ශ්‍යාමා ආනන්ද - හදවතින් හදවතට/ SHYAMA ANANDA - HEART TO HEART WITH KALUM ! 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • "මට තවමත් පුලුවන් සිවිලින් ෆෑන් එකකට නගින්න ..🤔😳”
    පෙරදා මගේ නංගී ශ්‍යාමා,චණ්ඩි ශ්‍යාමා ,හෙලෝ ශ්‍යාමා ,මම බය නැහැ ශ්‍යාමා සහ ගැහැණු ළමයි තුළින් ඔබේ හද දිනූ
    ශ්‍යාමා ආනන්ද
    සිය ජීවිතේ ප්‍රථම වරට හදවතින් හදවතට කැලුම් සමග කරනා හර්දයාංගම කතාබහ...👍💐👌
    මේ ඇයගේ ප්‍රථම TH-cam කතාබහයි.
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න
    #kalumwijesooriyayoutubechanel#hearttoheartwithkalum #shyamaananda #magenangishyama #helloshyama #gehenulamai

ความคิดเห็น • 596

  • @champaperera8487
    @champaperera8487 ปีที่แล้ว +71

    කියන්න බැරි තරම් ස්තුතියි කැලුම් . අපිට කවදාවත් අමතක නොවෙන ච‍රිතයක් ,ඇය රගපෑ චිත්‍රපට කිසිදා අමතක වෙන්නේ නැහැ . 1977 දී මමත් උසස් පෙලට ඉගෙන ගන්නවා . ඔබ කහපාට volkswagen කාර් එකේ බ්‍රිජට් කන්‍යාරාමයේ ඉගෙන ගන්න යනවා.අපි පයින් යනවා බ්‍රිජට් කන්‍යාරාමයේ අසල සිට ටවුන් හෝල් දක්වා .අපේ එක වැඩක් තමයි ඔයා පාසල් යනවද කියලා පාර දිහා බලන එක .ඔයා රාජේශ් ඛන්නා හමුවුනා කියලා සරසවිය පත්තරේ අපි කියෙව්වා .මගේ නංගී ශ්‍යාමා චිත්‍රපටයේ රෙක්ස් කොඩිප්පිලි සමග රගපෑවා ,ෆුට් සයිකල් එකක යනවා .ඔබට එදත් අදත් සැමදාමත් ආදරෙයි .අද තරුණ නිලියන්ට ඔබ හරිම හොද ආදර්ශයක් . ඔබේ වැදගත් පවුල් පසුබිම ,චිත්‍රපට පිලිබදව කුඩාකල පටන් ඔබේ දැනුම ,වැදගත් ප්‍රවීණයන්ගේ ආශ්‍රය ,ඔබ හරිම වාසනාවන්තයි . ඔබට බුදු සරනයි !කැලුම් ඔබට බොහොම ස්තුතියි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි
      🙏💐
      දිගටම බලන්නකො...

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 ปีที่แล้ว +2

      Good morning excellent ideas. Very natural experience.

    • @chithralperera2474
      @chithralperera2474 ปีที่แล้ว +3

      Red(burgundy) Volkswagen beetle.Thank you for sharing your memories

    • @malinivithana3780
      @malinivithana3780 ปีที่แล้ว +2

      ශ්‍යාමා නැවත අපට දකින්නට සැලැස්වීම ගැන කැලුම් ඔබට බොහොම ස්තුතියි. ශ්‍යාමා රඟපෑ චිත්‍රපට කීපයක්ම මමද නැරඹූවේ පාසැල් වයසේදීමයි. ඒ කාලයේ ඉතාම ප්‍රියමනාප හුරුබුහුටි දැරියක්. ශ්‍යාමා,ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා.

    • @yasomaabegunasekara4071
      @yasomaabegunasekara4071 ปีที่แล้ว

      Pert

  • @jackstumbsanod5643
    @jackstumbsanod5643 ปีที่แล้ว +16

    කාලයකට පස්සේ මෙතුමියව දකින්න ලැබීම ලොකු සතුටක්! කැලුම්ට ස්තූතියි මෙතුමියව වැඩසටහනට සම්බන්ධ කරගත්තට. ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගීභාවය ප්‍රාර්ථනා කරනවා🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @travelinjapan2728
    @travelinjapan2728 ปีที่แล้ว +16

    විනාඩි 46ක්,දැනුනෙවත් නෑ.
    ඇය කතා කරන විදිය හරිම ප්‍රසන්නයි,❤නිවේදකතුමාත් බොහොම ප්‍රසන්නයි.❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...

  • @sriyanichandrika305
    @sriyanichandrika305 ปีที่แล้ว +36

    අපි පොඩි කාලේ අපිට ලොකු ගැම්මක් 😂දීපු කෙනෙක් චන්ඩි ශාමා 😘

  • @dailymale2934
    @dailymale2934 ปีที่แล้ว +9

    අනේ අපිත් එක්ක විසාකා එකේ ඉඟෙන ගත්තේ. අපි ලඟින් යන ගමන් ශාමාට කියාඟෙන යනවා ''මාටිං ටින් ටින් වෙන්න දෙනවා' කියලා ඒ ඇය රැඟපාපු චිත්‍රපටියක චරිතයක කොටසක්! හරිම humble, කොච්චරවත් හිනා වෙනවා . අදත් ඇය එදා වාඟේමයි නේද කියලා හිතුනා. දැක්කාට ගොඩක් සතුටුයි මේ විදිහට හරී.

  • @washere7791
    @washere7791 ปีที่แล้ว +14

    ගැහැණු ළමයි අමතක නොවන movie එකක් කොච්චර ලස්සනද speechless actually

  • @malkanthikodithuwakku4791
    @malkanthikodithuwakku4791 ปีที่แล้ว +5

    ශ්‍යාමා ආනන්ද අනේ ඔබගේ රූපය හරිම වෙනස් ප්‍රවේසම් වෙන්න අපිත් ඒ දවස්වල නැරඹුවා.හරිම ලස්සනයි ගැහැණු ළමයි ඒ චිත්‍රපටය ඔබ හරිම ලස්සනයි කැලුම් ඔබතුමා මේ වගේ අය ගෙන්වන එක ගැන ඔබතුමාට ස්තූතියි ශ්‍යාමා ආනන්ද මහත්මියත්, කැලුම් ඔබතුමාටත්, නිදුක් නිරෝගී සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      🙏
      ඔබටත් තෙරුවන් සරණයි

  • @4500priya
    @4500priya ปีที่แล้ว +37

    මට දැන් වයස 35ක්.. ම්න් පොඩි කාලේ ඉඳන් හරිම ආස චරිතයක්.. චන්ඩි ශාමා. මන් බය නෑ ශාමා.. අනේ මන් අදටත් හරිම ආසයි.. අදටත් ඇය හරි හැඩයි..🧡🧡ඒ ඇස් තාම හරිම තියුනුයි.. ද්ඟකාරයි..

