රස පොළොවට හුස්ම දෙන්න එන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • ලංකාවෙ ප්‍රධාන වශයෙන් අද තියෙන්නෙ පිළිගැටුම් දෙකයි ! එකක් කොවිඩ් ව්‍යසනය ...!! අනික පොහොර පෙරලිය !
    මහා පොළොව ගැන මට මේ ගීතය ලියන්න මුලින්ම ඇරයුම ලැබුණේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් . නමුත් ගීතය මහන්සි වෙලා නිෂ්පාදනය කළහම එය සැබෑවක් වුනේ නෑ ! එය හමස් මල්ලට යාම මඟ හැරුනෙ එය අහම්බෙන් ඇසූ ගමේ ඥාතියෙක් වූ ගරු කතානායක තුමා නිසා...
    සීදුවේ සිට කපිල වීඩියෝ conferencing හරහා අමයුරු තනුවක් හැදුවා... දර්ශන ස්වර සංකලනය අකුරට කළා .. මේ ගීය ශානර දෙකක සංකලනයෙන් කරන්න මට හිතුනා... අසංක , සිතාරා , සුවිනි ඇතුළු නිපුන් විශාරද කැළතත් , පොප් , හිපොප් , රෙගේ සිට ඕනෑම නවීන සංගීතාංග හිසින් ගත් AJ - අජන්ත හෙට්ටිආරච්චි ත් මගේ "මහපොළොවට හුස්ම දෙන්න එන්න " ගීය වර්ණවත් කළා , දර්ශන තල සිසාරා මා හා ගියා... අමිත්ත මා එක්ක හෙවනැල්ල වාගේ සිටියා , ෂමීරත් අන්තිම shoot එකේ බර ඇද්දා !
    මේ පෝර අර්බුදය ගැන ගීයකින් කරන්න පුළුවන් දේ හරි සීමිතයි. ඒ නිසා මා පරිවාර මාධ්‍ය විලාශ කීපයක මේ ගැන කතා කරනවා... ඇත්තටම ශාකයකට අවශ්‍ය නෑ තමුන්ට සළකන්නේ කාබනිකද , අකාබනිකද කියා දැනගන්න... නයිට්‍රජන් 46 % ආවම එයා තෘප්තිමත්... හරිත පොහොර කියන වදන යොදාගෙන මේ වස විස අහර අපට එකතුවෙලා නසන්න පුළුවන්... ඒ දැනුවත් කිරීමට පෙර තමා මේ ගී සත්කාරය...
    මම කන්දෙගම පරිසරවේදියා , ගොවියා එක්ක කළ කතාබහ වගේම පාංශු විද්‍යාඥ කුලසිරි ඇතුළු පිරිස එක්ක පැල්වෙහෙරෙදි කළ පර්යේෂණමය ක්‍රියාකාරකම් මට පවා ඇතිකළේ අනුපම මෙහෙවරක්... මේ විප්ලවය ගැන අන්තවාදීව නොබලා මැදිහත්ව එය විච්චේදනය කරලා සත්‍යය මතු කරගත්තොත් අපට වස නැති රස පොළොවක සුවඳ විඳින්න පුළුවන් වෙයි .. ඒකට ඉතින් අදාළ හැම පාර්ශවකටම ඉවසිල්ල තියෙන්න ඕනේ... ප්‍රථමයෙන් මගේ පොළොවේ ගීතාව අහන්න !
    " වස වනසා ඔබ රස අතුරන්න
    රස පොළොවට හුස්ම දෙන්න එන්න "

ความคิดเห็น • 20

  • @sarojkarunaratne5501
    @sarojkarunaratne5501 3 ปีที่แล้ว

    මඟහැර යා නොහැකි මාතෘකාවකි.පොලොවට නොසලකා අපට සිදුවී ඇති දේ බොහෝ අයට නොපෙනේ. ඔබ තුමාට පින්!

  • @hemanthaperera6049
    @hemanthaperera6049 3 ปีที่แล้ว +1

    කාබනික කොම්පෝස්ට් අමු වචන නැති, මහ පොළොවේ හුස්ම ඉල්ලීම - හැම පැත්තක්ම අති විශිෂ්ටයි. තේරුම් ගත යුතු කට්ටිය තේරුම් ගනීවි කියා හිතනවා.

  • @KadukaraGayanBandara
    @KadukaraGayanBandara 3 ปีที่แล้ว

    බොහොමත්ම වටින නිර්මාණයක්

  • @rajudeen6616
    @rajudeen6616 3 ปีที่แล้ว

    අතිවිශිෂ්ඨ නිර්මාණයක් ❤️

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 3 ปีที่แล้ว +1

    රටට ආදරේ කරන කුහක නැති උඩඟු නැති උදාර නන්දසේන ජනාධිපතිගේ උදාර සංකල්පයට ජය වේවා !

  • @dmweerasinghe6394
    @dmweerasinghe6394 3 ปีที่แล้ว

    විශිෂ්ටතම සර්🙏🙏🙏❤

  • @sadiravee495
    @sadiravee495 3 ปีที่แล้ว +1

    ෆ්‍රීලන් රසෝඝය වැඩසටහනේ ලින්ක් එකක් නැද්ද සර්

  • @lasanthikalakmini9761
    @lasanthikalakmini9761 3 ปีที่แล้ว