ලංකාවේ ගංගා 15 ක් මුහුඳට වැටෙන ස්ථාන හා ආරම්භක ස්ථාන | කෙටි ක්‍රම | ඕනම විභාගේකට| Uthsuka Rathnayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • නිල්වලා ගඟ‍
    බෙන්තර ගඟ
    මාදුරු ඔය
    ගල් ඔය
    ගිං ගඟ
    මැණික් ගඟ
    කිරිඳි ඔය
    අඹන් ගඟ
    දැදුරු ඔය
    මහ ඔය
    කලා ඔය
    හැඩ ඔය
    මල්වතු ඔය
    කනගරායන් ඇරු
    වෙනත් රටවල ගංගා
    නයිල් ගඟ
    ඇ‍‍‍‍මෙසන් ගඟ
    ගංගා නම් ගඟ
    කහ ගඟ
    යමුනා නදිය
    මිසිපිපි ගඟ
    යුප්‍රටීස්හ
    පටිස්
    ගංගා කිහිපයක් පිළිබද තොරතුරු
    මහවැලි ගඟ
    ශ්‍රී ලංකා‍වේ දිග ම ගඟ ‍මෙයයි.‍මෙහි දිග කි.මී.340 කි.‍මෙම කන්ද සමනල කන්දෙන් ආරම්භ‍ ‍‍වේ.‍මෙම ග‍ගෙන් වසරකට ඇදී යන ජල ප්‍රමාණය අක්කර අඩි 6,400,000පමණ ‍වේ.‍මෙය පැරණි ‍පොත් ලියා ඇත්තේ මහකනදරා ගඟ යන්නයි.මෙම ගංගාව මුල් කර ‍ගෙන ‍බො‍හෝ ගංගා නිර්මාණය වී ඇත
    බදුලු ඔය
    ‍ලොග්ගල ඔය
    උමා ඔය
    සුදු ගඟ
    බෙලිහුල් ඔය
    හසලක ඔය
    උල්හිටිය ඔය ඒවාට උදාහරණ කිහිපයකි.
    මහවැලි ගඟ ආශ්‍රිත ව මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භ වී ඇත.ඒ සදහා මහවැලි ග‍‍ගේ ජලය ප්‍රයෝජනයට ‍ගෙන ඇත.‍මෙම ත්‍රිකුණාමලයෙන් මුහුදට බසී.
    කැලණි ගඟ
    කැලණි ග‍ගේ දිග කි.මී. 145ක් පමණ ‍වේ.‍මෙම ගංගාව ආරම්භ වී ඇත්තේ සමනල කන්ද මුදු‍‍නේ සිට ය.‍වසරකට අක්කර අඩි 7,019,000 ක් පමණ ගඟ කරා එකතු ‍වේ. එ‍හෙත් මුහුද ගලා යන්‍‍නේ ඉන‍් 64% කි.‍මෙය ශ්‍රී ලංකා‍වේ පළල් ම ගඟ ‍වේ.කැලණිතිස්ස තාප බලාගාරයට ජලය ගනු ලබන්නේ කැලණි ග‍ගෙනි.ලක්ෂපාන ජල විදුලි බලාගාරයට ජලය සැප‍‍‍යෙන්‍‍නේ ‍මෙම ග‍ගෙනි.
    වළ‍වේ ගඟ
    මෙම ගඟ ආරම්භ වන්‍‍නේ ද සමනල කන්ද මුදු‍නෙනි.‍මෙහි දිග කි.මී. 137 කි.‍මෙම ගඟ මුහුදට වැ‍ටෙන්‍‍‍‍නේ අම්බලන්‍තොට ප්‍රදේශ‍‍යෙනි.විවිධ ජලාශ සදහා ද,විදුලි බලාගාර සදහා හා වගා කටයුතු සද‍හා ‍මෙයින් ජලය ලබා ගැ‍‍නේ.
