රෑ ඉරපාන - 'කටු අකුලේ' - ප්‍රථම කිරණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2020
  • රෑ ඉරපාන ගුවන් විදුලියෙන් විඳි ඔබට මගේ TH-cam ඕඝයෙන්
    ඇසි දිසි දිගහැරුමක් ලෙස මා ලියු ගී එකින් එක පිරිනැමෙනවා ! රෑ ඉරපාන වැඩසටහන් කිසිවක 2011 සිට 2016 වනතුරු මා මගේ ගී ගැන කතා නොකළ නිසා ඒ අලුත් අත්දැකීමට ඔබට ඇරයුම් කරනවා
    කටු අකුලේ මල් ඇහැරේ කියන්නෙ ඒ පළමු රැස් කදම්බය
    අහන්න ! දකින්න !!
  • บันเทิง

ความคิดเห็น • 109

  • @arsathhussain9692
    @arsathhussain9692 7 หลายเดือนก่อน

    සමහර සින්දු පවුලේ මතකයන් එක්ක බැදුනු ඒව ..මේක ඇහෙනකොට..ළමා කාලයේ මතකයන් ඇවිස්සෙනව. පොඩි උන් සන්දියෙ එ සින්දු එකට කියපු අද අපිත් එක්ක නැති. මගෙ සහෝදරීගෙ මතකයත් ඒ වගේ..😢😢

  • @anjalidesilva4974
    @anjalidesilva4974 ปีที่แล้ว +1

    7 wasare sangiitha paadamak. godak sthuthi sir

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว

    🙏💝🙏💝🙏

  • @nuwanfernando5806
    @nuwanfernando5806 ปีที่แล้ว

    පිං අනුමෝදන් වෙත්වා

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +1

    ආසම ගීතයක්...🥰💛

  • @dharanacreations
    @dharanacreations 3 ปีที่แล้ว +14

    අපගේ ළමා ලෝකය සුන්දර කළ තවත් සුමිහිරි ගීතයක්....

  • @nayanakamburugamuwa7135
    @nayanakamburugamuwa7135 3 ปีที่แล้ว +1

    නැවතත් ඔබේ හඬ ඇසෙන විට ගුවන්විදුලියට අපව ඇද බැඳ තැබූ රෑ ඉරපාන සිහිවෙනවා ඔබේ වැඩසටහන ඇත්තෙන්ම කටු අකුලක පිපි මලක්

  • @indikafernando9540
    @indikafernando9540 3 ปีที่แล้ว +6

    ඉඩෝරය අවසන්. . . කටු අකුලේ මල් ඇහැරෙන කාලය පටන් අරන්. . .🌹🌹🌹🌹

  • @hasithasampath7689
    @hasithasampath7689 2 ปีที่แล้ว

    Aththatama ow sindu kiyanne hari puduma deyak godak pin sir🙏🙏🙏

  • @chamalpriyankara3122
    @chamalpriyankara3122 3 ปีที่แล้ว +2

    මේ music එක තමා ඉස්සර අපේ ඉස්කෝලේ පටන්ගන්න කලින් එකියන්නේ 2000 - 2001 වගේ අවුරුදුවල උදේට දැම්මේ... කොහෙ හිටියත් මේ ගීතය ඇහෙද්දි ලොකු දුකකුත් දැනෙනවා. මොකද එ කාලේ අපේ ලොකු අයියා තමා ඉස්කොලේ IT එකේ හිටියේ. එයා තමා ඔක කැසට් එකක ගහගෙන ඇවිත් උදේට ඔක දාන්න දුන්නේ... අවාසනාවකට ලොකුඅයියා 2005 නැතිවෙනවා... මේ හැමදේම මේ ගිතයත් එක්ක මතකයට නැගෙනවා

  • @ajithgamlath
    @ajithgamlath 11 หลายเดือนก่อน

    මොනතරම් නම් සුන්දරයි ද ඒ අතීතය...
    බොහෝමත්ම ස්තූතියි මැති තුමණි.

