wilpattu national park lunuwewa wildlife bangalow

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025
  • මෙවර අප වනගත සංචාරය ලෙස තෝරා ගත්තේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇති ලුණුවැව සංචාරක බංගලාවයි.විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මැද හරියට වන්නට පිහිටා ඇති මෙම බංගලාව කාමර තුනක පහසුකමින් හා ඉදිරිපස වැරැණ්ඩා දෙකකින් යුක්ත වන අතර කාමර සියල්ල සඳහාම ඇටෑච් බාත්රුම් පිහිටා තිබෙනවා.එක පැත්තක් ලුණු වැවට මූණලා ඇති අතර එය ඉතා මනරම් දර්ශනයක් සහිතයිඉතා පහසුවෙන්ම වන සතුන් ඉන්න ප්‍රදේශයට මෙම බංගලාවේ සිට ළඟා විය හැක.විශේෂයෙන්ම කොටියන් සහ වලසුන් ගැවසෙන ප්‍රදේශවලට ඉතා ඉක්මනින් ළඟා වීමට හැකිවන පරිදි මෙම ලුණු වැව බංගලාව පිහිටා තිබෙනවා.අප සංචාරය කළ දිනවල දැඩි වර්ෂාපතනයක් තිබූ නිසා අපට කොටියන් දෙදෙනකු පමණක් බලා ගැනීමට හැකි වූ අතර වලසුන් හය දෙනකු පමණ එම දින තුන ඇතුළත දැකබලා ගැනීමට හැකිවුණා.

ความคิดเห็น •