sachchagawese 2014-08-17

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Siri Samanthabhadra Thero,Siri Sadaham Ashramaya.

ความคิดเห็น • 40

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว

    මීට ඉස්සෙල්ලා මම හැඩු කඳුලින් හිටියේ ස්වාමීන් වහන්සේ ස්වාමින් වහන්ස ඔබ ස්වාමින්වහන්ස ඔබවහන්සේ හැමදේම හැමදේම අත්ඇරලා අත් හරින්න කියල දුන්නා හරින්න කියලා දුන්නා ඒ කියල දුන්නට පස්සෙ තමයි මගෙ ඔළුවෙ තියෙන බර දැන් බිමින් තියා ගත්තෙ මට දැන් සතුටින් මැරෙන්න උනත් පුළුවන් බය නෑ හිතට ශක්තියක් ලැබෙනවා

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว

    හිතලා මම හැඬු කඳුළින් හිටියේ වහන්සේගේ දේශනාව මට අහන්න ලැබුණට පස්සේ මගේ හිතට ලොකු ශක්තියක් ලබා ලබා දුන්නා ඔබ වහන්සේට බුදුබව අත්වෙනවා ඒ කරපු මට ඒ අණ මාලගේර ගෙ මට කියල දුන්නට

  • @luckydesilva6733
    @luckydesilva6733 10 หลายเดือนก่อน

    Pure gold from my Lord Buddha Siri Samanthabhadra Swaameen Wahansa. Theruwan Saranai.

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +1

    ගරු ස්වාමීන් වහන්ස මටනම් දැන් අවුරුදු 5ක් පහක් තිස්සේ ඔබ වහන්සේගේ ඔබ වහන්සඋන්වහන්සේගේ දේශනාව හම්බ උනා නම් මට ගොඩක් හොදයි දැන් තමයි බොහෝ අයගේ හොඳ ගොඩ යන මාර්ගයක් හම්බවුනේ

  • @blossmclever9236
    @blossmclever9236 6 ปีที่แล้ว +1

    Great Excellent true explanation

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +1

    ඇත්තටම ස්වාමින් වහන්ස වහන්සේ බුදුරජාණන් වහන්සේට පෙනිලා තියෙනවා මේ ලෝකයේ දුක දුක ගැන පිහිට වෙන්න වෙන්නේ බුදුරජාණන් වහන්සේ තමයි ව්ාපෘති මෙහෙට එවල තියෙන්නෙ කියල මම හිතනවා

  • @travelwithg3
    @travelwithg3 10 ปีที่แล้ว +1

    Thanx for sharing this video:)

  • @vedioblog1111
    @vedioblog1111 ปีที่แล้ว

    Watching in 2022 🙏🙏🙏

  • @dilhanirajapaksharajapasha7811
    @dilhanirajapaksharajapasha7811 9 ปีที่แล้ว

    ඔබ වහන්සේ මම දන්නවා අපේ හමුවදුරූවනෙ ඔබවහන්සෙට බෝහොම පින්

  • @sandyad.6129
    @sandyad.6129 4 ปีที่แล้ว

    🙏🙏🙏🌸🌼🌺🙏🙏🙏

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 4 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹

  • @shiromanesirithunga5883
    @shiromanesirithunga5883 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shan.netmendis958
    @shan.netmendis958 10 ปีที่แล้ว

    Sathya awaboda wewa.........................................

  • @ruchitprasanna220
    @ruchitprasanna220 9 ปีที่แล้ว +3

    siri samantabadra himi monawa karat hari mokada un wahanse awaboda karapu uttamayek nisa

