[06/32] - මන ධම්ම විශේෂ දේශණය - [Toowoomba] - [2020, January]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 124

  • @L.T.D.G
    @L.T.D.G หลายเดือนก่อน +3

    මෙකල මා දුටු සැරියුත් තෙරනුවෝ නම් ඔබ වහන්සේ මය...අනුබුදු හිමි වහරක මහතෙරුන් වහන්සේ ගේ පාරමිතාව ශක්තිමත් කරමින් ධර්මය නම් මිහිරි ඵලය ලෝකය ට බෙදා දෙන අපේ පෙර පිනට පහල වූ යෝධ බල වෘක්ෂය ඔබයි...ඔබ වහන්සේ නොවන්නට මා අද සතර අපායේ....

  • @lalbandara195
    @lalbandara195 2 ปีที่แล้ว +19

    මෙම සාරවත් දේශණය අපට තිලින කල ඔබ වහන්සේට නමස්කාර වේවා !

  • @prabashisanjana5648
    @prabashisanjana5648 3 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු...! මමද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...! අමා මහ නිවනින්ම සැනසේවා

  • @jinanandagalhenege4744
    @jinanandagalhenege4744 3 ปีที่แล้ว +29

    අපේ පිනට පහළවූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !

    • @vivecasri1874
      @vivecasri1874 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @AnuraPothupitiya
      @AnuraPothupitiya 8 หลายเดือนก่อน

      ​@@vivecasri18742: 2:22:50 22:18

  • @pathiama5005
    @pathiama5005 4 ปีที่แล้ว +43

    ඔබ වහන්සේගේ දේශනා අතර මා ශ්‍රවනය කළ අති විශිෂ්ඨ පැහැදිලි කිරීමක්..

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 4 ปีที่แล้ว +12

    මේ දහම් විග්‍රහය ඉතා ප්‍රනීතයි ස්වාමීන්වහන්ස .සාදු සාදු සාදු .

  • @sriyanijayaweera1797
    @sriyanijayaweera1797 2 ปีที่แล้ว +5

    සියලුම දෙනාට තෙරුවන් සරණයි සාදු සාදු සාදු!!!

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 3 ปีที่แล้ว +9

    This is an excellent explanation about Mana damma
    Niwanama wethwa!!

  • @prabhash1975
    @prabhash1975 4 ปีที่แล้ว +26

    Splendid explanation. This is in season 8 and subsequent daham discussions of Abhaya himi. Most important aspect of Buddhism and I haven’t heard this from any other monk. Prabassara chiththa explains by him also a very important reveal.

  • @nimalkarunathilaka8987
    @nimalkarunathilaka8987 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ සමග නිවනින් සැනසෙන්න(වහු පැටියෙක් ලෙස හෝ)අපිටත් හැකි වුණේ පෙර කළ මහ පිනකින්මැයි.තව තවත් නිවනින් සැනහෙන්න අදහස් ඇත්තෝ වහ වහා පැමිණෙත්වා.ඔබ වහන්සේට තව තවත් මේ මගට ගන්න නිදුක් නිරෝගී චිර ජීවනය වේවා !!!

  • @Angela_is..online..people..
    @Angela_is..online..people.. 4 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි සියලු දෙනාටම ....
    මහා කරුණාවෙන් අති උතුම් වුයේ අප තිලෝගුරු බුදුපියාණන්වහන්සේ ....බුදුපියාණන් වහන්සේ බුදු බව ලබන්න කලින් සිතුවේ..බුදු බව ලබා සියලු ලෝක සියලු සත්වයෝම නිවන් දක්වන බව..නැතහොත් සසර දුකින් එතර කරන වග..ඒ යහපත වෙනුවෙන් තමා සරාසංක කල්ප ලක්ෂක් පෙරුම් පුරමින් පාරමිතා වඩමින් විත් බුදුබව ලැබුවේ....ඉන් පසු උන්වහන්සේ නුවණැසට තේරුම් ගියේ මේ ලෝක සත්වයෝ හරියට නෙලුම් විලක නෙලුම් පොහොට්ටු දිලෙන්නේ කිනම් ස්තර වල ද ඒ ලෙස මේ සංසාර නම් මඩ ගොහොරේ මිනිසත් බව ලැබු සත්වයෝ නිවන් දකිනට අවශ්‍ය නුවණැස අනුව ගත් කල එයට උපමා කර දැක්වුවා....අප බුදු පියාණ්න්වහසේට වත් එදා සියලු ලෝක සියලු සත්වයෝ සෝවාන් මාර්ගයටවත් පත් කිරීමට නොහැකි වු කල අද මේ comment කරමින් ප්‍රශ්න අසමින් එකිනෙකාට නොයෙක් ලෙස අපහස උපහාස ලක් කරමින් කරන වැඩ පිළිවෙල හී තේරුම කුමක් ද?....
    මොහොතක් සිතන්න...ප්‍රශ්න අසන්න...එයට ඒ ඒ උතුමන් ලද ප්‍රත්‍යක්ෂ නුවණ,දැණුම අනුව පිළිතුරු දෙයි....ඒ උන්වහන්සේලා ගේ දැණුම එනම් උන්වහන්සේලා ට තේරුම් යන සීමාව....එය හරියට පහේ පංතියේ ළමයකුට A/L maths ප්‍රශ්නයක් දුන්නාම...එයාට තේරුම් යන ලෙස ඒ ප්‍රශ්නය තුළ තියන ඉලක්කම් අකුරු ටික කියනා සේය.....යම් කෙනෙකු දුන් පිළිතුරු තමාගේ නුවණැසට නොගැලපෙයි නම් ,ඔබට තේරුම් යන ප්‍රත්‍යක්ෂ නුවණින් වැරැද්ද පහදා දී ඉන් ඔබ අයින් වන්න....අවශ්‍ය කරුණු පැහැදිලිව කියන්න..ඔබට තේරුම් යන ලෙස...එය අද යම් කෙනෙකුට නොතේරුනත් කවදා හෝ කාට හෝ තේරුම් යනවා...මොකද්ද හරි මොකද්ද වැරදී කියා...එතෙක් ඔබෙන් කල යුත්ත කර නිහඩව බලා ඉන්න...එතන දී ද උතුම් සත් ධර්මයටම බහා බලන්න...
    ඔබ යමෙක් යම් කෙනෙක් තමා දරන අදහසම දරන්න ඕන කියා සිතනවා නම් ...ඒතන ද ඇත්තේ අනිච්ච ලෝකය...එනම් අනිච්ච වු පංචස්ඛන්ධයක් නිච්ච යැයි ගැනීමක්...
    සැම මොහොතක් තුල ගොඩනැගෙන අභියන්තර බාහිර පංචස්ඛන්ධය අනිච්ච ලෙස දුටුවා නම් මේ සියලු දුක් රැසේ නිමාව වෙයි....නිච්ච සුක අත්ත ලෙස ගෙන පෙර අවිද්‍යා සංකාරයෙන් තණ්හා කර ගොඩ නගා ගත් කර්මයේ ඵල මේ මොහොතක් මොහොතක් පාසා විද්‍යාමාන වන්නේ....එය දැන් මෙසේ වේවා මෙසේ නොවේවා කියා අබමල් රේනුවකවත් අපි කැමැති විදිහට ලබන්න බැරි බව නුවණින් දකින්න....එනම් අනිච්ච බව දකින්න...
    මෙය තවත් විභජ්ජ වාදයක් එනම් තව කෙනෙකුට අපහාස උපහාස කිරීමට යොදා ගන්න එපා...එයින් කරන්නේ මේ විශ්වයට තවත් අකුසල් ධර්ම පොදියක් නිකුත් කිරීම හා ඔබ දල ඊට අදාල අකුසල් කරපින්නා ගැනීමක්...
    මට මෙසේ ලියන්න වීම මා ලද දුක් විපාකයක්...
    මා ඉතාම ගෞරවයෙන් ගරු ස්වාමීන් වහන්සේගෙන් ද ගරු මෙහෙනින් වහන්සේගෙන් ද මේ අළුතෙන් ඇතිවී ගෙන comment කරන මහත්ම මහත්මියන් ගෙන් ද ඉල්ලා සිටින්නේ....ඔබ වහන්සේලා ,ඔබ තුමන්ලා අපගේ අනුබුදුපියාණන් වහන්සේ විවර කර දුන් බුදු පියාණ්න්වහසේගේ දහම දේශනා කරමින් ඉදිරියට ආවා...දැනුත් ඔබවහන්සේ ට ,මෙහෙනින් වහන්සේ ට ,අනෙක් උපාසක මහත්වරුන්,මහත්මියන්ට දැනෙන ප්‍රත්‍යක්ෂ ලෙස දේශනා කරගෙන යන්න දර්මයෙන් කරුණු පැහැදිලි කරන්න ,දිගටම කරගෙන යන්න...කිසිම කෙනෙකුගේ බුද්ධි මට්ටම් පහත් ලෙස සලකන්න එපා....මොකද අපිත් එදා දහම් නොතේරුනු කාලේ ගත කලෙත් ඔය අයුරින්මයි....අපිට අද දහමක් තේරුම් ගොස් ඇත්නම් දකින්න ඒ නොතේරුනු අය සිටින අසරණ තැන...එය දැක ඔවුන් වෙනුවෙන් අනුකම්පා වෙන් ම දර්ම දේශනා කරන්න...එක වචනයක් වත් එපා පිට කරන්න කිසිම කෙනෙකුගේ දහම් දැනුමට හෝ අවබෝධය ට....එපා ඔවුන් තවත් අතරමන් කරන්න.....අල්ල ගන්න කෙනා එයාට වැටහෙන දැනෙන තැනින් අල්ල ගනියී..අපි කාටවත් බෑ නිල් මැණිකක් දියමන්තියක් බවට පත් කරන්න......එයයි අප තිලෝගුරු බුදුපියාණන්වහන්සේ ටත් වහරක අභයරතනාලංකාර අනුබුදුපියාණන්ට කරන උතුම් ගෞරවය ...දහම් දැක දහම තුළ හැසිරෙනවා හැර වෙන උපහාර ගෞරවයක් මා නොදකී....
    බලන් සිට බැරිම තැන මේ ලියන්නේ....කියවා බලා යමක් ගත හැකිනම් ගන්න...නැතිනම් මෙය නොසලකා හරින්න....
    තෙරුවන් සරණයි සියලු දෙනාටම ....

