බිම්මල් පිදුරු මත වගා කිරීම අංක 01 MUSHROOM FULL TRAINING

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • නිවෙසේ සිටින ගෘහණියට බිම්මල් වගාව කදිම ආදායම් මාර්ගයක්
    ස්වයං රැකියාවක නියැළෙන කාන්තාවක් නිවෙසෙහි ආර්ථිකයට පමණක් නොව රටටම අභිමානයකි. කාන්තාවක් ලෙස ඔබට ගෙදරක පැවරී ඇති දහසක් රාජකාරි මැද වුවත් ස්වයං රැකියාවක් අරඹන්න පුළුවන්.
    ගෙදරක සිටින ගෘහණියකට ගෙදර දොරේ වැඩ කටයුතු අතරේ ලැබෙන විරාමයේදී අමතර ආදායමක් ලැබීමට බිම්මල් වගාව කදිම ආදායම් මාර්ගයකි. ඒ වගේම මේ ව්‍යාපාරය පහසුවෙන් අඩු වියදමින් ආරම්භ කිරීමට හැකිවීමත් ඉතා වැදගත්. කෙටි කාලයකින් අස්වැන්න ලබා ගත හැකි වගාවන් අතුරින් බිම්මල් වගාව ප්‍රමුඛස්ථානයක් ගනී.
    බිම්මල් මේ තරම් ජනප්‍රිය, සාර්ථක ව්‍යාපාරයක් බවට පත්වීමට හේතු කිහිපයක්ම බලපානවා. මෙය ඉතා රසවත් පෝෂණීය ආහාරයක්. එමෙන්ම අතුරු ආබාධ හා රෝගාබාධ ඇතිවීමත් අවමයි. එමෙන්ම පහසුවෙන් වගා කළ හැකි අතරම වැඩි අස්වැන්නක් ද ලබා ගත හැකියි.
    ලෝකයේ බොහෝ රටවල එකිනෙකට වෙනස් දේශගුණික තත්ත්ව යටතේ මියගිය හෝ දිරායමින් පවතින ශාක උපස්තර මත වැවෙන බිම්මල් රාශියකි. ලංකාවේ පවතින කෘෂිකාර්මික වගා රටාව නිසා කෙටි කාලයක් තුළ මෙය සාර්ථක අන්දමින් වගා කර ගැනීමට අවස්ථාව ලැබීම වාසනාවක්.
    මෙහි විශේෂත්වය වන්නේ කෘමිනාශක වැනි දේ නොයොදා වගා කරන බැවින් මිනිස් සිරුරට අහිතකර බව අඩුවීමයි. මෙහිදී යොදා ගන්නේද සරල උපකරණ හා සරල තාක්ෂණයකි. එමෙන්ම අවුරුද්දේ ඕනෑම කාලයක වගාව ආරම්භ කළ හැකි වීම හා වර්ෂාව නිසා බාධා නොවීම අමතර වාසියකි. සීමිත
    ඉඩකඩකින් වගාව ආරම්භ කළ හැකියි. තනිවම හෝ පවුලේ ශ්‍රමය පමණක් යොදා ගෙන වගාව පවත්වා ගැනීම ද කළ හැකියි. වෙළෙඳපොළ ඉල්ලීම ඒකාකාරීව පවතින වගාවක් නිසා හොඳ ආදායම් තත්ත්වයක් පවත්වා ගන්නට හැකියාව ලැබෙනවා.

ความคิดเห็น • 16

  • @AjithKumara-hn8gf
    @AjithKumara-hn8gf 28 วันที่ผ่านมา

    Maru

  • @SLFLIPBOYS
    @SLFLIPBOYS หลายเดือนก่อน

    උස සපත්තු දෙකක් දාගන්න

  • @rathnayakahasinka8247
    @rathnayakahasinka8247 2 หลายเดือนก่อน +1

    මැසින් ඒකේ ඇතුල විස්තරයක් දෙන්නකෝ...

  • @slweakboy9415
    @slweakboy9415 หลายเดือนก่อน +1

    Nic

  • @DilkiSashikala-q9r
    @DilkiSashikala-q9r 22 วันที่ผ่านมา

    අනිත් vidio nane

    • @ruwan0826
      @ruwan0826  22 วันที่ผ่านมา

      ඒ videos ඒක මට අයින් කරන්න වුණා නැවත දාන්න තමයි ඉන්නේ

  • @SLFLIPBOYS
    @SLFLIPBOYS หลายเดือนก่อน

    මැසින් එක කොහෙන්ද ගත්තේ

    • @ruwan0826
      @ruwan0826  หลายเดือนก่อน

      ගන්න තැනක් තියෙනවා ඔයාටත් ඕනද

  • @thusithakumaragunawardhana5575
    @thusithakumaragunawardhana5575 2 หลายเดือนก่อน

    Bro.පිදුරු කපන machine එකෙ ඇතුල වැඩ කරන ව්දිහ පොඩ්ඩ්ක් පෙන්නන්න පුලුවන්ද

    • @ruwan0826
      @ruwan0826  2 หลายเดือนก่อน

      දැම්මම ගෙදර නෙවෙයි ඉන්නේ

  • @LiyanPedige
    @LiyanPedige 2 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වටිනව

  • @amilasanjeewa4188
    @amilasanjeewa4188 2 หลายเดือนก่อน

    ආදරෙයි ආදරෙයි සහෝ

    • @ruwan0826
      @ruwan0826  2 หลายเดือนก่อน

      ❤❤❤

  • @rathnayakahasinka8247
    @rathnayakahasinka8247 22 วันที่ผ่านมา

    පරන විඩියෝ ටික නැද්ද

    • @ruwan0826
      @ruwan0826  22 วันที่ผ่านมา

      ඒ වීඩියෝ ටික අයින් කරා නැවත දාන්න ඉන්නේ

  • @lesliejayaweera3188
    @lesliejayaweera3188 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