    • @pali516
      @pali516 ปีที่แล้ว +2

      ප්‍රියන්ගනී ලොකු වැරදීමක් කවදාවත් ඔයා ඉපදුන අවුරැද්ද 1988 වෙන්න බැහැ. වයස අඩු වෙලානේ. මෙම චිත්‍රපට ආවේ 1988 ට කලින් තිරගත වී පිටපත් ද විනාශ වෙලාත් ඉවරයි. බොරැ ගොතන විට සැලකිලිමත් වෙන්න. ඔයා ගිය ආත්මේදී බලපුවා වෙන්න පුලුවන්.

    • @SRIYANIBANDARA-mk4zj
      @SRIYANIBANDARA-mk4zj 8 หลายเดือนก่อน +1

      88 තමා මාත්.ඔය film රෑපවාහිනි නාලිකා වල කොච්චර විකාශනය උනාද?මාත් ශයාමා ට හරිම ආදරෙ යි.

    • @pubudusanjiwa9938
      @pubudusanjiwa9938 8 หลายเดือนก่อน

      ඇත්ත අපි පොඩි කාලෙ ටීවි එකේ බැලුවේ මේ ඇන්ටි ගේ ෆිල්ම් එතකොට ත් පරනයි

  • @sahmaliape5792
    @sahmaliape5792 ปีที่แล้ว +18

    Chandi sama චූටි කාලේ බලපු ලස්සනම පිල්ම් එක ඔබ දෙපලටම දීර්ඝායු වේවා නීරෝගිමත් වේවා බුදු සරණයි🙏❤💐

  • @sujeewanishantha9145
    @sujeewanishantha9145 ปีที่แล้ว +12

    කැලුම් ඔයා හොඳ වැඩක් කරේ අපේ තරැන කාලේ අපි ආදරෙ කරපු ලස්සන චරිතයක් ශාමා ආනන්ද කියන්නෙ අදටත් ජනප්‍රිය චිත්‍රපට 🙏🙏🙏

  • @sanushaharenwickramasinghe284
    @sanushaharenwickramasinghe284 ปีที่แล้ว +26

    ඉස්සර ෆිල්ම් බලනකොට දැකපු ආසම කෙනෙක්.❤️

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 ปีที่แล้ว +26

    අනේ ස්තූතියි කැලුම් අයියා .මෙයා ගැන විස්තරයක් හැමතැනම හෙව්වා....ඔයා තමයි හැමදාම ප්‍රේක්ෂක අපට හොදම දේ දෙන්නෙ කැලුම් අයියෙ....තෙරුවන් ඔබ දෙපළටම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 ปีที่แล้ว +11

    පිට රටක ජීවත් වුනත්... හොඳට සිංහල කථා කරනවා.... දකින්න ත් ආශයි....ශ්‍යාමා....පොඩි කාලේ අපේ ගෙවල් පැත්තේ හිටියේ.....

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara ปีที่แล้ว +14

    මම ඊයේම ඉස්සෙල්ලම කිව්වානේ ෂ්‍යාමා ආනන්ද එන්නේ කියලා. සිවිලිම් ෆෑන් එකක් ගැන විතරයි කියන්න ඕනේ. බොහෝම ස්තූතියි කැලුම් අයියා. නියම වැඩසටහනක්. 😊🤣🥂🎶👍❤️

  • @indraranjani9603
    @indraranjani9603 ปีที่แล้ว +10

    මමත් ශ්‍යාමාගේ වයසේ නිසා ඇය රගපෑ චිත්‍රපට බලන කොට හිතුනේ අනේ මමත් මේවගේ කෙනෙක් වෙලා ඉපදුනානම් කොච්චර හොදද කියලයි, ඒ ඒ වයස්වලදී ලැබිය යුතු හැම දෙයක්ම ලබා ඇති ඇය හරිම වාසනාවන්තයි, හිමාලි හෝල් එකේ ප්‍රවේශම්වන්න බලන්න ඉන්නකොට ටිකට් ඉවරයි කියල හවුස් ෆුල් බෝඩ් එක ගෙනත් තිබ්බම දැනුන දුක මට අද වගේ මතකයි, පහුවදා තමයි බැලුවෙ, කිසිම ආඩම්බරකමක් නැතිව ඇය ඇගේ තොරතුරු කියන හැටි බලන් ඉන්න ආසයි, කැලුම් මහත්මයාටත් බොහෝ ස්තුතිවන්ත වෙමි, ගායිකා ශිරෝමි ප්‍රනාන්දුගේ තොරතුරුත් දෙන්න,

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි. 🙏💐

  • @malinisamarasinghe3499
    @malinisamarasinghe3499 ปีที่แล้ว +13

    ශයාමා ආනන්ද දැකිමත් සතුටුයි .ඔබට ස්තුතියි .💐💐💐💐💐💐💐💐💐

  • @jagathupananda5039
    @jagathupananda5039 ปีที่แล้ว +48

    අම්මෝ කැළුම් අයියේ කොහෙන්ද මෙයාව හොයා ගත්තෙ අපි සැහෙන කාලයක් බලාපොරොත්තුවෙන් හිටියේ මේ ශාමා ආනන්ද කියන රංගන ශිල්පීනිය දැක ගන්නට ඇගේ කතාව අහගන්න ඔබට බොහොම පිං මෙයාව හොයං ආවට ඒවගේම මගේ එදා ඉදන් ඔබ ගෙන් ඉල්ලන අනිත් ඉල්ලීම රත්නපුරේ පැත්තෙ දිවි ගෙවන 70.80.දශකයේ අපේ සිනමාවේ සිටි ජන කාන්ත රංගන ශිල්පීනියක් වූ ජෙනීටා සමරවීර ඔබ ගේ මෙම වැඩසටහනට ගේන එක ඒඉල්ලීමත් ඉටුකර දෙන්න

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +5

      බොහොම ස්තුතියි
      මම උත්සාහ කරන්නම්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +10

      මේ වැඩසටහනට ඔබ කැමති වේවි කියා හිතනවා 😂🙏👍💐

    • @jagathupananda5039
      @jagathupananda5039 ปีที่แล้ว +7

      @@kalumwijesooriya එක පාරට සිය දහස්වාරයක් කැමතියි

    • @kanthiamarasinghe1411
      @kanthiamarasinghe1411 ปีที่แล้ว +2

      @@kalumwijesooriya ශ්‍යාම ව ගෙනාවට ගොඩක් ස්තුතියි දකින්න ආසාවෙන් හිටපු කෙනෙක් ඒවගේම ජෙනිටා සමරවීර නිලියවත් ගේන්න හරිම ආසයි එයාව දැක ගන්න

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +7

    හරිම ලස්සන වීඩියෝ එකක් . ආසාවෙන් බැලුවා . හරිම සැහැල්ලුවෙන් කතා කරනවා .හරිම ලෙංගතුයි . මාත් පුංචි කාලේ චන්ඩ් ශාමා බැලුවා . ෆෑන් එකේ සීන් එක හොදටම මතකයි .......