    කළු ගඟ
    මෙම ග‍ගේ දිග කි.මී. 140කි.‍මෙම ගඟ ආරම්භ වන්‍‍‍නේ සමනල කන්‍‍ද මුදු‍නෙනි.‍මෙම ගඟ වාර්ෂික ධාරිතා‍වෙන් ශ්‍රී ලංකා‍වේ ‍‍දෙවැනි තැන ගනී.‍මෙම ගඟ කළුතරින් මුහුදට වැ‍ටේ.‍
    නිල්වලා ගඟ
    මෙම ගංගාව ආරම්භ වන්‍‍නේ ‍ගොන්ගල කදු වැටි‍යෙනි.‍මෙහි දිග කි.මී. 81 කි.මාත‍ර තොටමුණ ප්‍රදේශයෙන් ‍මෙය මුහුදට ගලා බසී.මෙම ගග නිතර ජල ගැලීම්වලට ලක්වන නිසා මෙය පාලනය කිරීම සදහා මෙහි පොම්පාගාර පද්ධතියක් සහිත ජල ව්‍යාපෘතියක් පවත්වාගෙන යයි.
    බෙන්තර ගඟ
    මෙම ගඟ හිනි දුම හා සබරගමුව කදු වැටිය ආශ්‍රිතව ගලා එයි.මෙහි දිග කි.මී. 73 කි.බෙන්තොටින් මෙය මුහුදට බහී.මෙම ගඟ විශාල වශයෙන් ලාභ ලබයි.ඒ සංචාරක හෝටල් නිවාඩු නිකේතනෙ,බෝට්ටු ව්‍යාපාර යන ඒවා නිසා වේ.මෙම ප්‍රදේශය දේශීය මෙන් ම විදේශීය ජනයාගෙන් ද පිරී පවතී.ඊට හේතුව වනුයේ බෝට්ටු සවාරි,අලංකාර දේශීය භාණ්ඩ විකිණිම වැනි දේ නිසාය.
    මාදුරු ඔය
    මෙම ගඟ ආරම්භ වනුයේ පොළොන්නරු දිස්ත්‍රික්කයෙනි.නමුත් අවසාන වනුයේ මඩකළපුව දිස්ත්‍රික්කයෙනි.මෙම ගංගාව මණ්ඩු ආරු හා මන්දූර් ආරු යන නම් වලින් හදුන්වයි.මෙහි දිග කි.මී. 108 කි.මෙය මුහුදට බහින්නේ කල්කුඩා නගරයෙනි.මෙය මුහුදට වැටෙන ස්ථානය හැදින්වෙන්නේ කිරාන් යන නමිනි.උල්හිටිය ජලාශය,දම්බරාව වැව,වාකනේරි වැව,රත්කිඳ වැව,පිඹුරත්තෑව වැව ‍මෙම මාදුරු ඔය ආශ්‍රිත ව ජලය පවත්වා‍ගෙන යනු ලබන වැව් හා ජලාශ කිහිපයකි.පූනානි වන රක්ෂිතය පිහිටා ඇත්තේ ‍මෙම ඔය ආශ්‍රිතවය.
    ගල්ඔය
    මෙම ඔය බිබිල ප්‍රදේශයේ ඇති කඳුවැටි වලින් ආරම්භ වී නිග්ගල මැදින් ගලා යයි.‍මෙහි දිග කි.මී. 108 කි.‍මෙය මුහුදට වැ‍ටෙන්නේ ඕලුවිල් නම් ස්ථානය අසලිනි.අතීතයේ ‍මෙම එය විශාල වශ‍යෙන් දියුණු ලබා ‍ගෙගන තිබූ බවට සාක්ෂි හමු වී ති‍බේ.නමුත් පසුව වල් බිහි වී තිබූ ‍මෙය මිනිස් භාවිතයට නැවත ගත්තේ ‍සේනානායක සමුද්‍රය(‍මෙය වැවකි.) හා තවත් වැව් ප්‍රතිසංස්කරණය සමගිනි.‍මෙය නැවත දියුණුවට ලක් වූ‍යේ ඉන් පසුව ය.
