A very interesting video, especially for grade 6 students who start learning about micro organisms. Really appreciate your dedication. Thank you so much.
Mithyawa widiyata ganne hithanna baruwa kammalikmt atharala dala wena de sathya kiyana aya.... Eth me api ath widina ekth sthya newe mekth mayawak wenna plwn... 🙄
සර්ගේ හිනාවට separete fan base එකක් ඉන්නවා. ❤️✌
aniwa
😂😂
Sirta budubava labava
එහෙමද, සතුටින් ඉන්න ඕනි ඉතින්
Eka nam aththa 😁
මම ඒක හැදුව. සුපිරිම සුපිරි. මම විද්‍යාව ගුරුවරයෙක් පාසලේ ලියන ආලෝක අන්වීක්ෂය ට වඩා ගොඩාක් හොඳයි. Thanks සර්. දූරේක්ෂයක් හදන්න කියලා දෙන්න පුළුවන් නම් හොඳයි.
බොහෝමත්ම ස්තූතියි. මමත් A/L පන්තියේ දී මේ වගේ කිහිපයක්ම හැදුවා. ඒ එදා තිබුන සම්පත් වලින්. මුල්ම ලෙන්ස් එක වතුර බින්දුවක්. ඊලඟට පෙන්ටෝච් බල්බයක තුඩක්. නමුත් ඊට අවුරුදු තිස්පහකට පමන පසුවත් මේ රසවත් නිර්මාණය ආශාවෙන් අධයනය කරනවා. ඩිජිටල් ලෝකයේ අතරමංවූ අපේ වත්මන් පුංචි පැටවුන්ට මෙය ඉතාමත් හොඳ මගපෙන්වීමක්. නැවතත් බෙහෙවින්ම ස්තූතියි......!
ගොඩක් සතුටුයි මේ ගැන දැනගන්න ඇත්තටම
මේ චැනල් එකේ මම දැකපු පළමු වීඩියෝ එක මේක. වීඩියෝ එක දැකලා විනාඩි 15ක් ඇතුලත සරළ ඇටවුමක් හදලා මේක පරික්ෂා කරලා බැලුවා.. නියමයි.. 🤩ස්තූතියි.
ප්ලාස්ටික් ග්ලාස් වෙනුවට මම ගත්තේ පරණ පොතු ගැලවෙන සීඩී එකක්. ඒකේ රිදී පාට පොතු ටික ඔක්කොම සෙලෝටේප් අලවලා ඇදලා ගලවල දැම්මා. එතකොට සීඩී එකේ ප්ලාස්ටික් වීදුරුව විතරක් ඉතිරි වෙනවා.. ස්ලයිඩ් වලටත් එයින් කෑලි දෙකක් පේපර් කටර් එකෙන් ඉරි ඇඳලා කඩල ගත්තා.
ලයිට් එකට ගත්තේ වාහන වලට ගහන්න එන 12වෝල්ට් බල්බ් තුනක එල්ඊඩී පටි කෑල්ලක්. ඒකෙන් බල්බ් දෙකක් වහලා එකක් ගත්තේ. නැතිනම් ආලෝක බුබුලු තුනක් පේනවා.
නියැඳියට ගත්තේ කානුවකින් වතුර බිංදුවක්. සත්තු අඳුරගන්න නම් බැරි උනා. නමුත් උන් පීනනවා ඉතාම පැහැදිලිව හොඳට දැක්කා..
ෆ්‍රේම් එක හැදුවේ කාඩ්බෝඩ් වලින්. ස්ටේජ් එක ලෙන්ස් එකට ගොඩක්ම ළඟ උනාම තමයි හොඳට ෆෝකස් වෙන්නේ..
සාර්ථක වීඩියෝවජ්. ජය වේවා. තෙරුවණ් සරණයි..🙏🙏🙏🙏
❤
සමාජයෙ ඉහල තනතුරක් දරමින් උඩඟුකමක් නොමැතිව සාමාන්‍ය මිනිසුන් සමග අව්‍යාජ ලෙස දැනුම අදහස් බෙදාහදාන්නා ඔබතුමන් ට තෙරුවන් සරණයි යහපත් අනාගතයක් වේවා
බොහොම ස්තුත්යි, ලොකු තනතුරක් නෙමෙයි. උඩඟු වෙන්න තරම් මා ළඟ අන් අය ගාව නොමැති දෙයක් නැහැ. දැනුම බෙදනකොට දැනුම වැඩෙනවා ඒ වගේම හිතට සතුටුයි. එකයි හේතුව
100% Agree
@@ScienceWithRuchira Harima Nihatha mani Charthayak Obathuma Tharuwansaranai Obathumata🙏🙏🙏
@@ScienceWithRuchira ❤️❤️🥰
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අන්වීක්ෂයක් ගන්න එක මගෙත් හීනයක්. මිත්‍යාවෙන් වෙලුන මේ රටේ මිනිස්සු අදුරෙන් එලියට ගන්න මේ දරණ උත්සාහට ඔබතුමාට ගොඩක් පිං ❤️.
