Jackson Anthony - සිංහලයා වඳ වෙයිද ? - සුද්දන් කළු සුද්දන් අවසානය EPISODE 16

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2020
  • සුද්දන් කළු සුද්දන්.
    "සුද්දෝ" හෙවත් ඉංග්‍රීසීන් අපේ රටට ආවෙ 18 වැනි සියවසේ. දැන් සුද්දො නෑ. දැන් 21 වැනි සියවසේ මේ රටේ ඉන්නෙ සුද්දො නෙමේ කළු සුද්දො. සුද්දාගේ සිට කළු සුද්දා දක්වා කතන්දරේ පටන්ගන්නේ ඉතිහාසයේ මහනුවර
  • บันเทิง

ความคิดเห็น • 330

  • @abishekkalupahanage7549
    @abishekkalupahanage7549 3 ปีที่แล้ว +174

    ඔබතුමා ජාත්‍යන්තර පාසල් ගැන කියපු දේ 99% හරි. මමත් ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන්නේ, ඒත් මම O/L වලට පවා සිංහල භාෂාව හැදෑරුවා. මම වර්තමානයේ උසස්පෙළ කරන අතරේ පාලි භාෂාව පාවා ඉගෙනගන්නවා. සිංහලයාගේ ඉතිහාසය සහ සංස්කෘතිය ගැනත් මම ඉගෙනගන්නවා. ඒත් මේ කිසි දෙයක් පාසලේදී ඉගෙනගත් ඒවා නෙමෙයි. මගේ තියෙන ආසාවට සහ සිංහල කම ගැන තියෙන කැක්කුම නිසා මම මගේ නිදහස් කාළයේ ඉගෙනගන්නා දේවල්. මම හොඳින් දැකපු දෙයක් තමයි අපේ පාසලේ බොහෝ දෙනාට සිංහල භාෂාව ගැන වත් සංස්කෘතිය ගැන වත් දැනුමක් නැ සහ දැනගන්න කැක්කුමක් නැ. උන් හිතන් ඉන්නේ පරයන් ගෙ දේවල් හරි ලොකුයි කියල. මම ඕන තරම් දැකලා තියෙනවා සිංහල බැ වගේ බොරුවට හැසිරෙන උන්. හිතන් ඉන්නේ හරි ලොකුකමක් කියලා. කනට එකක් දුන්නම තමයි උන්ගේ සිංහල එළියට එන්නේ. මෙ පරගැති චින්තනය අපි ඔක්කොම එකතුවෙලා වෙනස් කරන්න ඕන. නැත්නම් අන්තිමට සිංහලයෙක් ඉතුරු වෙන්නෙ නැ

    • @Calchustler
      @Calchustler 3 ปีที่แล้ว +12

      උන්ගෙ වරදක් නෑ උන්ගෙ අම්මල තාත්තලගෙ වරද

    • @abishekkalupahanage7549
      @abishekkalupahanage7549 3 ปีที่แล้ว +8

      @@nishanj9400 උගන්වනවා. ඒත් උගන්වනවා මදි. කතාකරන්න පුළුවන් ගෙදරදී, යාළුවෝ එක්ක එහෙම සිංහලෙන් කතා කරන නිසා. ඒත් ලියන්න කියවන්න ගොඩක් අයට අමාරුයි. එහෙම වෙන්නේ උගන්වන ප්‍රමාණය සහ සිංහල වලට දෙන ප්‍රමුඛත්වය අඩු නිසා. English medium නිසා English වලට ප්‍රමුඛත්වය දුන්නාට කමක් නැ. ඒත් ප්‍රමාණවත් විදියට සිංහලත් උගන්වන්න ඕන

    • @abishekkalupahanage7549
      @abishekkalupahanage7549 3 ปีที่แล้ว +10

      @@Calchustler වරද තියෙන්නෙ International School එකකට යන එකේ නෙමෙයි කියලා මම හිතන්නේ. එහෙම හිතන්නේ මමත් International පාසලකට යන නිසා වෙන්න පුළුවන්. මම හිතන්නේ වරද තියෙන්නේ උන්ගේ පරගැති චින්තනයේ කියලා. උන්ගේ අම්මලා තාත්තලත් එහෙම හිතනවා වෙන්න ඕන. නැත්නම් උන් එහෙම වෙන්නේත් නෑ නේ

    • @ishanmanoj5983
      @ishanmanoj5983 3 ปีที่แล้ว

      Aniw

    • @Realeye66
      @Realeye66 3 ปีที่แล้ว +2

      You are absolutely right son , I too learnt English and I’m proud of it , but should never forget our own mother 😛. That is my view

  • @KalanaDulanjana
    @KalanaDulanjana 3 ปีที่แล้ว +8

    බොහොම පිං ඔබතුමාට මේ ස්වේජ්ජාවෙන් කරන උදාර කටයුත්තට...!!! (🙏🙏🙏)

  • @nurajmaduranga
    @nurajmaduranga 3 ปีที่แล้ว +26

    හෙළ ගුරුතුමනි, කාලත්‍රයේ යාත්‍රිකයාණෙනි, කෙලස තුති පුදන්නදැයි නොවැටහේ. මට ඔබව පෙණුනේ ප්‍රාප්ති ශක්තිය යොදාගෙන අනාගතයට ගොස් පැමිණ, සෙනරත් රජුට එහි තතූ කියන නාගසිංහ මෙනි. "සුද්දන් කළුසුද්දන්" කතාංග දහසයම එකක් නෑර ඉතා ආශාවෙන් බැලුවෙමි. "ශ්‍රේෂ්ඨ සිංහලයා කෝ" එනතුරු ඇගිලි ගනිමින් බලා හිදිමි. හෙළ දැය, හෙළ බස නැවත අළු ගසා නැගිටිනු දැකීම අපගේද සිහිනයයි. ඔබතුමාට දීර්ඝායු වේවා! යම් දිනෙක පතනා බෝධියකින් මොක්පුරයට පිවිසීමට මේ පින හේතු වාසනා වේවා!