    • @Angela_is..online..people..
      @Angela_is..online..people.. 4 ปีที่แล้ว +3

      @@dumindu3961,ඔබට ම ඔය ප්‍රශ්න රැසටම පිලිතුරු නිසැකව ම ලැබෙනවා...බුදුපියාණන්වහන්සේ ගේ දේශනා ත්‍රිපිටක පොත් ද වහරක අභයරතනාලංකාර හිමිපාණන්ගේ දේශනා ද ඇතුලු අනෙක් සියලු ම ස්වාමීන් වහන්සේලාගේ ද මෙහෙනින් වහන්සේලා ගේ ද දේශනා පරිහරනය කරමින් එදිනෙදා ජීවිතය ට අනුගමනය කරමින් ඉදිරියටම යන්න...නිතරම බලන්න තමා ඇලෙන්නේ,ගැටෙන්නේ,මුලාවෙන්නේ කොතනද...ඇයි එහෙම වුනේ..වෙන්නේ ආදී ලෙස විදර්ශනාත්මකව බලන්න.....සියල්ල ඔබ විසින්ම නිරාකරනය කරගන්නවා නිසැකයි..තෙරුවන් සරණයි ඔබට...

    • @Angela_is..online..people..
      @Angela_is..online..people.. 4 ปีที่แล้ว +3

      @@dumindu3961,තෙරුවන් සරණයි ඔබට...යමක් කීමට අතපසුවුවා...එනම් ඔබ කොතනද ඇලෙන්නේ ,ගැටෙන්නේ,මුලාවෙන්නේ යන්න ඔබගේ ජීවිතය තුළින් බලා එසේ වෙන විට සිතේ හට ගන්නා සිතුවිල්ල දෙස හොදින් බලන්න....
      එතනදී ඔබට දැක ගන්න හැකි වෙයි..ඔබේ සිතේ කැමැත්තක් ගොඩ නැගෙනවා ඒ මොහොතේ පවතින විපාකය ඔබේ කැමැත්තට පවත්වන්න..එනම් ඔබ සිතින් සිතු පැතු ලෙස විපාකය විද්‍යාමාන නම් ඔබ ඇලෙයි...එය ඔබේ කැමෙත්තෙන් පැතුමේ විරුද්ධව විද්‍යාමාන නම් ඔබ ඇලෙයි...මුලාවද ඔබ කැමැත අනුසාරයෙන් ම විද්‍යාමාන විපාකය වේ නම් ඒ නොදුක්කම නොසුක වේදනා තුළ ඔබ මුලාවේ...මෙහිදී විද්‍යාව උපදවනවා යන්න...ඒ විද්‍යාමාන විපාකය පෙර අවිද්‍යා සංකාරයෙන් තණ්හා වී උපාදානයක් නිර්මාණය වු හෙයින් ඇතිවු ඵලයක් ලෙස ද එය දැන් මේ මොහොතක් මොහොතක් පාසා ඔබේ සිතේ ඇති කැමැත්තට එනම් ඉච්චාවට ලබන්න බැරි බව නුවණැසින් දැක ....ඒ විද්‍යාමාන වු අසාර වු විපාකය විද්‍යාමාන වු පසු ඒ වෙනුවෙන් කැමති අකමැති සාදා එනම් එය වසගයේ පවත්වන්න ඕන කියා ගන්නා අවිද්‍යා සංකාරය හෙයින් ඒ විද්‍යාමාන විපාකය හා ඇලිම් ගැටිම් මෝහ එනම් රාග ද්වේෂ මෝහ යන් සිත තුළ ගොඩ නගා එය විද්‍යාමාන විපාක පංචස්ඛන්ධය හා පටිච්චයක් එනම් රාග ද්වේෂ මෝහ පටිච්ච නිර්මාණය කරගන්නවා...එනම් අස්සාද ගොඩනගන බව...තව විදිහකින් කීවොත් පංචඋපාදනස්ඛන්ධය සාදා අර්‍ය් දුක නිර්මාණය කරන බව නුවණැසින් අවබෝධ කර .....ඒ අවිද්‍යා සංකාරයෙන් සිත මුදවපු තැන තණ්හා ව එනම් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් නොබැඳි ම...එනම් ඇලීම ගැට්ම මුලාවෙන් මිදෙන බව නුවණැසින් දකින්න.....
      එයින් පිළිවෙලට චතුරාර්‍ය සත්‍යය ම හොදින් විදර්ශනාත්මකව සිත තුලින්ම විදර්ශනා කරමින් දකින්න ....එවිට ඔබටම වැටහෙයි....කෙසේ නම් මේ නිවන් සුවය තමා වෙත ලබගන්නේ..අනුනට කියා දෙන්නේ...ලෝවැසියනට යහපත වෙනුවෙන් අවිද්‍යා මුලාවෙන් තොරව මිනිසත් බව නිමවන තුරු ජිවත් වන්නේ...
      *රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සිතින් විපාකය පංචස්ඛන්ධය හා පටිච්ච වීමට පෙර සිත අවිද්‍යා වෙන් පටිච්ච වෙන බව හොදින් බලන්න.....
      *රගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් පටිච්ච වන්නේ අවිද්‍යා පටිච්චයට පසුව බව දකින්න.
      *එසේ නම් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදීමට පලමුව අවිද්‍යාවෙන් නොබැදි සිටිය යුතු බව දකින්න..*
      *අවිද්‍යා හිතේ ගොඩ නැගෙන්නේ නැති විට රගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සිත මිදෙන හැටි දකින්න...
      *රගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් එනම් තණ්හා නිරෝධය ...අවිද්‍යා නිරෝධය වීමත් සමගම නිරෝධ වෙන බව දකින්න....
      *තවද අවිද්‍යා වෙනුවට විද්‍යාව සිත තුළ ගොඩ නැගෙන විට මුලු අවිද්‍යා පච්චයා පටිච්ච සමුප්පාදය චක්‍රය ම නිරෝධය දකින්න.....
      *මෙයින් තේරුම් යයි....මේ දුක් රැසේ නිමාවන මගේ පිළිවෙල..මෙයයින් ආර්‍ය අෂ්ඨාන්ගික මාර්ගයේ ගමන් මග ද නිවනේ නිවීම ද දකින්න...