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 10 ปีที่แล้ว

    Sampath ඔබේ පංචේන්ද්‍රියන් නිසා “සිත්” ඇතිවී මනසේ සටහන්වීම නොවැලැක්විය හැකි කාරණයකි. පංච උපාදාන ස්කන්ධ සහ සතර මහා භූත ක්‍රියාවලිය නිසා “සිත්” ඇතිවී මනසේ සටහන් වේ. සතර මහා භූත ක්‍රියාවෙන් “සිතක්” සංස්කරණය වුවහොත් මනසේ සටහන්වීම වැළැක්වීමට, ප්‍රමාදකිරීමට හෝ මකාදැමීම කලනොහැක. නිරායාසයෙන් අනවරථව සිදුවේ. උපන් “ක්‍ෂණයේ” සිට මියයන “ක්‍ෂණය” දක්වා මෙසේ සිදුවේ. සිතදෙස බැලීම හෝ වෙනයම්වූ ඔබට කළහැකි කිසිවක් නොමැත. ගණනය කළනොහැකි තරම් කුඩාකාලයක් ගතවන “අකාලික” සිදුවීමකි. දීර්ඝ ලෙස විස්තර කලත් ක්‍ෂණයක් තුලදීවන මෙම ක්‍රියාවලිය “භවයක්” ලෙස සැලකේ. බාහිර රුප්පනයක් නිසා මනසේ ඇතිවන පෙරලිය “රූපලෝක” ලෙස හැදින්වේ.මෙහිදී සිදුවන්නේ බාහිර නිමිති, රුප්පන හෙවත් “රූප” නිසා උපදින “සිත්” වලින් මනස කිලිටිවීම හෙවත් “සංඛාර” වලින් ප්‍රභාශ්වරවූ මනස (සිත) ක්‍රමක්ක්‍රමයෙන් පීරීයාමයි. නමුත් ඔබට කලහැකි කිසිවක් නැත. ස්වභාව ධර්මයෙන් ඔබට ලැබීඇති “ක්‍ෂණය” මත පදනම්වූ ක්‍රියාවලියක් නිසා කිසිවක් කලනොහැක.
    කොතරම් “සිත්” ඇතිවී මනසේ සටහන් වුවත් ඉන්සිදුවන හානියක් නැත. අනන්තවූ “සිත්” ඉපදී සටහන්වීමට මනස ඉඩ ඇත. රහතන්වහන්සේලා ඇතුළු මිහිතලය මත සියලු මනුෂ්‍යයින්ගේ බඹයක් පමණවූ ශරීරය තුල මෙයසිදුවේ. කිසිදු හානියක් නැත.
    සිතක් ඉපදී මනසේ සටහන්වීමේ ක්‍රියාවලිය “භවයක්” සේ ගැනුනත් මනස තුල ඉන්පසු සිදුවන ක්‍රියාවලි අවිනිශ්චිතය පීඩාකාරී වියහැක. මනසේ ඇති “සංඛාරයක්” එනම් සිතිවිල්ලක් නැවත ඉපදීම “පුනර්භවයක්” ලෙස සැලකේ. “බාහිර රුප්පනයක් එනම් “රූප” නිසා නොව මනස තුලින් සිදුවන මෙම ක්‍රියාව “අරූපලෝක” ලෙස ගැනේ.
    සිතිවිල්ලක් නැවත ඉපදීම “පුනර්භවය” රූපලෝක සහ අරූපලෝක යනදෙකම නිසා සිදුවිය හැක.
    ඔබේ ප්‍රශ්නය “රූපලෝක” හෝ “අරූපලෝක” නිසා සිත විපිළිසර නොවී තබාගැනීමට කුමක් කලයුතුද යන්නයි. අවස්ථා දෙකෙහිදීම “සිතිවිල්ලක්” නැවත උපදී.