  • @sakurafernandez5552
    @sakurafernandez5552 3 ปีที่แล้ว +21

    ජැක්සන් සර්,
    ජීවත් වෙන්න ජපානයට ආවම තමයි තේරුනේ අපේ රටේ භාශාවට දීලා තියන තැන..
    උපාදියක් හා පශ්චාත් උපාදියක් තිබුනත් මේ රටේ අපට එයට ගැලපෙන රැකියාවක් සොයා ගන්න බෑ ජපන් භාශාව කතා කරන්න ලියන්න බැරිනම්.. .. ඕනෑම රැකියාවකට එහෙම තමයි...අපිට ලංකාවේ ඒ තත්වයට එන්න බැරි ඇයි

  • @julanmax
    @julanmax 3 ปีที่แล้ว +66

    රට ජාතිය ගැන මේ වගේ හිතන අයත් සම්පතක් ❤️

  • @queennature7670
    @queennature7670 3 ปีที่แล้ว +10

    අපේ ජාතිය ගැන හරිම දුකයි සර්. මේක මාගේ අත්දැකීමක් මම කැලනිය විශ්ව විද්යාලයට තේරුන වෙලාවේ එහි තිබෙන පාටමාලා තෝරා ගන්න සිදුවුන වෙලාවේ භාශා මාද්ය ලෙස සින්හල තෝරා ගතපු ලමුන් කිහිප දෙනා එකට එකතු කර "පුතා සින්හල මාද්යෙන් ඉන්නේ බොහොම ටික දෙනයි ඒක නිසා ඔයගොල්ලොත් ඉන්ග්ලිශ් වලට මාරු වෙන්න" මේලෙස පැවසු ලන්කාවේ අද්යාපනය ඇයි අපේම මිනිස්සු මේවිදියට අපේ ජාතිය අපේ භාශාව අපේ ආගම විනාශ කරන්නේ තේරෙන්නේ නැ. වෙලාවකට හිතනවා මේවා හදනවට වඩා ලේසි නිවන් දකින එක එතකොට මේ විකාර පේන්නෙ නැනෙ.

  • @shankularathna1154
    @shankularathna1154 3 ปีที่แล้ว +4

    ඔබතුමාගේ සෑම වැඩසටහනක්ම ඉතාමත්ම වැදගත් සහ ඔබතුමාත් සිංහල අපිට මහත් සම්පතක්🌹🌹🌹අප රට කරවන පාලකයින්ගේ ඇවැමෙන් අපේ හදවතවන් සිංහලය යම් දිනක වැලලේවිද?
    ඔබ තුමාට දීර්ගායු 🙏.

  • @nuwanramawickrama7701
    @nuwanramawickrama7701 3 ปีที่แล้ว +4

    ජැක්සන් ඇන්තනි මහත්තයා , මමත් මගේ ළමයින් ඇතුළු පවුල ත් වෙනත් රටක ජීවත් වෙන්නේ.... ඔබතුමා මේ වීඩියෝවේ දී ඊළඟ පරම්පරාව සහ සිංහල භාෂාවට සිංහල ජාතිකත්වයට කුමක් වේවිද කියලා අහන තැනදි මගේ ඇහැට කඳුලක් ආවා. ඒ මොකද මම ඉස්කෝලේ යන වයසෙදි අපේ මුළු සමාජයේම මූලිකත්වය තිබුනේ වැඩිහිටි වෙලා හොඳ රස්සාවක් කරන එක ගැන. භාෂාව ඉතිහාසය සාහිත්‍යය ගැන කතා කරන එක ඉගෙනගන්න එකට බොහොම අඩු වටිනාකමක් තිබුනේ . ඒ කාලේ මම යම් තරම් දුරකට ඉතිහාසය ඉගෙන ගන්න උත්සාහයක් දැර්‍රුවා... නමුත් මගේ දරුවන්ට ඉතිහාසය උගන්නන්න තරම් ඉතිහාස දැනුමක් වත් භාෂාව උගන්නන්න තරම් භාෂා දැනුමක් වත් අද මගේ ලග නෑ. ඔබතුමාට පින් මේ වගේ වීඩියෝ මාලාවක් අරගෙන ඇවිල්ල අපිට මේ දැනුම් ලබා දෙනවට. හැබැයි වෙලාවකට දුකයි අපිට ආයේ හැරිලා ජාතිය ආගම ගැන ආඩම්බර වෙන්න පුළුවන් සිංහල ජාතියක් වෙන්න බැරි ඇයි කියලා ... අපෙන් පස්සේ පරම්පරාවක් දෙකක් යනකොට මේ භාෂාව නැත්තටම නැති වෙලා යයි කියලා.... මොකද මං ලංකාවට ආපු ගොඩක් වෙලාවට දැකලා තියෙනවා අහල තියෙනවා මම සිංහලෙන් කතා කරනකොට ලංකාවේ ඉන්න මගේ යාලුවෝ මගෙන් අහනවා ඇයි උඹ ඉංග්‍රීසී කතා නොකර සිංහල කතා කරන්නේ කියලා... මට දෙන්න උත්තරයක් නෑ... හැබැයි මං දන්න උත්තරේ තමයි උපන් දවසෙන් ඉදන් කතා කරපු භාෂාව ඉංග්‍රීසියට වඩා හිතට ලඟයි කියල කියන එක ....

  • @nukestrom5719
    @nukestrom5719 3 ปีที่แล้ว +10

    අපි බොහෝ දෙනෙක් කළු සුඋදන් තමයි Jackson මහත්තයෝ. අපි කොච්චර අපේ දේ හොඳයි පෙන්නන්න හැදුවත් අපේ ළමයින්ව හදන්න යන්නේ ඉංග්‍රීසි සංස්කෘතියකට සුදුසු වෙන ආකාරයට. අපේ සිංහලයාගේ තියන හීන මානය තමයි ඔය.

  • @samiththennakoon5589
    @samiththennakoon5589 3 ปีที่แล้ว +20

    මගේ දරුවාගේ ලෝකයට අත්තිවාරම දාන්නට දගලන සිංහලයා; ඔබට නිරෝගී භාවයත් එකසිය විස්සක ආයුශත් බොහෝ වේවා. ( දඹානේ තෙන්නකෝන් )

  • @kasunprabath169
    @kasunprabath169 3 ปีที่แล้ว +12

    බස මරණ ,ඉතිහාසය මරණ මාද්‍ය ආයතනවල ක්‍රියාකාරකම් ගැන video එකක් කරන්න්න සර්. ඒක ගොඩක් වැදගත්වෙයි ඒ වගේ වැඩසටහන් වලින් ජනතාවට ඈත් වෙන්න.

