2025 Lagna Palapala | කන්‍යා ලග්නයට නීච භංග රාජ යෝගයක් | මංගල යෝග උදාවෙන කාලයක් | Kanya Lagnaya
ฝัง
- เผยแพร่เมื่อ 15 ม.ค. 2025
- #astrology #trending #horoscope
2025 වසර කන්‍යා ලග්න හිමි ඔබට සුබ අසුබ කොහොමද ?
ඔබගේ කන්‍යා ලග්නයට අදාළව 2025 ජනවාරි 01 දිනට අදාළව ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහයා වෘශ්චික රාශිය තුළ ග්‍රහ ගෝචරය සමග ආරම්භ වන 2025 නව වසර ඔබගේ සහජ දක්ෂතා හා හැකියාව, සහජ කැමැත්ත තුළින් ඉදිරියට යන්න පුළුවන් සාර්ථක පසුබිමක් නිර්මාණය කරගැනීමට අදාළව ඉතා සුවිශේෂී වෙයි. එබැවින් ඔබගේ ශක්තිය නිවැරදිව හඳුනාගෙන ඉදිරියට යාම තුළ ජීවිතය වෙනස් කරන සුබ වර්ෂය බවට 2025 වසර පත්කර ගත හැක. ඔබගේ ලග්නාධිපති ලෙස බුධ ග්‍රහයා 2025 පෙබරවාරි 27 සිට 2025 මැයි 07 දක්වා මීන රාශිය තුළ නීච ග්‍රහ ගෝචරය විවාහ ජීවිතයේ ගැටලු , ගිවිසුම් තුළින් ආර්ථික අවාසි ගැන අවධානය යොමු කිරීම වැදගත් . එම කාල වකවානුව තුළ සිකුරු ග්‍රහයා ( 2025 ජනවාරි 21 සිට මැයි 31 තෙක්ම ) තමන්ගේ උච්ච රාශිය වන මීන රාශිය තුළ ග්‍රහ ගෝචරය සිදුවීම නිසා බුධ හා සිකුරු සංයෝගය තුළින් නිර්මාණය වන නීචභංග රාජ යෝග තත්ත්වය ඔබට ලබාදෙන සුවිශේෂී ස්වභාවය තුළින් ආර්ථික වාසි , සතුට සැනසීම උදා කරගැනීමට අදාළව සුබ කාලයක් .
ශනි ග්‍රහයා 2025 මාර්තු 29 දින සිට සිදුවන මීන රාශි ගත වීමට අදාළව ( මීන රාශිය ශනි ග්‍රහයා හට මිතුරු රාශියකි ) ඔබගේ ලග්නයට අදාළව 5හා 6 අධිපති ලෙස 7 වෙනි රාශියට ග්‍රහ ගෝචරය සිදුවීම ආදර සබඳතා ශක්තිමත් වන , තමන්ගේ ආත්ම විශ්වාසය වැඩි කරන එතුළින් සාර්ථකත්වය ලබා දීමට අදාළව අවංක සාධාරණ ස්වභාවය ඔස්සේ වීර්යය සහිත කෙනෙක් ලෙස ඉදිරියට යාම තුළ ඔබගේ ශක්තිය තුළින් ජයග්‍රහණ උදා කරගැනීමට හැක.
රාහු ග්‍රහයා හා කේතු ග්‍රහයා පිළිවෙළින් 2025 මැයි 18 දින කුම්භ රාශි ගත වීම හා සිංහ රාශි ගත වීම ඔබගේ ලග්නයට අදාළව පිළිවෙළින් 6 සහ 12 වැනි රාශි වලට අදාළව ග්‍රහ ගෝචරය සිදුවීම තුළ සතුරන් පරාජය කර , අපහාස උපහාස විවේචන වලට නොසැලී ඉදිරියට යාම තුළ නායකත්ව ගති ලක්ෂණ මතු වෙන කාල වකවානුවක් .ධාර්මික දිවිපෙවෙත තුළ ආධ්‍යාත්මික ගුණ වගාව වර්ධනය කරගැනීමට අදාළව ඔබට මානසික සැනසීම සතුට ලැබෙන කාලයක්
ගුරු ග්‍රහයා 2025 මැයි 14 දින මිථුන රාශි ගත වීමට අදාළව ඔබගේ ලග්නයට අදාළව 4 හා 10 අධිපති ලෙස 10 වෙනි රාශිය තුළ ග්‍රහ ගෝචරය සිදුවීම අධ්‍යාපනය සම්බන්ධ , නීතිය සම්බන්ධ , උපදේශනය කටයුතු සම්බන්ධ කන්‍යා ලග්න හිමියන්ට ඉතාම සුබ කාලයක් .
ඔබගේ 8 හා 3 අධිපති ලෙස කුජ ග්‍රහයා මුල් මාස 5 තුළ මිථුන, කටක රාශි වල ගත කිරීමට අදාළව ඔබ වැටීම්, තැලීම් වලට අදාළව ශාරීරික පීඩා , රථ වාහන අනතුරු , ජලයෙන් අනතුරු , ගින්නෙන් අනතුරු වලට අදාළව වඩා සැලකිලිමත් ලෙස ඉවසීමෙන් හා සංයමයකින් වැඩ කල යුතු කාලයක් 2025 වසරේ මුල් මාස 5 අදාළව .
සමස්තයක් ලෙස 2025 වසර කන්‍යා ලග්න හිමියන්ට ඉතා සුවිශේෂී ජයග්ර්රාහි වසරක් වෙයි .
----------------------------------------------
Related Videos:
2025 ලග්න ඵලාපල විස්තරවලට අදාල ලින්ක්.
මේෂ ලග්නය - • 2025 Lagna Palapala | ...
වෘෂභ ලග්නය - • 2025 Lagna Palapala | ...
මිථුන ලග්නය - • 2025 Lagna Palapala | ...
කටක ලග්නය - • 2025 Lagna Palapala - ...
සිංහ ලග්නය - • 2025 Lagna Palapala | ...
-------------------------------------------------------------------
Follow :
Facebook - / kedtastrology
Contact :
☎️ 0774 818 653
Kosala Edirisinghe
KEDT Astrology Research Institute & Consulting Firm
No.19/1/1
Navinna Road,
Kahaduwawatta,
Galle.
👍 Like ➳ Share ✎✍ Comment ✔ Subscribe.
#astrology #lagnapalapala2024 #trending #astrologyforecast