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ජයමිනි

  • @dilrath2497
    @dilrath2497 ปีที่แล้ว +12

    මම භය නැහැ shama මමත් ආසාවන් බැලුවා මගේ කුඩා කාල..කැළුම් මහතාත් act කළ මතක ...හරිම ලස්සනයි අදත් වැඩසටහන 💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐

  • @manelmadanayaka7211
    @manelmadanayaka7211 ปีที่แล้ว +5

    අපි හරිම ආසාවෙන් නරඹපු ෆිල්ම් තමයි චන්ඩි ශ්‍යාමා, හෙලො ශ්‍යාමා කොහොම හරි ඒ කාලෙ ශ්‍යාමා ආනන්ද ඉන්න ෆිල්ම් බලන්න අපි හරිම ආසයි.

  • @sanathmahinda1768
    @sanathmahinda1768 ปีที่แล้ว +11

    ස්‍යාමාගෙ හැම ෆිල්ම් එකක්ම..බැලුව
    අපේ කාලෙ අපේ වයසෙ ආදරනීය නිලියක් ..

  • @ranjanih.k6339
    @ranjanih.k6339 ปีที่แล้ว +5

    අනේ දෙවියනේ දකින්න හරිම ආසයි මම වැඩ සටහන් වලම බලනවා මේක අපට පුදුමයි කොහේද ගියේ අපේ ලංකාව අමතක කරලා චන්ඩි සමා මම බැලුවේ හරි ලස්සනයි නැවත බලන්න ඕනේ ආපසු දැක ගැනීම හරි ම සතුටුයි

  • @warsharasali564
    @warsharasali564 ปีที่แล้ว +11

    ගොඩකාලෙකින් දැක්කේ මෙයාව හරිම ලස්සනයි වැඩසටහන ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +8

    නම කියද්දිත් මතක් වෙනවා චන්ඩි පාට් දාන හැටි. Fight කරන හැටි . ඔයා ඉතිං කොහොමත් අපි කැමති දේවල් ගේන්න දක්ෂයෙක් නේ 👍👍❤️❤️
    ස්තුතියි කැලුම් 🙏🙏

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 ปีที่แล้ว +8

    මම හැමදාමත් ආදරය කල, ආසම නිළියක්. ඇයගේ රෑමත්කම හරිම unique. ඇයටම ආවේනික ලස්සණක්. පද්මිණීට අදටත් ආදරෙයි. ඇගේ රඟපෑම් හරිම ස්වාභාවිකයි. කැලුම් ඔබට බෙහොමත් ස්තූතියි ඇයව ගෙන ආවාට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 👌💐👌💐🙏🙏🙏

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +15

    මගෙ අම්මා ශ්‍යාමාට ලියුම් ලියලා තියෙනවා.. ඊට පස්සෙ ශ්‍යාමා ෆොටෝ එකක් එව්වලු එයාගෙ අත්සන එක්ක... අම්මට තාමත් මතකයිලු ඇඩ්‍රස් එක.. ශ්‍යාමා ආන්නද
    No-==== මතක නෑල්ලු.
    බෙනඩික් මාවත
    කොටහේන.. 🙀
    අම්මා සතුටු වුනා එයා දැකලා.. .. ලිලියන් එදිරිසිංහ ගෙ පස්සට ගහනවලු .. මහත පස්සක් තියෙන නිසා.. ෆිල්ම් එක පුරාම හිනාවෙන්නලු තිබ්බෙ.. අම්මා එයාගෙ ෆිල්ම්ස් ඔක්කොම බලලා ඒකාලේ.. සතුටුයි දකින්න ලැබීම..යලිත් තිරයේ දකින්න ලැබේවා ..!! කැළුම් මහත්තයටත් ස්තුතිය එයා චැනල් එකට ගෙනාවට.. තෙරුවන් සරනයි දෙපොලටම ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🙏💐🙏💐

  • @nimdine5190
    @nimdine5190 ปีที่แล้ว +6

    අපි ඔබේ චිත්‍රපට ඉතාම ත් ආසවෙන් බැලුවෙ කැලුම් ටත් ගොඩාක් ස්තුතියි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z ปีที่แล้ว +3

    කැලුම් ඔබට බොහොම ස්තූතියි .මේ වගේ අපේ රටේ වටින කලාකරුවන් ගෙන්නන එකට .මේ අයව දකින්න අපි හරිම ආශයි.මට මතකයි පුන්චි කාලේ චන්ඩි ශ්‍යාමා බැලුවා .ඔබතුමියට දීර්ගායුශ ලැබේවා 😘😘

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අදත් .බොහොම ලෙන්ගතු අවංක නිළියක් .අපි ඉස්කෝලෙ යන කාලෙ තමා .ඔය film ආවෙ ගොඩක් ස්තුතියි කැලුම් සොයුර ඔබ මැයව දකින්නට සැලැස්සුවාට.
    ඔබ දෙදෙනාගේම සියළුම ඉදිරි වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!ජේසුපිහිටයි සොයුර ඔබට සහ ඇයට.🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි නිර්මලී

  • @anjaleemanesha4586
    @anjaleemanesha4586 ปีที่แล้ว +9

    මම හරිම ආස ෆිල්ම් එකක් චණ්ඩි ශ්‍යාමා❤ හරිම සතුටුයි ආයෙමත් ඇයව දකින්න ලැබුණ එක ගැන