  • @priyankakodikara7045
    @priyankakodikara7045 3 ปีที่แล้ว +8

    මම මුල ඉදලම මේ ප්‍රෝග්‍රෑම් එක බැලුවා.ඔබ ගැන හරි සතුටුයි.ඔබේ දැනුම හා මතක ශක්තිය ගැන පුදුමයි.සමහර දේවල් මතක තියා ගන්න මම දෙතුන් පාර බලපු කොටසුත් තිබුනා.වැඩ සටහන දිගටම කරගෙන යන්න ඔබට දිරිය හා ශක්තිය නො අඩුව ලැබේවා!ඉතා ඉක්මනින් එන්න අලුත් කතාවකින්..

  • @trivanannakkarage9893
    @trivanannakkarage9893 3 ปีที่แล้ว +5

    27:17 - 27:20 Best Sinhala quote for these times; "අන්ධකාරය බැන බැන ඉන්නේ නැතුව පහනක් දල්වමු "
    Thoroughly enjoyed this series!! Thank you Jackson Sir! Watched all 16 episodes!! I believe I am a කළුසුද්දා too but that is just how we are here in Colombo. ශ්‍රී ලාංකික හැංගීම මට දැන් හොඳට දැනෙනවා! මෙතෙක් කල් තිබූ යුරෝපීය ඇමරිකානු චින්තනයට ලාංකිකත්වය හොඳින් මුල් බැසගෙන යන බව මට තේරෙනවා!
    looking forward to your next series: "ශේෂ්ඨ සිංහලයා කෝ ?" ජය ශ්‍රී!

  • @LakshanErantha
    @LakshanErantha 3 ปีที่แล้ว +8

    අපිම මෙය කැරැල්ලක් කරගමු, එදා වෙල්ලස්ස කැරැල්ල වගේ සමාජ මාධ්‍ය කැරැල්ලක් පටන් ගමු.. සමාජ මාධ්‍ය භාවිතා කරන කොට සිංහල අකුරු විතරක් බාවිතා කරමු.. සියලුම දෙනා අමාරුවෙන් හරි මෙය පටන් ගන්න
    ස්තුතියී 🙏
    #සිංහල #අකුරු #භාවිතා_කරමු

    • @trivanannakkarage9893
      @trivanannakkarage9893 3 ปีที่แล้ว +1

      එකඟයි මේකට මම එකඟයි!

    • @LakshanErantha
      @LakshanErantha 3 ปีที่แล้ว +1

      @@trivanannakkarage9893 🔥🔥

  • @SinhaleaNationalOrganaization
    @SinhaleaNationalOrganaization 3 ปีที่แล้ว +3

    ඔබ වැනි පුද්ගලයන් රටට සම්පතක් - සිංහලේ ජාතික සංවිධානයේ අතිශය ස්තුතිය මෙම හරවත් දේශනාවට

  • @shashishashikala8737
    @shashishashikala8737 3 ปีที่แล้ว +3

    ජීවිතයේ මට තියෙන එක අරමුණක් තමයි මේ ඇවිදින පුස්තකාලය සජීවිව මුණ ගැසීම.හරිම පරෙස්සමට රැකගන්න ඕන දුර්ලභ සම්පතක් අපේ රටේ.

  • @LakshanErantha
    @LakshanErantha 3 ปีที่แล้ว +6

    සහතික ඇත්ත ජැක්සන් මහත්තයෝ...
    අපේම රටේ සිංහල භාශාවට වෙලා තියන තත්වය ඇත්ත ඒ විදිහටමපෙන්වා දුන්නට ගොඩක් පින්.. ලංකාවේ interview එකට ගියාම English බැරිනම් ගනන් ගන්නේ නැහැ ,english බැරිනම් කිසිම තත්වයක් නැති තත්වයක් ලංකාවේ තියෙන්නේ , එත් අනිකුත් රටවල් වල තත්වය මිට වඩා වෙනස්.. තමන්ගේ මව් භාශාව කතා කරන්න, ලියන්න පුලුවන් එකට පුදුම පිලිගැනිමක් තියෙන්නේ සහ එය ගොඩක් රටවල් වල අනිවාර්යී (විශේෂයෙන්ම ජපානය ,චීනය ,කොරියාව වගේ රට්වල්) .. තව අවුරුදු 50 ට පස්සේ අපේම මිනිස්සුන්ට තේරුම් යයී...
    ඔබතුමන්ගේ පැහැදිලි කිරිම ඉතාම අනර්ඝයී..
    ස්තුතියී ජැක්සන් මහත්තයෝ
    ඔබතුමා ඉතිහාස ගත් වී හමාරයී.. 🙏🙏

  • @learntodrawwithcharithwije9538
    @learntodrawwithcharithwije9538 3 ปีที่แล้ว +5

    පුළුවන් හැම විටම මෙය බලනවා... ඔබේ කතාව සත්‍යක්‌.. ලංකාවේ ඉපදී හොදට සිංහල කතා කරපු අවුරුදු 5-10 ළමුන්ට පවා දෙමව්පියන් සමග පිට රට‍ක පදින්චි වුණාට පසු සිංහල බැරුව යන්නේ ඇයි..? කාගේ වරදින් ද..? මා සිතන්නේ මෙයට සම්පූර්ණ වගකිවයුතු දෙමව්පියන්...මම හරිම ආඩම්බරයි. අදටත් මගේ පුතා ඉතා චතුර ලෙස සිංහලත් කතා කරනවා.. ඒත් ඔහු ඉපදුණේ ඕස්ට්‍රේළියාවේ.. ජිවත් වන්නේ එහිමයි...අපි ඔහුට ඉපදුන දා ඉදලා හොදට සිංහල කතා කරන්න ඉඩ දුන්නා.. අපිත් සිංහලෙන් කතා කළා... එයයි වෙනස.. ඔබට ජය ජැක්සන් අයියා ♥️🙏

  • @sanjusanju3120
    @sanjusanju3120 3 ปีที่แล้ว +5

    ඔබතුමාගෙ video සියල්ලම බැලුව , ගොඩාක් ස්තුතියි ඔබතුමාට , වැලලියන සිංහල භාෂාව සහ මෙි රට රැකගන්න පාර්ලිමේන්තු ඉන්න එවුන්ට අවශ්‍යතාවයක් නැ, උන් බලන්නේ ඉන්න ටික කාලේ පුළුවන් තරමි හොරා කාල මාරු වෙන්න , හැමදාම උනේ එ්කයි, ඔබතුමා මෙි ගැන කතා කිරිම සහ මිනිස්සු දැනුවත් කිරිම ගැන ගොඩාක් ස්තුතියි , මෙි රට සහ භාෂාව රැක ගැනිම අප සියළුම දෙනාගෙ වග කිමක්, බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට ,

  • @TSG7925
    @TSG7925 3 ปีที่แล้ว +3

    මට හරි ආඩම්බරයක් ඔබ තුමා . නියම සිංහලයන් හෙළ බිමේ උරුමකරුවකු ව් කතා කල යුතුමයි.වත්මන් පරපුර අනාගතයට අවඩිකරන්න පියානනනි.

