකම් ඉන්නේ හරි අසවෙන්....🤧
    ඒ ඇස් දිහා බලාගෙන ආදරෙයි කියන්න හරි ආසවෙන් ඉන්නේ 😫
    කොහේ හිටියත් පරිස්සමට ඉන්න 🥺❤ (2.02AM)
    [ S~❤️🥺💫💭]

  • @binushiumesha627
    @binushiumesha627 7 หลายเดือนก่อน +12

    අවුරුදු 4k ඒකපාර්ශිකව මං මගේ crush එකට ආදරය කරනවා❤🙂 ඔච්චර කාලෙකටම කාටවත් හිත ගියෙ නැති මට ජීවිතේ පලවෙනියටම දැක්ක ගමන් හිත ගියෙ එයාට 🙂 එයාට කෙල්ලෙක් ඉස්සර නම් හිටියේ නෑ දැන් කොහොමද දන් නෑ.කොහොම උනත් එයා ගැන හොයනවා කියලා එයා දන්නවා😌 ඉදලා හිටලා එවන මැසේජ් එක දැන් ජීවිතේ ම වෙලා💔😔 එයාගේ නපුරුකම් බලන් ඉදලම මහන්සි ..වෙලාවකට, නොකීවට එයත් ආදරෙයි වගේ වෙලාවකට එයාගේ වෙනස්වීම් කියන දේවල් හිතා ගන්න බෑ 😔..කොහොම උනත්.. ලැබුනත් නැතත් හැමදාටම එයාට ආදරෙයි ..ඒකපාර්ශිකව 🖤🧡🙂 ( M)

    • @sumuduranaweera5709
      @sumuduranaweera5709 4 หลายเดือนก่อน

      Hm maath e unata mata nam den mahansi meka hangalama 😒

  • @dewmina8315
    @dewmina8315 4 หลายเดือนก่อน +6

    මාස එකහමාරක් ඉවසන්න බැරි උනා එයාට 🥺😔😩 එයාගේ ආසාව නිසාමයි මම ආමි එකට ගියෙත් 😩❤️ පලවෙනි මාස එකහමාරේ පෝන් එක හම්බුන්නැ ….මාස එකහමාරකට පස්සේ පෝන් එක හම්බෙලා පලවෙනි කෝල් එක එයාටයි ගත්තේ… ඒ කෝල් එක ආන්සර් කලේ එයාගේ නංගි …ඉස්සර මම කතා කරනකොට අක්කට කතා කරලා පෝන් එක දෙන එයා කෝල් එක කට් කලා. මම ආපහු අරගෙන කතා කලා.. එයාගේ ඒ වචන ටික මාව පන පිටින්ම මරලා දැම්මා වගේ උනා…. එයා වෙනුවෙන් කට්ට කා ගෙන ඉවසන් බලන් හිටපු මට එයා දුන්න තෑග්ග තමා ඒක…හැබැයි ඒමයි කියලා වෛරයක් නැ හිතේ….දැනටත් එයාව දකිනවා ඒත් අදුරන්නැති ගානට අහක බලන් යනවා වෙන කෙනෙක් එක්ක ❤🙂

  • @TashenNadiranga-br8it
    @TashenNadiranga-br8it 8 หลายเดือนก่อน +23

    මහ රෑ 02.12 යි
    ඒක වෙනම vibe එකක්♥️🔥
    Thanks Editor keep it up🤍

    • @kevinxvibes
      @kevinxvibes  8 หลายเดือนก่อน +3

      ❤🤍

  • @user-jk1xz4hh8h
    @user-jk1xz4hh8h 8 หลายเดือนก่อน +19

    කවදාවත් අයිති වෙන් නැ කියලා දැන දැනම.. එයාට මාව ඔනී නෑ කියලා දැන දැනම... අතාරලා ගිහින් ගොඩක් කල් වුනත්.. තාමත් හම්බුන පලවෙනි දවසෙ වගේම ආදරේ කරන්න හැමෝටම බෑ...🥺💔 හැබැයි මැරෙනකල් ඒ ආදරේ නාමෙන් ජීවිතේ ගෙවන අයත් ඉන්නවා❤ එහෙම අයට සසරේ කවදාම හරි අවංක වගේම කවදාවත් මගින් දාලා යන්නෙ නැති ආදරයක් ලැබෙන්න ඔනී❤🙏