    • @lakshmilokuge7812
      @lakshmilokuge7812 4 ปีที่แล้ว

      @@Angela_is..online..people.. oba hari.theruwan saranai.sitha nivuna nam eya thamatama pasak wevi.

    • @manoricooray9899
      @manoricooray9899 ปีที่แล้ว

      🙏🙏🙏නිවනම වෙත්වා !!!

  • @sarathwickramage9690
    @sarathwickramage9690 4 ปีที่แล้ว +9

    Very clear and valuable presentation . It has clearly proved as no happiness and suffering on figures.

  • @peterpan9275
    @peterpan9275 ปีที่แล้ว

    සාදු සාදු සාදු .

  • @sumethradias9245
    @sumethradias9245 3 ปีที่แล้ว +4

    S සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Angela_is..online..people..
    @Angela_is..online..people.. 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබට...යමක් කීමට අතපසුවුවා...එනම් ඔබ කොතනද ඇලෙන්නේ ,ගැටෙන්නේ,මුලාවෙන්නේ යන්න ඔබගේ ජීවිතය තුළින් බලා එසේ වෙන විට සිතේ හට ගන්නා සිතුවිල්ල දෙස හොදින් බලන්න....
    එතනදී ඔබට දැක ගන්න හැකි වෙයි..ඔබේ සිතේ කැමැත්තක් ගොඩ නැගෙනවා ඒ මොහොතේ පවතින විපාකය ඔබේ කැමැත්තට පවත්වන්න..එනම් ඔබ සිතින් සිතු පැතු ලෙස විපාකය විද්‍යාමාන නම් ඔබ ඇලෙයි...එය ඔබේ කැමෙත්තෙන් පැතුමේ විරුද්ධව විද්‍යාමාන නම් ඔබ ඇලෙයි...මුලාවද ඔබ කැමැත අනුසාරයෙන් ම විද්‍යාමාන විපාකය වේ නම් ඒ නොදුක්කම නොසුක වේදනා තුළ ඔබ මුලාවේ...මෙහිදී විද්‍යාව උපදවනවා යන්න...ඒ විද්‍යාමාන විපාකය පෙර අවිද්‍යා සංකාරයෙන් තණ්හා වී උපාදානයක් නිර්මාණය වු හෙයින් ඇතිවු ඵලයක් ලෙස ද එය දැන් මේ මොහොතක් මොහොතක් පාසා ඔබේ සිතේ ඇති කැමැත්තට එනම් ඉච්චාවට ලබන්න බැරි බව නුවණැසින් දැක ....ඒ විද්‍යාමාන වු අසාර වු විපාකය විද්‍යාමාන වු පසු ඒ වෙනුවෙන් කැමති අකමැති සාදා එනම් එය වසගයේ පවත්වන්න ඕන කියා ගන්නා අවිද්‍යා සංකාරය හෙයින් ඒ විද්‍යාමාන විපාකය හා ඇලිම් ගැටිම් මෝහ එනම් රාග ද්වේෂ මෝහ යන් සිත තුළ ගොඩ නගා එය විද්‍යාමාන විපාක පංචස්ඛන්ධය හා පටිච්චයක් එනම් රාග ද්වේෂ මෝහ පටිච්ච නිර්මාණය කරගන්නවා...එනම් අස්සාද ගොඩනගන බව...තව විදිහකින් කීවොත් පංචඋපාදනස්ඛන්ධය සාදා අර්‍ය් දුක නිර්මාණය කරන බව නුවණැසින් අවබෝධ කර .....ඒ අවිද්‍යා සංකාරයෙන් සිත මුදවපු තැන තණ්හා ව එනම් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් නොබැඳි ම...එනම් ඇලීම ගැට්ම මුලාවෙන් මිදෙන බව නුවණැසින් දකින්න.....
    එයින් පිළිවෙලට චතුරාර්‍ය සත්‍යය ම හොදින් විදර්ශනාත්මකව සිත තුලින්ම විදර්ශනා කරමින් දකින්න ....එවිට ඔබටම වැටහෙයි....කෙසේ නම් මේ නිවන් සුවය තමා වෙත ලබගන්නේ..අනුනට කියා දෙන්නේ...ලෝවැසියනට යහපත වෙනුවෙන් අවිද්‍යා මුලාවෙන් තොරව මිනිසත් බව නිමවන තුරු ජිවත් වන්නේ...
    *රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සිතින් විපාකය පංචස්ඛන්ධය හා පටිච්ච වීමට පෙර සිත අවිද්‍යා වෙන් පටිච්ච වෙන බව හොදින් බලන්න.....
    *රගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් පටිච්ච වන්නේ අවිද්‍යා පටිච්චයට පසුව බව දකින්න.
    *එසේ නම් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදීමට පලමුව අවිද්‍යාවෙන් නොබැදි සිටිය යුතු බව දකින්න..*
    *අවිද්‍යා හිතේ ගොඩ නැගෙන්නේ නැති විට රගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සිත මිදෙන හැටි දකින්න...
    *රගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් එනම් තණ්හා නිරෝධය ...අවිද්‍යා නිරෝධය වීමත් සමගම නිරෝධ වෙන බව දකින්න....
    *තවද අවිද්‍යා වෙනුවට විද්‍යාව සිත තුළ ගොඩ නැගෙන විට මුලු අවිද්‍යා පච්චයා පටිච්ච සමුප්පාදය චක්‍රය ම නිරෝධය දකින්න.....
    *මෙයින් තේරුම් යයි....මේ දුක් රැසේ නිමාවන මගේ පිළිවෙල..මෙයයින් ආර්‍ය අෂ්ඨාන්ගික මාර්ගයේ ගමන් මග ද නිවනේ නිවීම ද දකින්න...

  • @upali42
    @upali42 4 ปีที่แล้ว +7

    It is good if every Buddhist priest could clear the correct path to attain utmost bliss of Buddhists.

