ඊශ්‍රායල් කෘෂි රැකියා නැවතත් ශ්‍රී ලාංකිකයන්ට
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- ඊශ්‍රායල් කෘෂි පුහුණුවට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වූයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමිනුයි...
නුසුදුස්සන් යොමුකිරීම නිසා රැකියා කෝටාව නැවතිලා.
කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ
ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසු ශ්‍රමිකයින් තෝරාගැනීමට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වූයේ සියළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ඊයේ දින (2025.01.08) දියගම ක්‍රිඩාංගනයේදී, ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා යෝග්‍ය ශ්‍රමිකයින් තෝරාගැනීම සඳහා ශාරීරික පරීක්ෂණ පැවැත්වූ අතර, එහිදී තරුණයින් කිහිප දෙනෙකු අසනීප වීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තාවලට පිළිතුරු වශයෙන් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය සමයේ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත් කරන ලද ශ්‍රමිකයින් මෙවැනි යෝග්‍යතා පරීක්ෂණයකින් තොරව එරට සේවය කිරීම සඳහා යොමුකළ අතර, එම ශ්‍රමිකයින්හට අවශ්‍ය ශක්‍යතා මට්ටමට සරිලන පරිදි සේවය කිරීමට නොහැකි වීම හේතුවෙන් තවදුරටත් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවීමට ඊශ්‍රායල් බලධාරීන් කටයුතු කරන ලදී. එසේම යොමුකරන ලද ශ්‍රමිකයින්ගෙන් 80% ක ප්‍රමාණයක් සේවා ස්ථානවලින් පැන ගොස් තිබීමද ශ්‍රි ලාංකිකයින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා යොමුකිරීමට විශාල ගැටළුවක් වී තිබිණි.
මෙම ගැටළුව පිළිබඳව කාර්යාංශයේ නිළධාරීන් ඊශ්‍රායල් බලධාරීන් සමග සාකච්ඡා කළ අතර, ඊට පිළිතුරු වශයෙන්, කෘෂි රැකියාවල ස්වභාවය අනුව වෙහෙසී කටයුතු කිරීමට සිදුවන බැවින් ඊට සුදුසු ශාරීරික යෝග්‍යතාවයන් සපුරාලන ශ්‍රමිකයින් පමණක් යොමුකරන ලෙස ඊශ්‍රායල් බලධාරීන් දන්වා සිටි අතර, ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන්ද ඊශ්‍රායලයේ PIBA ආයතනය විසින් ලබාදී තිබේ.
ඒ අනුව ශ්‍රි ලංකා යුධ හමුදාවේ සහයෝගය ඇතිව, වෛද්‍යවරයෙකු හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වන ලද අතර, පරික්ෂණයට පෙර ඒ සඳහා අදාළ ශ්‍රමිකයින්ගේ කැමැත්ත ලබාගෙන ඇත. මෙම පරීක්ෂණයෙන් සමත්වන ශ්‍රමිකයින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමුකිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය බලාපොරොත්තු වේ.
මෙම ක්‍රියාමාර්ගය කාර්යාංශය විසින් ගනු ලැබුවේ දැනට තාවකාලිකව ඇණහිටී ඇති ඊශ්‍රායල් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් සුදුසු ශ්‍රි ලාංකිකයින්ට උදාකර දීමේ අරමුණ පෙරදැරි කරගෙන බව කාර්යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.
මේ වන විට ශ්‍රි ලාංකිකයින් 15,200 ක් ඊශ්‍රායලයේ රැකියාවල නිරතවන බව කාර්යාංශ දත්ත වාර්තා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
No 234,
Denzil Kobbekaduwa Mawatha,
Koswatta, Battaramulla,
Sri Lanka
Tel +94 112 880 500
මෙම තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වූයේ නම්, අපව like කරන්න, subscribe කරන්න, අනිත් අයටත් දැන්ගන්න share කරන්න. ඔබගේ අදහස්, යෝජනා, චෝදනා අපිට ඉතා වැදගත් බැවින් පහලින් comment කරන්න
දේශීය විදේශීය සියලුම අංශවල රැකියා තොරතුරු සඳහා දැන්ම සම්බන්ධ වන්න
Contact Us :
SAMI BRO
Facebook - / samibrofb
Instagram - / sami.bro1
TikTok - / samibro1official
WhatsApp Channel : shorturl.at/wACF0
විදේශ රැකියාවල නියුතු හා විදේශ රැකියා සොයන ශ්‍රී ලාංකිකයන්
WhatsApp Group : shorturl.at/bsBVX
#slbfe #job #foreign vacancies #news
කොහොමද මේකට සම්බන්ද වෙන්නේ
සර් israel රැකියා සදහා වයස් සිමාව අවුරුදු 55දක්වා දිර්ග කරන ලෙස ඉල්ලා සිටින අතර එ සදහා අවශ්‍යනම් ශාරිරික පරික්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටි
Ane oba thumata pin.matath 46 wenawa.
Age21 කොහොමද සම්බන්ද වන්නේ
අවු 4 මාස 4ක් වැඩ කරලා ආපු අයට නැවත යන්න බැරිද සාත්තුසේවිකා
මේ වෙනකොට ඉදිකිරීම් වලට යවන්න පරක්කු ඇයි කියලා හොයලා බලන්න අපි සල්ලි බැඳලා බලන්ඉන්නවා😅😢😢.
Ok
සර් මට වයස 49 යි.මොනවටද ඇප්ලයි කරන්න පුළුවන්?
පිරිමි අයට විතරද job තියෙන්නෙ .ගැහැණු අයට නැද්ද
Age eka kiyada
මට 46 යන්න පුලුවන්ද
Ane sir wayas seemawa dhirga karanna
Aurudu 6 govithn karanna danata
Apita tawama nahana apit madikal karala enna
Godak kal api balan inna api hodat wadakarnna puluwan parna 10000yawala inna
අනේ ඔවු .. 10000 යවන්න. අපිට පුලුවන් වැඩ කරන්න.අදටත් ගොවිතැන් කරන්නෙ. මම හමුදාවෙ හිටපු කෙනෙක්. ෆිසිකල් ටෙස්ට් ප්‍රශ්නයක් නෑ.ඕනි දෙයක් කරනවා.
hoda.vadak
Mata wayasa aw.54 .mama lankawata rassawak karanawa..Mata hodata weda karanna puluwan..mama kanthawak..mawath esrayal ratakata yawannako..
Age.55.
Mohammad.yanne
මහත්තයා අන්ස්කිල් තියනවද මහත්තයා