    • @nadikadilhani2716
      @nadikadilhani2716 8 หลายเดือนก่อน +2

      matath ewagemai labenne na kiyala dannawa eth marenakam adrei

    • @erandaaxe5151
      @erandaaxe5151 8 หลายเดือนก่อน +1

      🙏

    • @MaleeshaJewanthi
      @MaleeshaJewanthi 7 หลายเดือนก่อน

      💏

  • @bantanggirls8773
    @bantanggirls8773 7 หลายเดือนก่อน +16

    හිමි නොවෙන්නට හෝ , ඔබ හමු වූ ජීවිතයට
    _ආදරය කරමි ❤ _

  • @theresatheresa5913
    @theresatheresa5913 7 หลายเดือนก่อน +8

    හැමෝම අවංකව ආදරය කරනවාද man thaniyama එයාට ආදරය කරනවා ඒක කවදාවත් adu වෙන්නේ nee❤❤

  • @sujeewarajapakse2593
    @sujeewarajapakse2593 6 หลายเดือนก่อน +13

    මන් අහපු ලස්සනම සින්දු එකතුව අවන්කව ආදරේ කරපු හැමෝටම කවදකම හරි හරියන්න ඕන❤❤

    • @SupunBuddika-te2px
      @SupunBuddika-te2px 6 หลายเดือนก่อน +1

      ඒත් මට වැරදුනේ අවන්ක ඉන නිසා😔💔

  • @Senu-yt4oh
    @Senu-yt4oh 8 หลายเดือนก่อน +48

    Whenever you like this comment I can come here and listen to this masterpiece again ❤️🥺
    Specially: ඇහි දාර පවා...(fav) 💗

    • @kevinxvibes
      @kevinxvibes  8 หลายเดือนก่อน +5

      ❤💫

    • @sriyanisriyani5504
      @sriyanisriyani5504 7 หลายเดือนก่อน +2

      හ්ම්ම් ඔව් මගේ ඔටෝ ග්‍රාෆ් එකේ ලියලා දුන්නේ ඕ song ඒක තමයි. ❤️😊✨මතක් වෙන්න

    • @gayanibhagya3163
      @gayanibhagya3163 6 หลายเดือนก่อน +1

      @@kevinxvibes mewage thawa collection ekak oni🥺

    • @hashinikumarasiri3690
      @hashinikumarasiri3690 5 หลายเดือนก่อน +1

      Maget asama ❤

  • @Lochi590
    @Lochi590 7 หลายเดือนก่อน +11

    මන් පාර්තනා කරන්නෙ අහිමි ආදරයක් ජිවිතේට කවදාවත්ම ලන් කරන්න එපා... මොකද ඒ හමුවිම අපේ ජිවිත සදහටම මැරි මැරි උපද්දාවි...💔😿 අහිමි සයුරක පාවෙන්න තරම් මිනිස් හදවත් සවිමත් නෑ .... ප්‍රේමය ප්‍රේමනීය ද කෙතරම් ... ❤️💫

  • @kevinxvibes
    @kevinxvibes  8 หลายเดือนก่อน +16

    💜Lyrics
    00:44:15:05 - සුරඟනක් විලස (නුඹ හා)
    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බල
    නිතරම හිතවතියේ
    නුඹ මගෙ ලඟ උන් හැටි
    සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ
    නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
    අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා
    ඔය නෙතු හමුවන තුරු පාර දිහා
    බලමින් තව වෙහෙසයි දෑසට මා
    කිමදෝ පමා වූ ඒ කාරණා
    මගෙ සතුටකදී නුඹ පාන සිනා
    ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
    සිතුවිලි මැද කිමිද මා භාවනා
    සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ
    සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුම් නෑ
    නුඹ ලඟ මගෙ පාලු මෑකේවී
    මගෙ අඳුරට නුඹ සඳ වේවී
    නුඹ වෙත මගෙ රහස ඇසේවී
    සඳ අද මගෙ අහසෙ දිලේවී
    නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
    අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා
    ඔය නෙතු හමුවන තුරු පාර දිහා
    බලමින් තව වෙහෙසයි දෑසට මා
    කිමදෝ පමා වූ ඒ කාරණා
    මගෙ සතුටකදී නුඹ පාන සිනා
    ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
    සිතුවිලි මැද කිමිද මා භාවනා
    __________________________
    🖤Whatsapp Channel
    whatsapp.com/channel/0029Va5muZP1XquSoIY0bi32
    Thanks For Watching ❤
    Subscribe & Share !

