Sebala Puthu (සෙබළ පුතු) Official Video - Bathiya & Santhush (BNS) feat. Dhanith Sri
ฝัง
- เผยแพร่เมื่อ 23 พ.ย. 2024
- Vocals: Bathiya & Santhush / Dhanith Sri
Lyrics: Maj. Gen. Kamal Gunarathne
Melody: Bathiya / Dhanith Sri
Music Arrangement: Chamitha Cooray
Mixed by Bathiya @ Saregama Music Studios
Masterd by Mahesh Kankanige
Director / Screenplay / Editor: Wasawa Baduge
Cinematography: Wasawa Baduge / Chathur Kamsha Deshapriya
Special Thanks to:
Athula Mahakanumukla & Triad Api
for the Brave Hearts Commercial.
Saregama Music & Bluesky Productions 2020.
සෙබල පුතු
නැති වුවත් මව්බිමේ අඟලක් තමන්ගේ යැයි කීමට
නුඹයි හැම බිම් අඟලක්ම නිදහස් කලේ ලක් මෑණිට
ජීවිතේ හැම මිහිරි දේවල් අහිමි වූවත් ඔබ හට
දිවි පරදු කර සටන් කෙරුවේ ලක් මවුන් රැක ගැනුමට
රට නසන්නට සතුරු කැල අවි දරා ආවිට දස දෙසින්
අප පුතුන් ඉදිරියට ආවේ මවු බිමට ඇති සෙනෙහසින්
කොතෙක් සිටියද මෙහෙයවන්නට යුද්ධයේ සේනිපතිවරුන්
රටට ණය නැති සෙබල පුත නුඹ තමයි කණ්ඩුල ඇත් රජුන්
දශක ගණනක් අපේ මිනිසුන් විඳි අපා දුක් යුධ බියෙන්
තුරන් කල ඔබ සදා නොමියෙන අපේ විරුවෙකි හදවතින්
ඉදිරි දිවියම ඇඳට වී ඔබ ගත කළත් අප හඬවමින්
වෙය කළේ ඔබ ඔබේ අද දින අපේ හෙට දින සුරකිමින්
සෙනෙවියන් සෙන්පතිවරුන් යුද මෙහෙයවුවත් අණදෙමින්
නොහැක මේ නිදහස ලබන්නට නොහිටියානම් මේ පුතුන්
කැප කලේ මුළු තරුණ දිවියම දෙ ඇස් ඇත් පා දන් දෙමින්
සෙබල පුත නුඹ වැදූ මව වෙනු ඇතිය මෙපිනින් මතු බුදුන්
#Sebalaputhu #BNS #DhanithSri
සිංදු නම් දන්න කාලෙම ඉදන් අහනවා.. එත් හිරිගඩු පිපෙන්නම පපුවට දැනෙන්නම ඇස් දෙක තෙමෙන්නම සිංදුවක් ඇහුවමයි.... වචන වලින් කියන්න බැරි තරම් අර්තවත් සහ හරිම සුන්දරයි.. රටෙ කරුමෙටද අපේ කරුමෙටද මන්දා අනික් උන්ට කෙසෙ වෙතත් ගොඩක් සිංහලයන්ට රණවිරුවෙක් විරයෙක් වගෙ පෙන්නෙ .. රණවිරුවෙක් මතක් වෙන්නෙ කෙල උන වෙලාවට විතරයි. ඇයි අපිට ඔනේ වැඩේ කෙරුනනෙ... සදා ණය ගැතියි අපි.
Podda හොද දෙයක් කොහෙද පොඩ්ඩා එතන..
Aniwa
හෙලුව %0
කුණු හරුප %0
හැකියාව %100
දේශාභිමානය %10000
#BNS ❤️🔥 🇱🇰
❤️❤️🖤🖤
❤️❤️❤️❤️❤️
th-cam.com/video/4jYNxTZO3v8/w-d-xo.html
අපේ අලුත්ම episode eka share පාරක් ඩියන් මචං ..පට්ට කට්ටක් කන්නෙ අපි ..සුපිරි එකට කරනවා
අනිවා
Attma❤️
මටත් නොදැනිම ඇස් දෙකට කඳුලු ආවා... #රටට_ණය_නැති_සෙබල_පුත_නුඹ_තමයි_කණ්ඩුල_ඇත්_රජුන්...❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
මමත් 2006 ඉදලා විශේෂ කාර්්‍ය බලකායේ සේවය කලේ, 2009 යුද්ධය ඉවර වෙනකල්ම අපිට හරිම ආදරයෙන් මිනිස්සු සැලකුවේ, මට මතකයි යුද්ධය ඉවරවෙලා මුලින්ම ගෙදර එද්දි මුලු ගමම එකතුවෙලා සැලකුවා, ඊටපස්සෙ දේශපාලනය යුද්ධයට වැඩියෙන් ලොකු දෙයක් උනා, අපි පාරවල් ගානෙ වතුරවත් නැතිව, ගිනි අව්වෙ වේලුනා, අර අපි වෙනුවෙන් පංසලේ පත්තුවුන පහන් නිකන්ම නිමිලා ගියා, අද වෙද්දි සමහර දවස්වල බස් එකේ යද්දී අපේ ආබාධිත සහෝදරයන් හිටගෙන යනවා, මිනිසුන් අහක බලන් යනවා , අපි සීට් බලෙන් ඉල්ලලා දෙනවා, හිතේ දුකක් නෑ, සතුටුවෙනවා අහකබලන් යන්න තරම් මිනිසුන්ගෙ හිත්වලින් යුද්ධය අමතක කරපු එක ගැන. ආඩම්බරයි අපිට අපි ගැනම. ස්තූතියි හැමෝටම.""
Thamath ehema thamaii..
adarei hamadama....ape hith wala thama oyala hamoma verayo...
