ලෝකවාසී සියලු කාන්තාවන්ට සුබ කාන්තා දිනයක් වේවා! | international women's day 2024 | Imashi Education

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • ලෝකවාසී සියලු කාන්තාවන්ට සුබ කාන්තා දිනයක් වේවා! | international women's day 2024 | Imashi Education
    ජාත්‍යන්තර කාන්තා දිනය
    ශතවර්ෂයකට වැඩි කාලයක් තිස්සේ ලොව පුරා සිටින ජනතාව මාර්තු 8 දා කාන්තාවන් සඳහා විශේෂ දිනයක් ලෙස සලකනු ලබයි.
    ඒ ඇයි කියල අපි එහෙනම් බලමුද ?
    International Womens Day ලෙස ද හඳුන්වනු ලබන ජාත්‍යන්තර කාන්තා දිනය, එක්සත් ජාතීන්ගේ (UN) පිළිගත් වාර්ෂික උත්සවයක් බවට පත්වීම දක්වා වර්ධනය වූයේ කම්කරු ව්‍යාපාරය හරහා ය.
    තමන් වැඩ කරන පැය ගණන කෙටි කරන ලෙසට ත්, වඩා හොඳ වැටුප් දෙන ලෙසට ත්, ඡන්ද අයිතිය දෙන ලෙසට ත් ඉල්ලමින් කාන්තාවන් 15 000ක් නිව්යෝර්ක් නගරයේ සිදු කළ පාගමනක ප්‍රතිඵලයක් වශයෙන් 1908 වසරේ දී එහි මූලාරම්භය සිදු විය. ඉන් වසරකට පසුව, ඇමෙරිකාවේ සමාජවාදී පක්ෂය පළමු ජාතික කාන්තා දිනය ප්‍රකාශයට පත් කළේ ය.
    එම දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත්කිරීමේ අදහස පැමිණියේ කොමියුනිස්ට් ක්‍රියාකාරිනියක සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්ලාරා සෙට්කින් නමැති කාන්තාවගෙනි. 1910 වසරේ දී කෝපන්හේගන්හි වැඩ කරන කාන්තාවන්ගේ ජාත්‍යන්තර සමුළුවක දී ඇය මෙම අදහස යෝජනා කළා ය. එම සමුළුවට රටවල් 17ක කාන්තාවන් 100 දෙනෙකු සහභාගි වී සිටි අතර, ඔවුහු ඇගේ යෝජනාවට ඒකමතිකව එකඟවූහ.
    1911 වසරේ දී ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය යන රටවල එය මුලින් ම සමරනු ලැබිණි. එහි ශතක පූර්ණ සංවත්සරය සමරනු ලැබුවේ 2011 වසරේ දී ය.
    1975 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම දිනය සැමරීමත් සමග එය නිල වශයෙන් පිළිගනු ලැබිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය (1996 වසරේ දී) විසින් ඊට යොදා ගන්නා ලද පළමු තේමා පාඨය වූයේ "අතීතය සමරමින්, අනාගතය සැලසුම් කිරීම" යන්න ය.
    ඇයි මාර්තු 8ම කාන්තා දිනය සමරන්නේ කියලත් අපි හොයා බලමු.
    ජාත්‍යන්තර කාන්තා දිනයක් සඳහා වූ ක්ලාරාගේ අදහසට නිශ්චිත දිනයක් නොතිබිණි.
    1917 වසරේ දී රුසියානු කාන්තාවන් "පාන් සහ සාමය" ඉල්ලා සිටි යුදකාලීන වැඩ වර්ජනය පැමිණෙන තෙක් එය විධිමත් නොවිණි. වැඩ වර්ජනය ආරම්භ කර දින හතරක් ගත වන විට සාර්ට රජකම අත්හරින ලෙස බල කෙරුණු අතර, තාවකාලිකව පත්වුණු රජය කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දුන්නේ ය.
    රුසියාවේ එවකට භාවිතයේ තිබූ ජූලියන් දින දර්ශනයට අනුව කාන්තා වැඩවර්ජනය ආරම්භ වූ දිනය පෙබරවාරි 23 ඉරිදා ය. ග්‍රෙගරියානු දින දර්ශනයේ මෙම දිනය මාර්තු 8 වන දා වූ අතර අද එය සමරනු ලබන්නේ ඒ අනුව ය.
    එක එක රටවල කාන්තා දිනය සමරන්නේ කොහොමද කියලත් අපි සොයා බලමු.
    මාර්තු 8 වන දිනට ආසන්න දින තුනක හෝ හතරක කාලය තුළ සිට මල් අලෙවිය දෙගුණ වන රුසියාව ඇතුළු බොහෝ රටවල ජාත්‍යන්තර කාන්තා දිනය ජාතික නිවාඩු දිනයක් වේ.
    චීනයේ රාජ්‍ය කවුන්සිලයේ උපදෙස් පරිදි, එරට බොහෝ කාන්තාවන්ට මාර්තු 8 වන දින වරුවක් පමණක් රාජකාරි කටයුතුවල නිරතවීමට අවස්ථාව හිමි වේ.
    ඉතාලියේ 'ලා ෆෙස්ටා දෙලා දෝනා' (la Festa della Donna) හෙවත් ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබන්නේ මිමෝසා මල් ලබා දීමෙනි. මෙම සම්ප්‍රදායේ මූලාරම්භය අපැහැදිලි නමුත් එය දෙවන ලෝක යුද්ධයෙන් පසු රෝමයේ ආරම්භ වූ බවට විශ්වාස කෙරේ.
    එක්සත් ජනපදයේ මාර්තු මාසය යනු කාන්තාවන්ගේ ඉතිහාස මාසය යි. සෑම වසරක ම නිකුත් කරනු ලබන ජනාධිපතිවරයාගේ ප්‍රකාශයකින් ඇමෙරිකානු කාන්තාවන් ලබාගත් ජයග්‍රහණ අගය කරයි.
    ලංකාවේ කාන්තා දිනය විවිධ උත්සව වැඩසටහන් පවත්වමින් සමරනු ලබනවා.
    මෙවර 2024 ජාත්‍යන්තර කාන්තා දින තේමාව තමයි ඇයට ශක්තිය දැයට ප්‍රගතිය
    ආර්ථික සවිබල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම.

ความคิดเห็น •