ගරා යකුම. gara yakuma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • ගරා යක්ෂ සංකල්පයෙහි ප‍්‍රභවය සම්බන්ධ විවිධ වූ වෘතාන්ත වෙයි. එහි එක් වෘතාන්තයක් වන අසම්මත ආදර ප‍්‍රවාදය මෙසේය. දන්ත නුවර සිංහ කුමරුගේ බිරිඳ වන හංසවතී බිසවට දරුවන් නොමැති වූ අතර ඇතෙකුගේ දළ කපා එම දළයෙන් ඊශ්වර දෙවියන්ගේ රුව කැටයම් කර ඊශ්වර දෙවියන්ට පූජා කිරීමෙන් උපන් කුමරු ‘‘දළ කුමරු” ලෙස හඳුන්වන්නට විය. නිමිති කරුවන් විසින් කුමරු උපන් නැකත පරීක්ෂා කිරීමෙන් අනතුරුව මැයට නැඟණියක් උරුම බවත් මතු කලෙක මොහු තම නැඟණිය සමඟ ආදරයෙන් බැඳී සංවාසයේ යෙදෙන නිමිති ඵල කරන්නට විය. කල්යත්ම පෙරකී නිමිත්ත සඵල කරමින් හංසවතී බිසව රූමත් දියණියකට ජන්මය ලබා දෙන්නට විය. නිමිතිකරුවන්ගේ අනාවැකිය ව්‍යර්ථ වන ලෙස මෙම කුමරිය ගිරි ලෙනක් තුළ ඇති දැඩි කිරීමට රජ යුවල කටයුතු කරන්නට විය. එලෙස ගිරි ලෙනක් තුළ හැදී වැඩුණු හෙයින් ඇයට ‘‘ගිරි කුමරිය” යන නාමය ලැබෙන්නට විය. තමාගේ නැඟණිය පිළිබඳ තතු දැනගත්
    මෙම හමුවීම අසම්මත ආදරයක් බවට පත්විය. දෙදෙනාගේ රූප ශ‍්‍රියාවන්ට රාගිකව මත් වූ මෙම සම්බන්ධතාව පිළිබඳ ඉවසිය නොහැකි ලැජ්ජාව නිසා ගිරි කුමරිය ගසක එල්ලී සිය දිවිය නසා ගන්න වූවාය. මියයන විට දරු ගැබක් හටගෙන තිබූ නිසා ඇය ගිරි යකින්නිය ලෙස උපත ලද බවත් මෙයින් සිත් තැවුලට පත් දළ කුමරුද මැරී යක්ෂ වේසයකින් උපත ලැබූ බව එක් ප‍්‍රවාදයකි. ගරා යක්ෂ උපත සම්බන්ධ විවිධ වූ ප‍්‍රවාදයන් පවතී.
    කොතරම් ආහාර පාන ගත්තත් මොහුගේ කුස පිරවිය නොහැකි බැව් දැක්වෙන ගරා යකා හා සම්බන්ධ තවත් වැදගත් ප‍්‍රවාදයක් වෙයි. එනම් කන්ද කුමරු සහ වල්ලි යන වැදි කුමාරියගේ විවාහ මංගල්‍යය සඳහා සහභාගි වීමට පත්තිනි මෑණියන්ට ආරාධනය ලැබිණි. මේ බැව් යාග සාහිත්‍යයහි මෙසේ දැක්වෙයි.
    සිද්ධ පතිනි වැදිපුර යන්ඩ යනකලා
    යුද්ධ එපුර සැම වැදි සෙනඟ එක්වෙලා
    යුද්ධ මස් කපති සැම සෙනඟ එක් වෙලා
    සිද්ධ පතිනි දෙවියන් දිවැසින්දැකලා

ความคิดเห็น • 1