තුන් කාලයටම ගැලපෙන විශාඛාවට විවාහයට පෙර පියාණන්ගෙන් ලැබුණු අවවාද/ වේරගොඩ සුජාත හිමි
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- ගෞතම බුදු සසුනේ අග්‍ර දායිකාවෝ විශාඛා මහෝපාසිකාවෝය. සත් අවුරුදු වයසේ දී සෝවාන් ඵලයෙන් ධර්මාවබෝධය ලද ඇය නිගණ්ඨ ශ්‍රාවක පවුලක් හා විවාහයට එළඹ සාර්ථක විවාහ ජීවිතයක් ගතකළා පමණක් නොව, තම මාමණ්ඩිය ඇතුළු නැදෑ පිරිස මිසදිටු අදහසින් නිදහස්කොට සම්මාදිට්ඨියට ගැනීමට ද ශක්ති සම්පන්න වීය.
මෙවන් ගුණ සම්පන්න ඇයගේ විවාහ ජීවිතය සාර්ථක කරගැනීමට විවාහයට පෙර දිනයේ විශාඛාවට සිය පියාණන්ගෙන් අගනා උපදෙස් දහයක් ලැබිණි.
විවාහ ජීවිතයට වටිනාකමක් එකතු කළ විවාහ ජීවිතය සාර්ථක කළ, විවාහ ජීවිත ප්‍රීතිමත් වූවක් කළ එම වටිනා උපදෙස් දහය හුදෙක් විවාහ ජීවිතයකට පමණක් නොව, සමිති සමාගමක් වේවා, කණ්ඩායමක් වේවා, වෙනත් යම් ආයතනයක් වේවා, එහි සාමාජික පිරිස් අනුගමනය කරන්නේ නම් දියුණුවට යනු නොඅනුමානය.
හුදෙක් තනි පුද්ගලයෙකු වූ විශාඛාව මෙම උපදෙස් අනුගමනය කරමින් මෙවන් ආකාරයේ දියුණුවක්, සැනසීමක්, සතුටක් ඒ පවුල් ජීවිතයට ලැබුණේ නම්, හුදෙක් සෑම කෙනෙක්ම එය අනුගමනය කරන්නේ නම් මොනතරම් ලාභයක් ලැබෙනු ඇති ද?
තුන් කාලයටම ගැලපෙන, විශාඛාවට ලැබුණු එම උපදෙස් දහය විස්තර කරමින් සිදුකරන උතුම් ධර්ම දේශනයකි.
මෙම උතුම් දේශනය ශ්‍රවණය කිරීමෙන් පිං කැමැත්තෝ ත්‍රිවර්ග සම්පත් උදාකර ගනිත්වා!!!
🙏🙏🙏