අණ්වීක්ෂය කීයක් විතර වෙනවද
@@shanakadevinda632 hoda ekak 75 k withara
සර් අණ්වීක්ෂය හදන්ඩ වීදුරු කෑලි ගන්ඩ බැරිද
@@shanakadevinda632 සමහර තැන්වල 10kta අඩුවෙන් thiyenawa man දැකල තියෙනවා
හැබැයි ඉතින් colitiya කොහොමද කියලා නම් දන්නෙ නෑ
කණගාටුවට බර වෙන්න මිනිස්සු ඉන්න රටක සතුට දැනෙන මිනිස්සුත් ඉන්නව දකින්න ලැබෙන අවස්තාවක් 🙏🙏🙏
ස්තුත්යි ඔබට
100% Agree
😍
Meeg medicine ekaa link eka danna mahattaya plees🥺🥺😣🥺
@@ScienceWithRuchira
හ්
Clz එකේදි තිස්ස සර් කියපු කතාවක් අහල මේක බලන්න ආවෙ.. ගොඩක් ස්තුතියි රුචිර සර් මේක කියල දුන්නට🔥❤️
අපි ඉස්කෝලෙ යන කාලෙ ඔබතුමා වගේ ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න තිබුණා නම් කියලා හිතෙන වාර බොහෝමයි. ඔබතුමාගෙ වැඩසටහන් සහ රාමුව වැඩිහිටියන් හා පාසල් දරුවන් අනිවාර්යෙන්ම බලන්න ඕන. බොහොම ස්තූතියි ඔබ තුමාට 🙏❤️
Sira kathawa bro
රාමුව කරන එකා නයි අරින්නේ 😅 විද්‍යාව කියලා බයිල ගහන එකෙක් ඌ
වීඩියෝ කතා සම්පත් අයියගෙ ඒවත් බලන්න නියමයි
අනිවාර්යයෙන් 😊
බොහොම ස්තුත්යි ඔබගේ අදහසට
සොඳුරු විද්‍යාඥයා... නිහඬ සිනහව තුල අන්තර්ගතය අසීමිතයි... දෝණි ඇහුව ප්‍රශ්ණයට උත්තරයක් දෙන්න එපැයි.... ඇත්තටම ඒක අපූර්වයි.
විද්‍යාඥ රුචිර මැතිතුමනි!
පවතින අධ්‍යාපන රාමුවෙන් බැහැරව අනාගතයට වගකිවයුතු රත්තරන් දූ දරුවන් වෙනුවෙන් ඔබගේ මෙහෙවර අගනේය.
ඒ වෙනුවෙන් තිරය පිටුපස දරන මෙහෙය ඉතා අගනේය.
දැහැමි දුව💜💎🇱🇰💐
මයික්‍රෝ ඔසිලස්කෝප් 1
හොඳටෝම හොඳයි
බොහොම ස්තුත්යි ඔබට
මාත් හැදුවා 100% සාර්ථකයි, ඉස්කෝලේ වැඩ වලට මේක ගොඩක් ප්‍රයෝජනවත්.
මේ දවස් වල ගෙවල් වල හිර වෙලා ඉන්න ලමයිට කරන්න ලස්සන වැඩක්❤️❤️❤️ස්තූති සර්.වීඩියෝ එකේ ආසම අන්තිම විනාඩියට ලස්සන හිනාවල් දෙකක් අපේ පුංචි විද්යාඥ්ඥවරියත් එක්ක🤗❤️
හ්ම්, බොහොම ස්තුත්යි ඔබේ අදහසට
@@ScienceWithRuchira සර් අපිට ගෙදරදීම ප්‍රබල දුරේක්ෂයක් හදන විදිහක් කියල දෙන්නකො
මම කැමති ලංකාවේ ලාබාලතම විද්‍යාඥවරිය වෙන්න... මේ video eka mata godak useful thank you
අන්වීක්ෂයක කිරණ සටහන එක්ක සන්සන්දනය කලාම බොහෝ දුරට සමානයි ක්‍රියාවලිය ....
