ශුන්‍යතාව යනු කිසිවක් නැතිබව නොවේ? ආචාර්‍ය විපුල වනිගසේකර සමග (This Is specially for truth seekers)
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- #nibbana #aryadeva #emptiness #sunyatha #aryaviharaya #VipulaWanigasekara
මා වැඩසිටින ආර්‍ය විහාරයේ ඉදිරි ඉදිකිරීම් කටයුතු සදහා ඔබේ නොමසුරු දායකත්වය ලබා දිය හැකිය. පහත සදහන් ගිණුම් අංක වෙත ඔබේ දායකත්වය ලබාදී කුසල් රැස් කර ගන්න.
තෙරුවන් සරණයි.
-පැපිලියානේ ආර්‍යදේව රතන හිමි_
0912294545
+94713931004 (WhatsApp )
aaryadevarathana@gmail.com
Peoples bank Nugegoda (මහජන බැංකුව)
335200130033783
Pepiliyane Aryadeva Rathana Thero
ලංකා බැංකුව ගාල්ල ශාඛාව (BOC Galle branch)
79637869
පැපිලියානේ ආර්‍යදේව රතන හිමි
Pepiliyane Aryadeva Rathana Thero
Commercial Bank Hikkdaduwa
8360039421
Pepiliyane Aryadeva Rathana Thero
පැපිලියානේ ආර්‍යදේව රතන ස්වාමීන් වහන්සේ විසින් කරගෙන යනු ලබන ශාසනික වැඩපිළිවෙලට ඔබටත් දායක විය හැකිය
අමතන්න
091 22 9 45 45
Like us on FaceBook
/ aryaviharaya
#Bana #meditation #manasika #katina #sinhala #buddhism
ශුන්යතාවයෙ පිළිබද අති විශිස්ට දේශණාව , ආර්යන් වහන්සේට නමස්කාර වේවා!! 🙏🏻🙏🏻
නිවැරදිම ඔසුවක් ලැබුණු බවක් දැනණි හැගුණි. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !
සාදු සාදු සාදු!!! විපුල මහතාට බොහෝමත්ම පිං. මෙවන් අරුත්බර වැඩසටහනකට සවන්දීමට ඉඩකඩ සලසාදීම පිළිබදව. ඔබවහන්සේ වෙනදා මෙන්ම ඉතාමත් සරලව උදාහරණ සහිතව දේශනාව සිදුකිරීම පිළිබදව මාගේ ප්‍රණාමය පුදකරමි. මිසදිටු බවෙන් මිදී දහම් කරුණු අවබෝධ කරලීම උදෙසා ඔබවහන්සේ විසින් දරනු ලබන තැත නිෂ්ඵල නොවන බව විශ්වාසයි. එමෙන්ම, විපුල
මහතාහට නැවතත් ඔබවහන්සේ සම්බන්ධ කර ගනිමින් මෙවන් කරුණු පැහැදිළි කරලීමට අවැසි සවිය දිරිය ලැබේවා කියා ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.
සම්මත දේශනා වලින් ඔබ්බට කරුනු කාරණා ප්‍රායෝගිකව පැහැදිලි කල අගනා සාකච්චාවක්. ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා!!!
පිරිසිදු බුදු දහම ලොවටම පැහැදිලිව දේශනා කරන උතුම් සඟරුවනකි ඔබ වහන්සේ. ඉතා වටිනා දේශනාවක්.
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු !!!
අත්දුටු බෙහෙතකින්,සුවය ලැබෙනවා මෙන් මේ ක්‍රමය සියල්ලෝම අනුගමනය කරත්වා...මොහොතක් තුල ප්‍රායෝගිකව තමා තුල සැගවී ඇති සත්‍ය අවදිකරගන්න .වීර්යය වඩන්න...සුවපත් වේවා ස්වාමීන් වහන්ස..........
ඉතාම හරවත් දේශනාවක් . දිගටම මේවැනි දාර්ශනික වැඩසටහන් කරන්න .
සාදු සාදු! නමෝ බුද්ධාය ....
නමස්කාර වේවා ඔබ වහන්සේට 🎉🎉
අපෙ හාමුදුරැවනෙ තෙරැවන් සරණයි.