  • @HirushaKaveen-wr7nf
    @HirushaKaveen-wr7nf 5 หลายเดือนก่อน +7

    කෙනෙක් අපිව මග අරින කොට දැනෙන වේදනාව කියලා නිම කරන්න බැ 🙂💔

  • @user-ir9xo1fd7u
    @user-ir9xo1fd7u 7 หลายเดือนก่อน +9

    අාදරේ කරන්න තමන්ව වටින තමන්ට පනටත් වඩා අාදරේ කරන කෙනෙක්ට.❤.එ් වගේම එයාටත් එ් අාදරේම දෙන්න.දුකෛදිත් සැපේදිත් හැමසාම ලගින් ඉ😢න්ව කෙනෙක්ට.❤.ප්‍රෂ්නයක් අාවහම දාලා යන්නේ නැති කෙනෙක්ව රැකගන්න ලමයි. එයාලගේ අෙදරේ හරි අවන්කයි❤❤❤❤❤❤

  • @liyanageranani2953
    @liyanageranani2953 7 หลายเดือนก่อน +18

    දුරින් ඉදන් ආදරේ කරනවා කියන්නේ වෙනම දෙයක්.. හැමෝටම බැ වෙනස් නොවී දුරින් ඉදන් ආදරේ කරන්න... 🥺❤️

    • @lakshanimadhuwanthi1854
      @lakshanimadhuwanthi1854 2 หลายเดือนก่อน +1

      හ්ම්ම් ඔව් එහෙම ඉන්නවා කලාතුරකින් වෙනස් නොවී ඉන්නවා. එත් දුරස් වෙලා කාලෙත් එක්ක ගොඩක් අය වෙනස් වෙනව

  • @surangikorala
    @surangikorala 8 หลายเดือนก่อน +7

    සමහර ආදර කතා තියෙනවා hamber වෙන්නේ නැ දැන දැනත් adare කරන.. මේ මම වගේ 🥹🥺🥺🤲

    • @MaleeshaKavindi-ki4zs
      @MaleeshaKavindi-ki4zs 8 หลายเดือนก่อน +1

      Ane mn wageda kiyala hithanawa mata eyawa one echcharayi man illanne hamadama mage pana tika eya

    • @WhiteShadow-mi6yb
      @WhiteShadow-mi6yb 6 หลายเดือนก่อน

      ඔව්. එයා තමන්ට ලැබෙන්නෙ නෑ කියල දැන දැනත් එයාට හිතින් ආදරේකරන එක.😢💔

  • @user-dl4ij7mb7b
    @user-dl4ij7mb7b 3 หลายเดือนก่อน +2

    Lassana therumak thiyena githayakata apemathakayanvalata ape sith adagena yanna tharam balayak thiyenava.
    Eka harima pudumakaray....❤❤❤❤❤
    I love Music .....❤❤❤

  • @LakshithaRathnayaka-jh3uh
    @LakshithaRathnayaka-jh3uh 4 หลายเดือนก่อน +5

    Mage hadawathata danunu sindu set ekak 😍

  • @Black_knight_324
    @Black_knight_324 8 หลายเดือนก่อน +19

    අම්මෝ මේවනේ mix 😍🖤 පට්ට song collection එකක් 😍🖤🖤

    • @kevinxvibes
      @kevinxvibes  8 หลายเดือนก่อน +2

      ❤❤

  • @chathuranga7531
    @chathuranga7531 3 หลายเดือนก่อน +2

    Nuwara wewalaga ba kuwaka hawasaka wadiwela me sindu tika ahanawa kiyanne wenama lokayak 🥺❤

