අන්නමලයි බදක් සහිත මාතර 02 කොළඹ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2017
  • මාතර 02 කොළඹ ගාලු පාරේ අවසන් හීනෝ පවර් අන්නමලයි බදක් සහිත එකම බස් රථය මාර්ගයට සමුදීමට පෙර...
    හීනෝපවර් බස් රථ යනු අදටත් ලේලන්ඩ් බස් රථයන්හි පැමිණි අති සාර්ථකම තාක්ෂණයක්... නමුත් ටර්බෝ ඉන්ටකූලර් බස් රථ මාර්ගවට පිවසිත්ම හීනෝ බස් රථ ක්‍රමයෙන් මාර්ගයට සමුදුනි.නමුත් මාර්ගයේ පරිණතයන්ට අනුව නම් තෙල් භාවිතය හා නඩත්තු අතින් නම් මේ තාක්ෂණය හා ගැටෙන්නට කිසිදු බස් රථයක් පැමිණෙනු නැත , ජපන් හීනෝ තාක්ෂණය මේ එන්ජිමේ මුදුන් මුල යැයි කිවොත් වරදක් නැත...එමෙන්ම හිනෝ එන්ජිමකට අන්නාමලයි බදක් යනු ගහට පොත්ත වැනිය... හීනෝ සාර්ථකම එන්ජිම මෙන්ම අන්නාමලයි යනු මෙතෙක් කලකට ශ්‍රී ලංකාවට පැමිණි අති සාර්ථකම බඳයි...අපද විශ්වාස කරන අන්දමට AE තරම් අති සාර්ථක බඳක් තවත් නැත... නමුත් අවසනාවකට මෙන් හීනෝ තාක්ෂණය මෙන්ම අන්නාමලයි ඉංජිනියර්ස් - පෝලච්චි අති සාර්ථකම වයිකිං ඉතිහාසයේ ගුණාත්මකම බස් රථ බදද ලංකාවට ගෙන්වීම නවතා දමා බොහෝ කලක් ගතවී ඇත. නැවත ලංකාවට පැමිණෙන්නේද නැත...
    ඉතිරි වී ඇති මේ සුසංයෝජනයේ හැඩකාරම බස් රථයේ සිට විනාඩි 3ක්...
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 5