Gayan Chanuka Vidanapathirana ගයාන් චානුක විදානපතිරණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 23

  • @pradeepsenaratne1367
    @pradeepsenaratne1367 8 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය.....!සාදු!!...සාදු!! ...සාදු!!...

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +1

    Namo buddaya...

  • @gvithanagejn
    @gvithanagejn 9 ปีที่แล้ว +7

    oba thumagana apita adambarai...obata boho pin

  • @gaminigamage696
    @gaminigamage696 5 ปีที่แล้ว

    Sadhu sadu sadu !!!!!!!!!!!!!!!!.

  • @dammawimalathero224
    @dammawimalathero224 ปีที่แล้ว

    Methuma sambanda karaganne komada

  • @dulajsrimal8969
    @dulajsrimal8969 6 ปีที่แล้ว

    Sadu......budusarani

  • @vimaljayaveera3717
    @vimaljayaveera3717 9 ปีที่แล้ว +3

    sadu,, sadu,,, sadu ///

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 6 ปีที่แล้ว +2

    oba thumata theruwan saranahi;

  • @asankapriyarajmethmalpipid8213
    @asankapriyarajmethmalpipid8213 7 ปีที่แล้ว +1

    SRI LANGKAWA DHARMATH DHIPAYAK WEVA

  • @priyankamaddumage3136
    @priyankamaddumage3136 8 ปีที่แล้ว +3

    baddeya therun gena liyapu potha godak wdagath obata pin

  • @OAnura-y1k
    @OAnura-y1k ปีที่แล้ว

    ❤❤❤❤❤❤.oa.anura..matara.

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 8 ปีที่แล้ว +2

    Good

  • @amicorrectn.wickramathilak8437
    @amicorrectn.wickramathilak8437 9 ปีที่แล้ว