උපනෙත වෙනුවට කැමරා කාචයත් ,
අවනෙත වෙනුවට CD drive එකේ කාචයත් වැඩ කරනවා
ගොඩක් ස්තූතියි සර් ❤👑
හරියටම හරි, බොහොම සතුටුයි ඔබගේ අදහසට
උප නෙත වෙනුවට පරණ කැමරාවක කාචයක් පාවිච්චි කරල කන්වීක්ෂයක් හදාගන්න පුලුවන්
👍💐
සර්ගෙ මුණ දැක්කත් හිත පිරෙනවා.🤗
සර් මේ ගුරු මුෂ්ටියක් තියාගන්නැතුව මේව කියල දෙන එක නම් ගොඩක් වටිනව සර්
මම A/l biology karanne Sir මාත් හැදුව මම ගෙදර ඉදන්ම දැන් microorganisms ල බලන්න පුලුවන් හරිම ප්‍රායෝගිකයි . ඔබතුමාට ගොඩක් පිං . තව තව් නව නිර්මාණ තාක්ෂණය ගෙන ඒමට හැකියාව ශක්තිය ලැබේවා 🙏🙏
Oya plastic kali hoyagaththe kohenda
Plwn nm udwwak kranna
Matath
@@shantharaka4960 ඔය විදියේ ප්ලාස්ටික් කොටස්.. ඔය සම්පූර්ණ ඇටවුම සඳහාම හොයාගන්න ක්‍රමයක් තියෙනවා.. අළුතෙන් ෂර්ට් එකක් අර ගන්නකොට ඒක නොනැමී තියාගන්න කාඩ්බෝඩ් කෑල්ලට අමතරව පාවිච්චි කරලා තියෙන්නේ අනිත් ප්ලාස්ටික් කොටස මේ සම්පූර්ණ වැඩේට හොඳටම සුදුසුයි..
ඒ වගේ තවත් හොඳට හොයලා බැලුවොත් භාණ්ඩ අසුරන ඇතුලේ ඔය වගේ ප්ලාස්ටික් කොටස් තියෙනවා..
@@bathiyaweerasekara sirawtm....thms aaa.....eken karagan plwn ne
මටත් හිතුනා සර් අනිවාර්යයෙන් මේක දෙනවා කියලා අර ක්ෂුද්‍ර ජිවියා නිරික්ෂණය කරපු දවසේ.💚💚✌️
බොහොම ස්තුත්යි. ඔව් එහෙම තමයි හිතාගෙන කලේ
හරි අපූරු වැඩක් නෙ සර් ඉස්කෝලේ ක්ෂුද්‍ර ජීවීන් බලන්න පොර කාපු අපිට දැන් ගෙදර ඉඳන්ම ලෙසියෙන්ම බලන්න පුළුවන්. Thank you sir 😀
සර් ගොඩාක් වටින වීඩියෝ එකක් උසස් පෙළ විද්‍යා විෂයන් හදාරන ළමයි ට... ලෝබ නැතුව දැනුම බෙදනවා ට ගොඩාක් ස්තූතියි ... සර් දුරේක්ෂ හදන විදිහ ගැන පුළුවන්නම් වීඩියෝ එකක් කරන්න ... සර්ට ,දූට තෙරුවණ් සරණයි ...!!!
Nice personality sir..
මේකත් හදනවා. ඒ වගේම අහසත් බලන්න පුලුවන් වෙන ගෙදරදි හදාගන්න පුලුවන් දුරේක්ෂයක් හදන හැටිත් ඕන. 🔥🙏🙏
ස්තූතියි ඔබට.
චුට්ටං පැටියාගේ ලත්තණ හිනාව...තාත්තගේ හිනාවට දෙවෙනි නෑ ...හරිම සිරියාවයි...
ගොඩාක් වටිනව පාසල් ළමුන්ට ...අන්තිමට ඉන්න .අනේ ඒ පොඩි පැට්ටි..බුදුසරනයි ..❤❤
ඔබතුමාට බොහොම අවංක උවමනාවක් තියෙනව විද්‍යා දැනුම බෙදාදෙන්න 😍😍
බෝමත් ස්තුතියි...