  • @nishabharanatunga2047
    @nishabharanatunga2047 3 ปีที่แล้ว +4

    රෑ ඉරපාණ නිසා සමීප වුනු ඔබ මා ඒ වැඩසටහන ඔස්සේ ඔබ ගී නිර්මාණ පිළිබඳව,ඒවාට හේතු වු අහඹු කරණු ගෙන එන ලෙස කොතරම් නම් මා පුද්ගලිකව ඇවිටිලි කලද ඔබගෙන් ඒ සඳහා කිසිම ධනාත්මක ප්‍රචාර නොවූ කල ඔබ වික්ටර් රත්නායකයන් හට රචනා කල ගී දෙකක් වන " මල් ගිනි ගෙන පූජාසනයේ " සහ " අමතන්න එපා" යන ගීත අඩංගුවූ, ප්‍රේම්ගේ පුරෝකථනයෙන් ඔහුගේ අවසන් වැඩසටහනක් වූ වික්ටර් රත්නායකයන් ගේ, වසර 1989 මැද භාගයේ ප්‍රචාරය වූ සරල ගී වැඩසටහනේ අඩංගු වූ ගීත සංඝත තැටියක මා විසින් ඔබට එවමින් යම් කිසි සරදමක් ලෙස අඩුතරමින් දැන්වත් ඒ ගීයක් ප්‍රචාරය කරන මෙන් ඉල්ලූවද ඔබ ස්ථාවරයේ දැඩි හිතුවක්කාරකම නම් අඩු නොවීය.
    කෙසේ හෝ රෑ ඉරපාන ප්‍රචාරය වී වසර හය හතකට පමණ පසුව වුවද ඔබටම අදහසක් ඇතිවී, ඔබ ගී රසිකයින් වන අපට ද ඔබගේ ගී නිර්මාණ වල සුන්දරත්වයෙන් අනූන නිදන් කතා අසීමට ඇති අයිතියට ගරුකරමින්, ඒ අයිතිය වටහා ගනිමින් කල් ගතවී හෝ එය " ඕඝය" මඟින් ඉදිරිපත් කිරීමේ මේ සුභ ආරංචිය මා මනදොල පිනා යන බැව් මෙසේ අකුරු කළෙමි.
    සුභාසිංශන🌹🌹🌹🌹
    ඇති යාන්තම්.......
    .

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว +1

      Nishabha Ranatunga
      මේ කතාව මා record කළා සිදු වූසැටි
      ඒත් එය දැම්මේ නෑ
      ඔබට පුදගලිකව එවන්නම්
      ඔබ වන් රසිකයන් ඉන්නවා නම් මොනවද කරන්න බැරි
      ගී නිසා මොනතරම් සුන්දර බැඳුම්ද !!!❤️❤️❤️

  • @nishaniwidanagamage7261
    @nishaniwidanagamage7261 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි.....!!!

  • @kumarimuhandiram7095
    @kumarimuhandiram7095 3 ปีที่แล้ว +9

    සර්ට පින් 🙏🙏🙏රෑ ඉර ඉරපාන තේමා ගීතය හඬ ඇහෙද්දි අවුරුදු ගාණක් පිටිපස්සට ගියා ❤️❤️❤️

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว +1

      Mihiri Aaranchiyal
      තුති !!

    • @nipuna13dk
      @nipuna13dk 3 ปีที่แล้ว

      ඒ sound track එක ගැන වැඩි විස්තර දැනගන්න කැමති.

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว

      @@nipuna13dk
      Sound track?
      Mona ekada?

    • @kumarimuhandiram7095
      @kumarimuhandiram7095 3 ปีที่แล้ว

      @@bandulananayakkarawasam195 🙏🙏

    • @nipuna13dk
      @nipuna13dk 3 ปีที่แล้ว +1

      @@bandulananayakkarawasam195 Back ground eke yanne

  • @wewegeradachaminda9847
    @wewegeradachaminda9847 3 ปีที่แล้ว

    රුපරාමු ඉතා මනරම් පිටපත විශිෂ්ටයි ඔබතුමාගේ කතනය හරිම හෘර්දයාංගමයි ඉතා
    මනරම් වියමනක්.ගී පද රචනයට අඵතින් එක්වන්නන්ට මෙය අත් පොතක්