  • @mdmusic328
    @mdmusic328 6 หลายเดือนก่อน +6

    Ketiyen iwwoth...pattama wadak..❤

  • @kevinxvibes
    @kevinxvibes  8 หลายเดือนก่อน +16

    💜Lyrics
    00:07:04:25 - ඇහි දාර පවා (Ahi dara pawa)
    ......................................................................
    ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා
    සංසාරේ පුරා මට එන්න වුණා
    නොලැබේවී කියා හිත කිව්ව නිසා
    මා එක්ක පවා මම තරහා වුණා
    සිහින වල මිස හිනාවක
    හැඩ නොදුටු මගේ රෝස කුමරි
    රහස් මුමුණන දෑස අද හෙට
    දෙයිද ඉඟියක් ඇහැරී
    එහෙම හිත හිත ඉන්නකොට මට
    දෑස මානයේ නැවතී
    දුන්න හසරැල් පොදක් ගානේ
    මගේ හදවත නවතී
    ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා
    සංසාරේ පුරා මට එන්න වුණා
    ගැහෙන පපුවට කන් දිදී
    හෙට මතක පිටු හැම පෙරලලා
    අඳුරු තැන් ටික මකා දමමුද
    රෝස මල් පෙති අතුරලා
    එහෙම හිත හිත ඉන්නකොට මට
    දෑස මානයේ නැවතී
    දුන්න හසරැල් පොදක් ගානේ
    මගේ හදවත නවතී
    ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා
    සංසාරේ පුරා මට එන්න වුණා
    නොලැබේවී කියා හිත කිව්ව නිසා
    මා එක්ක පවා මම තරහා වුණා
    __________________________
    🖤Whatsapp Channel
    whatsapp.com/channel/0029Va5muZP1XquSoIY0bi32
    Thanks For Watching ❤
    Subscribe & Share !

    • @BandaBandara
      @BandaBandara 5 หลายเดือนก่อน +2

      මන් ආසම සොන්ග් එක ❤😊

  • @kevinxvibes
    @kevinxvibes  8 หลายเดือนก่อน +13

    💜Lyrics
    00:32:20:20 - සොඳුරියේ
    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    ඔබේ සෙනෙහස නොමැතී හදවත
    දැවි දැවී වේදනා දෙයි
    නිවාලන්නට හැකිද මගේ හද
    රිදුම් දෙයි ඉවසන්න බෑ
    ආදරෙන් අපි ගෙවූ කාලය
    ඔබට මතකද සොදුරියේ
    තරහ නෑ මම කවමදාවත්
    ආදරේ මගේ හදවතේ
    සසරේ කෙදිනක කවදාහෝ
    ඔබේ වෙන්නයි පතන්නේ
    ඔබ තුරුලේ යලි කවදාහෝ
    ඉන්නට ආසයි සොදුරියේ...
    ඔබ සොයා යයි මගේ සිත
    තව තව ඉගිලී දුර ඈතට
    සිතාගන්නට නොහැක ඔබ හා
    සිත්තම් කල සොදුරු මතකය
    එන්න ඇහැකිද මගේ සොදුරිය
    වසන්තය වී මා කෙරේ...
    __________________________
    🖤Whatsapp Channel
    whatsapp.com/channel/0029Va5muZP1XquSoIY0bi32
    Thanks For Watching ❤
    Subscribe & Share !

