Irata HorenNuba🎶(ඉරට හොරෙන් නුඹ) Amma(අම්මා) ❤️ Chamara Ranawaka🎤(චාමර රණවක)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • පාසල ඇරිලා ගෙදර එන්නේ නෑ
    ගස් කට්ටියටයි දිව යන්නේ
    පොල්කටු වල කිරි අකුලනවා මම
    බඩගින්නක් නෑ මට එන්නේ...
    කිරී ගෑවුණු කළු ලස්සන රෙද්දට
    තුරුළු කරන් මගේ සුදු අම්මේ
    ගල උඩ ඉදගෙන කතා කියනකොට
    බත් කන්නට ආසයි අම්මේ....
    පන්තියේ අය මට ඔච්චම් කරන්නෙ
    කිරී පැල්ලම් සුදු කමිසේ මගේ
    තනියම අඬලා මම සැනසෙනවා
    අම්මට කියන්න බෑනේ අනේ...
    හැමදාමත් දෙයියෝ දුක දෙත්තෑ
    කියන කතා සුදු අම්මා මගේ
    හිතේ තියාගෙන පාසල් යන්නම්
    පරමල් නෑ මගේ දෙවට දිගේ...
    ඉරට හොරෙන් නුඹ නැගිටින්නේ
    හීතල නැතිදෝ මගේ අම්මේ
    පාන්දරීන් කිරි කපන්න යනකොට
    මට ඇඩෙනවා මගේ සුදු අම්මේ...
    පොත් ටික ගත්තට පාඩම් වෙන්නෑ
    හිත නුඹ ගැනමයි දිව යන්නේ
    මම ලොකු වීලා කාසි හොයනවා
    එදාට දුක දෙන්නෑ අම්මේ.....
    #horana #sinhalasongs #chamararanawaka #සිංහලසිංදු #sinhalasongs #horana #1991 #ashokleyland

ความคิดเห็น • 1

  • @Dilhan-zz
    @Dilhan-zz 3 หลายเดือนก่อน +1

    ❤️🥺🎧