Aathaapi Organization
Aathaapi Organization
  • 25
  • 154 170
රතන සුත්තං ( Ratana Sutta )
රතන සූත්‍ර සජ්ඣායනාව
තමන්ට ආරක්ෂාව පිණිස සූත්‍ර සජ්ඣායනා කිරීමේදී පහත සඳහන් කරුණු සපුරා ගැනීමෙන් උසස් ප්‍රතිඵල ලබා ගත හැකි වනු ඇත.
1. තිසරණ සහිත පිරිසිදු සීලයක පිහිටීම.
2. අල්පප්‍රාණ, මහප්‍රාණ, සංවෘත, විවෘත ආදී සියලුම අක්ෂර නිවැරදිව උච්චාරණය කිරීම.
3. පාළි වචනය උච්චාරණය කිරීමේ දී තේරුම සිතට නඟා ගැනීමෙන්, උච්චාරණය කරන වචනයට සමගාමීව චේතනාව පිහිටුවා ගැනීම.
භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි දැඩි ගෞරව පෙරදැරිව නමස්කාර කරමින් මෙම පිරිත් සජ්ඣායනය ආරම්භ කරන්න.
මෙහි ඇති සෑම අකුරක් ම ධර්ම ගරුත්වය සහිතව මහත් වූ ඕනෑකමින්, කලබලයකින් තොරව උච්චාරණය කරන්න. හදිසි වීමෙන් හොඳින් උච්චාරණය කළ හැකි තැන් පවා මග හැරී යන්නේ ය.
විශේෂයෙන් අල්පප්‍රාණ අකුරු අල්පප්‍රාණ ලෙසත්, මහප්‍රාණ අකුරු මහප්‍රාණ ලෙසත් උච්චාරණය කිරීමට උත්සාහ කළ යුතු ය.
මෙම විඩියෝවේ විවෘතව ශබ්ද කළ යුතු අකුරු යටින් ඉරි ඇඳ ලකුණු කර ඇත.
අං - ශබ්දය සහ
වචනයක මුල අකුර
අනිවාර්යයෙන් විවෘත ලෙස ශබ්ද කළ යුතු ය.
මුලින් මෙම සජ්ඣායනය කිහිප වරක් හොඳින් අසා ඉන් පසු එසමඟම සජ්ඣායනය කරමින් මනා ලෙස පුහුණු වී නැවත නැවත භාවිතා කිරීමෙන් වඩ වඩා උසස් ප්‍රතිඵල තමන් සතු කර ගැනීමට හැකි වනු ඇත.
මෙකල බොහෝ දෙනෙකු පිරිත් නිවැරදිව භාවිතා නො කරයි. එම නිසා හොඳ ප්‍රතිඵල නො ලැබේ. පිරිත් පිළිබඳ වැඩි පැහැදීමක් නැති වීමට එය ද හේතුවක් වී ඇත.
පිරිතෙන් මෙලොවදී ම අගනා ප්‍රතිඵල ලබා ගැනීමට;
තෙරුවන කෙරෙහි මනා සද්ධාවක් සහිත වීම,
පිරිසිදු සීලයක් සහිත වීම,
මිත්‍යා දෘෂ්ටි වලින් ඉවත් ව සම්මා දිට්ඨියෙහි පිහිටීම,
ආනන්තරිය කර්ම වැනි බලවත් අකුසල් නො කර තිබීම,
ආයුෂ ය ඉතිරි ව තිබීම ආදී කරුණු ඉවහල් වේ.
අ, ඉ, උ - යන අකුරු මාත්‍රා 1ක් ලෙසත් ( කෙටි අකුරු )
ආ, ඊ, ඌ, එ, ඔ - යන අකුරු මාත්‍රා 2ක් ලෙසත් ( දීර්ඝ අකුරු ) උච්චාරණය කළ යුතු ය.
මාත්‍රා 3ක් වන තෙක් ඇදීමෙන් ගීත ස්වරයට යන බව පාළි ව්‍යාකරණ ග්‍රන්ථයන්හි සඳහන් වේ.
ගීත ස්වරයෙන් ධර්මය සජ්ඣායනා නො කළ යුතු බව ත්, මධුර ස්වරයෙන් ධර්මය සජ්ඣායනා කිරීමට අවසර ඇති බවත් ත්‍රිපිටකයෙහි සඳහන් ව ඇත.
එම නිසා දීර්ඝ ව ඇද ගීත ස්වරයට නො ගොස්, තමන්ට හැකි අයුරින් මධුර ස්වරයෙන් පිරිත් සජ්ඣායනය කිරීමට තරම් පුණ්‍යවන්ත වන්න.
සියල්ලෝම නිවැරදි ව පිරිත් භාවිතා කර ඉතා උසස් ප්‍රතිඵල ලබා ගනිත්වා !
සියලු සත්වයෝ සුවපත් වෙත්වා !
පසු සටහන :
විනය පිටකයෙහි පරිවාර පාළියෙහි නිවැරදිව උච්චාරණය නො කිරීමෙන් සිදුවන හානිය විශේෂයෙන් දක්වා ඇත.
“සාවනං හාපෙති” යනුවෙන් පරිවාර පාළියෙහි දක්වා ඇති දේශනාව එහි අර්ථකථාවෙහි පැහැදිලි කරනුයේ ;
අනුශ්‍රවණය කරවීමට හානි කරයි ( පිරිහෙළයි ) - ( අනුස්සාවනං හාපෙති ),
අකුරු හෝ අතහරියි - (අක්ඛරං වා ඡඩ්ඩෙති )
