Pemvanthayen - Visharad Jagath Wickramasinghe |J.S.L

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Singing - Jgath Wickramasinghe
    Lyrics - Shelton Veerarathna
    Melody - Sunil Dharmasena
    Illustrations : Asini Ashcharya
    Video Editing : Asini Ashcharya
    🌟IF YOU LIKE THIS VIDEO PUT A LIKE AND SUBSCRIBE (•̀ᴗ•́)و🌟
    🌟Subscribe Jagath Wickramasinghe - / @jagathwickramasingheo...
    🌟Ran Tharakawan Lyrics Video - • Ran tharakawan - Lyric...
    🌟Pbasar Sitha Lyrics Video - • Pabasara Sitha - Jagat...
    🌟Obe Sina Lga Lyrics Video - www.youtube.co...
    පෙම්වන්තයින් සේ සිනා සී
    හමුවීලා වෙන්වී හඬා
    ආයේ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන් නෑ ඉතින්
    පෙම්වන්තයින් සේ සිනා සී
    හමුවීලා වෙන්වී හඬා
    ආයේ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන් නෑ ඉතින්
    මිහිරාවියේ කෝ ඔබේ
    වදනින් මැවූ ආදරේ
    බොඳ මීදුමක් සේ ගලා
    දුර ඈත පාවී ගියා
    පෙම්වන්තයින් සේ සිනා සී
    හමුවීලා වෙන්වී හඬා
    ආයේ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන් නෑ ඉතින්
    රෑ සීතයක් සේ සිතා
    සැනැහී හිදින්නම් දරා
    මේ ආදරේ නම් ඔබේ
    එය ශාපයක් යයි හැඟේ
    පෙම්වන්තයින් සේ සිනා සී
    හමුවීලා වෙන්වී හඬා
    ආයේ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන් නෑ ඉතින්
    #pemvanthayin
    #පෙම්වන්තයින් සේ සිනා සී
    හමුවීලා වෙන්වී හඬා
    ආයේ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන් නෑ ඉතින්
    පෙම්වන්තයින් සේ සිනා සී
    හමුවීලා වෙන්වී හඬා
    ආයේ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන් නෑ ඉතින්
    මිහිරාවියේ කෝ ඔබේ
    වදනින් මැවූ ආදරේ
    බොඳ මීදුමක් සේ ගලා
    දුර ඈත පාවී ගියා
    පෙම්වන්තයින් සේ සිනා සී
    හමුවීලා වෙන්වී හඬා
    ආයේ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන් නෑ ඉතින්
    රෑ සීතයක් සේ සිතා
    සැනැහී හිදින්නම් දරා
    මේ ආදරේ නම් ඔබේ
    එය ශාපයක් යයි හැඟේ
    පෙම්වන්තයින් සේ සිනා සී
    හමුවීලා වෙන්වී හඬා
    ආයේ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන් නෑ ඉති
    #pemvanthayin
    #pemvanthayinse
    #pemvanthayinsejagathwickramasinghe
    #pemvanthayinselyrics
    #pemvanthayinlyrics
    #pemvanthayinsejagathwickramasinghelyrics
    #jagathwickramasinghe

ความคิดเห็น • 471

  • @jagathwickramasingheoffici6074
    @jagathwickramasingheoffici6074  3 ปีที่แล้ว +59

    🌟IF YOU LIKE THIS VIDEO PUT A LIKE AND SUBSCRIBE
    🌟Subscribe J.S.L - @@jagathwickramasingheoffici6074

  • @shenayafernandez8501
    @shenayafernandez8501 2 ปีที่แล้ว +662

    මේ ගීතය ඇහෙන හැම වතාවෙම ඔහුව මතකෙට එනවා. ඔහු තමයි මේ ගීතය මට මුලින්ම අහන්න දුන්නේ. ඒ ඇයි කියන්න මම දන්නේ නැහැ. මම හිතනවා ඔහු මේ ගීතයට කැමති ඇති කියලා. අද ඔහු මගේ ළග නැහැ. ඔහුව මතක් වෙනකොට මම අද මේ ගීතය අහනවා. ඔහු ළග ඉද්දි නොදැනුන ආදරයක් ඔහු මගෙන් ඈත් උනහම මට දැනුනා. ඒත් ඔහුට මගෙන් ඈත් වෙන්න තරම් වරදක් ඔහුට මම හීනෙකින් වත් කරලා තිබුනේ නැහැ. මම නිවැරැදි බව ඔහු කවදාහරි දවසක තේරුම් ගනීවි. එදාට මම ඔහුගෙන් තවත් දුර ගිහින් ඉදීවි.

    • @chalanachathuranga8111
      @chalanachathuranga8111 2 ปีที่แล้ว +32

      ජීවිතේ එහෙමයි විදවීමයි සැනසීමයි තියෙන්නෙ එකම තැනක....

    • @sadunkalansuriya9675
      @sadunkalansuriya9675 2 ปีที่แล้ว +13

      Oua wagema eyatath keanna dewal සමහර විට තිබෙන්න පුළුවන් ,,෴,,😒 (හේතු ),,,,,,

    • @sudeshlakmal7862
      @sudeshlakmal7862 2 ปีที่แล้ว +14

      හිතට දැනුනු අරුතක්.....

