The most delicious Chickpea Kottu, made for a delightful evening with friends.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 15

  • @BandeemakaRasa
    @BandeemakaRasa  2 วันที่ผ่านมา +5

    රොහාන් අයියා කියන්නේ අපේ ලඟම හිතවතෙක්. එයාලගේ ෆැමිලි එක පහුගිය දවසක අපේ ගෙදර ඩිනර් වලට ආවා. අපි කට්ටිය සෙට්වුනාම කකා බිබී සින්දු කිය කිය ගතකරන කාලය නම් හරිම විනෝදයි. ඒ නිසාම කට්ටිය සෙට් වෙන වෙලාවට කන්න විශේෂ කෑමක් හදන්න මට ලොකු වුවමනාවක් තිබුනා. එක සැරයක් පාටි එකකදි කාපු කඩල කොත්තුව හදන්න ඕන කියලා තීරණය කරපු මම හදන විදිහ එහෙම ඔන්ලයින් රෙසපි වලින් බලලා වැඩේට බැස්සා.
    කඩල කියන්නේ කොහොමත් මම ආස කෑමක්. කලින්ම කඩල ටික සෝදලා ප්‍රෙෂර් කුකර් එකේ තැම්බෙන්න තියපු මම කට්ටිය ආපු ගමන් උණු උණුවෙම හදන්න හිතාගෙන අවශ්‍ය කරන අනිත් දේවලුත් කපල කොටලා ලෑස්ති කරලා තියාගත්ත. කට්ටිය සෙට්වෙලා ටික වෙලාවකින් මම ගිහින් තැම්බුන කඩල ටික ප්‍රෙෂර් කුකර් එකෙන් අරගෙන වතුර ටික පෙරළ ඉවත් කරලා වෙනත් භාජනයකට දාලා පැත්තකින් තිබ්බා. ඊට පස්සේ සාස්පානකට පොල්තෙල් ටිකක් දාලා ඒ තෙල් ටික රත්වීගෙන එනකොට ඒකට බ්ලෙන්ඩර් කරගත් ඉඟුරු සුදු ළුෑණු පේස්ට් එක එකතු කරලා රන්වන් පැහැවෙනකල් කලවම් කරමින් බැදගත්තා. ඊට පස්සේ ඒකටම සිහින්වට කපාගත් ලොකු ළුෑණු, කුඩාවට කපාගත් මාළු මිරිස්, කුඩාවට කපාගත් අමු මිරිස්, කපාගත් කරපිංචා කොල සහ කෑලි වලට කඩාගත් වියලි මිරිස් කරල් එකතු කරලා විනාඩි 2ක් විතර මද ගින්දරේ කලවම් කරමින් තෙම්පරාදු කරගත්තා. පස්සේ හීනියට ලියාගෙන පැත්තකින් තියාගෙන තිබුන කැරට් ටිකයි ලීක්ස් ටිකයි එකතු කරලා කලවම් කරමින් විනාඩියක් විතර මද ගින්දරේ පිසගත්තා.
    ඔන්න ඊට පස්සේ කෑලි මිරිස් මේස හැන්දක් ගම්මිරිස් කුඩු තේ හැන්දක් හා රස අනුව ලුණුකුඩු එකතු කරපු මම ලිපේ ගින්දර අඩු කරලා විනාඩියක් විතර හොඳින් කලවම් කරගත්තා. ඊට පස්සේ එළවලු ටික සාස්පානේ පැත්තකට කරලා ඉඩ හදාගෙන ඒකට බිත්තර 4ක් එකතු කරලා හැන්දෙන් හොඳින් ස්ක්‍රැම්බල් කලා. එහෙම ස්ක්‍රැම්බල් කරගත්ත බිත්තර ටික තෙම්පරාදු කරල පැත්තකින් තියාගත්ත එළවලු සමග ඒ මේ අත පෙරළමින් හොඳින් මිශ්‍ර කරගත්තා. අන්තිමට තම්බපු කඩල ටිකත් මේ මිශ්‍රණයටම එකතු කරලා සෝයා සෝස් ටිකකුත් දාලා මද ගින්දරේ ඒ මේ අත පෙරළමින් කලවම් කරපු මම කඩල ඇටයක් අරන් කටේ දාලා රස බැලුවා. රස පදමට තියෙන බව දැනුන නිසා ගින්දර නිවලා කඩල කොත්තුව ලිපෙන් බාගෙන වීදුරු බෝල් එකකට දැම්මා. අම්මෝ සුවඳ මතක් වෙනකොටත් කටට කෙල උනනවා. හැමෝම ආසාවෙන් මං හදපු කඩල කොත්තුව රස බලනව දැක්කම මගේ උත්සාහය සාර්ථකයි කියල මට දැනුනා. ඉතින් ඔයාලත් හදල බලන්න මේ රසම රස කඩල කොත්තුව. ආයේ ආයේ කන්න හිතෙනවා සත්තයි.
    ආදරෙන් සුජානි! ❤

  • @ChampaPathirana-n2d
    @ChampaPathirana-n2d 9 ชั่วโมงที่ผ่านมา

    Wow. A new recipe ❤

  • @nadeeshajayathilaka1163
    @nadeeshajayathilaka1163 วันที่ผ่านมา

    Wooow💖💖💖

  • @kamanimunasinghe3029
    @kamanimunasinghe3029 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @sherangash3411
    @sherangash3411 2 วันที่ผ่านมา

  • @dilhariwanig
    @dilhariwanig 2 วันที่ผ่านมา +1

    Chickpea Kottu looks delicious. What did you add at the end is it rice vinegar and soya sauce? I'm definitely going to make this but with less spicy.🌶 ❤😊

    • @SachithraGunarathna
      @SachithraGunarathna 2 วันที่ผ่านมา

      It's soy sauce. You can see the ingredients by turning on the subtitles (CC).

    • @dilhariwanig
      @dilhariwanig วันที่ผ่านมา +1

      @@SachithraGunarathna thank you

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි❤❤❤❤

  • @ireshacha9176
    @ireshacha9176 7 ชั่วโมงที่ผ่านมา

    Adryai akki ❤❤❤

  • @kiki6037
    @kiki6037 14 ชั่วโมงที่ผ่านมา +1

    Can’t make up my mind to call kottu without shredded Rotti! Sorry

  • @ruthgody555
    @ruthgody555 9 ชั่วโมงที่ผ่านมา

    You can't call this a kottu , no shredded Rotti,,,😅😅

  • @SanjeewaniAsoka
    @SanjeewaniAsoka 2 วันที่ผ่านมา

    Lassanai budu saranai

  • @amaniudagedara1918
    @amaniudagedara1918 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @khanishkasupun
    @khanishkasupun 2 วันที่ผ่านมา

    ❤❤❤❤