වැඩකට නැති, කාලය කාදමන, මනස විකුර්ති කරන ටික් ටොක්, fb , යූටියුබ් බලන අපේ දුවා දරුවන්ට ඔබතුමා දෙන දැනුම ඉතා අගෙයි..
චුටි දූ... ඔබ පවුලේ සියලු දෙනාට නිරෝගී දීර්ඝායු පතමි.
බලාපොරොත්තුවෙන්ම හිටපු වීඩියෝ එකක් ❤️❤️❤️ බොහොම ස්තූතී සර්.. පෙරට වඩා මේ විෂය ගැන දැන් අපි ගොඩක් රසවත්..ඔබතුමා නිසා ❤️
බැලූ සැනින් පේනවා සරල සුන්දර මිනිසෙකු බව..ජයවේවා ඔබතුමන්ට
ප්‍රියමනාප පුද්ගලයෙක්... ඔබ තුමාගේ මෙහෙවර බොහෝ සෙයින් වටිනවා... නිහතමානීව කියල දෙන එක උතුම් ගතියක් 😊👍
ඔබතුමාගෙ හිනාවයි කතා විලාශයයි දැක්කම අපේ ප්‍රස්න සේරම අමතක වෙනව ඒතරම් ප්‍රසන්න බවක් තියනව හරිම හොදයි සතුටින් ඉන්න නිරෝගී සුව
*සර් සර් වගේ හිනාවෙන ලස්සනට හිනාවෙලා ලස්සනට ඉන්න..*
*ලස්සනට උගන්නන සර් කෙනෙක් කවදාවත් දැකලා නෑ ❤❤❤❤*
*අපිට ඔය වගේ විද්‍යාව උගන්නන සර්.ලා නෑ....* 😭😭😭😭
සර් මම මේක හදල බැලුවා. 100% ක් ම සාර්තක උනා කියන්න බෑ. ඒඋනාට බොහෝ දුරට සාර්තක උනා. ලූනු සිවියෙ සයිල පැහැදිලිව බලා ගන්න පුලුවන් උනා. බොහෝම ස්තුතියි සර්. මේ වගේ නිර්මාන ගැන වෙනම වීඩියෝ මාලාවක් ගේන්න පුලුවන් නම් වටිනව.❤️
ඔබතුමාගෙ දැනුමට වඩා නිහතමානී කම ගොඩක් අගෙයි. ඔබ තුමා රටට සම්පතක්. ඔබ තුමාල වගේ අය තමයි අපේ රටේ පරිපාලන කේෂ්ත්‍රයට ගොඩක් වටින්නෙ. හැම දේම විනිවිද දැකීමේ හකියාව කීයෙන් කී දෙනාටද තියෙන්නෙ
මේක අපි ගෙදර හැදුවා . ඇත්තටම ගොඩක් දේවල් පේනවා.මදුරු කීටයෝ,පූටිකා,ප්ත්ර් සිවියෙ cells. පොකුණු ජල සාම්පල.
සර්ගේ හිනාව නිසා මුළු video එක බලන්න ගොඩක් ආස හිතෙනවා 😇🙏
ඔක්කොටෝම වැඩිය හිනාවෙලා ඉන්න එක වටිනවා සර්..ගොඩක් ස්තූතියි
ගොඩක් ප්‍රයෝජනවත් sir. අපි school ගිය දවස් වලත් මෙහෙම දෙයක් තිබ්බනම් interesiting වෙන්න තිබුන තවත්.. අපේ මල්ලිල නන්ගිල තව පොඩි නිසා මේක ගොඩක් වටිනව.මන් මේක අනිවාරෙන් හදනවා..❤️
ඔබගේ වැඩසටහන් අපට ඉතා වැදගත්.
තාත්තා වගේම චූටි දුවත් ලස්සනට හිනා වෙලා ඉන්නව. බුදුසරණයි
"ඒක හොඳායි "
ඇත්තටම මේකනම් බොහොම වැදගත් විඩියෝ එකක් මම හොය හොයා ඉදියේ microscope එකක් හදගන්නෙ කොහොමද කියලා 😍😍 ගොඩක් ස්තුතියි සර් 🙏
ඔබතුමාගේ හැකියාවන් දිනෙන් දින දියුනුවට පත්වේවා !!!
දීර්ඝායු ලබත්වා !!!
