අම්බුළුවාව | Ambuluwawa | அம்புலுவாவ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • ලක්දිව ඉතිහාසයට අනුව හතරවන රාජධානිය වූයේ ගම්පොලය. ගම්පොළ රාජධානියේ රජවරු සිවිදෙනෙකු රජකමි කළ බවද සදහන්ය.ඒ රජවරුන්ගේ රාජ මාළිගාව පිහිටා තිබුණේ අමිබුළුවාව කදු පාමුල පිහිටි අද ගොඩගම නමින් හඳුන්වන ග්‍රාමයේ බවද ඉතිහාසඥයන් පෙන්වා දී ඇත.මෙි අනුව අම්බුළුවාව කන්ද ගමිපොළ රාජධානියේ ආරක්ෂක මුරපොළ ලෙස එකල භවිතාවන්නට ඇති බවද විශ්වාස කෙරේ. කෙසේ වුවද 1815 ඉංග්‍රීසීන් උඩරට ආක්‍රමණය කිරීමෙන් පසු ගමිපොල රාජධානියේ පුරාවස්තු සියල්ල විනාශ කර කෝපි වගාව සදහා ඉඩමි යොදා ගෙන තිබේ.අම්බුළුවාව කන්ද හතරෙන් තුනක්ම කළුගලින් යුක්ත වු නිසාදෝ ඊට ඉංග්‍රීසීන් ගෙන් බලපෑමක් සිදු නොවී තිබිණ
    මෙි අනුව 1997 වර්ෂයේ එවකට කෘෂිකර්ම ඉඩම් හා වනසමිපත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දී.මු. ජයරත්න ප්‍රදේශයේ තවත් තරුණයින් කීප දෙනෙකු සමඟ අම්බුළුවාව කන්ද තරණය කළේ ඊට ප්‍රවෙිශ විය හැකි මාර්ගයක් සැලසුමි කීරිමටය.1997 මාර්තු මස 21 දින එලෙස අම්බුළුවාව කන්ද තරණය කල දී.මූ.1997 මාර්තු මස 27දා අම්බුළුවාව ප්‍රවේශ මාර්ගය ඉදිකරන්නට පටන් ගත්තේය.එතැන් සිට වසර දහයක ඇවෑමෙන් ලෝකයේම අවධානය අමිබුළුවාවට යොමු කර ගැනීමට දි.මු. සමත් විය.
    අම්බුළුවාව කන්ද තරණය කීරීමට අද එහි යන පිරිසට ප්‍රවේශ වු තැන් පටන් සුවිශේෂි වූ නිර්මාණ 65 ක් පමණ නරඹා සතුට විනෝදය ආධ්‍යාත්මික සුවය⁣ මෙන්ම දැනුම වර්ධනය කර ගැනීමටද අවස්ථාව ඇත්තේය. අක්කර 457 ක පමණ භූමිය පුරා ඉදිකර ඇති මෙම සියලු නිර්මාණවල සංකල්පය, සැලැස්ම, තාක්ෂණික දැනුම මෙන්ම ඉංජිනේරුමය කාර්යයන්ද දී.මූ.ජයරත්නයන් ගේ වීම මෙහි ඇති විශේෂත්වයයි.
    අම්බුළුවාව කදු ඉස්මත්ත නිර්මාණය කර ඇත්තේ ආධ්‍යාත්මික සුවය සඳහාය.එහි ඇති අඩි 223ක් උසැති ගොවිජන චෛත්‍ය මෙරට ගොවි ජනතාවට උපහාරයක් ලෙස ඉදිකර ඇති බව දි.මු.සදහන් කර ඇත.එම චෛත්‍යයේ මුල් කොටස වී බිස්සාකාරය. එමඟින් වී ගොවියන් සංකේතවත් කරන බවද, චෛත්‍යයේ දෙවන කොටස වටිටක්කා ගෙඩියක ස්වරෑපයෙන් නිමවා ඇත්තේ එළවළු ගොවියන් සංකේතවත් කීරිම සඳහා බවද දී.මූ. සඳහන් කර ඇත. මෙරට පළතුරු ගොවියන් සංකේතවත් කීරීම සඳහා චෛත්‍යයේ තුන්වන කොටස කොකෝ ගෙඩියක හැඩයෙන් නිර්මාණය කර ඇත.චෛත්‍යයේ හතරවන කොටසේ සර්වඥ ධාතු තැන්පත් කර ඊට ඉහළින් කරඞුව පිහිටුවා තිබේ.⁣ මෙම චෛත්‍යය ඇතුළතින් චෛත්‍යයේ ඉහළට ගමන් කීරීමට පඩි පෙළක්ද ඉදිකර ඇත. චෛත්‍යය ඉදිරිපස ඇති බෝධිය අනුරාධපුර පිහිටි ශ්‍රී මහ බෝධියෙන් ලබා ගත් අංකුරයකි.බෝධියත් චෛත්‍යයත් අතර දකුණු පසින් ඉදි කර ඇත්තේ කතෝලික, හින්දු, හා ඉස්ලාමීය ආගමික මධ්‍යස්ථානයන්ය.ඊට වමි පසින් තාරකා මන්දිරය ඉදිකර ඇත්තේ රාත්‍රි කාලයේ අහස නීරීක්ෂණය කරන පාසැල් සිසුන් මෙන්ම විශ්ව විද්‍යල සිසුන්ට පහසුකමක් ලෙසිනි.චෛත්‍යයට මදක් ඔබ්බෙන් ශ්‍රීපාදස්ථානය නිර්මාණය කර ඇත.
    ඒ ආසන්නයෙන් අවට කදු පන්ති නිරීක්ෂණය කළහැකි නැරඹුම් මැදිරියකි. අම්බුළුවාව ශ්‍රී මහ බෝධිය ආසන්නයෙන්ම තනි කළුගලෙන් නෙළන ලද හිටි පිළිමයක් තැන්පත් කර ඇති අතර එම පිළිමය තැන්පත් කර ඇති ගොඩනැගිල්ලේ යට කොටස භාවනානුයෝගීන් සදහා සකසා තිබෙි.මෙි සියලු ඉදිකීරීමි යට උමං මාර්ගයක්ද ඉදි කර තිබෙි.
    සොබාදහම | නිදහස | ජිවිතය
    Follow me on social media for cool clips, photos, and stories!
    fb - www.facebook.c...
    inst - www.instagram....
    tiktok - www.tiktok.com...
    තව විඩියෝ බලන්න 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 එක 𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 කරන්න 𝐍𝐨𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 🔔 𝐀𝐥𝐥 𝐁𝐮𝐭𝐭𝐨𝐧 𝐂𝐥𝐢𝐜𝐤 කරන්න. 𝐋𝐢𝐤𝐞 | 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭 | 𝐒𝐡𝐚𝐫𝐞 කරන්නත් අමතක කරන්න එපා 💚
    #srilanka #travel #nature #sanjeewaoffgrid #tranding #viral #fyp #cooking #sanctury #srilankanwaterfal l#waterfall #butterfly #naturetrail #solo #solohike
    Subscribe | Follow | Like | Comment | Shere Me On Social Medi.
    🎥 TH-cam
    / @sanjeewa_off-grid
    📱Facebook
    www.facebook.c...
    🎼 Tiktok
    www.tiktok.com...
    📷 Instragram
    www.instagram....
    🐦 X
    x.com/NMedawew...
    📎Threads
    www.threads.ne...
    📘 Linkedln
    www.linkedin.c...

ความคิดเห็น • 19