    “සිත්” මනසේ සටහන් වන්නේ දුබල,මධ්‍යම හෝ ප්‍රභල “මාන”හෙවත් මිමි ලෙසය.දුබල සටහනක් නිසා නිරායාසයෙන් “සිතිවිල්ලක්” ඉපදීම බොහෝදුරට සිදුනොවේ.මතකය අවදි කිරීම නිසා සිතිවිල්ලක් හටගනී සිත විපිළිසර නොවේ. මධ්‍යම ප්‍රමාණයේ “මාන” නිසා සිතිවිලි ඇතිවුවත් සිත විපිළිසර නොවේ. ප්‍රභල “මාන” මනසේ සටහන් වන්නේ තදබල ආශාව,තදබල කැමැත්ත, කාමය එනම් තදබල “තණ්හාව” නිසයි. එබැවින් ප්‍රභල “මාන” නිසා ඇතිවන සිතිවිලි පීඩාකාරී විය හැක. එනිසා දරාගත නොහැකිසේ සිත “විපිළිසර” වියහැක.
    බුදුරජානන්වහන්සේ දේශනා කලේ “තණ්හානං ඛය මජ්ජගා” යනුවෙනි. මධ්‍යම ප්‍රමාණයට වනසේ තණ්හාව ක්‍ෂය කලයුතුය. එනම් “මධ්‍යම ප්‍රතිපදාවයි”. කිසිදිනක තණ්හාව නැතිකළ නොහැක. කැමැත්ත, කාමය, ආශාව හෙවත් තණ්හාව ස්වභාව ධර්මයෙන් ජීවීන්ට ලැබීඇති දායාදවේ. ඔබ කළ යුත්තේ සිතින් කිසිවකට තදින් ඇලීම් හෝ බැඳීම් ඇතිකර නොගෙන සිටීමයි. එවිට ඔබේ සිතතුල ප්‍රභල “මාන” හෙවත් සටහන් ඇතිනොවේ. එනිසා අතිධාවන කාරී “පුනර්භව” සිතිවිලි ඉපදී ඔබේ සිත විපිලිසරවිම හෙවත් වික්‍ෂිප්ත වීම සිදුනොවේ. ඇලීම හෝ බැඳීම ක්‍රමක්ක්‍රමයෙන් අඩුකර ගත යුත්තකි. එනම් “භාවිතෝ බහුලිකතෝ” යනුවෙන් දේශනා කරඇත.
    සිත විපිලිසරවන ආකාරය හඳුනාගෙන සිත විපිළිසර නොවීමට කලයුතු දේ ගැන අවබෝධ කරගැනීම යනු “නිවන් දැකීමයි”. නිවනදුටු එනම් නිවන්දැකීමේ මග දුටු පුද්ගලයා සොවන්වුවකු සේ සැලකේ. සෝවාන්වූ පමණින් නිවන නොලැබේ. සෝවාන්වූ අයෙකුට කිසිම උත්සාහයක් නොගෙන විපිලිසරවන මනසකින් යුතුවද ජිවත්විය හැක. කුක්කුටමිත්ත මස් වැද්දාගේ බිරිඳ , මත්පැන් වලට ඇබ්බැහිව සිටි සරකානි, විශාකාව වැනි අයගේ ජීවිත ගැන සිතන්න. ඔවුන් සෝවාන්වූ අය වෙති. බාහිර බලපෑම් වලින් සොවන්මගට බාධාවක් සිදුනොවේ.
    ඔබට සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් නිවීමෙන් සැනසීමෙන් ජිවත්විය හැක. භෞතිකවූ කිසිවක් අත්හැරීම, අනිත්‍යයයි සිතීම හෝ පිළිකුල් කීරීම කලයුතු නැත. සාමාන්‍ය ජිවිතයක් ගතකරමින් කාලයක් පුරුදු කිරීමෙන් ඔබටද විශාකාව මෙන් නිවුණු සැනසුණු ජිවිතයක් ගතකල හැක. ඔබ සතු සුඛෝපභෝගී සම්පත් ඔබට බාධාවක් නොවනු ඇත. සුඛෝපභෝගී සම්පත් වලින් පීඩා විඳින්නේ නිවන අවබෝධ නොකළ පුද්ගලයාය.
    ඔබ නිවන අවබෝධ කලහොත් කෑමබීම ඇඳුම් පැළඳුම් ඉඳුම් හිටුම් කිසිවක් සමග ඇලීමක් හෝ ගැටීමක් නොමැතිව නිවුණු ජීවිතයක් ගතකල හැක. රස හෝ නීරස නිසා සිත විපිළිසර නොවේ.

