ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේකයි. තාම අපි ආණ්ඩුවක් පිහිටුවේ නෑ. පිහිටවපු ගමන් මේ කුණුගොඩාවල් සියල්ලම අයින් කරනවා.
අප කිව්වේ ත්‍රිපෝෂ සමාගම වසා දමන බව සඳහන්ව ඇත්තේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක කියා නොවේ. එය සඳහන්ව ඇත්තේ ජනාධිපතිවරයාගේ අත්සනින් 2024 සැප්තැම්බර් මස 27 වන දින නිකුත් කරන ලද අංක 2403/53 දරණ ගැසට් නිවේදනයේය. එම ගැසට් නිවේදනයේද එවැන්නක් සඳහන්ව නැති බව නිවේදනයේ යට ඡේදයක සඳහන්ව ඇත. මුදල් අමාත්‍යාංශය සමාජය නොමග යවන බවට හොඳම නිදසුන එම වාක්‍යයි. අපට අසන්නට ඇත්තේ මෙපමණකි. එම ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් අත්සන් කර රජයේ මුද්‍රණාලයාධිපති විසින් නිකුත් කරන ලද එකක් නොවේද? රජයේ මුද්‍රණාලයේ නිල වෙබ් අඩවියට ව්‍යාජ ගැසට් නිවේදනයක් එකතු වුයේ කෙසේද? එය නිවැරදි ගැසට් නිවේදනයනම් එහි මුදල් අමාත්‍යංශයට අදාළ කොටසේ 36 වන වගන්තියේ ඈවර කිරීමට නියමිත ආයතන II උපලේඛනයේ 54 සිට 57 දක්වා සඳහන්ව ඇති බව ලියා නැද්ද? එය අපට ඇතිවූ යම් දෘෂ්ටි මායාවක්ද? II උපලේඛනයේ 57 වන අංකය යටතේ ශ්‍රී ලංකා සීමාසහිත ත්‍රිපෝෂ සමාගම ලෙස සඳහන්ව නැද්ද? එයත් යම් දෘෂ්ටි මායාවක්ද? ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමේ උත්සාහයක් දරන ලද බව සඳහන්ව ඇත්තේ රජයේ නිල ගැසට් නිවේදනයකය. එයට සමාජ විරෝධය එනවිට එය නිවැරදි කිරීමට මැදිහත්වීම යහපත් ප්‍රවණතාවයකි. එහෙත් රජයේ නිල සහ නීත්‍යානුකූල ලියවිලි වන්නේ ගැසට් නිවේදන මිස මාධ්‍ය නිවේදන නොවේ. ඒ නිසා මාධ්‍ය නිවේදන නිකුත් කිරීම පසෙක ලා ගැසට් නිවේදනය සංශෝධනය කර වහාම නැවත අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතුය. එය සිදු නොකර අතේ පැලවෙන මුසාවන් දෙසා බෑම මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට තරම් නොවේ. මුදල් අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු රජයේ බලධාරීනි, විහිලු කරන්න එපා! වගකීමෙන් වැඩ කරන්න.
මේකයි. තාම අපි ආණ්ඩුවක් පිහිටුවේ නෑ. පිහිටවපු ගමන් මේ කුණුගොඩාවල් සියල්ලම අයින් කරනවා.
අප කිව්වේ ත්‍රිපෝෂ සමාගම වසා දමන බව සඳහන්ව ඇත්තේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක කියා නොවේ. එය සඳහන්ව ඇත්තේ ජනාධිපතිවරයාගේ අත්සනින් 2024 සැප්තැම්බර් මස 27 වන දින නිකුත් කරන ලද අංක 2403/53 දරණ ගැසට් නිවේදනයේය.
එම ගැසට් නිවේදනයේද එවැන්නක් සඳහන්ව නැති බව නිවේදනයේ යට ඡේදයක සඳහන්ව ඇත. මුදල් අමාත්‍යාංශය සමාජය නොමග යවන බවට හොඳම නිදසුන එම වාක්‍යයි. අපට අසන්නට ඇත්තේ මෙපමණකි. එම ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් අත්සන් කර රජයේ මුද්‍රණාලයාධිපති විසින් නිකුත් කරන ලද එකක් නොවේද? රජයේ මුද්‍රණාලයේ නිල වෙබ් අඩවියට ව්‍යාජ ගැසට් නිවේදනයක් එකතු වුයේ කෙසේද? එය නිවැරදි ගැසට් නිවේදනයනම් එහි මුදල් අමාත්‍යංශයට අදාළ කොටසේ 36 වන වගන්තියේ ඈවර කිරීමට නියමිත ආයතන II උපලේඛනයේ 54 සිට 57 දක්වා සඳහන්ව ඇති බව ලියා නැද්ද? එය අපට ඇතිවූ යම් දෘෂ්ටි මායාවක්ද? II උපලේඛනයේ 57 වන අංකය යටතේ ශ්‍රී ලංකා සීමාසහිත ත්‍රිපෝෂ සමාගම ලෙස සඳහන්ව නැද්ද? එයත් යම් දෘෂ්ටි මායාවක්ද?
ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමේ උත්සාහයක් දරන ලද බව සඳහන්ව ඇත්තේ රජයේ නිල ගැසට් නිවේදනයකය. එයට සමාජ විරෝධය එනවිට එය නිවැරදි කිරීමට මැදිහත්වීම යහපත් ප්‍රවණතාවයකි. එහෙත් රජයේ නිල සහ නීත්‍යානුකූල ලියවිලි වන්නේ ගැසට් නිවේදන මිස මාධ්‍ය නිවේදන නොවේ. ඒ නිසා මාධ්‍ය නිවේදන නිකුත් කිරීම පසෙක ලා ගැසට් නිවේදනය සංශෝධනය කර වහාම නැවත අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතුය. එය සිදු නොකර අතේ පැලවෙන මුසාවන් දෙසා බෑම මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට තරම් නොවේ.
මුදල් අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු රජයේ බලධාරීනි, විහිලු කරන්න එපා! වගකීමෙන් වැඩ කරන්න.