ගොඩක් වටිනා දැනුවත් කිරීමත්
Example Angolimala thero angolimala stop l stop after that his wake his mind 🙏🙏🙏
🙏🙏🙏 excellent dharma speech 🙏🙏🙏our thero nibbana parman sukan ‘
නොදත් සංකීර්ණ සහ ගැඹුරු කරුණු රැසක් අසා දැන අවබෝධයක් ලදිමි..බුද්ධ දේශනාවට අනුව ශූන්‍යතාවය කියන්නෙ මොකුත්ම නැති බව නොවෙන බව වැටහුනා..අපි සොයන දේ නැති බව ශූන්‍යතාවය බව අවබෝධ වුනා..සංඥාවෙන් අපි හදුනගත් දෙය,අපි සොයන දෙය නැති නිසා ඇති වන හිස්බව නිසා අප අතෘප්තියට පත් වීම දුක බව වැටහුනා..ලෝකයම වන පංචස්කන්ධය තුල අප සොයන දේ නැති බව වැටහුනා..යමක් ඇත කියා සොයන සෙවීමෙන් සසර සැකසෙන බවත්, සෙවීම සහ ශූන්‍යතාවය ගැන අවබෝධයෙන් යුතුව මාර්ගය ප්‍රායෝගිකව භාවිතා කිරීම කරන විට සෙවීම ඉබේම නතර වන ස්වාභාවයකට පත් වන බවත් ,ඒ නිදහස් වීම නිවන බවත් අවබෝධ වුනා..
ඇති නැති අන්ත එකිනෙකට සාපේක්ෂ බවත් ඒ සියළු දෘෂ්ටීන්ගෙන් මිදීමේ අවබෝධය, මැදුම් පිලිවෙත නැතහොත් ආර්‍ය මාර්ගය බවත් අවබෝධ වුනා..
ස්වාමීද්‍රයානන් වහන්සේටත් සාකච්ඡාව මෙහෙය වූ විපුල වනිගසේකර මහතාටත් උත්තරීතර නිවන සාක්ෂාත් වේවා! දස දහස් ගනනාවක් මිනිසුන් ශ්‍රැතවත් ආර්‍ය ශ්‍රාවකයන් බවත් පත් කරවීමේ මහඟු අරමුණද එලෙසින්ම සඵල වේවා!
🙏🌼🙏
A Discussion beyond words ❤.
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි .කියන්න වචන නැහැ සාදු සාදු............❤
සත්‍යයයි ස්වාමීන් වහන්ස බොහෝ දෙනා පවසන ලෙස කිසිවක් නැත කියන සංකල්පය නොවේ බුදුපියාණන් දෙසුවේ. පංචස්කන්ධයක් ගැන දෙසුවේ මුකුත්ම නැති නිසා නෙමෙයිනේ. නාම රූප ධර්මතාවයක් තියනවනේ. ඒ තුල ක්ෂණයක් පාසා අනිත්‍ය වෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුන් තියනවනේ. බුදුපියාණන් වහන්සේ දෙසුවේ නාම රුප ධර්මයන් තුලින් සත්වයෙක් පුද්ගලයෙක් ලැබෙන්නේ නැති වග. අභිධර්මයට අනුව විඥානය මවු කුසක හෝ පිළිසිඳ ගැනීමේදී ඒ සමගම කාය දසකය වස්තු දසකය භාව දසකය හටගන්නවනේ. කාය යනු ශරීරය වස්තුදසකය විශේෂවෙන්නේ හ්රදය වස්තුව ආශ්‍රය කරගෙන සිත පවතින බව දැන්වීමට සහ භාව දසකය යනු ස්ත්‍රී පුරුෂ භාවය. ඒ විඥානය සමගම චිත්තජ රූප (සිත ශරීරයේ සියලු ප්‍රාණීය කොටස් හා සම්බන්ධ වෙන ශක්තිය) කර්මජ රූප (ශරීරයේ කර්මයට අනුව පිහිටීම ඇතිකරවන ශක්තිය ) ආහාරජ රූප (ශරීරය පවත්වාගන යාමට පෝෂණයෙන් ලබාදෙන ශක්තිය) සහ ඍතුජ රූප යනු ආහාර දිරවීම ඇති කිරීම සහ උෂ්ණ ශීත ඇති කරවන ශක්තිය) සිතින් චිත්තජ රූප