Manikkawatha | Episode 66 - (2022-10-29) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 346

  • @sapnawickramasinghe4723
    @sapnawickramasinghe4723 2 ปีที่แล้ว +257

    හෙටින් පස්සේ ආයේ කිරි ආතා නෑ😢.. බෝදිසත්වයෙක් වගේ මිනිසෙක්..මේ චරිතය නිර්මානය කල මස් ඉඹුල මහතාගේ පරිකල්පනය මොන තරම් ලස්සන ඇතිද❤

    • @chathumalidarmappriya4234
      @chathumalidarmappriya4234 2 ปีที่แล้ว +8

      Me comment eka kiyawanakotath as walata kadulu enawa, a tharamata puduma sanwedi kathawak

    • @kusala_tv
      @kusala_tv 2 ปีที่แล้ว +4

      ඒ මස්ඉඹුල ඇත්තා මාර යකෙක්...❤

    • @user-gq1ul4jx8h
      @user-gq1ul4jx8h 11 หลายเดือนก่อน +1

      Yes 😢😢😢😢😢

  • @mistycottage9558
    @mistycottage9558 2 ปีที่แล้ว +274

    හැමදාම වගේ කියන්නෙ ජෝ අබේවික්‍රමගෙන් පස්සෙ දැකපු චරිතාංගම නළුවා ජගත් චමිල රෙස්පෙක්ට් ආදරෙයි පැලෙන්න . දීර්ගායුශ .

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +136

    මම බලපු කතා වලින් අර්ථවත් අති විශිෂ්ඨතම කතාවක් මාණික්කාවත මහාපොළවේ මව් හදවත ❤️❤️❤️❤️❤️

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 2 ปีที่แล้ว +280

    කෙටිහාමි ( ජගත් චමිල ) කෑලෑ ගමේ මුල්ම ගහ ( පරණම මනුෂ්‍ය ) අති විශිෂ්ට රංගනයක් . එක කොටසක් වත් මග හරින්නේ නැතිව බලපු මන් වගේ අය තවත් සිටීද ?.

  • @maricute5448
    @maricute5448 2 ปีที่แล้ว +85

    කෙටිහාමි වගේ හිතන්න පතන්න මටත් හැකිවේවා .. හරිම ලස්සන කතාවක්. මස්ඉබුල මහත්තයා හරිම රසවත් අර්තාන්විත විදිහට කතාව ලියලා තියෙනවා . ඒ වගේම ජගත් චමිල මහත්තයා වගේම අනෙකුත් නළුනිලියන් හරිම සාදාරණයක් කරනවා කතාවට.

    • @royjayashanthacooray5723
      @royjayashanthacooray5723 2 ปีที่แล้ว

      ඔබේ ප්‍රාර්ථනාව ඉටු වේවා. මමත් try කරනවා. But Cannot..

    • @amalisewwandi944
      @amalisewwandi944 ปีที่แล้ว +1

      ඔබේ ප්‍රාර්ථනාව ඉටු වේවා 🙏

    • @dhulanjalinethmini7768
      @dhulanjalinethmini7768 2 วันที่ผ่านมา

      Math ehema hithanawa. Eth eka godak amarui wge♥️

  • @samanthipathirana2876
    @samanthipathirana2876 2 ปีที่แล้ว +85

    තිලකරත්න ගෙ කටහඬ හරිම මිහිරියි.... 💕

  • @chamika1293
    @chamika1293 2 ปีที่แล้ว +137

    පිච්චි නැති උනාට පස්සෙ ඒ ගෙදර තිබ්බ සිරියාව නැති වෙලා හරියට සොහොනක් වගේ හැගීමක් දැනෙනව 🥺 පිච්චි ගිහින් තියෙන්නෙ ඒ සිරියාවත් අරගෙන 🥺💔

    • @ranasingdil873
      @ranasingdil873 2 ปีที่แล้ว +10

      අම්මා nati ගෙදර හිස nati kada වගේ

    • @chamika1293
      @chamika1293 2 ปีที่แล้ว +3

      @@ranasingdil873 ඒක ඇත්ත 💔🥺

    • @niroshanniro854
      @niroshanniro854 2 ปีที่แล้ว +4

      පිච්චී ගිහින් දැන් කොලම්කුට්ටමට

    • @gethakumari4002
      @gethakumari4002 2 ปีที่แล้ว +2

      Hm.ekanam.aththa

    • @udarikodithuwakku7957
      @udarikodithuwakku7957 23 วันที่ผ่านมา

      Pichchi Nathi unata passe thama gunawathi ikmanin wayasata giye

  • @theoryproduction3524
    @theoryproduction3524 2 ปีที่แล้ว +57

    හෙටින් පසු කෙටි හාමි නෑ.. නමුත් කෙටි හාමිලා වගෙ චරිත මේ ලෝකයෙ ඕනි තරම් සිටින්නට ඇති.. මෙවැනි අර්ථවත් නිර්මාණයක් බිහි කළාට ගොඩාක් ස්තුතියි.. ❤️🙏

  • @ma-lu7db
    @ma-lu7db 2 ปีที่แล้ว +57

    අනේ🥺 පොල් ගහ... හරියට ජීවිතේ කතාව වගේ. හරි ලස්සන සංකේතයක්.♥️ සාමාන්‍යයෙන් ආදරේ කරපු නවකතා ටෙලි නිර්මාණයට නැගෙනවා අකමැති කෙනෙක් මම. මොකද ගොඩක් වෙලාවට අපි විඳපු කතා රසයට හානියක් වෙන නිසා. ඒත් මේක🥺♥️ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම විශිෂ්ටයි. පොත කියවද්දී මැවුණු රූප එහෙම පිටින් ම ජීවමාන කරලා. කෙටිහාමි වෙන්න පුලුවන් ජගත් චමිලට විතරමයි, පිච්චි කියන්නේ උමා අසෙනිමයි හිතෙන තරමට ඒ චරිතවලට පණ දීලා. මුලු කතාව ම හිත නිවන භාවනාවක් වගේ. කොහොමත් මස්ඉඹුල සර්ගේ කතාවල මනුස්සකම උතුරනවා. පුංචි ඉල්ලීමක්. පුලුවන් නම් මේ විදියට ම සෙංකොට්ටන් කතාවත් තිරයට නගන්න. හරි ම සුන්දරයි මේ නිර්මාණය.