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 10 ปีที่แล้ว

    බුද්ධාගමේ "සත්ව" යන වචනය වැරදියට ව්ග්‍රහ කිරීම නිසා බුදුදහම උඩුයටිකුරු වී ඇත. සිත් සහ සිතිවිලි ඇතිවීම පටිච්චසමුප්පාදය ලෙස ගැනේ. මෙහි "සිත්" ඇතිවීමේ සහ මනසේ සටහන් වීමේ ක්‍රියාව සිදුවන්නේ පංචුපාදාන සහ සතර මහා භූත ක්‍රියාව නිසයි. සතර මහා භූත ක්‍රියාව අනුව "සිත්" සංස්කරණය වී "මාන" සකස්වුවහොත් නිතැතින්ම අනිවාර්යයෙන්ම "මනසේ" සටහන්වීම සිදුවේ. ක්‍ෂණයකින් සිදුවන මෙම සටහන්වීම නැවැත්වීම , ප්‍රමාද කිරීම හෝ මකාදැමීම කලනොහැක. එනිසා සකස්වූ සිත් මනසේ බැඳීම, ඇලීම,සටහන්වීම "සත්ව" "සත්වයෝ" "සියලු සත්වයෝ" ලෙස ගැනෙන්නේ . මෙම "සිත්" සඳහාම භාවිතාවන "සත්ව" යන වචනය "ජීවින්" සඳහා භාවිතා කර "සිත්" ඉපදී මනසේ සටහන් වීම "ජීවීන්ගේ" ඉපදීම ලෙසත් "සිතිවිලි" නැවත ඉපදීම හෙවත් "පුනර්භවය" ජීවීන්ගේ නැවත ඉපදීම ලෙස ගෙන බුදුදහම නොමග යවා ඇත. එනිසා කිසිවෙකුටත් "නිවන" අවබෝධ කල නොහැකිවී ඇත. කිසිවෙකු නිවන අවබෝධ කල යුත්තේ එදා සිදුහත් තවුසා,සුනීත සෝපාක,අංගුලිමාල,දාරුචීරිය අවබෝධ කල ආකාරයට මිස අන් කෙටිවූ හෝ දීර්ඝවූ මාර්ග නැත .නිවන අතිශය සරලවූ දර්ශණයකි.

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 10 ปีที่แล้ว

    සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ හරි බුද්ධාගම දන්නා බවත් නිවන්දකින සුන්දර ප්‍රතිපදාව දන්නා බවත් ඒ සියුම්වූ නිවන දන්නා එකම පුද්ගලයා ඔබවහන්සේ බව පවසයි. සියලු දේ අතහැර ඔබවහන්සේ ලඟට පැමිණෙන අයට ටිකෙන්ටික නිවන්මගට පිවිසෙන ආකාරය පෙන්විය හැකි බව පවසයි.ඔබ වහන්සේද ටිකක් වෙනස් බුද්ධාගමක් දන්නා තවත් භික්ෂුවක් පමණි. ඔබවහන්සේ නිවැරදි බුද්ධ දර්ශණය නොදනී.බුදුදහම තුල ටිකෙන්ටික කරන කිසිම ප්‍රතිපදාවක් හෝ ශිලවෘත කිසිවක් නැත. ශිලවෘත ප්‍රතිපදා නිවන ආවරණය කරයි. නිවන්දැකීමට හෝ සොවන්මගට පිවිසීමට කල්ගතවන්නේ නැත. බුදුදහම "අකාලික" "ඒහිපස්සික" දහමකි. රහතන්වහන්සේ නමකට එක දේශනාවකින් නිවන්දකින ආකාරය පෙන්වාදිය හැක. ඉපදීම,දුක,වේදනාව,මරණය සහ ප්‍රේතයින් ගැනද ජීවිතය දුකමත පවතින බවද ඔබවවහන්සේ පවසයි. එයද සම්ප්‍රදායික බුද්ධාගම මිස බුද්ධදර්ශනය නොවේ. ඔබවහන්සේ විසින් කරන දේශනා තුල බුද්ධදර්ශනය අංශුමාත්‍රයක් නැත. ඔබවහන්සේ දේශනා කරන "සර්ව ශුභවාදී ප්‍රතිපදාව" තවත් සම්ප්‍රදායක් පමණි. කිසිවෙකුට නිවන්දැකිය නොහැක.