    නමෝ බුද්ධාය.... .Ravanas1
    මේ දිනයන්හි විවිදාකාර පුද්ගලයන් විසින් බුදු සසුන ගැනත්, රාවන රජතුමා ගැනත් 2017 දී අලුතෙන් ආරම්භ වන නව ලෝක පාලන ක්‍රමවේදයක් ගැනත් විවිද තැන් වලින් අසන්නට ඇත. සමහරු පැරණි සෙල් ලිපියක තිබුණු බවත් සමහරු පුස්කොල පොතක තිබුණු බවත් තව සමහරු රන් හා තඹ පොත්වල තිබුණු බව පවසමින් විවිදාකාර මත ඉදිරිපත් කර තිබේ.
    ඔවුන්ගෙන් බොහෝ අය පවසන ආකාරයට රාවන රජතුමා හෝ ඔහුගේ පුත් ඉන්ද්‍රජිත් නොහොත් මෙගනාද්‍ හෝ රාවන රජතුමාගේ අසුර සේනාව යලි පැමිණ ශ්‍රී ලංකාවත් මුළු ලෝකයත් පාලනය කරන බවත්ය. ඔවුන් පෙර ශ්‍රී ලංකාව පාලනය කරන සමයේ නිදන් කර තිබෙන රාවන පුත් ඉන්ද්‍රජිත්ගේ මහා බල ඇති අසිපත, අතීත වර්තමාන අනාගත තුන්කල් බැලියහැකි තෙල් බඳුන,මහා බල ඇති අබරණ නැවත ගොඩ ගන්නා බව පැවසේ. 2012 සිට මෙයට අවශ්‍ය පසුබිම සැකසු බවත් 2015 - 2017 අතර කාලය තුල ඔවුන් බලය ස්ථාපිත කර ලෝකය ඔවුන්ගේ යටතට ගන්නා බවත් පැවසේ.
    නියම පිරිසිඳු බුදු දහම ලෝකයේ දැනට නැති බවත් ඔවුන් පැමිණ නියම බුදුදහම ලෝකයේ ස්ථාපිත කරන බවත් ශ්‍රී ලංකාව යලි ලෝකයේ ඇති විශිෂ්ටම රට බවට පත් කරන බවත් කියවේ. පෙර සිට ශ්‍රී ලංකාවට කෙනෙහෙලිකම් පෑව රටවලට විශේෂයෙන් ඉන්දියාවට පාඩමක් උගන්නනබවද කියවේ. රාවනගේ අසුර හමුදාව බොහෝ බලවත් බවත්, ඔවුන් සතු විශේෂවූ එර්දි හැකියාවන් තුලින් අහසින් යාම, අත දික් කර සතුරන්ට බලයක් යවා සතුරන් විනාශ කිරීම, නොපෙනී යාම, නොයෙකුත් දේ මවා පෙන්නවීම, පිට සක්වල ජීවින් සමග සම්බන්දවී කටයුතු කිරීම, ඔවුන්ගෙන් දැනුම ලබාගැනීම, පිරමිඩ තැනීම, විශ්ව ශක්තිය පාලනය කිරීම, අවුරුදු දහස් ගණනක් නොමැරී ජිවත් වීමට ඖෂද නිර්මාණය කිරීම, දැනට පවතින ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලන ක්‍රමය වෙනස් කර රජ කෙනෙකු පත් කිරීම ඔවුන්ගේ ප්‍රදානම කාර්යන් බව කියවේ.
    මොවුන්ගෙන් වැඩි දෙනෙක් ගුප්ත බලය හා විශ්ව බලය යොදවා ලංකාවේ රාජ්‍ය බලය ලබා ගැනීමට දැඩි උත්සාහයක සිටී. 2017ට පෙර සිංහල මුස්ලිම් දමිල ජනතාව අතර ගැටුම්කාරී තත්වයක් ඇතිවී එකිනෙකා මරා ගන්නා යුද්දයක් ඇති වී ආණ්ඩුවටද එය මැඩ පැවත්තිය නොහැකි මට්ටමකට පැමිණී විට රාවනා රජතුමාගේ පිරිස් ඉදිරියට පැමිණ යුද්දය මැඩ පවත්වා ඔවුන් රට පාලනය කරන බවද කියවේ. මුළු ලෝකයේම ඉදිරියේදී ඇතිවන ප්‍රශ්නවලට මුහුණදීමට සාමාන්‍ය මිනිසුන්ට බැරි බවත් ඒ හේතු කොටගෙන රාවන රජතුමාට සම්බන්ද පිරිස් නැවත ලෝකය පාලනයට පිවිසෙන බවත් කියවේ. ඉතින් මොවුන්ගේ මානව හිතවාදී කම කොතෙකුද කියනවනම්, ධර්මයට හිතවත් බව කොතෙකුද කියනවනම් දිනපතා මොවුන් බල බල ඉන්නේ ශ්‍රී ලංකාවේ නැවත යුද්දයක් ඇතිවෙනකන්ය. සත්‍ය වශයෙන් ආගමට දහමට හා ලංකාවට ආදරයක් තිබේනම් තමන්ගේ මව් රටට මෙවනිවූ විපතක් වනතෙක් නිහඩව බලා සිටියද? මොවුන් ධර්ම විරෝදී පිරිසක් පමණක් නොව ශ්‍රී ලංකාවේ කීර්තිමත් පාලකයෙකු වූ රාවන රජතුමාගේ නාමයට පවා නිගරු කරන පිරිසකි.
    තව පිරිසක් කියනුයේ රාවන රජතුමාගේ අසුර සේනාව විසින් මිනිසුන්ගේ ශරීරයට ආරුඩ වී මිනිසුන් වෙනස් කරන බවය. තවත් පිරිසක් බුදුන්වහන්සේ ඉපදුනේ ලංකාවේය, බුදු වුනේ ලංකාවේය, වැඩසිටියේ ලංකාවේය, පිරිනිවන් පැවේ ලංකාවේය කියමින් සිටී. නිවනද බුදුන්ටත් කලින් අවබෝධ කරනු ලැබුවේ රාවන රජතුමා විසින් බව කියවේ.
    මෙවනිවූ විවිද හීන අදහස් වලට උතර දීමට යාමත් කාලය කා දැමීමකි. නමුත් ඔවුන් ඇතුළු අප සියලු දෙනාගේ හිත සුව පිණිස යමක් පැවසීම සුදුසු බව සිතුනු බැවින් මෙසේ කීමට සහ ලිවීමට සිතුනි. මා දන්නා තරම් ධර්මානුකූලවත් හැකිතාක් කෙටියෙනුත් මෙම ලිපිය සකස් කිරීමට උත්සහ ගනිමි. මාගේ ලිපියේ වැරදි ධර්ම කාරණා ඇත්නම් හැකිතාක් ඉක්මනින් මා නිවැරදි කරනමෙන් දර්මධර විනයධර ත්‍රිපිටකධර භික්ෂූන් වහන්සේලාගෙන් අති ගෞරවයෙන් වැඳ නමස්කාර කර ඉල්ලා සිටිමි. ඉතාමත් හිතාදරව කල්‍යාන මිත්රයන්ගෙන්ද ඉල්ලා සිටිමි.
    අප සියලුදෙනා ශ්‍රී ලාංකිකයෝය. අප නිසඝයෙන්ම දැඩි ජාතික ආලයක් ඇති පිරිසකි. ශ්‍රී ලංකාව අපගේ එකම මාතෘ භුමිය වේ. බුදුන් වහන්සේගේ පිරිසිඳු ශ්‍රී සද්ධර්මය පවතින්නේද ලංකාව තුලය. බුදුන්වහන්සේ අපේම කෙනෙකි එයට හේතුව අප බුදුන්වහන්සේ සරණ යන නිසා වෙනි. නොමැතිව බුදුන්වහන්සේ ලංකාවේ හෝ පැරණි ඉන්දියාවේ හෝ නැතිනම් වෙනරටක ඉපදුන නිසා නොවේ. බුදුන්වහන්සේ ඉපදුන රට ගැන හා ධර්මය ගැන නව මත සහ විකුර්ති අදහස් පල කරන්නේ බුදු දහම ගැන උනන්දුවන අය නොව වෙනයම් ශක්තීන් පසු පස හඹා යන පිරිස්ය.
    නයෙකු දෂ්ට කල මිනිසෙකු එයට ප්‍රතිකර්මයක් නොකර එම නයා ආවේ කොහෙ සිටද, කුමක් නිසා ආවේද , කුමක් නිසා දෂ්ට කලේද යන්න සොයා සිටීමෙන් සිදුවන්නේ අවාසනාවන්ත ලෙස මරණයට පත්වීමයි. බුදුන් වහන්සේ වැඩසිටියේ ලංකාවේ නොවන බවට ඕන තරම් හේතු ගෙනහැර දක්වන්න හැකියාව ඇත. නමුත් ඒ කිසිවක් නිවනට හේතුකාරක නොවේ. එබැවින් අවශ්‍ය වුවහොත් පමණක් ඉදිරියේදී එයට හේතු දක්වන්නට බලාපොරොත්තු වෙමි.