    • @danushkamadusanka4135
      @danushkamadusanka4135 2 ปีที่แล้ว +4

      😓

    • @ishuharshi887
      @ishuharshi887 2 ปีที่แล้ว +29

      අපි එක කෙනෙක් වෙනුවෙන් කැප උනාට හැමෝම එහෙම නෑ

  • @MaheshIndika-b8m
    @MaheshIndika-b8m 11 หลายเดือนก่อน +23

    දවසක් ඔහුත් මමත්, එකම නිහැඩියාවක ඉන්න වෙලාවක, මේ ගීතය ඇහෙනවා, ඔහු ඉක්මනින්ම ගීතය වෙනස් කරනවා, මොකද වෙන් වීමක් ළඟ ලගම එනවා කියල ඔහුත් මමත් ඉතා හොදින් දන්න නිසා, පසුව මම දැනගත්තා ඔහුගේ ප්‍රියතම ගීතය මෙය වග... හිමිවීමක් නැතිවම අදටත් මම ඔහුට හරි ආදරෙයි... අයිතකර ගැනීමම නොවෙයි කොහෝ හෝ සතුටින් සිටීම වැදගත් ... නමුත් අදටත් මේ ගීතය ඇහෙන වාරයක් පාසා මාව අතීතයා ගෙන යනවා...❤

  • @Eranga-Lochana
    @Eranga-Lochana 7 หลายเดือนก่อน +20

    ප්‍රේමය කියන්නේ අවබෝධයක් මිස අයිතියක් නොවෙන බව තේරුම් ගන්න ජීවිතේ තරුණ කාලෙම වැය කරන්න සිද්ධ වුණා මට. කොහොම හරි අවසානයේ ඒ උත්තරීතර හැඟීම තේරුම් ගත්තා. ජීවතේ එක් එක් සන්ධිස්ථානයන්හි සිදුවීම් මතක ආවර්ජනය කරවන හුඟක් මිහිරි හදවත අවදි කරන ගීතයක් මේක ..❤

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 ปีที่แล้ว +95

    මමත් අතීතයේ දවසක ආදරය නමින් හඬලා තියනවා 😢😢😢 ලෝක ස්වභාවය මේකයි. අට ලෝ දහම මෙයයි.අපි දුක්බර සසරෙන් එතර වෙමු.

  • @HashanLakshitha-zt8bs
    @HashanLakshitha-zt8bs ปีที่แล้ว +17

    Meke කොමෙන්ට් හරිම වේදනාකාරී හදවතට දැනෙන වේදනාව කියලා නිම කරන්න බැහැ

  • @mervinthushara5508
    @mervinthushara5508 ปีที่แล้ว +63

    මේවා ඉතින් සිංදුම නෙවෙයි..තනිකරම ජීවිත කථා❤️ fav😍

    • @Eranga-Lochana
      @Eranga-Lochana 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ..❤

    • @Hansi.user-lr7lh7vg1z
      @Hansi.user-lr7lh7vg1z 5 หลายเดือนก่อน +1

      Ow e hithata danena hagima maraiiiiii

  • @Chethanadias
    @Chethanadias ปีที่แล้ว +57

    මන් දුක හිතුන ගමන් මේ සිංදුව අහනවා මොකද ඔහු තමයි මට මේක අහන්න දුන්නෙ පුදුම ලස්සන සින්දුවක් මේක😔😔මන් එයාට වැරදි කරන්න ඇති ගොඩක්...මගේ ආදරේ ඈත් වෙලා අද මගේම වැරදි නිසා ඔහුට තනියම ඉන්න ඕනි වෙලා😔😔පුලුවන්නම් හැමෝම අපි දෙන්නට ආයෙත් එකතු වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න..එයාගෙ හිතට ආයෙත් මන් ගැන ආදරයක් දැනෙන්න කියලා ප්‍රාර්තනා කරන්න 🥹🙏

    • @chamathkasanjulee4436
      @chamathkasanjulee4436 ปีที่แล้ว

      Eka esema wewa...

    • @gamingveranga6296
      @gamingveranga6296 ปีที่แล้ว

      Ekathu wenna puluwan waradi hadagena awankawa oya gihin katha karanna danenna jiwath wenna eyata samawa aran mulinma.

    • @nimesham.arachchige995
      @nimesham.arachchige995 ปีที่แล้ว

      Wish you both together

    • @shashikadilhara5644
      @shashikadilhara5644 7 หลายเดือนก่อน

      එහෙම්ම වෙන්න දෙවියනි 🙏❤

  • @bestthings6123
    @bestthings6123 ปีที่แล้ว +131

    හිමි කර ගත්ත ආදරේට වඩා අහිමි කර ගත්ත ආදරය සදාකාලිකව ම විඳින්න පුලුවං, ආදරේ ඇත්තම පිවිතුරු ම ස්වභාවය තියෙන්නෙ එතන, ඒ ආදරය බෙදා ගන්න කෙනෙක් නෑ තමන්ට විතරක් ම අයිති ආදරයක්, ඒ ක තමයි මේ ලෝකෙ තියන ලස්සනම හැඟීම

    • @nalakaariyarathne861
      @nalakaariyarathne861 ปีที่แล้ว +12

      එකගයි අනිවාර්යයෙන්ම...එය තුල රාගය නොමැත. පිවිතුරුම හැගීමක්.අප්‍රකාශිත ප්‍රේමය වූකලී එය වඩාත් ත්‍රීවුර කරයි..