  • @user-Happystudy
    @user-Happystudy 2 หลายเดือนก่อน +3

    හරිම කෙනා හම්බුනාම
    ජීවිතේ කියන්නේ "ලස්සන නවකතාවක්"..!! 🤍🌻

  • @sasinihimasha7622
    @sasinihimasha7622 4 หลายเดือนก่อน +4

    ආදරෙ කියන වචනෙ ඇහෙද්දිත් පපුව පිච්චිලා යනවා වගේ දැනෙනවා🙂💔

  • @user-fx8mg1ef7d
    @user-fx8mg1ef7d 7 หลายเดือนก่อน +7

    හැමෝටම තමන් ආදරේ කරන කෙනා තමන්ගෙ වෙනවනම් ........🥺🖇️🌼

  • @kevinxvibes
    @kevinxvibes  8 หลายเดือนก่อน +11

    💜Lyrics
    00:02:58:00 - හිතවන්තී (Hithawanthi)
    .................................................................
    සිත් මානෙ ගෑවී ඇවිත්
    මල් යාය පාවී ගිහින්
    බොඳ වීද ඒ රූ සොවින්
    මත් වීද ඒ පෙම් බිඟුන්
    නීල නෙතු මානේ සිනා පෑ ලවන්
    කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන්
    හීන හිත දවනා
    මගේ ලඟ අදරේ සොයනා
    එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී
    ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා
    තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී
    කිරිකෝඩු හීනේ ලඟින්
    සැතපෙන්න රහසේ හෙමින්
    සැනසෙන්න ආයේ ඉතින්
    නුඹ ඉන්නවාදෝ කියන්
    නීල නෙතු මානේ සිනා පෑ ලවන්
    කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන්
    හීන හිත දවනා
    මගේ ලඟ අදරේ සොයනා
    එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී
    ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා
    තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී
    තාම ඒ සඳ නොබිඳී
    ලඟ පාත ඉඳ තනි රකිමී
    තුන් යාමයේ නිදි වරමී නුඹ හා
    නීල නෙතු මානේ සිනා පෑ ලවන්
    කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන්
    හීන හිත දවනා
    මගේ ලඟ අදරේ සොයනා
    එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී
    ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා
    තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී....
    🖤Whatsapp Channel
    whatsapp.com/channel/0029Va5muZP1XquSoIY0bi32

  • @tharu793
    @tharu793 8 หลายเดือนก่อน +14

    My favorite song හිතවන්තී ❤️❤️🥰

  • @tharushinawordya4019
    @tharushinawordya4019 3 หลายเดือนก่อน +2

    දවසක් එයි ආයිත් මං කලින් වගෙ හිනාවෙයි .🙃සින්දුවෙ වචන අහල දුක්වෙන්නැතුව තාලෙ අහන් හිනාවෙන..❤️

  • @hasinikanchana7051
    @hasinikanchana7051 8 หลายเดือนก่อน +8

    ජිවිතේ විදවනවා ඇරෙන්න වෙන මුකුත් නෑ 💔🥺

  • @Dewmi807
    @Dewmi807 6 หลายเดือนก่อน +6

    දාලා ගියා එයා ඒත් ආදරෙයි එච්චරයි !🥺💖🌏

  • @user-si6gq5bl4t
    @user-si6gq5bl4t 7 หลายเดือนก่อน +10

    ලස්සන සිංදු ටිකක්❤️🌻😍

    • @kevinxvibes
      @kevinxvibes  7 หลายเดือนก่อน +1

      🩷❤◍̸̸̸̣̣̣

  • @kevinxvibes
    @kevinxvibes  8 หลายเดือนก่อน +12

    💜Lyrics
    00:28:28:05 - මුලාවේ
    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    ඉඟි බිඟි පානා නෙතු මානේ
    හිඳිමි නැවතීලා
    නොඉඳුල් හාදුව ළඟ සෙව්වේ
    සෙනෙහේ නොවේද මා
    මතු හිමි නොවුනට කම් නෑ ශ්‍රියාවේ
    දනිමී පමාවත් මගෙමයි
    නොහෙලූවා නම් මා මුලාවේ
    අදටත් නුඹේ ළඟමයි
    (Bridge)
    අහිමිව යන බැව් දැන බැඳුනේ
    දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ
    හිමිකම් නැති ළැම මත හැඬුනේ
    සනසනු හැකිදෝ කඳුළට මේ
    (Chorus)
    සිදඟනාවී නුඹමයි සසරෙම පැතුවේ
    හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
    දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
    එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
    (Verse)
    කඳුළැලි මා නවතා යළි හිනැහෙන්නම්
    ඔය මුවගේ පෙර සේ මදහස වේ නම්
    තුරුලේ හොවමින් නළලත හාදු තියන්නම්
    රිදුමන් සඟවා මා නුඹ හට සමු දෙන්නම්
    (Bridge)
    අහිමිව යන බැව් දැන බැඳුනේ
    දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ
    හිමිකම් නැති ළැම මත හැඬුනේ
    සනසනු හැකිදෝ කඳුළට මේ
    (Chorus)
    සිදඟනාවී නුඹමයි සසරෙම පැතුවේ
    හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
    දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
    එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ //
    __________________________
    🖤Whatsapp Channel
    whatsapp.com/channel/0029Va5muZP1XquSoIY0bi32
    Thanks For Watching ❤
    Subscribe & Share !