  • @nadithakassapa
    @nadithakassapa 3 ปีที่แล้ว

    ෂාආආආ ඒ සිංදුව හැදුන කතාවත් හරිම සුන්දරයි ..... අහන් ඉන්න ආසයි....මගෙ පුංචි කාලෙත් පුදුමාකර ලෙස මත්වූ ඒ ගීතය මගෙ පුතාත් කියනව මේ දවස් වල... පුතාට ත් කියන්න ඕනෙ සිංදුව හැදුන හැටි....🥰🥰💐💐💐💐

  • @warunarathnayake
    @warunarathnayake 3 ปีที่แล้ว +6

    අඹ යහළුවෝ අමතක නොවෙන්නෙම, මේ තේමා ගීතය නිසාමයි.

  • @tharushiimasha9791
    @tharushiimasha9791 3 ปีที่แล้ว +1

    සුන්දර වූ මේ ළමා ලෝකයට කවදත් ගැලපෙන ඉතාමත් ලස්සන ගීතයක් තමයි" කටු අකුලේ " ගීතය ...🤗ළමා කාලය ගෙවෙමින් පසුවෙන අපි වගේ ළමයින්ට මෙවැනි ගීත ඉතාමත් වටිනවා...😇තවද,රෑ ඉරපාන වැඩසටහන ඊටත් වඩා වටිනවා...😍මෙම ගීතය ගායනා කරන එඩ්වඩ් සර්ගේ ලයාන්විත හඩත් මතක් කල යුතුමයි....💞එම හඩ නිසාම මෙම ගීතය වඩ වඩාත් ප්‍රේක්ෂක ආදරය ලැබීමට උත්සුක වී ඇතැයි මට හැගී යයි...💖බන්දුල නානායක්කාරවසම් සර්ගෙ ඒ පද සංඝටනාව ගැන නම් ආයෙත් කිව යුතු දෙයක් නැති තරම්ය ...🙂මන්දයත් එය ඉතාමත් විශිෂ්ට පද මාලාවකි...♥️කිව යුතුම දෙයක් ඇත,එනම් බන්දුල නානායක්කාරවසම් සර්ගෙ කතා කිරීමේ විලාසය...😍එය මටනම් මාගේ දෙසවනට භාවනාවක් වගෙයි ...🙏❤️ඔබට මෙවැනි නිර්මාණයන් ඉදිරියටත් දැයට දායාද කිරීමට හැකි වේවායි මා ප්‍රාර්ථනා කර සිටිනවා ...❤️බුදු සරණයි ...🙏🙏

  • @sandundileepahinidumage6271
    @sandundileepahinidumage6271 3 ปีที่แล้ว

    ලමා ලෝකයේ අදටත් ඉහලින්ම වැජඹෙන ගීත තුන
    පාන තියා
    කටු අකුලේ
    මල් පිපෙයි..
    අදටත් ලමා වැඩිහිටි වෙනසකින් තොරව විදින ඒ මිහිර වැඩිහිටි මහලු ඕනෑම අයෙක් තම මතකය ලමා කාලයට ගෙන යනන්නට තරම් ප්‍රබල පදරුත් මියැසි අරුත් ගැබ්ගත් මහාර්ඝ නිර්මාණමැ වේ..
    ❤️❤️🙏🙏

  • @akiladissanayake412
    @akiladissanayake412 3 ปีที่แล้ว

    ආයෙමත් රෑ ඉරපාන මතකයට♥️

  • @poorniwick237
    @poorniwick237 3 ปีที่แล้ว +1

    ළමයින් සුවදයි කදුලක දිලිසෙයි ... සොදුරු හදක උපන් මියුරු ගීතයක්. අපේ ළමා විය සුවද කල ගීතයක්.

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว

      ඇගයුමට තුති
      දිගටම මෙවන් ඇසි දිසි කථන හා සංවාද පිරිනමමි

  • @chandanagihanperera5306
    @chandanagihanperera5306 2 ปีที่แล้ว +2

    ඔබතුමාගේ පද පේලි වලට මම අතිශයින් පෙම්කරමි, ❤️ ඔබතුමා, සුනිල් ආරියරත්න, සුනිල් ආර් ගමගේ.. ඔබ තුමන්ලා හැගීම් පදවලට හරවන්නේ කෙසේදැයි මට පුදුමයකි. එවැනි ගීයක් ලියන්නට පෙරුම්පුරමි❤ සාහිත්‍යයට කල හා කරනා සේවයට බොහොම පිං.