  • @thusharapradeep7461
    @thusharapradeep7461 3 ปีที่แล้ว +2

    16 ම බැලුවා ඉතාමත් වටිනවා ගොඩාක් ස්තූති කියනවාට වඩා ගොඩාක් පින් සිදු වෙනවා ඔබ තුමාට අනාගත පරපුර වෙනුවෙන් අද කරන මෙ මහගු සේවයට.

  • @pasanyapabandara7402
    @pasanyapabandara7402 3 ปีที่แล้ว +3

    නියම අදහස සර්. තමන්ගේම භාෂාවට නිගා කරන ජාතියක් මැද ඔබතුමාගේ විචාරය විශිෂ්ටයි. තම පරපුරේ අන්තිමයා වීම මහා දුකක්. අපේ මව්බස අපි රැකගත යුතුමයි.

  • @rumethdevjan5841
    @rumethdevjan5841 3 ปีที่แล้ว +28

    තෙරුවන් සරණයි සර්.ඊළඟ මාතෘකාව එක්කත් දිගටම මම ඉන්නවා."ශ්‍රේෂ්ඨ සිංහලයා කෝ?"

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 3 ปีที่แล้ว +18

    සිංහල ජාතියට සිංහල පනිවිඩයක් දුන් ඔබතුමා ට ස්තුතිය

    • @kapilasuranga6059
      @kapilasuranga6059 3 ปีที่แล้ว

      අපි මේ සමිපත රැක ගනිමු

  • @kamaniepathirana4
    @kamaniepathirana4 3 ปีที่แล้ว +3

    ඔබතුමාගේ මේ වැඩ සටහනින් ඉතාමත් වටිනා
    දැනුම් සම්භාරයක් ලබාගත්තා. ලංකාවේ ජීවත්වෙන් කලුසුද්දන්ට තමන්ගේ භාශාව අමතක වීමගැන නම් ඇත්තේ කනගාටුවටක්.
    තෙරුවන්සරණයි

  • @bethesdaaquariums
    @bethesdaaquariums 3 ปีที่แล้ว +2

    මම මගේ රටේ ඉතිහාසයට හරිම ආදරෙයි. ඔබගේ හැම විඩීයෝ එකක්ම මම මිස් කරන්නෙ නැතුව බලනවා.. ඉතිහාසෙට කැමති මාගෙ යාලුවන් එක්කත් බෙදා ගන්නව. ඔබ කියන දේවල් හරිම වැදගත්, දිගටම මෙම වැඩෙ කරන්න. අපිට හරිම ප්‍රයෝජනවත්.

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +1

    පින්වත් දරුවන්ට ජයවේවා,,, !!! හෙලබිමේ සිව්හෙලයන්ගේ ජානමුසුවු පින්වත් දරුදැරියනේ ඔබලාට පරම සත්‍ය ඉතිහාසය උගන්වන ගුරුතුමා ඉටුකරනුයේ දැවැන්ත යුග මෙහෙවරකි,,,!!! ගුනවත් ගුරුතුමාටත්, සිහල ජාතියේ අනන්‍ය තාවය රැකගැනිමට පෙරපින් බලෙන් ඉපදුනු දුවාදරුවන්ට හා නරබන ගුනවත් වැඩිහිට් සැමටත් කායික මානසික නීරෝගිසුවයත් !! ප්‍රඥාවත් පහලවේවා කියා අදිස්ටාන කරමි ,,සුවපත් වේවා ,,,!!! සුසිත් 0714413521 min of health ple log,, මිත්‍යාවෙන් එහා යථාර්ථය search for histry සහ බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න උතුම් සිරිසද්දර්මය බෝධයට, මන්ද ,,, මේ යුගයේ රාවනා සක්විති රාජ ඉතිහාසය මතුවන්නේ ඉතාමගැබුරු දර්මතාවයකින් ඒ වසර1800 ක් තරම් දීර්ග කාලයක් භාවිතයෙන් ඈත්ව ,වැසී වැලලී යටපත්වී භක්තියෙන් අදහන වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් ප්‍රාර්ථනා මගින් නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ සේ නිවන ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින් විකුර්ති වී ඇති උතුම් බුද්ධ දෙශනාවේ නිවන් දකින හේතුපල දහම මහාප්‍රග්ඥායන් වහන්සේකෙනෙකු පහලවී මේ හෙලබිමේ සිවුහෙල දේශයේ පෙරපින් ඇතිව ඉපදුණු දෙවි මිනිසුන්ට එදා සුනීත සෝපාක අටාචාර කිසාගෝතමී ආදින් සෝවාන් ආදි මගපල ලැබුවාසේ මේ යුගයේත් එවැනිම යුගයක් උදාවි ඇත බැවිනි,,, මෙය පරම සත්‍යකි ,,, !!! මා මේ දේශනය අවන්කවම නරබමින් මෙයට (රාවනා සක්විති රජ පරපුර)පිලිගන්නේ යම් අතීත සංසාරේ හේතුපල සම්බන්ද තාවයක් ඇතිබවට නියමනිවැරදි පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ට බහාගැලපීමෙන් මේ සියලු පින්වතුන්ට මේ උතුම් ධම්ම දායාදය හිමිවිය යුතුබවට ගැගෙන බැවින් මෛත්‍රී පෙරදැරිව මේ සටහන තබමි,, හොදම උදාහරණ,, kovid19 කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය ලොකයාට ජනිත කිරීම, sir,ආතර් C, ක්ලක්ගේ 2050 ලෝකයේ සියලුම ආගම් පරයා හේතුපල දහම බුදුදහම බැබලෙන අනාවැකියයි ,,,!! මේ ලෝකබලවතුන්ගේ ආකල්ප පරිකල්ප උපකල්ප මනක්කල්ප සංකල්ප විනාශයයි සිදුවනුයේ. එදා විශාලා මනහනුවර තුම්බිය හටගත්තේ මේ දර්මතාවය නිසා බව තේරුම් ගනිත්වා ,,, සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,, සුසිත් ..