  • @nilanthialwis381
    @nilanthialwis381 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි කැලුම් ශ්‍යාමාව මේ වැඩසටහනට එකතු කරගත්තට...මොහොතකට අපි ඒ අපේ සුන්දර අතීතයට ගියා ශ්‍යාමා එක්ක... මට අදටත් මතකයි " ප්‍රවේසම් වෙන්න" film එක බලපු හැටි...
    අපි A/L ඉන්නකොට තමයි "ගැහැණු ළමයි " තිරගත උනේ...මේ සුන්දර මතක ගොන්නට අදත් අපි ආදරෙයි...ශ්‍යාමා එදා වගේම අදත් නිහතමානී කෙනෙක්...ඇයට අපේ ආදරය ...❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නිලන්ති 💐💐💐💐

  • @tharushakavinath3714
    @tharushakavinath3714 ปีที่แล้ว +2

    කැඑමි. මේ වගේ වැඩ සටහන් කරද්දී. ශ්‍යාමා ගේ චිත්‍රපට ජවනිකා ඉදිරිපත් කළ යුතුය. ඉන්දියානු ඉදිරිපත් කිරීම අධ්‍යානය කර ඉදිරිපත් කිරිමයි සුදු සුයි.....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      Not possible due to copy right issues on you tube

  • @sampathamarasekara9456
    @sampathamarasekara9456 ปีที่แล้ว +12

    She’s gorgeous and open minded..that’s why she looks very beautiful!!! Good example for young actress!!! ❤❤❤ thanks Kelum !!

  • @nayanawp6623
    @nayanawp6623 ปีที่แล้ว +10

    මාත් පුංචි කාලේ තාත්තා මාව චන්ඩි ශාම චිත්‍රපටිය බලන්න එක්ක ගියා. ඵ්ක තාම අමතක කරන්න බැරි චරිතයක්. තාම ආසයි. දැකීමත් සතුටක්. මගේ අම්මා තාත්තා දෙන්න අද නෑ. ඔයාව දැක්ක නමි ගොඩක් සතුටු වෙයි

  • @christojohn8511
    @christojohn8511 ปีที่แล้ว +9

    අම්මෝ.......... දකින්න තිබ්බ ආශාව හරිම සතුටුයි ❤

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 ปีที่แล้ว +5

    මම දකින්න කැමැත්තෙන් සිටි ශ්‍යාමා මහත්මිය දැකිමට ලැබිම ගොඩක් සතුටුයි. ස්තුතියි කැලුමි මහතාට.

  • @ramaniperera2259
    @ramaniperera2259 ปีที่แล้ว +3

    සුන්දරය මාමා Thank you so much. God bless you and all of your lovely family

  • @shyamacooray6756
    @shyamacooray6756 ปีที่แล้ว +7

    ස්තූතිය බොහොම කැලුම් ඔබට මේ ආදරනීය ශ්‍යාමා අපිට. ආයෙත් දැකගන්න ලැබුනාට. හරීම අව්‍යාජ කතාබහක්. සම්මාන ගැන අහන්කාර කතාවකුත් නෑ. 💐

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว

      Ea eada hitye nirahankara nalu niliyan.
      Ada inne mudduda
      Chi chi chi....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐

  • @anushafernando9195
    @anushafernando9195 ปีที่แล้ว +3

    බොහෝම ස්තුතියි ..අනේ දැක ගන්න ලැබීම හරිම සතුටුයි ❤️💕අපේ පුංචි කාලේ ආසම නිලිය ආයෙ ඒ ෆිල්ම් බලන්න ආසයි ..අපේ පොඩ් දරැවන්ට පෙන්නන්න වටින ෆිල්ම් ❤️💕❤️💕❤️💕

  • @kavindurajaguru6110
    @kavindurajaguru6110 ปีที่แล้ว +8

    අනූව දශකයේ මැද භාගයේ ඉපදුණු මමත් ඇයට බොහෝම ආදරෙයි❤💐

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +9

    අදත් මරු වැඩසටහන කැලුම් අයියා කෝමත් අද ගොඩක් නොපෙනෙන චරිතමනේ ගේන්නෙ.ගොඩක් වටිනවා ඒක..💛🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🙏💐
      දිගටම බලන්නකො...

    • @wsumedha1823
      @wsumedha1823 ปีที่แล้ว +1

      @@kalumwijesooriya අනිවාර්යයෙන්ම 😍

  • @damayanthidissanayake473
    @damayanthidissanayake473 ปีที่แล้ว +8

    අනේ අපි ඒ කාලේ ආදරේම කරපු ඔයා...අනේ soooo sweeeeet

  • @ranjithpriyantha2231
    @ranjithpriyantha2231 ปีที่แล้ว +9

    ඒ කාලේ වගෙ තාමත් ලස්සනයි එකාලෙ අපෙ සිහින කුමරිය,,,,,, කැලුම් ඔබට බොහොම ස්තුතියි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      🙏💐🙏💐🙏

    • @skularathne138
      @skularathne138 ปีที่แล้ว +1

      Ane අපි එදත් අදටත් aka වගේම තාමත් lassanai a වගේම ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි .

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 ปีที่แล้ว +6

    ශ්‍යාමා දැක්කේ BLC එකේ sports meet එක දවසක විතරයි. අපිට එයාව පෙනුනේ චන්ඩි කෙල්ලෙක් වගේ. (රගපෑ චරිත නිසා ) ඇය තවමත් සුන්දරයි.

  • @dananjayahadungoda7823
    @dananjayahadungoda7823 ปีที่แล้ว +12

    වර්තමානයේ තරැණ ගෑණු ලමයින්ට ආදර්ශමත් නිලියක් ...නිලියක් වෙන්න ආස නිලියක් උනු අයටත් ආදර්ශමත් චරිතයක්...ජීවිතේ කියන්නේ ආපසු හැරිලා බලලා සතුටු වෙන්න පුලුවන් තැනක් කර ගන්න...❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

    • @damayanthiperera2549
      @damayanthiperera2549 ปีที่แล้ว

      Best wishes to u, for a bright n peaceful New Year, in which all yr aspirations will be fulfilled, May u be well n happy

    • @damayanthifernando8293
      @damayanthifernando8293 ปีที่แล้ว

      / dakkama harima sathutui

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว

      Ane me dan inna unta mewa kiyala wedakut ne
      Un mewa balannet ne
      Mma nodekapu nalu niliyanta adatat adaraya karanawa, garu karanwa.
      Dan inna un 👹

  • @pothakamahima8826
    @pothakamahima8826 ปีที่แล้ว +8

    දැකීමත් සතුටුයි.ඔය ඔක්කොම චිත්‍රපට සමග ගැහැණු ළමයි හි පද්මිණී කොහොම අමතක කරන්නද?අතිශයින් ජනප්‍රිය නවකථාවක් .පීරිස් මහත්මියගේ දැවැන්ත නිර්මාණයක්. මම තාමත් ඔබ රගපාන චිත්‍රපට බලනවා.ඔබ ගීතත් ගායනා කළා.කොච්චර ආදරණීය ,ගෞරවණීය කාලයක්ද.මතක් කළත් සතුටුයි.අද ඒ වගේ නෙවෙයි .ක්ෂේත්‍රයවත්,නළුනිළියොවත් ඔබතුමිය හිටපු කාලය වගේ නෙවෙයි.ඒක නිසා අද ඔබව දැක්කම අපමණ සතුටක් ඇති වුණා.