  • @sameeralakmal7794
    @sameeralakmal7794 3 ปีที่แล้ว +2

    ඒ අපි බැඳපු අලුත. දෙමහල් නිවසක ඉහල මහල කුලියට අරන් ජීවිතය පටන්ගත්තා විතරයි. අපිට දැන් වගේ බඩු මුට්ටු ගොඩක් තිබුනෙ නැහැ; තිබුනෙ ගෑස් ලිපක්, ඉස්තිරික්කයක්, ගුවන් විදුලි යන්ත්‍රයක් වගේ උපකරණ කිහිපයක් පමණමයි. දවසක් සති අන්තයේ හැන්දෑවේ කිසිම ඉලක්කයක් නැතිව ඔහේ ගුවන් විදුලි යන්ත්‍රයේ මීටරය කරකවද්දි හම්බ වෙච්ච අපුරු නිධානය තමයි "රෑ ඉර පාන." මමයි බිරිඳයි හරිම ආසාවෙන් අහපු වැඩ සටහනක්. සති අන්තයේ හැන්දෑවේ හත වෙන්න කලින් අපි ගෙදර වැඩ ටික ඉවර කරලා දෙන්නම හරි බරි ගැහෙනව රෑ ඉර පාන අහන්න. ඒක හරියට භාවනාවක් වගේ, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ. සමහර සති අන්තවල අපි මහ ගෙවල් වල ගියාම මම හත වෙද්දි හොරාට වගේ ඉයර් ෆෝන් එකත් ගහගෙන ෆෝන් එකෙන් වැඩ සටහන අහනව. මට කවම කවමදාවත් අමතක වෙන්නේ නැහැ පුංචි අම්මට බොරු කියල නිසාන් මාච් K11 කාර් එක අරන් වික්ටර් රත්නායක මහත්මයාගේ "ස" ප්‍රසංගය බිරිඳත් එක්ක බලන්න ගිය ගමන. ඒ ඔක්කොම රෑ ඉර පානට පින් සිද්ධ වෙන්න. ඔබ තුමා W. S. බණ්ඩාර ගුරු පියාණන් ගැන කියද්දි මට අපේ කාලේ මගේ ඉස්කෝලේ ගුරු මෑණිවරුන් පියවරුන් මැවී මැවී පෙනුනා. ඒ අපුරු කතා බහ හින්දා මම "යට ගියා වේ යටගිය තැන්" on line ඇනැවුම් කරල කියවේව. මා ඇතුලුව අපේ සාහිත්‍ය, ගී පිපාසාව සංසිඳවාලු ඔබතුමාට "චිරං ජයතු."

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว +1

      ඔබ සුවිශේෂී සහෘදයෙක්
      මොන තරම් ආදරණීය කතාවක්ද ඔබ කියන්නේ
      මෙවැනි සිදුවීම් අනන්තයි
      මට හිතා ගන්න බෑ මේ තරම් ශ්‍රාවක ආකර්ෂණයක් මා වගේ බැංකුවක ඉඳන් මගේ නිෂ්පාදන පිරිවැයෙන් කළ
      එවන් වැඩසටහනක් මෙතරම් විසරණය වුනේ කොහොමද කියා . කෙසේ වෙතත් ඔබ ඇතුළු සහසක් සහෘදයන් වෙනුවෙන් මා දිගටම මේ යුතුකම කරනවා !
      සමීර
      නාලිකා සම්ප්‍රදාය ඉක්මවා යන්නට හැකිවීම මේ you tube අංගයේ විශේෂත්වයක් ඇතැම් විට ඔබ වන් රසවතුන් තාම නාලිකා මත යැපෙනවා ඇති . මට හිතෙනවා අද දරුවන්ගේ අවශ්‍යතා අනුව දෙමාපියන් සූම් තාක්ෂණයට නතුවීමෙන් මේ data සංස්කෘතියට අනුගතයි කියා
      එසේනම් ඔබේ හැඟුම්බර ලියමනටයි මේ දිගු සටගන
      ඔබ වන් සහෘදයන් හට මෙහි link එක යවන්න
      මා subscribe කරන්නැයි ඇවටිලි කළේ නෑ
      ඔබේ දයාබර ලිවීමටයි ඒ ඉල්ලීම පවා කළේ
      සුවබර ජීවිතයක් !!!❤️❤️❤️🙏