    බුදුන් වහන්සේ අරාබියේ ඉපදුනත් එයින් ඔබටත් අපටත් වැඩක් නැත. එය සොයමින් කාලය නාස්ති කිරීම නයා දෂ්ට කල මෝඩයාට සමානය. බුදුරදුන් ලංකාවේ සිටි ස්ථානයක් යැයි සලකා යම් කෙනෙක් ගෞරවයෙන් ජීවමාන බුදුන් වඳිනා ලෙසින් වන්දනාමාන කරයිනම් එය වැරදි ස්ථානයක් වුවත් ඔහුට එයින් පිනක් මිස පවක් සිදුනොවේ. දඹදිව යනු වර්තමාන ඉන්දියාව මෙන් කිහිපගුනයක් විශාල වූ රාජ්යයයකි. එය යුරෝපය දක්වා පැතිරීගිය අධිරාජ්යවයකි. ඉන්දියාව යනු වර්තමානයේ එයින් ඉතිරිව ඇති කුඩා කොටසක් පමණි. එබැවින් ඉන්දියාව හා දඹදිව එකක් යයි කීම අසාධාරණය.
    තවද ජම්බුද්වීපය යනු යම්කිසි ලෝක දාතුවක බුදුවරයෙක් ඉපදුන ප්‍රදේශයට ප්‍රකාශකරන පොදු නමකි. මීට පෙර සහ මින් මතුවට බුදුවන බුදුන් උපදින
    ප්‍රදේශද දඹදිවම වේ. බෝධිසත්වයන් වහන්සේ අති විශාල ආත්ම සංඛ්යාමවක් පෙරුම් පිරුවේ දඹදිව පමණක් නොව වෙනත් අනන්ත වූ රාජ්යනයන් හා අනන්ත වූ වෙනත් ලෝක තුලය. නමුත් වැඩි වශයෙන් මනුෂය භව වලදී ඉපදී ඇත්තේ ඉන්දියාව ආශ්‍රිතවය . බෝධිසත්වයන් වහන්සේලා ඉපෙදෙන ස්ථානය තීරණ කරනු ලබන්නේ නම් එසේ කරනු ලබන්නේ තමන් සමග ජීවත්වූ හෝ ජීවත්වන පිරිසක් යහ මගට ගැනීම තකා හෝ ධර්මය පවතින ස්ථාන වල මිස විශ්ව ශක්තිය හෝ වෙනයම් බලවේග පවතින ප්‍රදේශ නිසා නොවේ. පාරමිතාවන් සම්පූර්ණ කිරීමට සුදුසු ස්ථානවල උපත්තිය ලබයි.
    ඇතැමුන් විශ්ව බලය ගැන බොහෝ කතා කරනු ඇත. විශ්ව බලයෙන් ලෙඩ සුව කිරීමටත් වෙනත් දේ කිරීමටත් හැකි බව පැවසේ. තවද බුදුන් වහන්සේ විශ්ව බලය කැඳවා නොයෙකුත් දැ කර ඇතිබව පැවසේ (උ . දා - විසාලා මහනුවර තුන් බිය දුරු කිරීම ) බුදුන් වහන්සේ විසාලා මහනුවර තුන් බිය නැති කරපු ආකාරයවත් ගැන වැටහීමක් නැති පුද්ගලයන්ගේ මනසේ මට්ටම ගැන අප ඉතාමත් කණගාටුවට පත් වෙමු . මන්ද ඔවුන්ද අපගේ මාතෘ භුමියේ නොමග ගිය අපේම දරුවන් වන බැවිනි.
    බුදුන්වහන්සේ තුරුනුවන්ගේ ගුණ මෙනෙහි කර සත්‍යක් ක්‍රියාවක් කලා මිස තුන් බිය නැති කිරීමට කිසිඳු පිටස්තර බලවේගයක හෝ ඔය කියන අකාරයේ විශ්ව ශක්තියක් උපයෝගී කර ගත්තේ නැත. මුළු ලෝක දාතුවම කම්පා කල හැකි චිත්ත ශක්තියක් ඇති බුදුන් වහන්සේලා වෙන කිසිම බලවේගයක පිහිට නොපතන බව අප වටහා ගත යුතුය. බොහෝ පිරිස් වරද්දාගෙන තිබෙන දේ නම් විශ්ව ශක්තිය යනු අහසේ තිබෙන්නාවූ වෙනම ආකාරයක ශක්තියක් බවය . නමුත් ඔවුන් නොදන්නා කාරනය නම් විශ්ව ශක්තිය යනු අප සැවොම ජීවත් වන්නාවූ සියලු ලෝක දාතුවල හා ඒ අතර ඇති අවකාශය තුලත් ඇති සියලු දේ විශ්ව ශක්තියම වන ඒ බවය. උදාහරණයක් වශයෙන් හොඳ නරක සියල්ලම විශ්වයට අයත් දේවල්ය. එම නිසා එම සියලු දේ විශ්ව ශක්තිය වේ. කෙටියෙන්ම කියනවානම් පංච මහා භූතයන් අතරට ඔය විශ්ව ශක්තියත් අයත්ය.
    නොදන්නා කම නිසා මොවුන් කරගන්න මහත් පාප ක්‍රියා තවත් බොහෝ තිබේ. ඉන් සමහරක්නම් - බුදුපිළිම වහන්සේලාට,චෛත්‍ය වහන්සේලාට,දාතුන් වහන්සේලාට බෝදීන් වහන්සේලාට පූජා උපහාර කර වැඩක් නැත, ප්‍රනයක් නැති, ජීව ශක්තියක් නැති බුදුපිළිම හා දතුන් වහන්සේලාට වැඳුම් පිදුම් කිරීමෙන් පලක් නැත, බෝදීය යනු ගසක් පමණකි, එයට ආහාර,පහන් ආලෝක, සුවඳ දුම්, හා වෙනත් දෑ පූජා කිරීමෙන් පලක් නැත, බෝධින් වහන්සේගේ ඇත්තේ විශ්ව ශක්තිය පමණි, බුදුන් වහන්සේ බුදුබව පතාගෙන බෝදීන් වහන්සේ ලඟට පැමිණියේ විශ්ව ශක්තිය බෝදීන් වහන්සේ හරහා ලබාගෙන බුදුවීමටය හා මෙවැනි වූ මෝහයට දරුනු ලෙස අසුවූ මේ පිරිසේ අය තමන් කරමින් සිටිනා මහත් පාප ක්‍රියාව ගැන නොදන්නා බව සැක නැත.
    බුදුන්වහන්සේ වැඩ නොසිටන තැන්හි ශ්‍රී මහා ඇසතු බෝ රුකට පූජා උපහාර දැක්වීමට අපට අනුදැන වදාලේ බුදුන්වහන්සේ විසිනි. බුදුන්වහන්සේ වෙනුවෙන් පූජා උපහාර කලත් බෝදීන් වහන්සේ වෙනුවෙන් පූජා උපහාර කලත් ඒ දෙකෙහිම ඇත්තේ එක හා සමාන පින් රැස් කිරීමකි. දාතුන් වහන්සේලා, චෛත්‍ය වහන්සේලා, බුදුපිළිම වහන්සේලා ට පූජා උපහාර කලත් එක හා සමානය. යම්කිසි කෙනෙක් ජීවමාන බුදුන්සේ සලකා මින් කුමන හෝ ස්ථානයකට පූජා උපහාර කලත් අත්වන්නේ ඉමහත් පින් බල මහිමයකි. අප්‍රමාද නොවන්න කුසල් එක්රැස් කරන්න. සාසනය විකුර්ති කරන්නන්ගේ ගැට වලට අසු නොවන්න.
    රාවන රජතුමා ගැන අපට ඇත්තේ ඉමහත් භක්තියකි. එතුමා මිය ගොස් අවූරුදු 3000 කට වැඩිය. ඉතාමත් දක්ෂ නරපතියෙකු වශයෙන් අප සාමාන්යෙන්
