සුන්දර දුන්හිද පාමුල | Dunhinda Falls

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • Dunhinda Falls | සුන්දර දුන්හිද පාමුල
    බදුල්ල නගරයේ සිට කිලෝමීටර් පහක් පමණ දුරින් බදුල්ල මහියංගනය මාර්ගයේ සොරණාතොට ප්‍රදේශයේ පිහිටි ඉතා සුන්දරම ඇල්ල දුන්හිඳ දිය ඇල්ලයි. මෙය සංචාරකයින්ගේ ආකර්ශනයට ලක්ව ඇති දියඇලි අතර ප්‍රධාන ස්ථානයක් හිමිකරගනී. මහවැලි නදියේ ශාඛාවක් වන බදුළු ඔයෙන් ආරම්භවී අඩි 210 ක් එනම් මීටර් 63 ක ඉහළ සිට දුන්හිද දිය ඇල්ල ඇද හැලෙන්නේ හෝ හඬ නගමිනි. ජල කඳ අසල ඇති ගල්තලාවන් මත ගැටී මීදුමක් සේ විසිර යන නිසා දුන්හිද යන නම මෙම දිය ඇල්ලට පටබැදී ඇත. දුන්හිද දිය ඇල්ලට අසලට ළඟා වීමට ඇති මංපෙත යෙදී ඇත්තේ රමණීය වන ප්‍රදේශයක් පසු කරමින්ය. දුෂ්කර ගමන් මාර්ගයක් පසුකරමින් දුන්හිද අල්ල අසලට පැමිණි පසු ඒ අසල නිර්මාණය කර ඇති වේදිකාවක සිට මීදුම් සහිත පරිසරය අතරින් පුළුන් ගොඩක් සේ හෝ හඩ නගමින් ඉතා රමණීය ලෙස ඇදහැලෙන දියඇල්ල සීතල පරිසරයක සිට නැරඹිය හැකිය.
    දුන්හිද දිය ඇල්ල ඌව පළාතේ ඇති දර්ශනීයම දිය ඇල්ලයි. සොරණාතොට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ මෙය පිහිටා ඇත. බදුල්ල නගරයේ සිට කිලෝමීටර් 04 ක් පමණ දුරක් ගෙවාගෙන ගියවිට දුන්හිද වංගුව හමුවේ. එතැන් සිට තවත් කිලෝමීටරයක් පමණ දුර ගෙවා ඉතා අමාරුවෙන් වන ලැහැබ ඔස්සේ ගමන් ගත් විට මේ දියඇල්ල හමුවේ. බදුලු ඔයේ නිම්නය හරහා මීටර් 63 කට ඉහළින් කොස්ගොල්ල ගම කෙළවර දුන්හිද ඇල්ල නිර්මාණය වී එතැනින් ගලා ගොස් මහවැලි ගගට වැටේ.
    දුන්හිද ඇල්ලේ ආරම්භය ගැන ජනප්‍රවාදයේ විවිධ කතා තිබේ. පෙර රජ දවස දුන්හිද පතන හා කොස්ගොල්ල අතර පුස්වැලක් තිබී ඇත. කලක් ගතවන විට මේ පුස්වැල විශාල වී ඊට කුණු රොඩු එකතුවී බදුලු ඔයේ ජල මාර්ගය අවහිර වී ඇත. මෙම ජලකඳ නිසා පුස්වැලට ඉහලින් ඇති ප්‍රදේශය බේසමක් මෙන් දිස්වූ අතර බදුල්ල නගරය යටවී ගියේය. එවිට රජු අණබෙර යවා පුස්වැල කප්පවා එය කැපූ තැනැත්තාට තෑගි බෝග පිරිනමා ඇත. එම ජලකද පුස්වැල කැපූ ස්ථානයෙන් පහළට ගලා ගියේය. එයින් දුන්හිද ඇල්ල නිර්මාණය විය. මෙහි සදහන් වන රජු එවකට බදුල්ලේ ප්‍රාදේශීය රජතුමාවූ කුමාරසිංහ රජු බවත් එම රජුගේ නිධන් වස්තු මෙහි ඇති බවත් ඉතිහාසයේ වංශ කතාවෙන් කියැවේ.
    එසේම දුන්හිද ඇල්ල වැටෙන ස්ථානයේ සිට උමං මගක් තිබූ බව ගම් වැසියෝ අදටත් පවසති. සුන්දර ලාලිත්‍යයක් සොබා දහමට එක්කරන දුන්හිද දිය ඇල්ල මීටර් 63 ක් උසැතිය. මේ දුන්හිද දියඇල්ලේ සුන්දරත්වය නිසාම දුන්හිද නැරඹීමට දෙස්විදෙස් සංචාරකයෝ නිතර පැමිණෙති. දිය ඇල්ලට වෙත ගමන් කරන මග දෙපස කුඩා කඩ සාප්පු ගොඩනැගිලි සහිතව සංචාරක පුරවරයකට ඔබින ලෙස එහි උප සංස්කෘතියක්ද ගොඩ නැගී තිබීම විශේෂත්වයකි.