දුරෙක්ශයක් වගේ දෙයක් ගෙදර ඉදන් හදන හැටි කියලා කියල දෙන්නකෝ සර් . මත් අසයි තරු බලන්න ❤️❤️☺️☺️
හොඳයි ඉදිරියට කතා කරමු
@@ScienceWithRuchira plwan ikmnatama katha karamuko sir😀🌹
මාත් බලන් ඉන්නේ සර්
මාකට් එකට ගිහින් බඩු මිල අහපන්,එතකොට උබට එලොව පොලුයි, දවල් තරුයි ඔක්කොම පෙනෙයි,
මාත් ආසයි sir
අවුරුදු ගානක් හොය හොයා හිටිය වීඩියෝ එකක්....සර් ඔබට අනේක වාරයක් ස්තූතී... සර්ගේ ඉදිරි වැඩ කටයුතුත් සර්වප්රකාරයෙන් සාර්ථක වෙන්න කියලා හදවතින් සුභ පතනවා 🙏❤️🌸
හොඳ මහත්මයෙක් ඔබතුමා.🙂
බොහොම ස්තුත්යි
ආදරෙයි ඔබතුමාට ..කුතුහලය පිරි දැනුම අපිට ලබා දෙනවට....රටේ මතු පරපුරට හොඳ වටපිටාවක් නිර්මාණය කරනවට.❤️❤️❤️❤️❤️
I am Grade 5 student.. I am watching your videos and it is very educational to me..... Thank you sir🙏😍
ඇත්තටම මීට අවුරුදු පනහකට කලින් සිටම මට ඇති වුන ආසාවක් කොයි තරම් සුන්දර ව ඉටුවුනාද. මම හිතුවෙ දස දහස් ගනනක් යාවි කියල. ලගදීම දරුමුනුබුරොත් සමග සතුට බෙදා ගන්න පුලුවන්. ඔබ ඈත අනාගතේ ජීවත් වෙන මානවයෙක්.
තෙරුවන්සරණයි සර් .අපිට ලබලා දෙන මෙි දැනුමට ගොඩාක් ස්තුතියිසර්
බොහොම ස්තුත්යි ඔබටත්
සර් කරන මේ වැඩෙන් විද්‍යාව ඉගෙන ගන්න ආස හිතෙනව, ඒ කාලෙ සර් අපිට මුන ගැහුනනම් අපි මීට වඩා තැනක ඉන්න තිබුනා... අපිට ලැබුන සර්ලා මිස්ලා කරේ පොඩි දේටත් බැනලා , කෑ ගහල ඉගෙන තියෙන අසාව නැති කල එක,
එව්ව කියල දෙන හැටි මරු, කිසිඅම් බරක් නැතුව අහන් ඉන්න පුලුවන් ඒ කතා විලාසය😍😍😍
අද තමයි සර්ගේ වීඩියෝ චැනල් එක දැක්කෙ.ගොඩක් වටිනවා.බොහොම ස්තූතියි ඔබතුමාට.
බොහොම බොහොම ස්තූතියි සර්. බලාපොරොත්තුවෙන් හිටියෙ
බොහොම ස්තුත්යි ඔබටත්
සර් 💟 ගොඩක් ස්තුතියි.
මම ආසයි අන්වීක්ෂ වලට ඒත් ගන්න උනේ නෑ. මේ වගේ ගෙදරම හදාගන්න අන්වීක්ෂයක් හදන හැටි කියල දුන්නට ගොඩාක් ස්තූතියි.💟 අපි අපි වගේ ළමයින්ට මේක ගොඩාක් වටිනවා....🙏🙏🙏
ගෑස් ටැංකි වල ප්‍රොපේන්-බියුටේන් සංයුතිය ගැන වීඩියෝ එකක් කරන්නකො සර්! ඒ වගේම ඒවායේ ක්‍රියාකාරීත්වය ගැනත් දැනගන්න ඕන.
ඔබ තුමාගෙ දැනුම බෙදාදිම ඉතාමත් විශිෂ්ට යි.ජයවෙිවා
හරිම වටිනවා සර්🙏❤ you tube නාලිකා අතර වෙනම level එකක channel එකක්. ආඩම්බරයි සහ සතුටුයි සර් වගේ දැක්මක් තියන මිනිස්සු තවම මෙහෙ ඉන්නවා කියලා හිතෙද්දි😍😍🙏👌🌏
ඇත්තටම විශිෂ්ටයි සර්. අපිත් අදම උත්සහ කරලා බලනවා ...