  • @mallikamenike1809
    @mallikamenike1809 ปีที่แล้ว

    godak watinawa swamin wahansa

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 ปีที่แล้ว

    🙏🙏🙏සැමට නිවන්මග වැටහේවා!🙏🙏🙏

  • @nadeeshasandamali5776
    @nadeeshasandamali5776 4 ปีที่แล้ว +6

    Oba wahanseta mage namaskaraya wewa...

  • @deepanimarasinghe9451
    @deepanimarasinghe9451 4 ปีที่แล้ว +6

    Sadu sadu sadu..

  • @mallikaweerabahu6125
    @mallikaweerabahu6125 9 หลายเดือนก่อน

    Namaskarawewa sadu.sadu sadu

  • @amandadias9832
    @amandadias9832 4 ปีที่แล้ว +5

    Hodatama watahuna bohoma pin.

  • @maduratube9903
    @maduratube9903 4 ปีที่แล้ว +8

    මේ දේශනාවෙ කමෙන්ට්ස් බලද්දි තේරෙනවා ඕස්ට්‍රේලියාවෙ මෙල්බර්න් නුවර වැසියන්ගෙ පුදුම වෙනසක්. කාලයක් තිස්සෙ බණ අහලා ලොකු වෙනසක් වෙලා තියෙන බව පේනවා. බොහොම සන්තෝසයි. ගුරුන්ටත් ආඩම්බර වෙන්න පුලුවන්.

  • @slrawana
    @slrawana ปีที่แล้ว +4

    00:14:35 මොළියසීවක සූත්‍රය
    00:17:05 දසධම්ම සූත්‍රය
    00:20:15 කුක්කුරවතිය සූත්‍රය
    00:28:48 වරදවාගත් රූප උපේක්කා යන මාතෘකා පාලිය
    00:42:55 සලායතනවල විපාක ස්වභාවය
    00:43:18 පංච ඉන්‍ද්‍රියට ආස්වාද විදිය නොහැකි බව - (උණ්ණහ බ්‍රාහ්මණ සූත්‍රය)
    00:51:13 මන ධම්ම - (ආයතන විභංගය)
    01:00:20 ධම්ම නිර්මාණය වන ආකාරය - (පටිච්ඡසමුප්පාද විභංගය)
    01:07:28 කුසල විපාක ස්වභාවය - (පටිච්ඡසමුප්පාද විභංගය)
    01:30:55 මනොධාතු නිර්මාණය වන්නේ පංච ඉන්‍ද්‍රියෙන් පසුව බව - (ධාතු විභංගය)
    01:43:00 මනොධාතුව හටගන්නේ කෙසේද යන්න - (පටිච්ඡසමුප්පාද විභංගය)
    01:44:24 මනොවිඤ්ඤාණධාතු නිර්මාණය වන්නේ ඉන්‍ද්‍රියයන් හයෙන් ම බව - (පටිච්ඡසමුප්පාද විභංගය)
    02:16:40 නිර්මාණය වුන මන සෑම විටම ස්පර්ශයට සම්ප්‍රයුක්ත බව - (ආයතන විභංගය)
    02:23:58 මනොවිඤ්ඤාණධාතු විස්තරය තව දුරටත් - (පටිච්ඡසමුප්පාද විභංගය)
    02:49:26 අකුසල විපාක ස්වභාවය - (පටිච්ඡසමුප්පාද විභංගය)
    02:53:18 විපාක (කුසල අකුසල උපේක්‍ෂා සාරංශ සටහන)
    02:56:39 ධාතු විභංගය, පචිච්චසමුප්පාදය විභංගය සහ ආයතන විභංගය න් හි සඳහන් විපාක සංසන්දනය
    03:11:05 අභිසංකාර - (පෙටකොපදේසෙ)
    03:13:38 "විපරීනාම දුක්ඛ" යන මාතෘකා පාලියේ අදහස "සුවයෙහි රාගයෙන් බැඳීමෙන් හටගැනීම" ඉහත සිදු කළ විස්තරය අනුව ගැනෙන බව
    03:31:25 ඉහත සාකච්ඡාව සම්බන්ධ මාතෘකා පාලිය - (පහාන සූත්‍රය)
    03:37:02 දුක්ඛදුක්ඛ සඬඛාරදුක්ඛ විපරිනාමදුක්ඛ - (දුක්ඛතා සූත්‍රය)
    03:39:00 පටිච්ඡසමුප්පාදයේ වේදනාව යනු අස්සාදය බව - (නිදාන සූත්‍රය)
    03:41:00 අන්‍යතර චේතොවිමුක්තියේ පටිච්ඡසමුප්පාදය - (පටිච්ඡසමුප්පාද විභංගය)
    03:43:38 ලෝකොත්තර දැහැන් වල පටිච්ඡසමුප්පාදය - (පටිච්ඡසමුප්පාද විභංගය)
    03:50:00 ආර්ය සාසනයේ දුක යනු පංච කාම අස්සාදය බවත් එයට භය වියයුතු බවත් - (ලටුකිකොපම සූත්‍රය)
    03:51:04 වෙදනාප්‍රත්‍යයෙන් උපදන තෘෂ්ණා (රූපතෘෂ්ණා, ශබ්දතෘෂ්ණා, ගන්ධතෘෂ්ණා, රසතෘෂ්ණා, ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා, ධර්මතෘෂ්ණා) - (පටිච්ඡසමුප්පාද විභංගය)

  • @hansdrulex6546
    @hansdrulex6546 ปีที่แล้ว +1

    P.N.S.Perera ⚘SADU 🌺SADU 🌺SADU🌹🌹🌹SIyalu Sathwayo Nibbana Parama Sukayen Sukitha Thara Wethwa 🌹🌹🌹

  • @mmanojani
    @mmanojani ปีที่แล้ว +1

    Please enable to download this.

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 2 ปีที่แล้ว +3

    🙏🙏.....🙏

  • @wijeratnawijeratna9043
    @wijeratnawijeratna9043 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sarasiwijesinghe2163
    @sarasiwijesinghe2163 2 ปีที่แล้ว +3

    🙏

  • @irangadissanayake8614
    @irangadissanayake8614 3 ปีที่แล้ว +4

    💐🙏💐🙏💐🙏💐

  • @samanthaekanayake3611
    @samanthaekanayake3611 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @chaayakulathunga2845
    @chaayakulathunga2845 2 ปีที่แล้ว +3

    🙏🏼🙏🏼🙏🏼

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshyadananjani6980
    @lakshyadananjani6980 3 ปีที่แล้ว +2

    sadhu sadhu sadhu sadhu !!!!!

  • @SujeewaniSriyamala-ul1hl
    @SujeewaniSriyamala-ul1hl ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukawaduthanthri5601
    @renukawaduthanthri5601 10 หลายเดือนก่อน

    හොදින්ම මෙනෙහි කර සුවි සුද්ධ සද්ධර්ම ශ්‍රවණය කල හැක.

  • @lalithcosta5715
    @lalithcosta5715 4 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ

  • @අරණ-ඤ3ය
    @අරණ-ඤ3ය 10 หลายเดือนก่อน

    3:18:30 හැම දෙයක්ම කර්මයද? මන ධම්ම හරහා විතරද සැප දුක් උපේක්ෂා එන්නෙ ? අනිත් ආකාර 7 පිලිබද විස්තරයක්

  • @manjulakumara6283
    @manjulakumara6283 2 ปีที่แล้ว +1

    මේ හැමදෙයක්ම කතාකරන්නේ කාලය කියන මානයේ සිටයි.