  • @dushanthabandara8602
    @dushanthabandara8602 2 หลายเดือนก่อน +2

    16ම බැලුවා අද දවසෙදිම. මහා දැනුම් සම්භාරයක් ඇති ශ්‍රේෂ්ඨ කලාකරුවාණන් අද අපි අතරෙ නෑ නේද කියලා මතක් වෙද්දි දැනෙන දුක... කවදානම් මේ අඩුව පුරවන්නද? ආය කවදානම් මේ වගේ දේශමාමක වැඩසටහන් කරන්නද? බලන්නද? 😢😢😢
    කෙසේ නමුත අති සාර්තක දිගහැරුමක්. පසුබිම් සංගීතයක් මාතෘකාව පුදුම විදිහට සාධාරණීයකර්නය කරනවා... ❤❤❤

    • @funnysl8695
      @funnysl8695 หลายเดือนก่อน

      Eya බලාපොරොත්තු උණු යුගයක් api ඉක්manta හදමු ❤

  • @akalankaalutwela7712
    @akalankaalutwela7712 3 ปีที่แล้ว +2

    ඔබතුමා අපට ලබාදෙන දැනුවත්භාවයට බෙහෙවින් ස්තූතියි❤️🙏

  • @user-xf1qu6zz7b
    @user-xf1qu6zz7b 3 ปีที่แล้ว +5

    විශිෂ්ටයි සර්. ගොඩක් ස්තූතියි හෙලයන්ට හිතන්න දෙයක් කියල දෙනවට. ආඩම්බරයක් සර් වගේ කෙනෙක් ඉන්න එක ගැනත් මේ පුන්චි ‍රටේ🙏🏻❤️

  • @chirathchamiranga8305
    @chirathchamiranga8305 3 ปีที่แล้ว +2

    ඔබතුමාගේ කාලය ශ්‍රමය වැයකරමින් කරන්නාවු මේ උදාර මෙහෙවර මහත් වු වටිනා කර්තව්‍යක් , ඔබතුමා පිං මේ දැනුම සමාජගත කිරීමට, නිදුක් නිරෝගීබව ලැබේවා , තෙරුවන් සරණයි !

  • @mani175
    @mani175 ปีที่แล้ว

    ඔබ තුමාට බොහෝම පිං 🙏🙏🙏🙏
    ඇත්තටම ඉතාම කාලෝචිත වැඩසටහනක්.

  • @sagamaanomadassithero
    @sagamaanomadassithero 3 ปีที่แล้ว +7

    වැදගත් හෙළිදරව්වක්

  • @sidathsenna
    @sidathsenna 3 ปีที่แล้ว +2

    අගෙයි මේ ව්‍යායාමය... බොහොම පිං.. කොටස් 16 ම නොවරදවා ම බැලුවා..
    ඉදිරිය පිළිබඳ බලාපොරොත්තුවෙන්....

  • @PramudDarshana
    @PramudDarshana 3 ปีที่แล้ว +5

    ඉතාමත් වටිනා වැඩසටහන් 16ක්.
    එකක් නැර මුල සිට බැලුව. බොහොම ස්තූතියි ඔබ තුමාට. තවත් වටිනා වැඩසටහනක් ආරම්භ කරන්න.

  • @SithiraGunawardhana
    @SithiraGunawardhana 3 ปีที่แล้ว +5

    බොහොම අගනා කතාංග මාලාවක්❤

  • @sbolagedara
    @sbolagedara 3 ปีที่แล้ว +1

    අදයි දැක්කේ ඔබතුමාත් නාලිකාවක් කරනවා...අනිවාර්යෙන් රසවත් ඇති. මම කැමතිම චරිත වලින් එක්කෙනෙක් තමයි ජැක්සන් ඇනිතනී කියන්නේ. ජයවේවා....ඔන්න සබිස්ක්‍රයිබ් කලා.

  • @Mindbeacon1
    @Mindbeacon1 3 ปีที่แล้ว +19

    නියමයි සර්..තෙරුවන් සරණයි..!..අතීතයෙන් හොද පාඩම් ඉගෙන ගමු..

    • @samanbandara5761
      @samanbandara5761 3 ปีที่แล้ว

      අපේකම ගැන කියන ඔබතුමාට පිං

  • @user-pl4dm5uh1s
    @user-pl4dm5uh1s 3 ปีที่แล้ว +3

    අපේ රටට ගැලපෙන නම සිරි ලංකාව, ශ්‍රී කියන්නේ සංස්කෘත වචනයක් නේ @ජැක්සන් මහත්මා ඔබට පින්... ලබාදුන් දැනුමට@

  • @skumariwanigasooriya6091
    @skumariwanigasooriya6091 3 ปีที่แล้ว +18

    ඒ කතා අහනකොට ජාතිය ගැන පුදුම බයක් ඇති වෙන්නේ. ඔබතුමාල නිහඬව නොඉඳ මේ සම්බන්ධව කුමක් හෝ කළ යුතුයි මේ හොඳ කාලයයි පාර්ලිමේන්තුවේ හෙල බස ගැන කතා කිරීමට කෙනෙක් සිටින නිසා.

    • @anilliyanage1505
      @anilliyanage1505 3 ปีที่แล้ว +1

      හෙල බස රැක ගැනීමට දැඩි හෙලයෙක් කියන වි. ජ. මු. කථානායක වෙලාත් බැරි වුණා. ඒ කාලෙ අරිසෙන් අහුබුදු ආදීන් හෙල බස රැකීමට හා ප්‍රචලිත කිරීමට කාර්යාලයක් දාගන්න තැනක් ඉල්ලුවා ඒක වත් ලැබුණේ නෑ.