RESPECT SOLDER...
Thiththa eththa ☹️
@@chamodiweerasekara8883 oyage pawleth aniwaryen kawruhari athi
@@janithatashen2926 sthuthi mithraya, wenaswana minissun athara kawruhari nowenaswa inna nisa
මටනන් හොදටම රණවිරැ ගාය 🙏🙏🙏🙏❤️❤️❤️
නැති වුන මගෙ තාත්තටත් මේක උපහාර වේවා ..
Thank you BNS 🙏
Mge ayyawth mathak una 🙏🙏,thank u BNS
❤️❤️
වීරයෙක්ගෙ පුතෙක් ❤️ salute ❤️
Aniw
He is a hero! Be proud!
"නෑ මම බන්ට් එක කඩනව" මේ වචන මේ ආමි එකෙන්ම විතරමයි.ලෝකෙටම එකය්
පන දීලා නම දාපු අම්මා
පන දාගෙන නම හොයනවා දැක්කා
ආදරෙයි SL ARMY
ආදරෙයි SF
මමත් ලැජ්ජ වෙනවා අවුරුද්දක් වෙලා මේක බලන එක. ඒකත් අදවගේ දවසක. රණවිරුවන්ට මේ ගීතය උපහාරයක්ම වේවා❤❤ #respectBNS
පද රචනය - මේජර් ජෙනරල් කමල් ගුණරත්න💪 🇱🇰 ❤️
Respect
pada rachanaya niyamai
Its brilliant
Sirawata eka පට්ට 👍👍👍
🔥 ❤ 🇱🇰 ❤ 🔥
මගේ තාත්තේ මට ඔයා ගෑන ආඩම්බරයි ,
96 මුලතිව් වලදි නැති වුනේ,
අපි තාමත් බලන් ඉන්නවා ,
සෙබලෙක් වු සෙබළ පුතෙක් ..
සෙබලෙක් වු සෙබළ පුතෙක් . /\ /\ /\
❤️🙏❤️🙏
nethi une ne saho..e virayo ape hadawathe hemadamath jiwamanai..mihipita deviwaru.
උබල රටට ණය නෑ
Ranjith me rata ubalata barai
මගේ තාත්තත් අබාදිත රණවිරුවෙක්. සමස්ත රණවිරුවන් ට මෙය උපහාරයක්ම වේවා😔😢
බුදුසරණයි..
❤❤❤🤙
Ikman suwa.....
බුදු සරණයි 😞
රණවිරු ගාය | සිංහ පැටව් ඉපදෙනවා [හදවතක් තියන උන්ට බලන්න]- th-cam.com/video/ze-rE2HxNoo/w-d-xo.html
"රටට ණය නැති සෙබළ පුත නුඹ තමයි කණ්ඩුල ඇත් රජුන්.."🇱🇰❤️
මං අඩනවා සිංදුව අහද්දි
කමෙන්ට් එකකට මට කියන්න වචන නෑ..
Elaaa
👍👍👍
මේ වගේ අර්ථාන්විත නිර්මාණාත්මක ගීත ජනප්‍රිය වෙන්න ඕන තව තවත් ...
භාතිය සන්තුෂ් ට ආදරේ අය එන්න මේ පැත්තට..❤️❤️❤️❤️❤️❤️
ඇස් වලට කඳුළු ආපු උන් මේ කොනට
අවුරුදු 30 කෘර යුද්දෙක බිහිසුනු මතක තාමත් අපි අතර හැන්ගිලා තියෙනවා හැබැයි ගොඩක් කෙලෙහි ගුණ නොදන්නා හොක්කි බල්ලන්ට ඒක අමතක වෙලා ඒකයි ජාතියක් ජන්මයක් නැති අවජාතකයො වගේ හැසිරෙන්නෙ මේ වෙනකොටත් එහෙම කාලකණ්ණි 36 දෙනෙක් unlike කරලා තියෙනවා මේකට unlike කරපු එවුන් ලබන ආත්මෙ ඉපදෙන්න ඕනෙ රටක් ජාතියක් නැති සරණාගතයො විදිහට
තිස් වසරක කෘර යුද්දයේ අභිමානවත් කොටස්කරුවන් වූ හැමට මගේ උත්තමාචාරය
ඒ වගේම ඒ යුද්දයෙන් දිවි අහිමි වූවන්ට නිවන් සුව
අර ආමි එකෙ කොල්ලා නාන තැන කදුලු වැක්කෙරුණා❤️❤️
Atta
බොක්කටම වදිනවා
Saththakinma,
Unlike කරපුන් කොහොමත් සරණාගත එවුන් තමයි ඉතින්
මගේ තාත්තා 1996 එම් අයි 17 ගිහින් අතුරුදහන් වුණ රණවිරුවෙක්..මට තාත්තා ගැන ලොකු ආඩම්බරයක් දැනුණා සින්දුව බලද්දී..ඒ වගේම මගේ husband airforce.. මගේ මල්ලි navy..එයාලා ඇතුලු මුලු මහත් රණවිරුවෝ හැමෝටම යෝධ බල ශක්තිය ලැබේවා...