පදය හෝ වැරදි ලෙස උච්චාරණය කරයි - ( පදං වා දුරුත්තං කරොති )
නැවත “දුරුත්තං කරොති” යන පදය විස්තර කරමින් මෙසේත් දක්වයි.
“අඤ්ඤස්මිං අක්ඛරෙ වත්තබ්බෙ අඤ්ඤං වදති” - එක් අකුරක් කිව යුතු කල්හි අන්‍ය අකුරක් කියයි.
නැවත එහි විස්තර දැනගැනීමේ සද්ධාව සහිත වීර්යවන්තයන් සඳහා පැහැදිළි කරමින් මෙසේ දක්වයි ;
‘‘සිථිලං ධනිතඤ්‌ච දීඝරස්‌සං, ගරුකං ලහුකඤ්‌ච නිග්‌ගහිතං;
සම්‌බන්‌ධං වවත්‌ථිතං විමුත්‌තං, දසධා බ්‍යඤ්‌ජනබුද්‌ධියා පභෙදො’’ති.
සිථිලං, ධනිතං, දීඝං, රස්‌සං, ගරුකං, ලහුකං, නිග්‌ගහිතං, සම්‌බන්‌ධං, වවත්‌ථිතං, විමුත්‌තං යනුවෙන් ව්‍යාකරණ බුද්ධියෙහි ප්‍රභේද 10කි.
එහි;
“සිථිලං” යනු - අල්පප්‍රාණ අකුරු
“ධනිතං” යනු - මහප්‍රාණ අකුරු
යන ව්‍යාකරණ ප්‍රභේද සතර වරදවා උච්චාරණය කිරීමෙන් විනය කර්ම පවා අසාර්ථක වන බව සඳහන් කර ඇත.
ගිහියන්ට මෙම විනය කර්ම බලපාන්නේ නැති මුත්,
“බුද්ධං සරණං ගච්ඡාමි” ආදී වශයෙන් සරණ ශීලය සමාදන් වීමේ දී බලපායි.
පිරිත් ආදී පාළි පාඨයන් උච්චාරණය කිරීමේ දී ද අර්ථය විකෘති නොවීම පිණිස ද මෙම කරුණ හේතු වෙයි.
“ඉතිපි සො” පාඨය උච්චාරණය කිරීමේ දී ;
“සත්තා දෙවමනුස්සානං” ලෙස උච්චාරණය කල විට තේරුම වන්නේ
“දෙව් මිනිසුන්ට සත්වයෝ” යනුවෙනි.
“සත්ථා දෙවමනුස්සානං” ලෙස උච්චාරණය කල විට තේරුම වන්නේ
“දෙව් මිනිසුන්ට ශාස්තෘන් වහන්සේ” යනුවෙනි.
මෙවැනි උදාහරණ කිහිපයක් ;
අත්ත - ආත්මය, තමා
අත්ථ - අර්ථය, තේරුම
රථ - රථය, යානය
රත - ඇලීම, සතුට
සත්ථු - ශාස්තෘන් වහන්සේගේ
සත්තු - සතුරා
පස්ස - දැකීම
ඵස්ස - ස්පර්ශය
මෙකල ඇතැමුන් ආටානාටිය පිරිත කියමින් චතුම්මහාරාජික දෙවියන්ගේ පිහිට පතයි. “නිවැරදිව උච්චාරණය කළ යුතු” යැයි කියූ විට, “උච්චාරණය වැදගත් නැත චේතනාව ම වැදගත් වෙයි” යනුවෙන් පිළිතුරු වශයෙන් පවසයි.
පිහිටක් ලබාගැනීමට අඩු ම තරමින් පිහිට දෙන පුද්ගලයාට වත් ඉල්ලන උදව්ව කුමක් ද යැයි වැටහිය යුතු නො වේ ද, යන කරුණ පිළිබඳව වත් ඔවුන්ට ඥානයක් නැති බව මින් වැටහේ. උච්චාරණය වැදගත් නැත්නම් සිතෙන් ම උදව් ඉල්ලන්නේ නැත්තේ ඇයි ද යැයි ඇසිය යුතු ය.
ව්‍යාකරණ ඥානය වැදගත් නැති නම්; සාමාන්‍ය රහතන් වහන්සේට නැති ව්‍යාකරණ පිළිබඳ පටිසම්භිදා ඥානයක් මහ රහතන් වහන්සේලා විශේෂයෙන් පාරමී පුරා ලබා ගන්නේ ඇයි ද යන්න නුවණැත්තන් විසින් විමසා බැලිය යුතු කරුණ කි.
බුදුදහම ප්‍රඥාවන්තයන්ට සුදුසු දහමක් බව පවසයි.
“පඤ්‌ඤවතො අයං, භික්‌ඛවෙ, ධම්‌මො, නායං ධම්‌මො දුප්‌පඤ්‌ඤස්‌ස” යනුවෙන් තිලෝගුරු භාග්‍යවතුන් වහන්සේ විසින් ම “භික්ෂූනි, මෙම ධර්මය ප්‍රඥාවන්තයාට ය, මෙම ධර්මය දුෂ්ප්‍රාඥයාට නො වේ ය” යනුවෙන් සඳහන් කර තිබෙන නිසා,
අනුන්ගේ ප්‍රඥාවට නිග්‍රහ නො කරමින්, තමා තුල පවතින ප්‍රඥාව වඩ වඩා දියුණු කර ගනිමින්, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරිදි ප්‍රඥාවන්තයෙකු වී, තමන් ද බෞද්ධයෙකු වීම පිණිස තමාට ඇති සුදුසුකම දියුණු කර ගන්න.
පසුව පසුතැවිලි නො වන්න.
සුවපත් වෙත්වා !
มุมมอง: 10 709