  • @chamaljayalath9011
    @chamaljayalath9011 3 ปีที่แล้ว +2

    ගොඩාක් ආදරෙයි ගුරු පියාණෙනි.. ඔබට දීර්ඝායුෂ ලැබේවා.. ❤️🙏❤️

  • @Cahndima
    @Cahndima 3 ปีที่แล้ว +2

    Dear Sir,
    With full of respect, very informative and productive presentation however I felt that you did a little mistake when you were entering to Australia at the immigration.
    Love you and your family. God bless you and stay safe.

  • @pushpikasandeepa2419
    @pushpikasandeepa2419 3 ปีที่แล้ว +3

    Great work sir තෙරුවන් සරණයි

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +1

    විශිෂ්ට පැහැදිලි කිරීමක් thank you sir

  • @HashiniNimeshika-de4we
    @HashiniNimeshika-de4we 7 หลายเดือนก่อน +1

    Ane me maha uthtamaya me taram ඉක්මනින් ai ape rata dala ගියේ ....

  • @adhithyarajapaksha7717
    @adhithyarajapaksha7717 3 ปีที่แล้ว +1

    නළු බට්ටන් අතර මම ඔබෙන් නළුවකු දුටුවෙමි. රඟපාන්නන් අතර මම ඔබෙන් ජීවත් වන්නකු දුටුවෙමි. ඉතිහාසය, සාහිත්‍යය, භාෂාව, ආගම, ජාතිය, දේශපාලනය ආදී බොහෝ තැන් පිළිබඳ යථාර්ථවාදී කියවීමක් සහිත අවබෝධයෙන් සන්නද්ධ පරිණතයෙකු මම ඔබෙන් දුටුවෙමි. ඔබේ බස හැසිරවීම අනර්ඝ යි. මහප්‍රාණ උච්චාරණය ආකර්ෂණීය යි. සැබෑවට ම ඔබ බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෙක්. මේ දැනුම, අවබෝධය බෙදහදා ගැනීම වෙනුවෙන්, සමාජය අවදි කිරීම වෙනුවෙන් සහ ලබාදෙන පණිවිඩය වෙනුවෙන් රටක් පිළිබඳ යන්තම් හෝ හැඟීමක් ඇති සියල්ලන් ම ඔබට ස්තූතිවන්ත විය යුතුයි. මම කැමතියි, මේ රටේ ස්මාර්ට් දූරකථනයක් හිමි සෑම සිංහලයෙකුගේ ම දූරකථනයට ඔබේ චැනලයේ නොටිෆිකේෂන් යන දිනයක් උදා වෙනවා නම්. ඒ දවස විගස උදා වේවා...! සිංහලයා මරණීය වුවත් ඔබේ පණිවිඩය අමරණීය යි. ජාතියේ උත්තමාචාරය පිළිගන්න.....

  • @jagathperera4309
    @jagathperera4309 3 ปีที่แล้ว +1

    Your effort to upgrade the Sinhala language is great ! Thank you very much.

  • @nuwankulathunga8674
    @nuwankulathunga8674 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ තුමාට ගොඩක් වැදගත් වැඩසටහනක්

  • @grationjayaweera995
    @grationjayaweera995 3 ปีที่แล้ว +3

    Thank you Jackson. Really appreciate your effort to remind who we were ..are ... and will be. In the so called modern world concept, this topic could be a no-brainer but your commitment, knowledge and analysis sparks many for sure. Wish you the strength and courage to continue your mission. God bless you.

  • @dassadml
    @dassadml 3 ปีที่แล้ว +1

    Yet again you delivered some very useful information. I totally agree. in Sri Lankan media the way some presenters use our language is absolutely cringe worthy. Thank you for trying to open our eyes to this on going tragedy we face with our own language

  • @Harsha781
    @Harsha781 3 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් සහ කාලෝචිත වීඩියෝ මාලාවක්!

  • @geegayamu4508
    @geegayamu4508 3 ปีที่แล้ว

    ඔබට පින් ! වැළලී ගිය මේ කරුණු ඉස්මතු කලාට.

  • @manelsepali2123
    @manelsepali2123 3 ปีที่แล้ว

    Great sir budusaranai obathumata... Janapathi thumage awadanaya yomu wewa

  • @indikamendis1341
    @indikamendis1341 3 ปีที่แล้ว

    තව මොන කතාද ජැක්සන් මහත්තයො ,රටෙිි නීති හදන තැන අන පනත් ටිකත් ඉස්සෙල්ලම ලියවෙන්නෙ ඉංගිුසියෙන්,පස්සෙ බලාගෙන ඉන්නව අපේ බාසාවට පෙරලනකන් ,ඉතින් පහල ගැන මොන කතාද .කොහොම උනත් ඔබ තුමා මෙිික තරුණයන් අතරට ගේන එක මරු එතන හිතන විදිය තමා වෙනස් කර ගන්න ඔිින.ජයවෙිිවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @note3files799
    @note3files799 3 ปีที่แล้ว

    වටිනවා. තෙරුවන් සරණයි

  • @sunethraaponsu4672
    @sunethraaponsu4672 3 ปีที่แล้ว +1

    I have watched this with so much interest. They gave me so much knowledge and pride.

  • @kaushilathilakasiri8061
    @kaushilathilakasiri8061 3 ปีที่แล้ว +1

    I watched all 16 and learned a lot. Thank you. European countries teach their young children in mother tongue because it improves creativity and ability to understand complex topics. Parents are foolish to talk to their children in English when they are learning to talk. I am a living example that talking in Sinhala to children by any means does not reduce their ability to be fluent later in life when it is essential. It’s more important to develop neural connections by talking in mother tongue.

  • @kalingasilva3111
    @kalingasilva3111 3 ปีที่แล้ว

    ඔබට බොහෝ ma stuti sir me vani video dama ape rata apiva ape භාෂාව dayirya karana nisa .oba ta
    tawa tawat wada wada දහිරිය labeawa .jesu phity sir !

