ප්‍රශ්ණ සහ පිළිතුරු - චුති සිත - Bhante Jinalankara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • භවයෙහි පිළිසිඳ ගන්නා සත්ත්වයනට ප්‍ර‍තිසන්ධි චිත්තය නිරුද්ධ වීමෙන් පසු ඒ සිත ම ඒ අරමුණ ම අරමුණු කරමින් ඒ ජීවිත කාලය මුළුල්ලෙහි ම අන් සිතක් නැති සැම වේලේ ම නැවත නැවත උපදින්නේ ය. සත්ත්වයා ජීවත් වන්නේ, ඔහුගේ සිත් පරම්පරාව නො සිඳෙන්නේ, ඒ සිත නැවත නැවත උපදින නිසා ය.
    භවය පැවතීමට උපකාර භාවයෙන් ඇති වන්නක් නිසා ඒ සිතට භවාංගය යි කියනු ලැබේ. භවයේ අවසාන සිත වන්නේත් ඒ සිත ම ය. අවසාන සිත වශයෙන් ඇති වන කල්හි එයට චුති චිත්තය යි කියනු ලැබේ.
    මෙසේ මේ වර්තමාන භවයෙහි ප්‍ර‍තිසන්ධි භවාංග සිත් හා වීති සිත් ද චුතිය ද ඇති වන්නාක් මෙන් මතු භවවලදී ද ප්‍ර‍තිසන්ධ්‍යාදිය ඇති වීම් වශයෙන් මේ චිත්ත පරම්පරාව නිවනට පැමිණෙන තෙක් එක් පරම්පරාවක් වශයෙන් පෙරළෙමින් පවත්නේ ය.
    කුසල අකුසල කර්ම වලට විපාක ගෙන දෙන අවස්ථා හතරක් ධර්මයෙ හි සදහන් වේ.
    (1) දිට්ඨධම්මවේදනීය
    (2) උපපජ්ජවේදනීය
    (3) අපරාපරියවේදනීය
    (4) අහෝසි කර්ම කියා ය,
    තමන් කරන හොඳ හෝ නරක කර්ම වල කොටසකට මෙලොව විපාක ලැබේ. මේවා දිට්ඨධම්මවේදනීය විපාක යැයි කෙටියෙන් දත යුතු ය.
    එසේම අප කරන කුසල අකුසල කර්ම වලට මතු ජීවිතයේ කොටසක් විපාක දෙනු ලැබේ. මේවා උපපජ්ජවේදනීය කර්ම යැ යි කියනු ලැබේ.
    අපරාපරියවේදනීය නම් මේ ජීවිතය ද මතු මීළග ජීවිතය ද හැරුනු කළ දිගු සසර දී විපාක දෙන කර්ම වේ.
    මෙලොව විපාක දිය යුතු කොටස මෙලොව විපාක දෙන්නට අවස්ථාවක් නො ලැබුණොත් මතු විපාක නො දෙනු ලැබේ. ඒ විපාක කොටස අහෝසි වී යයි.
    නවසීලන්තයේ වෙලින්ටන් නුවර ධම්මගවේෂි භාවනා මධ්‍යස්ථානාධිපති අති පූජණීය වැලිමඩ ජිනාලංකාර ස්වාමින්වහන්සේ විසින් 2019 නොවෙම්බර් මාසයේ කැනඩාවේදී පැවැත් වූ භාවනා වැඩ සටහනකදී ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදීම.
    bhantejinalank...

ความคิดเห็น •