දඟකාර පොඩි සාදු|Sudarshana Elapatha |2025 New Song 7
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- මව් ඇකයෙන් මිදී සසුන් ගතවන දඟකාර පොඩිත්තෙකුගේ ශෝකාලාපය
දඟකාර පොඩි සාදු
සුදර්ශන ඇලපාත ගේ නිර්මාණයක්.
වෙල් ඉපනැල්ලේ,
පුරුදු යහළුවන් එකතු වෙලා...
හඳයගෙ පිට උඩ නැගලා ,
පොඩි සාදු වඩිනවා ...
පොඩි සාදු වඩිනවා,
වෙල් හුළගේ සෙල්ලම් කරන්න,
පොඩි සාදු වඩිනවා...
බෝ මළුවේ බෑ, දුව පැන නටන්න, සන්සුන් ගමනේ ඇවිදින සාදු...
සිල් සුවඳේ සිත, නැහැ වීලා ...
දඟ වැඩකට ඉඩ, ඇත්තෙම නෑ ලූ...
හඳ එලියේ, සුදු වැලිතලයේ,
තනිකම හොඳටම දැනුණා ලූ,
පොඩි නංගිගෙ හුරුතල් සිනහව
රෑ හීනෙන් ඇහුනා ලූ....
වෙල් ඉපනැල්ලේ,
පුරුදු යහළුවන් එකතු වෙලා...
හඳයගෙ පිට උඩ නැගලා ,
පොඩි සාදු වඩිනවා ...
පොඩි සාදු වඩිනවා,
වෙල් හුළගේ සෙල්ලම් කරන්න,
පොඩි සාදු වඩිනවා...
පන්සල් යන්නම, බෑ කියලා...
අම්මගේ උකුලේ ඇඬු වලු සාදු ...
හඳය යි ටිකිරයි, සිහි වෙනකොට නම්,
සිවුර දරන් ඉන්නම බෑලූ....
රෑ සීතල දැනුණු වෙලාවට
කොට්ටය කඳුලින් තෙමුණා ලූ
විදුලි කොටන කොට,
ගිගිරුම් සද්දෙට,
ඇඳ යට රිංගා හිටියා ලූ
වෙල් ඉපනැල්ලේ,
පුරුදු යහළුවන් එකතු වෙලා...
හඳයගෙ පිට උඩ නැගලා ,
පොඩි සාදු වඩිනවා ...
පොඩි සාදු වඩිනවා,
වෙල් හුළගේ සෙල්ලම් කරන්න,
පොඩි සාදු වඩිනවා...
#සුදර්ශන_ඇලපාත
#sudarshana_elapatha
#පොඩිසාදු
#podisadu
#srilankanmusic
#newsong2025
මව් තුරුලෙන් මිදී සසුන්ගත වූ දඟකාර කොලු පැටියෙකුගේ ශෝකාලාපය...