    • @priyanthakumara1975
      @priyanthakumara1975 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

    • @shehanikoshila397
      @shehanikoshila397 2 ปีที่แล้ว +1

      ඔව් සෙංකොට්ටං කතාවත් දුන්නනම් මරු

    • @user-gq1ul4jx8h
      @user-gq1ul4jx8h 11 หลายเดือนก่อน

      Yes ❤❤❤Thanks ❤❤❤❤🌷🌷🌷🌷🌷🌷👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇰🇼

    • @danushkasandaruwan5281
      @danushkasandaruwan5281 4 หลายเดือนก่อน

      ඇත්ත මාත් කතාව බැලුවෙ නෑ පොත කියවල ඉවරවෙනකන්,,,,,,ඒ මැවුන රූප එහෙම්ම තියනව මේකෙ

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 2 ปีที่แล้ว +74

    සංසාර ගමනේ යථාර්ථය මයි මේ අනර්ඝ කතාවෙන් කියන්නේ ..
    පොල් ගහත් වැටුනා ..අනිත්‍ය බලන හැම පැත්තෙන්ම..
    🙏🙏🙏🙏
    යුගයේ හොදම කතාව හා ශිල්පීන් ගේ රංගනය ..
    කෙටිහාමි බෝසත් තාත්තා .
    ගුණාදරි අහිංසකාවි..

  • @vishvitha2912
    @vishvitha2912 2 ปีที่แล้ว +66

    දෙවෙනි ඉනිම බලන් උන් ටිකට මේ කතාව පෙන්නලා කියන්න ඕනි මේ තමයි යකෝ නාට්‍ය කියලා
    අති විශිෂ්ටතම කතාවක්
    තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏

    • @අපේපිංබිම-ය3ග
      @අපේපිංබිම-ය3ග 2 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත කතාව 💯💯

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 2 ปีที่แล้ว +1

      දෙවෙනි ඉනිම රසවිඳින්න බැරි උන්ගැන දුකයි....විලාපයක රස හොයන උන්.......

    • @visalkaraj7549
      @visalkaraj7549 2 ปีที่แล้ว +1

      සම කරනවා තියා ලගටවත් ගන්න බැ එ ජරාවට

    • @user-gq1ul4jx8h
      @user-gq1ul4jx8h 11 หลายเดือนก่อน

      Yes ❤❤Thanks ❤❤🌷🌷🌷🌷🌷👍👍👍🇱🇰🇱🇰🇱🇰🇰🇼

    • @rasikalawarnakulasooriya2606
      @rasikalawarnakulasooriya2606 7 หลายเดือนก่อน

      ඇත්ත 💐💐💐

  • @niroshifernando4505
    @niroshifernando4505 2 ปีที่แล้ว +49

    කමෙන්ට් එකකින් තාම මට ලියා ගන්න බෑ මේ කතාව කොයි වගෙද වත් ඒ තරම් අමුතු හැගිමක් හැම චරිතයක්ම❤

    • @nirasharosy3864
      @nirasharosy3864 2 ปีที่แล้ว +1

      Mamath hamadama comments balanawa..me gana danena hagima me kathawe lassana akuru karagannama baha..meka balanavita husma gannath amathaka wenawa wage..❤️❤️❤️❤️❤️

    • @shamakaluarachchi5007
      @shamakaluarachchi5007 2 ปีที่แล้ว

      ඇත්තටම මටත් ලියන්න විස්තර දන්නේ නෑ එච්චර හැඟීමක් දැනෙනවා මේ කතාවේ ඉස්සර මිනිස්සු කොච්චර හොඳට ඉඳල තියෙනවා ද මිල මුදල් නැතිව ගහට කොළට ආදරේ කරගෙන නේද ගොඩක් අපේ රටේ මෝඩ මිනිස්සු තමයි මේ ලස්සන රට විනාශ කරලා තියෙන්නේ

    • @thanushajeewanthi6267
      @thanushajeewanthi6267 2 ปีที่แล้ว

      ජගත් චමිල,සම්මානයක් හම්බවෙන්න ඕනි ,ගුනාදරිත් ඒ වගේ ,හෙට ඉදලා මයේ රත්තරනේ නෑ 😭😭😭

  • @madusanimadu5942
    @madusanimadu5942 2 ปีที่แล้ว +62

    හරිම ලස්සන ආදර්ශමත් කතා මාලාවක්....
    හරිම අර්තවත්....
    කාලෙකින් දැකපු විශිෂ්ට චරිත....😘❤️💕🍀

  • @dineshprasanna3801
    @dineshprasanna3801 ปีที่แล้ว +11

    මෙච්චර කාලෙකට ඇබ්බැහි උනු එකම පොතත් මානික්කාවත ❤
    ඇබ්බැහි උනු එකම කතාවත් මානික්කාවත ❤

  • @nuwanchamara9437
    @nuwanchamara9437 2 ปีที่แล้ว +20

    තිලකරත්න තමා ආසම
    හුරතලේ සීයගෙ තාලෙට ඔලුව හොලව හොලව පන්ඩිතය වගේ 🤗🤗🤗

  • @sumethracol3331
    @sumethracol3331 2 ปีที่แล้ว +17

    මෙිපැන්චයි පැන්චියි කොහෙන්ද හොයා ගත්තේ.කතාව නිමාවෙන්න ලගයිවගේ හරියට හෙමින් හෙමින් ගෙවෙන අපේ ඡීවිත වගේ.