วีดีโอ

Aathaapi Deshana 003 - ත්‍රිපිටකය සහ කාලාම සූත්‍රය
มุมมอง 16K7 ปีที่แล้ว
Download the booklet from www.aathaapi.org/download/Bana/Aathaapi Deshana 003 PDF 2017 04 09.pdf
Aathaapi Deshana 002 - Dhamma Savana 2
มุมมอง 6K7 ปีที่แล้ว
Download the PDF file from this link ; download.aathaapi.org/Bana/Aathaapi Deshana 001 PDF 2017 Feb 12.pdf Download Uposathopadeshaya book from this link www.aathaapi.org/dwncounter.php?number=100
Aathaapi Deshana 001 - Dhamma Savana 1
มุมมอง 12K7 ปีที่แล้ว
Download the PDF file from this link ; download.aathaapi.org/Bana/Aathaapi Deshana 001 PDF 2017 Feb 12.pdf Download Uposathopadeshaya book fro this link www.aathaapi.org/dwncounter.php?number=100
Kankhavitharanee 21 - Sorakama 2 - 2015 10 03 - Saminda with Shashika
มุมมอง 3.7K9 ปีที่แล้ว
Sorakamen Wenweema 2
Kankhavitharanee 20 - Sorakama 1 - 2015 09 19 - Saminda Ranasinghe with Shashika Jayathilaka
มุมมอง 2.8K9 ปีที่แล้ว
Kankhavitharanee 20 - Sorakama 1 - 2015 09 19 - Saminda Ranasinghe with Shashika Jayathilaka
Kankhavitharanee 19 - Pranaghathaya 4 - 2015 09 05 - Saminda Ranasinghe with Shashika Jayathilaka
มุมมอง 2.4K9 ปีที่แล้ว
Pranaghathayen Welakima 4
Kankhavitharanee 18 - Pranagathayen Welakima 3 - 2015 08 15 - Saminda with Shashika
มุมมอง 2.7K9 ปีที่แล้ว
Kankhavitharanee 18 - Pranagathayen Welakima 3 - 2015 08 15 - Saminda with Shashika
Kankhavitharanee 17 - Pranagathayen Welakima 2 - 2015 08 01 - Saminda Ransainghe
มุมมอง 2.9K9 ปีที่แล้ว
ප්‍රාණඝාත අකුසලයෙන් වෙන්වීම 2
Kankhavitharanee 16 - Pranaghatayen Welakima - 2015 07 18 - Saminda Ranasinghe
มุมมอง 3.8K9 ปีที่แล้ว
Description
Kankhavitharanee 15 - Khemaka Suthraya - 2015 07 04 - Saminda Ranasinghe
มุมมอง 3.6K9 ปีที่แล้ว
Kankhavitharanee 15 - Khemaka Suthraya - 2015 07 04 - Saminda Ranasinghe
Kankhavitharanee 14 - Sakkaya Ditthi 2 - 2015 06 20 - Saminda Ranasinghe with Shashika Jayathilaka
มุมมอง 4.3K9 ปีที่แล้ว
සක්කායදිට්ඨිය ප්‍රහානය කිරීම පිණිස අප්‍රමාදීව ප්‍රතිපදාව පුරන්න
Kankhavitharanee 13 - Sakkya Ditthi - 2015 06 06 - Saminda Ranasinghe
มุมมอง 4.4K9 ปีที่แล้ว
Description
Kankhavitharanee 12 - Danaya 5 - Welama Dana - 2015 05 16 - Saminda Ranasinghe
มุมมอง 3.2K9 ปีที่แล้ว
Description
Kankhavitharanee 11 - Danaya 4 - 2014 05 02 - Saminda Ranasinghe
มุมมอง 4.1K9 ปีที่แล้ว
Athahera Deema / Karadara Nokara Deema