🫡
අනේ 🙂❤️
සැලුට්🫡😔
My Father : Army Signal Corps (retired in 2003)
Father's elder brother : Killed in Action ,Navy (Nothern Command)
Father's second elder brother : Army Gajaba (retired)
My mother's brother : Missed in Action, Army Major 6 VIR Mulativu
What a proud family you got.... hats off 👏👏👏
May they find peace
නැති වුවත් මව් බිමේ අඟලක් තමන්ගේ යයි කීමට
නුඹයි හැම බිම් අඟලක්ම නිදහස් කලේ ලක් මෑණිට
ජිවිතේ හැම මිහිරි දේවල් අහිමි වුවත් ඔබ හට
දිවි පරදු කොට සටන් කෙරුවේ ලක් මවුන් රැක ගැනුමට //
රට නසන්නට සතුරුකැල අවි දරා ආවිට දස දෙසින්
අප පුතුන් ඉදිරියට ආවේ මව්බිමට ඇති සෙනෙහසින්
කොතෙක් සිටියද මෙහෙයවන්නට යුද්දයේ සෙන්පති වරුන්
රටට ණය නැති සෙබල පුත නුඹ තමයි කණ්ඩුල ඇත් රජුන්
දශක ගණනක් අපේ මින්සුන් විඳි අපාදුක් යුද බියෙන්
තුරන් කල ඔබ සදා නොමියෙන අපේ විරුවෙකි හදවතින්
ඉදිරි දිවියම ඇඳට වී ඔබ ගතකළත් අප හඬවමින්
වැය කලේ ඔබ ඔබේ අද දින අපේ හෙට දින සුරකිමින් //
සෙනෙවියන් සෙන්පතිවරුන් යුධ මෙහෙයවුවත් අණදෙමින්
නොහැක මේ නිදහස ලබන්නට නොහිටියානම් මේ පුතුන්
කැප කලේ මුළු තරුණ දිවියම දෙඇස් අත් පා දන් දෙමින්
සෙබල පුත නුඹ වැදු මව වෙනු ඇතිය මෙපිනින් මතු බුදුන්
ඒ සිංදුව අහනකොට එන ගැම්ම 💖💪
2020.02.03 (අද) වීඩියෝ එක රිලීස් කරාට තව අවුරුදු 10 කින් උනත් ආසාවෙන් අහන්න පුලුවන් පට්ටම සිංදුවක් 😍
අවුරුදු 10ක් නෙවෙයි ඊටත් වඩා වැඩි කාලයක් අහන්න පුළුවන් සිංදුවක් මේක.........
Best lyrics ever ❤️
❤️
හිරි ගඩු පිපුනා යකූ❤ මැරෙනකල් ණයයි අපි❤
මට කදුලු ආවා❤😢මන් දුක දන්න නිසා 😭😭😭 කමල් ගුණරත්න සර් ඔයාට පිං මේ වචන ලිව්වට❤❤❤💪💪
සෙබලියක් වගේම සෙබල පෙම්වතියක් වීම ගැන ලොකු ආඩම්බරයක් හිතට දැනුනෙ.❤❤
ආඩම්බරයි සහෝදරිය.❤️
@@aselasanjeewa3596 ස්තූතියි සහෝ..
respect akka ❤️❤️
@@charithakumara9054 thanks nanga❤
රණවිරු ගාය | සිංහ පැටව් ඉපදෙනවා [හදවතක් තියන උන්ට බලන්න]- th-cam.com/video/ze-rE2HxNoo/w-d-xo.html
මගෙ අප්පච්චී ආබාදිත රනවීරැවෙක් මට මෙ සිංදුව ඇහෙද්දී අප්පච්චී ගැන ලොකු ආඩම්බරයක් එනවා ❤️ සියලුම රනවීරැවන්ටම මෙය උපහාරයක් වෙවා ❤️😍
ඔබේ අප්පච්චීටත් අනෙකුත් සියලුම රණවිරුවන්ටත් මෙම ගීතය උපහාරයක්ම වේවා! 🙏❤️👮♂️
😢😢ane😢😢
මගෙත්🥺❤
❤️🙏🙏❤️
'නැතුවුවත් මවු බිමේ අගලක් තමන්ගේ යැයි කීමට නුබයි හැම බිම් අගලක් ම නිදහස් කලේ ලක් මෑනිට '
මගේ තාත්තත් ආබාදිත රණවිරු වෙක් මේවා ඇහෙද්දි මට මගේ තාත්තා ගැන ආඩම්බර යක් දැනෙනවා....❤
මේ නිර්මාණය සැමට උපහාරයක් වේවා.
A real tribute for the fallen heros
Rupavahini Animation Studio jayen jaya ...
Cricket Bro goodluck ...
ඇත්තට ම මේ සින්දුව අහද්දී අගට අමුතුම හැගීමක් දැනෙනවා.... තාත්ත ගැන ලොකු ආඩම්බරයක් හිතට දැනෙනවා..තාත්ත ජීවතුන් අතර නැති උනත් ඒ ලේ වලින් ඉපදුනු රණවිරු පුතෙක් වීම ගැන ලොකු අභිමානයක් හිතට දැනෙනවා...
❤️
❤️❤️🔥
We are ever Grateful to you and your family salute 🏆🏆🏆🎖🎖🎖
I am alive thanks to your father and other fallen heroes. ❤️
Rata reka gath sebalekuge putheku wema hadawathinma adambara wiya yuthuya.. 🙏🙏
සෙබලියක් වීම ගෙන දැනෙන්නේ නිහතමානී ආඩම්බරයක්.... හැමදාමත් මගෙ යුනිෆෝම් එකට මං ආදරෙයි.... 😊😚😊😊😊
Ela nangaaa
❤❤
මම army එකට අවිත් දැනට අව්රුද්දක් වෙනවා තාමත් ඇගට පට්ටම ගැම්මක් එනවා මේ සින්දුව අහද්දී
ඇග හිරි වැටුන සිංදුවක්.. සිංදුවකට වඩා දෙයක් හදවතට දැනුනා... සෙබළ පෙම්වතියක් උන එකත් ආඩම්බරයක් මට❤️🖤
වාසනාවන්තයි ඔයා ..
akke hadawathinma garu karanawa oyata..samaharak minissu 8 pass nethi army karayo kiyala hanwadu gahaddi apita e aya mihipita deviwaru..samanyen kellek kemathi bedapu kolla ekka travel karanna,kohe hri gihin enjoy kranna.e athare oya uthum kenek.