    ශ්‍රී ලාංකිකයන් වශයෙන් පිලිගනිමු. නමුත් නිර්වාණය මුලින්ම අවබෝධ කලේ රවන රජතුමා කීම තරම් පහත් ක්‍රියාවක් තවත් කල නොහැක. අනිත් කාරණයනම් 2017 ලංකාවේ පාලනයට හා ලෝකයේ පාලනයට රාවන රජතුමාගේ අසුර හමුදාව පැමිණෙන බවය . අසුරයන් කොටස් දෙකකි. දේව අසුර සහ ප්‍රේත අසුරයන් යනු එම කොටස් දෙකය. දේව අසුරයන් දිව්‍ය විමාන වලත් ප්‍රේත අසුරයන් ප්‍රේත ලෝකයේත් වෙසෙත්. මීට අමතරව සුර නොවෙන ඕනෑම දෙයක් අසුර විය හැක. දේව අසුර යනු දේවත්යෙන්, ක්‍රියාවෙන් පහත් ආකාරයේ ක්‍රියා කරන දේව කොටසකි. ප්‍රේත අසුරයන් යනු බොහෝ සේ දුක් විඳිනා ශක්තිය බොහෝ සේ පිරිහිණු ප්‍රේත කොටසක්ය.
    හෙළ ඉතිහාසයේ රාවන රජු අසුරයෙක්නම් මේ දෙකෙන් එක ගණයකට වැටිය යුතුය. කවදාවත් මොවුන්ට බුද්ධ සාසනයට ඔය කියන ආකාරයට උපකාර කල නොහැක. දේව අසුරයන් නිරන්තනයෙන් සක්දෙව් රජු ඇතුළු දේව ගනයාට විරුද්දව වැඩ කරන පිරිසක් බැවිනි. සක් දෙව් රජු සොවාන් පල ලැබූ දෙවි කෙනෙකි. සෝවාන් පල ලැබූ කෙනෙකුටත් ඉහලින් යාමට තැත් කරන අයගෙන් බුදු සසුනට කිනම් උපකාරයක් කල හැකිද යන්න ගැන ඔබම සිතා බලන්න.
    දේව අසුරයන්ටත් බැරි දේ ගැන ප්‍රේත අසුරයන්ගෙන් බලාපොරොතු වීමට නොහැක. කෙසේ වෙතත් පිරිසිඳු බුදු දහම තවමත් අප අතර ඇත. කල යුත්තේ නුවනින් ධර්මය සොයා තමන් තමන්ව ජය ගනීමයි. බොහෝ ධර්ම කාරනා දන්නා භික්ෂූන් වහන්සේලා ඒමට ඇත. ධර්මය විකුර්ති කරනා අයත් නැතිව නොවේ. නමුත් මීට අවුරුදු 30කට කලින් තිබුණු ධර්ම ප්‍රචාරයට වඩා බෙහෙවින් ධර්මය අසන්නට තිබෙන කාලයක් දැන් උදාවී ඇත. නිවන් අවබෝධ කිරීමට අවංක උත්සහයක් තිබෙන අය‍ට ඕනෑතරම් ධර්මය අවබෝධ කිරීමට අවස්ථා ඇත.
    යම් අයුරකින් අසුරයන් පැමිණ මිහිතලයේ පාලනය අතට ගතහොත් වන්නේ ධර්මයේ පිරිහීමය වන්නේය. ධර්මයේ හැසිරෙන්නේ නැති පිරසක් ඔවුන්ගේ එර්දි බල හෝ වෙනයම් ශක්තීන් භාවිතයෙන් කිසි දිනක ධර්මයේ වැඩි දියුණුවට ක්‍රියා කිරීමට නොහැක. එය කිරීමට හැක්කේ තමනුත් තමන් වට ඉන්න සැවොමත් ධර්මයට යොමු කිරීමෙන් පමණි. බුදුන් වහන්සේ අනුදැන වදාල ආකාරයට වෙනයම් ආගමක් නිසා හෝ වෙනයම් දර්ශනයක් නිසාවෙන් බුදුදහමට කිසිම පාඩුවක් නොවෙන බවය. නමුත් බුදුදහමේ දියුණුව සලසන විලාසයෙන් සසුනෙම (ගසක හටගන්නා කඳ පනුවන් සේ ) හටගන්නා අයගෙන් සාසනේ විනාශයට ක්‍රියා කරන පිරිස් පහල වන බව බුදුන් වහන්සේ කල්තියාම පවසන ලදී.
    බොහෝ ප්‍රශ්න ඇත්තේ පිටත නොව තමන් තුලය. අපහට පැහැදිලි ධර්මයක් තවමත් ඉතිරිව ඇත. තම තමන්ගේ නුවන ප්‍රමාණයෙන් එය අවබෝධ කල යුතුය. අප්‍රමාදව ධර්මය සොයන්න, ධර්මයේ හැසිරෙන්න, කිසි දිනක අපට ධර්මය නොතේරෙන පලියට නියම ධර්මය නැතැයි නොකියන්න. බුදුන්වහන්සේ සොයාගත් ධර්මය තව අඩුම තරමේ වර්ෂ 2500 වත් පවතිනු ඇත. කොතෙකුත් අසුරයන් උත්සහ කලත් ඔවුන් හට ලංකාවේ පාලනය කිසි දිනක නොලැබෙනු ඇත. මන්ද, බුදුන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සුරකින්නේ ලංකාවේ භික්ෂු පරපුර වීමය. ඒ හේතුකොටගෙන ධර්මයට කැමති දෙවියන් ලංකාවේ නිතර වෙසෙන බැවිනි. ධර්මයට කැමති දෙවියන් අධර්මය පතුරවන අසුරයන්ට කිසි ඉඩක් නොදෙනු ඇත.
    කියන්නා තරම් බලයක් අසුර හමුදාවට තිබුනිනම් අවුරුදු 30ක් තිස්සේ ලංකාවේ පැවතුන යුද්දය නිම කිරීමට ඔවුන් නොපැමිනියේ මන්ද යන්න සිතා බලන්න. එසේ දෙවියන්ට හෝ අසුරයන්ට කර්මය වෙනස් කල නොහැක. කර්මය වෙනස් කල හැක්කේ කර්මයකින්ම පමණි. රාවන රජතුමා අසුරයෙක් කර ඇත්තේ රාවන රජතුමාට විරුද්ධ අය විසිනි. ඔහු අසුරයෙක් නොව හෙළ යක්ෂ ගෝත්‍ර යේ සිටී දක්ෂ රාජ්‍ය පාලකයෙක්ය. ඔහු සමග යුද වැදුනේ විෂ්ණු දෙවියන්ගේ අවතාරය ලත් රාම කුමරු බව බොහෝ දෙනාගේ පිලිගැනීමය. සමහරුන්ගේ විශ්වාසය විෂ්ණු යනු අසුර දෙවිකෙනෙක් බවය. විෂ්ණු දෙවියන්ට රාවන රජතුමාව විනාශ කිරීමට උවමනාවක් තිබුනානම් පැහැදිලිව රාවන රජ කුමක් හෝ විශාල වරදක් කරමින් සීටී කෙනෙකු විය යුතුය. නැතිනම් රාම යනු විෂ්ණු දෙවියන් නොවිය හැකිය.
    අපගේ මතය විෂ්ණු දෙවියන් යනු බුදු සමයයේ එන වෙනු දෙවියන් බවය. ඔහු අසුරයෙක් වීමට කිසි සේත්ම නොහැක.හේතුව අසුරයන් තුසිත දිව්‍ය ලෝකයේ නූපදින බැවිනි. වෙනු දෙවියන් වෙසෙන්නේ අප මහා බෝසතාණන් වහන්සේ වෙසෙන තුසිත දිව්‍ය ලෝකයේය. අනිකුත් කාරනය නම් සතරවරම් දෙවියන්ගේ උතුරු දිසාවට අදිපති වෛශ්‍රවන දිව්‍ය රාජයා රාවන රජතුමාගේ පියා වන බවය. මෙය ලංකාවේ සිටී විශ්රවස් මුනි හා වෛශ්‍රවන දිව්‍ය රාජයා පටලවා ගැනීමකි. වෛශ්‍රවන දිව්‍ය රාජයා සේවය කරනුයේ සක් දෙවි මහා රජුටය. ඔහු වෙසෙන්නේ චාතුර්මහාරාජික දිව්‍ය ලෝකයේය. එහි ආයුෂ මනුෂ්‍ය වර්ෂ දල වශයෙන් 91,000 කි.