Kankhavitharanee 10 - Danaya 3 - Sakasa Deema - 2015 04 18 - Saminda Ranasinghe with Shashika
มุมมอง 3.5K9 ปีที่แล้ว
Kankhavitharanee 10 - Danaya 3 - Sakasa Deema - 2015 04 18 - Saminda Ranasinghe with Shashika
Kankhavitharanee 09 - Danaya 2 - 2015 04 04 - Saminda Ranasinghe with Shashika Jayathilaka
มุมมอง 4.2K9 ปีที่แล้ว
Kankhavitharanee 09 - Danaya 2 - 2015 04 04 - Saminda Ranasinghe with Shashika Jayathilaka
Kankhavitharanee 08 2015 03 21 Danaya Saminda Ranasinghe with Shashika Jayathilaka
มุมมอง 4.5K9 ปีที่แล้ว
Kankhavitharanee 08 2015 03 21 Danaya Saminda Ranasinghe with Shashika Jayathilaka
Kankhavitharanee 07 - 2015 03 07 Saranagamanaya - Saminda Ranasinghe with Shashika Jayathilaka
มุมมอง 4.6K9 ปีที่แล้ว
Kankhavitharanee 07 - 2015 03 07 Saranagamanaya - Saminda Ranasinghe with Shashika Jayathilaka
Kankhavitharanee 06 - 2015 02 03 Saddha 2 Gatha - Saminda Ranasinghe with Shashika Jayathilaka
มุมมอง 7K9 ปีที่แล้ว
Kankhavitharanee 06 - 2015 02 03 Saddha 2 Gatha - Saminda Ranasinghe with Shashika Jayathilaka
Kankhavitharanee 05 - 2015 01 04 Saddha-1 Saminda Ranasinghe with Shashika Jayathilaka
มุมมอง 7K9 ปีที่แล้ว
Kankhavitharanee 05 - 2015 01 04 Saddha-1 Saminda Ranasinghe with Shashika Jayathilaka
Kankhavitharanee 04 - 2014 12 06 - Dam Desuma ha Vipaka - Saminda Ranasinghe and Shashika
มุมมอง 5K9 ปีที่แล้ว
Kankhavitharanee 04 - 2014 12 06 - Dam Desuma ha Vipaka - Saminda Ranasinghe and Shashika
Kankhavitharanee 03 - 2014 11 06 Paripurna Bududahama Saminda Ranasinghe with Shashika Jayathilak
มุมมอง 7K10 ปีที่แล้ว
Kankhavitharanee 03 - 2014 11 06 Paripurna Bududahama Saminda Ranasinghe with Shashika Jayathilak
Kankhavitharanee 02 - 2014 10 08 Theravada 2 - Saminda Ranasinghe with Shashika Jayathilaka
มุมมอง 9K10 ปีที่แล้ว
Kankhavitharanee 02 - 2014 10 08 Theravada 2 - Saminda Ranasinghe with Shashika Jayathilaka
Kankhavitharanee 01 - 2014 09 08 - Theravada 1 - Saminda Ranasinghe - The Buddhist TV
มุมมอง 21K10 ปีที่แล้ว
Kankhavitharanee 01 - 2014 09 08 - Theravada 1 - Saminda Ranasinghe - The Buddhist TV

ความคิดเห็น

  • @ParamiYashodara
    @ParamiYashodara 5 หลายเดือนก่อน

    සාධු සාධු සාධු මේ උච්ඡාරණය ඉතාම නිවැරැදියි. බොහොම පිං

  • @sasikabandara1669
    @sasikabandara1669 3 ปีที่แล้ว

    සාධු ...සාධු ...සාධු ...වටිනා ධර්ම දේශනාවක්

  • @sasikabandara1669
    @sasikabandara1669 3 ปีที่แล้ว

    සාධු ...සාධු ...සාධු ...!!!!