ความคิดเห็น • 31

  • @Hewagej
    @Hewagej 2 ปีที่แล้ว +2

    හ හා හා ලස්සන ගමනක් ගිහිල්ලා නේ

  • @cklanka2973
    @cklanka2973 2 ปีที่แล้ว +1

    lassana video akak niyamai

  • @chenchenaimeishi
    @chenchenaimeishi 2 ปีที่แล้ว +2

    LIKE14 Wonderful scenery sharing. It looks like a great forest park!

  • @cklanka6452
    @cklanka6452 2 ปีที่แล้ว +1

    Lassana video ekak niyamai

  • @EasyMathsRK
    @EasyMathsRK 2 ปีที่แล้ว +1

    නියම වැඨක්

  • @Masthiproductions
    @Masthiproductions 2 ปีที่แล้ว +1

    ලස්සන වීඩියෝවක්

  • @CanalAmoraPoesiaOficial
    @CanalAmoraPoesiaOficial 2 ปีที่แล้ว +1

    Wow, fantastic upload my good friend, many blessings

  • @slamaris9055
    @slamaris9055 2 ปีที่แล้ว +1

    ලස්සන විඩියෝවක් ස්තූතියි ❤️❤️

  • @CanalAmoraPoesiaOficial
    @CanalAmoraPoesiaOficial 2 ปีที่แล้ว +1

    Watching again this wonderful video, congratulations my good friend

  • @AranaLanka
    @AranaLanka 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සන වීඩියෝවක් ..සුභ දවසක් ඔයාට .

  • @CookingWithKuma
    @CookingWithKuma 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් ලස්සනයි

  • @CookingWithKuma
    @CookingWithKuma 2 ปีที่แล้ว +1

    ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා

  • @anitassuperkitchen
    @anitassuperkitchen 2 ปีที่แล้ว +1

    Beautiful sharing 👌👌👌

  • @onlinesrilankansecondlanguage
    @onlinesrilankansecondlanguage 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි

  • @thebeach_lk
    @thebeach_lk 2 ปีที่แล้ว +1

    We'll beautiful place 😻 capture

  • @swansfamilycanada
    @swansfamilycanada 2 ปีที่แล้ว +1

    We'll beautiful place capture.

  • @CookingWithKuma
    @CookingWithKuma 2 ปีที่แล้ว +1

    සුබ දවසක් වේවා

  • @elephant.srilanka
    @elephant.srilanka 2 ปีที่แล้ว +1

    Woow.. superb 👍 keep updatingbest

  • @LowinBindak
    @LowinBindak 2 ปีที่แล้ว +1

    එල එල ඔන්න අපිත් ආවා....❤❤❤❤👍

  • @Chamalk
    @Chamalk 2 ปีที่แล้ว +1

    🤘🤘🤘🤘🤘

  • @mahindainfuturethefactscen6361
    @mahindainfuturethefactscen6361 2 ปีที่แล้ว +1

    Nice video

  • @Tipsforhealthandnutrition
    @Tipsforhealthandnutrition 2 ปีที่แล้ว +1

    lassanai...

  • @WMStudioSL
    @WMStudioSL 2 ปีที่แล้ว +1

    Nice Cinematic Presentation 😍

  • @treelife
    @treelife 2 ปีที่แล้ว +1

    Crazy in nature🌱🤗

  • @mslacademy
    @mslacademy 2 ปีที่แล้ว +1

    ලස්සනයී ...දිගටම කරගෙන යමු බුදුසරණයී ❤️❤️ ⏰ අපෙ කැම්පස් සෙට් වෙන්න

  • @elephant.srilanka
    @elephant.srilanka 2 ปีที่แล้ว

    Well keep updates my friend🤗

  • @bee.srilanka
    @bee.srilanka 2 ปีที่แล้ว +1

    Always best updates🤗😍

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @bntoursing
    @bntoursing 2 ปีที่แล้ว +1

    ලස්සන වීඩියෝ එකක් .අපේ රටේ මේ වගේ කෝච්චි තියෙනවා දැක්කම සන්තෝසයි .ඒ වගේම ඔබේ කථනය හරිම අපූරැයි .බොහෝම ස්තූතියි අපේ රටේ සුන්දරත්වය පෙන්වනවට සහ වටිනා පැහැදිලි කිරීමට 🙏🌴ජයවේවා ඔබට.හැබැයි අන්තිමට දාලා තියෙන වීඩියෝ කෑල්ලනම් මේ වීඩියෝ එකට ගැලපෙන්නේ ම නැහැ .ආයේ එහෙම දාන්ඩ එපා හොදේ

  • @slamaris9055
    @slamaris9055 2 ปีที่แล้ว +1

    අපේ රටෙහි සුන්දරත්වය කොයිතරම් අගනේද ❤️❤️❤️👈

  • @meganataliasinaga8058
    @meganataliasinaga8058 2 ปีที่แล้ว +1

    Interesting video and entertaining🌹👍💚 I hope you have safe day and fun trip my friend.. Be safe