  • @kp-1949
    @kp-1949 3 ปีที่แล้ว +2

    JB disanayaka and you sir only sir to kept oath of our country!! Love from kandy always

  • @ravindrajayasundara3487
    @ravindrajayasundara3487 3 ปีที่แล้ว

    ස්තුතියි, අපව මෙලෙස දැනූවත් කළාට

  • @janakawarnakulasuriya4704
    @janakawarnakulasuriya4704 3 ปีที่แล้ว

    Niyamai👍👍👍👍👍👍👍👍👍👍👍

  • @rasminsudev3978
    @rasminsudev3978 3 ปีที่แล้ว +4

    ජැක්සන් ඇන්තනී සර්, මම මේ වීඩියෝ මාලාවම ගොඩක් ආසාවෙන් නැරඹුව. ගොඩක් පාඩම් ඉගෙන ගත්ත. සර්ගෙ මීලඟ මාතෘකාව එනකම් නොඉවසිල්ලෙන් බලන් ඉන්නෙ...👍👍👍

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 ปีที่แล้ว

    අදමයි මමබලන්නේ. අනිත් එවා. පස්සේ බලනවා ස්තුතියි ඔබතුමාට

  • @isurugannile2340
    @isurugannile2340 3 ปีที่แล้ว +4

    මේ නම් ඇත්තෙන්ම කතාවට ලක් විය යුතු මාතෘකාවක්. මේ රට කරවන අමන් දේශපාලුවන්ට මේක නොතේරෙන එක කනගාටුවක්. බොහෝ ම අගය කරනවා ජැක්සන් ඇන්තනී මහත්මයාණෙනි මේ ගැන කතා කළාට

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 3 ปีที่แล้ว +1

    Ape sinhala basa monatharam lassanada .maw basata thanak nodena ekama ratath lankawa 🤭loke hama ratakma thamunge basata mul thanak denawa oba thumata pin baladaringe as arewa 👍♥️♥️

  • @chamindaravi5591
    @chamindaravi5591 3 ปีที่แล้ว

    ජය වේවා ඔබට

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว

    ප්‍රිය ජැක්සන් මැතිතුමනි ඔබගේ සංවාදයෙන් ප්‍රබලව ග්‍රම්‍යවන කාරනයට පරම උදාහරණය මෙයයි,, !! ඒ මේ රටේ ,සින්හලයා එදා සිව්හෙලයා නොවේද ලෝකයේ පිරිසිදු බෞද්ධයන් ඉන්න රටේ ඉතිහාසයි මේ බුදු කෙනෙක් පහලවි දේශනා කරන පටිච්චසමුප්පාද දර්මය හෙවත් හේතුපල දහමට අනුව සබ්බේ දම්මා විපරිණාම ධම්මා කියා ප්‍රත්‍යක්ෂ කල ලෝකයේ සියලුම සත්ව ප්‍රජාව ද්‍රව්‍ය වස්තු අවස්තා සද්ධි, සම්බන්දතා වල, යඨාස්වාභාවය, අනිච්ච දුක්ඛ සහ අනත්ත යනහේතුපල දහමට යටත් වන බැබිනි. එහි දර්ම අර්තය විපරිනාම ධර්මතාවය නිසායි. බුද්ධ දෙශනාව ,,, " නහීසීල වතංහෝති උප්පජ්ජන්ති තතාගතා අට්ටක්කරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා අකුරු අටයි පදතුනයි මේ උතුම් දේශනාවයි . අද මේ විපරිණාමය දර්මතාවය නිසා උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් නිවන්මග ත් යටපත්වී භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින් විකුර්තයක් බවට පත්වී වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් ප්‍රාර්ථනා මගින් නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ සේ නිවන ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන බුද්ධ ආගම බවට පත්වීම පරම සත්‍යකි . අතීත සිව්හෙලය අද සිංහල වීම නොවේද,, ?? සිවිහෙලයෝ යනු ,,, " දේව,,, නාග,යක්ඛ රාක්ශ ( කුම්බාන්ඩ ) වේ, ඒ බෞද්ධ සාහිත්‍ය නැමති කඩතුරාවෙන් අද කියන අස්චර්‍ය අත්භූත දෙව්වරු ,උරගගනයේ නාගයො, තිරිසන්නු දල යක්කු නොව අපේ බුද්ධ ඉතිහාසයේ අතීත මුතුන්මිත්තන් වේ අද රාවනා සක්විති රජ පරපුර හා හෙලබොදු ඉතිහාසය මතුවෙන්නේ දර්මතාවයට අනුවයි ,, !!! මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ කෙනෙකු ගේ පහලවිම තුලින් මේ හෙලබිමේ සිවුහෙලයේ ජම්බුද්දීපයේ සත්‍ය ඉතිහාසය සේම උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් පටිච්චසමුප්පාද දහම හෙවත් හේතුපල දහම නැවත පනපිහිටවා පුබ්බේතකතපුන්න්‍යතා ශක්තිය ඇති දෙවි මිනිසුන්ට මේ ජීවිතය තුල උතුම් සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට අවස්තාව උදා වී ඇත්තේ මේ අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේගේ පහලවිම තුලින් උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ ,, " හේතුම්පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ති යන පරමගම්භීර අචින්ත්‍යයි බුද්ධ දෙශනාවයි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් මේ දර්මතාවය තේරුම් ගනිත්වා පෙරපින්නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් මේ දර්මතාවය සමග නොගැටෙත්වා උපෙක්ඛාසහගතව මිදෙත්වා සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk

  • @ruparaamuwa3012
    @ruparaamuwa3012 3 ปีที่แล้ว

    ඔබගේ මෙහෙයුම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ... !

  • @vincesilva1128
    @vincesilva1128 3 ปีที่แล้ว

    I really appreciate your knowledge.

  • @dhammikaelectronics5289
    @dhammikaelectronics5289 3 ปีที่แล้ว

    විශිෂ්ඨයි සර්, ඔබේ අර්ථකථනය.

  • @SusaraDilanakaMathugama
    @SusaraDilanakaMathugama 3 หลายเดือนก่อน +1

    Grateful

  • @sunethkumara3569
    @sunethkumara3569 3 ปีที่แล้ว +2

    මෙ විදිහට ගියොත් වැඩි ඇතක නැ සින්හලයාගේ අවසනේ .එකට වග කියන්න ඔනේ අවුරුදු 72 මරුවෙන් මරුවට මෙ ටර පලනේ කරපු දේස පලු කලකන්නි

  • @chandimachamali9643
    @chandimachamali9643 3 ปีที่แล้ว +1

    ඔබ තුමා අපට සම්පතක් විශාල ගෞරවයක් බුදු සරණ යි සර්

  • @sltopics3817
    @sltopics3817 3 ปีที่แล้ว

    විජයාවතරණට පෙර ලංකාව ගැන දැන ගන්න ආසයි ඔබ තුමගෙන්. අපේ බුදුන් ගැන

  • @niluminilumi8383
    @niluminilumi8383 3 ปีที่แล้ว

    ඔබ tumata දීර්ඝායුස wawa...