  • @627nim
    @627nim 3 ปีที่แล้ว

    සාදු..සාදු.. සාදු.....ඔබතුමාට බොහොමත් පින්සිදු වේවා...

  • @sujithkankanamge
    @sujithkankanamge 3 ปีที่แล้ว

    Sadu...Sadu...Sadu...

  • @akalankakavithgamage8207
    @akalankakavithgamage8207 3 ปีที่แล้ว

    සාධු... සාධු... සාධු...

  • @pasindurathnayaka6144
    @pasindurathnayaka6144 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏😊😊😊😊

  • @kelumlasantha
    @kelumlasantha 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඹබ තුමාට මගේ නමස්කාරය වෙිවා 🌼🌺

  • @kelumlasantha
    @kelumlasantha 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සත්පුරැෂයන් හට

  • @PJ-2014
    @PJ-2014 3 ปีที่แล้ว

    මංගල සූත්‍රය සහ කරණීය මෙත්ත සූත්‍රයත් මේ ලෙසිනන්ම පටිගත කර දෙන්න. බුදුසරණයි. 🙏🏽🙏🏽🙏🏽

  • @saadhuchariyawa-
    @saadhuchariyawa- 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි☸

  • @danushkajanaranjana3927
    @danushkajanaranjana3927 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @saadhuchariyawa-
    @saadhuchariyawa- 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි☸

  • @shaolinkungfusrilanka1526
    @shaolinkungfusrilanka1526 4 ปีที่แล้ว

    සාදු සාදූ පින්වත් මහත්මයාට ඉතාම ඉක්මන් භවයක නිවන් අවබෝධ වන්නට ශක්තිය ධෛර්‍ය වැඩි වැඩියෙන් ලැබේවා !

  • @mangalapethum8251
    @mangalapethum8251 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු ...

  • @HawkzVideo
    @HawkzVideo 4 ปีที่แล้ว

    මා දැනට කීප වරක් ශ්‍රවණය කරන්නට යෙදුනා වූ ධර්ම දේශනයක්. ඔබතුමාට බොහෝම පින් මේ වගේ සවිස්තරාත්මකව ත්‍රිපිටකය + අට්ඨ කතාව + ටීකාව සමඟ අප හට කියා දෙනවාට. පාලි තවමත් ප්‍රමාණවත් ලෙස බැරි මා හට බොහෝ උපකාරී වුනා. තෙරුවන් සරණයි!

    • @aathaapiorganization2915
      @aathaapiorganization2915 ปีที่แล้ว

      සවිස්තරාත්මක දේශනා ලබාගැනීමට 0777772556 ට කතා කරන්න

  • @nadeeshperera4644
    @nadeeshperera4644 4 ปีที่แล้ว

    ගරු සමින්ද මහතාණනි, ඔබතුමාගෙ ධර්ම දේශණා කලක සිට අසන මම ඒ ගැන ඉතා පැහැදීමකින් සිටිමි. Seychelles හී වාසය කරන මා හට, දැනට කරගෙන යන්නාවූ ධර්ම දේශණා සහ භාවනා වැඩසටහන් සඳහා zoom, skype මගින් සම්බන්ද විමට උනන්දුවක් ඇත. කරුණාකර දැනුවත් කරන්න. තෙරුවන් සරණයි

    • @aathaapiorganization2915
      @aathaapiorganization2915 4 ปีที่แล้ว

      +94777772556 ට පණිවිඩයක් එවන්න TELEGRAM app එකෙන් එවනවා නම් වඩා පහසුයි

    • @nadeeshperera4644
      @nadeeshperera4644 4 ปีที่แล้ว

      @@aathaapiorganization2915 බොහොම ස්තූතියි.