.siyalu arakshaka niladarintai e ayage pawle ayatai hadawathinma garu karanawa..mal thiyala wendath paw ne..mokada rate ugath,buddimath kiyala hithan inna danapathi panthiye minissunge lamai e kale baya wela edan yatata wela iddi thamange pawla gena wath nohitha me lak meniyan wenuwen hamudawata giye ahinsaka pawl wala duppath kollo kello..sinduwa ehuwata wada ega hiri wetuna meke comment dakiddi akke..
Akki, you are so lucky. One day I want to marry a brave soldier.
Aniwarenm dr matat ehmai😍
Math ehemai sathutui e gena godak.😍😍😘
කාලෙකට පස්සේ අපේ රණවිරුවන්ට දිපූ හොදම උත්තමාචාරය 👍👍👍💪💪💪💪💪💪
සෙබල බිරිදක් වීම ගැන ඇත්තටම ආඩම්බරයි. ❤️❤️
සමස්ථ රණවිරුවන්ට මෙම ගීතය උපහාරයක්ම වේවා!!! 🙏🙏🙏
මේක දැක්කාම මට මගෙ මහත්තයා ගැන ලොකූ ආඩම්බරයක් දැනෙනවා .සියලුම රනවිරුව්න්ට දෙවියන්ගේ පිහිට ලැබෙවා
ඇත්තමයි ඔයා හරිම වාසනාවන්තයි .
../\.. ../\.. ../\..
🙏❤
ඔබේ සියලු යහපත් බලාපොරොත්තු ඉටු වේවා! ඔබලාගේ ජීවිතය ඉතා සාර්ථක වේවා! 💙
සින්දුව❤වචන❤වීඩියෝ එක පහරක්! කියන්න වචන නෑ . ජරාව hit නොකර මේක trending #1 ගේමු 💪 God Bless Sri lanka 💕
Evan Rodrigo Facebook WhatsApp Instagram share karanna
This Video is has been #Trending No.1
මගෙ අප්පච්චිත් AIR FORCE ... ✈ ✈
මමත් AIR FORCE ...✈ ✈
හැබැයි මගෙ මල්ලි NAVY ....,🛳️🚢
ඔයාලා කියන්න වගේ අපි තුන් දෙනාම හමුදා කාරයෝ...😉
සින්දුව ගොඩාක් ලස්සනයි...THANKS මල්ලි..👍
වාසනාවන්තයෙක්...
කවදාවත් හමුදාකාරයෝ කියලත් නෑ එක බල්ලෙක්ටවත් එහෙම කියන්න දෙන්නෙත් නෑ
@@sajanayasas5 අනිවාර්යයෙන්ම
දෙවිවරු....🙏
@sameera මගේ තාත්තත් නේවි එකේ මාත් එහෙමයි
මරණ බියක් දැනුනම දෙවිවරු වන සිවිල් සමාජය හංවඩු ගසා තියෙන 8 පාස් අමි කාරයෝ මමත් මගේ අයියත්.. රටට නය නැති රැකියාවක් කරන්න ලැබීම ගැන නිහත මානීව ගොඩක් ආඩම්බරයි 😍
ඇස්වල කඳුළු ද ? ඔව් උඹත් ශ්‍රී ලාංකීය ලේ දුවන පුතෙක් ❤️🙏
ලියන්න කියන්න වචන නැහැ සෙබලුන් සියලුම දෙනාටම අපි සදා ණය ගැතියි
😔😢
අනිවා
ඔයාලගෙ ඇස් වලට කදුලු ආවට අපේ සමහරක් මිනිස්සුන්ට හිත් නෑ.මගේ මහත්තයටත් රට රකින්න ගිහින් ඇවිදින්න බෑ..යන්නෙ රෝද පුටුවෙ 31 කොළඹ ඉදන් අනුරාධපුරේට එන්න බස් එකේ ආබාධිත ශීට් එක ලැබිල නෑ වාඩි වෙලා ඉදපු කෙනා කිව්වලු එයා අල්ලගත්ත කියල..දුකයි අපිට අපි ගැනම..
@@nishanbuddika3282 🖤🙏 පින්
යුද්ධ හමුදාවේ සේවය කර රට වෙනුවෙන් දිවි පිදූ #නිහාල්ජයකොඩි මහතා( බාතිය ජයකොඩි ගේ පියා)ඇතුළු දිවි පිදු සියලු රණවිරුවන් ට මේ ගීතය උපහාරයක් වේවා
තව මාසෙන් මාත් මෙ මගෙ මව් රට රකින sf සෙබලෙක්
කොතෙක් සිටියද මෙහෙය වන්නට යුද්ධයේ සෙන්පති වරුන්....
රටට ණය නැති සෙබල පුත නුඹ තමයි කන්ඩුල ඇත් රජුන් ... 🫡🫡
Respect for all Soldiers ❤
රට වෙනුවෙන් දිවි පිදූ කර්නල් ෆස්ලි ලාෆිර්, ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ ඇතුලු සියලු SFලාට සහ සියලු රණවිරුවන්ට උපහාරයක්ම වේවා!!