  • @බින්දු
    @බින්දු 2 ปีที่แล้ว +56

    ගුනාදරී තනි වෙනවා දැන් අප්පොච්ච නැතිවෙලා ද කොහෙද අනේ😭😭😭😭😭😭😭😭😭😭

  • @gihandadallage328
    @gihandadallage328 2 ปีที่แล้ว +36

    පොත කියවද්දි මැවුණු රූප ඒ විදියටම වෙනසක් නැතුව කතාවෙදි ඇස් දෙකින්ම දකින්න පුලුවන් උනා.
    ජගත් චමිල ඔබ විශිෂ්ඨ රංගධරයෙක් ❤️
    වේශ නිරූපණ ශිල්පීන්ගේ හැකියාවත් අගය කල යුතුමයි.

    • @Samidu289
      @Samidu289 2 ปีที่แล้ว

      ඇත්තමයි

  • @vijithamallika9382
    @vijithamallika9382 2 ปีที่แล้ว +30

    ඇත්තටම මේ කතාව ගොඩාක් අර්ථවත් කතාවක් ..පුදුම විදියට මේ කාතාව නිර්මාණය කරලා තියෙන්නේ ..අද තියන අනිත් කතා බලද්දී මේ කතාවට සම්මාන පිට සම්මාන ලැබේන්න ඕනේ..මේහි එන සියලු චරිත ..එ එ චරිතයට හොද සාර්ථකව රන්ගනය ඉදිරිපත් කරනවා ..හරිම අදර්සමත් කතවක්.❤️❤️

  • @hiruthidimanli4286
    @hiruthidimanli4286 2 ปีที่แล้ว +29

    මේ කතාවේ පුංචි ම හෝ කොටසක් අපි කාගෙත් ජීවිතවල සත්‍ය සිදුවීමක් වෙලා තියනවා කියලා හිතෙනවා

    • @SheelaKw
      @SheelaKw 8 หลายเดือนก่อน

      Eththatama😢😢

  • @isurumadushanka793
    @isurumadushanka793 2 ปีที่แล้ว +11

    නරඹා ඇත බොහෝ ටෙලිනාට්‍ය...
    නමුත්,
    හිතට දැනෙන,
    ටෙලිනාට්‍ය කලාවේ විශිෂ්ඨ ටෙලිකතාවකි,
    මාණික්ඛාවත❤️❤️❤️❤️❤️

  • @sudhunoonaalagiyawanna231
    @sudhunoonaalagiyawanna231 2 ปีที่แล้ว +4

    කොහොම පටන් ගෙන මොනවා ලියන්නද නැහැ මට වැටහෙන්නේ... දැන් කාලෙ ධර්ම දේශාන 100 ක් ඇහුවාට වැඩිය වටිනවා ඇත්තටම මේ කතාව මේ කොටස් 66 බලපුවාම ඇත්තටම අට ලෝ ධහම ගැන නියෙමෙට අවබෝධ කරගන්න පුලුවන් පෙර පින් ඇතියි පින් කාර පින් හදවත් වලට... ඒ තරම් සසර චක්‍රය ගැන කියලා දෙනවා.... මගෙ අම්මෝ ජිවිතෙට වටිනා ගොඩක් කරුනු කරනා අවබෝධ කරගත්තා සමන් දෙව් හාමුදුරුවනේ .... සත්තයි.... .. මේ නාට්‍ය හදන්න වතුර උගුරක් දිපු කෙනාගෙ ඉදන් හිනාවකින් හරියි ශක්තියක් පිහිටක් උනු සෑම සිතකටම බෝහොම පින් .... මම කුවෙට් වල ඉදන් මධු...රගදැක්වු සියලුම නලු නිලි කැලට බොහොමත් පින්... සමන් දෙව් හාමුදුරුවන්ගේම පිහිටයි ආරක්ෂාව යි මගෙ ඇත්තනෙ උබලා හැමටම...

  • @shalindadeshapriya1054
    @shalindadeshapriya1054 2 ปีที่แล้ว +21

    කතාව බලන්න පටන් අරන් දවස් තුනයි ❤ එක පොඩ්ඩක් අත අරින්නෙ නැතුව 66 වෙනි එකත් අද බැලුවා. බලපු හොඳම ටෙලිනාට්‍යක්. ගන්න තියෙන දේවල් කියල ඉවරයක් කරන්න බෑ. ඇත්තටම ඒ රඟපෑම් වලට සම්මාන එකක් දෙකක් දීල ඉවර කරන්න බෑ. වසරේ හොඳම නළුවට මාණික්කාවතේ කෙටි හාමි නැතුව වෙන චරිතෙකට සම්මානෙ හම්බ උනොත් මේ රටේ කළා සාහිත්‍ය අගේ කරන්න පුළුවන් උගතුන් යැයි කියනා කිසිම කෙනෙක් නෑ කියලා තමයි හිතාගන්න තියෙන්නෙ😢 ජගත් චමිල මෑත කාලෙ මම දැකපු හොඳම නළුවා 🙏

    • @Dhanu_Lakshani
      @Dhanu_Lakshani 7 หลายเดือนก่อน

      Math dws 3n re eliwenkn ahrn bluw❤

  • @subashiniabesinghe4745
    @subashiniabesinghe4745 2 ปีที่แล้ว +28

    තිලකරත්නව දැක්කම
    අඹ යාලුවෝ නාට්‍යයේ සුදු අප්පොව මතක් වෙනවා..

