සාර්ථක පොල් අස්වැන්නක් ලබාගැනීමට ක්‍රමවත් ජල සම්පාදනයක් යොදාගන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • කතාවේ කතා නායකයා ටිකක් අමුතු කෙනෙක්. හරියටම කියනවා නම් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝගයක් ලෙස අදටත් සලකනු ලබන Cocos nucifera L යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන පොල්. පොල් වගාව ශ්‍රී ලංකාවේ වියළි සහ අතරමැදි කලාපවල සාර්ථකව සිදු කළ හැකි මුත් වියලි කලාපයේදී සීමාකාරී සාධකය වනුයේ බොහෝ විට ජල සම්පාදනයි. මූලිකවම පොල් ගසකට දිනකට ජලය ලීටර 65ක් පමණ අවශ්‍ය වන අතර ගසේ කායික හා නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගනී . මෙම අවම ජල ප්‍රමාණය ගසට ලබාදීම ගුණාත්මයෙන් ඉහළ ප්‍රමාණාත්මකව ඉහළ පොල් අස්වැන්නක් ලබා ගැනීමට බෙහෙවින් බලපායි . පොල් ගසක් වසරකට ගෙඩි සාමාන්‍ය 120 පමණ නිපදවන අතර මෙම ප්‍රමාණය සාමාන්‍ය පවත්වා ගැනීමට ජල සම්පාදන කාර්යය ඉතා අත්‍යවශ්‍ය ක්‍රියාවලියකි. මෙම කරුණු හොඳින් අවබෝධ කරගත් නිකවැරටියේ ගාමිණී මහතා අප සමග මුලින්ම කතාකලේ එතුමා සතුව ඇති අක්කර පහක පමණ අතිසාර්ථක පොල් වගාවට සුදුසු ජල සම්පාදන පද්ධතියක් ස්ථාපිත කරගැනීමේ අරමුණින් . Techno micro irrigation systems වන අප හා සම්බන්ධ වීම පිළිබඳව ප්‍රථමයෙන් එතුමන්ට ස්තූතිවන්ත වන අතර එතුමාගේ අවශ්‍යතාවය හා එතුමාට ඇති සම්පත් පිළිබඳ මනා තක්සේරුවක් සිදු කිරීමෙන් අනතුරුව සුදුසු ජල සම්පාදන පද්ධතියක් පිළිබඳ සැලසුම් සකස් කරන්න පටන් ගත්තේ පද්ධතිය ස්ථාපිත කිරීමට මසකට පමණ පෙරයි. එතුමාගේ ඉඩම කුරුණෑගල නිකවැරටිය ප්‍රදේශයේ වුවත් ඉක්මන් ජලවහන තත්ත්වයක් පවතින පසක මෙම වගාව සිදු කර ඇති නිසා ජල සම්පාදන ක්‍රියාවලිය ඉතා අත්‍යවශ්‍ය ක්‍රියාවක් බව අපට වැටහී ගියා. එම ප්‍රදේශයට සුදුසු ජල සම්පාදන පද්ධතියක් ස්ථාපිත කිරීම අපගේ අරමුණ වූ අතර , ගාමිණි මහතා සතු අත්දැකීම් අප සතු තාක්ෂණික දැනුම සහ අත්දැකීම් හොඳින් මුසුකොට ඉහල ගුණාත්මයෙන් යුත් ජල සම්පාදන පද්ධතියක් ස්ථාපිත කිරීමට හැකිවීම පිළිබඳව ඉතාම සතුටු වන අතර , කල්පැවැත්ම පිළිබඳ ඉතාම හොඳ විනිශ්චයක් අප සතුව පවතී.

ความคิดเห็น • 20

  • @thisurajayasinghe3145
    @thisurajayasinghe3145 3 ปีที่แล้ว +2

    Superb 🔥

  • @abiganesh6318
    @abiganesh6318 3 ปีที่แล้ว +2

    👍🏼👍🏼😍

  • @chamikasesathbandara7338
    @chamikasesathbandara7338 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @ceylonfarmer1843
    @ceylonfarmer1843 3 ปีที่แล้ว +1

    💚💚💚

  • @mahendraperera109
    @mahendraperera109 2 ปีที่แล้ว +1

    බට උඩින් දාපුවම කොහොමද සුද්ද කරන්නේ?

    • @niroshangunathilaka7581
      @niroshangunathilaka7581 9 หลายเดือนก่อน

      කියලා වැඩක් නැහැ. වැස්සට පස්සේ තණකොල​, කැලැව අතින් තමා උගුල්ලන්න වෙන්නේ. නිකන්ම ප්‍රමොෂන් වීඩියොවක් විතරයි🤣🤣

  • @harryhewage4455
    @harryhewage4455 ปีที่แล้ว +1

    පර.100 ඉඩම.පොල් පැල70යි.කෙසෙල් පැල100 යි.ගම්මිරිස්පැල50යි.මෙම ක්රමය යටතේ කොපමණ මුදලක් වැයවේද.

  • @nilanthaakanayaka7502
    @nilanthaakanayaka7502 2 ปีที่แล้ว

    Kohomada oya සතුන්ගෙන් ආරක්ෂා karana උගුල් හදන්නේ

  • @madukasadaruwan5050
    @madukasadaruwan5050 2 ปีที่แล้ว

    හොස් පවර් තුන්කාල වතුර කැරෙකෙන මල් කියක් දැම්මැහැකිද

  • @udayanganandana4303
    @udayanganandana4303 2 ปีที่แล้ว

    අක්කර 10 අලුත් පොල් pala වගාවට ජල සම්පාදනයට කියක් විතර යනවද

  • @subaanmic1
    @subaanmic1 2 ปีที่แล้ว +1

    Obathumage No eka ewannako pl

  • @madukasadaruwan5050
    @madukasadaruwan5050 2 ปีที่แล้ว +1

    පොන් නම්බර් එක දෙනවද