yes
Uba potha kiyawala thiyenwa da
@@then4355 මොකක්ද පොත කිසිවිටකත් සතුරාට යටත් නොවන මා ද
Yasiru Sagara ow
lt col lalith jayasinghe tai team ekatai una siddiya neda kiyala theruna neda
කොතෙක් සිටියද මෙහෙයවන්නට යුද්ධයේ සෙන්පතිවරුන්
රටට ණය නැති සෙබල පුත නුඹ තමයි කණ්ඩුල ඇත් රජුන් ❤❤
ඇඬුනා බන් ඒක මරු 😢
අම්මෝ බලන්න බෑ අප්පා ඒක..කීයක් දෙමාපියන්ට බිරින්දෑ වරුන්ට අපි නයද දෙයියනේ😔😔😢
සිරාවට බන් 😐
Writer - කමල් ගුනරත්න ❤️
Singer - bns and danith sri ❤️
ආදරෙයි හැමදාමත් ❤️
🙏🙏රුවන්වැලි මහ සෑ බෙලෙන් සිරි මහ බෝ රැකවරණෙන් දලදා සමිඳුන් ආනුභාවයෙන් විරුවන් රැක දේවා 🙏🙏
Aniwarenma ❤❤❤
මිය ගිය අයගේ නාම පුවරුව දකිද්දී පුදුම දුකක් දැනෙන්නේ. තමන්ගේ තරුණ ජීවිතය කැප කරන්න කව්ද කැමති. දසක තුනක කාලය තුළ ජිවිතය කැප කළ ඔබ සැමට දේශයේ උත්තමාචාරය ❤️ 🇱🇰 💪
රටට ණය නැති සෙබල පුත නුඹ තමයි කණ්ඩුල ඇත් රජුන් !!
මගේ පුතාට දැන් වයස අවුරුදු හතයි. අද මම එයාට හසලක ගාමිණී රණවිරුවාගේ කතාව කියලා දුන්නා. කාටුන් විරයෝ ගැන නෙවෙයි අපේ දරුවෝ රණවිරුවන් ගැන දැන ගත යුතුමයි. රණවිරුවන් ගැන ගැයෙන හැම ගීතයක් ම ගීතයක්ම පපුවට හුඟක් දැනෙනවා. මගේ තාත්තා, මගේ මහත්තයා, එයාගෙ තාත්තා, එයාගෙ අක්කා, අක්කගෙ මහත්තයා, මගේ මාමා, ලොකු තාත්ති, සුදු මාමා වගේ හැම රණවිරුවෙකුටම ඉපදෙන හැම ආත්මයකම අපි ණයගැති. රණවිරු දියණියක් දියනියක් බිරිඳක් විදියට මා ලබන ආඩම්බරය මාගේ එකම පුතු නිසා යම් දිනෙක රණවිරු මවක් විදිහට මා ලබන්නේ නම් මාගේ අවසාන මොහොත මා සතුටින් දෑස් පියා ගනීවි.... 🙏🙏 අමරණීය රණවිරුවන්ට සදා ණයගැති වෙමු.
කොතෙන් සිටියද මෙහෙයවන්නට යුද්ධයේ සෙන්පතිවරුන්.... රටට ණය නැති සෙබල පුත නුඹ තමයි කන්ඩුල ඇත් රජුන්
(මේ පද ටික රචනා කලෙත් අභීත සෙන්පති වරයෙක්.... ඔබේ නිහතමානීතත්වය ට කෙසේ අචාර කරන්නද ????)
Me geethaya koi taram lassanada,koi taram hangeemak athi kranawada kiyannna wachana naha..e wagema me lassana sinduwe lassanama pada peliya tamai...
"Ratata naya nathi sebala putha numba tamai Kandula Ath Rajun!"
Liyu obathumata aadaraneeya aachaaraya!👍❤❤❤
@@apurwaranathunga2865 අනිවාරෙන්ම.
අපි අද් මෙර් විදිහට ජීවත් වෙන්නේ ඒ අයට පින් සිද්ද වෙන්න.ඒත් අපේ මිනිස්සුන්ට ඒ දේවලමතකයි
We Salute Our Heros
#Lyrics: Maj. Gen. Kamal Gunarathne
සිය දහස් ගණනක රණවිරුවන්ගේ අභිමානය නැවත ඔබ ඔසවා තැබූ වගයි. මේ ගීතය රණවිරුවන්ට උපහාරයක්ම වේවා!!!
අැස් දෙකට කදුලුත් අාවා හදවතයම දැනෙනවා.....
සියලු රණවිරුවන් සදහා උපාහාරයක්ම වේවා!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දවස ගානෙ අවුරුදු 30 නොකඩවාම ඊලාම් ත්‍රස්තවාදීන් විසින් අපෙ අහින්සක මිනිස්සු මරා දැමු අතීතය මතක තියෙන, කිසිම මනුස්සයෙක් අපෙ ආරක්ෂක හමුදා වන්නට ගරහන්නේ නැත. අපෙ වීරොදාර සෙබලුන්ගෙ හෙලපු ලේ වලට පින් සිද්ද වෙන්න අද අපි නිදහසෙ හුස්ම ගන්නවා. ලන්කාවෙ කීයෙන් කී දෙනාද අද අතපය වාරු නැතිව ආබාදිතව ඉන්න සෙබලුන් ගෙ දුක සැප හොයන්නෙ.
ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ විරුවාණෙනි, මෙය ඔබට උපහාරයක්ම වේවා!! ඔබේ නාමය සදා අමරණීයයි!! ❤️ 🇱🇰
සහෝ ඔක්කොටම අමතක උන වීරනාමයක් ආයෙ ආවර්ජනය කලා.. බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏 🇱🇰
මගෙ අප්පච්චිත් මගේ රට බේරගන්න ගිහින් යුද බිමේදී දිවි පිදුවා.. ඇත්තටම කදුලු ආවා
Our bless always with you Nangi..
අප්පච්චි අපේ හදවතේ හමදාම ඉන්නව නංගි.... bless u..be proud of ur අප්පච්චි.. ❤️❤️❤️🇱🇰
Great Hero, what happened, where? Which service Army,Navy or SLAF ?
You should be proud. Yes, we lost many friends at the battle field.
❤❤adarei..appachi innwa
Obage appachchita budu saranai...!!!