    • @rovinmichael4689
      @rovinmichael4689 ปีที่แล้ว +1

      Oba hari❤

    • @mknkmknkumara7526
      @mknkmknkumara7526 ปีที่แล้ว

      සහතික ඇත්ත

    • @niroshadissanayaka1876
      @niroshadissanayaka1876 ปีที่แล้ว

      💯

    • @bominijayani761
      @bominijayani761 ปีที่แล้ว

      👍👍👍👍👍

  • @SDP204
    @SDP204 ปีที่แล้ว +45

    රිදුන බිදුන තැවෙන ආදරනීයම හදවත් සතුටින් ආදරයෙන් පිරේවා සතුට ඉතිරේවා. 😍❤️❤️❤️

  • @thilinisewwandi1818
    @thilinisewwandi1818 ปีที่แล้ว +35

    මන් මේ සිංදුව නිතරම අහනවා අහන හැම වෙලේම මට මතකෙට එන්නේ එයාව.මන් මේ සිංදුව මුලින් ඇහුවෙත් එයාම මට එවලා.එයාට අපේ ආදරේ මේ තරම් දැනෙනවා කියලා මන් පොඩ්ඩක්වත් හිතුවේ නෑ ඒත් මට දැන් දැනෙනවා එයා මට මේ සිංදුව අහන්න දුන්නේ ඇයි කියලා.අදටත් එයා මන් ලගම ඉන්නවා හැබැයි එයා වෙන කෙනෙක්ගෙ ඒත් මන් එයාට ගොඩක් ආදරේ කරනවා.එයා වෙනුවෙන් මගේ ජීවිත කාලෙම මන් එයා එක්කම ඉන්නවා.ඒ බැදිම ගොඩක් ලස්සන බැදිමක්.අපි අපේ නොව්නත් මන් දන්නවා අදටත් අපි අපිට හරි ආදරෙයි කියලා.එක දවසක් එනවනම් අපිට අපි ගැන කතා කරන්න ඉස්සර වගේම ලග ඉදන් කියව කියව ඉන්න ඒ දවසම මගේ ජිවිතේ ලස්සනම දවස වෙයි.ආදරෙයි හැමදාම මේ ආත්මේ බැරුව ඇති මගේ වෙන්න ඒත් ඉලග ආත්මේ මගේ විතරක්ම වෙන්න😊🥺❤️‍🩹💔

    • @sandunidias3420
      @sandunidias3420 ปีที่แล้ว +1

      මටත් තියෙනවා ඒ වගේම ආදර කතාවක්

    • @lahirupramod1844
      @lahirupramod1844 11 หลายเดือนก่อน

    • @Aki1989-l6v
      @Aki1989-l6v 10 หลายเดือนก่อน

      Mee to

    • @SewwandiFdo-nr7lp
      @SewwandiFdo-nr7lp 6 หลายเดือนก่อน

      Mage husband me sinduwata Hari kamathi EDA meka ahaddi me comment eka dakka eth ada man meka ahaddi matath une oyata unu demai eya man Laga na sinduwa lassanai man aye meka ahanna

    • @LulithAnurada
      @LulithAnurada 2 หลายเดือนก่อน

      Paul kadanna epa Dr

  • @hiranshanaka4785
    @hiranshanaka4785 ปีที่แล้ว +34

    කී පාරක්ද ඇහුව.....එ ලයාන්විතව හදවතට දැනෙන ආදරෙ කදුලක් එන්නෙ ඉබේම .....☺️❤ මිහිරාවියේ කෝ ඔබේ වදනින් මැවූ ආදරෙ ....
    බොද මිදුමක් සේ ගලා දුර ඈත පාවී ගියා.........❤රෑ සිහිනයක් සේ හිතා රහසේ හිදින්නම් බලා.....
    ප්‍රේමය කියන්නෙම දරා ගනිමක්....නිහඩ කරවන

  • @deethikawijesekara
    @deethikawijesekara 8 หลายเดือนก่อน +10

    මෙ සිංදුව මුලින්ම ඇහැව්වෙ මගෙ යාලුවාගෙ කඩ හඩින්...
    එයාගෙ තාත්තා රට ඉදලා keyboard 🎹 එකක් ගෙනල්ලා දීලා අපි එකෙන් මෙ සිංදුව play කලා..එ මතක හැටියට 1998 විතර.
    අද මගෙ යාලුවාත් නැහැ එයාගෙ තාත්තාත් මෙ ලොකෙ...!
    හිතට පුදුම දුකක් එන්නෙ... 🥹🥹🥲🥲

  • @Ruvindaprasad
    @Ruvindaprasad ปีที่แล้ว +23

    අවුරුදු හටරක අදරය එයා එක ms එක්කින් නැවැත්තුවා.අදටත් හිතාගන්න බෑ මොකද්ද උනේ කියලා.කිසිම ආදර කතාවකට දෙමව්පියන් අකමැති වෙන්න එපා.