    • @sameeralakmal7794
      @sameeralakmal7794 3 ปีที่แล้ว +1

      @@bandulananayakkarawasam195
      ස්තූතියි ඔබගේ ලෙංගතු සටහනට. මම ඇගැළුම් කම්හලක සේවකයෙක්. පාලන අධිකාරිය තීන්දු කරනවා අපි හිටපු කටුනායක අපනයන සැකසුම් කලාපයෙන්, ආයතනය මහරගමට අරගෙන යන්න. මතකද බොරලැස්ගමුවේ කැම කඩයක් ගැන එක දවසක කථා කලා. මේ කඩේට ගිහින් බත් කටක් කන්න ඔබගේ වැඩ සටහනේන් පස්සේ මට ලොකු ආසාවක් තිබුණා. මේ මාරුව මට හොඳ අවස්ථාවක් උනා. Gate Pass එකක් දාගෙන, සිකුරාදා දවසක මම දවල් ආහාරය බුක්ති විදින්න මිතුරන් දෙදෙනෙකුත් සමග එතනට ගොඩ වදිනව. මේ රැ ඉර පානයෙන් ලද ප්‍රායෝගික පරිචයන්. තවත් රස මුසු සිද්ධි ලියන්න ආසයි නමුත් මේක ඒ සඳහා අවස්ථාව නොවේ යැයි හැඟෙනව. තවත් එකම එක ආසාවක් තියෙනවා ඉෂ්ඨ කරන්න. ඒගැන පසුව කියන්නම්. "හෙරලි පොලොස් දෙල් අටුකොස්, කොරලි හොදිත් එක්ක ගුඩුස්." ආවඩා ආයුබෝ වේවා!

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว

      @@sameeralakmal7794
      E kaama kade dan thiyenawada danne naa. Api raththanapitiye innakota giye. Puruddata baththaramulle indagenath aawaa. Kaalekin giye naa. Jeewithe nawaathanpolawal
      Thuthi nawatha

  • @moviecare1890
    @moviecare1890 3 ปีที่แล้ว +5

    WOW !
    ඔබතුමා කතා කරනවා අහගෙන ඉන්න ආසයි. භාවනාවක් වගේ.

  • @thusharamethdinushan4599
    @thusharamethdinushan4599 3 ปีที่แล้ว

    අඹ යහළුවෝ .................
    ගීතය වගේම එය නිර්මාණය වු කතාවක් සුන්දරයි...................

  • @srimajayaratne4438
    @srimajayaratne4438 3 ปีที่แล้ว +1

    Aadaraneeya irapaana....aayemath ahenawa...lokuuu thankyou 1k. aiyata.

  • @sarojkarunaratne5501
    @sarojkarunaratne5501 2 ปีที่แล้ว

    ඔබගේ මතකයන් ඉතා රසමුසු ඒවාය. ඔවැනි ගමනක් යද්දී ඔබ ගෙනගිය ආම්පන්න (බෙහෙත් ආදී) දැක ඔච්චම් කල මිතුරෙකුට ඒවාම පිහිට වු හැටි ගැන ඔබ වසර 25 කට පමන පෙර කියූ කථාවක් මට මතක තිබේ.

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 ปีที่แล้ว

      E thama Ananda Gamage
      Music Director of Amba Yaluwo
      Your memory n love for the art
      👍

  • @layan6781
    @layan6781 3 ปีที่แล้ว +1

    රෑ ඉරපාන❤ පිස්සුවෙන් වගෙ ඉස්සර ඕක ඇහුවෙ.