  • @suwasethawickramasinghe1081
    @suwasethawickramasinghe1081 3 ปีที่แล้ว

    Teruwan saranai ,tawa tawath idiriyata yanna

  • @kun2406
    @kun2406 3 ปีที่แล้ว

    ඔබතුමාගේ මේ වැඩ සටහනින් ඉතාමත් වටිනා

  • @manojsamuwel8588
    @manojsamuwel8588 3 ปีที่แล้ว

    Great Sir..

  • @mallikaliyanarachchi9486
    @mallikaliyanarachchi9486 3 ปีที่แล้ว

    ඔබතුමා කවදත් රට ඡාතියට ආදරෙයි.ඔබතුමාගේ මුනුපුරන් වෙනු වෙන් මගේදමුනුබුරන් රටේම මුනුපුරන් මුනුපිරියන් වෙනුවෙන්.ඔයගැනයමක්.කරන්න.ජැක්සන් මහත්තයෝ.මම ඔබතුමා ගේ පව්ලටම හිරිම ආදරෙයි.බුදුසරනයි.ජේසුපිහිටයි.

  • @chanakakularathna8653
    @chanakakularathna8653 3 ปีที่แล้ว +3

    Respect sir...

  • @duncandes1
    @duncandes1 3 ปีที่แล้ว

    Thank you, 💐

  • @madhawachathura5763
    @madhawachathura5763 3 ปีที่แล้ว +10

    කලු සුද්දන් ලංකාවෙන් ඉවත් වන්නේවත් රට ගැන කැක්කුමක් ඇති කරගනීවිද යන්න ගැනත් ඇත්තේ සාංකාවක් පමනි
    සිහළ රට වට කොට නොබන්දාය සුද්දා තම වැට...
    ඒ වෙනුවට උන්දෑ ගියෙ ඉතිරි කරල තම හම..
    ගෙරිහම මොක්ටදැ දැන් එලාගන්න උන්දැට..
    යටත් නොවී ගත්ත නිදහස අකුරු හතරමද...
    ගැලපිලි මොකටද විරිතක් නැති කොට...
    හදනවනම් රට..
    මෙන්න බොලව් වැඩ....
    සුබාසිරි ගුරුතුමනි

  • @dilummaduranga210
    @dilummaduranga210 3 ปีที่แล้ว

    බුදුසරණයි සර්.... ඇඟේ හිරි ගඩු පිපිනව ❤️❤️❤️

  • @madhushanifernando5185
    @madhushanifernando5185 3 ปีที่แล้ว

    නියමයි මහත්තයෝ

  • @janakakumajkumara698
    @janakakumajkumara698 3 ปีที่แล้ว

    සුපිරි වැඩ්ඩෙක්.

  • @kumarykumary6326
    @kumarykumary6326 3 ปีที่แล้ว

    Bohoma watena katawa estutei obata

  • @MisterD_MMK
    @MisterD_MMK 3 ปีที่แล้ว +1

    අපිට නැති උනාම දුක් වෙයි , අර තිබුනා කිව්ව පම්පෝරි ගොඩටම දාලා සිංග්ලිශ් වලින්ම ආවඩයි😥,
    දිගාසිරි ගුරුතුමනි.❤️

  • @chamithathukorala1985
    @chamithathukorala1985 3 ปีที่แล้ว

    Thank You Sir

  • @sashikapriyanga8076
    @sashikapriyanga8076 3 ปีที่แล้ว

    බුදු සරණයි ඔබතුමාට

  • @tv2wins883
    @tv2wins883 3 ปีที่แล้ว

    සර්, ඔබතුමා මේ කරන දේ ගැන ඇත්තටම , කාලීනයි,
    ඒත් , අපේ පොඩි උන්ව සමාජ ගත කිරීමේ දී අපි ගොඩාක් අසරනයි,

  • @nayanaadikari4454
    @nayanaadikari4454 9 หลายเดือนก่อน +2

    ජැක්සන් සිංහලයා සහ සිංහල බෞද්ධයා ගැන කතාබහ කිරීම නොඉවසූ කුමන්ත්‍රණ කරුවන් ඔහුගේ හඬ නතරකිරීමට කටයුතු කලාද කියා සාධාරණ සැකයක් මතුවෙනව.

  • @kalpasamantha5161
    @kalpasamantha5161 3 ปีที่แล้ว

    Thanks obathumata

  • @sunetrarajanayake1500
    @sunetrarajanayake1500 3 ปีที่แล้ว

    ඔබ තුමාගෙ කථාව ටහරිම දුකයි ජනාධිපති තුමා දැනුවත්කර යමි දෙයක් කරන්න ඔඹට දහිරිය ශක්තිය ලැබෙවා

  • @janakarukman5484
    @janakarukman5484 3 ปีที่แล้ว

    මෙවැනි දෙය පිළිබඳ සැමදා දැනුවත් කරන්න. නවත්වන්න එපා. ස්තුතියි ඔබට. නැවත හමුවෙමු

  • @harundiluka7423
    @harundiluka7423 3 ปีที่แล้ว

    ස්තූතියි!

  • @ashrafabusali9289
    @ashrafabusali9289 3 ปีที่แล้ว

    Excellent

  • @sltopics3817
    @sltopics3817 3 ปีที่แล้ว +1

    මේව අහනකොට අප රට ගැන බොහෝ දුකක් දැනෙනව🙏🙏🙏

  • @Nature_world203
    @Nature_world203 3 ปีที่แล้ว +4

    විශ්ව විද්‍යාලවල පාවා ඉන්ග්‍රිසියෙන් වුගන් වන්නෙ ඉතින් කොහෙමද භාශාව රෙකෙන්නෙ.. වෙන රටවල් වලනම් එහෙම නෙ....

  • @shanthaperera599
    @shanthaperera599 3 ปีที่แล้ว +2

    Thank you Jackson sar

  • @Chathuri-vp3tk
    @Chathuri-vp3tk 3 ปีที่แล้ว

    Sirgee wachanayak wachanayak gana ganna godak dewal thiyeii mn adare krana adaraniya kalakaruwek wagema mn godak gaurawa krna guruthumek oba thuma