    • @shehangimhan8885
      @shehangimhan8885 ปีที่แล้ว +1

      දෙමාපියන් නිසා නෙවෙයි, ඒක ඔයා නොදන්න ලොකු දෙයක් නිසා වෙන්න ඕන අනිවාරෙන්, එයා වෙන කෙනෙක් නිසා වෙනස් වෙන්න ඇති මටත් එහෙම අත්දැකීම් තියෙනවා

  • @Pasindu07558
    @Pasindu07558 6 หลายเดือนก่อน +2

    එයාව මතක් වෙන හැම වෙලාවකම මේ සින්දුව අහන මම මේකට ඇඩික්ට් වෙලා වගේ ❤😢

  • @hasankatharindu
    @hasankatharindu 9 หลายเดือนก่อน +12

    මේවා සිංදු නෙවේ.. ජීවිත ❤

  • @senurikarunarathna9181
    @senurikarunarathna9181 ปีที่แล้ว +12

    ජිවිතේ අපි ආදරේ කරන අය හරි ඉක්මනට ඇත් වෙලා යනවා...අදටත් හිතේ හිර වුන දේ අපමණයි.... කවදා හරි දවසක යලිත් අප හමු වේවි..නමුත් වෙන් වී බොහෝ ඇතට ගොස් තිබෙවි.....එත් අප සිනා සෙමු ප්‍රේමයේ නමින් ❤

  • @KadadaasiOfficial
    @KadadaasiOfficial 4 หลายเดือนก่อน +5

    පනපිටින් මරනවා කියන්නේ මේ වගේ සින්දු❤❤😊

  • @travel1326
    @travel1326 ปีที่แล้ว +42

    ජීවිතේ හැමෝම අහන..හැමෝටම අහන්න වෙන සිංදුවක් 🥺❤️

  • @lahirujayathilaka4679
    @lahirujayathilaka4679 ปีที่แล้ว +18

    ඒ අතීතයේ ඇය.. මතක් වෙනවා... දුර ගිහින් ඇය අවුරුදු ගනනක්... අද වෙනකොට..ඇය වෙන සෙවනක.💔 මං තාමත් තනියම ජීවන ගමනේ ඉන්නවා...රිදුමක් විතරයි සුවයක් නෑ... ලෝකයේ...😪

  • @surangiishara5743
    @surangiishara5743 ปีที่แล้ว +30

    පෙම්වන්තයින් සේ සිනාසී... හමුවීලා වෙන් වී හඩා..🖤

  • @Nawo1229
    @Nawo1229 5 หลายเดือนก่อน +8

    පණ පිටින් පිච්චෙන්න ඕන නම් ඇත්තටම ආදරේ කරන්න ඕන..තේරෙන්නෙ නෑ අවංක මිනිස්සුන්ට රැවටිලිකාරයොම විතරක් මුණ ගැහෙන්නෙ ඇයි කියලා 😔

    • @DilanJayarathna-lb3ww
      @DilanJayarathna-lb3ww หลายเดือนก่อน

      100% true, api adare krapu kenama hambuna nm kiyla hithnenwa, eth dan inna kenata kisima wenasak krnne na

  • @pasindulakshan7244
    @pasindulakshan7244 ปีที่แล้ว +12

    "මිහිරාවියේ කෝ ඔබේ ආදෙරේ "වෙනස් වෙන්නෙ නැහැ කිව්වා කවදකවත් එත් අද ටත් මේ සිංදුව අහනකොට ගෙවපු ඒ සුන්දර දවස් මතක් වෙනවා😊😔😔

  • @krishkrish3006
    @krishkrish3006 ปีที่แล้ว +6

    මේ සින්දුව මට අහන්න බැ මොකද මගේ අතිත අදරය මතක් වෙනව...රිදුම් දුන් හිත තවත් වේදන දෙනව...පුදුම පාලුවක් දැනෙන්නෙ ..
    ජිවිතේ හැටි එහෙම තමයි කියල හිත හදා ගන්නවා...

  • @sameeramadushansameera5317
    @sameeramadushansameera5317 ปีที่แล้ว +28

    හිත නිවන ලස්සන ගීතයක් ❤️❤️❤️😍😍💟💟💟🌹🌹🌹ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා මෙවැනි ගීත නිර්මාණය කිරීමට!

  • @nadeeraperera6269
    @nadeeraperera6269 ปีที่แล้ว +4

    ප්‍රේමයේ විරහවක් ලොකුවට විඳලා නැතත් මේ සිංදුව ඇහෙද්ද හිතට ලොකු දුකක් වගේම වෙනම ලෝකෙකට පා වෙලා යනවා වගේ 😥😥😥

  • @buddhishasrimathi
    @buddhishasrimathi ปีที่แล้ว +18

    ආදරය කියන්නෙම බොරුවක්...💔🥺😢

  • @kaveeshalakshan3997
    @kaveeshalakshan3997 ปีที่แล้ว +46

    ගොන් බඩුවක් කියල දන් නැතිව ආදරය කරලා අදටත් උසාවි ගානේ යන මම 😓 මේ ගීතය අහල කදුලු පුරවගන්නවා මොනා වුනත් මගේ අවන්ක ආදරය නිසා ❣️

    • @chathu8068
      @chathu8068 ปีที่แล้ว +3

      😢

    • @dulanjaleegunawardhana3104
      @dulanjaleegunawardhana3104 ปีที่แล้ว

      Ahrma thama ජීවිතේ hariyanawa waradinawa...
      Min ඉස්සරහට wath hodata hithala weda karanna..
      කාටත් වෙන් වුණ කතාවක් තියනවා 😥

    • @lifewithgayathri5289
      @lifewithgayathri5289 ปีที่แล้ว

      😢me too same

    • @sampathgamage861
      @sampathgamage861 ปีที่แล้ว

      ආයේ ඉතිං... ප්‍රේමේ නමින්.. සෝ.. ගී ගයන් නෑ.. ඉතිංං..!!