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 6 หลายเดือนก่อน

    Sadu Sadu Sadu🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @priyangikaedirisingha7168
    @priyangikaedirisingha7168 4 ปีที่แล้ว +5

    nibbana paraa sukayen sukitha thara wethwa!!

  • @samantharodrigo9857
    @samantharodrigo9857 4 ปีที่แล้ว +7

    මන ධම්ම විග්‍රහයේ එන සැප දුක් උපේක්ෂා වේදනා චෛතසිකයට දැනෙන වේදනාවයි .
    අප නිවන් දැකීමට පත් විය යුත්තේ මෙම උපේක්ෂාවට නොව අපේක්ෂාවෙන් තොර වීමෙන් ලැබෙන උපේක්ෂාවටයි .
    මෙම උපේක්ෂාව වේදනා චෛතසිකයට නොව ප්‍රඥා චෛතසිකයට දැනෙන උපේක්ෂාවයි .

    • @nihalgoonathilake9886
      @nihalgoonathilake9886 4 ปีที่แล้ว

      අභය හාමුදුරුවෝ කියන්නේ මන ධම්ම (aura) වල තියන සැප දුක උපේක්ෂා ගැනනේ. වේදනා චෛතසිකය ගැන තමා.
      එතකොට අභය හාමුදුරුවෝ නියන දේ නිවන් දකින්න වැඩක් තියනවාද ? නැද්ද ? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද?

    • @anuraroshan1211
      @anuraroshan1211 4 ปีที่แล้ว

      @@nihalgoonathilake9886 මහත්මයා ඔබත් බන අසා සෝවහන් වීමට උත්සහ ගන්නෙක්ද? ඇයිමේ වටිනා මනුස්ස ජීවිතය නිකරුනේ කා දමන්නේ. මේ හාමුදුරුවෝ හරියට බන වරද්දනව පමනක් නොව, වෙනස් කර කියනව. ඇයි ඔබලා සතර සතිපට්ටානය වැඩීමට ඔතරම් බය. එය ඉතා ප්‍රායෝගික මෙන්ම භාවනාව නිසි ආකාරව කරනා සෑම විටම එතන එතන ප්‍රතිපල ගෙනදේ. ඔය කොතරම් ත්‍රිපිටකය කට පාඩම් කලත් එය ප්‍රායෝගිකව බාවිතා නොකරන තාක්කල ඔබලාට කිසිම ප්‍රතිපලය නොලැබේ.
      මේ ගැන හිතා බලන්න. ඔය හිතන තරම් ආනාපාන සතිය ( සතර සති පට්ටානය අමාරු නැත. )
      තෙරුවන් සරනයි ...

    • @anuraroshan1211
      @anuraroshan1211 4 ปีที่แล้ว

      @@dumindu3961 සතර සතිපට්ටානය සූත්‍රය දේශනා කරන කොට ඒ ටික කියන්න බුදු හාමුදුරුවන්ට අමතක වෙන්නැති. ඉස්සෙල්ල බන අසා සෝවන් වී පසුව භාවනා කරන්න කියල..
      ...අපි එහෙම හිතමුකෝ.....

    • @anuraroshan1211
      @anuraroshan1211 4 ปีที่แล้ว

      @@dumindu3961
      බන කියා මර්ග පලවලට පත්වුන ඔනෑතරම් අවස්තා ත්‍රිපිටකයේ ඇත. මන්ද බුදුහිමි ඒ ඒ පුද්ගලයන්ගේ පේර ආත්ම දීහා බලා දැන් තියෙන මනසිකත්වය බලා තමා දර්මය දේශනා කලේ...
      කොන්ඩන්ජ තාපසයා දුන්න පිලිතුරෙන්ම තේරෙනවා ඔහු විදර්ශනාවන් මෙනෙහි කර ලැබු ජානයෙගැන පැවසූ බව.....
      ඔබලාගෙ ඔය කන්ඩායම සුත්‍රය සම්පුර්නයෙන් කියවන්නෙ නැතුව බාගෙට කියවලා බන කියනවා කියල.
      ඔබ අප සියලු දේනාගැනම අනුකම්පා කරලා ධම්මක්චක්ක සුත්‍රය මුලසිට අගට හෙමිහිට කියවා ඊට පස්සෙ පහල ප්‍රශ්න දෙකට උත්තර දෙන්න.
      1) කොන්ඩජ්න තවුසා එම බන අසා බුන්ට දුන් පිලිතුර කුමක්ද?..
      2) එවිට බුදුහිමි දුන් පිලිතුර කුමක්ද?
      කොන්ඩජ්න තවුසා ගැන ඔබ හරි හැටි කාරනා නොදැනයි ඔහොම කියන්නේ..
      - ඔබ දැනසිටියාද එතුමන් ඒවෙනවිට හත්වන ලවුකික අරුප ද්‍යානය ප්‍රගුන කල සිටි තස්පසයෙක් බව?
      - ඔබ දැන සිටියාද ? පස්වග මහනුන් ගවුතම ශාසනයේ ප්‍රතමයෙන්ප පැවදි වීමට පෙරුම් පුරා කල්ප ගානක් සසර ප්‍රර්තනා කර භවනා කර කර මේ සසර ආ බව.
      - ඔබ දන සිටියාද කොන්ඩජ්ජ තවුසා ප්‍රතමයෙන් සෝවන්වීමට ප්‍රර්තනා කරමින් කල්ප කීයක් විදර්ශනා භාවනාව වඩමින් මේසසර ආවද කියා.
      ඉතින් ඔබ ඕවා නොදැන මේ ප්‍රශ්න අහනවනම් කම් නැත, නමුත් ඔබල සියලු තිපිටකය පරිසීලනය කර ඇතැයි මම සිතමි.
      දැන් ඔබතුමාත් ඔබෙගේ කන්ඩායමත් 100 ය පාරක් පමන මේ සුත්‍රය කියවා ඇතිනේ , ඉතින් ඔබතුමා හා ඔය කන්ඩායමේ කී දෙනෙට්ට කෙලෙස්කපා මාර්ගල යක් හෝ අවබෝද වීද?
      ඔය ධම්මක්චක්කක් සුත්‍රය දේශනා කලේ කාම ලෝකයෙන් නික්ම අවුරුදු ගානක් ලව්කික භාවනා කර 7 වන අරූප ද්‍යානයේ සිටි බමුනන් 5 ස් දෙනෙක්ට බව ඔබ තුමාට අමතක වී යෑම කන ගාටුවට කරුනකි.
      කාගේවත් සිත් තුල ද්වේශයක් හට නොගනීවා......
      තෙරුවන් සරනයි ....