සර්ගෙ හිනාවට තමා කැමතිම..😍❤️
සර් ඇත්තටම කඩෙන් ගන්නවට වඩා මේ වගේ තනියම හදලා ප්‍රැක්ටිකල් කරද්දි ගොඩක් සතුටු හිතෙනවා.
සර්ට ගොඩක් ස්තුතියි සර් .
සර්ගෙ හිනාවට නම් ගොඩක් හිත යනවා සර්
ගොන්නු වීව්ස් ගන්න කරන ගොබ්බ වැඩ වලට වඩා මෙහෙම වැදගත්කමක් කමක් තියන වැඩක් දැක්කමයි..බුදු සරණයි සර්❤️
ඒ හිනාවට ඕනම කෙනෙක් video එක ඉවරවෙනකන්ම බලනවා.. ❤ ස්තූතීයි සර්..🙏
බොහොම ස්තූතියි සර් ගොඩක් වැදගත්වුනා video එක 👍
බොහොම ස්තුත්යි ඔබටත්
@@ScienceWithRuchira welcome sir
මම මේක හැදුවා සර් සීයට දාහක් සාර්ථක යි සර්ට ගොඩක් ස්තූති
නියමයි. තමන් ගැන විතරක් නැතිව රටක් ගැන මිනිස්සු තව තවත් බිහිවේවා. සර් workshop කරන්න
ok
සර් ,මේ වගේ දේවල් ගැන තව තවත් හොයල බලල අපිට දෙනව නම් පිං සිද්ද වෙනවා. ඔබ තුමා ට බොහොම ස්තූතියි
බොහොම ස්තුත්යි
හැමදේම මුදල් මත තීරණය වෙච්ච සමාජයක, නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන, මුදල් එකවුන්ට් එකට දැම්මෙ නැති උනාම online passcode එක දෙන්නෙ නැති ගුරුවරු ඉන්න රටක, පාසල් අධ්‍යාපනය වර්ජනය කරමින් පුද්ගලිකව online class උගන්නන ගුරුවරු ඉන්න රටක, කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී තමන්ගෙ කාලය ශ්‍රමය වැය කරමින් දැනුම නොමිලේ බෙදා දෙමින් සමාජයට කරන මෙහෙය අගය කරමි...
ම්ෆ සර් ලෝකයත් එක්ක අවබෝධය ක් ඇතිව ජීවත්වන මහත්මයෙක්. හැමදේම ගැන ගැඹුරින් අධ්‍යයනය කරලා තියෙන්නේ. ඔබතුමාට තව තවත් දහිරිය ඥානය ප්‍රඥාව ලැබේ වා
Thank you making science interesting for use of us young and old from Australia.
Proud to be a Sri Lankan!
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් ආසාවෙන් බැලුවා .මේක අනිවාර්යයෙන් හදනවා.අපි ඉස්කෝලේ යන කාලේ මේ වගේ කියලා දෙන්න කෙනෙක් හිටියනම් කොච්චර හොදද කියලා හිතුනා .ස්තුතියි ඔබ තුමාට.
ස්තූතියි සර් මේක දානකම් බලන් හිටියේ. ❤️
බොහොම ස්තුත්යි ඔබටත්
හැමෝටම කරන්න පුළුවන් විදිහෙ හොඳ අන්වීක්ෂයක් හදන්න අපි හැමෝටම කියල දුන්නට ඔබතුමාට ගොඩක් පින්. අපේ පාසලේ දරුවනුත් දැනුවත් කරන්න පුළුවන් .
මං හරියට හදාගත්තා මාර සතුටුයි එක එක සත්තු දැක්කා 😀😀😀
ගොඩක් සතුටුයි මට
බොහොම ස්තූතියි ඔබතුමාට. අලුත් දේ ඉගෙන ගන්න ආස අයට ඔබ තුමා මේ කරනදේ ගොඩක් වටිනව.
මහාචාර්යවරු 6 දෙනෙක් Dislike කරලා තියෙන හැටි දැක්කද ❤❤🙈 බොහොම වටිනවා සර් මේ දැනුම 🙏❤
සුපිරියි වැඩේනම් මාත් අනිවාර්යයෙන් මේකක් හදල දෙනවා මගෙ දුවාට.ගොඩාක් තෑන්ක්ස්
ගොඩාක් හොඳයි ඒක
ආදරෙයි ,මෙක මරු❤️❤️❤️❤️❤️
බොහොම ස්තුත්යි ඔබටත්
ස්තුතියි සර් ඔයාට.....ඒක ඇත්තටම හොඳයි දෝණි.