    • @shanikafernando2376
      @shanikafernando2376 ปีที่แล้ว

      Oya eyata banala boruwata pawu purawaganna epa.oyata hoda kenek labei .eya vidawai

  • @historyolclz
    @historyolclz ปีที่แล้ว +8

    මේ ගීතය නිසා මගේ අතීතය සිහියට එනවා...ආයේ ඉතිං ප්‍රේමේ නමින් සෝ ගී ගයන් නෑ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharupushpakumari1176
    @tharupushpakumari1176 ปีที่แล้ว +18

    ඇත්තටම හිතට දැනුනු ආදරේ වෙන් උනාම ,හදවතේ අඩියෙම තියෙන ආදරේ නැති උනාම හුලඟ වගේ ඇවිදන් යන ආදරයක් වෙනුවෙන් කඳුළු වැටෙන්නැතිම තරම් .හිතේම නැවතුනු ආදරේ නැතිවන එක ශාපයක් ම තමයි.අවුරුදු ගානක් ගියත් ඒ වේදනාව ඒ විදියටම තියෙනවා.

    • @rovinmichael4689
      @rovinmichael4689 ปีที่แล้ว

      Matat kaalak thibba
      Hebei amathaka wela giyama kaleth akkama
      A mathaka ahemmai
      Awa math akkama …………………………………………….

    • @DilanJayarathna-lb3ww
      @DilanJayarathna-lb3ww หลายเดือนก่อน

      100% True, Eka kiyagnn ba

  • @TishanMadushanka-o5p
    @TishanMadushanka-o5p 3 หลายเดือนก่อน +2

    ප්‍රේමය හුදෙක් ලැබීමක් මිස අයිතියක් නොව...ආත්මාර්ථයෙන් තොරව ප්‍රේම කිරීම සැබෑ ප්‍රේමයයි❤

  • @සදරූ-ධ1ඵ
    @සදරූ-ධ1ඵ ปีที่แล้ว +7

    අදටත් මං එයාව හොයනවා..ඒත් මං දන්නේ නෑ එයා කොහෙද ඉන්නේ,මොනවද කරන්නේ කියලා..අපි හුගාරියක් ආදරේ කලා...ඒත් එයා කිසිම දෙයක් කියන්නේ නැතුව ගියා......

    • @sulochanamadushani
      @sulochanamadushani ปีที่แล้ว

      Duk wenna epa....wasanathaya lagama athi😊❤

    • @P-Erandi-ht8ww
      @P-Erandi-ht8ww 7 หลายเดือนก่อน

      එහෙම ගිය කෙනෙක් ගැන හිත හිත ඉන්න පිස්සුද අනේ

  • @asankawarnakumara7859
    @asankawarnakumara7859 2 ปีที่แล้ว +30

    හිත් මෝහනය කරන වාදනයක් ❤️❤️❤️❤️

  • @parse360
    @parse360 ปีที่แล้ว +4

    ප්‍රේමය අබියස සිත් බොළඳ වෙයි,, සියල්ලම හුදෙක් සිතිවිලි මාත්‍රයක් පමණයි,, සිනා සෙන්න ආසයි මන් ගලන දිය වගේ ළග නැති දේවල් ගැන නොසිතා ඉදිරියටම යමු

  • @tharangachaturani3947
    @tharangachaturani3947 ปีที่แล้ว +3

    ආදරය කියන්නෙ මහ පුදුම දෙයක් . මොහොතකටවත් නැතිව ඉන්න බැරිඋන කෙනා අද ගොඩක් දුර ගිහිල්ලා මාව දාලා. ආදරයේ වෙදනාව කාටවත් දැනෙන්න එපා😢

  • @GimhanChira
    @GimhanChira 26 วันที่ผ่านมา +1

    බලපුහාම හැම ඒක්කේනාටම පලමු ආදරය අහිමි වෙලා තියනවා

  • @yuneshilakmini6993
    @yuneshilakmini6993 8 หลายเดือนก่อน +2

    ඒ හඬ භාවනාවක්..පුදුම හැගීම්බර වචන ටිකක් ...❤

  • @tharinduwickramasinghe4658
    @tharinduwickramasinghe4658 ปีที่แล้ว +4

    ආයේ ඉතින් ප්‍රේමේ නමින් සෝ ගී ගයන් නෑ ඉතින් .සින්දුවේ ආසම කොටස ඒ වගේම වේදනාකාරිම කොසට.💔❤️😒

  • @surangapradeep2328
    @surangapradeep2328 8 หลายเดือนก่อน +1

    අපිටම උරුම අපේම සිහින වල ජීවත්උනා මතකයි.. ඒත් ආදරේ කියන්නේ පුදුමාකර දෙයක් , විටක වේදනාව තවත් විටක උතුරාගිය සතුට .. ආදරය කියන්නේම " සසරක් " ... ♥️♥️♥️🎶🎶... ආඩම්බරයි ජගත් මහත්මයා....

  • @annemayadunna2926
    @annemayadunna2926 3 ปีที่แล้ว +27

    ගොඩාක් ආදරේ කරන සිංදුවක්... සර් ගේ හැම සිංදුවකටම මං ගොඩාක් ආසයි.. ලස්සනයි ..❤❤

    • @rmindika1600
      @rmindika1600 ปีที่แล้ว

      B.s mage jivitha tharum gaththa ada me sinduva ahala

  • @miyurigamage8205
    @miyurigamage8205 ปีที่แล้ว +7

    මට මහා දෙයක් මේ ගීතය ඇතුලෙ දැනෙනවා..ඒක මේ භවයේ දැනෙන දෙයක් නෙවෙයි.මොකද මම ගොඩාක් ඈතට යනවා❤️❤️

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว +14

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @janakab.mbatagoda3334
    @janakab.mbatagoda3334 8 หลายเดือนก่อน +1

    Obathumata dirgayusha pathanawa Me wage thawath sindu bihi karanna.