    චතුර්මහාරාජිකාවේ එක දිනක් අපගේ වර්ෂ 50කි. රාවන රජතුමා ජීවත් වුයේ අදින් වර්ෂ 3000 - 5000 අතර කාලයක බව බොහෝදෙනාගේ පිලිගනීමය. එසේනම් බුදුන් වහන්සේගේ ඉපදීමට දල වශයෙන් අවුරුදු 500කට කලින්ය. බුදුන්වහන්සේ බුදුපදවිය ලබන කොටත් වෛශ්‍රවන දිව්‍ය රාජයා පහළවී අවසන්ය. අවුරුදු 500 යනු එම දෙවියන්ට දින 10කි. දල වශයෙන් එම දේව වර්ෂ 10 - 100අතර කාලයක ජීවත්වූ තම පුත්‍රරත්නය වන රාවන රජතුමාගැන කිසිම සඳහනක් වෛශ්‍රවන දිව්‍ය රාජයා දේශනාකළ ආටානාටා සුත්‍රයේ කිසි තැනක නැත. ආටා නාටා සුත්‍රයේ තබා කිසිම ප්‍රකාශයක නැත. අප දන්නා ආකාරයට රාවන රජතුමාගේ පියා කලුරිය කරන්නට මත්තෙන් රාවන රජතුමා කලුරිය කළේය. මෙවැනි වූ කාරණා සැලකිල්ලට ගනිද්දී පෙනීයන්නේ වෛශ්‍රවන දිව්‍ය රාජයා රාවන රජතුමාගේ පියා නොවෙන බව හෝ වෛශ්‍රවන දිව්‍ය රාජයා ඕනෑකමින්ම ඔහුගේ පෙර භවයේ සිටී තෙද බලවත් පුතනුවන් වන රාවනා රජුව අමතක කර ඇති බවකි. ඊට හේතුව සොයා ගැනීමට චතුර්මහාරජිකාවට යා යුතුව ඇත.
    ආටා නාටා සූත්‍රයේ තිබෙන්නාවූ වෛශ්‍රවන දිව්‍ය රාජයාගේ රාජ්‍ය ගැන වර්ණනාවේ ඇති සවිස්තර හැටියට සත්‍ය වශයෙන්ම රාවන රජතුමා ඔහුගේ පුතෙකුනම් කිසියම් හෝ රාවන රජතුමා ගැන විග්‍රහයක් සුළු වශයෙන් හෝ තිබිය යුතු බව ඔබට වැටහෙනු ඇත. එහි සිටින සතුන් ගැන පවා වර්නනා කර ඇතිමුත් රාවනා රජතුමා ගැන කිසිවක්ම නැත. රාවන රජතුමා අති දක්ෂ රජ කෙනෙකු බව පිළිගත හැකි ශාක්ෂි එමටය. අදත් ඔහු හා ඔහුගේ පුත් ඉන්ද්‍රජිත් නොහොත් "උපේන්ද්‍ර මිනික" නොහොත් මේගනාද් ගේ දරුවන් දෙදෙනාවන කෙවෙසස්ථාන සහ රවිශෛලාශ පරපුර ඇත. ඔවුන්ගේ පරපුර ලංකාවේ විසිරී ඇත. ඉරුගල් බණ්ඩාර වශයෙන් පිදුම් ලබන්නේ රවිශෛලාශ පරපුරේ මුල් පුරුකය. අපට ඉතිහාසය සියයට සියයක්ම සැමවිටම නිවැරදි මත වලට ඒමට ඇති ඉඩකඩ බොහෝ අඩුය. එබැවින් මද්යස්ත වීම වටී. නමුත් නිවන් මගට අවශ්‍ය කරනා ධර්ම කාරණා ගැන නියම ආකාරයෙන් දැන ගැනීමට හැකිය. මන්ද සක් සුදක්සේ පැහැදිලි පිළිගත හැකි ධර්මයක් පවතීමය.
    ඉන්ද්‍රජිත් ගේ තුන්කල් බැලිය හැකි තෙල් බෝතලය තිබෙනවානම් ඉතා අගනේය මන්ද, එ මගින්වත් මෙවැනි අදහස් දක්වන අයට වුන දේ සහ වෙන දේ බලාගෙන කාලය කාදමන වැඩ නතර කල හැකි වන බැවිනි. අසිපතනම් ආරක්ෂාවට ළඟ තබා ගත හැක. අබරණ පැළඳිය හැක. මෙවැනි වූ දෑ තිබේනම් ඉතා අගනේය. ප්‍රශ්නය සොයා ගැනීමය. මෙවැනි වූ දේවල් සොයා ගිය අයට පසුගිය වකවානුවේ වුනු දෙවල් අපට මතකය. මොවුන්ගේ අසුර රජයේ බලය පිහිටන කාලය එන්න එන්නම කල් යමින් පවතී. එක උතරයක් නැති, වේලාවෙන් වෙලාවට විවිද අදහස් දක්වන, මෝහයෙන් අන්දකාර වී කාලය කා දමන මෙවැනි අදහස් සමාජ ගත වන්නේ ජාතියේ අභාග්‍යට බව මාගේ අදහසය. මේවැනි අසත්‍ය කාරණා ඉස්මතුකර ජාතික ආලත්වයෙන් ඉහල ශ්‍රී ලංකාව වැනි ටරටවල මිනිසුන් නොමග යැවීමට කුමනහෝ බෞද්ධ විරෝදී බලවේග ක්‍රියාත්මක වන බව ඔබට නොපෙනේද ? මෙවැනි කතා බොහොමයක් අන්‍ය ආගමික යුධවාදී අන්තවාදී ආගම් පොත්වල ඒමට ඇත. පිරිසිඳු බුදු දහම ඇස් පනාපිට දැක දැක තිබෙන කාලයක, ධර්මය සැමතැන ගුවනේ විහිදෙන කාලයක, ධර්මය අවබෝධ කිරීමට හැකි කාලයක ආගම දහම අමතක කරවීමට හැක්කේ ජාතික ආලත්වය හා ඉතිහාස කතා සියුම් ලෙස විකුර්ති කරමින් මිනිසුන් පෙළ ගස්වා ඔළුගෙඩි වලට මනස විකුර්තිවන දෑ දමා බව බුද්ධ ධර්මයට වින කරන බලවේග හඳුනා ගෙන ක්‍රියාවට යොදවා ඇති බව ඔබට නොපෙනේද?
    අසුරයන් නම් කිසි දිනක පැමිණ ලංකාවේ බලයත් මුළු ලෝ තලයේ බලයත් තමන් යටතට ගැනීමට ක්‍රියා කිරීම කිසිදිනක සිදු නොවෙන කාරනයන්ය. බුදුසසුනේ වැඩි දියුණුවට එවන පිරිසක් වේනම් එ අප මහා බෝසතන් වහන්සේ විසින් එවන සුර දෙවියන්ගේ පිරිසක් වන අතර ඔවුන් සාමාන්‍ය ළදරුවන් සේ ඉපිද සාමාන්‍ය මිනිසුන් සේ හැදී වැඩී ගිහි හෝ භික්ෂුන් ලෙස සාසනික සේවය කරනවා මිස, උඩින් යන අත්භූත දේවල් කරන අසුරයන් හෝ විශ්ව බලය හෝ වෙනයම් ශක්තීන් යොදාගෙන බුද්ධ සාසනයට සේවය කිරීමට පැමිණෙන පිරිසක් නොවේ. රාජ්‍ය බලය යොදාගෙන බුද්ධ දර්මය ප්‍රචාරය කල හැක නමුත් එය මිනිසුන්ගේ සිත් තුලට කාවැද්දිය හැක්කේ ධර්මානුකූලවම කටයුතු කලොත් පමණි. මෙත් බෝසතාණන් වහන්සේ මනු ලෝ තලය දෙස බලා කාලයෙන් කාලයට බුද්ධ සාසනයේ දියුණුවට ධර්මයට සේවය කළහැකි දේව පිරිස් කලින් කලට මනු ලෝ තලයට එවමින් සිටී. එය අලුත් කාරණාවක් නොවෙන අතර ඉදිරියටත් සුදුසු කාලවලදී එසේ එවනු ඇත. දැනටමත් අප අතර එවැනි වූ පෙර දේව භව වල විසූ පිරිස් ඕනා තරම් ඇත. ඒ සමගම ඇතැම් බුද්ධ දර්මයට අකමැති දේව පිරිසුත් ධර්මය විනාශ කිරීමට උත්සහ කරමින් සිටී. මේ දෙකම අලුත් කාරණාවක් නොවේ. ධර්මයේ හැසිරෙන ධර්ම ප්‍රචාරයට කැමති ඉහල දේව පිරිස් සිටියදී පහල දේව කොටසක් වන ධර්මයේ හැසිරීමෙන් හා කල්ක්‍රියාවෙන් අඩු අසුර ගණයාගෙන් එය බලාපොරොතු වීම නුවනට හුරු නැත .
