Maga Haree Lyrics Video | මඟ හැරී | Mihiran | Api Dethanaka Mathaka Eka Thanaka | මං හිතුවෙම නුඹ ළඟ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Maga Haree Lyrics Video | මඟ හැරී | Mihiran | Api Dethanaka Mathaka Eka Thanaka | මං හිතුවෙම නුඹ ළඟ
    ✘ Artiste, Lyrics, Melody - Mihiran
    ✘ Music - Rusiru Anuththara
    ✘ Mix and Master - @DILUBeats
    ✘ Lyrics Video Edit - Lyrics Com
    Lyrics:
    මදි වුනාදෝ - දෙවියන් හට නුඹෙ රුව මවන විටදි කලමනා
    ඒ නිසාදෝ - වල ගැසුනු දෙකොපුල් අතරේ රැඳුනේ පෙම් සිනා
    මං හිතුවෙම නුඹ ළඟ ඉඳගෙන
    ඔය රුව දෙස බලමින් සැනසෙන්නට
    මඳකට ඉඩ දුන්නා නම් මට
    එළිය කරන්නට තිබුනා ඔය හිත
    ඒ දෑස් මඟ හැරී
    බොහොමයක් කල් ගෙවී ගිය මුත්
    නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං
    මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්
    මටත් හිනැහිලා ඉන්න තිබුණා
    නොකෙරුවා නම් නුඹට ආදරේ
    දැනෙන්නට දුකක් නෑ ඉතුරු වී
    නොහැඟුනා දෝ මා දුන් සෙනේ
    නුඹ කොහේ කියා සොයන්නට සිතක් මට නැති මුත්
    නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං
    මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්
    කඳුළු මගෙ දෑසට නුහුරු වුනත්
    නොනවතී වැටෙන මේ කඳුළු නම්
    යනෙන මඟ දැනෙන ඇතැම් විලවුන්
    සුවඳ සිහි කරයි මට නුඹව දැන්
    අපි දෙතැනක - මතක එක තැනක
    හිත් උන්මන්තක - ඇස් ආගන්තුක
    අහිමිව ගිය හේතු නොදැන මම
    ස්වභාව දහමට අවනත වෙමි අද
    ඒ දෑස් මඟ හැරී
    බොහොමයක් කල් ගෙවී ගිය මුත්
    නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං
    මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්
    නුඹ කොහේ කියා
    සොයන්නට සිතක් මට නැති මුත්
    නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං
    මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්//
    ©All credits go to the owners. This Video Is Purely for Entertainment and Educational purposes only. If the Artists have an issue with the song or picture we've used in the video Please Contact us and the video will be taken down immediately [ lyricscom.lk@gmail.com ]
    #LyricsCom #apidethanaka #magaharee #mihiran #LyricsComLK #aluthsindu #tiktok #sinhalanewsongs #sinhalasongs

ความคิดเห็น • 132