  • @nandikasamaranayake122
    @nandikasamaranayake122 ปีที่แล้ว +5

    බේබි ෂ්‍යාමා, මම පොඩිකාලෙ, බම්බලපිටියෙ, වජිරාරාම දහම් පාසලේ හිටිය. මමත් ඒකෙම ඉගෙනගන්න කාලෙ, මට වඩා ටිකක් බාලයි. මම හොදට දැකලා තියනවා. එයා හරි ලස්සනයි

  • @gayankarunaratne
    @gayankarunaratne ปีที่แล้ว +3

    ශ්‍යාමා ආනන්ද දැක්ක කල්.බොහොම ස්තුතියි ඔබ⁣ට ඇයව ⁣වැඩසටහනට ගෙන්නුවට♥️

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +6

    නිදුක් නීරෝගී දීර්ඝායු සමිපත් ලැබේවා ඔබතුමන්ට

  • @wadduwageperera842
    @wadduwageperera842 ปีที่แล้ว +10

    අනේ දැකපු කල් දැකිමත් හරිම සතුටක්

  • @nymeria8428
    @nymeria8428 6 หลายเดือนก่อน +1

    මට අවුරුදු 30යි, ඒත් පොඩි කාලෙ ශ්‍යාමා ෆිල්ම් ගොඩක් බැලුවා. ඒ දවස්වල චණ්ඩි ශ්‍යාමාට ගොඩක් ආසයි. මතක් වෙද්දිත් හරිම ලස්සනයි. මන්දිරාව ආයි දකින්න ලැබුන් එකට හරිම සතුටුයි. I wish you all the best with everything!

  • @judevictoria1625
    @judevictoria1625 ปีที่แล้ว +12

    ඒ කාලේ ඔබේ ච්ත්‍රපට රසකර බලපු ප්‍රෙක්ෂකයන් අදත් ආශයි නැවැත රගපානවා නම් .ඔබට සුභම සුභ නත්තලක් සහ ජයග්‍රාහි අලුත් අවුරුද්දක් වේවා 🙏❤

    • @ashokamalani9444
      @ashokamalani9444 ปีที่แล้ว

      ශයාමා ඔයාව දක්ක කල් හරි සතුටු ඉ ඔයා මට වඩා බාලයි තෙරුවණ් සරණයි

  • @dilupamanori637
    @dilupamanori637 ปีที่แล้ว +4

    මම පොඩි ළමයෙක් ගැහැණු ළමයි
    චිත්‍රපටය නරඹනකොට .
    මම කැමති චරිතයක් පද්මිණී .
    💗💗💗💗💗💗🤗🤗💗💗💗💗
    ගැහැණු ළමයිනේ කොහෙද බලා
    ඉන්නේ ....😃😃😃🤗🤗

  • @virajidillesha4023
    @virajidillesha4023 ปีที่แล้ว +4

    ආඩම්බරකාර අලුත් නිලියෝ මේවා බලලා හදෙන්න.අගෙන් ගතයුතු දේ බොහොමය.

  • @darshikahemapala4903
    @darshikahemapala4903 ปีที่แล้ว +1

    ශාමා ආනන්ද කවදාවත් අමතක වෙන්නෙ නෑ ශාමා රඟපාපු films සේරම මම බැලුවා හරිම සතුටුයි මේ වැඩසටහන ගැන කැළුම් ස්තූතියි ශාමාව ගෙනාවට ❤️ මෙයා දැන් කොහේ ඇත්ද කියලා හිත හිත හිටියේ

  • @sujeewaniathapaththu6834
    @sujeewaniathapaththu6834 ปีที่แล้ว +2

    කැලුම් අයියෙ ඔයා හරිම ලෙන්ගතුයි හරි ආදරණීයයි ඒ වගේම හරිම ප්‍රසන්නයි.කතා කිරීම හරි පැහැදිලියි..හරිම ආසවෙන් අදත් වැඩසටහන බැලුවා..එතුමියත් ඉතාමත් ආකර්ශනීයයි.ඉතින් ගොඩක් ස්තුතියි.අයියෙ මන් හරිම ආස නිලියක් ශිරානි නුගේරා මහත්මිය.එතුමිය හරිම ලස්සනයි ඉස්සර.හරිම හුරතල් මුහුනක් ඇයට තියෙනවා.එතුමිය ගැනත් වැඩසටහනක් මේ වගේම කරන්න පුලුවන් නම් ඉතාමත් අගය කරනවා.එතුමියත් ජීවත් වන්නෙ පිටරටකද..ඉතින් අයියෙ මේ ලබන්නාවු අලුත් අව්‍රරුද්දේ ඔයාට තව දුරටත් ඉදිරියටත් වැඩ කටයුතු සර්වප්‍රකාරයන්ම කරන්න ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා ..ඔයාට නිදුක් නිරෝගි භාවය නිරතුරුවම ලැබේවා සතුටින් ජීවිතය ගෙවන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ඉතාමත් ලෙන්ගතුකමින් ප්‍රාර්ථනා කරනවා..බුදු සරණයි ..❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී 🙏💐🙏💐
      මම එතුමිය ගැන සොයා බලන්නම්
      ඔබටත් සුබ නව වසරක්
      තෙරුවන් සරණයි

  • @SamanKumara-dg4hn
    @SamanKumara-dg4hn ปีที่แล้ว +2

    මටත් මැය සමග කතා කිරීමට අවස්ථාවක් ලැබුණා
    අද දින හරිම ලස්සනයි ඒ වගේම නිහතමානී කෙනෙක්