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว +2

      ඒ පිස්සුව මට තිබ්බේ 70 දශකයේ ලූෂන් එච් එම් ගුණසේකර ප්‍රේමකීර්ති පාලිත පෙරේරා දයා ද අල්විස් ඇතුළු විවිධ රස බෙදු දෙටු කලාකරුවන් ඇසුරේ ...
      ඔබේ මේ පිස්සුව සදාකල් තබාගන්න වරදින්නේ නෑ
      තුති සහෘදය !!!🙏🙏🙏

    • @layan6781
      @layan6781 3 ปีที่แล้ว +1

      ඔය වැඩ්සටහන fm derana එකෙ අහනකොට මං a/l cls වල තාමත් ආසයි ඒ වැඩසටහනට.බොහොම ස්තූතියි ඒ වෙනුවෙන්. ❤

  • @anuradissanayake7448
    @anuradissanayake7448 3 ปีที่แล้ว

    තෙරුවන්සරණයි ඔබතුමාට🙏🏻

  • @voiceofart-pamithar.liyana4440
    @voiceofart-pamithar.liyana4440 2 ปีที่แล้ว

    මං ආස ම ගීතයක්

  • @zjamaldeen
    @zjamaldeen 3 ปีที่แล้ว

    ගීතයක් පිටුපස කොපමන නම් කතන්දර ඇද්ද
    මටත් මගේ අතීතය, ළමා කාලය...
    බොරැල්ල හන්දිය පසුකරමින් මරදාන පාසැල් ගිය හැටි...පුංචිබොරැල්ලේ සරසවි ජීවිතේ...ආවර්ජනය වෙනවා.....
    🙏

  • @kapilakarunaratne3387
    @kapilakarunaratne3387 3 ปีที่แล้ว +1

    One of the best Bandula !!!

  • @nevilledayarathna5421
    @nevilledayarathna5421 3 ปีที่แล้ว

    ගීතය වගේම එය නිර්මාණය වු කතාවක් සුන්දරයි ..ඔබට තවත් මෙවැනි අරුත් බර හැගීම්බර නිර්මාණ කිරීමට ශක්තිය හා ජය .!!!

  • @nalakarathnayaka6282
    @nalakarathnayaka6282 3 ปีที่แล้ว

    මේක නම් ඉස්තරම් ...රේඩියෝ එකේ ඔබේ හඩ එක්ක අමුණ ගත්ත පරිසරය සයිබර් දෘෂයකට හැරවිලා..ලංකාවේ කොච්චර බ්‍රෑන්ඩඩ් කටහඩවල් තියෙනවා ද..ඒ අස්සෙ ඔබේ දයාබර හඩ විනිවිද යන අපුරූව..දිගු ගමනකට හදවතින්ම සුභ පැතුම් ..👏👏👏🙏
    නාලක @ තඹුත්තේගම

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว +1

      ස්තුතියි නාලක
      ඔබේ නම දන්නේ 2011 සැප්තැම්බර් 5 වැනිදා සිට
      ඒ රෑ ඉරපාන රේඩියෝ වැඩසටහන නිසා ඔබ අප්‍රමාණ රසිකයෙක් අපි මේ විධියට හමුවෙමු
      මහන්සි වෙන්න වෙනවා බලමු !!!

  • @naveenvithanage5100
    @naveenvithanage5100 3 ปีที่แล้ว +1

    මරු 🔥

  • @dinukaabeysundara7710
    @dinukaabeysundara7710 3 ปีที่แล้ว +1

    සර්,මම හැමදාම නෙත්fm එකේ රෑ ඉරපාන අහපු කෙනෙක්.සතුටුයි youtube ආගමනය
    ගැන.සුබ පැතුම් ❤️💐

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට
      දිගටම ඔබේ පැතුම් නංවමි !!!
      නාළිකා සම්ප්‍රදාය තුළ 2015 සිට නිහඬව සිටියෙමි
      මේ ඔබලාගේ ආදරය ඊට වඩා අගී
      ❤️🙏

  • @nirmalnalakakothalawala6380
    @nirmalnalakakothalawala6380 3 ปีที่แล้ว

    මෙවන් වු යටගිය මතක ඔබතූමාට කෙතරම් නම් ඇති ද? ඔබගේ ඉදිරිපත් කිරීමේ මා දකින ,මා විදින සුවිශේෂි දෙය නම් චිත්ත රූප මැවීමේ පුදුමාකාර හැකියාවක් තිබෙනවා ඔබ තූමාට.ළමා කාලෙත් ඇහුවා.අදත් අහනවා.ඔව් ජීවිතේ මහා පුදුමාකාර දෙයක්.ස්තුතියි ඔබ තුමාට.