This is a genius way to educate the nations young generation, Really appreciate your effort, and all the best.
කියන්න තියෙන හැමදේම cament වල තියෙනව සර් ,, ආසාවෙන් බලන් ඉදියෙ සර් , ඒ හිනාවට , ඒ මනුස්ස කමට අපි පට්ට ආදරේ සර්, සුදු චූටී ඔයත මරු . බුදු සරණයී සර්,,🙏❤️
ඊලග video එකේ telescope එකක හදන විදිහත් ඕනෙ sir.
ටිකක් අමාරු එකක්, නමුත් හදමු
ඒකනම් ඕනෙමයි සර්....හරිම ආසයි
ඔවු සර්.. පුලුවන් නම් ලොකු දෙයක්...
@@ScienceWithRuchira ඔව් ඕනෙමයි
Ow sir
ජීවිතේ හමුවුන වැදගත් youtube නාලිකා අතලොස්සෙන් එකක්.. ඔබට බොහොම ස්තුතියි නිර්ලෝභීව මේ දැනුම බෙදා දෙනවට..
සර් ගෙදරම පහසුවෙන් හදාගන්න පුලුවන් ප්‍රබල දුරේක්ෂයක් හදන විදියත් කියල දෙන්න.. 🙂❤️
සර්ට සම්බූදුසරණයි ආයු බොහෝ වේවා සියලු දෙවි පිහිටයි
නිකමට හිතුනා මගේ subject එකටත්, ඒ කීවේ, බුදුන් වහන්සේ කීව පරිදි මේ ගණනය කළ නොහැකි ප්‍රමාණයක් ජීවීන් අතර මනුෂ්‍ය බව කියන්නේ මොනතරම් නම් අභව්‍ය ලැබීමක් ද කියලා. මේ දැනුම අතරම දැනුම හදන මේ මොහොත පිළිබඳ අවබෝධය ලබන්නත් පුළුවන් එකම ජීවියා මනුෂ්‍යයා යි.
නිකමට ලීවා.
ඔය ආගම් වලට වහල් මානසිකත්වවයෙන් මිදියන් බන්.ඔවට වහල් වෙලා ඉන්න නිසා තමා අපිට ඉස්සරහට යන්න බැ...දැන් ක්ශුද්‍ර ජ්වින් ගැන කිව්වම ඒකටත් බුදුදහමෙ දෙයක්වගේ කියොනව...
සර් මේ ඇටවුමට හදන්න ලෙන්ස් එකක් පාවිච්චි කරා.. මීට පෙර කැඩී බිඳී ගිය විවිධ උපකරණ ආශ්‍රිතව තිබුණ ලෙන්ස් මට හමුවෙලා තියෙනවා.. ඇත්තටම ඒවා පාවිච්චි කරලා මේ වගේ වැඩක් කරන්න පුළුවන් කියලා දන්නවා නම් ඒවා නිකමටවත් විසි කරන්නේ නෑ..
කණගාටුවට කාරණාව අවශ්‍ය වෙලාවට කිසිම දෙයක් ලඟ නැති එක.. අනිත් වෙලාවට නම් අඩුපාඩුවක් නැතුව විසි කරන්න තරම් දේවල් තියෙනවා..
නියමයි සර්.තව තවත් දැනුමැති දෑ සිදුකරමින් ඉදිරියට යන්න ධෛර්යය ශක්තිය ලැබෙිවා.
පුලුවන්නමි දුරේක්ෂයක් හදන්නත් කියලා දෙන්න.🙏🙏
පින් සිදු වේවා මහත්මයාණෙනි
Great sir. Really appreciate your contribution on Sri Lankan enthusiastic students. 🎖️️
Sir මම ඕක හැදුවා සුපිරි sir ගොඩක් organisms la හිටියා. Thanks sir.
අංකල්ගෙ හිනාව තමයි පට්ට 😌😂නියමයි අංකල්. ස්තූතියි : D
අංකල් newei sir kiyanna
@@damsarasg6811 නෑ නෑ ඕන්නෑ. අංකල් මට කිව්වා අංකල් කිව්වට කම්මන්නෑ කියල.මං කමෙනට් එකක් දාල තිබබ එකකට කිව්වෙ අංකල්. 😏🙂මං ඇහුව එයාගෙන් එහෙම කිවවට කමන්නද්ද කියල.