  • @mariedilukshi7596
    @mariedilukshi7596 ปีที่แล้ว +5

    අමතක වෙන්නෙ නැහැ ශාමා . ඔයාගෙ film ඔක්කොම බැලුවා

  • @canisiusmuthukuda1072
    @canisiusmuthukuda1072 ปีที่แล้ว +14

    හොඳ හොඳ ලමයින් අපි වාගේ....
    ප්‍රවේසන්වන්න.
    අපිව අඬවපු චිත්‍රපටියක්

  • @pathmisoysa9875
    @pathmisoysa9875 ปีที่แล้ว +3

    Shyama came to the same school - Buddhist Ladies College , Colombo 7 that I went to. All our classmates love her. I can remember the sweet events we experienced in seventies (1970's). On last date of the school Terms, Shyama brought the radio from home and played songs and we all were danced. Our classmate Dharmalata Ranaweera draws of Shyama's eyes always beautifully. Kalum, thank you so much for letting us see her after so long. Shyama, hope you remember old school days and I wish you and your family all the very best.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      Thank you so much for sharing this good old memories

  • @thusharikakannangara4174
    @thusharikakannangara4174 ปีที่แล้ว +2

    ගොඩක් ගොඩක්ම ස්තුතියි කැලුම්...අපි පුංචි කාලෙ බලපු ෆිල්ම් එකක් චණ්ඩි ශ්‍යාමා කියන්නෙ..විටින් විට මතක්වුනා ඇය දැන් කොහේද මොනවද කරන්නෙ කියල...දකින්න හරිම කැමැත්තෙන් හිටියෙ...ඉතින් ආයෙමත් ස්තුතියි කැලුම් 💛ශ්‍යාමා ඔයාටත් නිරෝගීමත් දිවියක් පතනවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි තුශාරි

  • @thuglife-kk7od
    @thuglife-kk7od ปีที่แล้ว +13

    පිටරටවල් වල ඉදලත් බලන්න අපේ ජේශ්ට නිලියො ලස්සනට සින්හල කතා කරන හැටි

    • @silviakanthi9773
      @silviakanthi9773 ปีที่แล้ว

      දිනක්ශිට හොඳ පාඩමක් බොරු සෝබනේ දානවාට

  • @lasanthasarojani115
    @lasanthasarojani115 ปีที่แล้ว +5

    චන්ඩි ශ්‍යාමා.. ඔබට සම්බුදු සරනයි මගේ තාත්තා බලන්නේ මේ මොහොතෙත් පරන ෆිල්ම්ස් මොරටුවෙ රේල්පාර ලග තියනව සීඩී කඩයක් තතකහනියෙ පිලියන්දල ඉදලා එයාව එක්ක යනවා සීඩී ගන්න. ගන්නෙම දෙබස් ඇහෙන්නැති ඔය ෆිල්ම්ස් තමයි..🎅☃️

  • @talkwithmano2024
    @talkwithmano2024 ปีที่แล้ว +2

    ස්තුතියි! කැළුම් අපි ආදරය කරන ශ්‍යාමා ව හදවතින් හදවට කැටුව ඒම ගැන. ශ්‍යාමගෙ හැම චිත්‍රපටයක්ම ප්‍රෙක්ෂකයන් ආදරයෙන් වැළඳගත්තා. ශ්‍යාමා ගොඩක් කාලයක් රට හිටියත් හොඳින් සිංහල කතා කරනවා. ශ්‍යාමගෙ තාත්තාත් ආදරයෙන් මතක් කරව්ව ඕනෙ. එම්.එස්. ආනන්ද මහත්තයා සිනමාවට ලොකු සේවයක් කරපු නිෂ්පාදකයෙක්, කැමරා අධ්‍යක්ෂකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක්. මම දිනක් එම්.එස්. ආනන්ද මහතා හමුවෙන්න ගිහින් තියෙනවා. සිනමා උත්සවයකදි මාව දැකපු ආනන්ද මහතා ඩාලි පාරේ මෝටර් ස්පෙයාර් පාර්ට්ස් කඩයකදි තමයි ඔහුව හමුවුනේ. ඔහු මම ගැන හොඳින් නිරීක්ෂණය කරලා කිව්වා. යළිත් සති දෙකකින් විතර එන්න කියලා. එතුමා මාව සිනමා පටයකට ගන්නයි හමුවෙන්න කිව්වෙ. මගෙ තියෙන උනන්දුවක් නැති කම නිසා හොඳ අවස්ථාවක් අහිමි කරගත්තා.කැළුම් හදවතින් හදවතට තව තවත් සාර්ථක වේවා! ශ්‍යාමා, ඔබට නිදුක් නිරෝගි අනාගතයක්. සියළු දෙනාට යහපතක් වේවා!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බො ස්තුතියි මේ අදහස් දැක්වීමට..හරිම වටිනවා

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +3

    කැලුමි සර්ට ජයේන් ජයම වේවා සමිමා සමිබුදු සරණයි

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 ปีที่แล้ว +3

    මම හරිම ආසම චරිතයක් තමයි චන්ඩි ෂාමා මම පොඩි කාලේ ඉදන්ම ඔයා ගේ
    පිලිම් බලලා තියෙනවා ඔයාව දැක්කම හරිම සතුටුයි ❤

  • @siherath1385
    @siherath1385 ปีที่แล้ว +10

    NOW EVEN SHE IS LOOKING LIKE A FULL MOON SHINING EVEN IN THE NOON..
    GOD BLESS.

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว

      Yes I agreed 👍

    • @siherath1385
      @siherath1385 ปีที่แล้ว

      @@sureshnanayakkara555
      YOUR REPLY IS HIGHLY APPRECIATED WITH A LOAD OF THANKS.

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +6

    කලුම් මල්ලී ඔබ නම් නලු නිළි හදවත් ❤❤✊ හොරෙක්😀😀මම ආසම නිළියත් සොයාගණ ශියාමා ආන්නද.🌷ආයුබෝවන්⚘🙏🏼
    මම පොඩි ටිකක් චන්ඩී ෂියාම බලන්න ගියා මෙතුම්ය දිහානී අසෝකමාලා තව ගෝඩක් කෙල්ලෝ නිලියෝ මතකේනෑ. මෙයාලා සරම් ඇඳගන හරීම හිතුවක්කාරයී
    බූරු ගනවා කොල්ලෝ කචල් කරනවා මෙයාලා ගැහුවා කොල්ලන්ට තාත්තා ඇවිත් කතාකරනවා ඒත් යන්නේ නෑ හිතුවක්කාරී නේ අදටත් මට මතකයී ඒ චිත්‍රපටිය..
    තෙරුවන් සරණයී මැඩම්.

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว +1

      Anivaryenma kelum hadawathinma eyalata adaraya karanwa.
      Ea nisa ne kelum.lassanat

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      Bohoma isthuthi

  • @vision2096
    @vision2096 ปีที่แล้ว +4

    She is a beautiful wife and a great mother. Have done a great job in raising her kids. Very down to earth beautiful lady, Saaliya too. Daughter Mandeera and son Richie too are well brought up educated and humble. Shyama is still beautiful 🙏❤️ Thank you Kalum for this program.

