අවාරේ සිරිපා කරුණාව | Off season Sripada hiking | හැටන් - නල්ලතන්නියෙන් (With English Subtitles)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • අවාරේ සිරිපා කරුණාව | හැටන් - නල්ලතන්නියෙන්
    Off Season Siripada Hiking | Hatton-Nallathanniya Route
    ප්‍රදාන වශයෙන් කාලයක් මුලුල්ලේ සිරිපා කරුණා කිරීමට අප විසින් සම්මත ප්‍රදාන මාර්ග 3 ක් යොදාගනු ලැබුවා.
    එනම්,
    හැටන් නල්ලතන්නිය මාර්ගය,
    රත්නපුර පලාබද්දල මාර්ගය,
    කුරුවිට එරත්න මාර්ගය වේ.
    මීට අමතරව දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගය,රාජමලේවත්ත සදගලතැන්න මාර්ගය,දැරණියගල උඩමාලිබොඩ මාර්ගය වැනි දුශ්කර අප්‍රසිද්ද මාර්ගද වේ.
    2022.09.10 එනම් බිනර පුර පසලොස්වක පොහෝ දින අප හට හැටන් නල්ලතන්නිය මාර්ගය හරහා මෙවර අවාරයේ සිරිපා කරුණා කිරීමට අවස්ථාව ලැබුනි.
    අප මෙම ගමනට දින දෙකක කාලයක් ගත කිරීමට සිතාගත්තේ සොබාදහම අතර නිදහසේ ඇවිද යාමට හා නිදහසේ සිරීපාදය කරුණා කරගැනීමට ඉඩ සකස් කර ගැනීමටයි.
    පලමු දින එනම් පොහෝ දින අප නල්ලතන්නියෙන් ගමන අරබන විට සවස් යාමය වී තිබුනේ නල්ලතන්නිය වෙත එන ගමනේ මගදී අප නෙත ගැටුනසුන්දර ස්තාන වල මදක් නැවතී ඒමට සිදූවූ නිසාවෙනි.
    කෙසේ නමුත් ගමන අරබන විට අදුරු වැහිබර අහසක් තිබු නිසා අපට සිරිපා මලුව පහල සිට දැක ගත නොහැකි වුනි.
    කෙසේ හෝ පලමු දින රෑ බෝ වී අදුරු වැටෙන විට අප ඉදිකටුපාන මහගිරිදබය ආසන්නයේ අම්බලම වෙත ලගා වීමට අපට හැකි වුනි.
    එහි කදවුරු බැද පසු දින අලුයම යාමයේම සිරිපා මලුව වෙත ලගා වූවත් මුලු ප්‍රදේශයම ඝන මීදුමකින් වෙලාගෙන තිබුන නිසා අවට කිසිවක්නොපෙනුනි. නමුත් ඒ වන විටත් හොදින් ඉර පායා ඇතිබව අපට වැටහුනේ මීදුම අතරින් මතුවන අහසේ වර්ණය නිසාවෙනි.
    එසේම උදෑසනම ඝන මීදුම් පටල අතරින් හමායන සුලං මුලු ඇගම හිරිවට්ටවමින් හමායන්නේ ගතට මෙන්ම සිතටද මහත් නැවුම් ආශ්වාදයක්ගෙන එමිනි.
    පසුදින නම් පොහෝ දිනට පසු දිනයේදි උඩ මලුව වෙත යාමට අප හට අවස්තාව නොලැබුනේ මලුවට ඇතුලුවන දොරටු අගුල්ලා තිබීම නිසාවෙනි.
    එම නිසා මලුවට පිටතින් හිද වන්දනාමාන කර නැවතත් අප නල්ලතන්නිය වෙත පහලට කරුණා කලෙමු.
    වෙනත් මාර්ග වලින් පැමිනෙන විට කූඩැල්ලන්ගෙන් නොමද හිරිහැර විදීමට සිදු වූවත් අප හට මෙම ගමනේදී එකදු කූඩැල්ලකු වත් නෙතනොගැටීම පුදුමයකි.
    අප හට දහවල් 12 පමන වන විට නැවතත් පහලට කරුනා කිරීමට හැකියාව ලැබුනි. දින දෙකක් මුලුල්ලේ සිරිපා අඩවිය තුල ගත කල එම කාලයනිමා වී නැවත නිවෙස් වෙත යාමට සිදුවීම පිලිබද අප සියලු දෙනාගේම සිත් තුල තිබුනේ දැඩි කනස්සල්ලකි.
    කෙසේ වූවත් නැවත වරක් හැකිඉක්මනින් ආයෙත් සිරිපාදය කරුණා කිරීමට සිතාගත් අප දින දෙකක සුන්දර සිරිපා ගමන එසේ නිමා කලෙමු.
    සුමන සමන් දෙවි පිහිටෙන් මේ සුන්දර පරිසරය රැකගෙන සිරිපා කරුණා කරන්ට ඔබටත් වාසනාව ලැබේවා !!
    Nomad Girl චැනල් එකත් එක්ක අලුත් විදියේ ගමනකට එකතු වෙන්න. චැනල් එකත් subscribe කරල තියාගන්න. අදහස් යෝජනා comment එකකින් එකතු කරන්නත් අමතක කරන්න එපා..
    ✍️ Kaushi Herath (Chiku)
    Nomad Girl Team
    -------------------------------------------
    Timestamps
    0:00 Intro
    0:46 Day 01-Peradeniya to Nallathanniya
    8:28 Sripada climbing from Nallathanniya
    14:10 Night at Idikatupana
    16:00 Day 02-Sripada climbing
    20:03 Top of Sripada
    24:10 Back to Nallathanniya
    -------------------------------------------
    Be Social With Us:
    👉 Like us on FB: www.facebook.c...
    👉 Follow us on Instagram: www.instagram....
    👉 Follow us on TikTok: www.tiktok.com...
    👉 Follow us on Pinterest: pin.it/5dy54PM
    -------------------------------------------
    #aware #awaresiripa #aware_siripa #srilanka #travel #travelvlog #travelphotography #travelblogger #aware #siripadaya #awaresiripa #travelgirl #nomadgirl #hiking #camping #asmr #clam #srilankan #ceylon
    Track: LIL FISH - Topic
    Mantra · Lil Fish · Lil Fish • Mantra

ความคิดเห็น • 302