  • @උදුම්ඹරා
    @උදුම්ඹරා 2 ปีที่แล้ว +32

    සමහර තැන්වල පුදුම දුකක් දැනෙනව .
    හරිම ලස්සන කතාවක් ❤

  • @udeshipriyanga528
    @udeshipriyanga528 2 ปีที่แล้ว +30

    කෙටිහාමි නැති මානික්කාවතක් නොම වේවා 🙏🙏

  • @user-wk7qr4kz9p
    @user-wk7qr4kz9p 2 ปีที่แล้ว +33

    කාලය මැවු මැව් වෙනසක අරුමේ..ලස්සනයි ...කතාවක් ...❤️❤️❤️

  • @niroshalwis7525
    @niroshalwis7525 2 ปีที่แล้ว +14

    මෙි වසරෙ හොදම නලුවාවට හිමි සමිමානයෙන් පිදුමි ලබන්නෙ ......ජගත් චමිල.....😘😘😘😘

  • @njtharu2466
    @njtharu2466 2 ปีที่แล้ว +24

    අනේ....ඔය උන්නේ දේවතාවියක් වගේ...😔😔😔 ඇගයිම තරම් දෙයක් ගැනියෙකුට කොයින්ද පිච්චියේ ...😥😥

  • @shiromichamika6169
    @shiromichamika6169 2 ปีที่แล้ว +10

    අනෙ හෙටින් පස්සේ කිරිආතාත් ,පිච්චිකිරිඅම්ම ලඟට යනව,ගුනාදරි තනි වෙනව,හරිම ලස්සන ,අර්ථවත් කතාව ,❤❤❤

  • @priyankakarunarathne6280
    @priyankakarunarathne6280 2 ปีที่แล้ว +12

    මෙ නාට්‍ය හදන production එක muslim මහත් මයෙ ක් ගෙ.මම එතුමා හට ගවු රව කරනවා මුලින්ම .මේ වගේ අර්ථවත් නාට්‍ය යක ta දායක වීම .පරම්පරා 4ka වෙච්චි සිදුවූ එකම පවුලේ කතා wak .හරිම සුන්දර ලෙස සමාජය පරිවර්තනය වු ආකාරය ලස්සනට පෙන්වා දෙනවා .ගොඩක් isthuthi කරනවා

  • @chandraskg5927
    @chandraskg5927 2 ปีที่แล้ว +7

    පිච්ච් හදපු පොල් ගහ . හෙටින් පස්සේ මොනවා. වේද . ගුනාදරී තනි වෙයි හරිම ලස්සනයි කතාව අදත් ජගත් චමිල ඇතුළු. රගපාන සියලු දෙනාටම බුදුසරණයි. දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @thanujaherath9200
    @thanujaherath9200 2 ปีที่แล้ว +4

    විශිෂ්ට ගණයේ නාට්‍යයක්. නමුත් මහළු කාලය පෙන්වන වේශ නිරූපණය නිසා ලැබෙන්න තියෙන ජාත්‍යන්තර අගැයීම් පවා නොලැබී යන්න පුලුවන් කියා සිතෙනවා. චරිත මේ තරම් අස්වාභාවිකව විරූපී කලේ ඇයි කියන දුක අවසන් කොටස් පුරාම තියෙනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවද යන වග හැමදාම හිතන දෙයක්.. ගින්නෙන් පිච්චුන ස්වභාවයක් මේ වේශ නිරූපණවලින් පෙනෙන්නට තියෙන්නෙ..
    අනික් හැම අංශයක්ම සාර්ථකයි. ඉතාමත්ම අග්‍රගණයි.♥️

  • @devamanikwt7255
    @devamanikwt7255 2 ปีที่แล้ว +3

    ජිවත් වෙන්න කැමති ජිවිතේ හොයන්න මහන්සි වෙන ඕනම කෙනෙක් ට හරි ලස්සන අද්යාත්මික ජිවිතයක් ගැන විදහා පාන හරිම පරිස්සමින් ජිවිතේ උගන්නන මම දැකපු අහපු කියවපු අති විශිෂ්ට නිර්මාණයක්‌. ගොඩක් පිං මේ කතාවට දායක වන හැමෝටම

  • @nirashinirashi3625
    @nirashinirashi3625 2 ปีที่แล้ว +21

    ජිවිතේ මොනවගෙද කියලා හරි පුදුම විදිහට තේරෙන්නේ මේ කතාව බැලුවාම...

  • @gayominavodana2314
    @gayominavodana2314 2 ปีที่แล้ว +5

    මගේ ආච්චි අම්ම නැති උන දවසෙ හේතුවක් නැතිව මුරුංගා ගහ පිමට ඇදගන වැටුනා ඒ දවස පුදුම මූසලයි අදටත් ගමේ මිනිසුන් කියනවා එදා ඉදල ආච්චි අම්මලාගේ ගෙදර මූසලයිලු..

  • @pradeepchaminda1853
    @pradeepchaminda1853 2 ปีที่แล้ว +21

    කොටසක් නෑරම මුල ඉඳලම බැලුවා 😍😍😍

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 2 ปีที่แล้ว +6

    කිරි අතා නැත හෙට සිට
    බලන් හිටියේ මෙතෙක් ඔහු දෙස
    දුකයි බැලුවම පිච්චිගේ සොහොන දෙස
    කෙටි හාමියේ ""නුබයි වීරයා අපි හැමෝටම...

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 2 ปีที่แล้ว +15

    අයියෝ ගුනාදරීට අප්පොච්චාත් නැති උනා වගේ මරම දුකයි මේ කාතාවනම් 😢😢

  • @devindumanusha9808
    @devindumanusha9808 2 ปีที่แล้ว +11

    කදුළු හරි සීතලයි. ඒ තමයි ජීවිතේ තෙත ගතිය මයි රත්තරනේ

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว +6

    අනේ හෙට කෙටිහාමි 🥺🥺🥺.පිච්චි හිටවපු පොල්ගහ වැටුනෙ කෙටිහාමි නැති වෙනවද .