  • @bandulananayakkarawasam195
    @bandulananayakkarawasam195  3 ปีที่แล้ว +4

    Ranjith De Silva from Newzealand
    දයාබර බන්දු - රෑ ඉරපාන-කටු අකුලේ-ප්‍රථම කිරන- මොනතරම් සුන්දර අත්දැකීමක් , කටු අකුලේ ගීතයේ තැවරී ඇති වග ඇසෙද්දී ඒ ගීතය තවත් අපූරු රසවින්දනයක් බවට පත්වී ශ්‍රාවකයින්ගේ හදවත් රසයෙන් මුසපත් වෙනවා . You Tube ඕඝය හරහා ඔබේ රසබර අත්දැකීම් මෙලෙස සටහන් වෙද්දී , රසික අපිවත් ආනන්දනීයවූ රසයක නැහවෙනවා......නවසීලන්තයේ සිට රංජිත් ......

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว

      Duru rata sitina ranjith sahurdayaage satahana
      Obata behewin Thuthi
      Edaa radio wadasatahane sita ena sahurdathwaya ❤️🙏

  • @shyamankarunanayaka7394
    @shyamankarunanayaka7394 3 ปีที่แล้ว +2

    සතුටුයි. මීට ටික කාලයකට උඩදි, ගොඩක් දුරට ගැලපෙන වීඩියෝ ව්කක් කරලා තිබුනා.
    පරන අඹ යාලුවො කතාවයි, වීඩියෝ එකේ කතාවයි, අමාරැකම් අස්සේ ගොඩ ආපු මගේ කතාවයි එකට ගැලපි, ගැලපි තාමත් කල්පනා කරමින්..
    මේ උත්සාහයට, ඔබ කැප කරන කාලය, මහන්සිය සහ ධනය අපතේ යන්නේ නැත්තේ මේවා අහලා අපි තව තවත් සන්වේදිව අභිපේරණය වන නිසා..
    🧡🧡🧡🧡🤛

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว +3

      ස්තුතියි Shyaman
      ඇත්තටම මහන්සිය වියදම අප්‍රමාණයි
      නමුත් ජීවත් වන කෙටි කාලයේ මෙවැනි නවීන යමක් කරන්නට මුල පිරීම ගැන ඇත්තේ තෘප්තියක්
      දිගට ඉන්න මේ ඕඝය එක්ක !
      මම වැඩක් පටන් ගත්තොත් එය අවංකව හා තෘප්තියෙන් කරනවා
      එතැනදී ඔබලා දිනුම්
      මන්ද ඒ ජය කනුව මගේ
      නැවත පින්

    • @shyamankarunanayaka7394
      @shyamankarunanayaka7394 3 ปีที่แล้ว

      @@bandulananayakkarawasam195 🧡

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว

      Obata pin 🙏❤️🙏

  • @murshidamuinudeen8574
    @murshidamuinudeen8574 3 ปีที่แล้ว

    beautiful

  • @thrimathijayodya4918
    @thrimathijayodya4918 3 ปีที่แล้ว

    රෑ ඉරපාන🌞 ආසාවෙන් තවත් ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් බලාපොරොත්තු වෙනවා... සුබ පතනවා ඔබතුමාට 💚 තෙරුවන් සරණයි 🙏❤️

  • @sujan_jayasinghe
    @sujan_jayasinghe 3 ปีที่แล้ว +1

  • @sadhahamparameesl4723
    @sadhahamparameesl4723 3 ปีที่แล้ว +1

    Ape punchima kale mathak una. Ma tele natya balanna api kochchara balagena hitiyada. A mathakaya kochchara sundarada kiyala danne punchi un una api vitharai sir

  • @pasindusuranjith9689
    @pasindusuranjith9689 3 ปีที่แล้ว +1

    සර්.. මේ ලංකාවටම දුන්නු පරම්පරාවකට දායද කරපු නිධාන තමයි මේ.. කියන්න වචන නෑ මට

  • @priyankaraasitha006
    @priyankaraasitha006 3 ปีที่แล้ว

    සර් ඔබතුමන් මුලින්ම ගිය පාසල මොකක්ද ?