  • @aathaapiorganization2915
    @aathaapiorganization2915 4 ปีที่แล้ว

    විනය පිටකයෙහි පරිවාර පාළියෙහි නිවැරදිව උච්චාරණය නො කිරීමෙන් සිදුවන හානිය විශේෂයෙන් දක්වා ඇත. “සාවනං හාපෙති” යනුවෙන් පරිවාර පාළියෙහි දක්වා ඇති දේශනාව එහි අර්ථකථාවෙහි පැහැදිලි කරනුයේ ; අනුශ්‍රවණය කරවීමට හානි කරයි ( පිරිහෙළයි ) - ( අනුස්සාවනං හාපෙති ), අකුරු හෝ අතහරියි - (අක්ඛරං වා ඡඩ්ඩෙති ) පදය හෝ වැරදි ලෙස උච්චාරණය කරයි - ( පදං වා දුරුත්තං කරොති ) නැවත “දුරුත්තං කරොති” යන පදය විස්තර කරමින් මෙසේත් දක්වයි. “අඤ්ඤස්මිං අක්ඛරෙ වත්තබ්බෙ අඤ්ඤං වදති” - එක් අකුරක් කිව යුතු කල්හි අන්‍ය අකුරක් කියයි. නැවත එහි විස්තර දැනගැනීමේ සද්ධාව සහිත වීර්යවන්තයන් සඳහා පැහැදිළි කරමින් මෙසේ දක්වයි ; ‘‘සිථිලං ධනිතඤ්‌ච දීඝරස්‌සං, ගරුකං ලහුකඤ්‌ච නිග්‌ගහිතං; සම්‌බන්‌ධං වවත්‌ථිතං විමුත්‌තං, දසධා බ්‍යඤ්‌ජනබුද්‌ධියා පභෙදො’’ති. සිථිලං, ධනිතං, දීඝං, රස්‌සං, ගරුකං, ලහුකං, නිග්‌ගහිතං, සම්‌බන්‌ධං, වවත්‌ථිතං, විමුත්‌තං යනුවෙන් ව්‍යාකරණ බුද්ධියෙහි ප්‍රභේද 10කි. එහි; “සිථිලං” යනු - අල්පප්‍රාණ අකුරු “ධනිතං” යනු - මහප්‍රාණ අකුරු යන ව්‍යාකරණ ප්‍රභේද සතර වරදවා උච්චාරණය කිරීමෙන් විනය කර්ම පවා අසාර්ථක වන බව සඳහන් කර ඇත. ගිහියන්ට මෙම විනය කර්ම බලපාන්නේ නැති මුත්, “බුද්ධං සරණං ගච්ඡාමි” ආදී වශයෙන් සරණ ශීලය සමාදන් වීමේ දී ද බලපායි. පිරිත් ආදී පාළි පාඨයන් උච්චාරණය කිරීමේ දී ද අර්ථය විකෘති නොවීම පිණිස ද මෙම කරුණ හේතු වෙයි. “ඉතිපි සො” පාඨය උච්චාරණය කිරීමේ දී ; “සත්තා දෙවමනුස්සානං” ලෙස උච්චාරණය කල විට තේරුම වන්නේ “දෙව් මිනිසුන්ට සත්වයෝ” යනුවෙනි. “සත්ථා දෙවමනුස්සානං” ලෙස උච්චාරණය කල විට තේරුම වන්නේ “දෙව් මිනිසුන්ට ශාස්තෘන් වහන්සේ” යනුවෙනි. මෙවැනි උදාහරණ කිහිපයක් ; අත්ත - ආත්මය, තමා අත්ථ - අර්ථය, තේරුම රථ - රථය, යානය රත - ඇලීම, සතුට සත්ථු - ශාස්තෘන් වහන්සේ සත්තු - සතුරා පස්ස - දැකීම ඵස්ස - ස්පර්ශය මෙකල ඇතැමුන් ආටානාටිය පිරිත කියමින් චතුම්මහාරාජික දෙවියන්ගේ පිහිට පතයි. “නිවැරදිව උච්චාරණය කළ යුතු” යැයි කියූ විට, “උච්චාරණය වැදගත් නැත චේතනාව ම වැදගත් වෙයි” යනුවෙන් පිළිතුරු වශයෙන් පවසයි. පිහිටක් ලබාගැනීමට අඩු ම තරමින් පිහිට දෙන පුද්ගලයාට වත් ඉල්ලන උදව්ව කුමක් ද යැයි වැටහිය යුතු නො වේ ද, යන කරුණ පිළිබඳව වත් ඔවුන්ට ඥානයක් නැති බව මින් වැටහේ. උච්චාරණය වැදගත් නැත්නම් සිතෙන් ම උදව් ඉල්ලන්නේ නැත්තේ ඇයි ද යැයි ඇසිය යුතු ය. ව්‍යාකරණ ඥානය වැදගත් නැති නම්; සාමාන්‍ය රහතන් වහන්සේට නැති ව්‍යාකරණ පිළිබඳ පටිසම්භිදා ඥානයක් මහ රහතන් වහන්සේලා විශේෂයෙන් පාරමී පුරා ලබා ගන්නේ ඇයි ද යන්න නුවණැත්තන් විසින් විමසා බැලිය යුතු කරුණ කි. බුදුදහම ප්‍රඥාවන්තයන්ට සුදුසු දහමක් බව පවසයි. “පඤ්‌ඤවතො අයං, භික්‌ඛවෙ, ධම්‌මො, නායං ධම්‌මො දුප්‌පඤ්‌ඤස්‌ස” යනුවෙන් තිලෝගුරු භාග්‍යවතුන් වහන්සේ විසින් ම “භික්ෂූනි, මෙම ධර්මය ප්‍රඥාවන්තයාට ය, මෙම ධර්මය දුෂ්ප්‍රාඥයාට නො වේ ය” යනුවෙන් සඳහන් කර තිබෙන නිසා, අනුන්ගේ ප්‍රඥාවට නිග්‍රහ නො කරමින්, තමා තුල පවතින ප්‍රඥාව වඩ වඩා දියුණු කර ගනිමින්, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරිදි ප්‍රඥාවන්තයෙකු වී, තමන් ද බෞද්ධයෙකු වීම පිණිස තමාට ඇති සුදුසුකම දියුණු කර ගන්න. පසුව පසුතැවිලි නො වන්න. සුවපත් වෙත්වා !