❤️💪රටට ණය නැති සෙබල පුත නුඹ තමයි කණ්ඩුල ඇත් රජුන්❤️💪
කැප කලේ මුලු තරුණ දිවියම දෙඇස් අත් පා දන් දෙමින්....සෙබල පුත නුබ වැදූ මව වෙනු ඇතිය මෙපිනින් මතු බුදුන්......... 😘🇱🇰☸️ මුලු ලෝකයම අමතක වෙලා යන ඒ නොනිම් මෙහෙවරේ අර්ථවත් වදන් පෙලගැස්ම....උතුම් රණ දෙවියන් සියල්ලන්ටම බුදුන් දැක නිවන් මග හිමිවේවා........... ❤️☸️
ඇත්තටම මට ඇඩුනා.හරිම ලස්සන යි. අපි ජිවත් වන මොහොතක් පාසා අපි නයගැති ඔවුන් ට.
මගෙ තාත්තා යුද්දෙට ගියා මගෙ තාත්තට වෙඩි වැදුනා දෙවියන්ගේ පිහිටෙන් මගෙ තාත්තගෙ ජිවිතේ බෙරුනා යුද්දෙට ගිහින් අපි වෙනුවෙන් දිවි පිදු සියලුම රණවිරුවන්ට නිවන් සුව පාර්තනා කරනවා 🙏🙏
ලොකූ ආසාවක් තිබුනා සෙබලියක් වෙන්න..ඒත් ඒක ඉශ්ට කරගන්න බැරි උනත් අද මන් සෙබල පෙම්වතෙක්ගෙ අයිතිකාරියක්😍❤️.ඉතින් ලොකු ආඩම්බරයක් තියෙනවා ඒ ගැන ...❤️😘රණවිරුවෙක් දැක්ක තැන ලොකු හැගීමක් හිතේ අදටත් තියෙනවා...❤️හදවතින්ම ගරු කරන රස්සාව💪
කවුද යකෝ අන්ලයික් කරේ ?? සින්හල,දෙමල,මුස්ලිම් කවුරු වුනත් නිදහසේ ඉදී අපේ මේ හමුදාව නැත්නම්....
රට නසන්නට සතුරු කැල අවි දරා ආවිට දස දෙසින්
අප පුතුන් ඉදිරියට ආවේ මවු බිමට ඇති සෙනෙහසින්
කොතෙක් සිටියද මෙහෙයවන්නට යුද්ධයේ සේනිපතිවරුන්
❤️රටට ණය නැති සෙබල පුත නුඹ තමයි කණ්ඩුල ඇත් රජුන් ❤️
Oya lassanaai🌷
රටට ණය නැති සෙබල පුතු නුඹ තමයි කන්ඩුල ඇත් රජුන්.... මගෙ අප්පච්චිත් රට රැකපු විරුවෙක්..ම්
Each time when I see a solider that's true I can't stop crying, because my Cousin was the only child in his family. against his mother joined the army because if his patriotism. During the war at Poonarin he lost his life due to a landmine. but anyone couldn't even see his body because it came in a sealed coffin. My Aunt was traumatized because of this still even now. Ultimately she passed away due to a mental condition because of this. I even still gets goosebumps now. May the soldiers be protected by the blessings of the Noble Triple Gem. Nalaka Aiya I know you are looking down on me from heaven
You had such a marvellous cousin. My respect to him!
Yes, mate. Sometimes when we attended funerals I have seen this many times. Some families many have died. We need to do justice for what they did.
මගෙත් කකුල කැඩිලා ඇඳකට කොටුවෙලා ඉන්නේ..අර අම්මා පොටෝ එක එල්ලනවා දකිද්දි අර කකුලත් එක්කම මුලු ඇඟම සීතල උනා..සෙබලා කකුල නැතුව බස් එකෙන් බහිද්දි ඇඟම හිරිගඩු පිපිලා කඳුලු ආවා..❤️❤️
😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥💔💔💔💔💔💔💔💔💔❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️උබල තමයි බන් යක්කු❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️ආඩම්බරයි❤️❤️❤️❤️💪💪💪💪💪💪
😥❤️
අපි වෙනුවෙන් ඒ කල deta ගෙඩාක් පිං 😢
We always respect you ✊
☹️😢
වෙන සිංදු බලනකොට ඇඩෙන්න ආවත් ඒකට හිත හදගෙන අඩන්නෙ නැතිව ඉන්න පුලුවන් ..මේකට ඉන්න බෑ.සිරාවටම ඇඩිච්ච සීන් එකක් තියෙන්නේ.❤️❤️😂❤️
කොතෙක් සිටියද මෙහෙයවන්නට යුද්ධයේ සෙන්පතිවරුන්, රටට ණය නැති සෙබළ පුත නුබ තමයි කන්ඩුල ඇත් රජුන්...........
හදවතටම වැදුනා.........
Good Job - BNS & Dhanith Sri
U.G.S. Prashan lyrics by Meg. Kamal Gunarathne. Dan Inna arakshaka lekam
@@divyabandara2280Yes I Know
20 පාරකට වඩා ඇහුවා වීඩීයෝ එකයි වචන ටිකයි ඒ ගායනයයි ඇහෙද්දි මාරම හැගීමක් එන්නෙ හිතට🔥.හැමදාම අපේ රණවිරුවන්ට හදවතින්ම ආදරෙයි.ඒවගේම පිං.ඔබට ශ්‍රී ලාංකිකයන් ලෙස අප සියල්ලන්ම ණයගැතී❤️
"නැතිවුවත් මව් බිමේ අගලක් තමන්ගේයැයි කීමට... නුඹයි හැම බිම් අගලක්ම නිදහස් කලේ ලක් මෑණිට.." අපි හැමදාමත් අපේ රණ විරුවන් සමගයි. ඔවුන්ගේ ඒ පරිත්‍යාගයට උත්තමාචාර පුදනු වස් එක්වී රකිමු අපේ ලක් දෙරණ සැමදා.