  • @randikadushmantha534
    @randikadushmantha534 4 หลายเดือนก่อน +1

    හිමිකර ගත්ත ආදරයට වඩා කාට වුණත් අහිමි වුන ආදරයක් තියෙනවා නම් විදින්න පුළුවන් ඒක තනියෙන්. මේවා සිංදු නෙමේ තනිකරම අවුරුදු ගානක් ජිිවිතේ ආපස්සට අරන් ගිහිල්ලා එතනින් එලියට එන්න බැරුව හිර කරන ජිවිත කතාවල්..

  • @niroshavirajini7457
    @niroshavirajini7457 ปีที่แล้ว +8

    හිතේ ගැබුරටම කා වදිනව.. එයාව මතක් වෙනව.. අදටත් මම දන්නෙ නෑ ඇයි මාව දාලගියෙ කියල.. බලන් ඉන්නව කවදහරි කතා කරාවි කියල...

  • @aggayani6581
    @aggayani6581 2 ปีที่แล้ว +8

    Mage adarata awrudu 7 eth api wenuana.eyath bedala math bedala .awrudu 12 passe api hambuna.tharahak ne asammatha ethi eth api adare Kara.

  • @PriyadarshanaWickramasingh-t8e
    @PriyadarshanaWickramasingh-t8e 2 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් ඇතිවීමක්නම් වෙන්නෙ නැහැ ...ඒ තරම්ම ආත්මිය බැදීමක් තියෙන සින්දු

  • @thisithagamage1225
    @thisithagamage1225 10 หลายเดือนก่อน +1

    මේ හැම වචනයක්ම අතීත මතක සැමරුම් බොඳ මීදුමක් සේම පාවී ගිය යලි කිසිදා නොයෙන. සුසානයක සදහටම නිදන්කළ.....
    ආයේ ඉතින් ප්‍රේමය නමින්
    සෝගී ගයන්නෑ හිතින් 🌹✋

  • @sandunidias3420
    @sandunidias3420 ปีที่แล้ว +2

    හිමි වෙන ආදර කතා ආදරේ අහිමි වෙලා ලබාගන්න බැරිව ඉන්න අය දුරින් ඉදන් ආදරේ කරනවා..කවදාවත් එයා මට ලැබෙන්නෑ එක මාත් එයත් දන්නවා ඒත් දෙන්නම තාමත් ආදරේ කරනවා දුරින් ඉදන්..

  • @e.m9476
    @e.m9476 ปีที่แล้ว +4

    උපුලී මේක ඔයාගෙයි මගෙයි ජීවිත කතාව වගෙයි....

  • @iharagamage
    @iharagamage 9 หลายเดือนก่อน +1

    මේ දිවිය පුරාවට ඒ ආදරේ
    තාමත් මතකයන් අතරෙ ජීවත්
    වෙනව
    ජගත් අයියගෙ මේ ගීතය
    ඇහෙන වාරයක් පාසා
    ඒ සමුගැන්ම

  • @chathurangajanith50
    @chathurangajanith50 ปีที่แล้ว +2

    හ්ම් කියලා වැඩක් නෑ ජිවිතේ අපි හිතපු අය ලැබුනේ නෑ කොහොම නමුත් අපිට උරුම ආදරේ සමග සතුටින් ඉන්නවා හැමොටම හොද ආදරයක් සතුටින් ඉන්න ජිවිතයක් ලැබෙන්න කියලා මං පාර්ථානා කරනවා ආදරේයි බුදු සරණයි

  • @dulanjaleegunawardhana3104
    @dulanjaleegunawardhana3104 5 วันที่ผ่านมา

    Ada සමාජයේ ගොඩාක් ගැහැනුන් ගේ සැබෑ යථාර්ථය .....
    දුක් විඳින පිරිමි අයත් ඉන්නවා .
    ජීවිතේ ahapu දුක්බරම sinduwa ...
    Mage ජීවිතේ ta 99% gelapenawa...
    වෙනස දරුවෙක් එක්කර තනි una eka.....

  • @Hansik96
    @Hansik96 2 หลายเดือนก่อน +1

    මගේ ජීවිතේ ආදරය කියන්නේ කවදාවත් ලැබෙන්නේ නැති දෙයක් විතරයි......ඒත් ඔයා හැමදාම පරිස්සමින් ජීවත් වෙන්න ඕනේ... 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺 මට කරපු දේ වෙන කෙනෙක්ට කරන්න එපා. 🙏🏻

  • @dilminirasha4988
    @dilminirasha4988 ปีที่แล้ว +4

    පෙම්වන්තයින් සේ සිනාසී හමුවීලා වෙන් වී හඬා💔😔

  • @sachinmadushan483
    @sachinmadushan483 ปีที่แล้ว +7

    අාසම ගායකයෙක් සින්දුවත් ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 ปีที่แล้ว +1

    මේකේ කොමෙන්ට් හරිම ආදරනීයයි

  • @pathumamash6057
    @pathumamash6057 3 หลายเดือนก่อน +1

    බොද මිදුමාක් සේ ගලා,
    දුර ඇත පාවි ගියා...😊

  • @tharinduc.w4800
    @tharinduc.w4800 7 ชั่วโมงที่ผ่านมา

    Hitha marunu agata pana thiyana minussu bahutharayak inne. Jeewithe kiyanne dukak kataharima duk vidina mokak hari prashnayak. Bohoma sulu pirisakata thamai sundara jeewithak himi😢😢