  • @bawanthabhagya1711
    @bawanthabhagya1711 6 หลายเดือนก่อน +5

    ආදරය මෙයැයි කියා නිවැරැදි අර්ථකථන නොමැති මොහොතේ මනෙන් සූදානම් කළ දේ ඇසින් දැක බැඳී,,,, බැඳීමෙහි ඇතිවන්නා වූ නොගැලපීම් මත විඳවන්නා වූ සියල්ලෝටම........... තමාට ආදරය කිරීමට හැකිවන පරිදි මනස විවෘත වේවා !!!!!!

  • @kevinxvibes
    @kevinxvibes  8 หลายเดือนก่อน +11

    💜Lyrics
    00:00:00:10 - පපු තුරින් මුව තියන් (papu thurin muwa tiyan)
    ..............................................................................
    මේ සංසාරේ සිහිනේ මේ
    ආදරනීයම මතකේ වූ....
    දෑසේ ගෑවූ සෙනෙහේ මේ
    මා හැරදා සුලගේ පාවූ
    හිනාව මියැදී තරු නිවුනලු
    දෑලෙ වලාවන් යලි නෑලූ
    ආදරේනම් කවුරුන් වේදෝ
    මා තරමින් ඔය සිත සෑදූ
    පපු තුරින් මුව තියන් අහන් ඉන්නට එපා
    කියන්නට දෙයක් නෑ ඉතුරිවී මට කියා
    මගෙ සිනා ඔබගෙ
    මගෙ කතා ඔබගෙ ලග තියගන්න ආදරෙන්
    දෑසේ ගෑවූ සෙනෙහේ මේ
    මා හැරදා සුලගේ පාවූ
    ආදරේනම් කවුරුන් වේදෝ
    මා තරමින් ඔය සිත සෑදූ
    උමතුවක් වී සදා සැනසි මගෙ සෙනෙහසින්
    සමු අරන් දුර ගියා හදට ලන් වී හිදින්
    මගෙ සිනා ඔබගෙ
    මගෙ කතා ඔබගෙ ලග තියගන්න ආදරෙන්
    දෑසේ ගෑවූ සෙනෙහේ මේ
    මා හැරදා සුලගේ පාවූ
    ආදරේනම් කවුරුන් වේදෝ
    මා තරමින් ඔය සිත සෑදූ
    🖤Whatsapp Channel
    whatsapp.com/channel/0029Va5muZP1XquSoIY0bi32

  • @kevinxvibes
    @kevinxvibes  8 หลายเดือนก่อน +11

    💜Lyrics
    00:21:44:00 - ආයේ මා තනිවීලා (රූරා)
    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    රූරා ගලා සඳ කැන්
    පාරා දවා මා නෙත්
    පාළුවේ උමතු වී ඉකිබිඳී හස කැන්//
    ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
    මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ....//
    හදිසියේ මුනගැසුනු නෙත් කැළුම් රස මැවුනු
    කිමිදී ඉපිලී ඒ නිල් දියේ...
    මා සෙවූ ආදරේ...
    නොලියූ කවියකි පද ලිහී...
    හිත දිගේ කිතිකැවුනු
    පෙම් පැතුම් යලි මැවුනු
    මුමුණා අමුනා හීන දෙහිතේ
    අප සෙවූ ආදරේ...
    නොපිපී කුසුමකි පෙති සැලී....
    __________________________
    🖤Whatsapp Channel
    whatsapp.com/channel/0029Va5muZP1XquSoIY0bi32
    Thanks For Watching ❤
    Subscribe & Share !