  • @Hasini-pramodya
    @Hasini-pramodya 2 ปีที่แล้ว +3

    කියවපු පොත මැවි මැවී පේනවා මේක බලද්දි...❤

  • @Sandeepani9
    @Sandeepani9 2 ปีที่แล้ว +8

    හරිම ලස්සන කතාවක්...රගපාන සැම නලු නිලියක් ම ලස්සනට,මහත් කැපවිමකින් රගපානවා...හරිම තාත්විකයි..

  • @avindyadevindi7842
    @avindyadevindi7842 ปีที่แล้ว +2

    ඒ විශිෂ්ට රංග පෞරුෂය ජගත් චමිලයන්ගේ ❤️🔥🙏

  • @kalarasa8478
    @kalarasa8478 2 ปีที่แล้ว +9

    මේ නිර්මාණය මුල සිට මේ දක්වා බැලුව ඒ රංග ප්‍රතිභාව අති සාර්ථක එකක් ඒ වගෙම ඒ සියළු දෙනා ලොකු වෙනසක් කරල හැමෝම ඉතා හොදින් චරිත නිරූපණය කරා .කිරි ආතා නැති වීම දුකක් වෙයි මීට කලින් දුක දැනුනෙ වසංගතේ වෙලවෙ රෝහලේ ඉදන් ගුනාදරී අඩ අඩා එද්දි සහ ඒ රෝගීන් කෙනින් කෙනා මියදෙනකොට මෙවන් නිර්මාණ අගේ කිරීම අප සතු යුතුකමක්

  • @hirunibhagya6314
    @hirunibhagya6314 2 ปีที่แล้ว +6

    අනේ.... කිරි ආතත් කතාවෙන් සමුගන්නවා හෙට.......
    අද කොටස ගොඩාක් දුකයි ...
    .එන්න එන්නම කතාව සංවේදී මට...
    ඒතරම් මානික්කාවත සමග හිත රැදිලා මගේ ..
    .පුදුම ලස්සන කතාවක් ....💕
    ඇත්තටම කියනවානම් ..ජගත් චමිල මහතමයා පන පොවන මේ චරිතට මම ගොඩාක් ආදරෙයි ....ඒ මනුස්ස කම...ආදරය...කෙනෙක් ගැන හිතන විදිහ ...මේවාගේ අද සමාජයේ දකින්න නැති මහා මනුස්ස ගුණාංග මේ චරිතයෙන් පෙන්වනවා....අනේ ..ලෝබයි කතාව ඉවරවේගෙන දෝ මේ එන්නේ කියලත් හිතෙනවා 😥😥

  • @sudhunoonaalagiyawanna231
    @sudhunoonaalagiyawanna231 2 ปีที่แล้ว +5

    ජිවිතේ අනිත්‍යයි කියන්න තවත් උපමා උදාහරන මොකටද මුලු ඉතිහාසෙටම කතාවකින් මේ සසර චක්‍රය ගැන ලියඋනාමද මංදා මගෙ දැනුම ට අනුව නම් ...

  • @nilankasubashini9529
    @nilankasubashini9529 2 ปีที่แล้ว +5

    අම්මෝ ජගත් චමිල ආසම නලුවා. මෙන්න බලන්න කතා. ගැමිකම කතාව පුරාවටම පිරිලා. මමනම් එක කොටසක් නෑරම බැලුවා.

  • @nalanichandraweerasingha1862
    @nalanichandraweerasingha1862 2 ปีที่แล้ว +5

    මේ නවකතාව බැලුවට පස්සෙ ගොඩකවෙල පසුකරන හැම වෙලාවකම මස්ඉඹුලට යන පාර දිහා බැලෙන්නෙ ඉබේම .නාට්‍යය බැලුවට පස්සෙ ඒ ගමේ මනසින් සැරිසරනවා.රක්වාන කදු ,පන්නිල කදු ,මාදම්පා කදු තියෙන ඉසව් සොයා බලන්න වෙහෙසුනා.පරම්පරා තුනක ජීවන තොරතුරු තුලින් ඔවුන්ගේ සිතුම් පැතුම් වෙනස්වී ගිය අයුරු ,ආත්මාර්තය ඉස්මතුවීමෙන් ඒසුන්දර ග්ම්මානය විනාශවෙන අයුරු එකිනෙක හිතට දැනෙන්නේ මේ නිර්මාණයේ ජීව ගුනය නිසා.තව කාලයක් ගතවුනත් මේ චරිත මෙය නරඹපු සිත්වල පවතීවි.

  • @kulebro4176
    @kulebro4176 2 ปีที่แล้ว +20

    හදවතින්ම ආසාවෙන් බලන්න පුළුවන් කතාවක් ...

  • @Dona-w3z
    @Dona-w3z 2 ปีที่แล้ว +6

    හරිම දුක්බරව දැණෙන කතාවක්....කෙටි හාමිගෙ මරණය නම් බලන්න බෑ

  • @samwije8586
    @samwije8586 2 ปีที่แล้ว +3

    'අපිට හරි හරි සාංකාවයි මයෙ රත්තරනේ ...' ගමේ සිරියාව ධනවාදය ගිලගන්න හැටි හරිම අපුරුවට ගුනාදරි වේදනාවෙන්, අප්පච්චිව අතගාමින් කියන දර්ශනය පමනක්ම ලොකු කතාවක් කියනවා. මස්ඉඹුල මහතාට තුති. ජගත් චමිල, වොල්ගා ඇතුළු ඔබ සැමටත් තුති.