    • @anuraroshan1211
      @anuraroshan1211 4 ปีที่แล้ว +1

      @@dumindu3961 ඔබ තුමාගේ සිතේ දිවේශයක් හට නොගනීවා....
      විදර්ශනා භාවනාව වඩන ඕන කෙනෙක්ට කියවපු පලවෙනි පරම කොන්ඩන්ජ් බමුනා බුදුන්ට බනාඅසා දුන් පිලිතුර දම්මක්චක්කක් සුත්‍රය කියවපු හැටියෙම තෙරෙනව.
      ඉතින් ඔබතුම වම්විදර්ශනා භාවනාවට මුල ඉදන්ම නිගා කරන නිසාත් එය මෙපමන වයස ගියමුත් තාමත් අඩුම තරමෙ කුමක්ද්ද කියා වත් දන්නැති නිසාත් එය තේරුම් ගන්න බැහැ.
      ඔබ මට ඉතා මත් කරුනාවෙන් කියා දෙන්න ඔබතුමාලා හිතන විදියට "" ලෞකික භාවනාවක් යනු කිමෙක්ද? ලෝකෝත්තර භාවනාවක් යනු කිමෙද්ද කියා? ඒ දෙක වඩන්නේ කෙසේද කියා වෙන වෙනම කියා දෙන්න. ""
      ඔබ මට වඩා ඉතා සෑහෙන ලෙස ත්‍රිපිටකය පරිසීලනය කර ඇතිනිසා ඉහත ප්‍රශ්න දෙක ඉතා සරල වේයැයි සිත්මි..
      ඔබ තුමාට යහපතක්ම වේවා, වෛරීසිත් පහල නොවේවා, මෙතන මා අතින් යම් තරහ යන දෙයක් ලියවී ඇත්නම් මට සමාවෙත්වා.....
      ඊට පසු මම දම්මක්චක්කක් පවත්තන සුත්‍රයේ විදසුන් වඩපු එනෙකු විසින් දෙන ලද පිලිතුර ඉතා කරුනාවෙන් පහදා දෙන්නම්..

  • @ramanimudunkotuwa2037
    @ramanimudunkotuwa2037 4 ปีที่แล้ว +4

    සාධු..!!! සාධු..!!

  • @kusumalathamatale9242
    @kusumalathamatale9242 4 ปีที่แล้ว +3

    🙏🙏😏

  • @pageritewali2518
    @pageritewali2518 ปีที่แล้ว

    Always refers books, DAMMA can't have an authority. One should See that first.

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 4 ปีที่แล้ว +1

    ar yayanwahanse namakage darma desanawakata upahasa karala comments liyanna epa

  • @nihalgoonathilake9886
    @nihalgoonathilake9886 4 ปีที่แล้ว +2

    3:04:10 - ඔබ වහන්සේ කියනවා "අරව මේවා අනිච්චයි, කියලා කටත් ගෙවිලා තියෙන්නේ කියල.", අනිච්චයි කිය කියා ඉන්න ඕනේ නෑ, මොනවත් නැත්තම් බොහොම ලේසියෙන් නිදහස් වෙන්න පුළුවන් කියල.
    ඔබ වහන්සේ මෙතන "අනිච්ච නොකියා", රූප,... ස්පර්ශ උපේක්ෂා නිදහස් වෙන ක්‍රමයයි, "මම නෑ, බාහිර කිසිවක් නෑ " කියල නිදහස් වෙන ක්‍රමයයි අතර වෙනස කුමක් ද ?

    • @lslyjayawardhna6395
      @lslyjayawardhna6395 4 ปีที่แล้ว +1

      nihal obe duhta chethanawa ahak karagena niwanmage yanna

    • @koonisr
      @koonisr ปีที่แล้ว +1

      mukuth nathnam, nidahas wenna dekuth nahane, mukuth nokara kaala beela nidaa ganna.

  • @silvamalarathnaseeli3098
    @silvamalarathnaseeli3098 4 ปีที่แล้ว +1

    ²

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 4 ปีที่แล้ว

    nihal nam rahath welama thama

  • @manjulakumara6283
    @manjulakumara6283 2 ปีที่แล้ว

    මම හිතන්නේ මේ ක්‍රමයට යාහැක්කේ ටික දුරයි. වන්ගීස හාමුදුරුවන් ගේ ක්‍රමය මීටවඩා ගොඩක් ඉහලයි.

  • @nihalgoonathilake9886
    @nihalgoonathilake9886 4 ปีที่แล้ว +4

    3:04:32 - ඔබ වහන්සේ කියනවා "නිකම් නිදහස් කරන්න තියන ලේසි ක්‍රමේ මේක කියල - පන යනකම් රුප අනිච්චයි දුක්කයි අසාරයි කියා කියා ඉන්නවට වඩා, රුප අනිච්චයි දුක්කයි අසාරයි කියල කටත් ගෙවිලා තියෙන්නේ කියල.... (හිනත් වෙනවා)"
    බුදු පියාණන් වහන්සේ රූපයෙන් මිදෙන්න දුන්න ක්‍රමේට මේ වගේ "අපහාස" කරලා හිනා වෙන එක නම් හරි කියල හිතෙන්නේ නෑ ...
    වහරක හාමුදුරුවෝ වත් කිව්වේ නෑ නේ "අනිච්ච දුක්ක අනත්ත" වලින් හැර වෙන කෙටි ක්‍රම වලින් රාග ද්වේශ මෝහ වලින් මිදෙන්න පුළුවන් කියල...
    අනිත් එක බුදු පියාණන් දෙන්නේ මිදෙන්න තියන ලේසිම ක්‍රමය නේද ?
    අනුබුදු කෙනෙක් දෙන්නෙත් ඒ ක්‍රමය මයි ? ඊට වඩා ලේසි ක්‍රම තියෙන්න බෑ නේද ?

    • @nihalgoonathilake9886
      @nihalgoonathilake9886 4 ปีที่แล้ว +1

      @@dumindu3961 නෑ, ඒක වැරදියි කියල අහගත්තෙ අභය ස්වාමින්ව්හන්සේගෙන්ම තමා...
      පුළුවන් නම් මේකට උත්තරයක් දෙන්න විහිළු සපයන්නේ නැතුව...
      "රුපයේ ආශ්වාද නෑ, ඒ හින්ද ස්පර්ශ ආයතන පිනවන්න තියන කැමැත්ත ඉෂ්ට කරන්නේ නෑ " කියල දකින එකද "විද්‍යාව" ?
      මෙහෙම කියන එකයි, මම නෑ කියන එකයි දෙකම එකම ආකාරයේ දෘෂ්ටි දෙකක් නේද ?

    • @nihalgoonathilake9886
      @nihalgoonathilake9886 4 ปีที่แล้ว +2

      @@dumindu3961 ​ සිවු සස් කියන්නේ අනිත්‍ය වැරදියි කියල දෙන එක නෙවේ. "අනිච්ච" හරියට කියල දෙන එකටයි.
      ඔය හැමතැනම මම ගිහින් තියනවා...
      නිසල අරණේ ගිහින් ගැටළු ඉදිරිපත් කරන්නේ කාටද ? ඒ ඉන්න කහපාට ටැග් එල්ල ගත්ත මිනිස්සු ටිකට අභය හාමුදුරුවන් කියන දේ වත් හරියට කියා ගන්න බැරුව. ප්‍රශ්නයක් ඇහුවම උඩ බිම බලනවා... ඔයාට තේරෙන්නේ නෑ කියනවා...
      දැහැන් නොවඩුන එක නෙවේ මට තියන ප්‍රශ්නය.. (ඔබ තුමා ඇහුව හින්ද කියන්නම්, මට හොඳට දැහැන් වැඩෙනවා... දැහැන් නොවැඩෙන ප්‍රශ්නයක් නෑ)
      හැම එකක්ම දැහැන් වැඩෙන නොවැඩෙන එකෙන් මනින්න යන්න එපා... දැහනක් වැඩුන කියල වැඩුන දැහැන ආර්ය එකක් ද / අනාර්ය එකක් ද කියල තීරණය කරන්න කලින්...
      දැහනක් වැඩුන කියල තමන්ට ධර්මය අවබෝධ වෙලා තියනවා කියල ත්‍රිපිටකේ කොහෙද තියෙන්නේ ?
      "දුටු නිවන" කියන්නේ අනිච්ච එහෙම නැත්තම් චතුරාර්‍ය සත්‍යය මෙනෙහි කරන එක මිසක්, ඔය කියන එක නෙවේ...