  • @erangapushpakumara8721
    @erangapushpakumara8721 7 หลายเดือนก่อน +1

    ප්‍රේමේ නම්න් සෝ ගී ගයන්නෑ ඉතිම් 😊❤

  • @ranjitharunasiri8550
    @ranjitharunasiri8550 หลายเดือนก่อน +1

    Adarei❤❤❤

  • @thilinisenanayake7404
    @thilinisenanayake7404 ปีที่แล้ว +1

    ආයේ ඉතින් ප්‍රේමේ නමින් සෝ ගී ගයන් නෑ මෙමා,,,,😌

  • @sewwandipitadeniya9468
    @sewwandipitadeniya9468 3 หลายเดือนก่อน +1

    මේ ආදරේ නම් ඔබේ
    එය ශාපයක් යැයි හැගේ😢

  • @දැහැමිමෙත්සරා
    @දැහැමිමෙත්සරා 4 หลายเดือนก่อน +1

    මගේ කියලා හිතන් ඉන්න ..
    ඒත් මටකවදාවත් අයිති වෙන්නැති ...
    මං පන වගේ ආදරේ කරන එනෙක්ව මතක් වෙනවා මේ සින්දුව අහන හැම වෙලාවකම

  • @chinthakadodampegamage1464
    @chinthakadodampegamage1464 9 หลายเดือนก่อน +1

    ජගත් වික්‍රමසිංහ මහත්තයා ගේ ගීත අතරින් අමතක නොවූ ගීත ඕනෑ තරම් ..... ඔහුට තැපෑලෙන් ලැබුනු ගීතයක් තිබුනා .... එහි පද රචකයා ඔහු සෙව්වා ..... ඒකේ තියෙන්නේ ගොලු තරුණිය ක් ගැන .....මේ ගීතය මම තවම සොයනවා ....... පුලුවන් නම් වීඩියෝ එක එකතු කරන්න .....❤

  • @RavindraRanasinghe-sk6se
    @RavindraRanasinghe-sk6se 10 หลายเดือนก่อน +1

    ආදරේ කියන්නේ හරි අමුතුම දෙයක්..මන් දැන් මැරි කරලා අවුරුදු 3 තාමත් මට එ කරපු පව විදවාගන්න බැ. දලා යන්නම් කවදවත් ලන් වෙන්න එපා මුලු ජිවත කලේම එ පවේන් විදවන්න වෙනවා.. කොහේ හරි සතුටින් ඉන්න මගේ සුදු 2023/11/24

  • @gayanpriyanath7072
    @gayanpriyanath7072 ปีที่แล้ว +4

    හදවතක් පතුලටම ගමන් කල හැකි එකම මදුවිත මියුරු ස්වරයෙන් මිමිනෙන ගීතයක්ම පමනි 💕🌹🥀🌹

  • @mithumranawaka5259
    @mithumranawaka5259 ปีที่แล้ว +1

    මිහිරාවියේ කෝ ඔබේ වදනින් මැවු ආදරේ ......?

  • @mudithchathuranga1921
    @mudithchathuranga1921 ปีที่แล้ว +2

    සතියකට දෙපාරක්වත් අහන සිංදුවක් ❤

  • @monicadisanayaka1992
    @monicadisanayaka1992 ปีที่แล้ว +2

    Himi Una dewalwalata wada ahimi Una dewal bohomai 😥

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt 3 หลายเดือนก่อน +1

    මම කැමතිම ගායකයා ❤❤❤❤❤🎉

  • @mknkmknkumara7526
    @mknkmknkumara7526 ปีที่แล้ว +1

    මම දන්න විදියට මෙම ගායකයටත් තිබුන ආදරයක් ඒ වගේම .ඇයව ඔහුට ලැබුනෙ නෙ

  • @dilusandamali
    @dilusandamali ปีที่แล้ว +5

    මට අදාළ නැති උනත් මගෙ හදවතට ගොඩාක් දැනුනු සින්දුවක්....💓💓💓💓💓💓😓😓😓😓

  • @nadeekadiass2425
    @nadeekadiass2425 ปีที่แล้ว +2

    ආයේ ඉතිං ප්‍රේමේ නමින්.. සෝ ගී ගයන් නෑ ඉතින්... ❤️❤️

  • @senithdamsith2950
    @senithdamsith2950 ปีที่แล้ว +9

    මේ වගේ ගීත ආයෙ බිහිවෙයිද කියලත් හිතනව 😢

  • @KunarasenaK
    @KunarasenaK 28 วันที่ผ่านมา

    Abi seka akkiyo supiriyak thamai bawanawak

  • @rohansanath4775
    @rohansanath4775 ปีที่แล้ว +1

    Re සිහිනයක් se sitha senahi hidinnam daraaa 🥀🥀🥀🥀

  • @randulafrenando7922
    @randulafrenando7922 ปีที่แล้ว +10

    භාවනාවක් වගේ ❤️

  • @RavindraLilithkumara
    @RavindraLilithkumara ปีที่แล้ว +1

    කොතරම් එසේ කිවද දරාගෙන සිතට
    ඉදහිට තවම ඇය එනවා මනසට

  • @simplemaths3983
    @simplemaths3983 ปีที่แล้ว +1

    රෑ සිහිනයක් සේ හිතා...
    සෑනහී හිදින්නම් දරා...
    😶

  • @sachinthalakshan1471
    @sachinthalakshan1471 ปีที่แล้ว +1

    ආයේ ඉතින් ප්‍රේමේ නමින් සෝ ගී ගයන්නෑ හිතින් 🙂🙂🙂

  • @sudarshanaweerasinghe5574
    @sudarshanaweerasinghe5574 ปีที่แล้ว +1

    බොද මීදුමක් සේ ගලා
    දුර ඈත පාවී 👽💔

  • @sasankadilshan4247
    @sasankadilshan4247 ปีที่แล้ว +2

    දැන් නම් ඒ ආදරේ ශාපයක්.......