  • @gunaratna123
    @gunaratna123 2 ปีที่แล้ว +5

    "උඹලත් ඒ තෙත ගතියටම හැදියල්ලා "
    කවියෙකුගේ සිතේ තෙත ගතිය.
    කවියෙක් කතාවක් ලිව්වම, ටෙලි නාට්‍යයක් කලාම තියෙන වෙනස ඒකයි.
    ආයිමත් කොයි කාලයකට මේ වගේ කතාවක් අපට දකින්න ලැබෙයිද?

  • @maheshkaveeshwara4292
    @maheshkaveeshwara4292 2 ปีที่แล้ว +2

    මගෙ ජීවිතේ මං බලපු හොදම ටෙලි නිර්මාණය ❤...
    ජගත් අයිය සහ සෙසු සියළුම නළු නිලියන් , අතිවිශිෂ්ඨයි රංගනය.. කියන්ඩ වචන නෑ .. තේමාගීය ඉදන් පසුබිම් සංගීතය , ශොකය දනවන කවි පන්ති, අතීතයෙන් වර්තමානය ට, කාලයාගේ පරිවර්තනය , පුදුමාකාර නිර්මාණ මේව ...🙏🙏 අනිවාර්යයෙන් විශේෂ ඇගහීමකට ලක් වියයුතුයි... ස්වාධීන රූපවාහිනීයටත්, මානික්කාවත ටෙලිනාට්‍ය අද්‍යක්ශක තුමාටත්, නිශ්පාදනය සහ, අනුග්‍රහ දායකත්වය ලබාදුන් සැමටත් අනේකවාරයක් ස්තූති❤️ මෙවැනි ගුණාත්මක හරවත් , රසවින්දනයක් ඇති අපූරු නිර්මාණ තව තවත් පේක්ශකයින්ට ලබා දෙන්න හැමෝටම ශක්තිය ලැබේවා ... ස්තූති❤️ රූපවාහිනී මහගෙදර ... සෑම කොටසක්ම එක විදියට රසවත් නිර්මාණයක් බැලුව නම් ඒ මානික්කාවත ❤❤❤💐💐

  • @buddhikasudarshana3676
    @buddhikasudarshana3676 2 ปีที่แล้ว +6

    හරිම ලස්සන කතාවක්. හැමදාටම මතකයේ රැඳිලා තියෙනවා.

  • @radharasangani7816
    @radharasangani7816 2 ปีที่แล้ว +6

    අනේ පිච්ච් හදපු පොල්ගහ...😢😢😢😢හරිම ලස්සන කතාව ...

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 2 ปีที่แล้ว +2

    හිතේ දැනෙන හැඟීම වචන වලට පෙරලන්න බෑ. පොල් ගහ 😢😢
    කිරි ආතාගෙ සමුගැනිම ආයි කිරි ආතා දකින්න ලැබෙන්නෑ.

  • @rathnayake.43
    @rathnayake.43 2 ปีที่แล้ว +12

    මානික්කාවත අදත් කතාව ලස්සනයි 💘💘💘 🇱🇰🇸🇦

  • @sunethafanando7890
    @sunethafanando7890 2 ปีที่แล้ว +22

    ජගත් චමිල ඉතාමත් දක්ශ නළුවෙක්.අති විශිෂ්ඨ රගපෑමක්.අද අපිට ඔහු අහිමියි.ඔහු දැන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිහින්.

    • @priyankakarunarathne6280
      @priyankakarunarathne6280 2 ปีที่แล้ว +1

      Ehemada

    • @mangalaabeywickrama503
      @mangalaabeywickrama503 2 ปีที่แล้ว +3

      අනේ ඇත්තමද ?රොශාන් රවීන්ද්‍ර මහත්මයා ට පස්සෙ මම ගොඩාක් කැමති ජගත් චමිල මහතාට .නිදුක් නිරෝගීව චිරාත් කාලයක් ජීවිත් වේවා .

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +2

    මම බැලුව ආදර්ශමත් ,ලස්සන,ඒ වගේ චරිත නිරූපණය අතිව්ශිස්ට කතාවක් මනිකාවත ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @IndrajithBandara
    @IndrajithBandara 2 ปีที่แล้ว +19

    කෙටිහාමි මාමණිඩිත් මේ කතා​වේ දී ආයේ මුණ ගැහෙන්නේ නෑ. කෙටිහාමි චරිතයට පණ පොවපු ජගත් චමිල අයියට බොහෝම ස්තූතියි.
    ඒ වගේම මේ අවුරුද්දේ විශිෂ්ඨම දක්ෂ නළුවා සම්මානය ජගත් චමිල අයියට අනිවාර්යයෙන් ලැබෙන්න ඕනි.

  • @prasannadiwakara977
    @prasannadiwakara977 2 ปีที่แล้ว +15

    කතාවෙ වටිනාකම ලියන්න මට වචන නෑ ..ලියල ඉවර කරන්න බෑ ..

  • @Dona-w3z
    @Dona-w3z 2 ปีที่แล้ว +5

    ජෝ අබේවික්‍රහයන්ගෙ පිළිඹුව. ..ජගත් චමිල. මහතා ❤️❤️

  • @meidiruhasmi6872
    @meidiruhasmi6872 2 ปีที่แล้ว +1

    මේ කතාව බලද්දි ,මෙ ජීවිතවල ජීවිතවල ජීවත් වෙද්දි ඒ දැනෙන හැගීම් වචනවලට පෙරලන්න තරම් වචන , සිංහල භාශාවෙ මෙච්චර ලස්සන වචන තිබිලත් මට තවමත් ගලපගන්න බෑ.. අපි හරි මෝඩ පවුකාර ජාතියක්.. ලස්සන ජීවිත සංකීර්ණ කරගෙන හැල්මෙ දුවල හති වැටිලා මැරිල යන්න තරම්