    • @PJ-2014
      @PJ-2014 3 ปีที่แล้ว

      ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි, නිදුක් නීරෝගී වේවා. 🙏

  • @sunilariyawanss9068
    @sunilariyawanss9068 4 ปีที่แล้ว

    Saminda sir Ghatha wala therum hoyana ganna puluwan kohomada ?

    • @aathaapiorganization2915
      @aathaapiorganization2915 4 ปีที่แล้ว

      download.aathaapi.org/Bana/ යන වෙබ් පිටුවෙහි රතන සූත්‍රය විස්තර කරන දේශනා 7ක් ඇත. Ratana Sutta_01 සිට Ratana Sutta_07 දක්වා එම දේශනාව සම්බන්ධ ලිපිගොනුව Ratana Sutta PDF.pdf

  • @lalithanielsen9329
    @lalithanielsen9329 4 ปีที่แล้ว

    Sadu Sadu Sadu , siyaluma rogin nirogi wewa

  • @geethperera6873
    @geethperera6873 4 ปีที่แล้ว

    චතුරාර්්‍ය සත්‍ය අවබෝධවය පිණිසම මේ පින් හේතු වාසනා වේව‍ා

  • @kavinduerangadharmasri8866
    @kavinduerangadharmasri8866 4 ปีที่แล้ว

    පාරමිතා විභංගය කියලා photo එකක් හම්බ වුනා. ඒපිලිබද දේෂනාවක් තියනවානම් ලින්ක් එක දෙන්න පුලුවන්ද?

    • @aathaapiorganization2915
      @aathaapiorganization2915 4 ปีที่แล้ว

      www.aathaapi.org හි තිබෙන Bana 24 - Dhamma Chakka Sutta අසන්න +94777772556 ට පණිවිඩයක් එවන්න TELEGRAM app එකෙන් එවනවා නම් වඩා පහසුයි

    • @PJ-2014
      @PJ-2014 3 ปีที่แล้ว

      @@aathaapiorganization2915 Could you explain how to send a telegram message. I have so many things to ask. Please.

    • @aathaapiorganization2915
      @aathaapiorganization2915 2 ปีที่แล้ว

      click on this link and Install Telegram app. www.telegram.org/dl Send a message via telegram app to 0777772556

  • @pasanwijesinghe1223
    @pasanwijesinghe1223 4 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @saadhuchariyawa-
    @saadhuchariyawa- 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි☸

  • @1945chandratala
    @1945chandratala 4 ปีที่แล้ว

    sadhu sadhu

  • @anjanapremarathne9708
    @anjanapremarathne9708 4 ปีที่แล้ว

    සාධූ... සාධූ... සාධූ...