*මං හිතුවේ නෑ මේජර් කමල් ගුණරත්න මෙච්චර හොඳ ගීත රචකයෙක් කියලා*
Respect u sir!!!! Sir liyapu poth nuth marama lassanai
@@pamoda09 nathuwa
@Cricket Bro nathuwa
sebaluth ekka hitapi minissunta thamai a gana therenna
@@nadunlahiru5756 aththatama egollo thamange diwi puda wada kale rata wenuwen
මේක අහද්දි ඇගට එන මොරාල් එක කියලා විස්තර කරන්න බැ ආදරේයි හැම රණවිරුවෙක්ටම ❤️❤️❤️
Loketama lokko ape hamudawa vitharamai😍😍😍😍😍
අද මේක අහද්දි 100කට වඩ සෙබල පුතුන්ට කොරෝනා... අමුතු දුකකින් වින්දෙ... 😥
මගෙ රත්තරන් තාත්තත් එදා යුධ බිමේදි සටන් කරලා මේ රට බේරා ගැනීමට දායක උන එක ගැන ලොකු ආඩම්බරයක් හිතේ තියෙනවා... ..මං ගොඩාක් සතුටුයි රණවිරුවෙකුගේ ලෙයින් ඉපදුනු එකට...මං දැකපු ලෝකෙ තියෙන උතුම්ම රස්සාව තමයි රට රකින රස්සාව🙏🙏
සෑම රණවිරුවන්ටම උපහාරයක්ම වේවා!🙏
රටටම අමතක උන ඒ ශක්තිය වෙනුවෙන් ලාංකිකයෙක් විදිහට සදා නයගැතියි🙏🙏
මොනවාද කියන්න ඔනි කියලා තෙරෙන්නේ නැ .එ තරම් ලස්සනයි .රට රැකපු රනවිරුවෙක් නිසා ලොකු අඩම්බරයක් දැනෙනවා .ස්තුතියි ඔයාලට
දිවි පිදු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා...❤
රටට ණය නැති
සෙබල පුත
නුබ තමයි
කණ්ඩුල ඇත් රජුන් ❤️
සෙබල පුත නුබ වැඩූ මව වෙනු ඇතිය මෙපිනින් මතු බුදුන්
*අද කාලේ සරාගී ගී, විලාප ගී තිබුණත් මේ වගේ සිංදු තියෙනවා කියලා අපි සතුටු වෙන්න ඕනේ*
❤️ සෙබල පෙම්වතියක් ♥️
ඒ හැගීමට වචන නෑ.මගේ ආදරණීය මහත්තයත් වීරෝදාර රණවිරුවෙක් කියලා හිතට දැනෙද්දී නොදැනීම මුලු හිතම පුදුමාකාර හැගීමකින් පිරිලා ඉතිරිලා යනවා .♥️
එදත් අදත් හෙටත් සැමදාම මාගේ මේ පුන්‍ය භූමිය රැක ගත් උදාර සිංහ පුතුනි.ඔබලාට අප සදා ණය ගැතියි.ඒ නය අපට කිසිදා ගෙවා නිම කරන්න බෑ.අපට සමාවෙයව්.ඒ නය ගෙවන්න බැරි එකට.ඒත් හැමදාම ඔබලා අපේ සිත් තුල විරාජමානයි.
73 වන නිදහස් දිනය දවසෙ මේ සින්දුව මතක් වුනා .
Dislike කරපු උන් ටික දෙනා ගැන හිතන්න එපා ඊට වඩා සෑහෙන දෙනෙක් like කරල තියනව රටට ආදරේ මිනිස්සු හුගක් ඉන්න එක ගැන සතුටු වෙමු
Aniwa
ඒ උන්ගෙ වැරදි නෙමෙයි වදාපු දෙමව්පියන්ගෙ වැරදි.
Sup🔥🔥🙏
Sf
machan me widihata dislike wenne aththatama me minissu sinduwata kamathi nathi nisa neme.waradila wenna barida.
අපිත් අද ඔය නිළ ඇදුම ආඩමිබරෙන් ඇගලාගෙන ඉන්නවා💗
ස්තුතියි b&s
අපිටත් හොදටම රනවිරු ගාය🇱🇰🇱🇰 🇱🇰 ❤️❤️❤️
ලස්සන ගීතයක් සුපිරි❤️❤️❤️❤️❤️
කොතෙක් සිටියද මෙහෙය වන්නට යුද්ධයේ සෙන්පතිවරුන්..රටට නය නැති සෙබල පුත නුඹයි කන්ඩුල ඇත් රජුන් 💓💓💓
Trending #1 වෙන්න ඕන වීඩියෝ එකක් #1 ආවමද මන්ද
What a nice lyrics💝 ආඩම්බරයි කමල් සර් ඔයාලා නිසයි් අපි මේ රටේ නිදහසේ ජීවත් වෙන්නේ👍👍 හැමදාමත් ණයගැතියි ඔබ සියලු දෙනාටම.
*DISLIKE* කරපු පර බල්ලෝ ත්‍රස්තවාදීන් ලෙස සලකමු.
Aniwa ban
@@nadunvishwanath aniwaren bn
Sira
Sira bn
අන්න හරි😃😃
අදටත් දුක් වෙන්නෙ හේතු දෙකකටයි,
1.තවම නිවන් අවබෝධ කර ගන්න බැරි වුන එක.
2. හමුදාවෙන් අයින් වුන එක.