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +7

    කතාව බලන්න ගත්ත වෙලේ ඉදන් ඇස් දෙකට කදුලු උනනවා

  • @niroshaninadeeka615
    @niroshaninadeeka615 2 ปีที่แล้ว +11

    අයියෝ කිරී ආතාත් ගියා එහෙනම් ..මට හිතෙනවා එ අය ආයෙත් ඉපදෙනවා කියලා එහෙම උනොත් බලන්නත් ආසයි

  • @udaniasinsala7391
    @udaniasinsala7391 2 ปีที่แล้ว +4

    ජීවිතේ යථාර්ථය මනාව විද්‍යාමාන කරන අති සංවේදී විශිෂ්ඨ නිර්මාණයක් මාණික්කාවත. ජගත් චමිලයන් ඇතුලු සියලුම රංගන ශිල්පීන්ගේ දායකත්වය අති විශිෂ්ඨයි. ❤❤❤🙏 සම්මානයට පාත්‍ර විය යුතුම නිර්මාණයක්

  • @amashasathsarani122
    @amashasathsarani122 2 ปีที่แล้ว +8

    ජගත් චමිල ඔබ අති විශිෂ්ට නලුවෙක් 👏👏

  • @carunadabare2982
    @carunadabare2982 2 ปีที่แล้ว +6

    උතුම් ගුණවත් මනුෂ්‍ය
    කෙටි හාමිට කරදරක් ද
    තෙරුවන් සරණයි

  • @Disna0608
    @Disna0608 2 ปีที่แล้ว +2

    එක තත්පරයක් එක හුස්මක් මග නොහැර ,මඟ හැරුනොත් නැවත නැවත බලන එකම කතාව

  • @slgold217
    @slgold217 2 ปีที่แล้ว +10

    කතාවේ මුල මතක් වෙද්දි පට්ට අවුල් ඒ උනාට ඔක්කොම වෙනස් වෙලා

  • @dushantharinda4756
    @dushantharinda4756 2 ปีที่แล้ว +2

    අඩන්නෙ නැතුව ⁣බලපු නැති දවසක් නැති තරම් බං🙏

  • @priyankakolabage3342
    @priyankakolabage3342 ปีที่แล้ว

    මගේ ජීවිතේට බලපු ලස්සනම කතාව කෙටිහාමි පුදුම චරිතයක් ජගත් චමිල මහත්ම්මයාට සම්මානයක් ලැබෙන්නම ඕන

  • @Sam-dt2th
    @Sam-dt2th 2 ปีที่แล้ว +2

    පොල් ගහට හෙන ගැහුවාම මට අමුත්තක් දැනුණා... 😥😥

  • @chandrachandra1654
    @chandrachandra1654 2 ปีที่แล้ว +9

    අනේ අදත් උළමා කෑ ගහනවා ...😢😢😢😢😢😢

  • @roshinidambagolla5808
    @roshinidambagolla5808 2 ปีที่แล้ว +2

    වොල්ගා නිතරම පේන්න නැතත් එයාට ලැබෙන චරිත ඉහලයි

  • @hasithamangala3342
    @hasithamangala3342 2 ปีที่แล้ว +3

    ආසම චරිතය අදින් පසුව නැ වගෙ.😥 (ජගත් චමීල ❤️) අති වීශිෂ්ට රංගනයක්.

  • @sayurimanage2329
    @sayurimanage2329 2 ปีที่แล้ว +4

    ගමක් හදලා ගමක් අස්වද්දපු ඒ මිනිස් නිධානයත් පොලව යටටම ගියා 😔

  • @slmobileslmobile5534
    @slmobileslmobile5534 2 ปีที่แล้ว +1

    මුල ඉදන්ම බලපු ලස්සනම කාතාව

  • @shadiraamani2466
    @shadiraamani2466 2 ปีที่แล้ว +5

    මේ පවුලේ පරම්පරවෙන් පරම්පරාවට පිය පුතුන් අතරේ ඇති උත්තරිතර බැදිම සෙනෙහස හරිම පුදුමයි.

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +20

    පිච්චි හිටවපු පොල් ගහ වැටිලා. අසුබ ලකුණක් වාගේ.

  • @anjalikavindya9386
    @anjalikavindya9386 2 ปีที่แล้ว +3

    මෙච්චර ලස්සන කතාවක් 😟😟😟💛😍

  • @madusankhanuwan9133
    @madusankhanuwan9133 2 ปีที่แล้ว +13

    මහපොලොවේ මවු හදවත...

  • @rehanarehana7477
    @rehanarehana7477 2 ปีที่แล้ว +16

    මං මේ කතාව ගොඩාක් ම ආසාවෙන් බලන කෙනෙක් .නමුත් මං කමන්ට් නම් එහෙම දාන්නෙ නැ .ඒත් අද මං හිතුවා මගෙ අදහස ලියාගනම කතාව බලන්න .මේ කතාවේ ගුනාදරීට හා පිච්ච ට දාලා තියන මේකප් නම් හරිම කැතයි.ඕනවට වඩා විරැපී කරලා .දැන් ගුනාදරී අප්පොච්චටත් වඩා වයසට යවලා.⁣මේ කතාව ගොඩාක් අය ආසාවෙන් බලනවා.ඒත් මේ විරැපී කෙරිල්ල ගැන ගොඩාක් අය කතා කරලා තිබ්බ .ඒත් අද කතාවෙත් ගුනාදරීව විරැපී ම කරලා දාලා .මෙච්චර ආසාවෙන් බලන කතා මිනිස්සුන්ට එපා කරවන්න එපා.කතාවෙ හැටියට වයසට යවලා තිබ්බට මේ තරම් කැත විදියට .