    • @nihalgoonathilake9886
      @nihalgoonathilake9886 4 ปีที่แล้ว

      @@dumindu3961 table එක තියෙන්නේ වහලෙ එල්ලලා. පොළව උඩ නෙවේ... හරි ද?

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi3023 4 ปีที่แล้ว

    2:44:00 --

  • @ksamarabandu4152
    @ksamarabandu4152 4 ปีที่แล้ว

    Uh

  • @chulaniedirisinghe7761
    @chulaniedirisinghe7761 4 ปีที่แล้ว +4

    Time 19:54 ගරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මෙතන දේශනා කරන දේ එකකට එකක් පරස්පරයි නේ. "කර්ම සම්බන්ධයක් එනවම තමයි හැබැයි සියල්ල කර්මයෙන් නෙමෙයි වෙන්නෙ"
    මුල අගට ගළපන්න බැහැ, අග මුලට ගළපන්න බෑ නේද ? බුද්ධ දේශනාව එහෙම වෙන්න බැහැනේ ,ඔබ වහන්සේගේ අර්ථකථනයේ අඩුපාඩුවක් තියෙනවා. නැවත එම සූත්‍රය කියවා බලන මෙන් ඉල්ලා සිටිමි.

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 ปีที่แล้ว

      දැන්වත් තේරුම් අරගෙනද ඉන්නෙ..තාමත් බැරි උනාද...?

    • @koonisr
      @koonisr ปีที่แล้ว

      oyata kiyapu eka therila naha.

  • @nihalgoonathilake9886
    @nihalgoonathilake9886 4 ปีที่แล้ว +1

    3:05:23 - මම නෑ, කිසිවක් නෑ කියල සතර අපායේ යනවා කියල ඔබවහන්සේ කියනවා මෙතන,
    එහෙම කියල "රුපයේ ආශ්වාද නෑ" කියල තේරුම් ගන්න එක "විද්‍යාව" කියලනේ ඔබවහන්සේ මෙතන කියන්නේ...
    "රුපයේ ආශ්වාද නෑ, ඒ හින්ද කැමැත්ත ඉෂ්ට කරන්නේ නෑ " කියල දකින එකද "විද්‍යාව" ?
    මෙහෙම කියන එකයි, මම නෑ කියන එකයි දෙකම එකම ආකාරයේ දෘෂ්ටි දෙකක් නේද ? කරුණා වෙන් පහදලා දෙන්න..

    • @nihalgoonathilake9886
      @nihalgoonathilake9886 4 ปีที่แล้ว +1

      @@dumindu3961 නෑ, ඒක වැරදියි කියල අහගත්තෙ අභය ස්වාමින්ව්හන්සේගෙන්ම තමා...
      පුළුවන් නම් මේකට උත්තරයක් දෙන්න විහිළු සපයන්නේ නැතුව...
      "රුපයේ ආශ්වාද නෑ, ඒ හින්ද ස්පර්ශ ආයතන පිනවන්න තියන කැමැත්ත ඉෂ්ට කරන්නේ නෑ " කියල දකින එකද "විද්‍යාව" ?
      මෙහෙම කියන එකයි, මම නෑ කියන එකයි දෙකම එකම ආකාරයේ දෘෂ්ටි දෙකක් නේද ?

    • @nihalgoonathilake9886
      @nihalgoonathilake9886 4 ปีที่แล้ว +2

      ​@@dumindu3961 සිවු සස් කියන්නේ අනිත්‍ය වැරදියි කියල දෙන එක නෙවේ. "අනිච්ච" හරියට කියල දෙන එකටයි.
      ඔය හැමතැනම මම ගිහින් තියනවා...
      නිසල අරණේ ගිහින් ගැටළු ඉදිරිපත් කරන්නේ කාටද ? ඒ ඉන්න කහපාට ටැග් එල්ල ගත්ත මිනිස්සු ටිකට අභය හාමුදුරුවන් කියන දේ වත් හරියට කියා ගන්න බැරුව. ප්‍රශ්නයක් ඇහුවම උඩ බිම බලනවා... ඔයාට තේරෙන්නේ නෑ කියනවා...
      දැහැන් නොවඩුන එක නෙවේ මට තියන ප්‍රශ්නය.. (ඔබ තුමා ඇහුව හින්ද කියන්නම්, මට හොඳට දැහැන් වැඩෙනවා... දැහැන් නොවැඩෙන ප්‍රශ්නයක් නෑ)
      හැම එකක්ම දැහැන් වැඩෙන නොවැඩෙන එකෙන් මනින්න යන්න එපා... දැහනක් වැඩුන කියල වැඩුන දැහැන ආර්ය එකක් ද / අනාර්ය එකක් ද කියල තීරණය කරන්න කලින්...
      දැහනක් වැඩුන කියල තමන්ට ධර්මය අවබෝධ වෙලා තියනවා කියල ත්‍රිපිටකේ කොහෙද තියෙන්නේ ?
      "දුටු නිවන" කියන්නේ අනිච්ච එහෙම නැත්තම් චතුරාර්‍ය සත්‍යය මෙනෙහි කරන එක මිසක්, ඔය කියන එක නෙවේ...

    • @nihalgoonathilake9886
      @nihalgoonathilake9886 4 ปีที่แล้ว +1

      ​@@dumindu3961 ඔයා සංවිධායක මඩුල්ලේ බව නම් පේනවා...
      මගේ නම search කරලා බලන්න ඔයාලගේ database එකේ, ID නොම්බරේ ඉඳන් ඔක්කොම හොයා ගන්න පුළුවන්...
      "මේසේ" නෙවේ විතරක් නෙවේ, සංවිධායක මඩුල්ලේ වැඩ කිඩ ඔක්කොම ටික කියල දෙන්නම් ඕනේ නම්... ඒත් එව්වා මෙතන කිව්වට වැඩක් නෑ නේ..
      නිසල අරණේ ප්‍රශ්නයක් අහපුවාම කරන දේම මෙතන කරන්නේ නැතුව (විහිලු සපයන්නේ නැතුව), පුළුවන් නම් මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න.

    • @CJ-ni3jz
      @CJ-ni3jz 4 ปีที่แล้ว

      @@dumindu3961 මහත්තයෝ මෙතන ධර්ම කරුණු නේ අහන්නේ , සංවිදායක මණ්ඩලේ කරපු කියුම් කෙරුම් ටික ඇහුවේ නැ නේ , ඒ ගැන කථා කරන්න ඕනේ නම් ඒ ගැන කථා කරන්න පුළුවන්. කාගෙන්ද උනේ මොනවද උනේ කියල ලෝකේ දන්නේ නැති ටික මෙතන අහගන්න එපා , උඩ බලලා කෙළ ගහගන්න එපා

    • @nihalgoonathilake9886
      @nihalgoonathilake9886 4 ปีที่แล้ว +1

      @@dumindu3961 ඔන්න ඔහොම තමා නිසල අරණේ සංවිධායක මඩුල්ල දෙන උත්තර ...
      ප්‍රශ්නය : "රුපයේ ආශ්වාද නෑ, ඒ හින්ද කැමැත්ත ඉෂ්ට කරන්නේ නෑ " කියල දකින එකද "විද්‍යාව" ?
      නිසල අරණේ සංවිධායක මඩුල්ලේ උත්තරය : ඔබ නිසල අරණට ඇවිත් තියනවා ද ? සංවිධායක මණ්ඩලේ table එක තියෙන තැන​ කොතනද ?
      ඔය වගේ විහිළු සපයන අයගෙන් ප්‍රශ්න අහල වැඩක් නැති නිසා තමා ප්‍රශ්න මෙතන අහන්නේ, කවුරු හරි ස්වාමින්වහන්සේට යොමු කරයි කියල හිතල...
      Australia වල Melbourne මිනිස්සු ප්‍රශ්න අහල ස්වාමින්වහන්සේ උත්තර දෙන්නේ නැතුව වැඩියා... දැන් ප්‍රශ්න අහන්න කියනවා අර කොහේදෝ ඈතකට ගිහින්...
      අපිට ඒ රටට යන්න කියල ද කියන්නේ ප්‍රශ්න වලට උත්තර අහ ගන්න ?
      ඒකයි මෙතන අහන්නේ, මේවා කියවල එක්කෝ ස්වාමින්වහන්සේ උත්තරයක් දෙයි, එක්කෝ මේවා කියවන මනුස්සයෙක් මේ ප්‍රශ්නයක් අහයි කියල හිතල...