හරහා දෙන පණිවිඩය නිසානේ අත පය සෙලවීම ඇස කරකැවීම ආදී ක්‍රියා කෙරෙන්නේ. එම ක්‍රියාව කාය විඥත්ති නමිනුත් ඒ සිතින් චිත්තජ රූප හරහා වචන කතාකිරීම වචී විඥත්ති නමිනුත් හැඳින්වෙන බව අභිධර්මයේ සඳහන්. ඉතින් සිත නොහොත් නාමය නැත්නම් ශරීරය නොහොත් රූපය ක්‍රියා කෙරෙන්නේ නැහැනේ. ශරීරය ක්‍රියාකරවන්නෙම සිත. සිත නිරුද්ධ වූ දවසට රූපය මෘත ශරීරයක්. ඉතින් සිත කියන්නෙත් ශක්තියක් එතන සත්වයෙක් හමුවෙන්නේ නැහැනේ. ඉතින් සිත නැත්නම් ශරීරය නිකන් මස් ඇට කටු ගොඩක් මිසක සත්වයෙක් ලැබෙන්නේ නැහැනේ. එය නේද අනාත්මය වෙන්නේ ආත්මයක් මේ නාම රූප තුලින් ලැබෙන්නේ නැහැ. ඒ සිත විසින්ම සංස්කාර රැස් කරනවා. සිත විසින්ම පලවිපාක විඳිනවා. වේදනා විඳිනවා කියන්නෙම සිතින් විඳින දෙයක්. නමුත් අපිට තේරෙන්නේ අපේ කයට වේදනාව දැනෙනවා කියල. නමුත් දැනෙන්නේ හිතටනේ. චක්කු සොත ඝාන ජිව්හා කාය තුලින් අරමුණු ගන්නවා යනු විඥානයෙන්ම දැනගන්න අරමුණු. ඉතින් නාම රූප ධර්මතාවයක් හැරෙන්න සත්වයෙක් පුද්ගලයෙක් කියා ගන්න දෙයක් නැහැනේ. සුඥතා සුත්‍රයේ කියන්නෙත් ඒකමනේ. සුඥතාවය යනු එම ධර්මතාවය නේද.
🙏🙏🙏
🌻🌻🌻🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻
ශුන්‍යතාවය යනු ඇලීමට හෝ ගැටීමට කිසිවක් නැති බව යනු මගේ හැගීමයි .
🙏🌻🙏🌻🙏
ඔබවහන්සේ පැහැදිලි කරන දෙය ඔය ආකාරයට අහල නෑ. හැබැයි තද ගතිය කියන්නෙත් දැනීමක් බව දැනිල තිබුණා.
Prathamayen wachana arthaya dakiya yuthu ve
🙏🙏🙏🙏🙏
අපි කැමති , අපි හිතින් හදාගෙන තියෙන දේ, නොමැතිකමමද දුක කියලා කියන්නෙ. එතකොට අපි අකමැති ,අපි හිතින් නොහදගෙන ඉන්න දේ ඇති කම සතුට විය යුතුනෙ, නමුත් එය එසේ නෙමේනෙ. ඒ දෙක අතර තියෙන දේ කුමක්ද,
අපි හිතන දේ නෙමෙයි. අපි සොයන දේ හම්බ නොවීමයි එතැන තියන දුක. නමුත් අපිට සොයන දේ කිසිකලක හම්බවෙන්නෙ නෑ. ඒක තමයි ශුන්‍යතාව කියන්නෙම. සතුට යනු සෙවීමේ නිරර්ථක බව තේරිම තුල සෙවීමෙන් නිදහ්ස් වීමෙන් ලැබෙන දෙයයි.මේ කතාව සම්මුතියෙන් සරලව දකින්න එපා. මෙතන ඊට වඩා යමක් කියවෙනව. යමක් අපි සොයන්නෙම එය පිලිඹදව ඇතැයි යන ද්‍රිශ්ටියෙන්. නොසොයන්නේ නැතැයි යන දෘශ්ටියෙන්නම් එයත් නිවෑරදි නොවේ. සෙවීමේ ඇති මුලාව වටහා ගැනීම තුල එනම් සත්‍යාවබෝධය තුල නිරාමිස ප්‍රීතිය හටගන්නවා.
@@PepiliyaneAryadevaRathanaThero බොහෝම ස්තුතියි හාමුදුරුවනේ , 🙂මෙවැනි සාකච්චමය ස්වරුපයෙන් ඇති දේශනා වඩාත් වටිනවා.
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