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว +1

      Hodiye sita AL 1 st year dakwa
      Galla Richmond
      AL 2 Nd year sita AL exam dakwa
      Vijitha Central college
      Dikwella

    • @priyankaraasitha006
      @priyankaraasitha006 3 ปีที่แล้ว

      @@bandulananayakkarawasam195 බොහොම ස්තුති සර් 🙏

  • @pasanmanoj9681
    @pasanmanoj9681 3 ปีที่แล้ว

    ඒත් මේ කටු අකුලේ ගීතයේ දෙවෙනි අන්තරා කොටස ටෙලි නාට්‍ය විකාශයේදී ප්‍රචාරය වෙන්නේ නෑ නේද ? හොඳට බලන්න . ඒත් එඩ්වඩ් ජයකොඩි මහතා අනිත් අවස්ථාවලදී සම්පූර්ණ ගීතය ගයන අයුරු මා අසා ඇත. මේ ගැන පැහැදිලි කරන්න .

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว

      ඔබ හරි ! ටෙලි නාට්‍යයේ නාමාවලිය අනුව දෙවැනි අන්තරා කොටස ඉවත් කළා පසු පටිගත කිරීමේදී එය එකතු කළා
      මුල් ගීයේ ඒ කොටස ශල්‍ය කර්මයක් වැනිව ඉවත් කලේ ප්‍රශස්ත ශබ්ද ඉන්ජිනේරු දයානන්ද පෙරේරා විසින් 1987 දී දෙහිවල elect එකේදී

    • @pasanmanoj9681
      @pasanmanoj9681 3 ปีที่แล้ว

      @@bandulananayakkarawasam195 ,
      ඒත් ටෙලි නාට්‍ය පුරාම ඒ කොටස ඇසෙන්නේම නැත.

  • @FtV.67
    @FtV.67 3 ปีที่แล้ว

    හරීම ආසාවෙන් උනන්දුවෙන් කන්යොමාගෙන ඇස් අයාගෙන අහගෙන බලාගෙන ඉන්නකොට කොහේදෝ හිටි ඩලස් නම් වංචාකාර ප්‍රෝඩාකාර බොරැකාර වාචාලයාව ගෙනත් දාලා මගේ මුලු ආශ්වාදයම කාලා දැම්මා.. චිහ් ..ෙඔබේ දේශපාලනික යාලුවෝ ඔබටම පමණක් තියාගත්තොත් නේද හොඳ ?
    හොරෙක් අපරාධකාරයෙක් වුනත් එක ප්‍රතිපත්තියක් තියෙන එකෙක්වත් වුනානං ටිකක්හරි ඉවසන්න තිබුනා..
    ඩලස් කියන්නේ විරෝදාකල්ප විකුණාගෙන කාපු එකෙක්. ජනතාදුක මාකට කල එකෙක්.

  • @arsathhussain9692
    @arsathhussain9692 7 หลายเดือนก่อน

    සමහර සින්දු පවුලේ මතකයන් එක්ක බැදුනු ඒව ..මේක ඇහෙනකොට..ළමා කාලයේ මතකයන් ඇවිස්සෙනව. පොඩි උන් සන්දියෙ එ සින්දු එකට කියපු අද අපිත් එක්ක නැති. මගෙ සහෝදරීගෙ මතකයත් ඒ වගේ..😢😢

  • @arsathhussain9692
    @arsathhussain9692 7 หลายเดือนก่อน

    සමහර සින්දු පවුලේ මතකයන් එක්ක බැදුනු ඒව ..මේක ඇහෙනකොට..ළමා කාලයේ මතකයන් ඇවිස්සෙනව. පොඩි උන් සන්දියෙ එ සින්දු එකට කියපු අද අපිත් එක්ක නැති. මගෙ සහෝදරීගෙ මතකයත් ඒ වගේ..😢😢