    එමනිසා අසුරයන් පිලිබඳව හෝ රාවනා රජතුමාගේ පිරිස් ගැන හෝ විකුර්ති අදහස් ඔබ තුල ඇතිවී තිබුනිනම් දෙවරක් තුන්වරක් නොව කිහිප වතාවක් සිතා බලන්න. ඔබගේ හිතවතුන් ගෙන් විමසන්න, ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලාගෙන් විමසන්න. ඔබ ඔබවම පිරිසිඳු කරගන්න. මා වැරදිනම් මා නිවැරදි කරන්න, ඔබට බොහෝ පින් සිදුවේවි. බොහෝවිට අපට විකුර්ති වූ අදහස් අතෙනම් ඒ බොහෝ වේලාවට මනසේ දුර්වල තාවයක් හෝ අමුනුෂ්‍ය බලපෑමකින් විය හැක. මනසේ දුර්වලතා වලට වෛද්‍ය වරයෙකු මුණ ගැසෙන්න. අමුනුෂ්‍ය දෝෂයක් නම් දෙවියන්ගෙන් එම අමුනුශය දෝෂ ඉවත් කර ගැනීමට උදව් ගත්තාට වරදක් නැත. අමුනුෂ්‍ය දෝෂ ඉවත් කිරීමට විවිද පිළියම් ඇති නමුත් බෞද්ධ පිළිවෙත් වල ඇති ආකාරයට පිහිට ගන්නේනම් බොහෝ වටී.
    ඔබට ශ්‍රී ලංකාව වෙනුවෙන් සේවයක් කිරීමට අවශ්‍යනම් දේශපාලනයට පිවිසීමට කැමතිනම් තමන්ගේ දැනුම වැඩි කරගන්න, පිරිස් සමග සංවිදානය වෙන්න, සමාජ සේවාවට පිවිසෙන්න, දැනට පිරිස් බලය ඇති පුද්ගලයන් ඇසුරු කරන්න, නිවැරදිව සිතන්න පුරුදුවෙන්න, සාදාරන වෙන්න, අන් අයට කන් දෙන පුද්ගලයෙක් වෙන්න, ධර්මයේ නිසි ලෙස හැසිරෙන්න. එවිට ඔබට අවශ්‍ය පසුබිම සකෙසෙනු ඇත. තමන්ගේ කැපවීම තුලින් රටේ කැපීපෙනෙන චරිතයක් වීමට සැමට වාසනාව ඇත. කර ගතයුත්තේ තමන්ගේ බුධ්හිය වැඩි දියුණු කිරීමය. පිට සක්වලින් හෝ වෙනයම් බලවේගයකින් පැමිණ ඔබට සියලු කාරණා කරදෙනතෙක් බලා නොසිටින්න.
    ඕනෑම කෙනෙකුට බුදුදහමට සේවය කිරීමට සත්‍ය උවමනාවක් තිබේනම් දැනට පවතින ධර්මය ගැන යම්කිසි සැකයක් ඇත්නම් ඒ ගැන දන්නා භික්ෂූන් වහන්සේලාගෙන් විමස විමසා පැහැදිලි කරගන්න. කොතෙකුත් උත්සහ කලත් ඔබට ගැටළු සහගතනම් අදිෂ්ටානයක් කර සතයක් ක්‍රියාවක් කර නැවත නැවත විමසා විමසා උතසහ කරන්න. ධර්මය තේරුම් යන්නේ තමන්ගේ බුද්ධි මට්ටම අනුවය. කොතෙකුත් උතසහ කෙරුවත් ඔබට තවමත් සැකය පවතීනම් බුදුන්වහන්සේ වැඩ සිටින කාලයේ පටන් වැඩසිටින බෝසත් දෙවියන්ගෙන් හෝ අඩුම තරමේ සොවහන් පලයටවත් පැමිණී දෙවියන්ට ඔබට උදව් වීමට ඉල්ලා සිටීම වරදක් නොවේ. නැතහොත් බුද්ධ සාසනයේ අභිවුර්දිය උදෙසා දිව්‍ය භාවයෙන් චුතව මනු දෙරණේ උපත ලබා සාසනික මෙහෙවරක් කිරීමට ආරාධනා කිරීමද වරදක් නැත. එසේ බොහෝ පිරිස් පින් කුසල් කරමින් ඉල්ලා සිටින්නේනම් සත්‍ය වශයෙන් ඔවුන් කරනා කරනා විමසා බලා තිරණය කර ඔවුන් නිසැකවම අපගේ පිහිටට එනු ඇත. නමුත් අප එය ඉල්ලා සිටිය යුත්තේ පාරමිතා පුරන දෙවියන්ගෙන් පමණි මන්ද අනිකුත් දෙවියන්ගේ ස්වභාවය වෙනස්වන සුළු බැවිනි.
    ඔබ දැනටමත් බුද්ද සාසනයට යම්කිසි සේවාවක් කිරීමට පටන්ගෙන ඇත්නම් ඔබ මෙතෙක් කරපු කියපු දේවල් ගැන හැරී බලන්න. ඔබ ඒ වෙනුවෙන් කුඩා හෝ සතෙකුගේ ප්‍රාණය නැතිකර තිබේද ? නැතහොත් ඊට අනුබල දී තිබේද ? යම්කිසි දෙයක් සොරෙන් ගෙන තිබේද? නැතහොත් එසේ කිරීමට අනුබල දී තිබේද ? ඒ වෙනුවෙන් යම්කිසි කෙනෙකුට අවැඩක් වන විදියට ප්‍රකාශයක් කර තිබෙද ? යම්කිසි කෙනෙකුට වරදක් සිදුවිය හැකි ආකාරයේ මුසාවක් ප්‍රකාශ කර තිබේද? එසේ ඔබ අතින් වී තිබේනම් දැන්මම ඔබ කරන සාසනික මෙහෙවර ගැන ඔබම සිතන්න. ඔබ දැඩිලෙස මෝහයට අසුවී ඇත. සාසනය වෙනුවෙන් කියා ඔබ කර ඇත්තේ සාසන විරෝදී වැඩය. ඔබ සාසනය වෙනුවෙන් කරන ක්‍රියා මෝහයට අසු නොවී කරන කාරණා බව ප්‍රත්‍යක්ෂ ලෙස වටහාගෙන තිබේද ? ධර්මය පිළිබඳව දැනුම ඇති ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලාගෙන් තමන් කරනා කරනා ගැන වෙන වෙනම විමසා වැරදි නිවැරදි කරගෙන තිබේද ? නැතහොත් ඔබගේ හිතේ මනාපයට ඔබ නිවැරදි බව ඔබම තීරණය කරගෙන කාරණාවල නියලේද? එසේ ඔබ තව කෙනෙකුගෙන් නො විමසා කටයුතු කරන්නේ ඔබ තුල ඇති දැඩි මාන්නය නිසාය. දැඩි මාන්නය තමන්ගේ ඊළඟ භාවය බල්ලන් පූසන් වඳුරන් වැනි තිරිසන් සතුන් අතරේ ඉපදවීමට තරම් හේතුවන බලවත් අකුසල කර්මයක්ය. මේ කාරණා ගැන විමසිලිවත් වෙන්න. එමගින් ඔබේ ගමන යහපත් මාර්ගයට පිවිසේ. ඔබ කිසි දිනක ප්‍රමාද නැත. ඔබේ වැරදි ඔබම නිවැරදි කරගෙන අන් අයටත් ආදර්ශයක් වන්න.
    එක් එක් අයට ඇත්තේ වෙනස්වූ බුද්ධි මට්ටමය. සමහරු සීලයේ නාමයෙන්ම මුලාවී සිටී. මම කුඩා උදාහරණයක් ගෙන දක්වන්නම්. යම්කිසි කෙනෙක් මස් මාංස කෑමෙන් වලකී සිටගෙන ලොකු සීලයක් එමගින් ආරක්ෂා කරන බව සිතාගෙන සිටී. නමුත් තමන්ගේ දිව වඩාත් රසකරනා, තමන් අහාරයට ප්‍රිය කරනා පරිප්පු දිනපතාම අහාරයට ගනී. නමුත් මස් මාංස ආහාරයට නොගෙනීම සීලයක් නොවන බව එම පුද්ගලයා නොදනී. එසේනම් මස් මාංස පමණක් නොව තමන් ආහාරයට වඩාත් ප්‍රිය කරන දේ, තමන්ට වඩාත් රස දේ අත්හැරීමට පුලුවන්නම් තෘෂ්ණාව දුරු කරන්න පුලුවන්නම් එම පුද්ගලයා සැබෑම දක්ෂයෙකි. තෘෂ්ණාව දුරුකරන්නට උත්සහ ගන්නා නිසා කුසල් අත්වේ. නමුත් යමෙක් මේ දේ ඔහුට ප්‍රකාශ කලොත් එක පාරටම ඔහුට එම කාරණාව නොවැටහෙනවා ඇත. හේතුව කාලයක් තිස්සේ ඔහු එය සීලයක් යසේ සිතා මෝහයෙන් යුතුව කටයුතු කිරීමය. කෙසේවෙතත් මම ඔබට මස් මාංස ආහාරයට ගන්න කියා හෝ එපා කියා කියන්නේ නැත. බුදුන්වහන්සේලාවත් නොකියන නොකරන දේවල් අප කරත්නම් එහි පැහැදිලි ප්‍රශ්නයක් තිබේ. තමන් තමන්ගේ සිහිනුවනින් බුද්ධියෙන් විමසා සියල්ල තේරුම් ගැනීම වඩාත් සුදුසුය.