    • @sampathmalaka
      @sampathmalaka 10 ปีที่แล้ว +2

      අබේවර්ධන මහතාණෙනි,
      සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේගේ දේශනා තුල බුද්ධදර්ශනය අංශුමාත්‍රයක් හෝ නොමැති බව ඔබතුමා පවසයී. එසේනම් බුද්ධදර්ශනය පිළිබඳ ඔබතුමා නිවැරදිව දන්නවා විය යුතුය. නැතහොත් නිවැරදි බුද්ධදර්ශනය දේශනාකරන ස්වාමීන් වහන්සේ නමකගේ/පුද්ගලයකුගේ විස්තරයක් ඔබතුමා දන්නවා විය යුතුය. කරුණාකර එවැනි දේශනා අපහටද අසා දැනගතහැකි ස්ථානයක් හෝ අන්තර්ජාල ලිපිනයක් සපයන්න.
      නැතහොත් ඔබතුමාගේ මෙම කොමෙන්ටුවද උන්වහන්සේ අරභයා ලියවුණු තවත් එක් සම්ප්‍රදායික කොමෙන්ටුවක් පමණක්ම වනු ඇත.

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 10 ปีที่แล้ว

    පොදුවේ සියල්ලන්ගේම දැනගැනීම සඳහා ලියමි. කිසියම් දේශකයකු දිව්‍යලෝක, බ්‍රහ්මලෝක, ප්‍රේතලෝක ගැන සාකච්ඡා කරයිනම් එය බුදුදහම නොවේ. ආනාපානසතිය ,සමත භාවනාව, විදර්ශණා භාවනාව හෝ විදර්ශනාව , අනිත්‍ය හෝ පිළිකුල් භාවනාව ගැන දේශනා කරයිනම් එය බුදුදහම නොවේ. මම මෙසේ ප්‍රකාශ කිරීමෙන් සියලු දෙනාම කලබලවිය හැක. නමුත් සත්‍ය වසන්කලයුතු නැත. ආර්ය අෂ්ඨාංගික මාර්ගය හෝ චතුරාර්‍ය සත්‍යය බුද්ධාගම මිස බුදුදහමට අයිති ඉගැන්වීම් නොවේ. එසේ විනම් මෙතරම් බුද්ධිමත් මනුෂ්‍යයින් සිටින සිටින මේ සමාජයේ කිසිවකු හෝ නිවන අවබෝධ කලයුතුයි.
    කුඩාකල සිටම නොපෙනෙන දිව්‍යලෝක, බ්‍රහ්මලෝක සහ ප්‍රේතලෝක ගැන දේශනා අසා විහාරස්ථාන වලදී අඳින ලද අඹන ලද පින්තූර සහ පිළිම දැක සිල්ගන්නා භාවනාකරන බුද්ධාගම අදහන විශ්වාසකරන බෞද්ධයන් හට එම රාමුවෙන් මිදිය නොහැක. සියලු ආගම් ප්‍රතික්‍ෂේප කල බුදුරජානන්වහන්සේ නමින් ආගමක් පවත්වාගෙන යාම බුද්ධදර්ශනය විකෘති කිරීමකි. බුද්ධ දර්ශණය අකලිකවූ එහිපස්සිකවූ දහමකි. නිවන අවබෝධ කිරීමට , නිවන්දැකීමට හෝ අත්විඳීමට කල්ගත නොවේ.