  • @user-tp1cq3nk9i
    @user-tp1cq3nk9i 5 หลายเดือนก่อน +6

    අපි දෙන්නටම 17යි එකම පන්තියේ හොදම යාලුවෝ . ඊලග මාසෙට අවුරුදු 5 . අපෙ ගෙදර අහුවෙලා හොදටම ගුටි කැවා මන් ඒත් එයාට කියන්න ගියේ නැ දවසක කියවුනා වැරදිමකින් එදා තමා එයාගෙ ඇස් වල කදුලු දැක්කේ ඉස්සලාම . මගේ හොදම යාලුවා කරපු දේවල් නිසා 4 වෙන් උනා අපි . හැබැයි ඉන්න බැ . ආයේ යාලු වෙනවා ❤️. ගොඩක් ප්‍රශ්න උනා මන් අතින් එයාට ගොඩක් වැරදි උනා . මට ඕනි ඒවා හදාගෙන එයා එක්ක ඉන්න . මන් මේක දාන වෙලෙත් රන්ඩු වෙලා ඉන්නෙ 😞😞. මන් හිතන්නේ මන් මේක 100 පරකට වඩා අහල තියනවා .අවුල් උන ගමන් ඉස්සලම හොයන් එන්නෙ මේක නිසා 😞 . ගොඩක් අය බනිනවා පොඩි වයසින්ම මගුල් නටනවා කියලා . ඒත් ඇත්තටම වයසට වඩා ප්‍රශ්නවලට මූන දුන්න. සමහර ආදර කතා තියනවා මේ වයසින්ම හම්බෙන . ඒ අපේ දෛවේ ඒක වෙනස් කරන්න බැ . අපි දෙන්නම o/l හොදටම පාස් උනා ආදරෙත් කරන්❤️ . ඒ නිසා හැමෝම ආතල් ගන්න බූට් තියන්න මෝඩකමට ආදරේ කරන්නේ නෑ .විශ්වාසයයි ,යතාර්තයත් එක්ක ජීවත් උනානම් ඔක්කොම හරි ❤️ 🥺 . හැමෝගෙම ආදරේ හැමෝටම හම්බෙන්න ඕනි , රිදුන හදවත් නිවෙන්න ඕනි 🥺❤️

  • @TheekshanaBandara-ql2pp
    @TheekshanaBandara-ql2pp 5 หลายเดือนก่อน +4

    🙂🙂😍😍mama asama sinduva obamagehamahinema

  • @hashihashi3559
    @hashihashi3559 4 หลายเดือนก่อน +3

    මටත් ලස්සන ආදර කතාවක් ඉස්සර ගමේ ඉද්දි තිබුනා. ඒත් අපෙ ගෙවල් වලින් අම්මා තාත්තා අකමැති නිසා මාව දුර school එකකට දැමිමා. ස්කූල් ගිහින් ඉවර උනාට පස්සෙ මාව පිටරටකට එව්වා ගෙදරින්.
    මම ලංකාවෙන් එද්දි මට වයස අවුරැදු 19. දැන් මම කසාද බැදලා ඉන්නේ ඒත් මම අර කියපු ගමේ අහිංසක කොල්ලා නෙවෙයි. මගේ හිතේ දරාගන්නම බැරි දුකක් තියනවා ඒ තමයි තාමත් එයා ගමට වෙලා මම එයා ලඟට එනකන් බලන් ඉන්නවා. මම වැදලා කිව්වත් වෙන කෙනෙක් කසාද බැදලා සතුටින් ඉන්න කියලා එයා ඒක කරන්නැ
    කවදාවත් මට යන්න බෑ එයා ලඟට මොකද මම කැමති නෑ මගේ චරිතයට කැලලක් එකතු වෙනවට දෙවෙනි කසාදෙකට ගිහින් සහ මගේ අම්මා තාත්තාට ලැජ්ජ කරන්න බෑ. මම ඒ අහිංසක කොල්ලාගෙ ආදරේ හිතේ හංගගෙන ජීවත් වෙනවා මැරි මැරි.මම එයාට ගොඩාක් ආදරෙයි

  • @duthiladeshan9239
    @duthiladeshan9239 8 หลายเดือนก่อน +16

    සමහර ආදර කතා තියෙනවා තමන් පන වගේ ආදරේ කරන කෙනාගෙන්ම තමන් ගැන කවුරුත් මූනට නොකියන කත අහගෙන ගානක් නැ වගෙ ආදරෙන් ඉන්න 😞 ..... අවංක හැමොටම එහෙම වෙනවද ? ඒ හැම දේමත් දරාගෙන ඒත් පන වගේ ඉදියත් පපුව පැලෙන්න දුක් කන්දරාවක් එක්ක හිනාවෙන් ජීවත් වෙන්න.කාටවත්ම මෙහෙම වෙන්න හොද නැ 😓