    ඔබේ වැඩ කටයුතු එක දිගටම අසාර්ථක වෙනවානම්, ඔබට ඔබේ නිවසේ බුදුපහන තබා ගනීමටවත් බැරිනම්,බුදුපහන තැබූ විට තවත් කරදරනම්, ගෙදර ධර්මය කතාකරන විට නිවැසියන් අතරේ ප්‍රශ්න හට ගන්නවානම්, පින් කමක් කල පසු ඔබව අසනීප කරනවානම්, පින්කමක් කල පසු ඔබේ වැඩ කටයුතු අවුල් වෙනවානම් එයට හේතු කිහිපයක් හෝ බොහෝ තිබිය හැක.
    1. ඔබේ හෝ පව්ලේ තද බල අකුසල කර්මයක විපාකයක්.
    2. බුද්ධ දර්මයට විරෝධී මිත්‍යා දුෂ්ටික දෙවි කෙනෙක් හෝ යක්ෂයෙක් හෝ වෙනයම් බලවේගයක බලපෑමක්.
    3. මේ භවයේ හෝ පූර්ව භවයක කරන ලද මිනි මැරුම් හෝ තදබල පාප ක්‍රියාවක් හේතුවෙන් කිසියම් පුද්ගලයෙකුගෙන් හෝ පිරිසකගෙන් ලැබූ සාපයක්.
    4.සිටින්නාවූ නිවසට බලපා ඇති අමුනුෂ්‍ය දෝෂයක්.
    5.යම්කිසි සතුරෙකු විසින් ඔබට ඔබේ පව්ලට හෝ ඔබේ නිවසට කරන ලද වින කර්මයක්.
    6.පින් කැමති තමන්ගේ නමින් මිය ගිය හෝ නිවසේ කලින් පදිංචිවී සිට මියගිය කෙනෙකු යම්කිසි එක්තරා ඔහුට හෝ ඇයට සුවිශේෂී වූ පුණ්‍ය ක්‍රියාවකින්ම පින් බලපොරෝතුව තමන්ගේ අභිප්‍රාය ඉෂ්ට කරගන්න ගන්නා උත්සහයක්.
    7. යම්කිසි පලියක් ගැනීමට ඔබේ පසුපස සිටිමින් ඔබව නොමග යවා බුදුන්වහන්සේත්, බුද්ධසසනයත්, කල්‍යාන මිත්‍ර සම්පතියත් එපා කරවීමට දීර්ග
    කාලීනව ගන්නා උත්සහයක්.
    (ඇතැම් මිත්‍යා දුෂ්ටික බලවේග තමන් පසු පස සිට ගෙන යන යන කේන්දර,සාස්තර,නිමිති,අන්දුන් බලන කියන ස්ථානයන් හි බලවේග යටපත් කර එම මිත්‍යා දුෂ්ටික න්බලවේග වලට අවශ්‍ය කාරණා සත්‍ය ලෙස පෙන්වා අසත්‍ය ප්‍රකාශ කරවා තමන්ව නොමග යවන බලවේග ඕන තරම් ඇත. මේ සියලු දේ සිදුවන්නේ බොහෝවිට තමන්ගේ අකුසල් වල බලපෑමත් සමගය. මෙවනිවූ අයහපත් බලවේග තවත් මෙවනිවූ කාරණා ඉෂ්ට කර ගැනීමට ගන්නා තවත් උපක්‍රමයක් වන්නේ තමන්ගේ ගොදුරට බවට පත් කරගෙන සිටින පුද්ගලයාගේ කනට ඇසීමට කැමති හෝ එම පුද්ගලයා අදික බල තණ්හාවට හෝ අදික ප්‍රීතියට පත්වෙන අසත්‍ය කාරණා සත්‍ය ලෙස මනසට හෝ සාස්තර වැනි දේ පවසන පුද්ගලයන් හරහා පැවසීමය. කොටින්ම කියත්නම් මුරුංගා අත්තේ තැබීමය. අනිකුත් කාරණය නම් මෙම අයහපත් බලවේගය විසින් ගොදුරු කරගෙන සිටිනා පුද්ගලයාගේ හිතවතුන් හා ආශ්‍රය කරන සියලුදෙනා විවිද ආකාරයෙන් නොමග යැවීමට බැලීමය. ඇතැම් උන රෝග සුළඟ හරහා බෝවන්න සේ හැකිතාක් දුරට බෝ කිරීමය. ඔබට මහා සංගයා වහන්සේලා ගැන අප්‍රසාදයක්,අකමැත්තක්,කේන්තියක් ඇත්නම් ඔබට ඔවුන්ගේ වැරදි පමණක් පෙනේනම්, ඔවුන්ට දන‍ට පිනට දීමට වන්දනා මාන කිරීමට අකමැත්තක් හිත තුල තිබෙනවානම් ඔබ බොහෝ පරිසම් විය යුතුය. ඔබ දැඩි මෝහයෙන් පසුවෙමින් හෝ ඔබට නිසගයෙන්ම අමුනුෂ්‍ය බලපෑමක් විය හැක. ඇතැම් මිත්‍යාදුෂ්ටික යක්ෂ හෝ ප්‍රේත බලවේග ඔබ දේවාල වල යනවාට අකමැති විය හැක. හේතුව එවැනි තැන වලට පැමිණෙන අනිකුත් දේව,යක්ෂ,ප්‍රේත හෝ වෙනයම් බලවේග විසින් හඳුනා ගතහොත් එම මිත්‍යාදුෂ්ටික බලවේගයට අවශ්‍ය දේ කිරීමට බාදා විය හැකි බැවිනි.)
    කල්පනාකාරී වන්න, බුද්දිමත් වන්න, ඔබගේ වටිනා කාලය අපතේ නොයවන්න. බුද්ධ සාසනය වෙනුවෙන් ඉමහත් සේවාවක් කළහැකි බොහෝ පිරිස් මේ ලෙස නොමග යවා ඇත. එවැනි වූ විනාශකාරී යක්ෂයන් මුලින්ම කරනුයේ අපගේ බුද්ධිය හීන කර සියුම් ලෙස වෛරය අවුස්සා ද්වේශය අවුස්සා බුද්ධ සාසනය රැකීමට අවශ්‍ය කරන්නාවූ ගරුතර සඟ රුවන අපට එපා කිරීමය. මා මේ ලිපය මෙසේ ලිවීම ගැනද බොහෝ මනුෂ්‍ය සහ අමුනුෂ්‍ය කොටස් මා සමගද වෛර බඳින බව මා දනී. සත්‍ය පවසා ලියූ යුතු දේ ලියා කුමන දේ වුවාත් කමක් නැත. අඩුම තරමේ යම්කිසි පිනක් හෝ කුසලක් සිදුවන බැවිනි.
    අන්දකාරයෙන් එලියට ඒමට ඔබට වාසනාව අනිවාර්යෙන් ඇත. මන්ද ඔබට මේ ලිපිය කියවීමට ලැබුනේ ඔබ මහත් පින් කර තිබෙන කෙනෙක් බැවිනි. බුදුසසුන බැබලේවා. ඔබ සැමට තුරුනුවන්ගේ සරණ හැර වෙන කිසි සරණක් නැත. තුරුනුවන් සරණ යන්න. සම්යක්දුෂ්ටික ධර්ම දෙවියන් ඇසුරු කරන්න. ඔවුන් ඔබට හැකි අවස්ථාවන්හි පිහිට වෙනවා ඇත. යක්ෂ ගනයේ දෙවියන්ගෙන්ද යම්කිසි අවස්ථාවලදී උදව් ගත හැකි මුත් බොහෝ සේ කල්පනාකාරී විය යුතය. ඔවුන්ගේ ස්වභාවය හරි හැටි වටහා නොගෙන ඔවුන් සමග ක්‍රියා කිරීමෙන් සමහර අවස්ථාවලදී ඔබට කරදර විය හැකි බැවිනි. සම්යක්දුෂ්ටික ධර්ම දෙවියන්ගෙන් ඔබට කරදර පැමිණෙන්නේ නැත. නිතර නිතර මෛත්‍රී භාවනාව වඩන්න. එවිට සියලු අමුනුශ්‍යයෝ ඔබට සෙත් පතන බව සිහි තබා ගන්න. ධර්මය ගැන ප්‍රශ්න ඇත්නම් මා හට ලියන්න. හැකිවිටදී ඔබට උපකාර කරන්නම්. invisibletruth1@gmail.com
    නැවතත් මා ඔබට මතක් කර සිටිනවා මාගේ අදහස් වැරදිනම් මා නිවැරදි කරන ලෙස. එමගින් ඔබට බොහෝ පින් සිදු වෙ.
    ගූගල් හරහා සැකසු බැවින් මාගෙන් භාශාවට සිදුවී ඇති වැරදීම් වලට සමාවෙන්න.