    • @jamesduncan4076
      @jamesduncan4076 2 ปีที่แล้ว +3

      දුක් විදිනකොට කොහොමත් වයස පේනව
      ප්‍රේක්ෂකයො අකමැති උනාට යතාර්ථය ඒකයි

    • @gihandadallage328
      @gihandadallage328 2 ปีที่แล้ว +3

      ඒ කොහොම උනත් මමනම් දැකපු හොදම වේශ නිරූපණය දැක්කෙ මේ කතාවෙ තමයි

    • @upekshaayanthi6942
      @upekshaayanthi6942 2 ปีที่แล้ว

      Eekanm eththa

  • @isuruindunil8194
    @isuruindunil8194 2 ปีที่แล้ว

    මේ කතාවටනම් සම්මාන පිට සම්මාන ලැබිය යුතුයි❤️..අපේ කම🇱🇰

  • @hpklibrary
    @hpklibrary 2 ปีที่แล้ว +2

    මිනිසෙක්නම් විය යුත්තේ කවුරුන් සේද කෙටිහාමි සේමය..... අතීතයේ මෙන්ම වර්ථමානයේද මෙවන් හරවත් මිනිසුන්ගෙන් පිරුනානම් ​මේ පොළෝ ධාතුව කෙතරම් පින්වත්ත වේද....

  • @pradeepikarathnaya1889
    @pradeepikarathnaya1889 2 ปีที่แล้ว +3

    අනේ ඉතින් මගේ අප්පුච්චේ කියන වචනය පරිවර්තනය කරලා father කියලා දැම්මට එ වචනයේ තියන දයාබර බව ගැඹුරු ම ගැඹුර බැදීම කොහොම පරිවර්තනය කරන්නද වෙන භාෂාවකින්

  • @somasoma7355
    @somasoma7355 2 ปีที่แล้ว +1

    තෙරැවන්සරණයි සියලුදෙනටම ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

  • @sameerasampath8211
    @sameerasampath8211 2 ปีที่แล้ว +2

    පොල්ගහ වැටෙද්දි මට හිතුනා කෙටි හාමිත් අවසන් හෝරා කිහිපය කියලා 😢

  • @UGamagePhotography
    @UGamagePhotography 2 ปีที่แล้ว +8

    මානික්කවත බලන හැමෝටම සුබ සති අන්තයක් ඔයගොල්ලො මේක බලන නගරය කමෙන්ට් කරමුද? (සමීක්ශනයකට)

  • @Manjubaba0530
    @Manjubaba0530 2 ปีที่แล้ว +2

    ජගත් චමිල රඟපානවද? ඒ තමයි ජීවිතෙ.
    නිදුක් නිරෝගීව දිඟුකලක් ජීවත් වේවා.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nadishaninadishani9422
    @nadishaninadishani9422 2 ปีที่แล้ว +3

    අනෙ කෙටිහාමි marenawada 🤔පොල් ගහ කඩා වැටුණ නිසා කෙටි හාමිට හරිම දුකයි😥😥 මොකද ගමට ආ මුල්ම දවසෙ ගාලාගෙන ගිය දොලකින් පිච්චිට හමු වූ පොල් palayaනෙ පිච්චි ගෙයි පිටි පස්සෙ හිටෙවුවෙ ,පිච්චි නැති දුක කෙටිහාමි නැති කර ගත්තේ ඒ ගහ දිහා බලලා 😥dan ඒකත් කඩා වැටුණ නිසා කෙටිහාමිට හරිම 😭 ඒයාගෙ පන කෙන්dath නැති wene ඒ දුකට තමා වැඩිපුරම 😥😥

  • @samanthaabeysinghe2790
    @samanthaabeysinghe2790 2 ปีที่แล้ว +12

    කියන්න වචන නෑ.මේ teli drama එකේ කතාව රඟපෑම් ඇතුළු සියළුම දේ අතිවිශිෂ්ට යි...

  • @jagathjagath3035
    @jagathjagath3035 2 ปีที่แล้ว +5

    මගෙ ජීවිතේ දැකපු තවත් විශිෂ්ට නිර්මාණයක් රන්ගනය ගැනනම් කියලා වැඩක් නෑ

  • @nisasamrapuli928
    @nisasamrapuli928 2 ปีที่แล้ว +1

    අනේ පිචිචිගේ පොල් ගහා 🌴🌴🌴🌴🌺😭😭😭😭

  • @charithaprabodhana2797
    @charithaprabodhana2797 หลายเดือนก่อน

    ආදරේ කරපු චරිත වයසට ගිහින් ලස්සනට තිබ්බ කුඹුර දැන් කුඹුරක් නෙවෙය් ,පිච්චි ආසාවෙන් හිටවපු පොල් පැලෙත් කඩං වැටුන ඇයි එකපාර මේ දුක් එක පෙලටම එන්නෙ ,දරාගන්න බැරි තරං දුකක් ඒක 💔

  • @jandrajandra1067
    @jandrajandra1067 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි කතාව ස්තුතියි 👍👌❤️👍

  • @jayanidesilva7282
    @jayanidesilva7282 2 ปีที่แล้ว +3

    each and everything is perfect..ALL actors should be awarded...even kids..

  • @geethasamaranayake277
    @geethasamaranayake277 2 ปีที่แล้ว +1

    ජගත් ගේ මේ රගපෑම තරම් රගපෑමක් මම දැකල නෑ හැමෝම දක්ශයි ස්තූතියි

  • @priyanthakumara1975
    @priyanthakumara1975 2 ปีที่แล้ว +1

    ජීවිත ගමනේ සත්‍යය ධර්මය මේ නිර්මාණයට මූලික අරමුණ හැටියට යොදා ගැනීම පිළිබඳව කතෘ තුමාට බොහෝ පිං. ඇත්තටම ඔබතුමා අවබෝධ කරගත් ධර්මය මේ ආකාරයෙන් හෝ මිනිසුන්ගේ මනසට කාවද්දන්න ගත් උත්සාහය අනර්ඝයි.