  • @PJ-2014
    @PJ-2014 4 ปีที่แล้ว

    ෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴ “අවිද්‍යාන්ධකාරය දුරුකරන්නාවූ අසහායවූ සූර්යයාවූ උන්වහන්සේ ශ්‍රෙෂ්ඨ ඉපදීම ඇතිසේක. ඥාණධජවූ ගෞතම සේක. බොහෝ ප්‍රඥා ඇති ගෞතමසේක. ඒවං අචින්තියා බුද්ධා බුද්ධ ධම්මා අචින්තියා අචින්තියේසු පසන්නානං විපාකෝ හොති අචින්තියෝ ති’ 🌷සාදූ, 🌷🌷සාදූ, 🌷🌷🌷සාදූ, 🙏 ෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴ “මාගේ ශ්‍රද්ධාවද ප්‍රීතියද යහපත් සිතද සිහි ඇති බවද ගෞතම ශාසනයෙන් ඉවත් නොවෙත් මහාප්‍රඥා ඇති බුදුරජ තෙම යම් යම් දිශාවක ගමන් කෙරේද, ඒ ඒ දිශාවට නැමුනේ වෙමි.
ඒවං අචින්තියා බුද්ධා බුද්ධ ධම්මා අචින්තියා අචින්තියේසු පසන්නානං විපාකෝ හොති අචින්තියෝ ති’ 🌷සාදූ, 🌷🌷සාදූ, 🌷🌷🌷සාදූ, 🙏

  • @kanishkawijayananda6957
    @kanishkawijayananda6957 4 ปีที่แล้ว

    Sadhu sadhu obage darma denuma ashcaryamath . Deergau wewa

  • @pasindurathnayaka6144
    @pasindurathnayaka6144 4 ปีที่แล้ว

    සාදු සාදු . තෙරුවන් සරනය් ඔබතුමාට.

  • @pasindurathnayaka6144
    @pasindurathnayaka6144 4 ปีที่แล้ว

    සාදු සාදු ...... 🙏🙏🙏🙏

  • @janithapalihena6984
    @janithapalihena6984 4 ปีที่แล้ว

    Excellent. Much merit to you honorable Sir

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 4 ปีที่แล้ว

    Mage sitha pahaduna...oba pin...

  • @kalanadaham2445
    @kalanadaham2445 4 ปีที่แล้ว

    බුදු දහම අවබෝධය වේවා!

  • @KasunRathnayaka
    @KasunRathnayaka 4 ปีที่แล้ว

    නමෝ බුද්ධාය !!! නිවනම වෙත්වා

  • @KasunRathnayaka
    @KasunRathnayaka 4 ปีที่แล้ว

    bohoma pin oba thumata

  • @KasunRathnayaka
    @KasunRathnayaka 4 ปีที่แล้ว

    ඔබතුමා හට බොහොම පින් !! නිවන පිණිස මේ පින හේතු වේවා

  • @KasunRathnayaka
    @KasunRathnayaka 4 ปีที่แล้ว

    ඔබතුමා හට බොහොම පින් !!

  • @ratbatmatfat
    @ratbatmatfat 4 ปีที่แล้ว

    Godak pin oba thumanlata.

  • @ranilranil5994
    @ranilranil5994 5 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @ranilranil5994
    @ranilranil5994 5 ปีที่แล้ว

    🙏🌹🌹🌹🌷🌷

  • @pushpakumari-iz6li
    @pushpakumari-iz6li 5 ปีที่แล้ว

    සාධු !!!සාධු !!!සාධු !!!

  • @arunakanthagunawardana2339
    @arunakanthagunawardana2339 5 ปีที่แล้ว

    SADU. SADU. SADU q

  • @indrachapaabey1950
    @indrachapaabey1950 5 ปีที่แล้ว

    විශිෂ්ඨ යි

  • @senakedharmasena7949
    @senakedharmasena7949 5 ปีที่แล้ว

    Saadhu.. ☸ Saadhu.. ☸ Saadhu.. ☸

  • @senakedharmasena7949
    @senakedharmasena7949 5 ปีที่แล้ว

    Saadhu.. ☸ Saadhu.. ☸ Saadhu.. ☸

  • @pasindurathnayaka6144
    @pasindurathnayaka6144 5 ปีที่แล้ว

    සාදු සාදු .....

  • @tennakoonlchamara1007
    @tennakoonlchamara1007 5 ปีที่แล้ว

    Sadu

  • @pasindurathnayaka6144
    @pasindurathnayaka6144 5 ปีที่แล้ว

    සාදු සාදු ..

  • @pasindurathnayaka6144
    @pasindurathnayaka6144 5 ปีที่แล้ว

    සාදු සාදු ...

  • @chancomputerhouse5782
    @chancomputerhouse5782 5 ปีที่แล้ว

    සාධු..! සාධු..! සාධු..!