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 10 ปีที่แล้ว

    සම්පත් මහතාණෙනි, ඔබ තවත් එක ප්‍රශ්නයක් අසා ඇත. එනම් “තදින් ඇලීම සහ බැඳීම” නැතිකළ හැක්කේ කෙසේද යන්නයි. ඇතිවන “සිතක්” සතර මහා භූත ක්‍රියාවලිය නිසා “සංස්කරණය” වුවහොත් නිරායාසයෙන් “මනසේ” සටහන්වීම නතර කිරීම හෝ පාලනය කිරීමට නොහැක. එම සටහන “ප්‍රභල මානයක්”, සංඛාරයක් හෙවත් ක්ලේශයක් නම් එනිසා ඇතිවන “සිතිවිල්ල” එනම් “පුනර්භවය” නිසා ඔබේ සිත වික්‍ෂිප්ත වියහැක. එවිට ඔබ වික්‍ෂිප්ත වූයේ මක්නිසාදැයි බැලියහැක. එය “යෝනිසෝමනසිකාරය” හෙවත් සිතිවිල්ල ඉපදුනු ආකාරය බැලීමයි. එවිට ඔබ වික්‍ෂිප්ත වූයේ මනසේ තිබූ සටහන ප්‍රභල නිසාබව වැටහේ. එම වර්ගයේ දෙවැනි සිතිවිල්ලෙන්ද ඔබ වික්‍ෂිප්ත වීමට ඉඩඇත. එවිට දෙවරක් බැටකෑම නිසා “සිතිවිල්ලේ මිම්ම හෙවත් “මානය” අඩුකරගැනීමට පෙළඹෙනු ඇත. නිවනදැක සෝවාන්වූ අයෙකු සිතිවිල්ලක් නිසා සිතේ වික්‍ෂිප්ත වීම අට වාරයක් යාමට ප්‍රථම නතරකර ගනී. එනම් “නථේ භවං අට්ඨමං අදියන්ති” ලෙස. තවද “භාවිතෝ බහුලිකතෝ” එනම් භාවිතාව සහ විර්යය අවශ්‍යය. සෝවාන් නොවූ පුද්ගලයාට අවබෝධයක් නොමැති කමින් මෙය කල නොහැක. සෝවාන්වූ පමණින් විර්යය නොමැතිනම් අඩු “මාන” දැරීමට හුරුකරන තුරු සිත වික්ෂිප්තවේ.නිවන අහිමිවේ.

  • @rasika6795
    @rasika6795 6 ปีที่แล้ว

    මහ තඩි පුටුවක ඉඳගෙන, කටින් විතරක් බතල හිටුවනවා, ඔටුන්නකුත් දා ගනින්

  • @nelsonyogendran1532
    @nelsonyogendran1532 9 ปีที่แล้ว

    අබේවර්ධන මහතාණෙනි,
    අනේ මහත්තයො උඹත් අහුලන් පණ්ඩිත කථා කියන්වා.. අවබෝධ කරන් වගේ..හැමෝටම එක ලෙස අවබෝධ වෙන් නෑනේ..සමන්ත භද්‍ර හාමුඩුරුවො කියන්නෙත් ඔය ටිකමනෙ, රජ වාසලෙ උන්නත් පැල්පතෙ උන්නත් සිතට වෙනසක් දැනෙන් නැත්නම් ඇලීමක් නෑ..ඉපදීමට කාම වස්තු රැස් කිරීමට ආසාවක් ඇත්තේනම් කෙතරම් සිල් රැක්කත් පලක් නැත..

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 10 ปีที่แล้ว

    sampath ,
    ඔබේ ඊළඟ පැනයට පිළිතුරු. මා දන්නා තරමින් අද බුද්ධදර්ශනය පිලිබඳ දේශනා කරණ කිසිම දේශකයකු ගැන දන්නේ නැත. සියලුදෙනා දේශනා කරන්නේ හින්දුආගම, ජෛනආගම සහ වෙනත් ආගම් වලින් පෝෂණය වූ බුද්ධාගමයි. සියලු ආගම් ප්‍රතික්‍ෂේප කල බුදුන්වහන්සේ දේශනා කලේ දර්ශණයකි. එනම් නිරන්තර විපිලිසරවන වන “සිත නිවීම” හෙවත් “නිවනයි. එය අකාලික ඒහිපස්සික දහමකි.
    මා විසින් පැහැදිලි කරන එම දර්ශණය හේතුඵල න්‍යායට එකඟවේදැයි විමසා තේරුම් ගන්න. කිහිප වාරයක් කියවන්න.
    ඔබේ අවසාන පැනයට පිළිතුරු, මම කිසිවකු සමග විවාදයට ගියේ නැත. නිවැරදි බුදුදහම හෙළිකරනු වස් අවශ්‍යනම් එයද කලහැක. අන්තර්ජාල යේ නින්ද, තද නින්ද ගැන කියන ගාල්ලේ සිරිවර්ධන මහතාටත් , නිවන ගැන දන්නා විශ්වයේ සිටින එකම පුද්ගලයා ඔහු යයි කියන සමන්තභද්‍ර හිමියන්ටත්, දිව්‍ය මීහරක් රංචු ගැන කියන මනස විකෘතිවූ රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේටත්, වල්පොල ගෝතම ස්වාමින්වහන්සේ හටත්, කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින්වහන්සේගේ “මෛත්‍රී භාවනාව” පිලිබඳ දේශනයටත්, බුදුදහමට ඉතා ආසන්න දේශනාවක් කරන නක්කාවත්ත හිමියන් හටත් මවිසින් විවේචන සපයා ඇත. මේ සියල්ල කලේ ප්‍රසිද්ධ වීමට නොවේ. “නිවනට” අදාල දේශනායයි කියමින් සිරිවර්ධන මහතා සහ මෙම ස්වාමින්වහන්සේලා කරන දේශනා කිසිදිනෙක “නිවන” අවබෝධ කිරීමට ප්‍රමාණවත් නොවන බව පෙන්වාදීම පිණිසයි.