තැන්ක්ස් මේ ඇටවුම ගැන කියලා දුන්නට🙏❤👍
මං මෙහෙම එකක් හදලා තියනවා හැබැයි ගොඩක් අමාරු විදිහකට මං ඒක පාවිච්චි කරන්නේ මගේ වැඩ වලට
නියමයි 👍👍❤
බොහොම ස්තුත්යි ඔබටත්
ඔබතුමාණන්හට බොහොමත් ම ස්තුතියි . මෙවැනි නව නිර්මාණ ඉදිරියටත් අපවෙත ලබා දෙන්න . මෙය ඉතා වටිනා මෙහෙවරක් අප දරු පරපුර වෙනුවෙන් කරනා .කරුණු ඉදිරිපත් කරන ආකාරය හරිම ආකර්ශණීය යි. පැහැදිළි යි .ඔබ අප රටට මහඟු සම්පතක් .
නියමයි සර්...🔥🔥💪💪💪💪
බොහොම ස්තුත්යි ඔබටත්
විශිෂ්ට ඉදිරිපත් කිරීක් සර් .මමත් මෙය නිර්මාණය කරනවා.එය මගේ ශිෂ්‍ය ප්‍රජාවට ඉදිරිපත් කරමින් ක්ෂුද්‍ර ජීවී ලෝකය පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාදීමට වෙර දරනවා. මෙවැනි විද්‍යාත්මක උපරණ තව ඉදිරිපත් කරන්න . එය නූතන පරපුර වෙනුවෙන් කරනා මහගු සත්කාරයකි. ඔබට දීර්ඝායුෂ
A very interesting video, especially for grade 6 students who start learning about micro organisms. Really appreciate your dedication. Thank you so much.
මම කොරියාවේ වැඩකරන්නේ.. වැඩ ඔෆ් උනගමන් සර්ගේ විඩියෝ එකක් බලලා තමයි වෙන වැඩ කරන්නේ.. බුදුසරණයි ඉතා හොද වැඩක්.❤️❤️
සර් E=mc2 සමීකරණය ගැන ගැඹුරින් පැහැදිලි කීරීමක් කරලා දෙන්න බැරිද
මගෙ පාසල් කාලයේ ජීවිතය ගත්තොත් මම ඉගෙනීමට හපනෙක් නොවෙයි.දැන් මගෙ වයස අවුරුදු 32ක් වෙනවා.මට ඔබ තුමාට කතා කරන්න ආසයි.මට දැනගන්න දේවල් කීපයක් තියනවා.මට ඒ ටික දැන ගත්තොත් මගෙ අනාගතේ යහපත් කරගන්න පුලුවන්
සර් මං අහලා තියෙනවා, අතීතයේ දී, ඍද්ධි බලයෙන් ස්වාමීන් වහන්සේලා එක එක තැන් වලට වැඩියා කියලා,
ඇත්තටම ක්වන්ටම් භෞතික විද්‍යාවේ ගැඹුරින් අධ්‍යනය කරද්දි ඇත්තටම ඒ දේ කරන්න පුළුවන් කියලා මට පොඩි අදහසක් ආවා, එතකොට අවුරුදු 2500 කටත් කලින් ඒ දැනුම තිබිලා තියෙනවා නේද සර්? අපි ඒ වගේ දේවල් මිත්‍යා කියලා හිතුවට අනාගතයේ දී විද්‍යාවට අනුව ඒ දේවල් ඇත්ත වෙන්න පුළුවන් නේද සර්?
රහතන් වහන් සේල යතුරු සිදුරු වලිනුත් රිංගල ගිහින් තියෙනව
Mithyawa widiyata ganne hithanna baruwa kammalikmt atharala dala wena de sathya kiyana aya.... Eth me api ath widina ekth sthya newe mekth mayawak wenna plwn... 🙄
ඔබේ ටිකක් පැහැදිලිව ඉදිරිපත් කරොත් 🎤🎤
ඔබේ ලයාන්විත කට හඩත් ඔබේ පිරුනු හිනාවත් අප සිත් ඇද බැද තබනවා වෙලාව ගතවන බව නොදැනීමට. ඔබේ නිහතමානීකමට ස්තූතියි 🙏