  • @chamaraperera12
    @chamaraperera12 ปีที่แล้ว +6

    ලංකාවේ සිනමා කර්මාන්තයත් ශ්‍රි ලංකාවේ දෙශපාලනයේයි වෙනසක් නැහැ කවදාවත් දියුණුවක් නැහැ. යන විදියට නම් තව අවුරුදු සියයක් ගියත් 😢😢

  • @tharaisuru9969
    @tharaisuru9969 ปีที่แล้ว +4

    අනේ මම ආසම නිලියක්..ගැහැණු ලමයි චිත්‍රපටියෙ සිටියා මතකයි

  • @user-cm8mq3ep7e
    @user-cm8mq3ep7e 6 หลายเดือนก่อน +1

    ඇත්තෙන්ම සතුටක්...ස්තූතියි කැළුම් මහත්මා ඔබතුමන්ට..හරිම ආදරණීය සංවාදයක්...එතුමියට නිදුක් නිරෝගි සුව පතනවා.ආයෙමත් තිරයේ දකින්න ආසයි..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 👍💐

  • @Nflboy_0703
    @Nflboy_0703 ปีที่แล้ว +6

    හිත දකින්න ආශාවෙන් ඉන්න අය ගෙන්වන ඔබට ගොඩාක් තුති පුදමි , හැකි නම් ( ගෝතමි පතිරාජ වත් අපිට මුණ ගස්වන්න, දකින්න තොරතුරු දැනගන්න ආසයි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 ปีที่แล้ว +4

    මෙච්චර කල් කොහෙද අනේ ඔයා හිටියේ. වසන්තිගෙ වැඩසටහන බලද්දි ඔයාව හරියට මතක් උණා. ගැහැණු ළමයි නිසා. කැලුම් බොහොම ස්තූතියි ඔබට.

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 ปีที่แล้ว +1

    ශ්‍යාමා දකින්න ලැබිමත් සතුටක්. අපි ඔයාගෙ හැම චිත්‍රපටයක්ම බැලුවා. හරිම ආශයි. ඔයාගෙ ඩාර්ලි පාරෙ ලිපිනයට ලිපි යවලත් තියෙනවා හැබැයි පිලිතුරැ ලැබුනෙ නම් නැහැ. කැලුම් ස්තුතියි යෙහෙලියක් මුනගැසුනා වගේ. ආදරෙයි ගොඩක්.

  • @judevictoria1625
    @judevictoria1625 ปีที่แล้ว +2

    ප්‍රවේශම් වෙන්න ..මගේ නංගී ශ්‍යාමා චන්ඩි ශ්‍යාමා .හලෝ ශ්‍යාමා ඉතාමත් ජනප්‍රිය වුණා.ආශා නැරඹුවා .ගැහැනු ළමයි ච්ත්‍රපටයේ පද්මිණි මතකයි තවමත් ..මට දැන් වයස 61...ප්‍රවේශම් වෙන්න බලද්දි මට වයස 9 යි චන්ඩි ශ්‍යාමා බලද්දි වයස 17 ..ගැහැනු ළමයි ච්ත්‍රපටය බලලා මගේ පන්තියේ යාළුවෙක් ඔයාට Love කළා සරසවියේ පත්‍රයේ ඔයාගේ පින්තුරයක් ඇදලා යැව්වා ...මම Love කළේ කුසුම්ගේ චරිතය රගපාපු වසන්ති චතුරාණීට ..මං බය නැහැ අපේ ගාමිණී ෆොන්සේකා Acting අසාර්ථකයි ච්ත්‍රපටයත් අසාර්ථකයි ...මගේ මතය .ඔබව දැකිම සතුටුයි ..merry christmas for you .🙏❤🙏

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 4 หลายเดือนก่อน +1

    අනේ ඔබතුමාට ගොඩාක් ස්තුතියි... ගොඩක්ම ආස කරන නිළියක් ... ඔබතුමිය මෙහෙම හරි දැකගන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි❤❤❤❤❤❤

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 ปีที่แล้ว +7

    You bring very interesting characters from our past ..old is gold❤🎉

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +13

    අති දක්ෂ රංගන ශිල්පිනියෙක්...👏👏❤️❤️❤️ හිතුවෙවත් නැති මොහොතක දැක්ක එකම පිනක් කැලුම් අයියේ..☝️😀❤️❤️

  • @thakshilasenarath4070
    @thakshilasenarath4070 ปีที่แล้ว +4

    රසබර කතාබහක් කැලුම් අංකල් ❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐

  • @malimali6694
    @malimali6694 ปีที่แล้ว +3

    මට මෙි මෑතකදි අයව මතක් උනා එයාට මොකද උනේ කියලා දක්ෂ නිලියක් දැකීම සතුටක්

  • @KW-tb5nw
    @KW-tb5nw ปีที่แล้ว +6

    Thank you Kalum for brining her ❤

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 ปีที่แล้ว +1

    හරිම අපුරු වෙඩ සටහනක් ,චන්ඩි ශෙයාමා ..ඒ අපුරු චරිතය ....එදා ..ස්‍රි ලංකාව තුල කතා නොකරපු කෙනෙක් වාගේම තරුන මහලු නොබෙලු චිත්‍රපටයක් වුනා ....චන්ඩි ශෙයාමා ච්ත්ත්‍ර පටිය .කෙලුම් ඔබට නෙවතත් ස්තුතිය පුද කරනවා .....මෙවෙනි ප්‍රසිද්ද සෙගවි ගිය චරිත අප අතර ට නෙවත හදුන්වා දිම ගෙන .....බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි. ජයන්ත

  • @Samsung-cc5ol
    @Samsung-cc5ol ปีที่แล้ว +2

    ❤❤චන්ඩි ශ්‍යාමා ඔයාව දකින්න ලැබිම හරිම සතුටුයි!!ආදරෙයිඔයාට තාමත්!!!

  • @glowgirl5363
    @glowgirl5363 ปีที่แล้ว +2

    චන්ඩි ශාමා තිරගත වෙනකොට මං ඉපදිලත් නැ පොඩි කාලේ ඉදලා අද වෙනකල් අාසම film එකක් එකේ කොටස් එකක් නැරම මතකයි කවදාවත් අමතක වෙන්නේ නැ😍

  • @shiromiweerasinghe1901
    @shiromiweerasinghe1901 ปีที่แล้ว +1

    Thanks for inviting her to the programme. Also I remember her very well at the Buddhist Ladies college when we used to wait for the school van and I have watched all her films.