  • @SamanRathnayake
    @SamanRathnayake 4 ปีที่แล้ว +3

    3:41:30 දී විස්තර කරන විමුක්තායතන සූත්‍රයේ අන්‍යතර චේතෝවිමුක්තියෙන් නිවන් දකින්නේ බුදු පසේබුදුවරු විතරයි.

    • @nihalgoonathilake9886
      @nihalgoonathilake9886 4 ปีที่แล้ว +1

      බීරි අලියන්ට වීනා වයල වැඩක් නෑ සමන් මහත්මයා...
      අපරාදේ වීනාව ගෙවෙනවා විතරයි...

    • @nihalgoonathilake9886
      @nihalgoonathilake9886 4 ปีที่แล้ว +1

      සූත්‍රයක් සම්පූර්ණ⁣යෙන් කියවල තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට විතරයි ඔබ තුමන් කියල තියන දේ තේරෙන්නේ.
      අභය ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ මතයට අදාළ සූත්‍ර කොටස් විතරයි පෙන්වන්නේ. අනිත් කොටස් එක්කෝ ⁣පේන්නේ නෑ, එක්කෝ හිතාමතාම මග හරිනවා.
      වැරදි පෙන්වා දුන්නම ඒ අයට තේරෙන්නේ නෑ කියල නිග්‍රහ කරනවා...

    • @nihalgoonathilake9886
      @nihalgoonathilake9886 4 ปีที่แล้ว +1

      @@chathumadhu2269 අනේ අම්මපා මේ Chathu Madhu නෝනා අභය හාමුදුරුවෝ දෙසා බාන ඕනේ දෙයක් ත්‍රිපිටකේටත් ඉහළින් පිළි+ගන්නවා නේ.
      විමුක්තායතන සූත්‍රයේ විස්තර කරන්නේ මොකද්ද කියලයි, පස්වැන්න ගැන කියල තියෙන්නේ මොකද්ද කියලයි "උන්ඩුකපුච්චයෙන්" නැතුව ඇස් දෙකෙන් කියවල බලන්න. ඒ කරල පොඩ්ඩක් හිතල බලන්න තව එක පාරක් වත්...
      තේරුනේ නැත්තම් අභය හිමියන් හරි කියල ගන්න...

    • @SamanRathnayake
      @SamanRathnayake 4 ปีที่แล้ว

      @@chathumadhu2269 විමුක්තායතන සූත්‍රයේ 5 වෙනි එකේ "යම් පරිදි භික්ෂූහු විසින් අන්‍යතර සමාධි නිමිත්තක් ගන්නේ ලද්දේ වෙයි" කියලා... එහෙම බැලුවොත් නම් මේ සාසනයේ ඕනෑම භික්ෂූ කෙනෙක්ට ඔය විදිහට හුලං භාවනා වලින් නිවන් දකින්න පුළුවන්. මොකද ඒකේ කියලා නෑ "සෝවාන් වුන කෙනාටයි" ඒක තියෙන්නේ කියලා...ඒක මනසිකාර සූත්‍රය එක්ක ගැලපෙන්නෙත් නෑ...දහමක් නැති කාලෙක බුදුපසේ බුදුවරු බුද්ධහත්වයට පත්වෙන්න සමාධියක් හදාගන්නේ ලෞකික ධ්‍යානයකින්. බුද්ධත්වයට පත් වෙන්නේ 4 වෙනි ධ්‍යානයට ගිහින්. සෝවාන් වුන කෙනෙක්ට අන්‍යතර චේතෝවිමුක්තියෙන් රහත් වෙන්න පුළුවන් නම් බුදුන්වහන්සේ හොයාගන තියෙන්නේ සෝවාන් වෙන ක්‍රමය විතරයි.

    • @nihalgoonathilake9886
      @nihalgoonathilake9886 4 ปีที่แล้ว +1

      @@dumindu3961 හරියටම හරි, මම කියල තියනවද එහෙම නෙවේ කියල ? ඇයි ඔබ තුමා එහෙම ඇහුවේ ?
      මුලින් දහම අහල චතුරාර්‍ය සත්‍යය දැනගන්න ඕනේ. ඇහුවේ චතුරාර්‍ය සත්‍ය නෙවේ නම්, ඒත් චතුරාර්‍ය සත්‍යය කියල හිතාගෙන ඉන්නවා නම් ඒක ප්‍රශ්නයක් හැබැයි.
      චතුරාර්‍ය සත්‍යය කෙනෙක් පෙන්වල දෙද්දී , තමන් හිතාගෙන ඉන්න එක හෙල්ලෙනවා නම්, කැඩිලා බිඳිලා යනව නම්, තමන් කලින් දැනගෙන හිටපු එක හරිද කියල review කරලා බලන්න.
      මුලින් ත්‍රිපිටකේ කියවන්න කියල, මිනිස්සු ත්‍රිපිටකේ කියවල ප්‍රශ්න අහද්දී, සුතමය ඥානය තියෙන්න ඕනේ කියල මග ඇරලා ගිහින් හරියන්නේ නෑ. සුතමය ඥාන, චින්තාමය ප්‍රඥා ලැබූ අය, එහෙම නොලැබූ අයට කියල දෙන්න ඕනේ නේද ? ඒක නේද කල්‍යාණ මිත්‍රයෙක් ගෙන් වෙන්න ඕනේ ?
      Season 8 එක රකින්න දඟලන එක නෙවේ නේද ?

  • @damindajanaka683
    @damindajanaka683 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු...! මමද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...! අමා මහ නිවනින්ම සැනසේවා

  • @peterpan9275
    @peterpan9275 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @05088
    @05088 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kusumalathamatale9242
    @kusumalathamatale9242 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi3023 4 ปีที่แล้ว

    1:15:00 --

  • @outoftheworlds9803
    @outoftheworlds9803 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු...! මමද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...! අමා මහ නිවනින්ම සැනසේවා

  • @harshinikariyawasam4900
    @harshinikariyawasam4900 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @dharshikakongahage7082
    @dharshikakongahage7082 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @jeewakasandaruwanperera1932
    @jeewakasandaruwanperera1932 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @swarnamandawala7037
    @swarnamandawala7037 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rasadarianandika8709
    @rasadarianandika8709 ปีที่แล้ว

    🙏🙏🙏

  • @buddikarasangani4948
    @buddikarasangani4948 ปีที่แล้ว

    🙏🙏🙏

  • @malaka123456
    @malaka123456 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nadeej4847
    @nadeej4847 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nandanagamlath4343
    @nandanagamlath4343 4 ปีที่แล้ว +5

    🙏🙏🙏