මෙත්තානිසංස සූත්‍රය(

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024
  • ආනිශංස එකොළහක් ලැබිය හැකි මහානුභාව සම්පන්න මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කර මෛත්‍රි සිතුවිලි වැඩි දියුණු කර ගන්න.
    මෙත්තානිසංස සුත්තං - මෙත්තානිසංස සූත්‍රය
    එවං - මෙසේ
    මෙ - මා විසින්
    සුතං - අසන ලදී.
    එකං සමයං - එක් සමයෙක
    භගවා - භාග්‍යවතුන් වහන්සේ
    සාවත්ථියං - සැවැත් නුවර
    විහරති - වැඩ වසන සේක
    ජෙතවනෙ - ජේතවන නම් වූ
    අනාථ පිණ්ඩිකස්ස - අනේපිඬු සිටුහු ගේ
    ආරාමෙ - ආරාමයෙහි
    තත්‍ර ඛො - එකල්හි වනාහි
    භගවා - භාග්‍යවත්හු
    භික්ඛු - භික්‍ෂූන්
    ආමන්තෙසි - ඇමතූහ
    භික්ඛවො'ති - මහණෙනි කියා
    භදන්තෙති - වහන්සැ'යි
    තෙ භික්ඛු - ඒ භික්ෂූහු
    භගවතො - භාග්‍යවතුන් වහන්සේට
    පච්චස්සොසුං - පිළිවදන් දුන්හ.
    භගවා - භාග්‍යවතුන් වහන්සේ
    එතදවොච - මෙය වද‍ාළ සේක.
    මෙත්තාය - මෛත්‍රී
    භික්ඛවෙ - මහණෙනි
    චෙතොවිමුත්තියා - චේතෝ විමුක්තිය ගේ
    ආසෙවිතාය - ආදරයෙන් සෙවුනා ලද
    භාවිතාය - භාවිතා කරන ලද
    බහුලීකතාය - බහුල වශයෙන් වඩනා ලද
    යානීකතාය - යානාවක් මෙන් කරන ලද
    වත්ථුකතාය - වස්තුවක් මෙන් කරන ලද
    අනුට්ඨිතාය - එළඹ සිටියා වූ
    පරිචිතාය - පුරුදු කරන ලද
    සුසමාරද්ධාය - මොනවට පටන් ගන්නා ලද
    එකාදසානිසංසා - එකොළොස් අනුසස්හු
    පාටි කංඛා'ති - කැමැති විය යුත්තාහ.
    කතමෙ එකාදස? - කවර එකොළොසෙක් ද යත්.-
    1. සුඛංසුපති - සැපසේ නිදි යි
    2. සුඛං පටිබුජ්ඣති - සැපසේ පුබුදි යි
    3. පාපකං සුපිනං න පස්සති - නපුරු සීන නොදකි යි
    4. මනුස්සානං පියො හොති - මිනිසුන්ට ප්‍රිය වෙයි
    5. අමනුස්සානං පියො හොති - නොමිනිසුන්ට ද ප්‍රිය වෙ යි
    6. දෙවතා රක්ඛන්ති - දෙවියෝ රකිති
    7. නාස්ස - නොම ඔහුගේ ගේ සිරුරෙහි
    අග්ගි වා - ගිනි හෝ
    විසං වා - විස හෝ
    සත්ථං වා - සැත් හෝ
    ඛමති - වදි යි
    8. තුවටං - වහා
    චිත්තං - සිත
    සමාධියති - සමාහිත වෙයි
    9. මුඛවණ්ණො විප්පසීදති - මුහුණ පැහැපත් වෙයි
    10. අසම්මූල්හො - නො මුළාව
    කාළංකරොති - කලුරිය කෙරෙයි
    11. උත්තරිං අප්පටිවිජ්ඣන්තො - මතුයෙහි රහත් වීමට නො හැකි වී නම්
    බ්‍රහ්මලොකුපගොහොති - බඹ ලොව උපදී.
    මෙත්තාය - මෛත්‍රී
    භික්ඛවෙ - මහණෙනි
    චෙතොවිමුත්තියා - චේතෝ විමුක්තිය ගේ
    ආසෙවිතාය - ආදරයෙන් සෙවුනා ලද
    භාවිතාය - භාවිතා කරන ලද
    බහුලීකතාය - බහුල වශයෙන් වඩනා ලද
    යානීකතාය - යානාවක් මෙන් කරන ලද
    වත්ථුකතාය - වස්තුවක් මෙන් කරන ලද
    අනුට්ඨිතාය - එළඹ සිටියා වූ
    පරිචිතාය - පුරුදු කරන ලද
    සුසමාරද්ධාය - මොනවට පටන් ගන්නා ලද
    ඉමෙ එකාදසානිසංසා - මේ එකොළොස් අනුසස්හු
    පාටිකංඛා'ති - කැමැති විය යුත්තාහ.
    ඉදමවොච - මෙම සූත්‍රය වද‍ාළ සේක
    භගවා - භාග්‍යවතුන් වහන්සේ
    අත්ත මනා - සතුටු සිත් ඇති
    තෙ භික්ඛු - ඒ භික්ෂූහු
    භගවතො - භාග්‍යවත්හු ගේ
    භාසිතං - භාෂිතයට (දේශනාවට)
    අභිනන්දුංති - සතුටු වූහ
  • เพลง

ความคิดเห็น •