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 ปีที่แล้ว +3

    අනේ මාත් බෞද්ධ කාන්තා school එකට ගියා ප්‍රවේසම් වෙන්න ෂූට් කරනවා අපි දැක්ක. අපිත් ශාමා ගේ කොන්ඩේ අල්ලනවා. හරිම සතුටුයි. Tks කැලුම්
    තාමත් ලස්සනයි. All the best. 🤗🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐

    • @neranjanaatapattu8907
      @neranjanaatapattu8907 ปีที่แล้ว +1

      අපි podi පන්ති වල හිටියේ. Man ආස kalin කොණ්ඩෙට. 🤗🌹

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +2

    ඔබතුමියටත් දීර්ඝායු පතනවා

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 ปีที่แล้ว

    සෑහෙන කාලයක් තිස්සේ ආසාවෙන් බලාගෙන හිටියා මේ අහිංසක නිළිය ගැන තොරතුරු දැනගැනීමට ....කැලුම් අයියා ඔයාට ගොඩක් ලස්සනයි ස්තුතිය ...❤️❤️🙏🙏🙏🙏❤️❤️

  • @sheengamagee1323
    @sheengamagee1323 ปีที่แล้ว +2

    ඔබ රඟ පෑ ඒ චිත්‍රපට සියල්ලම මා නම් ගමන් ගානක් බලල තීනවා හරිම ආසාවෙන් උනන්දුවෙන් තමයි ඒවා බැලුවෙ ඔබගේ ඒවායේ රඟ පෑ චරිත ඉතාම විසිශ්ටයි... ඒ ඔබගේ කොට මහත ක්‍රේල් කොන්ඩය ගනකම ඇහිබැම රවුම් ඇස්දෙක මහත එල්ලෙන තොල් සඟල කේන්‍ති ගියහම වෙව්ල වෙව්ල පුපුරන මූන... හරිම ලස්සනයි ශ්‍යාමා අක්කේ... ඔයා ඉන්න ෆිල්ම් බලන්නෙ ඔයාගෙ රූපෙ බලන්නමයි... ඔයාට මොකද උනේ කියලහොය මින් හිටියෙ හරිම සතුටුයි දකින්න ලැබීම ගැන එතකොට අක්කෙ .... පුන්චි ..පුන්චි.. මල්වනේ..
    පුංචි ..මලක්.. තනි.. උනේ. ගීතය කියමින් නැටුවෙ... ඔයාද .. දුවද.. කැලුම්ට ස්තුතියි අක්කව මෙහෙම අපිට පෙන්නුවට...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐
      දිගටම බලන්නකො...

    • @sheengamagee1323
      @sheengamagee1323 ปีที่แล้ว +1

      @@kalumwijesooriya 👍💖

    • @chithralperera2474
      @chithralperera2474 ปีที่แล้ว

      Punchi punchi Mal wage- Mandeera Anandhi (acting,) song by Samitha,music Keerthi Pasquel ..

  • @manikegunasena7299
    @manikegunasena7299 ปีที่แล้ว +1

    නැවත නැවතත් බලන්න හිතෙන film එකක්.ඉස්සර 3 වතාවක් චන්ඩි ශ්‍යාමා බැලුවා.මෙයා දකින්න ආසාවෙන් හිටියේ.ස්තුතියි..කැලුම් මහත්මයාණෙනි..

  • @manelrodrigo4636
    @manelrodrigo4636 ปีที่แล้ว +2

    My pleasure to see Shyama Ananda. 🙂 ....Thanx Mr. Kalum bring her back to us....👍💖X

  • @sandakelumfonseka3200
    @sandakelumfonseka3200 ปีที่แล้ว +3

    Thank you so much for having her in your interview.👍👍 She looks gorgeous. Nice to see you Shyama.

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว +4

    හරිම සුන්දර කාන්තාවක් ...

  • @siherath1385
    @siherath1385 5 หลายเดือนก่อน +1

    This beautiful image never goes out of our hearts. Still we love her. .
    GOOD LUCK.

  • @judevictoria1625
    @judevictoria1625 ปีที่แล้ว +3

    කැළුම් සහොදරයා ඔබට ගොඩාක් ස්තුති අපි නොදන්න ගොඩාක් දේවල් අසන්නට ලැබුණා ❤

  • @donoswaldmunasinghe623
    @donoswaldmunasinghe623 ปีที่แล้ว +3

    Sri Lanka popular talented actor may the triple gem 💎 bless you

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 ปีที่แล้ว +3

    චන්ඩි ශ්‍යාමා ඉස්සර හරිම ජනප්‍රියයි❤

  • @idona905
    @idona905 ปีที่แล้ว +1

    හරිම ලස්සන වැඩසටහනක් අපිව අතීතයට ගෙනිච්චා. ඇය පද්මිණී වුනාම කුසුම්ගෙ ආදරය උදුරා ගත්තු පද්මිණීට මාත්, මගේ සමකාලීන යාලුවෝත් අකැමැති වුනා. අපිට ඒක චරිතයක් විදියට බාර ගන්න තේරුනේ නෑ. 😢😮මේ නිර්මාණ පසුකාලයක මගේ ලිවීමටත් බලපෑවා කියලා හිතෙනවා. කොහොම වුනත් ඇය දක්ෂ නිලියක්. එදා ඇයට ආවා වගේ ලියුම් මිටියක් මේ වැඩසටහන්වලට කැලුම්ටත් එන්න තිබුනා ටීවී, TH-cam නොතිබුනා නම් 😀 මෙහෙ ඉඳන් එහෙනම් ලියුමක් ලිව්වා නම් ලංකාවට එන්න යන කාලෙ බැලුවාම මට කවදාවත් ලියන්න ලැබෙන එකක් නෑ කැලුම්ට 😀
    වැඩසටහන්වල ප්‍රමිතිය හුඟක් ඉහලයි දැන්. සුබපැතුම්!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏💐💐💐💐💐

  • @nandakumari2879
    @nandakumari2879 ปีที่แล้ว +3

    අපි ඔයා පොඩි කාලෙ රඟපාපු ශ්‍යාමා චිත්‍රපට ඔක්කොම බැලුවා අර ෆෑන් එක උඩ නැගල ඉන්නකොට අපි කට ඇරං බලන් ඉන්නවා අපිත් එතකොට පොඩියිනෙ එයාව ගෙනාවට ඔයාටත් ස්තුතියි කැලුමි මහතාණනි