    • @ravishasudda7762
      @ravishasudda7762 5 ปีที่แล้ว

      Ravana hambayek wenna ati 😆

    • @kasun2523
      @kasun2523 3 ปีที่แล้ว

      මේක කියවන්න වෙනම ගේමක් දෙන්න එපැයි

  • @thilinaperera7069
    @thilinaperera7069 3 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilanbuddi573
    @dilanbuddi573 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jhondoe3393
    @jhondoe3393 ปีที่แล้ว

    Muhe hati

  • @vipula7117
    @vipula7117 10 ปีที่แล้ว +1

    I tried to find his book about Maha kashshapa Maha rahathan Wahanse.. but don't know how? can we contact him? perhaps an email ?

    • @rasimusic
      @rasimusic 10 ปีที่แล้ว

      They can be found in Mahamevna book stores.

  • @gunasirison1397
    @gunasirison1397 9 ปีที่แล้ว +3

    ගයන් පෙරේරාට දන්වන යමක් ,
    ගයාන් චානුක විදානපතිරණ මහතා මුලින්ම කියාගෙන එන පඨවී, අපෝ; තේජෝ ;වයෝ ;
    වර්ණ , ගන්ධ රස ඔජා ගැන කියන කතාව හරියට හරි ,ඔල මොට්ටල කතා ඕන දේකට
    කියන්න හබැයි ඕකට කියන්න එපා ,ඕක හරියට දැනගත්තොත් නිවන දැනගත්තාවෙනවා
    මේ කියන්නේ ප්‍රත්තයක්ෂ වශයෙන් දන්න නිසා! . ආර්යයෝ ලෝකයේ ඉන්නවා !
    ගුණසිරි

    • @kasun2523
      @kasun2523 3 ปีที่แล้ว

      ඔව්