  • @ananyasenekshi8828
    @ananyasenekshi8828 ปีที่แล้ว +2

    රෑ සිහිනයක් සේ සිතා...
    සැනහී හිදින්නම් දරා...
    මේ ආදරේ නම් ඔබේ....
    එය ශාපයක් යැයි හැගේ...

  • @lasithasanjeewayapabandara2387
    @lasithasanjeewayapabandara2387 2 ปีที่แล้ว +12

    හිත නිවන භාවනාවක්. ...💜💜💜

  • @ManojKusal
    @ManojKusal ปีที่แล้ว +3

    ම්හිරාවියේ කෝ ඔබේ වදනින් මැවු ආදරේ ❤️💚

  • @nimtharanilaweera6138
    @nimtharanilaweera6138 ปีที่แล้ว +5

    🕊️🖤ඒක වෙනම ලෝකයක්🥰❤️

  • @Padminidharmalatha-z3n
    @Padminidharmalatha-z3n 19 วันที่ผ่านมา

    Me sinduwa ahaddi aya mage laga ne yannama gihin ada hithiyanam api ape wenna thibuna😭😭😭

  • @thilinisandarekha5158
    @thilinisandarekha5158 ปีที่แล้ว +2

    Wehesatapath sitha sanasana,nalawana swara musu unu layanwitha handa......puduma sanaseemak sithata danenne.....

  • @pasindurathnayaka5712
    @pasindurathnayaka5712 ปีที่แล้ว +1

    මිහිරාවියේ කෝ ඔබේ වදනින් මැවු ආදරේ😒😪

  • @priyanthapriyantha8297
    @priyanthapriyantha8297 ปีที่แล้ว +2

    Parana adarakatawa matak karan sedesamayata lanwela me jeweten dawasaka samugai😭😭❤️

  • @LarinaChandani
    @LarinaChandani หลายเดือนก่อน

    ලස්සනයි 🥰🥰🥰👌👌👌🎸🎼🎸🎼💫💫🏆🏅🏅🏅

  • @spk071
    @spk071 2 หลายเดือนก่อน

    වෙනම ලෙවල් එකක සිංහල චිත්‍රපට ගීතයක් වගේ දැනෙන්නේ.❤

  • @ShashiniDeusara-jf9tq
    @ShashiniDeusara-jf9tq 16 วันที่ผ่านมา

    වදනින් කිව් ආදරෙ ❤️💥❤️💥🎹🎹🎹🎶🥁💥❤️💥❤️❤️🎵🎵🎹🎶💥❤️

  • @sansaladissanayake516
    @sansaladissanayake516 ปีที่แล้ว +4

    මතක😢❤

  • @bestthings6123
    @bestthings6123 ปีที่แล้ว +2

    ඒ වචන වල අකුරු උඩ නැවතිලා අකුරෙන් අකුර විඳන්න පුලුවන්, සංදුවක් අහනවා වගේ නෙවෙයි, සිංදුව උඩ නැවතිලා විඳිනකොට, ඒක වෙනම ආතල් එකක්,

  • @samindapeiris8824
    @samindapeiris8824 7 หลายเดือนก่อน +1

    bluetooth connect කරගෙන අහපු වාර ගනන හිතා ගන්න බෑ
    ආදරය මොකක්ද කියලා දන්නේ නැතුව 20 කට විතර කෙල්ලො adare කරපු මම a හැම කෙනාටම riddapu මම ගාව a කිසිම කෙනෙක් ne අද. මේ සින්දුව අහන හැම වරායක් ගානේ kadulu පිරෙනවා as වල. මට සමාවෙන්න මම ගොඩක් weradi

  • @venushisewwandi7423
    @venushisewwandi7423 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..❤

  • @ThiliniRathnayaka-b8l
    @ThiliniRathnayaka-b8l 20 วันที่ผ่านมา

    මේ සිංදුව මුලින්ම අහන්න දුන්නෙ ඔයා.. එදාට වඩා අද ඒක ගොඩක් දැනෙනවා. ඒ ඔයා මං ළඟ දැන් නැති නිසා. මහ ගොඩක් ආදරේ කරලා මතක විතරක් ඉතුරු කරලා ඔයා ගිහින්. නින්ද යන්නෙ නැති උනාම youtube ඇවිත් මේ සිංදුව අහනවා. ඔයා ඉතුරු කරලා ගියපු මතක එක්ක හැමදාම ජීවත්වෙනවා. කොහෙ හිටියත් හොඳින් ඉන්න මගේ පණ.. ❤

  • @ShithikaJayarathna
    @ShithikaJayarathna 2 หลายเดือนก่อน

    Prasad
    හීනයකි සරසවි ජීවිතය.....ඔබ අහිමි වූ ලෝකය මේ තරම් අමිහිරි යැයි මා දැන සිටියේ නැත...😢😢😢