තවම මේ සිංදු අහද්දි ඇස් වලට කඳුලු එනවා
❤
ඔබට පුලුවන් නිවන් දකින්න 🙏🙏🙏🇱🇰
රණවිරුවෙකුගේ පුතෙකු වීම ගැන ආඩම්බරයි 🤟❤️🇱🇰🙏🇱🇰
භාතිය සන්තුශ් ඔයාල කරපු හොදම වැඩක් තමා මේක අනේ මේ වගේ වැඩ තව ගොඩක් ඉස්සරහට කරන්න
හිතට හුගාක් දැනුන සිංදුවක්... දිවි පිදූ,ආබාධිත, රණවිරුවන් ඇතුළු සියලුම රණවිරුවන් හට උපහාරයක්ම වේවා!!!! ♥️
තාම අහනවා දෙයියනේ මේ 2022 නියම සිඳුවක් ආදරෙයි හැමදාම රණ විරුවන්ට 🙏🙏
"අහිමි උවත් හැම මිහිරි දේවල් ඔබ හට" ඒ ටිකනම් මාර විදිහට හිතට වදිනවා
අපිට එදා බුදුන් වගේ රණවිරුවන් සමාන කළත් අද එයාලට කරන අපහාස වලට අපි හරිනං ලජ්ජා වෙන්න ඕනේ
මම පොඩි ළමයෙක් මට දැනෙන දේ ඔයාලටත් දැනෙනවනම් මම සතුටු වෙනවා ස්තුති
මගේ දේකට...මගේ දුකකට වත් මේ තරම් දුක හිතිල නැහැ...සෑහෙන කාලෙකට පස්සේ කදුලු එනකම් ඇඩුනා...😪..අතපය නැතිකරගෙන අපි වෙනුවෙන් ඉස්සරහට ගිය මේ මිනිස්සු වෙනුවෙන් අපි මොනවද බං කරල තියෙන්නේ??💔
Saththakinma dear.😢😢😢😢😢😢😢😢😢😢😢
මට යුද්ධය හරියටම මතක නෑ ඒත් මම මගේ පන තියෙන කල් රනවිරුවන්ව අමතක කරන්නේ නෑ 🙏🙏🇱🇰🇱🇰❤️
සියලුම රණවිරුවන් හට දළදා සමිදු පිහිටයි.🙏🇱🇰
නිකමට හිතට ආවා සෙබල පුතෙ සින්දුවේ වචන ටික. ඒ වෙලේම youtube ඇවිත් සින්දුව ඇහුවා,බැලුවා,හිතුවා ....... හිත හිරිවැටිලා ඇස් දෙකට කඳුලු ඉණුවා ....... " අපි මොනවද මේ කරන්නේ " ...... එච්චරයි කියන්න තියෙන්නේ 💔
දවසෙන් Trending #1 එන්න වටින නිර්මාණයක් තාමත් ඊට පහළින් තිබීම ගැන පුoචි දුකකුත් තියෙනවා.
❤️සෙබල පුත ❤️
ආදරයේ පාට පාට සිහින
දිවිය කැපකර සෙනෙහෙ රකින්නට
ඉදිරියට යන්නට ශක්තිය ලැබේවා..!
සෙනවියන්, සෙන්පතිවරුන් යුද මෙහෙයවූවත් අණදෙමින්, නොහැක මේ නිදහස ලබන්නට නොසිටියානම් මේ පුතුන්.......
මේ වීඩියෝ එක බලද්දි ඇස් වලින් කදුලු දෝර ගැලුවේ මගේ විතර ද ......සම්මා සම්බුදු සරණයි දීර්ඝායු ලැබේවා ! ජය වේවා .
දස දෙසට විහිදුවන මිණි පහනෙ රැස් දැකල
රස වැටුනු පර සුද්ද ආව අයිතිය සොයල
හිස ඔසව නොසැලෙමින් සිහලුන් අවදි කරල
බස අවිය හැතිකරය පැන්නුවා හඬ නගල
අප විරුවො වෙර දරල රැකගත්ත මේ පොළොව
සිප පහස ගෙන පෙරට යමු තේජසින් යුතුව
අපමණවු අභියෝග ඇත ඉදිරියේ මතුව
නොපමාව තම කොටස රටට ඉටුකර තබව
ලෙයින් තෙත්වුණු බිමේ පෑ විකුම් රැස් අගේ
සටන් බිම දඟ කළේ ධීර සිංහයෝ වගේ
එයින් පින පෑදුනා යන්න ජය මග දිගේ
ජයෙන් ජය ලබනු මැන ලක් මෑණියන් මගේ
රට රකින මුර දේවතාවන්ට ජයශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිට ලැබේවා.අපි ඔවුන්ට ආදරෙයි හැමදාමත්................
රැකදේවා ඔවුන් මතුබවයේවත් අප පින් බලෙන් (මන්ද ඔවුන් තමන්ට පින් කිරීමට තිබූ කාලය පිදුවා අප වෙනුවෙන්)🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වත්මන් ආරක්ශක ලේකම්, යුද වීර මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ පද රචනයකි...❤️❤️❤️❤️ අන්තරා කොටසට කදුලක් ආවා...❤️❤️❤️
ආඩම්බරයි ...මගේ තාත්තත් යුධ හමුදාවේ අවුරුදු ගානක් යුද බිමේ යුද්ධ කරලා අද විශ්‍රාම දිවිය සතුටින් ගත කරනවා බුදු සරණින් ... මගේ අයියත් ඒ බර කරට අරන් අද ගුවනින් මව් බිම රකිනවා...මේ ගිතය ඒ දිවි පිදූ රණවිරුවන් , ආබාදිත රණවිරුවන්,විශ්‍රාමික රණවිරුවන්,සේවයේ නියුතු රණවිරුවන් සියල්ලටම උපහාරයක්ම වේවා...! කොතෙක් සිටියද මෙහෙයවන්නට යුද්ධයේ සේනිපතිවරුන්
රටට ණය නැති සෙබල පුත නුඹ තමයි කණ්ඩුල ඇත් රජුන්....