Rasa Bojun Nathath Thun Velata Kanna - රස බොජුනක් නැතත් තුන් වේලට කන්ට
ฝัง
- เผยแพร่เมื่อ 17 พ.ย. 2024
- නාට්‍යය - අන්දරේලා (ජයලත් මනෝරත්න)
ගායනය - රත්නා ලාලනී,ජයලත් මනෝරත්න
රස බොජුනක් නැතත් තුන් වේලට කන්ට
සුව යහනක් නැතත් සැපසේ ඇලවෙන්ට
දරු පැටියත් එක්ක එකතැන්වී ඉන්ට
ඉඩ ලැබුනොත් මදිද හිමියනි නවතින්ට
දුක උනත් විඳිනකොට එක දිගටෝම
උඹ උනත් යන්ට යයි මට නොකියාම
ගොවිතැනක් බතක් කර සිටියොත් මේම
හොඳ කලක් ලබන්නේ කවදද කෝම
ඉර නැතොත් බැරිය වනමල් පූදින්ට
සඳ නැතොත් බැරිය කළුවර වළකන්ට
මල නැතොත් බැරිය බඹරුට පැණි බොන්ට
හිමි නැතොත් බැරිය වාවාගෙන ඉන්ට
අලියගේ තරම ඌ දන්නේ නෑලූ
බොර දියේ නැතිය වරදින්නේ මාලූ
අතමිටේ කිසිත් නැති දවසට යාලූ
ආදරේ උනත් පිටමන් වෙනවාලූ
අතිරහ උනත් නීරසයි වැඩියෙන් කෑම
ගඟ දිය උනත් නපුරුයි වැඩියෙන් ඒම
උණු දිය උනත් අගුණයි වැඩියෙන් නෑම
කහවනු උනත් නරකයි ලඟ තිබුනාම
ඉබේ කෙඳිරි ගෑවෙනකොට බඩගින්නේ
උඹේ කට තමයි මට ඉස්සර වෙන්නේ
ලැබේ නම් අණක් මහරජ්ජුරුවන්නේ
තඹේකට නොසලකා කොහොමද ඉන්නේ
ඒ විශිෂ්ට නිර්මාණවේදීයා ජයලත් මනෝරත්නයාණනි ඔබට නිවන් සුව 🥺🙏💫
Andaraala
What is the name of drama
Andaraala