    • @sampathmalaka
      @sampathmalaka 10 ปีที่แล้ว

      අබේවර්ධන මහතාණෙනි,
      ලබා දී අැති දීර්ඝ විස්කරයට හා පිළිතුරට ඉතා ස්තුතියි.
      ඔබතුමා දක්වා ඇති ආකාරයට සිතින් කිසිවකට තදින් ඇලීම් හෝ බැඳීම් ඇතිකර නොගෙන සිටීම තුළින් සිත නිවා සනසා ගැනීම සිදු කල යුතුය යන්න අප ප්‍රායෝගිකව අත්දැක ඇති සත්‍යතාවකි. මේ සඳහා සිදුකළ යුතු ප්‍රායෝගික ක්‍රියාවලිය ඔබතුමා දක්වා නොමැත.
      අප අත්දැක ඇති අයුරින් එවැනි ප්‍රායෝගික දහමක් දේශනා කරනා එකම ස්වාමීන් වහන්සේ සිරි සමන්තභද්‍ර හිමියන් පමණි. මේතාක් කිසිවකු එය වැරදියයි සහේතුකව උන්වන්සේ අභිමුව පෙන්වා දී නැත. සියල්ලෝම සිදු කරනුයේ විවේචන අන්තර්ජාලයට හෝ ලිපි වලට පමණක් සීමා කිරීම පමණි.
      විවේචන සපයා තිබුණද (ඒවායේ අන්තර්ජාල දිගුවන් ලබාදෙන්න) ඔබතුමා සිරි සමන්තභද්‍ර හිමියන් හමුවී සාකච්ඡාකොටවත් නොමැති බව පෙනී යයි. තවද උන්වහන්සේ දේශනා කරන මාර්ගය “නිවන” අවබෝධ කිරීමට ප්‍රමාණවත් නොවන බව ඔබතුමා පවසයි නම්, එම කියන සැබෑ නිවන්මඟ ප්‍රායෝගිකව අත්දකින අයුරු ඔබතුමා නිවැරදිව දැන සිටිය යුතුය. නිවැරදි බුදුදහම හෙළිකිරීම සඳහා දැන් ඔබතුමා කළ යුත්තේ උන්වහන්සේ සමඟ ඍජු සාකච්ඡාවකට සහභාගී වීමයි. උන්වහන්සේ දේශනා කරනු ලබන මාර්ග‍ය සහේතුකව වැරදියයි පෙන්වා දීමට හැකිනම්, උන්වහන්සේ නොව ඔබතුමා නිවැරදි මාර්ගය දන්නා බව අපහටද පිළිගැන්මට සිදුවනු ඇත.
      කරුණාකර නිවැරදි බුදුදහම හෙළිකරනු වස් එසේ කරන මෙන් අවසාන වශයෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබතුමා හා උන්වහන්සේ අතර සිදුවන ධර්ම සාකච්ඡාවේ පිටපතක් (Audio/Video) අපහටද ලබාදෙන මෙන් තවදුරටත් ඉල්ලා සිටිමි.
      ස්තුතියි,
      තෙරුවන් සරණයි!

  • @isharamadushanka289
    @isharamadushanka289 3 ปีที่แล้ว

    🙏🙏🙏