Damma Padaya | ධම්ම පදය - පාප වග්ගය 09 ගාථාව ||නිදානය:|කෝකසුනඛලුද්දක වස්තුව|
ฝัง
- เผยแพร่เมื่อ 1 ธ.ค. 2024
- යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති
සුද්ධස්ස පොසස්ස අනඞ්ගණස්ස
තමෙව බාලං පච්චෙති පාපං
සුඛුමො රජො පටිවාතං’ව ඛිත්තො.
(තමහට වත් සියලු සත්නට වත්) අදුෂ්ට වූ (හෙවත් නිරපරාධවූ එ හෙයින් ම සියලු සතුන් කෙරෙහි ම මෛත්‍රීපර වූ නොකැලැඹුණු සිත් ඇති), නිරපරාධ වූ සිත් ඇති හෙයින් පිරිසිදු වූ, නිඃක්ලේශී වූ, (‘නර’ ය ‘පුරුෂ’ යැ යි කියන ලද) සත්තවයකුහට යම් පුද්ගලයෙක් දුෂ්ට වේ ද (අතින් පයින් සැතින් දඬුයෙන් පැහැරීම් ආදියෙන් අපරාධ කෙරේ ද), ඔහු විසින් කරන ලද ඒ පාපකර්‍මය තෙම උඩු සුළඟට දමන ලද සියුම් රජසක් මෙන් (නිරපරාධයනට අපරාධ කළාවූ) ඒ අඥානයා කරා (මෙ ලොව හෝ පර ලොවැ නරකාදියෙහි හෝ විපාක දුක් දෙමින්) පැමිණෙන්නේ ය.