සාලමොන්ගේ පොත් Books Of Solomon

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 2

  • @BibleProjectSinhala
    @BibleProjectSinhala  3 หลายเดือนก่อน +1

    සිය විශිෂ්ට ප්‍රඥාව සඳහා නම ගිය සාලමොන් නම් රජතුමා බයිබල් කතන්දරවල වඩා ප්‍රසිද්ධ චරිතයකි. හිතෝපදේශ, දේශනාකාරයා සහ සාලමොන්ගේ ගීතිකා යන බයිබලයේ පොත් තුනක් ඔහුට අනුබද්ධ කර ඇත. මේ තුනෙන් අවසාන පොත අර්ධ ශෘංගාරාත්මක හෙබ්‍රෙව් ආදර කාව්‍යයෙන් පිරී ඇත. එය බොහෝ බයිබල් පාඨකයන් තුළ ප්‍රශ්නාර්ථයක් ඇති කරයි. සාලමොන්ගේ මේ පොත් තුනේ අදහස කුමක්ද? මේ පොත් හොඳින් තේරුම් ගැනීමට නම්, අපට ඔහුගේ කතන්දරය ගැන සිතන්නට සිදුවේ. ඔහුගේ පාලනය ආරම්භයේ දී, තම පාලනය තුළින් දෙවියන් වහන්සේගේ රාජ්‍යය විශ්වාසවන්තව පිළිබිඹු කරන පිණිස, සාලමොන් දෙවියන් වහන්සේගෙන් යහපත හා නපුර අතර වෙනස හඳුනා ගැනීමට ප්‍රඥාව ඉල්ලා සිටී (1 රාජාවලිය 3 වන පරිච්ඡේදය බලන්න). ඒ අනුව, ඔහු යෙරුසලම පරිවර්තනය කරන්නේ දෙවියන්වහන්සේ වැඩ සිටින දේව මාලිගාවක් මෙන්ම සියළු ඉශ්‍රායෙලිතයින් බව බෝග වලින් ස්වයංපෝෂිත කුඩා ඒදන් උයනකටයි (1 රාජාවලිය 4:25 සහ 6-8 පරි.).
    සාලමොන්ගේ මෙම ධනාත්මක තත්වයේ ප්‍රථිපලයක් ලෙස, ෂෙබාහි මහා රැජින පැමිණ, සාලමොන්ගේ ප්‍රඥාව දැක ඉශ්‍රායෙලයේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නීය. එහෙත් අවසානයේදී සාලමොන් මුදල්, ලිංගිකත්වය හා දේශපාලන බලය යන දෙවිවරුන් දෙසට හැරීම නිසා, දෙවියන් වහන්සේගේ බොහෝ දීමනා අහිමි කර ගත් අතර එය ඔහුගේ වැටීමටද මග පාදයි (1 රාජාවලිය 10-11 පරිච්ඡේද).
    අපි පරිස්සමින් සාලමොන්ගේ කතාව දෙස බැලුවහොත්, එය ආදම් හා ඒවගේ ඒදන් උයනේ කතාවට නිතර ඈඳෙන බව පෙනෙනවා. දෙවියන් වහන්සේ මෙම යුවලට රාජකීය අධිකාරියක් ප්‍රදානය කළද, තමාගේම නුවණ සොයා යන ගමන අතරතුර ඔවුන් එය අහිමි කර ගන්නවා. යහපත හා නපුර දැන ගැනීමේ ගස, සාලමොන්ටද, සෑම මනුෂ්යයෙක්ටමද ඇති තෝරා ගැනීම නියෝජනය කරයි: මම ප්‍රඥාව සොයා ගන්නේ කෙසේද - දෙවියන් වහන්සේව විශ්වාස කර එය ලබා ගන්නවාද, නැත්නම්, එය මගේම දෑතට ගෙන මට ඕන විදියට නිර්වචනය කරනවාද? සාලමොන් රජුගේ නැඟීමත් වැටීමත්, මිනිසාගේ ස්වභාවය පිළිබඳ අධ්‍යනයක් වනවා මෙන්ම ඔහුගේ නමින් ලියවී ඇති ප්‍රඥා සාහිත්යයේ අනෙකුත් පොත් ද ඒ හා සමානය.
    හිතෝපදේශයේ සාලමොන් මතු පරම්පරාව අමතමින්, ජීවිතවිතයට මඟ පෙන්වන දෙවියන් වහන්සේගේ ප්‍රඥාව තෝරා ගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු අපට ඇසේ. දේශනාකරුවාගේ පොතේ, සාලමොන්ගේ හඬ, බබිලෝනියේ වහල්භාවයෙන් අවසන් වූ දාවිත්ගේ මුළු පෙළපතේම හඬ ය. දෙවියන්වහන්සේගේ ප්‍රඥාවෙන් ජීවත් වීමට උත්සාහ කිරීම හොඳ දෙයක් වුවත්, “හිරු යට” ජීවිතය (එනම් ඒදන් උයනෙන් පිටත) කරදරවලින් හා දුෂ්කරතාවලින් පිරී ඇති බැවින්, යථාර්ථවාදී අපේක්ෂාවන් ඇතුව ජීවත් විය යුතුය. සාලමොන්ගේ ගීතිකාවේ, අපට ඇසෙන්නේ දාවිත්ගේ පරමාදර්ශී පුත්‍රයා හා ප්‍රේමවන්තියයි. හිතෝපදේශයේ දක්නට ලැබෙන ප්‍රඥාවේ කාන්තාවට සමාන ඔහුගේ ප්‍රේමවන්තියගේ හඬයි. මෙවැනි බහුවිධ ස්ථර වලින් යුතු සාරවත් පොත, සාලමොන්ගේ කතන්දරය මෙන්ම ඒදන් උයනද මතකයට ගෙන එයි. එසේ නම්, සාලමොන්ගේ කතන්දරය මනුෂ්යත්වයේ කතන්දරයයි. දේවරාජ්‍යය ස්වර්ගයේ මෙන් පොළොවට ගෙන ඒම සඳහා අවසාන දාවිත්ගේ පුත්‍රයා හා නව ඒදන් උයන ගැන අපි බලාපොරොත්තුවෙන් සිටින අතරතුර, සාලමොන්ගේ පොත් අපට ප්‍රඥාව සහ මඟ පෙන්වීම ලබා දෙයි.

  • @englisheducationcenter1231
    @englisheducationcenter1231 6 หลายเดือนก่อน

    AMEN