    කිරිදි ඔය
    මෙම ගඟ ආරම්භ වනුයේ බණ්ඩාරවෙල නගරයට නැගෙනහිර පිහිටි කදු ප්‍රදේශයෙනි.මෙම ගඟ මුහුදට වැටෙන්නේ කිරින්දෙනි.මෙහි දිග කි.මී. 117 කි.මෙම ගගෙන් ජලය ලබා ගෙන පෝෂණය වන වැව් කිහිපයක් ඇත. හඳපානගල වැව හා යෝද කණ්ඩිය වැව ඊට උදාහරණ වේ.කිරිඳි ගගෙන් වර්ග කි.මී. 1165 ක් පමණ ජලය සැපයේ.නමුත් ඉන් මුහුදට ගලා යන්නේ 16%ක් පමණි.මෙම ගඟ එකල රුහුණු ප්‍රදේශයට බොහෝ සෙයින් පිහිට වී ඇත.
    ගිං ගඟ
    මෙම ගග ආරම්භ වන්නේ හොන්ගල නම් කඳු මුදු‍නෙනි.‍මෙය කි.මී. 113 ක දිගකින් සමන්විත ගඟකි.‍‍‍‍මෙය මුහුදට වැ‍ටෙන්‍‍නේ ගිංතොට ප්‍රදේශ‍‍‍යෙනි.ගිං ගඟ ආශ්‍රිත ව ‍බො‍හෝ ‍දේ සිදු කරනු ලබයි.‍මෙම ග‍ගේ ඉහළ ‍කොට‍සේ ‍තේ,රබර් හා කුරුඳු යන වගාවන් සිදු කරනු ලැ‍බේ.
    මැණික් ගඟ
    මෙම ගඟ පිහිටා ඇත්‍තේ මෙරට පූජනීය ස්ථානයක් වූ කතරගම ප්‍ර‍දේශය අසලිනි.එම නිසා ‍මෙම ගඟ පූජනීයත්වයට පත් ව ඇත.‍මෙම ගඟ ආරම්භ වන්‍නේ ඌව පළා‍තේ කඳුවැටි වලිනි.‍‍මෙහි දිග කි.මී.114 කි.‍මෙය මුහුදට වැ‍‍ටෙන්නේ යාල ව‍නෝද්‍යාන‍‍යේ මුහුදක් අසලිනි.කතරගම ජූජා භූමියට පැමි‍නෙණ බැතිමතුන් ‍මෙම ගගෙන් නා‍ගෙන ජූජා භූමිය‍ට යයි.
    කලා ඔය
    මෙම ගඟ ආරම්භ වනුයේ ගලේවෙල ප්‍රදේශයේ ඇති කඳු වලිනි. මෙම ගඟ මුහුදට බහින්නේ කල්පිටියේ ඕලන්ද බොක්ක නම් වූ ස්ථානයෙන් ය.මෙම ගගේ දිග කි.මී. 148 කි.මෙම ගගෙන් ජලය ලබා ගෙන බොහෝ වැව් පෝෂණය වී ඇත.ඉන් ප්‍රධාන තැනක් ගන්නේ මෙම ගගේ ද නමින් ම තියෙන කලා වැවයි.බදුලු වැව ද මෙම ඔයෙන් ජලය ලබා ගනී.එම වැව් වලට ද එකතු වීම නිසා මුහුදට ගලා යන්නේ මෙම ඔයේ ජලයෙන් 17% කපමණ ප්‍රමාණයකි.කල්පිටිව,රාජාංගනය බලංගොල්ලම ආදී ප්‍රදේශ මෙම ගගෙන් ජලය ලබා ගනී.
    kavindusuper.b...
    si.wikipedia.org
    myschool.lk
    www.facebook.com

ความคิดเห็น • 44